තණ්හා සෑඩපහර තරණය
රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – යසෝජ රහතන් වහන්සේ
සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.
ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”
මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.
රණ බිම ඇත් රජකු වගේ
අචිරවතී ගඟ අසබඩ ධීවර ගම්මානයක් විය. ඒ ගමේ නායකයාගේ පුතා යසෝජ ය.
ඔහු සිය මිතුරන් සමග ලොකු දැලක් ගෙන ගඟට ගියේය. දැලක් දමා බලා සිටියේය. මොහොතකින් දැලට මහා බරක් දැනිණ. යසෝජ සහ ඔහුගේ මිතුරෝ දැල ගොඩට ඇද ගත්හ. එහි මහා මාළුවෙක් විය. ඌ රන් පැහැතිය. රන් රැස් යසෝජලාට පෙනිණ.
“මෙහෙම මාළුවෙක් අපි කවදාවත් දැකලා නැහැ. අහලාත් නැහැ.”
යසෝජ විස්මයට පත් විය.
“මේ මාළුවාට අපි මොකක්ද කරන්නෙ?”
මිතුරෙක් යෝජනාවක් කළේය.
“මේ අපූරු මාළුවා අපි කොසෙල් රජතුමාට පෙන්නමු”
සියලු දෙනාම ඊට එකඟ වුහ.
“මෙහෙම මාළුවෙක් ජීවිතේට දැකලා නැහැ.” රජු ද කීය.
“මේ මාළුවා ගැන විස්තර දැනගන්න පුළුවනි බුදු රජාණන් වහන්සේගෙන්. අපි ජේතවනාරාමයට යමු.” රජු යසෝජට කීය.
ඔවුහු රජු සමග ජේතවනාරාමයට ගියහ.
බුදු රජාණන් වහන්සේ මාළුවා දැක මෙසේ වදාළහ.
“මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙන කාලේ පැවිදි වුණා. සිල් රැක්කේ නැහැ. වැරැදි පිළිවෙත් අනුව ජීවත් වුණා. ඔහුගේ කටයුතු නිසා සංඝයා පිරිහුණා. දායකයන්ගේ අපහාසයට ලක් වුණා. ඔහු මරණයෙන් පසු නිරයේ උපන්නා. ඉන් පසුව අචිරවතී ගඟේ මාළුවකු වශයෙන් ඉපදුණා. ඒ භික්ෂුවගේ සහෝදරියක් ද නිරයේ ඉපදුණා.”
මේ කතාව ඇසූ යසෝජ මහත් කම්පාවට පත් විය.
“සසර ගමන බිහිසුණුයි. අනතුරු සහිතයි. වැරැදි හැසිරීමෙන් අපාගත වෙනවා. දැක්කනේ ඉස්සර භික්ෂුවක්. දැන් මාළුවෙක්. දැලට හසුව මිය ගියා. ඉක්මනින් මේ සසර ගමන නතර කරන්න ඕනෑ. බුදු රජාණන්වහන්සේ අපට හමුවුණා. සසරෙන් මිදෙන මග අපට සොයා ගැනීමට උන් වහන්සේ උදව් කරනවා.”
මෙසේ සිතූ යසෝජ ජේතවනාරාමයේදී පැවැදි විය. ඔහුගේ මිතුරෝ ද පැවිදි වූහ.
යසෝජ හිමි සහ මිතුරු හිමිවරු මහණ දම් පුරමින් එක් ආරාමයක විසූහ. දිනක් යසෝජ හිමියෝ මිතුරු හිමිවරුන් පිරිවරාගෙන බුදු රජානන් වහන්සේ දක්නට වැඩියහ.
ඒ භික්ෂූන්ගේ පැමිණීමත් සමගම ආසන පැනවීම් ආදි කටයුතු නිසා ජේතවනාරාමයේ මහා ඝෝෂාවක් ඇති විය.
ඒ ඇසූ බුදු රජාණන් වහන්සේ යසෝජ හිමි ඇතුළු පිරිසත් සමග මහත් සංවේගයෙන් යුතුව වග්ගුමුදා ගං තෙරට වැඩියහ.
ගංතෙර ආරාමයක නැවතී විදසුන් වඩන්නට වූ යසෝජ හිමියෝ වැඩි කලක් නොගොස් ෂඩ් අභිඥාාලාභීව රහත් බවට පත්වූහ. සියලුම ධුතාංග ධර්ම සමාදන්ව සිටි උන් වහන්සේ ඒ නිසාම ඉතා කෘෂ අඳුරු පැහැති රළු සිරුරක් ඇත්තෙක් විය.
දිනක් බුදු රජාණන් වහන්සේ යසෝජ රහතන් වහන්සේ ඇතුළු පිරිස ජේතවනාරාමයට කැඳවූහ.
යසෝජ හිමියන්ගේ පරම අල්පේච්ඡතාවය ඇගයීමට ලක් කළ බුදු රජාණන් වහන්සේ ගාථා දෙකක් දෙසූහ.
පසු කලෙක යසෝජ රහතන් වහන්සේ සිය උදානය පළ කළේ ඒ අදහස් වශයෙන් පල කළේ ද ඒ ගාථා දෙක ම ය.
කෙට්ටුයි ඔහු ඔහුගේ අත් පා
කළුවැල් පුරුක් වගෙයි
නහර වැල් ද ඉල්පී ගොස්
සිය අහරේ පමණ දන්න
ඔහු අදීන පුරුෂයෙක්ය
බවුන් වඩද්දී අරණේ
මදුරු පිරිස් වට කැරගෙන
ලේ බොන විට ඉවසයි ඔහු
රණ බිම ඇත් රජකු වගේ
තනිව වෙසෙන විට බඹකු වගේ වෙයි
දෙදෙනෙකු වූ විට දෙවියන් මෙන් වෙයි
තිදෙනකු වී විට ගමක් වගේ වෙයි
ඊට වැඩිවුණොත් එතැන සටනමයි
දෙවියන්ද වඳින පින් බිමයි මේ….. 2012 විනාශයක්‌ ගැන (සත්පුරුෂ) ඔබ බියවිය යුතු නැත
භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටියට පැමිණි ආගන්තුක වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා වසර 2012දී ලෝකයේ සිදුවන යම් අසහනකාරී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් ලෝකයා කතාබහ කරන බව. පිංවත් උන්වහන්සේද ඒ ගැන රටේ ලෝකේ කතාකරන මතවාද කිහිපයක්‌ම ප්‍රකාශ කළා. භික්‍ෂුවට මේ ගැන කිසිදු දැනීමක්‌ නැහැ. ඔය වගේ කිහිපදෙනෙක්‌ කියපු දේවල් අසා තිබෙනවා පමණයි. මේ සිද්ධිය මෙතැනින් අහවර වුණා. එය හුදෙක්‌ පිළිසඳරක්‌ පමණක්‌ වුණා. එක්‌තරා භික්‍ෂුවක්‌ ඉහත සිතිවිල්ල සිතමින් සිට අරමුණු වලින් බැහැරව හුදෙකලා කුටියේ සමාධිමත්ව වැඩසිටින විට භික්‍ෂුවට ඇසෙනවා ‘
අප ශ්‍රී ලංකා මාතා… නමෝ නමෝ නමෝ නමෝ මාතා… ශ්‍රී ලංකා ජාතික ගීය (සම්පූර්ණයෙන්ම)
මෙය ගැයෙන්නේ පිරිමි සහ කාන්තා කටහඬින්. භික්‍ෂුව අරමුණු නොකරම, මේ ඇසෙන්නේ දිව්‍ය ශ්‍රොaත හඬ. ඒ කියන්නේ දෙවියන්ගේ හඬ.
එම ගීතයේ හඬ සමග සංගීත රාවය එකදිගට භික්‍ෂුවට ඇසෙන්නට පටන්ගත්තා. වේලාව අලුයම 1ට පමණ ඇති. වනගත මුළු ප්‍රදේශයම දැඩි නිහඬතාවක තිබුණා. භික්‍ෂුවට දැනුණේ භික්‍ෂුව මොහොතකට පෙර සිතමින් සිටි සිතිවිල්ල. 2012 වසර කෙරෙහි දෙවියන්ගේ ප්‍රතිචාරය තමයි දිව්‍ය ශ්‍රොaත තුළින් ඇසෙන්නේ. භික්‍ෂුව ලැබූ මේ අත්දැකීම පිංවත් ඔබට මෙහි සටහන් කරන්නේ ලෝකයා සමඟ සසඳා බලනකොට පිංවත් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා ඔබට දැනගන්නයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල වල වැඩසිටින දෙවියන් හැමවිටම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ කියලා. එම දෙවියන් මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ මනුෂ්‍ය ගඳ දෙවියන්ට ඉවසන්නට බැරි නිසා. මෙතැනදී මනුෂ්‍යයාගේ ගඳ කියලා කියන්නේ මනුෂ්‍යයාගේ දහඩිය ගඳ නොවෙයි. මනුෂ්‍යයාගේ දුසිල්වත්භාවයේ ගඳ, අසත්පුරුෂභාවයේ දුගඳ, තෘෂ්ණාවේ අපුල දුගඳ ඉවසන්න, දරන්න දෙවියන්ට බැරි නිසයි දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට වඩා යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින්නේ. නමුත් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරිසිදු පිංවත් මනුෂ්‍යයන් ළඟට දෙවියන් එනවා. දෙවියන් එම පිංවතුන්ට ආශිර්වාද කරනවා. පිංවත් ඔබට, මට මනුෂ්‍ය ලෝකයේ සිට සශ්‍රීක දිව්‍යතල වලට ඇති දුර යොදුන් ලක්‍ෂ ගණනක්‌ වුවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්ම මාර්ගය තුළ එම දිව්‍ය තලවල හඬ ගෙදර තිබෙන ගුවන් විදුලියේ හඬ තරමටම අපට සමීපකොට දී තිබෙනවා. මේ සම්මා සම්බුදු ඥානයේ උතුම් ආශ්චර්යයි. සමාධියේ ආශ්චර්යයෙන් අත්දකින ලෝකය විදර්ශනාවේ අවබෝධයෙන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකිමින් ලෝකයෙන් මිදෙන මාර්ගයක්‌ බෞද්ධ අපට උරුමකර දී තිබෙනවා.
මේ ආශ්චර්යය දකිද්දී, ඇසෙද්දී, කියවද්දී තෙරුවන් කෙරෙහිමයි පිංවත් ඔබ ශ්‍රද්ධාව සකස්‌කොට ගතයුත්තේ. පිංවත් ඔබටත් මේ සම්බුදු උණුසුම උරුමයි. මාර්ගය තුළ නිවැරැදිව ගමන්කළොත් මනුෂ්‍යයින්ට යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින දෙවියන්, දිව්‍යාංගනාවන් කියන්නේ අතීත මනුෂ්‍ය ජීවිත වල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, දානයේ, ශීලයේ ඵලයයි. මනුෂ්‍ය ලෝකයේ කුණුකසළ, අපුල, ගේ දොර ඉඩකඩම්, සැමියා, බිරිඳ, දූ දරුවන්, කීර්ති ප්‍රශංශා, නිලතල වලට ඇති ජන්ද රාගයේ විෂ තාවකාලිකව මරාදැමූ උතුම් ශිල්වතුන්ගේ සුගති භූමියයි සශ්‍රීක දිව්‍ය තල කියන්නේ. මෙවන් සුගති භූමිවල වැඩසිටින දෙවියන් මේ පුණ්‍යදීපයට සෞභාග්‍යයක්‌ වේවා කියලා දිව්‍ය සංගීතයෙන් ආශිර්වාද කරනවා. බලන්න පිංවත් ඔබ නොදකින, පිංවත් ඔබ නොසිතන, කහවණු – ඩොලර්, රියාල් පසුපස්‌සේ හඹායන බැංකු ගිණුමේ ඉලක්‌කම් පේළිය වැඩිකරගැනීම උදෙසාම වෙහෙසෙන පිංවත් ඔබ අමතක කළා වූ මතකයක්‌ දෙවියන්ට තිබෙනවා. දෙවිවරු දන්නවා තමන්ට මෙවන් අසිරිමත් දිව්‍ය සැපයක්‌ ලබාගැනීමට උපකාර වූ සද්ධර්මය අවංකවම, විවෘතවම, තවමත් බබළන්නේ මේ ධර්මද්වීපයේය කියලා. නමුත් මේ ධර්මද්වීපයේ උතුම් මනුෂ්‍යයින් හැටියට ඉපදිලා පිංවත් අපි මුදලට, කීර්තියට, දේපළට වැඳවැටෙමින් ඒවා මත්තේම අපේ උතුම් බෞද්ධකම දුර්වල කරගත්තත් ඒ සශ්‍රික දෙවියන් සද්ධර්මය හේතුවෙන් ලබාගත් ඒ සශ්‍රීක දිව්‍යශ්‍රීය අත්විඳිමින්ම ඒ සද්ධර්මය තවමත් බැබළෙන මේ පිංබිමට, ශ්‍රී ලංකා මාතාවට ‘
නමෝ නමෝ මාතා’ කියලා නමස්‌කාර කරනවා ගීතයෙන්. මේ උතුම් රට රැකේවා, චිරාත් කාලයක්‌ දිනේවා කියලා.
දෙවියන් එහෙම මේ උතුම් රටට චිරාත් කාලයක්‌ දිනේවා කියලා ආශිර්වාද කරන්නේ ඔබ අප මෙන් කුණුකසළ ලෞකික සම්පත් බලාපොරොත්තුවෙන් නොව මේ උතුම් සද්ධර්මයේ ආරක්‍ෂාව, මේ උතුම් ධර්මය එක දිනක්‌ හෝ වැඩිපුර ආරක්‍ෂාවී පවතීවා කියන සත්පුරුෂභාවයෙන්මයි. දෙවිවරු හොඳින් දන්නවා තමන් යම් දවසක දිව්‍ය සැප අහවර වී දිව්‍ය තල වලින් චුතවුවහොත් නැවත දෙවියෙක්‌ වීමටනම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවතින්න ඕනේය කියලා. ඒ වගේම පිංවත් දෙවියන් දන්නවා මේ ගෞතම ශාසනය අවසන් මොහොත දක්‌වා රැකෙන්නේ මේ උතුම් පින් බිමේමයි කියලා.
සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන්ගේ අම්මා කියන්නේ සද්ධර්මයට. සද්ධර්මය නැමැති අම්මාගෙන් තමයි, එහි ඵලයෙන් තමයි දිව්‍ය සම්පත් දෙවියන්ට ලැබෙන්නේ. බලන්න සද්ධර්මයට දෙවියන් මොනතරම් කෘතගුණ සලකනවාද කියලා. නමුත් උතුම් සුගතිභූමියක්‌ වන මේ මනුෂ්‍ය ලෝකයේ උරුමය ලැබූ ඔබ දවසකට එක පැයක්‌ සද්ධර්මය වෙනුවෙන් කැපවෙනවාද? ඔබ ලබන ආදායමෙන් අවම වශයෙන් සියයට දහයක්‌ වත් කර්මය, කරමඵල විශ්වාසයෙන්, තෘෂ්ණාවෙන් තොරව දන් දෙනවාද? අවම වශයෙන් පංචශීලය නිතිපතා ආරක්‍ෂා කරගන්න උත්සහ ගන්නවාද? ලෝකයාට නොවේ, අවම වශයෙන් තම සැමියා, බිරිඳට, එසේත් නැතිනම් අසල්වැසියාටවත් මෛත්‍රිය වඩනවාද? පිංවත් ඔබේම හදවතට තට්‌ටුකර ඔබම අසන්න.
උත්තරය ‘
නැහැ’
නම් පිංවත් ඔබ අසත්පුරුෂයෙක්‌ බව ඔබම දකින්න නිහතමානී වෙන්න. මොකද ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ලබාගන්න උපකාරවූ උතුම් ධර්මයන්ට ඔබ කෘතවේදී නොවන නිසා. පිංවත් ඔබට දෙවියන් නොපෙනුණාට දෙවියන්ට ඔබව පෙනෙන බව සිතන්න. උපක්‍රමශීලීව එහෙම සිතාවත් වහ වහා නිවැරදි වෙන්න. ලෝකයාව රවට්‌ටන්න අපිට පුළුවන් වෙන්න පුළුවන්. එහෙත් ලෝක ධර්මතාවයන් රවට්‌ටන්න අපට බැහැ. ඒ වගේමයි. මනුෂ්‍යයින්ව රවට්‌ටන්න අපට පුළුවන්, නමුත් සශ්‍රික දිව්‍යතල වල දෙවියන් රවට්‌ටන්න අපට බැහැ. අප හොඳින් මතක තබාගන්න ඕනේ, සතුටින් සිනාසෙමින් ලෝකයාට වහන්වෙමින් අපි කොතෙක්‌ වැරදි කළත්, එම දුසිල්වත්භාවයේ විපාකයන් නිසා මරණින් මතු නිරයට වැටුණොත් නිරයේදී ඔබට මුණගැසෙන යම රජුත් සශ්‍රික දිව්‍ය තලයකට සිටින දෙවිකෙනෙක්‌ම බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව මනුෂ්‍ය ලෝකයේදී සියල්ල ඔබ මුදලට ගත්තත් යමරජු ඉදිරියේ ඔබ නිරිසතෙක්‌ බව සිහිතබාගත යුතුය. උපරිම අවුරුදු 80ක ජීවිතයක්‌ උදෙසා, තාවකාලික තනතුරක්‌ උදෙසා ඇයි දෙයියනේ මේ උතුම් සද්ධර්මයෙන් බැහැරට ගොස්‌ නිරයට වැටෙන්නේ. මෙලොව පරලොව දෙකේදීම ඔබ අනාරක්‍ෂිත වෙනවා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය අර්ථය තුළ මේ ජීවිතය දැකිය යුත්තේ නාසයෙන් ඉහළට ගත් ආශ්වාස පොද නාසයෙන් පිටවන මොහොතේ මේ ජීවිතයේ මරණය සිදුවේය කියන අර්ථයයි. නමුත් ලෝකය පවතිනවා, සංස්‌කාරකයන්ට නිජබිමක්‌ වෙමින්. ඒ නිසා කිසිවක්‌ අපට අවශ්‍ය විදිහට සිදුවන්නේ නැහැ. ලෝකයේ නිරතුරුවම අතුරු විනාශයන් සිදුවෙමින් පවතිනවා. සතර මහා ධාතුවේ කිපීම නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන්, ආත්මීය භාවයෙන් ගැනීම නිසා දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ වියරුභාවය, තෘෂ්ණාධිකභාවය නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. මේ ආකාරයේ විනාශයක්‌ වළක්‌වන්න දෙවියන්ට බැහැ. මොකද විනාශය කියන්නේ ධර්මය. ඒ කියන්නේ අනිත්‍යය. මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මේ ධර්මථාවයන්ට යටයි. නමුත් සුගතිභූමි වල වැඩසිටින මහේශාඛ්‍ය දෙවියන්ට පුළුවන් පිංවතුන්ට උපකාර කරන්න. මොකද ඒ අය සුරක්‍ෂිත නිසා. ඒ සුරක්‍ෂිතභාවය දෙවියන් ලබාගන්නේ ධර්මය තුළින්. ඉරවල් හතක්‌ පායා කල්ප විනාශයක්‌ සිදුවන මොහොතේත් මාර්ගඵල ලැබූ දෙවියන්, දිව්‍යාංගනාවන් සුරක්‍ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් මොහොතේ දිව්‍යතල වල වැඩසිටින දෙවිවරුන් ‘
අප ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා’
කියලා මේ බොදු දේශයට ආශිර්වාද කරන්නේ ‘
අප සුරක්‍ෂිතයි, පිංවත් මනුෂ්‍ය ඔබත් ශ්‍රී සද්ධර්මය තුළින් සුරක්‍ෂිත වෙන්න’ කියන කාරණය මතක්‌ කරන්නයි. බලන්න ධර්මයේ සුරක්‍ෂිතභාවයෙන් සිංහනාද කරන දෙවිවරු. ඒ දෙවියන් සිංහනාද කරන්නේ කල්ප විනාශයක්‌ පැමිණියත් අප සුරක්‍ෂිතයි කියලා. නමුත් මේ උතුම් සද්ධර්මය ජීවමානව පවතින මේ ධර්මද්වීපයේ මනුෂ්‍ය අපි සුනාමියක්‌ එයි, මිසයිලයක්‌ එයි, භූමිකම්පාවක්‌ එයි කියලා හැංගෙන්න බංකර් හදනවා. ශාන්තිකර්ම කරනවා. දේවාල පස්‌සේ දුවනවා. තවත් සරළව පැහැදිලි කරනවා නම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, දානයෙන් දුර්වලයි කියන කාරණයයි.
පිංවත් ඔබට බියක්‌ සකස්‌ වෙනවා නම් ඔබ කළ යුත්තේ බංකර් තැනීම, යන්ත්‍ර මත්‍ර, ශාන්තිකර්ම කිරීම නොව, සුරක්‍ෂිතභාවය සඳහා අවශ්‍ය ශ්‍රද්ධාව, ශීලය, දානය කියන බංකර තුන ශක්‌තිමත්ව ජීවිතය තුළින් ගොඩනගා ගැනීමය. කල්ප විනාශයකදීවත් එම බංකර බිඳින්න බැරිබවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා.
Balanna Nanda – Amarasiri Peiris – Esala Kaluwara
පලා යා නොහැකි පරම සත්‍යය...
අවබෝධ කර ගත යුතු පරම සත්‍යය...
බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න
නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II
ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේදී තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත, ආලෝකය නිවාදමා අඳුරට කැමතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?
වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත්වලින් ලබන්නාවූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු වියහැකි කාරණයක්‌ නම් නොවේ.
පරලොව යහපත ගැන බලනකොට ලබන්නාවූ වසරේ අවම වශයෙන් පංච ශීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද? ධර්මයේ අර්ථයන් අත්නොදකින තැනැත්තා රාත්‍රී 12ට අවදි වී සිටියත් මෙලොව පරලොව දෙකේ එම ඔහු ප්‍රමාදිභාවයට පත්වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඔබ සිදුකරන්නා වූ ක්‍රියාවන් නිසා ඔබට පැහැදිලිව, විවරව තිබෙන ධර්ම මාර්ගය ඔබ විසින්ම වසාගන්නවා. ඔබ මේ ජීවිතයේ සශ්‍රීකභාවය ලබන්න, පෙර ජීවිතයේදී මොනතරම් දානමය, ශීලමය පිංකම් සිදුකරගෙන තිබෙන්න ඕනෙද? අතීත භවයන්හීදී මනුෂ්‍ය ජීවිතවල ඉපදී සිදුකරගත් කුසල් විපාකවල සැපය මේ ජීවිතයේදී අත්විඳිනකොට ඔබ ඒ සශ්‍රීකභාවය, මහේශාක්‍යභාවය, සෞභාග්‍යමත් ජීවිතය අත්විඳින්නේ පිංවත් ඔබට අතීතයේ උපකාරවූ දානයට, ශීලයට මේ ජීවිතයේද සෘණාත්මක අගයක්‌ ලබාදෙමින් නේද? මේ සෘණාත්මක බව නේද වර්තමාන සමාජයේ ඇසෙන අවිද්‍යාවේ කන්බිහිරි කරවන හඬ, ශීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ සත්පුරුෂභාවයෙන් යුතුව ඔබට උපකාරවූ ධර්මතාවයන් ගරුකරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලමය, දානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබපතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබ පැතුවොත් පමණක්‌මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක්‌ වෙන්නේ. ලැබුවා වූ නව වසර සුබ වසරක්‌ වෙන්නේ.
මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නෙ. මොහු සැඟවී සිටින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නැමැති මාර ධර්මයන්ට බියෙන. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ මේ බියෙන් ඔබේ කළ්‍යාණමිත්‍රයා මුදවාගන්න. ඉස්‌මතු කොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය, කර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකර ගැනීම තුළින්. මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්‌තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්‍ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මකවීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකය, ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩි, පිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසට, මාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුක, සමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නා, ක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවක, ජීවිතයේ සුබ අවස්‌ථාවක ඔබේ සිතුවිල්ලක්‌ කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩසිටියාවූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ අපිට සිතන්න බැහැයි කියමුකෝ. එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන්, විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්‌ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්‌වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාණ සැපයක්‌ මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක්‌ පත්තුකරලා ඔබම එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා.
රතිඤ්ඤdව පත්තුවෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබම ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයින්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්‍රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තුකරන කෙනා තුළ සතුටක්‌ ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ඡන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ඡන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවයක්‌ මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්‌වීම සඳහා දමන මරතොණ්‌ඩුව තමයි කාමච්ඡන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත්භාවය නිසාම මාරයාගේ මරතොණ්‌ඩුවක්‌ සියතින්ම ගෙලට දමාගෙන.
තෙරුවන් සරණ ගිය පිංවත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනේ තෙරුවන් ගුණය කෙරෙහි හිත පිහිටුවලා. ශීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම. ආගන්තුකව පැමිණෙන වටිනාකම් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ බෞද්ධකම අමතක වෙනවා. “සතිය සිහිය අඩුයි” තරගයට වැටීමටයි කැමති, තරගයෙන් මිදීමට කැමති නැහැ. තරගයට වැටුණු කෙනාට ජය පරාජය දෙකෙන් එකක්‌ උරුමයි. තරගයෙන් මිදුන කෙනා මේ දෙකෙන්ම මිදීමේ මාර්ගයටයි අවතීර්ණවෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරතුරුවම යෝනිසෝ මනසිකාරය නැතිවීම හේතුවෙන් භවආශ්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන්කරන්නේ කියලා අන්‍යයන්ටත්, තමන්ටත් පීඩාගෙනදෙන නොකළයුතු දෙය, දුරුකළයුතු දෙය, මගහැර යායුතු දෙයින් මිදෙන්නට වීර්යය නොමැතිනම් භෞතික වශයෙන් ඔහු කොතෙක්‌ දියුණු වුවද අඥාණවත් පෘථග්ජනභාවයේ පරාජයමයි ඔහුට හිමිවන්නේ. නොවටිනා සැපයක්‌ උදෙසා ඔහු වටිනා අර්ථයක්‌ අහිමිකරගන්නවා. රතිඤ්ඤාවක ආලෝකයට, හඬට මුලාවී එය විඳීමට යාමෙන් රැස්‌වන අකුසල් හේතුවෙන්, නිරයේ දිලිසෙන ගිනි ජාලාවකට වැටුණහොත් කවදා කෙළෙස නම් ගොඩඑන්නද? එදාට ඔබේ කඳුළු පිසදැමීමට, දුක නැතිකිරීමට කිසිවෙක්‌ නොමැත. රතිඤ්ඤාවකට ඔබේ ඇඟිල්ලක්‌ පිළිස්‌සුණොත් ඔබ මොනතරම් වේදනාවක්‌ විඳිනවාද? එහෙමනම් නිරයේ ගිනිජාලා තුළ සත්වයා විඳින වේදනාව ඔබම සිහිකොට ගන්න. මෙම දුක ඔබට මට නුහුරු දෙයක්‌ නොවේ. ඒ සංසාරික පුරුද්ද නිසා තමයි අපි තවමත් ගින්දරට, අඳුරට කැමති. දක්‍ෂයා ගින්දරත්, අඳුරත් නිවැරදිව හඳුනාගෙන, ගින්දරත් අඳුරත් උරුම සතර අපායෙන් මිදීමේ මාවතටයි ගමන්කරන්නේ. පිංවත් ඔබ ජීවිතයේ සෑම සිහිකටයුතු අවස්‌ථාවකදීම සිල්පදයක්‌ රැකීමෙන් ලබන අප්‍රමාදීභාවය ජීවිතයට ලබාදෙන්න. දානයක්‌ පූජාකර ගැනීමෙන් ඔබ ලබන නිර්ලෝභී සතුටම ජීවිතයට ලබාදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ ඇතිකරගන්නා ආත්ම විශ්වාසයම ඔබේ ජීවිතයට ලබාදෙන්න. මීට විරුද්ධ මාර්ගයේ ගමන් කොට ඔබ ඔබෙන් පළිගන්න එපා. පෙර ජීවිතවලදී ඔබ ඔබේම ශක්‌තියෙන් ගොඩනගාගත් කුසල් ශක්‌තිය අකුසලයේ දුකින් යටපත් වෙන්න දෙන්න එපා.
වසරක්‌ උදාවෙන්නේ වසරක අවසානයද, මරණයද දෝතින් දරාගෙනය. නමුත් මරණය නොදකින ඔබ වසරේ ආරම්භය ප්‍රීතියෙන් සමරයි. ඉපදී දින 365 කින් මැරෙන අවුරුද්දක ආරම්භය උදෙසා භවයට යන අකුසල් රැස්‌කර ගැනීමට ගැන අපි අවධානය යොමුකළ යුතුය. වසරක උදාව ළංවෙනකොට සමාජය හුඟක්‌ කතාකරන්නේත්, ජනතාව දැනුවත් කරන්නේත් අනතුරු හඟවන්නේත් ආරක්‍ෂාකාරී ලෙස රතිඤ්ඤා පත්තුකරන ලෙසය. මෙහිදී ආරක්‍ෂාව යනු ශරීරයට ගිනි අනතුරුවලින් වළක්‌වා ගැනීමේ ආරක්‍ෂාවයි. අතපය පිළිස්‌සුන හොත් එය සතියකින්, මාසයකින් සනීපවේවි. එහෙත් මෙහි අකුසල් ස්‌වභාවයන් ගැන අවධානය යොමු නොකර නැවත නැවත එම ක්‍රියාවන් කිරීමෙන් මරණින් මතු නිරයේ ගිනි ජාලාවකට වැටුණහොත් කල්ප ගණන් එම දුක ඔබට විඳීමට සිදුවනු ඇත.
පිංවත් ඔබ වසරක්‌ උදාවෙන මොහොතේ පන්සලේ, නිවසේ, බුදුකුටියේ පහන් ආලෝකය දල්වා දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් පෙනෙන නොපෙනෙන සියලු සත්වයින්ට මෛත්‍රිය කොට වසර ආරම්භකරන්න. එවිට දෙවියන් අමනුෂ්‍යයින් පවා ඔබට ප්‍රිය වේවි. එය ඔබට මෙලොව පරලොව දෙකටම යහපත පිණිස වේවි. අත් පිළිස්‌සෙන්නේ වත්, ඇස්‌ අන්ධවන්නේ වත්, අපාගතවෙයි කියලාවත් බියක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්බුදු වදනක්‌ ක්‍රියාත්මක කළාය කියන ආත්ම තෘප්තියමයි ඇතිවන්නේ. එම ආත්මතෘප්තිය, සතර අපායෙන් ඔබ්බට ඔබව ඔසවා තැබීමට වසර පුරාවට ඔබට මාර්ගය පෙන්වාදේවී. අපිට කියන්න පුළුවන්ද ලෝකය පුරාවට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපේ ජීවිත කුමන මොහොතක විනාශවී යයිද කියලා. ඒ අවදානම ජයගැනීම උදෙසායි ඔබ ක්‍රියාකළ යුත්තේ. ඔබ නිරතුරුවම, ජීවත්වීමයි අභියෝගයක්‌ හැටියට දකින්නේ. ඔබ අභියෝගයක්‌ හැටියට දැකිය යුත්තේ උපතයි. මේ අභියෝගයෙන් මිදෙන්න උත්සහ ගන්නා පිංවතා උපරිම වශයෙන් ජීවිත හතකට එය සීමාකර ගන්නවා. මෙන්න මේ ජයග්‍රහණය අත්කරගත් පුද්ගලයායි “ජීවිතය ජයගත්තා”ය කියන තැනැත්තා. එතැතින් මෙහා ජීවිතයක මොන ජයක්‌ද?
සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම්වලින් ජීවිතය ජයගත්තාය කියන සමහරක්‌ නායකයින්. ප්‍රභූ පුද්ගලයින් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත් කම්වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාක්‍යභාවය නැමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නැමැති මුදලත්, පොළියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌තිවිඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතකකරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇතිකර ගන්නේ. බහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ඡාව සකස්‌කර ගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමාණව සිටිනවා. අප්‍රමාණ පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි.
අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරායැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොට ගැනීමයි. උන්වහන්සේම දේශනාකොට වදාළ සූත්‍ර, විනය, ධර්මයන්ම පතපොත කරගැනීමයි. අතීතයේ වැඩසිටියාවූ උතුම් රහතන්වහන්සේලාගේම, අර්හත් භික්‍ෂූන්වහන්සේලාගේම, මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන්ගේම ජීවිත පරමාදර්ශී කොටගෙන ජීවිතය සකස්‌කර ගැනීමයි. ඉහත කාරණාවමයි මුල්වෙන්නේ. මුල වරද්දවා ගතහොත්, මැද අග දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක අවසාන හෝරා කිහිපයේ ජීවත් වන ඔබ තර්ක විතර්ක කරමින්, හරි වැරදි සොයමින් තව තවත් සක්‌කාය දෘෂ්ඨිය වැඩෙන දිශාවට යැම නොවේ කළ යුත්තේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ සංකීර්ණවූ ලෝකය ඉතාමත් සරල කොට දේශනා කර තිබෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමය. ඔබේ ජීවිතයේ එළඹෙන සෑම වැදගත් අවස්‌ථාවකදීම බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, ශීලානුස්‌සතිය, ත්‍යාගානුස්‌සතිය, දේවතානුස්‌සතිය, කියන මහානාම ශාක්‍යකුමරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සිහිපත්කර ගන්නවා නම්, ඒ අනුව ජීවත්වෙනවා නම්, සක්‌කායදිට්‌ඨිය හීනවෙන දිශාවට ඉහත ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමට ඔබ දක්‍ෂ නම් භව ගමනේ උපදීම ජීවිත 7 ක්‌ තුළදී බව නිරෝධය සාක්‍ෂාත් කරගැනීමටත්, එතෙක්‌ ආයුෂ, වර්ණ, සැප, බලයෙන් සශ්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස දිව්‍ය අසිරිය අත්විඳීමට ඔබට හැකිවනු ඇත. මේ සහතිකය ඔබට ලබාදෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. භව ගමනින් දුකම උරුම කොටගෙන සක්‌කායදිඨ§ටියේ කුණු හැව, මමත්වයේ දැඩිභාවය, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම මෙනෙහි කරමින්ම, ගලවාදමන්න.
අතහැරීමම පුරුදුකරමින්, හැකිතාක්‌ දන්දෙමින් ඊට ශක්‌තිය ලබාගන්න. එළඹෙන (ඊළඟ) දෙසැම්බර් 31 රාත්‍රිය සතර අපා දුකෙන් මිදෙන අවිහිංසාවේ රාත්‍රියක්‌ කරගන්න. මාර පුතෙක්‌ දුවෙක්‌ නොවී සම්බුදු ඇකයට පියනගන පුතෙක්‌ දුවෙක්‌ වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත් ශක්‌තිය පිංවත් ඔබට යායුතු ඉදිරි මඟ පිළිබඳ සතිය සිහිය පිංවත් ඔබ තුළින්ම මතු කරදෙනු ඇත. එම සතිය සිහිය විසින්ම ඔබට භව දුකම උරුමකොට දෙන සක්‌කායදිට්‌ඨිය, විචිකිච්ඡා, ශීලබ්බතපරාමාස කියන බිහිසුණු රතිඤ්ඤාවන් පුස්‌වෙඩිල්ලක්‌ බවට ඔබ තුළින්ම පත්කරනු ඇත. මේ වන විටත් පිංවත් ඔබ සතර අපායෙන් මිදී ඇතැයි ඔබ තුළ විශ්වාසයක්‌ ඇතොත් එම විශ්වාසය සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, ශිලබ්බතපරාමාස කියන ධර්මතාවයන් සමඟ නැවත නැවත ගළපා බලන්න. ඔබ නිහතමානී වෙන්න. එම නිහතමානීභාවය යනු ඔබ විසින් ඔබ උදෙසාම ඇතිකරගන්නා කළ්‍යාණ මිත්‍රභාවයකි, අතීතයේ සෑම බුද්ධෝත්පාද කාලයකදීම අපට වැරදුණු එකම තැන ඔතන බව මෙනෙහි කරන්න. “මම” දෙවැනි තැනට දමා, බුදුරජාණන්වහනසේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයම මුල් තැනට ගන්න. එවිට “මම” ධර්මයේ හිමිකරු, අයිතිකරු කියන මමත්වයේ දැඩිභාවයේ නොව, මමද ධර්මයේම කොටසක්‌ය යන නිහතමානීභාවය ඔබ තුළ ඇතිවනු ඇත. සාරිපුත්ත මහෝත්තමයන්වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා “මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි” කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළමුවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයියවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇතිකරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමග වටහා ගැනීමට.
හිංසාවේ රාත්‍රිය
නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය
අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවීගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ලංවණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටු වෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවා වූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇතිවුණානම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි. වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියෑළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදාදීමය, සමාදන් කරවීමය කියලා.
නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොටවදාල සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොරභාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තව තව ළංවන මොහොතේ සුබ නව වසරක්‌ වේවා කියනවා වෙනුවට ලැබුවා වූ නව වසර, සතර අපායෙන් නිදහස්‌ වෙන වසරක්‌ වේවා කියල ප්‍රාර්ථනා කළොත් එතන තිබෙනවා ජාති, ජරා, ව්‍යධි, මරණ වලින් මිදීමට ඔබ ගන්නා වු උතුම් උත්සාහයක්‌. එහෙත් පිංවත් ඔබ මෙවැනි අර්ථවත් සුබ පැතීමක්‌ කරන්න ලැජ්ජයි.
අර්ථවත් දෙයින් අයින් වෙලා අනර්ථවත් දෙය ළංකර ගන්නවා. බුදුසරණයි, තෙරුවන් සරණයි කියලා කියනව. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනානාකොට වදාළ ධර්ම මාර්ගය ගැන කියන්න ලැ-ජා වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියා යෑයි කියන්නේ අර්ථවත් ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන කාරණයයි. පිංවත් ඔබ සතර අපායෙන් නිදහස්‌ වීම සඳහා සමාදන් විය යුතු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලයේ පරිපූර්ණත්වය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දැකීම කියන අර්ථයන් මහා සංඝරත්නය විසින් නිරතුරුවම ඇසෙන මොහොතක, අපි මොනතරම් දුර්වලතාවකින්ද ජීවිතය සැලසුම් කරගන්නේ. අප්‍රමාණ සැප ලැබිය හැකි මාර්ගයක්‌ ඇස්‌පනාපිට තිබියදී අති දීර්ඝ දුකක්‌ උදෙසා කෙටි සැපයමයි අපි සොයන්නේ. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්‌තෘන් වහන්සේ නමකගේ ඉගැන්වීම්වල අර්ථයන් ලිහිල් භාවයට පත්කොට ආගන්තුක වටිනාකම් අපේ කරගැනීම අභාග්‍යයකි. මෙතැනදී පිංවත් ඔබ සිතන්න අවශ්‍ය නැහැ අපට මාර්ගය කියල දෙන ගුරුවරු කොතැනද ඉන්නෙ කියලා. ඇසෙන සම්බුදු ධර්මයයි ඔබ ඔබේ මාර්ගය කරගත යුත්තේ.
ගුරුවරුන්ගේ පුංචි හෝ දුර්වලතාවක්‌ දකීනම් එයද මාර්ගය වැඩීමේදී කමටහනක්‌ කොට ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝක තත්ත්වයන්ට ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන්ට යන්නේ නැතිව සමාජය, මනුෂ්‍යයා, ව්‍යාකූල වෙන්න වෙන්න ඇතිවන සමාජ විකෘතිය ධර්මයේ අර්ථය වශයෙන්මයි අපි දැකිය යුත්තේ. ලෝක ධර්මයන් කෙරෙහි ඇලීමත් ගැටීමත් සකස්‌වෙන සිතක ඔබ නොදකින එකම දෙය අනිත්‍යයයි. ඒ කියන්නේ ධර්මයේ අර්ථය නොදැනීමයි. ධර්මයේ අර්ථය නොදකින්නා තමා අත්දකින ලෝක ධර්මතාවන් හමුවේ ඇලීමත් ගැටීමත් අතර දෝලනය වෙමින් ධර්මයේ ස්‌වභාවය අවබෝධ කොටගැනීම මගහැර නිත්‍ය වූ සැපයක්‌ම සොයනවා. මෙතැනදී තමයි සමාජ ව්‍යාකූලභාවය විකෘතිභාවය සකස්‌ වෙන්නේ. අසීමිත ඇලීම්, අසීමිත ගැටීම්, අසීමිත උපේක්‌ෂාවන්ගේ එකතුවක්‌ වෙනවා ලෝකය. ඵලය ලෝකය තුළදී දුටුවත්, හේතුව සකස්‌ වූයේ ධර්මය නොදත් මිනිස්‌ සන්තානය තුළම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයේ අර්ථය සකස්‌වෙන්නේ නාමරූප දෙක නැමැති “පුංචි ලෝකයේ” හේතුඵල ධර්මතාවන් නිසාම නේද? ඒ නිසා පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. මාර්ගයේ හික්‌මෙන්න. එවිට ඔබ දකින ලෝකය යහපත් වේවි. ඔබ ලෝකය තුළ සුරක්‍ෂිත වේවි. ඔබ ලෝකයෙන් නිවී යාවි. ඉහත කරුණු සියල්ලම සකස්‌ වුණේ ඔබ තුළින්ම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයත්, නාමරූප නමැති මම කියන “පුංචි ලෝකයත්”, අනිත්‍යයේ අර්ථයෙන්ම සකස්‌වුණු දේවල්ය. අර්ථය අනිත්‍ය වූ කල්හි යමක්‌ නිත්‍ය භාවයක්‌ සොයයි නම් ඔහු සොයන දෙය කවදාවත් හමු නොවනු ඇත.
ඔබද මමද සසර මෙතෙක්‌ පැමිණියේ එම නිෂ්ඵල ගමනයි. පිංවත් ඔබ ලැබූ මේ ජීවිතයද සැප කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සකස්‌ කොට ගත් ජීවිතයකි. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස්‌ වෙලාද ඉන්නෙ කියලා. මේ දුරස්‌භාවය අවම කරගන්න ඔබ විසින් ඇති කරගන්නා අධිෂ්ඨානය ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී ඔබ තුළ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවන් වැඩෙන්න ඕනේ එකිනෙකට අඩු වැඩි භාවයෙන් තොරව. මෙන්න මේ “අඩු වැඩි භාවයකින් තොරව” කියන ස්‌වභාවය සමජයේ හුඟ දෙනකුගෙන් ගිලිහීs ගොස්‌ තිබෙනවා. ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවේ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි කියන කාරණා ජීවිතයට එකතු කර ගන්නේ. විදර්ශනා ඥානය වැඩෙන දිශාවටමයි පිංවත් ඔබ ඉහත කාරණය සතියෙන්, සිහියෙන් යුතුව ජීවිතයට ගලපාගත යුත්තේ. මමත්වය වැඩෙන දිශාවට නොවේ. වසරක උදාවක්‌ සමරන මොහොතක මෙවැනි ධර්මයක්‌ ගැන පිංවත් ඔබ නැවත නැවත සිතනවානම්, මෙවැනි ධර්මයකට මුල්තැන දෙනවානම් එම වසර මොන තරම් සංහිඳීමට පත් වූ වසරක්‌ වේවිද? අර්ථවත් ලෙසම තෙරුවන් සරණගිය වසරක්‌ වෙනවා නේද? පිංවත් ඔබ ගත්තා වූ තීරණයෙන් සැනසෙන්නේ ඔබම නේද? දුකෙන් මිදෙන දිශාවට යන්නේ ඔබම නේද? එසේ නොවුණ කල්හි ඔබ යන දිශාව ගැන පහත සටහන තබමි.
ජනවාරි පළවෙනිදා කියනකොටම සිහියට නැඟෙන්නේ දෙසැම්බර් 31 දා රාත්‍රියයි. මේ රාත්‍රියේ භික්‌ෂුව වැඩසිටියේ අගනුවරට ආසන්න ආරණ්‍යයකය. රාත්‍රි 12.00 වෙලාවට ආසන්න වෙද්දී පුපුරා ගිය රතිඤ්ඤා පිපුරුම් හඬ මොනතරම් වේගවත්ද කියලා පිංවත් ඔබටත් ඇසෙන්නට ඇති. මේ රතිඤ්ඤා පිපුරුම් හෙŒ දෝංකාරය කියන්නේ අවිද්‍යාවේ හඬයි. ඔබ හිතල බලන්න මීට වසර විසිපහකට පෙරාතුව ඉඳල වසරින් වසර මේ හඬ වැඩිවුණා මිසක්‌ අඩුවුණේ නැහැ. අනාගතයේ කවදාකවත් මේ හඬ අඩුවෙන්නේ නැහැ, වැඩිවෙනවා මිසක්‌. මේවා ලෝක ධර්මතාවන්. මනුෂ්‍යයා ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න නොවටිනා වටිනාකම් අර්ථවත් වෙනවා.
ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ නිහඬ භාවයට එරෙහි ස්‌වභාවයන් තමයි සකස්‌ වෙන්නෙ. ඝෝෂාව යම් තැනක තිබෙනවානම් එතන ශීලයක්‌, සමාධියක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. මේ දෙක නැති තැන ප්‍රඥාව ගැන කථාකරල තේරුමක්‌ නැහැ. ආයිමත් අපි එන්නේ අවිද්‍යාව කියන තැනටමයි. ලෝකයේ තිබෙන සැබෑම නිහඬතාව අත්විඳින්න පුළුවන් ඝෝෂාව තුළදීයි. දෙසැම්බර් 31 රාත්‍රියේ භික්‌ෂුව සයනය මත වැතිරී ඒ සැබෑම නිහඬතාව අත්වින්දා හොඳ හැටියට. පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොඳින් දැනෙනවා, පෙනෙනවා. පුපුරණ රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවත් සක්‌සුදක්‌ සේ පැහැදිළි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්‌, සැපක්‌ නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුනා වූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක්‌ පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.
පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබවෙන්න කියලා ඔබ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා තිබෙනවාද? දවසින් දවස ක්‍රෝධය, වෛරය, දුෂ්ශීල භාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම් හෙ දෝංකාරය යම් සේ වේගවත්ද දුෂ්ශීල භාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන් වහන්සේ හඳුනන්නේ නැහැ. ගුරුවරයා ගෝලයා හඳුනන්නෙ නැහැ. දෙමාපියන් දරුවන් හඳුනන්නෙ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහීමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක්‌ සිදුකරගෙනද? මොනතරම් සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුකරගෙනද? වසරක්‌ උදාවෙන්නේ.
දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක්‌ නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්‌, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක්‌ බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඬින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක්‌ ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයින් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක්‌ සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක්‌දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස්‌ මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්‌වෙනවා. මේ ද්වේශයත් නව වසරක්‌ උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක්‌ නම් සිටිනවාද? මරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය, වෛරය සකස්‌වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක්‌ පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස්‌ මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මය.
ගස්‌වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්‌වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මය. ඉහත කොටස්‌ අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්‌වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක්‌ උදාවෙන්නේ. මේ අමානුෂික ෙ€දවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක්‌ ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ ෙච්තනාවක්‌ ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක්‌ සේ නොව, අසුබ වියරු අඳෝනාවක්‌ සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී ෙච්තනාවන් සකස්‌ කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා.
පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මඟුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්‌, සංයමයක්‌ එම හෙŒ තිබෙනවාද. එම හඬින් ඉහතින් දැක්‌වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක්‌ නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක්‌ කිරීමට අවශ්‍ය නම් පමණක්‌ 31 දා මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මඟුල් බෙරයක්‌ නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක්‌ බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක්‌ වරදක්‌ නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක්‌ උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතල වල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්‌මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්‌කේ. ශිල්පද ආරක්‍ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් ෙච්තනාවක්‌ සකස්‌ වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක්‌ සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස්‌ කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිබෙනවාද.
(මෙහි පළවන්නේ ඉකුත් වසරේ ජනවාරි මස පළමුවැනිදා මෙම ස්‌වාමීන්වහන්සේ විසින් ලියන ලද ලිපියකි. අද ඔබ අතට පත්වන්නේ එම ලිපියේ පළමු අර්ධයයි.)
ඇත් සවිය පරදන අතහැරීමේ අවිය
මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!
ඇත් සවිය පරදන අතහැරීමේ අවිය
නිවන් මඟ වඩනා භික්‍ෂුවකට හුදෙකලාවේ උපරිමය ලැබිය හැක්‌කේ වනය තුළදීය. ගොදුරු ගමෙන් කිලෝමීටර් එකක්‌, දෙකක්‌ හෝ තුනක්‌ ඈතින්, දිය අගලක්‌ සමීපයේ ඇති කුටියකවන හුදෙකලාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුදෙකලාවයි. රක්‍ෂිත තුළ ඇති හුදෙකලා කුටි වලට යන අඩිපාර අලි ඇතුන් ගමන් කරන අලිමංකඩයි. එහෙයින් මෙවැනි කුටි අසල රාත්‍රියට නිතර අලින් ගැවසේ. වනයේ අලි ඇතුනුත් නිවන් මඟ වඩන භික්‍ෂුවත් අතර ඇත්තේ පුදුමාකර සබඳතාවකි. අලි ඇතුන් භික්‍ෂුවගේ ඉව, සුවඳ හඳුනන්නාසේය. දෙගොල්ලෝම දෙගොල්ලන්ට හිංසා පීඩා කරනොගනිssති. නිදහසට ගරු කරති. නමුත් කැලයේ ආධිපත්‍යය මෙන්ම අලිමංකඩවල ආධිපත්‍යය පෙන්වීම අලින්ගේ සිරිතය. මෙවැනි අවස්‌ථාවල වනගත භික්‍ෂූන් මෛත්‍රිය වඩමින්, බුදුගුණ වඩමින්, අංගුලිමාල පිරිත, නාලාගිරි ගාථාව වැනි ආරක්‍ෂක විධි අනුගමනය කරමින් ඇතිවිය හැකි උපද්‍රවයන්ගෙන් මිදෙයි. ඉහත භාවිතයන් එක්‌ එක්‌ භික්‍ෂුවගේ අවබෝධය මත වෙනස්‌ය. නිරතුරුවම කැලයට ඇතුළුවන විට අප කරන්නේ නපුරු සතුන් මුණනොගැසේවා යන්න තමාගේ ආධ්‍යාත්මික ශක්‌තිය උපයෝගී කරගනිමින් අධිෂ්ඨානය කිරීමයි. ඔබ ඉහළ ආධ්‍යාත්මික ශක්‌තියකින් පරිපූර්ණනම් ඔබට අනිවාර්යයෙන්ම නපුරු සතුන් මඟහැරී යනු ඇත. මේවා හේතුඵල ධර්මයන්ය. ආශ්චර්යයන් නොවේ. හේතුව තමා තුළ ඇති ආධ්‍යාත්මික ශක්‌තියයි. සමහර විට ඔබ වඩින අඩිපාරේ ඒ මොහොතේ කඩා දැමූ අතු කොළ පාර පුරා වැටී ඇත. ඒ මොහොතේ දැමූ අලි බෙටි ඇත. අලි ගඳ තදින් නහයට දැනෙනු ඇත. එහෙත් ඔබට අලින් මඟහැරී ගොස්‌ ඇත. ඔබ දක්‍ෂ විය යුත්තේ මෙවැනි ක්‍රමයකට නපුරු සතුන් මඟහැරයැමටය. අත්හැරීම තුළින් ඔබ ලබන්නාවූ ආධ්‍යාත්මික ශක්‌තිය අතිප්‍රබලය. එවැනි ශක්‌තියකින් ඔබ අධිෂ්ඨාන කළහොත් ඔබට නොතේරුණද පොළොවද, පරිසරයද, නපුරු සතුන්ද කම්පාවට පත්වෙයි. එය ධර්මයේ බලයයි. තිරිසන් ලෝකයේ සතුන්ගෙන් ධර්මයේ බලය හොඳින් දැනෙන සතුන් අලි ඇතුන්ය. ඒ අයට තෙරුවන්ගේ ඉව හොඳින් දැනේ. එය අනන්ත කාලයක්‌ පාරම්පරිකව වනයේ වැඩ සිටින ධර්මය අවබෝධය ලැබූ භික්‍ෂූන් සමඟ ගැවසීමෙන් එම සතුන් ලැබූ ආභාසයයි. වනවාසී භික්‍ෂූන් දස දහස්‌ ගණනින් අතීතයේ වනයේ වැඩසිටියේය. අලි ඇතුන්ද එම පරිසරයේම කොටසකි. එහෙයින් භික්‌ෂුවගේ ගුණ සුවඳ හොඳින් හඳුනයි.
ඇතුන්ගේ කුංච නාදය කුමන හේතුවක්‌ නිසා කරන්නේ දැයි මේ භික්‍ෂුව නොදනී. නමුත් එය සුබ නිමිත්තකි. කුංච නාදය කරන ඇතුන් තුළ ඒ මොහොතේ ඇත්තේ ගාම්භීරත්වය, පෞරුෂත්වය, අදීනත්වය, නායකත්වය වැනි ෙච්තනාය. භික්‍ෂුවක්‌ වැඩ සිටි කුටිය සමීපයට රාත්‍රී යාමයේ පැමිණි තනි අලියෙක්‌ කුටියේ පිටුපස එක්‌ කොනක සිට මහා හඬින් කුංචනාද කළේය. තවත් මොහොතකින් එම අලියා කුටියේ අනික්‌ කොනට ගොස්‌ දෙවැනි වතාවටද මහා ශබ්දයකින් කුංචනාද කළේය. මීට පෙර අලි ඇතුන් කුංචනාද කරනවා භික්‍ෂුව අසා නොතිබුණු නිසා භික්‍ෂුව සිතුවේ අලියා කේන්තියෙන් වියරුවැටී කෑගසන බවයි. කුංචනාදය මහා හඬකින් හක්‌ පිඹින්නා ස්‌වරූපයෙන් කෙරෙන්නකි. සිහින් පිඹීමකින් පටන් ගන්නා හඬ ක්‍රමයෙන් වැඩිවී මහා දෝංකාරයකින් අවසන්වේ. ප්‍රදේශයම දෝංකාර දෙයි. කුංචනාදය පටන්ගෙන අවසන්වීමට තප්පර ගණනාවක්‌ ගතවේ. අවසන් වේගවත් හඬට ප්‍රදේශයම සලිතවෙයි. තවමත් කුංචනාදය යනු එය දැයි කියන්නට භික්‍ෂුව නොදනී. එහෙත් එය කුංචනාදය යෑයි අනුමාන කරමි.
අලියා මහා රත්‍රියේ මෙලෙස දෙවරක්‌ කුංචනාද පවත්වද්දී භික්‍ෂුව සිටියේ දොර ජනෙල් නොමැති, පරිසරයට නිරාවරණය වූ වනයේ කුටියකය. ඉදිරිපස බිත්තිය නොමැති නිසා ලණුවක එල්ලන ලද පරණ සිවුරකින් ඉදිරිපස ආවරණය කර තිබුණි. සැබැවින්ම භික්‍ෂුව සිතුවේ අලියා වියරු වැටී ඇති බවකි. අලියා වේගයෙන් කුටිය සමීපයේ සැරිසරන හඬ භික්‍ෂුවට හොඳින් ඇසේ. කොටින්ම අලියා කලබල ස්‌වභාවයක්‌ දැක්‌වීය. රාත්‍රී ඝන අඳුර සහ නිහඬභාවය නිසා අලියාගේ හැසිරීමේ ස්‌වාභාවය හොඳින් භික්‍ෂුවට දැනේ. දැන් මේ ජවනිකාවට පැය භාගයක්‌ පමණ ගොස්‌ය. මෙවැනි විටක දක්‍ෂ භික්‍ෂුවකට කළ හැක්‌කේ එකම එක දෙයකි. භික්‍ෂුවට මෙම සිදුවීම අභියෝගයකි. එහෙත් එම අභියෝගය ජයග්‍රහණයකට හරවාගැනීමට එය ආශිර්වාදයක්‌ කරගැනීමට භික්‍ෂුව දක්‍ෂ විය යුතුය. භික්‍ෂුව කලබලවූ අලියා ගැන සිතීම අතහැර, මේ සිතත් මේ කයත් මගේ නොවේ යෑයි අතහැරදමා කොට්‌ටයට හිසතබාගත්තේය. සිත අතහැරදැමූ නිසා කයේ කිසිම ක්‍රියාකාරීත්වයක්‌ නොමැත. ලොව ශේ්‍රෂ්ඨම අතහැරීම භික්‍ෂුව අධිෂ්ඨාන කරන මොහොතේම පරිසරය මහ පොළොව කම්පාවනු ඇත. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලටද මේ අතහැරීම දැනෙනු ඇත. එහි දිව්‍ය, බ්‍රහ්ම වැසියන්ද සිදුවූයේ කුමක්‌දැයි බලනු ඇත.
“ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී” කියන්නේ මේ නිසාය. ඔබ සියල්ල අත්හළ මොහොතේ ඔබට විශ්වය කම්පාකරවන්න පුළුවන්. එය ඔබට තවත් සිදුවීමක්‌ පමණකි. හපන්කමක්‌ හෝ ආඩම්බරකමක්‌ නොවේ. ඔබ විශ්වාස කරන්න. භික්‍ෂුව තම සිත අතහැරදැමූ මොහොතේ එතෙක්‌ පැය භාගයකට වැඩි කාලයක්‌ කුටිය අසල කලබල ස්‌වරූපයෙන් හැසිරුණු තනි අලියා ආගිය අතක්‌ සොයාගැනීමට නොහැකිවිය. තනි අලියා අතුරුදන්වී පැය දෙකකට පමණ පසුව නැවත එම අලිමංකඩ ඔස්‌සේම වනය තුළට නිහඬව යනවා ඇසිණි. භික්‍ෂුවගේ අතහැරීමේ ශක්‌තියේ බලය තනියාටද දැනිණ.
ඉහත සිද්ධිය වන විට භික්‍ෂුව කරණීයමෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක්‌ කටපාඩමින් නොදැන සිටියේය. පිරිත් පොතක්‌ද භාවිත නොකළේය. සැබෑම මධ්‍යම ප්‍රතිපදාව අර්ථගන්වන තුන් සිවුරත්, පාත්‍රයත් පමණක්‌ කුටියේ තිබුණි. බලන්න නිවන් මඟ වැඩිය යුතු භික්‍ෂුවක්‌ මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට යායුතු මඟ. කැලය තුළට වඩිනවිටම ජීවිතය අතහැරලා. “කැලයේ අලි ඇතුළු නපුරු සතුන් සිටිනවා. ජීවිතයට අනතුරක්‌ වෙයි. කැලයේ යක්‌කු යක්‍ෂණියෝ ඉන්නවා. ඒ අය බියගන්වාවී, කරදර කරාවී, ආරක්‍ෂාවකට පිරිත් පොතක්‌ ගෙනියන්න ඕනි. කන්ද පිරිත දැනගන්න ඕනෙ.” මෙවැනි සංඥා ඔබට තිබෙන්න බැහැ. මේ සංඥා ඔබට තිබෙනවා නම් ඔබ කැලයට හුදෙකලාවෙන්න යන්නත් එපා. ඔබ ශක්‌තිමත් වනතුරු ඉවසන්න. මඟවැඩු කල්‍යාණ මිත්‍රයන්ගෙන් උපදෙස්‌ ගන්න. ඔබ කැලයට යායුත්තේ zමම අතහැරීමටZ මිස zමම ආරක්‍ෂා කරගැනීමට, නොවේ.
ඔබ තුළ අයෝමය ආත්ම ශක්‌තියක්‌ තිබෙන්නෙ ඕනේ. එම ශක්‌තිය ඔබට දෙන්නේ ඔබේ පරිපූර්ණවූ ශීලය සහ සමාධිය තුළින්. නමුත් ඔබ මේ වන විට ශීලය, සමාධිය කරගසාගෙන සිටින්නේ නැහැ. ඒවත් බිමින් තබනවා. මොකද ඒවයේ ස්‌වභාවයත් අනිත්‍ය නිසා. දැන් ඔබට වැඩෙන්නේ ප්‍රඥාවයි. ඔබට වැඩෙන ප්‍රඥාව ඔබ දකින අලියාද, යක්‍ෂයෝද, යක්‍ෂණියෝද ඇසෙන ශබ්ද සහ දෝංකරද, ඔබට පෙනෙන දෙවියෝද, බ්‍රහ්මයෝද ඔබ දකිනුයේ රූපයක්‌ පමණක්‌ම බවයි. රූපයේ ස්‌වභාවය අනිත්‍යයි. භික්‍ෂුවද, අලියාද, කැලයද නිරතුරුම වෙනස්‌ වන සතර මහා ධාතූන්ගේ නිර්මාණයෝය. අපි භික්‍ෂුව, අලියා, කැලය වශයෙන් දකින්නේ එකිනෙකට වෙනස්‌ සතර මහා ධාතූන්ය. මේ සියල්ල අනිත්‍යභාවයේ රූකඩයෝය. එහි යමෙක්‌ හඳුන්වන සම්මුතියක්‌ තිබුණද ඒ තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතිබව ඔබ දනී. එහි ඇත්තේ අනිත්‍ය පමණකි. නැතිදෙයකට ඇලීම, ගැටීම උපේක්‍ෂාසහගතවීම දැන් ඔබෙන් ගිලිහීගොස්‌ය. ඔබ දුටු දේ දුටු බවත්, ඇසුණ දේ ඇසුණ බවත් පමණයි දකින්නේ. ඒවා ගැන සිතන්න දෙයක්‌ නැහැ. මොකද ඒවා අනිත්‍යයට අයිති නිසා.
මෙන්න ලොව සුන්දරම වචන පෙළ
මනුෂ්‍යයෙකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට මෙලොවදී අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨම, උතුම්ම අත්දැකීම කුමක්‌ද කියලා ඔබ දන්නවාද? මේ කියන්න යන වචන පෙළ විශ්වයේ ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළයි. මේ වචන පෙළේ අර්ථය ඉක්‌මවා ගිය සුන්දරත්වයක්‌ මේ විශ්වයේ කොතැනකවත් නොමැත. මේ වචන පෙළේ සුන්දරත්වයක්‌ ඔබ දකින්න නම් ඔබ නිවන් මග වඩන කෙනෙක්‌ම වෙන්න ඕනේ. ඔබ තුළ දැන් කුතුහලයක්‌ තිබෙනවා නේද ඒ සුන්දර වචන පෙළ කුමක්‌ද කියලා දැනගන්න. ඒ මෙයයි.
“ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය”
ඔබ මෙම වචන පෙළ නිතරනිතර සිහිකරන්න. එවිට ඔබට සිතේවී මේ මඟ ගමන් කරන්න. බලන්න ලෝකයේ සැබෑම යථාර්ථය තියෙන්නේ කොතැනද කියලා. සත්වයා යන්නේ මොන මුලාවක්‌ පසුපසද? සත්වයා සුන්දරයි කියලා දකින්නේ කුමක්‌ද?
පුළුවන් තරම් රැස්‌කරන්න. ගොඩගසාගන්න. අවසානයේ සියල්ලම දමා මැරිලා යන්න. දමලා යන දේවල් මමය, මගේය කියලා රැස්‌කරන්න ගිහිල්ලා රැස්‌කරපු අකුසල් නිසා සතර අපායේ බින්න බහින්න.
දරුවන්ට, බිරිඳට රැස්‌කරලා අකුසල් පුරවාගෙන මැරිලා අපාගතවන්න මිනිසා හරිම දක්‍ෂයි.
බලන්න…. අත්හැරීමත්, රැස්‌කිරීමත් අහසයි පොළොවයි වගේ වෙනස්‌ සමීකරණ දෙකක්‌. එතරම් පරතරයක්‌ තිබියදීත් එහි වෙනස ඔබ දකින්නේ නැහැ. ඔබ තුළ තිබෙන අවිද්‍යාව, තන්හාව නිසා දරාගෙන සිටින බර කොපමණද යන්න ඔබට දැනෙන්නේ නැහැ. ඔබ මුළු විශ්වයේම බර දරාගෙනයි සිටින්නේ. විශ්වයේ බරෙන් ඔබ නිදහස්‌ වන්න. එවිට ඔබ ලොව නිදහස්‌ම පුද්ලගයා වෙනවා. “මම, මගේ , අපි, අපේ” කියලා කල්ප කෝටි ගණනක සිට වපුරපු, පුරවපු බර කද ඔබ දරාගෙනයි සිටින්නේ. ඔබ තුළ “මම මගේ” කියලා කෙනෙක්‌ නොමැති බවට ඔබ ප්‍රඥාවෙන් දකින මොහොතේ, මේ බර කද ඔබෙන් ගිලිහෙනවා. මේ බර ඔබෙන් ගිලිහීයාමේදී එය ඔබට හොඳින් දැනෙනවා. ඔබට දැනෙනවා, තේරෙනවා මහා වෙනසක්‌ ජීවිතය තුළ සිදුවූ බව. ඔබ නුවනින් බලනවා, මෙනෙහි කරනවා, ඔබ අවබෝධය ලබනවා, ඔබ තුළින් රාගය, ද්වේෂය, මෝහය නැතිවීගිය බව. ඒ කෙළෙස්‌ ධර්මයන් නැතිවීගොස්‌ තිබුණේ ඒවා තිබූ බවට සලකුණකුදු නොතබාමය. එයයි ආශ්චර්යය ධර්මයේ.
ඔබ සිතන්න අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි ගසක්‌ තියෙනවා කියලා. ඔබ බුල්ඩෝසර කිහිපයක්‌ යොදලා ඒ ගස මුලින්ම උදුරනවා. ඔබ කොතරම් වෙහෙසගත්තත් ඔබට බෑ දශමයක ප්‍රමාණයේ හෝ මුල් කැබැල්ලක්‌ පොළොවේ නොසිටන ලෙස එම ගස ඉවත්කරන්න. මොන ආකාරයක්‌ යොදා ගස ඉවත් කළද පුංචි මුල් කැබැල්ලක්‌ හෝ පොළොවේ තිබෙනවා. නමුත් නිවන් මඟ අවසන් මෙහෙයුමේදී භික්‍ෂුව තුළින් රාගය, ද්වේෂය, මෝහය නිවීයන්නේ ඒවා කිසිකලෙකත් භික්‍ෂුව තුළ තිබූ බවට සලකුණකුදු නොතබාමය. ඉතිරි නොකරය.
එවිට ඔබට දැනෙනෙවා ඔබ මෙතෙක්‌ දරාගෙන සිටි බර ඔබට අයිති දෙයක්‌ නොව, ලෝකයට අයිති දෙයක්‌ බව. තමන්ට අයත් නැති බරක්‌ තමන්ගේ කරගනිමින්, කරගසාගෙන යන මෝහබරිත පෘතග්ජන තත්ත්වයෙන් මිදීමට හැකිවීම ගැන ඔබට සතුටක්‌ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ කළයුත්ත කරගත්තාය කියන හැඟීමයි. ඔබ මෙහිදී ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද ඔබ ජයග්‍රහණයක්‌ නොවේ ලැබුවේ. දිනුම් කණුවක්‌ නොවේ ඔබ පසු කළේ. තව කෙනෙක්‌ පරාජය කළා නොවේ. ඔබ පළවෙනියා වුනා නොවේ. මේ ලෝකයේ පවතින ස්‌වභාවය, යථාර්ථය හඳුනාගත්තා, අවබෝධකරගත්තා පමණක්‌මය.
ලෝකයේ මෙම විජයග්‍රහණය, ජයග්‍රහණය නොසමරනු ලබන, ලොව ශ්‍රේෂ්ඨම, නිහතමානීකම දෝරේ ගලායන ජයග්‍රහණයයි.
ඔබ මෙහිදී කිසිවක්‌ ලබා නැත. සියල්ල අතහැරුණා පමණමය. එය ජයග්‍රහණයක්‌ නොව නිදහස්‌වීමකි. එහෙත් ඔබ බර දරාගෙන සිටින ලෝකයා අතර, ඔවුන්ගේ සිව්පසය ලබමින්, යෑපෙමින් ලෝකයේ බරෙන් සැහැල්ලු වන නිදහස “නිදහසේ” අත්දකිනු ඇත. ඔබ ලබන ඒ උතුම් නිදහස ඔබට මිස වෙනත් බාහිර කෙනෙකුට නොදැනෙනු ඇත. මන්ද මනුෂ්‍යයා දරාගෙන සිටින බර නිසා, අනුන්ගේ සැහැල්ලුවද, නිදහසද ඔහු, ඔහුට බරක්‌ කරගන්නා බැවිනි. බර දරාගත් මිනිසුන් අනුන්ගේ සැහැල්ලුව, තමන්ට බරක්‌ කරගැනීම පෘතග්ජන සිරිතය. මේ ස්‌වභාවය නිසා සත්වයා නොදැනුවත්ව කරගන්නා අකුසල් ප්‍රමාණය අති විශාලය.
ලෝකයේ බරෙන් ඔබ නිදහස්‌වන්න. නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියාදෙන්න. ලෝකයත්, සිතේ ස්‌වභාවයත් අනිත්‍ය පමණක්‌ම බව දකින්න. සිත අනිත්‍ය බව අවබෝධකර ගන්න. එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්‌වභාවය ඔබට අවබෝධවේවී. සිත අතහරුණවිට, ඔබට ලෝකයද අතහැරෙනු ඇත.
පන්සලේ නිස්කලංක බව බිඳින්න එපා
පන්සල, විශේෂයෙන් ම බෝමළුව කියන්නේ බැතිමත් හැඟීම් ඇති කරන ශාන්තදායක ස්ථානයක්. නිහඬ බව, පිවිතුරු බව, මල්, පහන්, සුවඳ දුම් අතරේ ඕනෑම කෙනෙකු ගේ හිත නිවෙනවා. මේ වගේ තැනක දෙවියන් බුදුන් වැඳලා, දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරලා යහපත් සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බෝධීන් වහන්සේට පුද පූජා පවත්වලා ග්‍රහ අපල දුරු වෙන්න. කරදර අඩු වෙන්න සතුට සැනසුම ලබන්න යහපත් සිතින් ප්‍රාර්ථනා කරනවා.
නිහඬ දැහැමි පරිසරය මේ ආධ්‍යාත්මික ශක්තීන් පුබුදුවන්න විශාල පිටිවහලක් වෙනවා. කෙනෙකු පන්සලට – බෝධි මළුවට යන්නෙත් ඒ දැහැමි සාමකාමී පරිසරය නිසයි. එහෙම නැතිව මහ පාරේ, කඩපොළේ කච – බචය මැද්දේ බෝධි පූජා කරන්නේ නෑ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ඇතැම් තැන්වල පන්සල හා බෝ මළුව කච-බචය, යාදිනි, විලාප සහ කන්දොස්කිරියාව පිරුණු බස් රථයක සද්දේ මැද්දේ කඨෝර හඬින් කවි කොළ කියන තැනක් බවට පත්වෙලා. මෙහෙම තැන්වලට දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ නෑ. ඔය විලාප ඇහෙන කොට දෙවි දේවතාවුන් නාන්සේ නොපිටයි බලන්නේ. මේකට හේතුව පන්සලේ ගෝෂාව කියලයි මම කියන්නේ.”
”පන්සලේ ඝෝෂාව“ ගැන ආන්දෝලනාත්මක හා කාලෝචිත අදහස් පළ කරනුයේ; ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී, පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතාය.
”… අද බොහෝ දෙනෙක් බෝධි පූජාවට යොමු වෙලා. ඒක හොඳයි. ඒත් නො දන්නා කමට බෝධි පූජා කරන්න ගිහිං බොහෝ දෙනා ඇති කර ගත්තේ සෙත් නෙවෙයි විපත්. තමන්ට වගේ ම අනුන්ටත් කරදරයක් වෙන විදිහටයි සමහරුන් පන්සලේ බෝමළුවේ හැසිරෙන්නේ.
ගාථා – කවි කොළ, පොත් අරගෙන එනවා. බෝ මළුව අවහිර වෙන්න තැන තැන වාඩි වෙලා අර පොත්වල තියෙන ගාථා – කවි මහා හයියෙන් කියවන්න ගන්නවා. එකම කන්දොස්කිරියාවක්. තමන් කෑ ගහලා කියන ගාථාවේ තේරුම වත් සමහරු දන්නේ නෑ. ඔහේ සද්දෙට කියවනවා. මේක දැන් නපුරු වසංගතයක් වෙලා. බෝධි වෘක්ෂයට අරක් ගත් වෘක්ෂ දේවතාවුන්නාන්සේටත් මේක වදයක් වෙලා ඇති.
මතක තියා ගන්න කිසිම දවසක සෙතක් – ශාන්තියක් අත් වෙන්නේ නෑ. මේ වගේ වැඩ නිසා දෙවියොත් කෝප වෙනවා. ශනිගේ අපලේ දුරු කර දෙන්න කියලා කෑ ගහලා බෝධිය ඉදිරිපිට කීවාට බලන්න ඊළඟ දෙන්නා තුන්දෙනා පොදියට ඉඳගෙන අහල පහලට ඇහෙන්න ගාථා. මේ වගේ දෙතුන් පිරිසක් බෝ මළුවේ සද්ද කරන්න ගත්තම ඒක එකම කෝලම් මඩුවක් නෙවෙයිද? බෝ මළුව කියන්නේ ශාන්ත දායක තැනක්. දෙවියෝ පවා පි‍්‍රය කරන ඒ නිස්කලංක සාමකාමී පරිසරය සද්ද කරලා දූෂණය කරත්දී දෙවියො කෝප වෙනවා. මතක තියා ගන්න මේක අනෙක් අයට කරන හිරිහැරයක්.”
”බෝධි පූජාව කරන්න කලින් බුදු ගෙට ගිහිං මල් – පහන් පූජා කරලා තෙරුවන් වැඳලා චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමාන කරලා හිත පහදව ගන්න ඕනේ. ඉන් පසුවයි බෝමළුවට යන්නේ. තමන් ගේ ප්‍රාර්ථනා, අදහස් හිතේ දරා ගෙන ඒක සඵල වෙන්න කියලා හිතාගෙන බෝධි පූජාව කළ යුතුයි. බෝධිය අසල පහන් පත්තු කිරීම, සුවඳ කූරු දැල්වීම නුසුදුසුයි. ගාථා පාඨ කියනවා නම් එය තොල් මතුරා තමාට පමණක් ඇසෙන මානයට කිරීම හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතිව ගායනා තරගයකට ගියා වගේ සමූහ ගායනා ඉදිරිපත් කිරීම අර්ථ ශුන්‍යයි.
තමන් ගේ ප්‍රාර්ථනය හොඳින් හිතේ දරා ගෙන බෝධි පූජාව කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නෙත් හිතේ ශ්‍රද්ධාවෙන්. එහෙම නැතිව ලෝකෙට ඇහෙන්න කෑගහලා නෙවෙයි. මේ විදිහට පන්සලේ ඝෝෂා කරන්නේ අනුවණයින් ශ්‍රද්ධාව විතරක් නෙවෙයි ප්‍රඥාවත් අවශ්‍යයි. තවත් අය බෝධිය නාවන්න වෙළෙඳපොළෙන් නොයෙක් කුඩු වර්ග, දියර වර්ග, සුවඳ වර්ග අරගෙන එනවා. මේවායේ තියෙන රසායනික ද්‍රව්‍යවලින් සමහර විට බෝධි වෘක්ෂයට හානි වෙන්නත් පුළුවන්. මිනිස්සු මේවා ගැනත් කල්පනා කරන්න ඕනේ.”
”… බෝධිය, බෝ මළුව කියන්නේ කෙනෙකු ගේ ගත සිත දෙකම සුවපත් කරන පූජනීය ස්ථානයක්. හිතන්න ඒ ස්ථානය පොදු ස්ථානයක් බව. දුවන්න – පනින්න – හිනාවෙන්න – විහිළු කරන්න – කෑගහලා ගාථා දොඩවන්න සුදුසු තැනක් නෙවෙයි. බෝමළුව කෝලම් මඩුවක් බවට පත් නොකළ යුතුයි. නමුත් බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නොදන්නා කමටයි. සමහරුන් හිතන්නේ බෝමළුවට ගිහිං තාලෙට ඇදලා පැදලා සද්දෙට කවි – ගාථා කීවා ම අපල දුරු වෙනවාය කියලයි. ඒක ලොකු මිථ්‍යාවක්. ‘දන්නෝ දනිති. නො දන්නෝ බණිති’ කියන්නේ මෙන්න මේ වගේ වැඩවලටයි. මා දැකලා තියෙනවා තවත් අය නුග කොළ අරගෙන ගිහිං බෝමළුවේ ඒ මත පහන් පත්තු කරනවා සෙනසුරු අපල දුරු කරන්න හිතාගෙන. ඒක පරිසර විනාශයක්. සෙනසුරු අපලේ නෙවෙයි නැති ලෙඩත් ඇති වෙන්න පුළුවන්.
බෝ මළුව ඇමදීම, පිරිසිදු කිරීම, පරමල්, කසළ බැහැර කිරීම දෙලොවටම වැඩ සිද්ධ වෙන කුසල්. පන්සලේ පහන් වැට ළඟට ගියහම හොඳින් බලන්න පහන් තිරය දැල්වෙන එහෙත් තෙල් මදි නිසා නිවෙන්න ආසන්න පහන්. අන්න ඒවාට නැවත තෙල් පුරවලා ඒ පහන මුලින් දැල් වූ කෙනා ගේ යහපත් ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හිතන්න. සමහර විටෙක තෙල් ඇති පහනක තිරය නිවී තියෙන්න පුළුවන්. ඒ පහන් නැවත දල්වන්න. තමන්ටත් අලුත් ම පහන් දල්වන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ සිතේ හට ගන්නා භක්තිය සහ ශ්‍රද්ධාවයි.
නිවුණු – පිරුණු – සංයමයෙන් යුක්ත හිතකින් කරන ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා. නිශ්කලංකව සිත එක අරමුණකට යොමු කර ගෙන බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්න. දෙවියන්ට – මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න. එහෙම නැතිව බොරු සද්දෙට ඇදලා පැදලා ගාථා – කවි කියන්න ගිහිං පන්සලේ – බෝමළුවේ සාමය බිඳින්න එපා. ඔය වගේ දඩි – බිඩි වැඩවලට දෙවියොත් මනාප නෑ. මා පුන පුනා කියන්නේ ඒකයි.
ගෞතම බුදුන් වහන්සේ දසමාර සෙන් පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඇසතු වෘක්ෂය සෙවණේ. බුදුන් වහන්සේ අනිමිස ලෝචනයෙන් ඒ වෘක්ෂයට කෘතගුණ සැලකුවා. බෝධිය අනුහස් ඇති පූජනීය ස්ථානයක් බවට පත් වුණා. දෙවි දේවතාවුන් පවා රැස්වන ශුද්ධ ස්ථානයක් වුණා. මෙන්න මේ සත්‍යය තමා සිතේ ධාරණය කර ගත යුත්තේ. ඒ අනුහසින් – ඒ ආනුභාවයෙන් අපිත් යම් ප්‍රාර්ථනා කරනවා. ග්‍රහ අපල දුරුවේවා කියා පතනවා. සද්දෙට වඩා ඉතා බලවත් වෙන්නේ තැන්පත් සිතෙන් කරන ප්‍රාර්ථනයයි. සිත සමාධි කර ගන්න බෝධිය, බෝමළුව ඉතා උචිත තැනක්. නමුත් සද්ද නිසා අනිත් අයගේ චිත්ත සමාධිය බිඳලා ඒ පාප කර්මයටත් දායක වෙනවා. මේ ගැන වරක් නෙවෙයි; දෙවරක් තුන් වරක් හිතලා තමන් ගේත් පන්සලේත් ගෞරවය රැකෙන විදිහට හැසිරෙන්න කියලයි මතක් කරන්නේ.”
”සද්දෙට කියන කවි – ගාථා කෙළ කෝටියකට ලබා දෙන්න බැරි සහනයක් තැන්පත් සිතින් සමාධිගත වුණහම ලබා ගන්න පුළුවන්. බෝමළුව එක්තරා ආකාරයකින් භවනාමය සිතකට උචිත පූජනීය ස්ථානයක්.
දැනුම් තේරුම් තියෙන මිනිස්සු පන්සලේදී – බෝමළුවේදීවත් එළඹ සිටි සිහියෙන් කටයුතු කළ යුතු බවයි මා අවධාරණය කරන්නේ. අනිත් අතට පන්සල පොදු ස්ථානයක්. අඩුම තරමින් අනිත් බැතිමතුන්ට හිරිහැරයක් නොවන හැටියට හැසිරෙන්න හිතට ගැනීම හොඳ සිරිතක්.”
මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි
තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා “තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා” යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ පිහිටෙන් ජීවත්වන ලෝකයා පත්වන්නේ මහා අර්බුදයකටය. තාක්‍ෂණය යනු අවිද්‍යාවයි. තාක්‍ෂණය යනු අස්‌වාභාවිකත්වයයි. එවන්වූ තාක්‍ෂණයෙන් පරිපූර්ණවන ලෝකය, ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම ලෝක ස්‌වාභාවයයි. තාක්‍ෂණයේ දියුණුව යනු අවිද්‍යාවේ දියුණුවයි. වර්තමානයේ ලෝකය දෙස බැලීමේදී අපි දකින්නේ අවිද්‍යාවෙන් ඉතිරීයන තාක්‍ෂණයෙන් දියුණු ලෝකයකි. ලෝකයේ ගුණාත්මක බව, දියුණුව මනින මිනුම් දණ්‌ඩ තාක්‍ෂණයයි. බලශක්‌තිය නැතිවුණු දවසක ඇනහිටින තාක්‍ෂණයක්‌, ස්‌වාභාවික කාලගුණික දේශගුණික තත්ත්වයකදී ඇනහිටින තාක්‍ෂණයක්‌, දේවත්වයෙන් සලකන ඊනියා දියුණුවකින් මුලාවූ ලෝකයාට, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර දේශනාකොට වදාළ ධර්මය විසින් අන්ධභාවයේ වෙලීසිටින ඔවුන්ගේ ළදරු බව හෙළිකරවනු ලබයි. ලෝකය තාක්‍ෂණයෙන් පිරීයාම යනු සතර අපායද පිරීයාමයි. තාක්‍ෂණ අවිද්‍යාවෙන් මුලාවන සත්වයා ගාල් කරන වෙබ් අඩවිය සතර අපායයි.
ලෝකයේ සැබෑ තාක්‌ෂණය දකින්නනම්, ස්‌පර්ශ කරන්නනම් ඔබ දැකිය යුත්තේ ලොව්තුරා ධර්මයයි. එය බලශක්‌තිය නැතිවුණ දිනයක අතරමංවන, අක්‍රියවන තාක්‌ෂණයක්‌ නොවේ. පොඩ්ඩ වැරදුණු විට මහා විනාශයන් වන තාක්‍ෂණයක්‌ නොවේ. අතුරු ආබාධ ඇතිවන තාක්‍ෂණයක්‌ නොවේ. එය ඉතාම පිරිසිදු තාක්‍ෂණයයි.
ලෝකයේ තාක්‍ෂණයෙන් දියුණුම ආයතනය මොකද්ද කියා ඇසුවොත් ඔබ කියාවී ඇමරිකාවේ නාසා ආයතනය කියලා. නමුත් ඔබ වැරදියි. ලෝකයේ අවිද්‍යාවෙන් තොර, ස්‌වාභාවිකත්වයෙන් පිරිපුන්, දියුණුම තාක්‍ෂණය තිබෙන්නේ නිවන් මඟ වඩන භික්‍ෂුව තුළය. අරිහත් උතුමන් තුළය. එම භික්‍ෂුව එම තාක්‍ෂණයේ උපරිම ඵලය, උපරිම සීමාව දකින්නේ නිවන් අවසාන මෙහෙයුමේදීය. ඒ තාක්‍ෂණ පාරාදීසයකි. සැබෑම විශ්ව ගම්මානය ඔබ දකින්නේ මෙහිදීය. මෙම තාක්‍ෂණය බලශක්‌තියෙන් ක්‍රියාත්මක වන “රූකඩ තාක්‍ෂණයක්‌” නොවේ. එය ක්‍රියාත්මකවන්නේ ඔබගේ නිර්වාණ ප්‍රඥාව මගිනි. මෙහිදී ඔබ දකින ලෝකය ඇමරිකාවේ නාසා ආයතනයට කල්ප ගණනාවක්‌ සිය තාක්‍ෂණය දියුණු කරමින් ගියද දැකිය නොහැකිය. ඔවුන්ගේ ලෝකය ප්‍රාථමික ළදරු පන්තියකි. ඔබ නොදැනුවත්කම නිසා එහි සිරකරුවන්ව සිටියි.
නිවන් මඟ වඩන භික්‍ෂුව අවසන් නිවීමේ මෙහෙයුමේදී සඳ, අඟහරු හෝ වෙනත් ග්‍රහලෝක නොව, දිව්‍යලෝකයද, බ්‍රහ්ම ලෝකයද ඇතුළුව මුළු තුන් ලෝකයම දකිමින් අවබෝධය ලබයි. මේවාට බලශක්‌තිය අවශ්‍ය නොවේ. නිවන් මඟ වඩනා භික්‍ෂුවට තම සමාධිය උපරිම මට්‌ටමකදී කිසිදු බලශක්‌තියකින් තොරව මහා ඝණ අන්ධකාර රාත්‍රියකදී තම කුටිය ආලෝකමත්කර දැකිය හැකිය. නිවන් මඟ අවසාන මෙහෙයුමේදී ඔබට ඔබගේම ප්‍රඥාව විසින්, ඔබ පැමිණි සංසාර ගමනේ ඈත දුරක්‌ දක්‌වා පෙන්වනු ඇත. මෙය හරියටම රූපවාහිනිය ඉදිරිපිට රූප දකිනවා සේය. එකක්‌ පසුපස එකක්‌ පැමිණේ. ඔබට ඇත්තේ දකින රූප ඔස්‌සේ සංසාරයේ භය දැකීම පමණකි. සංසාරයේ ස්‌වභාවය දැකීම පමණකි. එතැනදී දිව්‍ය ලෝකවල ඉපිද ඔබ විඳින ලද සැප සම්පත් ඔබ දකිනු ඇත. ප්‍රේත ලෝකවල ඉපිද සෙම් සොටු රස කර කර කමින් ගතකළ ස්‌වභාවයන් ඔබ දකිනු ඇත. මනුෂ්‍ය ලෝකයේ ඉපිද ඔබ විඳි කාම සම්පත්ද, දුක්‌ වේදනාවන්ද ඔබ දකිනු ඇත. ඔබ යුද්ධයෙන්, සතුරන්ගෙන් මැරුම්කනවා, වේදනා විඳිනවා, අබ්බගාතයන් වනවා, අන්ධයෙක්‌ බිහිරි පුද්ගලයෙක්‌ මෙන්ම අංගවිකලව ගතකළ ජීවිත පෙනෙනු ඇත. තිරිසන් ලෝකවල ඉපිද හරකුන්, ඌරන්, කු=කුළන්, එළුවන්, මත්‍යසයින් ලෙස අනුන්ගේ අහරකට ඔබව මරාගෙන කනවා ඔබ දකිනු ඇත. මරණ වේදනාවෙන් ඔබ ළතෝනි දෙනවා ඔබට පෙනෙනු ඇත. මෙලෙස සංසාරයේ භය, සංසාරයේ දුර, සංසාරයේ ගැඹුර සිනමාපටයක්‌ ඔස්‌සේ මෙන් ඔබට දර්ශනය වනු ඇත.
මේවා ඔබට පහළවන ඥානයන්ය. ඔබට මේ ඥානයන් පහළවන්නේ, අවබෝධවන්නේ ජීවිතයේ එක්‌ අවස්‌ථාවක පමණකි. ඉන් පසුව ඔබට එම ඥානය ආවර්ජනය කළ හැක. එනම් නැවත නැවත මෙනෙහි කළ හැක. මන්ද ඔබ එම සසර ස්‌වභාවය අවබෝධකර ඇති නිසාය. බලන්න, ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ තාක්‍ෂණය. එකම එක බලශක්‌තියක්‌වත් නොමැතිව, එකම එක බොත්තමක්‌වත් තද නොකොට, කැමරාශිල්පීන් ශබ්දාගාර නොමැතිව, කල්ප ගණනක්‌ ඈත සසර ඔබට දකින්න පුළුවන්. ඒත් බලන්න අපි මොනතරම් දුර්වලද කියලා. මෙවැනි උතුම් ධර්මයක්‌ තියාගෙන අපි ධර්මය ඉගෙනගන්න වෙබ් අඩවියේ පිටු පෙරළනවා. ධර්මය සුරකින්න තාක්‍ෂණයේ පිහිට සොයනවා. ලොකුම අවාසනාව, ධර්මය පිළිගන්න තාක්‍ෂණය සමඟ ගලපා එමගින් ධර්මය සනාථ කිරීමට යැමයි. අවිද්‍යාවක මහත……
නවීන තාක්‍ෂණය මිනිසාගේ ආයුකාලය දීර්ඝකරගැනීමට, සෞඛ්‍ය තත්ත්වය නැංවීමට, අධ්‍යපනය ගුණාත්මකභාවයට පත්කිරීමට උපකාරවී ඇති බව ඔබට සිතෙන්න පුළුවන්. මෙම භික්‍ෂුවද එය අනුමත කරනවා. එහෙත් ඔබ තාක්‍ෂණික ලෝකයේ වැඩිපුර පැයක්‌ ජීවත්වෙනවා කියන්නේ, වැඩිපුර පැයක්‌ දුක්‌ විඳිනවා කියන එකයි. ඔබ වැඩිදුර යමක්‌ ඉගෙනගන්නවා කියන්නේ, වැඩිපුර අවිද්‍යාව ඉගෙනගන්නවා කියන එකයි. ඔබ මොන ආගමකට අයත්වුවද හිතට එකඟව දකින්න. ඔබව ලෙඩකරන රෝග කාරකයත්, ඔබේ ලෙඩේ සුවකරන ඖෂධයතA, ඔබව මරාදමන මරුවාත් යන තුන්දෙනාම නවීන තාක්‍ෂණයයි. ඔබ සැබෑ තාක්‍ෂණය හඳුනාගෙන රෝගයත්, රෝගකාරකයත්, මරුවාත් යන තිදෙනාම පරාජයකර ලොව්තුරා තාක්‍ෂණයේ සැබෑ හිමිකරුවෙක්‌ වන්න. බලශක්‌තියෙන් තොරව ලෝකය දිනන්න. දකින්න.
ලෝකය තාක්‍ෂණික අතින් දියුණුවෙන්න දියුණුවෙන්න ලෝකය ආධ්‍යාත්මික අතින් පිරිහෙනවා. ආධ්‍යාත්මික අතින් පිරිහෙන ලෝකය විසින් ලොව ස්‌වභාවය, ස්‌වභාවධර්මය තමන් යටතට, තමන්ගේ පාලනය යටතට ගන්න හදනවා. මේ තරගයෙන් කවදාහරි දවසක ලෝකයා අන්ත පරාජයකට පත්වෙනවා. එම පරාජය ලෝකයා ලබන්නේ මහා විනාශයකුත් සමඟමයි. එම මහා විනාශය වනතෙක්‌ නිරතුරුවම අතුරු විනාශයන් ලෝකයේ සිදුවනවා. ලෝකයේ ස්‌වභාවය වෙනස්‌ කළහැකි ජගතෙක්‌ මෙතෙක්‌ තුන්ලෝකයේම පහළවී නැහැ. අනාගතයේදීත් එය එසේමයි. අවිද්‍යාවෙන් පෙළෙන සත්වයා සිතනවා ලෝකයේ ස්‌වභාවය තමන්ට වෙනස්‌ කළ හැකිය, පාලනය කළ හැකිය කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටවත් බැහැ ලෝකයේ ස්‌වභාවය වෙනස්‌කරන්න. උන්වහන්සේලාට පුළුවන් ලෝකයේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් එතෙරවන්න, පාලනය නොකළහැකි ලෝකයේ ස්‌වභාවය පාලනය කළ හැකි තම සිතෙන් අවබෝධ කරගන්නයි. කුමක්‌ද උන්වහන්සේලා අවබෝධ කරගත්තේ ?
ආයාසයක්‌ ගෙන ලෝකයේ වෙනස්‌කළ යුතු කිසිම දෙයක්‌ නොමැති බවයි. මන්ද නිරන්තරයෙන්ම, ආයාසයකින් තොරවම ලෝකය වෙනස්‌වන හෙයිනි. මහපොළොවද, අවකාශයද, අභ්‍යාවකාශයද ඔබට ජයගතහැක්‌කේ ඒවා වෙනස්‌කිරීමෙන් නොව, නිරතුරුවම ඒවා වෙනස්‌වන බව අවබෝධ කරගැනීමෙන්ය. ලෝකයේ ස්‌වභාවය වෙනස්‌කිරීමට යන්නාට හමුවනුයේ අවිද්‍යාවය. ලෝකය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තබව අවබෝධයෙන් දකින්නාට හමුවනුයේ විද්‍යාවය.
ලෝකයේ සැබෑම විද්‍යාඥයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ සැබෑ ශ්‍රාවක පුතුනුවන්ය. උන්වහන්සේලා මොනතරම් තාක්‍ෂණයෙන් දියුණුද කියනවානම්, උන්වහන්සේලාට ඇස්‌ පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධකොට දැකිය හැකිය. විශ්වය යනු මහා වේගයකට හසුවුණ හිස්‌ අවකාශයක්‌ පමණක්‌ බව උන්වහන්සේලා දනියි. මෙම වේගය මොනතරම් ප්‍රවේගකාරීද කියනවානම්, එම වේගය තුළ දකින්නේ හිස්‌බව පමණක්‌මය. ඒ හිස්‌බව තුළ අයිතිකරගැනීමට, වෙනස්‌කිරීමට, දියුණුකිරීමට, සංවර්ධයන කිරීමට, අලුතින් සොයාගැනීමට කිසිවක්‌ම නැත. තාක්‍ෂණයෙන් ලෝකය ජයගන්නට වෙරදරන ලෝකයාද, එම වේගයේ රූකඩ පමණක්‌මය. ලොව ප්‍රවේගකාරීම වේගය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. එය අවිද්‍යාව සොයා යන විද්‍යාdඥයින්ට දැකිය නොහැක්‌කකි. එහි දැකිය හැක්‌කේ විද්‍යාව සොයාගිය බුදු පුතුන්ට පමණක්‌මය. විද්‍යාඥයන්ද බුදු පුතකු වීමට දක්‍ෂ වුවහොත් ඔහුටද මේ සැබෑ විද්‍යාවේ හිමිකරුවෙක්‌ විය හැකිය. මෙය කාගේවත් බූදලයක්‌ නොවේ. මේ ලෝකයේ ස්‌වභාවයයි. ඔබටද මටද එහි හිමිකරුවන් විය හැකිය. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මේ මඟ හෙළිකළ ශාස්‌තෲන් වහන්සේය. තුන් සිව්රත්, පාත්‍රයත් දරමින්, කැලයේ හුදෙකලා කුටියක, ආරණ්‍යයක වැඩසිටින බුදුපුතුන් ලෝකය විනිවිද දකින, ලෝකය කම්පාකරවන, ලෝකයට නොගැටෙන ලෝකය ඉක්‌මවාගිය සැබෑම විද්‍යාඥයන්ය. බලශක්‌තියෙන් තොරව ලෝකය දකින උතුමන්ය. උන්වහන්සේලා සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස ප්‍රඥාවේ ඇසින් බලමින් ධර්ම විනය දෙක ආරක්‍ෂා කරගනිමින් අවබෝධය ලබන උතුමන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. සතිය සිහිය හේතුවෙන් විනය නැමැති ඵලයද, ස්‌වභාවධර්මයේ යථාස්‌වභාවය මෙන්ම එහි අනිත්‍යබවද දැකීමෙන් ධර්මය නැමැතිs ඵලයද ඔබට අවබෝධවනු ඇත. සතිය සිහිය නැතිවීමෙන් අවිචාරයද, ස්‌වභාවධර්මය නිත්‍යභාවයෙන් ගතහොත් අධර්මයද යන ඵලයන් ඔබට ලැබෙනු ඇත. ඔබේ දක්‍ෂතාවයන් මත කැමති මාවතක්‌ තෝරාගැනීමට ඔබට නිදහස ඇත.
අවසාන මෙහෙයුම
නිවන් අවබෝධය ලබාගැනීම සඳහා සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින්, තුන් සිව්රත්- පාත්‍රයත් දරමින් හුදෙකලාව නිවන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව ලෝකයේ ස්‌වභාවය අවබෝධකර ගැනීම, එසේ නොමැතිනම් නිවීම, එක ක්‍ෂණයකින් ලබන අත්දැකීමක්‌ නොවේ.
එය මෙහෙයුමක අවසාන ප්‍රතිඵලයයි.
මෙම මෙහෙයුමට යන කාලය ඔබගේ දක්‍ෂතාව මත, ඔබගේ අතහැරීම මත තීරණය වන්නකි. ඔබ අවසාන නිවන් මෙහෙයුමට අවතීර්ණ වන්නේ අවසාන තීරණයක්‌ අරගෙනය. එම තීරණය “එක්‌කෝ නිවීම, නැතිනම් මරණය” යන්නයි. මෙම අධිෂ්ඨානය ඔබ ගතයුතු වන්නේ අවංකවමය. එම බලාපොරොත්තු දෙකෙන් තොර වෙන බලාපොරොත්තුවක්‌ භික්‍ෂුවට නොමැත. තම අරමුණ සහ සටන ලෝකයාට සඟවමින් ක්‍රියාත්මක විය යුතුය. තුන් සිව්රත්, පිණ්‌ඩපාතයෙන් ලබාගන්නා ආහාර වේලත් හැර, පැරසිටමෝල් පෙත්තක්‌වත් කුටිය සමීපයේ නොමැත. “එක්‌කෝ නිවීම, එක්‌කෝ මරණය” නැමැති අධිෂ්ඨානය පැහැදිලිය. අවසන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව යුද බිමේ සටන් කරන සෙන්පතියෙක්‌ වැනිය. ඔහු සෙන්පතියෙක්‌ වුවද පසුපස සැඟවී සටන මෙහෙයවන්නෙක්‌ නොව, මහා සංග්‍රාමයක, සටන් පෙරමුණේම සිටින්නෙකි.
ඔබ මෙසේ සිතන්න. උතුරු – නැගෙනහිර යුද මෙහෙයුම් ඔබට මතකයි නේද? විවිධ නම් වලින් මෙම මෙහෙයුම් පටන් ගැනීමට පෙර, සේනාවිධායකයා කරන්නේ අවශ්‍ය යුද ආම්පන්න සියල්ල රැස්‌කරගන්නා එකයි. ආයුධ, ගුවන් යානා, බෝම්බ, කාලතුවක්‌කු, පාබල හමුදා, මිසයිල, යුද නැව්….
මේ සියල්ල යුද්ධය පටන්ගත් සැනින්, සුදුසු තැන්වල සුදුසු ආකාරයෙන් යොදවලා සතුරු බලමුළු බිඳ දැමීමයි කළේ. යුද ගුවන්යානයෙන් ගහන්න අවශ්‍ය තැන්වලට, යුද ගුවන් යානයෙන් ගහනවා. මිසයිලයෙන් ගහන්න අවශ්‍ය තැනට මිසයිලයෙන් ගහනවා. බෝම්බ අවශ්‍ය තැනට බෝම්බ දමනවා….
මේ වගේම තමයි මෙහෙයුමත්. අවසන් නිවන් මෙහෙයුමට අවතීර්ණවූවාට පසු ඔබ හරියටම සෙන්පතියෙක්‌ වගෙයි. පරම සතුරා වන ඔබව සසරට බැඳ දමන සිත ගැන අවධානයෙන්මයි සිටින්නේ. සිතට එන සෑම සිතිවිල්ලක්‌ම ඔබ අනිත්‍ය වශයෙන් දකිනවා. ඇතිවන සෑම සිතකටම ඔබ පහරදෙනවා. මොන ආයුධයෙන් ද ඔබ පහරදෙන්නේ. “අනිත්‍යය” කියන ආයුධයෙන්. අනිත්‍යයෙන් පහරදෙන විට ඔබ තුළ වැඩෙන්නේ හා අවබෝධවන්නේ සතර සතිපට්‌ඨානයයි. පටිච්ජසමුප්පාදයයි. චතුරාර්ය සත්‍යයයි. පංච උපාදානස්‌කන්ධයමයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. මේ ආයුධ ඔබ අමුතුවෙන් රැස්‌කළ යුතු නැහැ. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ මෙම ආයුධ ඔබ තුළ රැස්‌වෙනවා. ඔබ සමාධියේ ඉහළම තලයකදී, ප්‍රඥාව විසින් ලබාදෙන ඥාන දර්ශනයන් නුවණින් යුතුව දකිමින් අවබෝධය ලබනවා. සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකිනවා. විවෘත කොට බලනවා. අවබෝධය ලබනවා. ප්‍රඥාවෙන් මුවහත් වෙමින් ඉදිරියට යනවා. මේ වන විට ආහාර, නින්ද, කයේ පහසුව ආදී මේ අවශ්‍යතා ඔබගෙන් ගිලිහිලා. ඔබ “එක්‌කෝ නිවීම. නැතිනම් මරණය” කියන අධිෂ්ඨානය කරාම යනවා. නිවන් මෙහෙයුම දැඩිව ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී, උදය කාලයට. නින්ද එන්නේ නැහැ. නින්දත්, නොනින්දත් අතර ස්‌වභාවයක්‌ තිබෙන්නේ. ඇවිදිමින්, හිඳගනිමින්, සැතපෙමින්… මේ ආදී සෑම ඉරියව්වකදීම සිත තම පාලනයෙන් ඉවතට යන්න දෙන්නේ නැහැ.
මේ වන විට මාරයා විවිධ උපක්‍රම යොදනවා. තමා ගිහි ජීවිතයේදී ආශා කළ රූප,රස,හැඩ රුව මවලා පෙන්නනවා. සුරුපී රූප කාය වල්, බ්‍රහ්ම සංඥා.. මහා රාත්‍රියේ සිතට ගේනවා. ඒත් දැන් ඔබ දක්‍ෂයි මාරයා හඳුනාගන්න. ඔබ මෙහිදී මාරයා රැගෙන එන රූප “අසුභය” නැමැති ආයුධයෙන් සුනුවිසුණු කර දමනවා.
අවසාන මෙහෙයුමේදී මාරයා ඔබට ඔබ ආසා කළ කාන්තා රුවක්‌ සිහිගන්වනවා යෑයි සිතන්න. සමහරවිට ඇය සුරූපී නිළියක්‌ විය හැකියි. එවිට ඔබ එම රූපයට මෙහෙම කරනවා. මනසින් ඇයව නිරුවත් කරනවා. ඇයගේ ශරීරය කපාගෙන, විනිවිදයමින් මනසින් එය විවෘත කරනවා. ඇගේ ශරීරය තුළ තිබෙන සම්, මස්‌, බොකු, බඩවැල්, අසුචි, මුත්‍ර, රුධිරය, සෙම්, සොටු, වමනය, මනසින් පොලිතින් උරයක දමා ඇගේ ඇටසැකිල්ල මත එල්ලනවා. මෙසේ එල්ලා ඇයව මනසින් ඇවිද්දවනවා. පෘථග්ජන සිත කාමයට ගාල්කරන සුරුපී රූපයක යථාර්ථය හොඳින් දකිමින් ඇටසැකිල්ල තව තවත් මනසින් ඇවිද්දවනවා. මාරයාව කම්පා කරවනවා. මේ වන විට ඔබට අට්‌ඨික සංඥාව හොඳින් අවබෝධයෙන් වැටහෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඕනෑම රූපයක්‌ අට්‌ඨික සංඥාවෙන් දකින්න. එනිසා ලෝකයේ සුරුපීම රූපය සිතට අවාද, එය අත හරින ස්‌වභාවයේ ඔබ සිටිනවා. මේ වන විට මාරයා දන්නවා ඔහුට ඔබව අතහැරෙන්නයි යන්නේ කියලා.
ඔබ ගිහි ජීවිතය තුළ සිටියදී ඔබ ප්‍රිය කළ මනුෂ්‍ය ලෝකයේ ස්‌වභාවයන් පිළිබඳ රූප දැන් ඔබේ සිතට එනවා. ඔබ මේ සිතිවිලි විවෘතකර අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට මෙහෙම සිතක්‌ ඇතිවන්න පුළුවන්. මේ රටේ පාලකයා වුණොත් මහා සැපයක්‌ බව. ඔබ එසේ නොවන බව අනිත්‍ය වශයෙන් දකිනවා. හිටපු පාලකයන් මියගිය අසරණ ස්‌වභාවය, අවසාන කාලයේදී ඔවුන් පත්වූ රෝගී ස්‌වභාවය, බලය පිරීහී ගිය පසු ඔවුන් අත්විඳි මානසික වේදනාවන්, බලය අහිමිවූ පසු ජනතාව ඔවුන්ගෙන් ඈත්වූ අයුරු. බෝම්බවලට අසුවී විනාශවී ගිය පාලකයන්….
අනාගතයේ පාලකයන්ටද ඉහත ස්‌වභාවයන් පොදුය යන්න ප්‍රඥාවෙන් දකිනවා. ලෝකයේ බලවත්ම පාලකයා දක්‌වාද, ලෝකයේ විශාලම ධනපතියා දක්‌වාද, ලොව සුරූපීම කාන්තාව, පිරිමියා දක්‌වාද, අතීත-අනාගත-වර්තමාන වශයෙන් දකිමින් අවබෝධය ලබනවා. ඔබට වැඩෙන ප්‍රඥාව විසින් ඔබට මේ අනිත්‍යාවබෝධය ලබාදෙමින් නිවන් මෙහෙයුමේ පෙරට යවනවා. මෙහෙම ඔබ අවබෝධය ලබනකොට මනුෂ්‍ය ලෝකයට ඇති කැමැත්ත පිළිබඳ සංඥා ඔබෙන් බැහැර වෙනවා. ඔබ තුළ මේ අවබෝධාත්මකව වැඩුණේ ධම්මානුපස්‌සනාවයි. සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් වැඩීමෙන් මුවහත්වන ඔබේ ප්‍රඥාව විසින් ඔබට පෙනෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක අනිත්‍ය වශයෙන් විනිවිද දකිනවා. මේ වන විට ඔහුට දෙවියෝද, බ්‍රහ්මයෝද වඳිනා බව ඔහු සමාධිය තුළින් දකිනවා. දෙවියන්ද, බ්‍රහ්මයන්ද ඔහුට වඳින්නේ ඔහු දෙවියන්ද බ්‍රහ්මයන්ද ඉක්‌මවා ගිය කෙනෙක්‌ නිසා බව ඔහු දැනගන්නවා. ඔහු එහිදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මනසින් පීරමින් එහි නිත්‍යවූ සැපයක්‌ ඇතැයිද යන්න සොයනවා. ඔහු පැහැදිළිවම දකිනවා දිව්‍ය, බ්‍රහ්ම සැපද අනිත්‍ය බව. ඔහු බොහොම සියුම්ව දිව්‍ය ලෝක නිරීක්‍ෂණය කරනවා. මනසින් ඔහු දකිනවා, කාම සම්පත් විඳින දෙවියන්, දිව්‍යාංගනාවන්. සැප පිරිහී, පිං පිරිහී අපාගාමී වන දෙවියන්, දිව්‍ය ලෝකයේ දිව්‍ය තලවල කළ පිං වල ස්‌වභාවය නිසා ඇති පංති පරතරය. දිව්‍ය සැපයට ගිජුවී, දිව්‍ය ලෝකවලින් චුතවීමට සිදුවූ විට දෙවියන් ශෝකවන, හඬා වැටෙන ස්‌වභාවය. සක්‌දෙව් රජුද පිරිහී නැවතත් සතර අපායට වැටෙන ස්‌වභාවය ප්‍රඥාව තුළින් ඔහු දකිනවා. එවිට දිව්‍ය ලෝකයට ඇති කැමැත්ත, ආශාව පිළිබඳ සංඥා ඔහුගෙන් බැහැරවෙනවා.
ඊළඟට ඔහු බ්‍රහ්ම ලෝකයට සිත මෙහෙයවමින් බලනවා. ඔහු දකිනවා ප්‍රභාශ්වර සුදු සිල් ඇඳුමෙන් සැරසුණ, උතුරු සළුවක්‌ පොරවාගත් බ්‍රහ්මයන් එකලාව සක්‌මනේ යෙදෙමින් එරමිනියා ගොතාගෙන සමාධිය වඩන ස්‌වභාවය. ඒ අයත් දුක තුළ සිටිමින් සැප සොයනවා. බ්‍රහ්මයින්ද සැපයි කියමින් විඳින්නේ අනිත්‍යභාවයට පත්වන සමාධි සැපය බව ඔහු ප්‍රඥාවෙන් දකිනවා. බ්‍රහ්ම ලෝකයේ ඉහළම තලයක්‌ තිබෙනවා, එහි බ්‍රහ්මයින් කල්ප ගණන් එකම ස්‌වභාවයෙන්, එකම ඉරියව්වෙන් එරමිණිය ගොතාගෙන සමාධිය වඩනවා. ගල් රූප වගෙයි. ඉඳිකටු තුඩක්‌වත් ගැසීමට තරම් ඉඩක්‌ නොතබා බ්‍රහ්ම ලෝකය පීරා බලනවා එහි නිත්‍ය වූ කිනම් හෝ සැපයක්‌ පවතිනවාද කියා. බ්‍රහ්ම ලෝකයේ අනිත්‍ය ස්‌වභාවයද දැකීම නිසා එයට ඇති කැමැත්ත සහ සංඥා ඔහුගෙන් ඉවත් වෙනවා.
මේ සියල්ලම රූපවාහිනී තිරයක රූප ඇතිවෙමින් දිවෙන ආකාරයට පෙනි පෙනී ඔහුට අවබෝධය ලබාදෙනවා. දැන් ඔබ ආයාසයක්‌, වෙහෙසක්‌ ගතයුතු නැහැ. ප්‍රඥාඟෙ ත්‍රීව්රභාවය නිසා මේ සියල්ල සිද්ධවෙනවා. මෙය අත්විඳීමෙන්ම ඔබ දැකීම ආශ්චර්යයක්‌.මේ සියල්ලම ඔබට පහලවෙන ඥානයන් විය යුතුය. මෙම ඥානයන් විසින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ස්‌වභාවය ඔබට අවබෝධකොට දෙනු ඇත. නිවන් මෙහෙයුමේ ඔබ දැන් සිටින්නේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ලෝකවලට ඇති කැමැත්ත. ඒවායේ බැසගැනීමට ඇති තෘෂ්ණාව සහමුලින්ම ඔබෙන් ඉවත්වෙලාය. රූපවාහිනී තිරයක රූප පහලවන්නා සේ ඔහුට ඔහුගේ අතීත ජීවිතවල ස්‌වභාවයන් සතර අපායට වැටී විඳි දුක්‌ පීඩාවන්, තිරිසන් සතුන් ලෙස ඉපිද විඳි අනන්ත අප්‍රමාන දුක්‌, අතීත ජීවිතවලදී ලැබූ රාජරාජ මහාමාත්‍ය අනුභව කළ සැප සම්පත්, දිව්‍ය සැප…. මේවා ඔහුට ද+ර්ශනය වනු ඇත. මේ ඔහු දකිමින් සිටින්නේ අවසාන දර්ශනපෙළයි. දැන් ඔබට මෙතෙක්‌ ජීවිතයේ නොලද දෙයක්‌ දැනෙනු ඇත. මහා වෙනසක ඉවක්‌ දැනෙනවාය. මේ හැම අදියරකදීම ඔබට සප්ත බොඡ්ජංග ධර්ම වැඩෙනවාය. ඉහත ධර්මයන් වැඩෙන්න වැඩෙන්න ඔබ තව තවත් ජව සම්පන්න වන්නේය. වීර්යයෙන් පෙරට යන්නේය. මෙලොව ජීවත්වන සතවයෙක්‌ ඉලක්‌කය කරා හඹා යැමේ වීර්යය, වේගය, උපරිමයෙන් ක්‍රියාත්මකවන අවස්‌ථාව තමයි නිවන් මෙහෙයුමේදී නිවීම උදෙසා හඹා යැමේ ස්‌වභාවය. මරණයටවත් ඔහුව නවත්වන්න බැහැ. මොකද ඔහු මේ වන විට දන්නවා තමන් මේ මෙහෙයුමේදී මැරුණහොත් තමා මැරෙන්නේ ධර්මය අවබෝධ කරගත් අරිහත් උත්තමයෙක්‌ වශයෙන් බව. ඔහුට මේ සංඥාව නිවනේ අවසාන මෙහෙයුමට අවතීර්ණවීමේදීම දැනෙනවා. ඒකයි ඔහු “එක්‌කෝ නිවීම, නැති නම් මරණය” කියන අධිෂ්ඨානයට දැඩිව එන්නේ. ඔහු දන්නවා මේ දෙකෙන් කොයික සිදු වුණත් ඔහු සසර දුක නිවාගන්නා බව. එය ඔහු දකින්නේ ප්‍රඥාඟෙ ත්‍රිවුරභාවය නිසාය. හැබැයි ඔහු දෙස බලා බාහිර කිසිවෙකුටවත් ඒ ගැන සිතාගන්න බැහැ. හොඳයි, එම භික්‍ෂුව නිවන් මෙහෙයුමේදී හුදෙකලා කුටිය තුළදීම අපවත්වුවහොත් මිනිසුන් කියාවී එම භික්‍ෂුව මානසික රෝගියෙක්‌, ගුරුවරයෙක්‌-පන්සලක්‌-ආරණ්‍යයක්‌ නොමැති අනාථයෙක්‌, අහිගුණ්‌ඨකයෙක්‌……. කියලා. ලෝකයේ ස්‌වභාවය මෙහෙමයි. ලෝකයා එහෙම කිව්වත් උන්වහන්සේ අපවත්වූයේ නැත. පිරිනිවන්පෑවාමය. පිරිනිවීගියාමය. එය දන්නේ පිරිනිවී ගිය උන්වහන්සේ පමණක්‌මය. ලෝකයා කුමන අදහසක්‌ දැරුවද උන්වහන්සේට ඉන් ඵලයක්‌ නොමැත. ලෝකයාගේ ස්‌වභාවය අදහස්‌ ප්‍රකාශ කිරීමයි. උන්වහන්සේ මරණය වන විට මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥා අනිත්‍ය වශයෙන් අවබෝධකර එම ලෝකවලට බැසීමට ඇති තෘෂ්ණාව නිරුද්ධ කරදමා තිබුණ නිසා නැවත උපාදානයක්‌ කරගැනීමට තෘෂ්ණාවක්‌ නොමැත. අවසාන සිතට අල්ලාගැනීමට, බැසගැනීමට තැනක්‌, කැමැත්තක්‌ නොමැති නම් එම සිත නිවී යැම ස්‌වභාවයයි. ආශ්චර්යමත් ධර්මයක අවසාන ඵලය ලෝකය අතහැරීමය. ලෝකයෙන් මිදීමය. ලෝකයෙන් එතෙරවීමය. ඔබට ලොව දරුණුතම යුධ බිමේ නිරායුධ සෙන්පතියෙක්‌ ලෙස ලෝකය ජයගන්න. ඔබ දිග්විජය කළ ලෝකය, ගෙල එතුන සර්පකුණක්‌ සේ විසිකර දමන්න. ලෝකය බදාගත් ලෝකයාට ඔබ පරමාදර්ශයක්‌ වන්න. බදාගත් තැන, රැස්‌ කළ තැන, ගොඩ ගසාගත් තැන ඇත්තේ සැපක්‌ නොව දුකක්‌ම බව දකින්න. එම දුකේ නිර්මාණකරු අනිකෙකු නොව, තමාගේ සිතම බව දකින්න. නිර්මාණකරු ඔබ නම් එහි ප්‍රදර්ශකයාද, ප්‍රතිචාර ලබන්නාද, ප්‍රතිලාභ ලබන්නාද ඔබම විය යුතුය. දුක නිර්වානය කරන සිත අවබෝධයෙන් හඳුනාගෙන තන්හාව නිරුද්ධකර දුකෙන් ඔබ අත්මිදෙන්න. නිවීමේ මෙහෙයුමේ යෙදෙන විට ඔබට දැනේවී මේ අතහැරීම නිසා ඔබව රෝගියෙක්‌ වන බව, ආහාර මද බව, ලේ අඩුවීම, ක්‌ලාන්තය, ඇස්‌ පෙනීම දුර්වල වීම, වළඳන කිවුල් ජලයේ හුණු මිශ්‍රවීම නිසා ඇති වන වකුගඩු මුත්‍රා රෝග, දත් මුල් දියවීම, සන්ධි වේදනා…… ඔබ මේ හැම සිතක්‌ම අතහරින්න. මේවායින් තොරව ඔබට කවදාකවත් නිවීම ලබන්න බැහැ. කුණුවෙන, මැරෙන, ගඳගහන කය මරාදමා ඔබ නිවීයන්න. මැරෙන කය අයිති සතරමහා ධාතුර්න්ට නිසා එය කුණුවෙමින්, ගඳගසමින්, සතුන්ට අහරක්‌ වෙමින් සතරමහා ධාතූන්ටම එකතුවේවි.