“අපිත් මිනිස්සු වගේ තමයි, අපටත් කෑම, බීම, ඉඳුම් හිටුම් ඕනෑ. මිනිස්සුන්ටත් මොන රාජකාරියේ යෙදුණත් කෑම බීම නැතුව බැහැනෙ, ඔය ගැන බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා” යි බලවත් ප්‍රේතයෙක් මිනිසෙකුට ආවිෂ්ටව කීවේය.

“මොනවා ප්‍රේතයෝ බුදු හාමුදුරුවෝ ගැනත් දන්නවා නේද? කොතැන ද උන් වහන්සේ එහෙම දේශනා කර තියෙන්නෙ? යි ආධ්‍යාත්මීය උපදේශකවරයා ප්‍රේතයාගෙන් ඇසීය.

“ඇයි මහත්තයා ඒක නාම කිං? සබ්බේ සත්තා අහාරට්ඨිතිකා කියලා දේශනා කර තියෙන්නේ. සියලු සත්ත්වයන්ට ම ආහාර අවශ්‍යයි. ඒකයි පළමුවැනි වුවමනාව කියලා.”

“බණ දහම් දැන ගෙනත් මොකද මේ දුගතියක ඉපැදුණේ?”

“බණ දහම් ඇහුවට, පාඩම් කළාට ඒ දැනුම විතරක් මදි මහත්තයා. පිළිපදින්නත් ඕනෑනෙ. මම ජීවත්වුණේ තරහෙන් වෛරයෙන්, කේන්තියෙන්, මරණාසන්නයේදීත් ඒ සිතුවිලිමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ වගේ දුගතිගාමී ආත්ම භාවයක ඉපදෙන්න සිද්ධ වුණා. කර්මයට අනුව විපාකය ලැබුණා. දැන් දුක් විඳිනවා” යි ප්‍රේතයා කීවේය.

“දැන් ඔබේ ආහාරය මොනව ද?”

“මිනිස් සිත තරහෙන්, වෛරයෙන්, නිතර කේන්ති ගිහින් ක්‍රියාත්මක වෙන කොට ඒක ලේ ධාතුවටත් බලපානවා. ලේ ධාතුව කළු වෙනවා. රත් වෙනවා. කේන්ති ගියහම ශරීරයේ ලේත් කෝප වෙනවා. ඒ ලේ ධාතුවෙන් ඉතා සියුම් රශ්මියක්, කිරණක් නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන රශ්මිය මම වගේ අයට ප්‍රියයි, සුවඳයි, රසයි, ඒ සුවඳ උරා ගන්නවා. ඒ ද්වේෂයේ සුවඳින්, රසයෙන්, අපේ සියුම් ශරීර පෝෂණය වෙනවා. මිනිස්සු රණ්ඩු වෙනවාට මම වගේ භූතාත්ම හරිම කැමතියි. අපිට රණ්ඩු කරවන්නත් පුළුවන්. ඇයි? අපට අවශ්‍ය ආහාර ලබා ගන්න ඕනෑනෙ. ඔය මිනිස්සු කතාවටත් කියන්නේ මට ඒ වේලාවෙ යකා වැහුණයි කියලා. ඔන්න ඕකට තමයි.”

කැලණියට නුදුරු ගමක පදිංචි සුමනදාස හැට දෙහැවිරිදි විශ්‍රාමික ගුරුවරයෙකි, ඔහුගේ බිරිය ද විශ්‍රාමික ගුරුවරියකි. මොවුන්ට දියණියන් තිදෙනෙකු හා පුතුන් දෙදෙනෙකු සිටිති.

මේ පවුලේ අය නිතර ම ගහබැණ ගනිති. රණ්ඩු කරති. ළමයි පස් දෙනා ද සම්මුඛ පරීක්ෂණයකට ගියත් එතැන අය සමඟ ගැටී අමනාප වීම නිසා රැකියාවක් පවා සොයා ගත නොහැකිව සිටිති. මවුපිය දෙදෙනා ද එසේ ම ය. බඩුවක් මිල දී ගන්නට කඩේකට ගියත් එතැන අය සමඟ ගැටෙති. බහින් බස් වෙති. අහල පහල අය සමඟ ද අමනාපය. මොවුන් ගේ හැටි දන්නා නිසා අසල්වාසීහු ද ඇයි හොඳයියක් නැත. ගෙදර අය එකෙකුට එකෙක් සමඟියක් නැති නිසා කතා බහක් නැති පාළු ගෙයක ස්වභාවයක් ගෙන ඇත. කතා කළොත් ඒ වචන දිග්ගැහී රණ්ඩුවකි.

කෙසේ නමුත් මොවුන් ගේ තත්ත්වය දන්නා බුද්ධිමත් සමීප නෑයෙකුගේ මෙහෙයවීමෙන් මේ පවුලේ හත් දෙනා ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවගෙන පැමිණියහ. ආධ්‍යාත්මික උපදේශකවරයා විස්තරය අසා ශක්ති කිරණ එල්ල කරන විට සුමනදාස ප්‍රලය වී “මම මුන්ව මරාගෙන මැරෙනවා” යි කෑගසාගෙන සිහිසුන්ව වැටුණේය.

ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඔවුන් බෝධි පූජාව සඳහා මල් තැබුවේ ද සූදානම් වුණේ ද බහින් බස් වෙමිනි. එහෙත් මේ පවුලේ අය නිතර අමනාපයෙන්, තරහෙන්, රණ්ඩු කරමින්, ජීවත්වීමේ අප්‍රසන්නතාව වටහා ගෙන සිටි නිසා බෝධි පූජාවලට ගියහ.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. ඒත් පවුලේ අය අතර අසමගිය ගහබැණ ගැනීම අඩුවක් නොවූ බව අනාවරණය වීය. එදින ද සුමනදාස ප්‍රලය වී අරූව මරණව, මූව මරණව, අරකිව මරණවා, මේකිව මරණවා යි දත් සපමින් තරහකින් ඔවුනොවුන්ට බැණ වදින්නට විය.

ඔවුන්ට තවත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙස ගවේෂකවරයා නියම කළේය. ඊට අමතරව පවුලේ අය ගෙදර දොරවල් වසා දමා වෙන වෙනම ඥාතීන්ගේ ගෙවල්වල නතර වී මේ බෝධි පූජා පවත්වන ලෙස ද උපදෙස් දුන්නේය.

ඒ උපදෙසට අනුව ඔවුන් ඥාතිවරුන්ගේ ගෙවල් කීපයක නතර වී ඒ ඒ ගම්වල පන්සල්වලට ගොස් එම සතියේ බෝධි පූජා පැවැත්වූහ. එසේම වෙන් වෙන්ව නේවාසිකව ඉඳිමින් වෙන් වෙන්ව බෝධි පූජා පවත්වා සතියකට පසු නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පිරිස පැමිණියහ. මේ කාලය තුළ එවැනි රණ්ඩු සරුවල් ගහබැණ ගැනීම් සිදු නොවූ බව ද සතුටින් ප්‍රකාශ කළහ.

එදින ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුමනදාස ප්‍රලය විය. වෙනදා මෙන් නපුරු ගති පෙනෙන්ට නොවීය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”

“මාව බන්ධනය කරලා තියෙන්නෙ”

“ඔය මම අහපු ප්‍රශ්නයට උත්තරය නෙමෙයිනේ. මම ඇහුවෙ ඔය කවුද කියලා.”

“කියන්නෙ නෑ. ඒක කියන්න තහනම් කරලයි එව්වේ.”

“කවුද එව්වෙ?”

“ඒකත් කියන්න බැහැ”

“මොකටද එව්වේ?”

“මේ පවුලෙ අයව මරන්න.”

“ඇයි ඉතින් මෙච්චර කල් එක් කෙනෙක්වත් මරාගන්න බැරි වුණේ?”

“මෙතැන මට හොඳට කෑම තියෙනවා. මැරුවොත් ඒ කෑම මට නැතිව යනවා. ඒ නිසා මැරුවෙ නෑ.”

“මොනවද ඔය තරම් කැමති ආහාරය”

“මුන් ළඟ පුදුම සුවඳක් තියෙනවා. මේ අයගෙ ශරීරවලින් වහනය වන සුවඳට මම හරිම කැමැතියි. මම ඒ සුවඳ ආහාරයට ගන්නවා.”

“මොකක්ද ඔය විශේෂ සුවඳ?”

“ද්වේෂයේ සුවඳ. ද්වේෂයේ සුවඳ. මේ අයට කේන්ති ගියාම මේ ශරීරවල ලේ රත්වෙලා නිකුත් වෙන සුවඳ මම උරා ගන්නවා. මාව එව්වේ මේ අයව මරන්න. කෝප කළාම බැණ ගන්නවා. ගහ ගන්නවා. මරා ගන්න තරමට ඒ රණ්ඩු දුරදිග යන්න මම ඉඩ තියන්නේ නෑ. මට ආහාර ඕනෑ වුණාම කේන්ති ගන්වා රණ්ඩු කරවනවා. ඉතින් දූලා දූලා රණ්ඩු ‍කරනවා. පුතාලා පුතාලා රණ්ඩු කරනවා. දූලා පුතාලා රණ්ඩු කරනවා. මහ ජෝඩුව රණ්ඩු කරනවා. දරුවොයි මහ දෙන්නයි රණ්ඩු කරනවා. ඒ වෙලාවට මේ ශරීරවල ලේ රත් වෙලා පිටවෙන සුවඳ මම ආහාරයට ගත්තා.”

“ඉතින් මේ පහුගිය සුමානෙ එහෙම වුණේ නෑ නේද?”

“ඔව් මහත්තයා. මහත්තයා කිරණ අල්ලන කොට මම දුර්වල වුණා. ඒ වගේ ම මේ අය බෝධි පූජාවලට ගියාම මමත් ගියා. ඒ වෙලාවට මගෙත් වෙනසක් ඇතිවුණා.”

“ඒ කොහොම ද?”

“බෝධි පූජා කරන කොට, ගාථා කියන කොට තුන් සූත්‍රය කියන කොට, මෛත්‍රී භාවනාවේ යෙදෙන කොට, අර ලේ සුවඳ දැනුණේ නෑ. ඒ වගේ ම පිට ගෙවල්වලට යන්න මට අවසර නැති නිසා ඒවාට ගිහින් මේ අය කේන්ති යවන්න බැරිවුණ නිසා මට ආහාර අඩුකමකුත් ඇතිවුණා. අනිත් කාරණාව මහත්තයා, අර බෝ මළුවෙ ඉඳගෙන මේ අය බුදුගුණ කියන කොට මම කරන්නෙ පව්කාර වැඩක් නේද කියලත් මට හිතුණා. ඕක තමයි මගේ ඇතිවුණ වෙනස.”

“ඔව්! ඔව්! ඔබ කරන්නේ මහා පව්කාර වැඩක්. පෙර අකුසල් නිසා දුගතියක ඉපදිලා, ඒ මදිවට දැනුත් පව් කරනවා. පවුලකට ම දුක් දෙනවා. කට්ටඩියකුට අහුවෙලා බන්ධනයකට බැඳිලා අනුන්ට දුක් දෙනවා. මොන තරම් හිරිහැරයක් ද බන්ධනයක අහුවෙලා ඉන්න එක. තමන්ගෙ නිදහසත් නැති කරගෙන. සුගතිගාමී වෙන්න හිතන්න, දුගතියෙන් මිදෙන්න හිතන්නැ” යි භූතාත්මයට උපදෙස් දුන්නේය.

සුමනදාසටත් පවුලේ අයටත් වෙනම උපදෙස් දුන්නේය. පාන්දර හතරට අවදි වී නිවසේ හත් දෙනාම බුද්ධ වන්දනාව කැර තුන් සූත්‍රය සජ්ඣායනා කරන ලෙසත් මෛත්‍රිය වඩන හැටිත් විස්තර කළේය. යළිත් රාත්‍රියට ද එසේම කරන ලෙසත් කීවේය.

මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, සුවපත් වෙම්වා යි තමන්ට මෛත්‍රී වඩා මා මෙන් ම සියලු සත්ත්වයෝ ද සැප කැමැත්තෝ බව සිතා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යි දිගින් දිගට අනන්තය දක්වා වෙසෙන සියලු සත්ත්වයනට මෛත්‍රිය පතුරුවා පවුලේ එක් එක් අය වෙන වෙන ම ගෙන ඔවුන් කෙරෙහි ද එසේ ම මෛත්‍රී කරන්නට උපදෙස් දුන්නේ ය.

මේ වන විට අමනුෂ්‍යයා ඉවත්ව යන්නට කැමැති වී සිටි බැවින් ආධ්‍යාත්ම ශක්තියෙන් බන්ධනය පුපුරුවා හැර භූතයා නිදහස් කැර දැම්මේය. පවුලේ සියලු දෙනාටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා දැම්මේ ය.

බුදුන් වහන්සේගේ සිරිපා සටහනක් යාපනයේ මුහුදේ සැඟවී ඇතැයි යන ඓතිහාසික පුවතේ සැබෑව සොයා “සිළුමිණ” ගවේෂණ කණ්ඩායමක් යාපනේ තිරුවඩිනිලෙයි මුහුදේ කිමිදී කරන අනාවරණයයි මේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද සටහනක් මෙරට පිහිටි ස්ථානය බවට පිළිගන්නේ සමනල කඳු මුදුන ය. මෙරට තිබෙන තවත් සිරිපා සටහනක් ගැන කියවුණ ද එය නිශ්චිත වශයෙන් තිබෙන ස්ථානයක් ගැන සඳහනක් නොමැත. මෙම ලිපියෙන් හෙළිදරව් කරන්නේ සිංහල වංශ කතා ආදියෙහි සඳහන් නොවන එහෙත් උතුරේ දෙමළ ඉතිහාස මූලාශ්‍රවල සඳහන් බුදුන් වහන්සේගේ සිරිපතුලක් පිළිබඳව ය.

එම දෙමළ මූලාශ්‍රවලට අනුව මෙම සිරිපතුල් සටහන තිබෙන්නේ උතුරු මුහුදේ පත්ලේ ය. මුලින් ම දෙමළ ඉතිහාස මූලාශ්‍රවලට අනුව සිරිපතුල ඇතැයි සැලකෙන ස්ථානය නිශ්චිතව හඳුනාගත් අපි සිරිපතුල් සටහන සොයා මහ සයුරේ කිමිදුනෙමු. මේ ‘තිරුවඩි නිලෙයි’ හෙවත් උත්තර සමුද්‍ර ශ්‍රී පාදස්ථානය සොයා කළ ගවේෂණය පිළිබඳ කතාවයි.

ඉකුත් දශකය තුළදී මම අවස්ථා ගණනාවකදී මිතුරන්, කාර්යාලයීය සගයන් හා විවිධ ක්ෂේත්‍රවල කිහිප දෙනකු සමඟ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රී පාද සටහනක් යාපනය මුහුදේ සැඟවී තිබෙන බව කියා ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම ඒ සියලු දෙනා එක්වරම විශ්මය පළ කළහ.

එය පිළිගන්නට මැලි වූහ. එහෙත් මට එය අසන්නට ලැබුණු ආකාරය පැහැදිලි කළ විට ඔවුහු සැක දුරු කරගත්හ. ඒ ගැන තවදුරටත් සොයා බලන්නැයි මා උනන්දු කළහ. එබැවින් යාපනය මුහුදේ ඇතැයි සඳහන් බුදුන්වහන්සේගේ සැබෑ සිරිපා සටහන පිළිබඳ මේ ලිපිය ද ඒ අයුරින් ම ඉදිරිපත් කිරීම වඩා සාර්ථක බව මම අපේක්ෂා කරමි. මේ ගැන මගේ අත්දැකීම් ආරම්භවන්නේ මීට දශකයකට පෙර සිට ය.

සමනල කන්ද

වර්ෂ 2004 දෙසැම්බර් මාසයේදී පැනෝස් සවුත් ඒෂියා (Panos South Asia) නම් ආයතනයේ මාධ්‍යවේදී හුවමාරු වැඩසටහනක් යටතේ මම යාපනයේ මාධ්‍ය කලාව පිළිබඳ හැදෑරීමට මාසයක කාලයක් යාපනයේ ගත කෙළෙමි. මෙම වැඩසටහනට මා සමඟ දකුණේ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු එක්ව සිටි අතර අපට දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් ව්‍යාපෘතිය තුළට අයත් විය.

අපට දෙමළ ඉගැන්වූයේ වයෝවෘද්ධ දෙමළ භාෂා පඬිවරයෙකි. ඔහුත් සමඟ කතා බහ කරන අතරතුරක මම සමනල කන්දේ ශ්‍රී පාදස්ථානය හින්දුන් සිවනොලි පාදම් නමින් විශ්වාස කරන්නේ කුමක් නිසා දැයි විමසුවෙමි.

ඊට හේතු පැහැදිලි කළ ඔහු අවසානයේ ප්‍රකාශ කළේ තමන් හින්දු භක්තිකයෙකු වුවද සමනල කන්දේ ඇත්තේ සිවගේ පාදය නොව බුදුන්වහන්සේගේ පා සටහන බව විශ්වාස කරන බව ය. අනතුරුව ඔහු මා ඊට පෙර අසා නොතිබූ දෙයක් ද කීවේ ය.

“බුදු හාමුදුරුවෝ පා සටහන තැබුවේ සමනල කන්දේ විතරක් නෙමෙයි. යාපනයේත් තැබුවා. දැන් ඒ පා සටහන තියෙන්නෙ මුහුදෙ. අවුරුදු හතළිහකට පනහකට කලින් මමත් දැකල තියෙනවා. ඒක තියෙන්නෙ සංඝමිත්තා ගොඩ බැහැපු තැනට කිට්ටුව.”

දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ ගවේශන කටයුතු නිරීක්ෂනය කරමින්

ඔහු කියූ දෙය මට අතිශය කුතුහලය දනවන්නක් විය. පසුව ඔහුගෙන් ඒ ගැන වැඩි තොරතුරු විමසීමට මා අදහස් කරගෙන සිටිය ද, දකුණෙන් ගිය මාධ්‍යවේදීන්ගේ උනන්දුව මදිකම නිසා. දින කිහිපයකින් දෙමළ පාඨමාලාව අතරමග නැවතුනි. එබැවින් එම දෙමළ ගුරුවරයා නැවත මුණ ගැසුණේ නැත.

එම කාලයේදීම (එවකට ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක වූ සමයයි) කොටි සංවිධානයේ ඉතිහාසඥයා ලෙස සැලකුණු හා එම සංවිධානයේ අධ්‍යාපන අංශ නායකයා වූ බේබි සුබ්‍රමනියම් හෙවත් ඉලංකුමරන් හමුවීමට අවස්ථාවක් ලැබ‍ුණේ ය.

මේ අවස්ථාවට වවුනියාවේ මාධ්‍යවේදී සනත් ප්‍රියන්ත ද එක්ව සිටියේ ය. මේ හමුවේදී අපි ඉලංකුමරන් හෙවත් බේබි සුබ්‍රමනියම්ගෙන් උතුරු නැ‍ෙඟනහිර දෙමළ ජනතාවට හිමි බවට තිබෙන ඓතිහාසික සාධක පිළිබඳව විමසුවෙමු. ඔහු එයට පිළිතුරු දුන්නේ ‘මණිමේකලෛ’ නම් පැරැණි දෙමළ කෘතියක් ඇසුරු කොටගෙන ය.‍

කෙසෙ‍් නමුත් මණිමේකලෛ කෘතියෙන් ඔහු උපුටා දැක්වූ කොටස්වලින් කියවුණේ යාපනයේ ඈත අතීතයේ සිටි බෞද්ධයන් ගැන ය. බේබි සුබ්‍රමනියම්ගෙන් ඒ ගැන විමසූවිට ඔහු කීවේ අතීතයේ යාපනයේ දෙමළ ජනයා බෞද්ධයන් වූ බව ය.

 

මේ සාකච්ඡාවෙන් පසු කොළඹට ආපසු පැමිණි විගස මම ‘මණිමේකලෛ’ කෘතිය පිළිබඳව සොයා බැලුවෙමි. එවිට දැනගන්නට ලැබුණේ ‍එම කෘතියේ සිංහල පරිවර්තන දෙකක් ඇති බව ය. ඒ හිස්සැල්ලේ ධම්මරතන හිමියන් ගේ හා ඇම්.එච්. පීටර් සිල්වා හෙවත් මුල්ලපිටිය රාලහාමිගෙන් ය.

මට සොයා ගත හැකි ව‍ූයේ ඇම්.එච්. පීටර් සිල්වා ‘මණිමේකලාව’ නමින් පරිවර්තනය කරන ලද මණිමේකලෛ කෘතියයි. මේ කෘතියේ කතා නායිකාව බුදු සමයෙහි පැහැදුණු දකුණු ඉන්දියානු කුමරියක වන මණිමේකලා ය. ඇය පත්තිනි දේවියගේ සැමියා වන කෝවිලන් ‘මාදවී’ නම් නලඟන සමඟ පැවැත්වූ අනියම් සබඳතාව නිසා ජනිත වූ දියණියයි.

සිය දෙමවුපියන්ගේ නොමනා දිවිය ගැන කලකිරෙන ඇය එකල දඹදිව පැවැති විවිධ ආගම් වාද ඉගෙන ඒවා නිසරු බැව් වටහාගෙන අවසානයේ කාවේරියෙහි විසූ දම්පල් නම්

මුහුදෙන් හමු වු බව කියන දේව ප්‍රතිමාව

හිමිනමකගෙන් බුදු දහම ඉගෙන ගෙන පැහැදී සසුන්ගතව පැවිද්ද ලබා තෙරණියක වන්නීය.

ඇය ලක්දිව නාගදීපයට වන්දනාවේ පැමිණෙන අයුරු මණිමේකලා කාව්‍යයේ සඳහන් ය. මෙම කෘතියේ යාපනයේ අතීතයේ විසූ බෞද්ධ ජනතාව පිළිබඳව බොහෝ තොරතුරු අඩංගු ය. එපමණක් නොවේ. එදා නාගදීප වැසියන් බුදුන්වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කළ බවට තොරතුරු ද කෘතියෙහි තැන් කිහිපයකම සඳහන්ව තිබුණි‍.

යාපනයට පැමිණෙන බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගත් මණිමේකලා තෙරණියට සිය ප‍ූර්ව ජන්මය සිහිපත් ව‍ූ බව ද කෘතියෙහි සඳහන්ව තිබේ. මේ ශ්‍රී පාද පද්ම වන්දනාව පිළිබඳව අවධානය යොමු කර ඇති පරිවර්තකයා පොතේ හැඳින්වීමෙහි ද මෙසේ සටහන් කර ඇත.

“බුදුන්වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිළිබඳ දෙමළ බෞද්ධයන් අතර පැවැති තොරතුරු රැසක් මෙහි (මණිමේකලෛ කෘතිය) සඳහන් වෙයි.‍ එම කරුණු පාලි, සිංහල පොත්පත්වල ද

ක්නට නොලැබේ.”

 

මණිමේකලාව කියවූ මට සිහි වූයේ යාපනයේ දී දෙමළ ඉගැන්වූ වයෝව‍ෘද්ධ ගුරුවරයා පැවසූ යාපනය මුහුදේ ඇති ශ්‍රී පාදස්ථානය පිළිබඳ පුවත ය. ඔහුගේ තොරතුරු මණිමේකලා ක‍ෘතියෙන්ද තහවුරුවීම මා මේ කෙරෙහි උනන්දු කිරීමට හේතු විය. එහි ප්‍රතිඵලය වූයේ මා යාපනය පිළිබඳ ලියවුණු විවිධ කෘති හා මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම ය.

අවසානයේ යාපන මුහුදේ සිරිපා සටහන පිළිබඳ නිශ්චිත ඔත්තුව හමුව‍ූයේය. ඒ දෙමළ ඉතිහාසඥ මුදලියාර් සී. රාසනායගම් වර්ෂ 1926 දී ප්‍රකාශයට පත් කළ Ancient Jaffna (පුරාණ යාපනය) කෘතියේ 190 වැනි පිටුවෙනි. රාසනායගම්, අතීතයේ ‍මෙරටට සංචාරය කළ චීන ජාතික ෆාහියන් හිමියන් (ක්‍රි.ව. 413) ලක්දිව බුදුන්වහන්සේගේ සිරිපතුල් සටහන් දෙකක් ඇති බවත්, ඉන් එකක් අනුරාධපුරයෙන් උතුරින් ද අනෙක කඳු මුදුනක ද ඇතැයි කර ඇති සඳහන උපුටා දක්වමින් මෙසේ පවසයි.

“මේ පා සටහන් දෙක අතරින් කඳු මුදුනේ පිහිටා ඇති එක ආදම්ගේ කඳු මුදුනේ (සමනල කන්දේ) බවට සැකයක් නොමැත. එහෙත් අනෙක පිහිටා ඇත්තේ යාපනයේ ය. මණිමේකලෛ ක‍ෘතියෙහි වන්දනා කරන ස්ථානයක් ලෙස සඳහන්ව ඇති) සුලිපුරම්වලට නුදුරු වෙරළේ පිහිටි මෙම ස්ථානය ‘තිරුවඩි නිලයි’ (ප‍ූජනීය පා සටහන තිබෙන ස්ථානය) යනුවෙන් තවමත් හඳුන්වනු ලැබේ. පා සටහන පිහිටි ස්ථානය දැන් මුහුදු ජලයෙන් යටවී තිබේ. නමුත් තවමත් වෙරලේ සිට සුළු දුරකින් බඹයක් පමණ මුහුදු පතුලේ ගලක දැකිය හැකි බවට ගම්වැසියෝ තහවුරු කරති.”

මෙසේ රාසනායගම්ගේ කෘතියෙන් බුදුන් වහන්සේගේ සිරිපතුල් සටහන යාපනයේ තිබෙන තැන නිශ්චිතව හදුනා ගැනීමෙන් පසුව එය යාපනය නාගදීප විහාරාධිපති පූජ්‍ය නවඳගල පදුමකිත්ති හිමියන්ට දැනුම් දුන්නෙමි. උන්වහන්සේ කියා සිටියේ ‍‍‍‍‍‍‍‍‍තම ගුරු හිමි වන හිටපු නාග විහාරාධිපති බ්‍රහ්මණවත්තේ ධම්ම කිත්ති හිමි සුලිපුරම්හි වික්ටෝරියා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව ය.

කෙසේ නමුත් ‘තිරුවඩි නිලෙයි’ නම් ස්ථානය ගැන ද පදුමකිත්ති හිමියන්ටද අවබෝධයක් නොතිබිණි. ඒ වනවිට ඊළාම් යුද්ධය අවසන්ව නොතිබූ බැවින් එම ස්ථානය සොයා යාම ද කළ නොහැකි විය. එහෙත් යුද්ධය අවසන් වීමෙන් පසුව ද විවිධ හේතුන් නිසා ‘තිරුවඩි නිලෙයි’ සොයා යාම අතපසු විය.

කෙසේ හෝ අවසානයේදී ඉකුත් මාර්තු මාසයේදී නාගදීප විහාරාධිපති නවඳගල පදුමකිත්ති හිමියන් ද සමඟ යාපනයේ සුලිපුරම් හි ‘තිරුවඩි නි‍ෙලයි’ නම් ස්ථානය සොයා ගියෙමු. සුලිපුරම් හමුවන්නේ කරෙයිනගර් දෙස සිට කන්කසන්තුරේ දෙසට යන අතරමඟදී ය.

ප්‍රදේශවාසීන්ගෙන් විමසා සුලිපුරම් හි වෙරළ ඔස්සේ මාදගල් හෙවත් දඹකොළ පටුනට කිලෝමීටරයක පමණ දුරකින් ‘තිරුවඩි නිලෙයි’ නම් ස්ථානය සොයා ගැනීමට අපට හැකි විය. සුන්දර මුහුදු වෙරළක් වූ එහි කුඩා කෝවිලක් ද පිහිටා තිබේ. එය වෛරවර් දෙවියන් වෙනුවෙන් කැප කරන ලද්දකි. යාපනයේ ප්‍රධානම කෝවිල ලෙස සැලකෙන නල්ලූර්කෝවිල ඇතුළු බොහෝ කෝවිල් අනාදිමත් කාලයක සිට වාර්ෂික දිය කැපීමේ මංගල්‍යය සිදු කරන්නේ ද තිරුවඩි නිලෙයි හිදී බව වෙරළේ සිටි සන්දනගම් හා අයියන් ජෙයකුමාර් නම් ධීවරයින් දෙදෙනාගෙන් දැනගත හැකි විය.

“ඇයි මෙතනට තිරුවඩි නිලෙයි කියන්නෙ? මො

තිරුවඩි නිලෙයිහි වෛරවර් කෝවිල

කක්ද මෙතන විශේෂත්වය” පදුමකිත්ති හිමි­‍ෙයා් දෙමළ බසින් ඔවුන් දෙදෙනාගෙන් විමසූහ.

“ශ්‍රී රාමගෙ පාදය තියල තියෙන්නෙ මෙතනනෙ ඒකයි. ඒ පා සටහන මුහුදෙ ගලක තියෙනවා. ඒක පේන්නෙ එක කාලෙකට විතරයි. අනිත් කාලෙට මුහුද පැහැදිලි නෑ.”

ඔවුන් දෙදෙනා පැවසූහ. අපි සොයා ගියේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනකි. නමුත් හින්දු ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය අනුව අපට හමු වූයේ රාම කුමාරයාගේ පා සටහනක් ගැන තොරතුරකි. කෙසේ නමුත් පා සටහන කාගේ වුව ද වර්ෂ 1926 දී Ancient Jaffna ප්‍රකාශයට පත් කළ මුදලියාර් රාසනායගම් ට එදා මේ ගම්මානයේ සිටි ගැමියන් ද පා සටහන ගැන දී තිබුණේ ද අපට ලැබුණු පිළිතුරට සමාන එකකි.

සන්දගම් හා ජෙයකුමාර් නම් ධීවරයින් දෙදෙනා වැඩිදුරටත් පැවසුවේ ඊළාම් යුද්ධය ආරම්භ වීමට පෙර යුගයේ සිටි මේ ප්‍රදේශයේ ගැමියන් පා සටහන පිහිටි ස්ථානය හොඳින් ම දැන සිටි බව ය. යුද්ධයේ ආරම්භයත් සමඟ ධීවර කර්මාන්තය නැවතී ප්‍රදේශවාසීන් අවතැන් වූ බව ද ඔවුහු පැවසූහ.

ඔවුන් නැවතත් ගමට පැමිණ මුහුදු රස්සාව ආරම්භ කර ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව ය. එහෙත් මේ වනවිට දශක තුනකට පෙර යුගයේ සිටි වැඩිහිටියන් බහුතරයක් ජීවතුන් අතර නොමැති බව ද ඔවුහු පැවසූහ.

“ඉතින් පා සටහන ගැන අලුත් පරම්පරාවල හුඟක් අය දන්නෙ නෑ. බෙල්ලො කඩන්න කිමිදුනු කීපදෙනෙක් අහම්බෙන් වගේ තමයි දැකල තියෙන්නෙ…” ඔවුහු පවසති.

තිරුවඩි නිලෙයි හි සිට මාදගල් (දඹකොළ පටුන) දෙසට කිලෝමීටර් භාගයක පමණ දුරක් යද්දී පිහිටා තිබෙන සම්බුනාද ඊශ්වර් සිවම් කෝවිලේ නරසිංහ සිත්ත ස්වාමි පූජක තුමා ප්‍රකාශ කර සිටියේ ද තිරුවඩි නිලෙයිහි පිහිටා ඇත්තේ ශ්‍රී රාමගේ පා සටහන බව ය.

“මමත් අවුරුදු හතළිහකට පනහකට කලින් දැකල තියෙනවා” ඔහු පවසයි.

පා සටහන ඇතැයි පැවසෙන තිරුවඩි නිලෙයි මුහුදු පත්ලේ තිබී මෑතකදී හමුව‍ූවා යැයි කියන ශෛලමය දේව ප්‍රතිමාවක් ද මෙම කෝවිලේ ප්‍රදර්ශනයට තබා ඇත. එය වෛරවර් දෙවියන්ගේ ශෛලමය ප්‍රතිමාවකි. කෙසේ නමුත් ප්‍රතිමාවේ ගෙවී ඇති රූප ලක්ෂණ නැවත මතුකර ගැනීමට ගෙන ඇති උත්සාහයක් නිසා එහි පෞරාණික බවට හානි පැමිණ තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් කියවුණු තවත් තොරතුරක් වූයේ මුහුදු පතුලේ තිබී තවත් පුරාවස්තු හමුවූ බවත් ඒවා යුද්ධයෙන් පසුව එම ප්‍රදේශවල සංචාරය කළ ඇන්ටික් (කෞතුක භාණ්ඩ) වෙළෙඳුන්ට විකිණී ඇති බවත් ය.

දැන් යාපනයේ දෙමළ භාෂා පඬිවරයා පැවසූ තොරතුර ඓතිහාසික මූලාශ්‍රවලින් සනාථ කරගෙන ස්ථානය ද තහවුරු කරගෙන හමාරය. දැන් ඉතිරිව ඇත්තේ එම පා සටහන සොයා ගෙන එහි ඡායාරූපයක් ලබා ගැනීම ය. එහෙත් එය ගොඩ සිට කළ නොහැකි ය.

වතුරට බැස මුහුදු පත්ලට කිමිදීම අත්‍යවශ්‍යය. මේ සඳහා සහායට පැමිණියේ සමුද්‍රජීව විද්‍යාඥ ප්‍රසන්න වීරක්කොඩි සජිත් සුභාෂණ හා කේ. ලක්මාල් ය. පළපුරුදු කිමිදුම්කරුවන් වන ඔවුහු ඉකුත් සතියේදී අප සමඟ යාපනය සුලිපුරම් බලා පිටත්වූහ. මේ ගමනේදී භාෂා පරිවර්තකයා ලෙස එක්වූයේ වවුනියාවේ මාධ්‍යවේදී සනත් ප්‍රියන්ත ය.

අප කණ්ඩායම ධෛර්යවත් කිරීම සඳහා නාගදීප විහාරවාසී දියමයිලගස්වැව අරියකිත්ති හිමියෝ ද වැඩම කළහ.

අප කණ්ඩායම තිරුවඩි නිලෙයි මුහුදට බැස පා සටහන සොයා කිමිදුණේ ප්‍රදේශයේ තරුණ ධීවරයකු වන අයියන් ජෙයකුමාර් ගේ මග පෙන්වීම යටතේ ය. බෙල්ලන් කැඩීම සඳහා මුහුදේ කිමිදුනු පෙර අවස්ථාවක ඔහු එම පා සටහන දැක ඇති අයෙකි. කෙසේ නමුත් වෙරළේ රැඳී සිටි සමහර ධීවරයන් පැවසුවේ ඉකුත් වර්ෂයේදී මුහුදු ඛාදනය නිසා එම මුහුදු කලාපයේ පත්ලට වැලි තට්ටුවක් පැමිණ ඇති බව ය. එබැවින් පා සටහන ද වැසී තිබෙන්නට ඉඩ ඇති බව ඔවුහු පැවසූහ.

ඉකුත් 16 හා 17 දෙදිනේදී අප කණ්ඩායම ජලය පැහැදිලිව තිබෙන අවස්ථාවලදී මුහුදු පතුලේ කිමිදුනෙමු. ජෙයකුමාර් පමණක් නොව තවත් ධීවරයන් දෙතුන් දෙනෙකු ද අදාළ ස්ථානය පෙන්වා දීමට ඉදිරිපත් විය. එහෙත් එම කලාපයේ මුහුදු පත්‍ල වැලි තට්ටුවකින් වැසී තිබූ හෙයින් එය ඉතා අපහසු කාර්යයක් විය.

මේ අතරේ අප පා සටහන සොයන බවට ආරංචියට තවත් ධීවරයන් කිහිප දෙනෙකු ද වෙරළට පැමිණියහ. ඔවුන්ගෙන් ද කියවුණේ මෙම ස්ථානයෙන් හමුවී ඇති යමක් ඇන්ටික් වෙළෙඳුන්ට විකිණී ඇති බව ය.

අවසානයේ අප ගවේෂණ කණ්ඩායම පා සටහන පිළිබඳව නිගමන දෙකකට එළඹුණි. ඒ ඇතැම් ධීවරයන් පවසන පරිදි අතීතයේදී දක්නට ලැබුණු සිරිපා සටහන වැල්ලට යටවී සැඟවී ඇති බව ය. එසේත් නැතහොත් ඇන්ටික් කඩයට විකිණී ඇති බව ය.

දින දෙකක් මුහුදු පත්ල නිරීක්ෂණය කළ අප කණ්ඩායම එය නවතා කොළඹ බලා පැමිණෙන්නට තීරණය කළේ තවදුරටත් මුහුදු පැහැදිලි හා යහපත් කාලයක නැවත ගවේෂණ කටයුතු කිරීමේ අපේක්ෂාව ද සමඟ ය. එම දින දෙක පුරා අපට සහාය දැක්වූ දෙමළ ධීවරයන් පා සටහන ගැන තොරතුරක් ලැබුණු වහා ම දැනුම් දීමට පොරොන්දු විය.

බුදුන්වහන්සේ සමනල කන්දට වැඩි අවස්ථාවේ විවේක සුවයෙන් ගත ක‍ළ දිවා ගුහාව සොයන පිරිස් ගැන තවමත් අසන්නට ලැබේ. ‘තිරුවඩි නිලෙයි’ හෙවත් බුදුන්වහන්සේගේ යාපනය මුහුදේ සිරිපා සටහන දැකගෙන එහි ඡායාරූපයක් ගැනීමට නොහැකි වුව ද අප ආපසු පැමිණියේ යාපනය මුහුදේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනක් සොයා ගවේෂණය කළ ප්‍රථම කණ්ඩායම ලෙස ය.

ගෙවල් දොරවල් දේපළ පිළිබඳ තණ්හාවෙන්, බැඳුණු, ඇළුණු සිතින් මිය යන්නෝ ඒ වස්තු සම්පත් කෙරෙහි ආසාවෙන් ඒ අතර ම දුගතිගාමීව ඉපිද දුක් විඳිති. ඒත් ඒ ආසාවන් අත්හරින්නට කැමැති නැත. එයින් ඔහු හෝ ඇය නමින් ජිවත්වන අඹු – සැමි දූ දරුවන්ට ද දුකක් කරදරයක් හිරිහැරයක් ම මිස සිදුවන යහපතක් නැත.

“තාත්තා ගණකාධිකාරී කෙනෙක්. සමාජයට පෙනෙන්න ඉහළින් ජීවත් වෙන්න ගියා, අවුරුද්දකට දෙවතාවක් මුළු පවුල ම එක්ක පිටරටවල ඇවිදින්න ගියා. ව්‍යාපාර කීපයක් ම කළා. ආදායමට වඩා වියදම වැඩි වුණා. තාත්තා ඔක්කොම කළේ රෝලෙන්, නංගියි මමයි ඉගෙන ගත්තේ අම්මගේ ෆැන්ෂන් එකෙන්, තාත්තා පපුවේ අමාරුවක් හැදිලා හදිසියේ මැරුණා. දැන් මැරිලත් අපට කරදර කරනවා” යි මියගිය පියා ප්‍රේතාත්මයක ඉපදීම නිසා එළඹ ඇති කරදර පිළිබඳව පුතෙක් විස්තර කළේය.

විරාජි අඟුලානේ පදිංචි හැට හැවිරිදි දෙදරු මවකි. විශ්‍රාමික ගුවන් සේවා නිලධාරිනියකි, ඇගේ නිවස පුරා රාත්‍රියට ඉසිලිය නොහැකි දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. කෙනෙක් අඳුරේ ඇවිදින ඡායාවක් පෙනෙන්නට විය. සද්ද බද්ද ඇහෙන්නට විය. විරාජිගේ යහනේ තවත් කෙනෙකු නිදියන බවත්, එහාට මෙහාට පෙරළෙන බවත් දැනෙන්නට විය. විසි හැවිරිදි පුතාත් විසි දෙහැවිරිදි දුවත් සමඟ විරාජි ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේ මේ අද්භූත කරදරවලින් මිදෙන්නට සහනයක් පතාය.

අධ්‍යාත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කරන විට විරාජිගේ ශරීරය ගැහෙන්නට වූ අතර ඇය අඬන්නට ද වූවාය. එදින ඉන් එහා දෙයක් මතු කරන්නට තරම් ඇයට හෝ භූතාත්මයට ශක්තියක් නොවූයෙන් දින විසි එකක් ග‍ෙම් පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ විරාජි ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ නෝනගෙ ඇඟට රිංගාගෙන ඉන්නෙ?”

“මම සුනන්ද” යැයි කියූ ප්‍රේතාත්මය අඬන්නට වූයේය.

“කවුද මේ සුනන්ද කියන්නෙ?”

“මේ විරාජිගෙ මහත්තයා. මේ මගේ දුවයි පුතයි” කියමින් අත දිගු කොට දරු දෙන්නා පෙන්වීය.

“ඇයි මේ අඬන්නෙ?”

“මට දුකයි, අපි කොහොම හිටපු අය ද? දැන් මගේ පවුල අසරණ වෙලා.”

“තමුන්ට මොනව ද වුවමනා?”

“මේ අයට මම උදව් කරන්න ඕනෑ.”

“තමුන්ට පුළුවන් ද එහෙම උදව් කරන්න. ඔය වගේ දුර්වල ප්‍රේතාත්මයක ඉඳගෙන.”

“අනේ මහත්තයා මට ප්‍රේතයෙක් කියන්න එපා. මම ජීවත් වෙච්ච වැදගත් විදිහට. මට ලැජ්ජයි. ඇත්තට ම මම ප්‍රේතයෙක් ද?”

“ප්‍රේතයෙක් නේන්නම්. ප්‍රේතයෙක් නිසා තමයි ගෙදර පුරා දුර්ගන්ධයක් පැතිරෙන්නේ. ඒ ප්‍රේතයන්ගේ ශරීරයෙන් පැතිරෙන දුර්ගන්ධය, අනිත් කාරණය දෙවිවරු මිනිස්සුන්ගෙ ශරීරවලට රිංගන්නේ නෑ. දෙවියන්ට මිනිස් ශරීරය ගඳයි, මිනිස්සුන්ට ප්‍රේතයන් ගඳයි.”

ප්‍රේතයා නැවතත් අඬන්නට විය. “අනේ මහත්තයා මම අසරණයි. මම ණය වෙලා මැරුණෙ. ඒ ණය ගෙවන්න ඕනෑ.”

“තමුන් මොනවා වෙලා ද මැරුණේ?”

“මේ ණය ගෙවා ගන්න බැරුව කල්පනා කරල ම පපුවෙ අමාරුවක් හැදිලා” යි නැවතත් අඬන්නට විය.

ප්‍රේතාත්මය ඉවත් කොට විරාජිට පියවි සිහිය ලබා දී මියගිය ස්වාමි පුරුෂයා සහ ඔහුගේ තොරතුරු විමසුවේය.

“මගේ මහත්තයා එකවුන්ටන් කෙනෙක්. ඒ රැකියාවට අමතරව වාහන කීපයක් තියාගෙන ස්කූල් සර්විස් එකක් කළා. ඒ වාහන ගත්තෙත් ලීසිං කරලා. තව ගෑස් ඒජන්සියකුත් කළා. මෙයා බොහෝම ඉහළින් ජීවත්වෙන බව සමාජයට පෙන්නුවා. නෑදෑයො යාළුවො ණය ඉල්ලගෙන ආවා. ඒත් අපේ බැංකු ණය ගෙවන්න නොවෙයි පොළිය ගෙවන්නත් ආදායම මදි වුණා. මේ අතරෙ මහත්තයාගෙ යාළුවෙකුට ලක්ෂ අසූවක් ණයට ඇපවෙලා අරන් දුන්නා. ඒ මිනිහා ණය ගෙවා ගන්න බැරුව රට ඇරලා යන්න ගියා” යි කීවාය.

අම්මා ගේ කතාවේ ඌණ පූරණයක් කළ පුතා ‘අපේ තාත්තා සෝබනයට ජීවත් වුණේ රෝලෙන්. අවුරුද්දකට සැරයක් දෙකක් අපිවත් අරගෙන රට රටවල ඇවිදින්න ගියා. අන්තිමට ණය ගෙවා ගන්නත් තවත් ණය ගන්න සිද්ධ වුණා. ණයෙන් ණය ඉහළ ගිහින් හිර වුණා. අපට ඉගෙන ගන්න වියදම් කළෙත් අම්මාගෙ පැන්ෂන් එකෙන්. තාත්තා මැරිලත් දැන් අපට ක‍රදරේ” යි කීවේය.

“හොඳයි මම ආයෙත් එයාව අම්මගෙ ශරීරයට ගෙන්නන්නම්. එයාට තත්ත්වය පැහැදිලි කරන්න. පුතා කිව්වම පිළිගනීවි” යි ගවේෂකවරයා නැවතත් විරාජිගේ ඇඟට ප්‍රේතාත්මය දිෂ්ටි ගැන්වීය.

“දැන් තමුන්ට මොනව ද වුවමනා?” ගවේෂකවරයා ඇසීය.

“ණය ගෙවලා නිදහස් වෙන්න තමයි වුවමනා”

“එහෙනම් බලන්නකො පුතා එක්ක කතා කරලා” යි පුතාට කතා කරන්න දුන්නේය.

“මොකක්ද තාත්තෙ මේ කරන වැඩේ. ජීවත්ව ඉන්දැද්දි රටට පෙනෙන්න ලොකු වැඩ කළා. ආදායමට වඩා වියදම් කළා. යාළුවන්ට ණය දීලා අමාරුවේ වැටුණා. එදා ජීවත්ව ඉන්දැද්දි ණය ගෙවාගන්න බැරි වුණා නම් දැන් පුළුවන් ද? තාත්තා ඉන්නකම් කළේ විකාර වැඩ. දැන් අම්මයි අපි දෙන්නයි දුක් විඳිනවා. අපට ගෙදර ඉන්නත් බෑ. ග‍ඳේ ඉන්න බෑ. තාත්තා කරුණාකරලා අපට කරදර නොකර යන්න.”

“අනේ! අනේ! පුතේ! මම හිතුවා උඹ මට ඔහොම කියයි කියලා” ප්‍රේතයා කීවේය.

“ඉතින් මම කිව්වෙ බොරු ද? තාත්තා බොරු සෝබන වැඩ කළා මිසක් පිනක් දහමක් කළෙත් නෑ. අපට දහම් පාසලේදී උගන්නලා තියෙන්නේ මේ පුද්ගලයා නාම රූප දෙකෙන් හැදිලා තියෙන්නේ. රූප කොටස් ක්ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වෙමින් යනවා. මැරුණම ඒ රූප කොටස් විනාශ වෙලා යනවා. තාම කොටසක් ඉපිද නිරුද්ධ වෙමින් යනවා. අපේ තාත්තා මැරුණා. දැන් ඔය ඉන්නේ දුගතියට ගිය වෙන කෙනෙක්, අපේ තාත්තගෙ නාමයෙන් අපි පින් දෙන්නම්. ඒ පින් අරගෙන හොඳ තැනකට යන්න. අපට කරදර නොකර යන්න. අපි තුන් දෙනාට ජීවත්වෙන්න ඉඩ දීලා යන්න.”

“එතකොට ණය ගෙවන්නෙ කවුද?”

“ඔව් අපි ණය ගෙවන්නම්. අපේ ගේ කෝටි එකහමාරකට විකුණලා ඔය ණයෙන් නිදහස් වෙලා අපිට ගම්බදට ගිහින් ගෙයක් අරගෙන ජීවත්වෙන්න පුළුවන්.”

“අපොයි, අපොයි, ඔය ගේ විකුණන්න දෙන්න බෑ. ඔය ගෙදරට මම ආදරෙයි. ගේ විකුණන්න දෙන්න බෑ. මම දන්නවා ගේ බලන්න මිනිස්සු ආවා. ගේ ඒ මුදලට අරගන්නත් කැමැති වුණා. ඒත් මම ඒ මිනිස්සුන්ට ගේ ගන්න එපා කළා” යි ප්‍රේතාත්මය කීවේය.

ගවේෂකවරයා නැවත කතා කළේය.

“බලන්න තමන් කරන විකාර වැඩ, ජීවත්ව ඉන්දැද්දිත් තමන්ට ඔරොත්තු නොදෙන ලොකු වැඩ කරන්න ගිහින් ණය වුණා. ණය ගෙවාගන්න බැරුව හිතේ අමාරුවෙන් මැරිලා ගියා. දැන් පුළුවන් ද? ප්‍රේතයන්ට ණය ගෙවන්න පුළුවන් ද? ඔය ගේ ගැන හිතේ තියෙන තණ්හාව අත අරින්න. තමුන් හිතුවක්කාර වුණෙත් අපි කියන සාධාරණය පිළිනොගත්තොත් මට පුළුවන් තමුන්ව අල්ලලා බැඳලා මූදෙ දාන්න. එතකොට ගෙයක් නෑ. ණය ගෙවන්නත් නෑ. අඹු දරුවොත් නෑ. තමුන් හදපු ගෙය වෙන්න පුළුවන්. ඒ ගෙය විකුණලා කරන්නෙත් තමුන්ගෙ ම ණය ගෙවලා නිදහස් වෙන එක. හොඳට කල්පනා කරන්න, ගෙය විකුණලා ණය ගෙවලා මේ අය දානයක් දීලා තමුන්ට පින් අනුමෝදන් කරාවි. ඒ පින් අරගෙන ඔය ප්‍රේත භවයෙන් ඉහළ භාවයකට ගිහින් සැප විඳින්න. නැත්නම් තමනුත් අමාරුවේ. තමන් නිසා මේ නෝනත් දරු දෙන්නත් අමාරුවේ. මට පුළුවන් තමුන්ව පුච්චලා දුර්වල කරලා පන්නා දමන්නත්” යැයි කී ගවේෂකවරයා ප්‍රේතාත්මයට කිරණ ශක්ති එල්ල කොට පුච්චන්නට සූදානම් විය.

“අනේ! එපා! එපා මට තේරුණා. මම ගේ විකුණලා ණය බේරනවාට කැමැතියි.”

“ඔව් ණය බේරලා දානයක් දීලා නෝනයි දරුවොයි පින් අනුමෝදන් කරාවි. මීට පස්සේ ගෙය මිලදී ගන්න එන අයට බලපෑම් කරන්න එපා. ඒ වන තුරු දැන් ඉන්න ගෙදරින් ඉවත් වෙන්න ඕනෑ.”

“අනේ මහත්තයා මට යන්න තැනක් නැහැනෙ.”

“තමුන් කැමැති සිද්ධස්ථානයක් තියෙනව ද?”

“ඔව් මහත්තයා මම කැලණියට කැමැතියි.”

නිවස විකිණු සැණින් හෝ නිවස විකුණන්නට පෙර දැනට සිටින නිවසේ හෝ ස්වාමීන් වහන්සේලා දස නමක් වඩමවා අටපිරිකර සහිත සාංඝික දානයක් පිරිනමන ලෙස විරාජිටත් දරු දෙදෙනාටත් උපදෙස් දී එතෙක් සුනන්දගේ ප්‍රාණකාරයා කැලණියට යවන්නට සුදු නෙළුම් වට්ටියක් ගෙන්වා ඊට සම්බන්ධ කොට ඔවුන් ලවා කැලණියට යැව්වේය.

ලද දෙයින් සෑහීමකට පත් නොවී ධන සම්පත් හඹා යන්නට පෙළඹෙන අයත්, ලෝකයට පෙනෙන්නට ආදායමට වඩා වියදම් යොදාගන්නා අයත් එලොවත් මෙලොවත් දුකට පත්වන හැටි!

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා 
සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේසික ධාතු ලෙස කොටස් තුනක ට බෙදිය හැක. ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය. සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ. උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. මෙහි විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි.

ශාරීරික ධාතූන් වහන්සේලා

ලලාට ධාතූන් වහන්සේ
අකු ධාතූන් වහන්සේලා දෙනම
ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)
ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කේශ ධාතූන් වහන්සේලා
නඛ (නිය) ධාතූන් වහන්සේලා
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
භින්න ධාතූන් වහන්සේලා

පාරිභෝගික ධාතූන් වහන්සේලා

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
සිරිපා සටහන්
පටී ධාතූන් වහන්සේ
ජලසාටිකා ධාතූන් වහන්සේ
පාත්‍රා ධාතූන් වහන්සේ
01 ලලාට ධාතූන් වහන්සේ

නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට ” උණ්හීස ” යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි.
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ ” උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය ” යනුවෙනි.

” මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න “

ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ” මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ ” යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ ” රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ ” යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ ” ස්වාමිනී, එසේනම් ගනු මැනවැ ” යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා ” නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ ” යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක.
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය.
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.

එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත.
බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.

02 අකු ධාතූන් වහන්සේලා

අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට “අක්ඛකට්ඨි” යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් “අක්ෂකාස්ථි” යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි.
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ.

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය “ථූපාරාම මහා සෑය” ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ.

( එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. )

දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත.
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි.
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය.
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී “සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු” යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය.
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද?
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.

03 දාඨා ධාතූන් වහන්සේලා

සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. “දළදා” යනුවෙන් හදුන් වන්නේ “රදනක” (Canine) නම් වූ දත් විශේෂයයි.

රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට “දාඨා” යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක “සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?” යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක “මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?” යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන “මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි” යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව “අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි” සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය “සෝමාවතී මහ සෑය” නම් වෙයි.

මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.

වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?

දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.

අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද?

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ.
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි.
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත.
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. “චීන දළදාවහන්සේ” යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.

04 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ

කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත ” ග්‍රෙවී කශේරුකා ” නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.

බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ ” සරභූ ” නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ.

වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ.
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය.

(මෙහි සියලු තොරතුරු උපුටා ගත්තේ ලද්දේ ගයාන් චානුක විදානපතිරන මහතා විසින් බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලා පිලිබද විස්තර කරමින් රචිත “ධාතු විස්තරය” නම් වූ ග්‍රන්තයෙනි.)

 

අපගේ ශාස්තෘන් වහන්සේ ඉසිගිලි පර්වතයේදී පසේබුදුවරුන් ගැන වදාළ ඉතා රමණීය දෙසුමක් ගැන ඔබ අසා ඇති. බාහිර උපදෙස් නොලබා තමා තුළ ක්ෂණිකව ඇතිවන අවබෝධයක් තුළින් නිවන් දැකීම පසේබුදුවරුන්ගේ ස්වභාවයයි. බොහෝ විට උන්වහන්සේලා පසේබුද්ධත්වයට පත්වන තුරු තමන්ගේ මේ ජීවිතය මේ සකස් වෙමින් යන්නේ පසේබුදුබවට බව දන්නා බවක් නොපෙනේ. එහෙත් ජීවිතාවබෝධය පිණිස උන්වහන්සේලා තුළ ඇති නොසන්සිඳෙන ආශාව විසිනුයි උන්වහන්සේලාව ඒ තත්වය කරා ගෙන යන්නේ. එමෙන්ම බොහෝ පසේබුදුවරුන් උපත ලබා තිබෙන්නේ රජ පවුල්වලයි. රජකම හැරදා අභිනික්මන් කොට විමුක්ති ගවේෂණයේ යෙදීම උන්වහන්සේලාගේ ස්වභාවයයි.
පසේබුදුවරුන්ගේ යුගයේදී බාහිරින් ශ්‍රවණය කළ යුතු චතුරාර්ය සත්‍යය ධර්මයක් අසන්නට නොලැබේ. නමුත් අභ්‍යන්තර කුසලතාව වන යෝනිසෝ මනසිකාරයෙහි තියුණු ලෙස යෙදීම ඒ උතුමන්ගේ ස්වභාවයයි. තම තමන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙනුයි ජීවිතාවබෝධය පිණිස සිත සකස් වෙන්නේ.
දැන් ඔබ ඉගෙන ගන්නේ ද එබඳු පසේබුදුවරයන් වහන්සේ නමක් පිළිබඳවයි. සසරෙහි පුරන ලද පින් ඇති දරුවෙක් බරණැස රජ පවුලෙහි ඉපදුණා. ඔහුට තරුණ වියෙහිදීම රජකම ලැබුණා. නමුත් රාජකීය ජීවිතයට මේ යොවුන් රජතුමාගේ සිත ඇලුණේ නැහැ. තම බිසව කෙරෙහි වත් සිත ඇලුණේ නැහැ. දිනක් ඔහු ඇමති මඬුල්ල රැස් කළා.
“ප්‍රිය ඇමතිවරුනි, මට ජීවිතාවබෝධය ලබන්න ආසයි. අපි වගේ රජකරපු අයගේ නොගිණිය හැකි ඉතිහාසයක් මේ අතීතයේ තියෙනවා. ඒ රජකළ හැමෝම තම තමන් කළ දේ රැගෙන ගියා. හැබැයි ජීවිතාවබෝධය පිණිස වෙහෙසුණු රජවරු නම් තම ජීවිතයට යම්කිසි වටිනාකමක් ලබාගන්න ඇති කියලයි මට හිතෙන්නේ. මේ දඹදිව ඉතිහාසය බලද්දී අභිනික්මන් කළ රජවරුන්ගෙනුත් අඩුවක් නැහැ. ඇත්තෙන්ම මට මේ කිසි දෙයක් ගැන දැන් ආශාවක් නැහැ. මං කැමැතියි විමුක්තිය සොයාගෙන යන්න.”
ඇමතිවරු කලබල වුණා. “අහෝ! මහරජතුමනි, අපේ රට විනාශ වේවි. ඔබතුමාගේ රාජකාලය තුළ රට සුඛිත මුදිත වුණා. ජනයා සැප සේ වාසය කරනවා. සැප සම්පතින් දැන් අපි ආඪ්‍යව ඉන්නවා. සාමන්ත රජවරුන් අපේ රාජ්‍යයට ඇස් හෙලාගෙනයි ඉන්නේ. ඔබතුමා වැනි උතුම් නායකයෙක් අපට නැතිවුණොත් මුළු රාජ්‍යයම අනතුරේ.”
රජතුමා කල්පනා කළා. බිසව රජතුමා අසළ සිටිමින් හඬ හඬා මෙහෙම කිව්වා.
“මා ප්‍රිය දේවයන් වහන්ස, ඔබවහන්සේ නැතුව මා ඉන්නේ කොහොමද? මේ රජපරපුර වඳ වෙන්නට නොදී ඉදිරියට ගෙන යාම අපගේ යුතුකමයි. ඉතින් ස්වාමීනී, අඩු ගණනේ රජ පරපුර පැවැත්වීම පිණිස අපි දරු සම්පතක්වත් ලබාගත යුතුයි.”
රජතුමා අනුකම්පාවෙන් එයට එකඟ වුණා. “ඒකත් ඇත්ත. පුත් කුමරෙක් සිටියොත් මගේ බන්ධන වලින් මට නිදහසක් ලැබේවි. එතකොට මට පෙර සෘෂිවරු විමුක්තිය සොයා ගිය පරිද්දෙන් අභිනික්මන් කරන්නට පුළුවන්” කියා කල්පනා කොට නිශ්ශබ්ද වුණා.
ටික දවසකින් දේවියට දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ වුණා. ඇමැතිවරු රැස්කළ රජතුමා මෙහෙම කිව්වා.
“ප්‍රිය ඇමැතිවරුනි, දැන් බිසවුන් වහන්සේට දරු ගැබක් පිහිටා තිබෙනවා. පුතෙකු උපන්නොත් ඔහුට ඔටුණු පළඳවා රාජ්‍ය විචාරන්න. මා පැවිදි වෙන්න යනවා.”
“අනේ මහරජතුමනි, එහෙම කරන්න එපා….! බිසවුන් වහන්සේට ලැබෙන්නේ දුවක් ද පුතෙක් ද කියා අපට තාමත් කියන්න අමාරුයි. දරුවා ලැබෙන කම් ඉවසන සේක්වා…!”
රජතුමා නිශ්ශබ්ද වුණා. බිසව පින්වත් පුත් රුවනක් බිහි කළා. ඇමතිවරු රැස් වී රජතුමාට බොහෝ කරුණු කිව්වා.
“භවත් මහරජාණෙනි, කුමරු තාම ළදරුයි. තාම දන්නේ සිනහසීමත්, හැඬීමත් පමණයි. එනිසා කුමරුට සුදුසුකල් එළැඹෙන තෙක් ඔබවහන්සේගේ ජනයා රැකගන්නා සේක්වා!”
රජතුමා නිශ්ශබ්ද වුණා. කුමරුට සුදුසු කල් පැමිණුනා. ඇමතිවරුන් රැස් කළ රජතුමා මෙහෙම කිව්වා.
“ප්‍රිය ඇමතිවරුනි, දැන් මට නවතින්න කලක් නැහැ. ජනතාවට ඇති අනුකම්පාව නිසයි මං මෙතෙක් කල් ඉවසා සිටියේ. කුමාරයාට ඔටුණු පළඳවන්න. මා රාජ්‍ය කළ ආකාරයෙන්ම කරගෙන යන්න. මා තවදුරටත් රාජ්‍යකරණයෙහි යෙදෙන්නෙ නෑ. මට සත්‍යාවබෝධය අවශ්‍යයි.”
රජතුමා කරණවෑමියන් ලවා කෙස් රැවුල් බා ගත්තා. ශ්‍රමණ පරිෂ්කාර ගෙන්වා ගෙන ගිහි වස්ත්‍ර ඉවත් කොට හැඳපොරොවා ගත්තා. මහාජනක රජු අභිනික්මන් කළා සේ මේ යොවුන් රජතුමා ද මාළිගාවෙන් නික්ම මහමගට බැස්සා. සියලු පිරිවර ජනයා මහත් සේ කම්පා වුණා. මුළු රාජධානිය ම කැළඹුණා. විමුක්තිය සොයමින් හුදෙකලාවේ වනඅසපුවකට පියමං කරන රජතුමා දකින්නට ජනයා රැස් කකා පැමිණුනා. ඔවුන් හඬා වැළපුණා. ළයෙහි අත්පැහැර ඝෝෂා කළා. රජතුමා නිශ්ශබ්දව පිටත් වුණා. ඔවුන් පසුපස්සේ ඒමේ නිමාවක් නෑ. රජතුමා බැරිම තැන සැරයටියෙන් පාර හරහට ඉරක් ඇන්දා.
“ඔන්න මං රේඛාවක් ඇන්දා. මෙතනින් එයාට කවුරුවත් එන්න එපා!”
මහාජනයා එම රේඛාව මත හිස තබා සිඹිමින් බිම වැතිරී හඬන්න ගත්තා. පුංචි කුමාරයාට හඬ නගා කිව්වා,
“අනේ රත්තරං කුමරුනේ… ඔබගේ පියාණන් වහන්සේගේ රජ අණ නිසා අපට මේ රේඛාවෙන් ඔබ්බට යන්න වරම් නැහැ. එහෙත් කුමාරයාණෙනි, ඔබට නම් තම පියාණන් ළඟට යා හැකියි නේද?”
එතකොට කුමාරයා ‘පියාණනේ…. පියාණනේ…. මාත් එනවා’යි කියමින් රේඛාව මැඬගෙන ගොස් රජතුමා වැළඳගත්තා. රජු මෙහෙම කල්පනා කළා.
‘මං මේ තාක්කල් මුළු මහා ජනකායම මගේ දරුවන් වගේ ආදරයෙන් රැකගත්තා. එහෙම එකේ මේ එක දරුවෙක් ආරක්ෂා කිරීම මට එච්චර ප්‍රශ්නයක් නැහැ.’
ඉතින් රාජඉර්ෂීන් වහන්සේ තම පුතාත් සමඟ කෙමෙන් කෙමෙන් ශ්‍රමණයන් වහන්සේලා වැඩසිටින වනයට පැමිණුනා. එහි හුදෙකලා කුටි තියෙනවා. මැටියෙන් තැනූ පිල් තියෙනවා. සක්මන් මළු තියෙනවා. හැබැයි රජමාළිගාවේ ඇති වටිනා සුඛෝපභෝගී ආසන කිසිවක් නැහැ. පුත් කුමරා මහත් අසීරුවකට පත්වුණා. සීතල හමන විට ‘පියාණෙනි, සීතලයි’ කියා හඬනවා. අව් රස්නය වැඩි විට ‘පියාණෙනි, අව්ව සැරයි’ කියා හඬනවා. මදුරුවන් කන විට ‘පියාණෙනි, මාව මදුරුවන් කනවා’ කියා හඬනවා. බඩගිනි, පිපාස දැනුන විට ‘පියාණෙනි, මට බඩගිනියි. පියාණෙනි, මට පිපාසයි’ කියා හඬනවා.
රාජඉර්ෂීන් වහන්සේට අභිනික්මන් කළ අරුත සපයාගන්න නොහැකි වුණා. මහත් කරුණාවෙන් යුතුව දරුවාට ඇප උපස්ථාන කළා. ඒ වෙනුවෙන් මුළු රැයත්, දවාලත් ගත වුණා. දරුවාව සනසා ගමට පිඬු සිඟා වඩිනවා. ගමෙන් ලැබෙන්නේ රජ බොජුන් නොවෙයි. තණ හාල්, කඩල, මුල් ඇට ආදිය මිශ්‍ර කළ ආහාරයයි. කුමාරයා ‘පියාණෙනි, මේවා මට වළඳන්න අමාරුයි’ කිය කියා ස්වල්පය බැගින් අනුභව කරද්දී කෙමෙන් කෙමෙන් සිරුර මැළැවී ගියා. අව්වෙහි කපා දැමූ නෙළුමක් මෙන් මැලවුණා. රාජඉර්ෂීන් වහන්සේට මේ දරුවා ගැන මහත් අනුකම්පාවක් ඇතිවුණා.
“පුතේ… එහෙනම් අපි ටික දවසකට නගරයට යමුද? එතකොට ඔයාට රසවත් ආහාර ටිකක් ලැබේවි.”
“අනේ පියාණෙනි, එහෙනම් අපි යමු.”
රාජ ඉර්ෂීන් වහන්සේ මේ දරුවාත් සමඟ පැමිණ සැරයටියෙන් රේඛාව ඇන්ද තැන නැවතුණා. ඒ වන විට බිසවුන් වහන්සේ ඇමතියන්ට මෙහෙම කියා තිබුණා.
“කුමාරයාට වනාන්තරයේ ජීවත් වෙන්න අමාරුයි. කීප දිනකින්ම ආපහු හැරී එන්න පුළුවන්. එහෙම ආවොත් නැවත මාළිගාවට කැඳවාගෙන එන්න ඕන” කියලා සේනාව රඳවලා තිබුණා.
රාජඉර්ෂීන් වහන්සේ එතැනට වැඩි වග බිසවට සැළවුණා. පුරාංගනාවන් පිරිවැරූ බිසව එතැනට පැමිණෙද්දී රාජඉර්ෂීන් වහන්සේ කුමරාට මෙහෙම කිව්වා.
“පුතේ, අන්න ඔබ මෑණියන් ඉන්නවා. පුතා එතනට යන්න. පුතාට කිසි හිරිහැරයක් නොවේවා!”
කුමරා දුවගොස් මෑණියන් වැළඳගත්තා. රාජඉර්ෂීන් වහන්සේ ආපසු හැරී පසේබුදුවරුන් වසන වනයට පැමිණියා. උන්වහන්සේට අමුතු නිදහසක් දැණුනා. සීතලයි, රස්නෙයි, බඩගිනියි කියා හඬන්නට දැන් කවුරුත් නැහැ. එකල තම දරුවා නිසා සිතෙහි හටගත් බැඳීමෙන් සිරවී සිටි අයුරු උන්වහන්සේට වැටහුණා. දැන් ඒ සියල්ලෙන් නිදහස්ව හුදෙකලාවේ සිටීමෙන් ලැබෙන සැපය ටිකෙන් ටික තේරුම් ගනිද්දී සිත සමාධිමත් වුණා. ජීවිතාවබෝධය පිණිස සකස් වුණා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේබුදුවරයෙක් බවට පත්වුණා.
හිමාලයේ ගන්ධමාන පර්වතයෙහි මංජූසක රුක් සෙවණේ දී අනෙත් පසේබුදුවරයන් වහන්සේලා මෙතුමාගෙන් තම ජීවිතාවබෝධයට පාදක වූ කරුණු ඇසුවා. එවිට මේ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.
ඒවං දුතියේන සහා මමස්ස
වාචාභිලාපෝ අභිසජ්ජනා වා
ඒතං භයං ආයතිං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
“මට දෙවැන්නෙක් සමඟ මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදුවුණා. අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදුවුණා. ඇත්තෙන්ම මේ තුළින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට භයක් ඇතිවෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස් දහයක් ලැබුණු බව දක්වා ඇත.

▶ සුවඳවත් සිරුරක් ඇත්තෙකු වේ.
▶ කීර්තිමත් ජීවිතයක් ලැබේ.
▶ යසස් ඇත්තෙකු වේ.
▶ වහා වැටහෙන නුවණක් ලැබේ.
▶ තීක්‍ෂණ නුවණ ලැබේ.
▶ භූරි පඤ්ඤ යන නුවණ ලැබේ.
▶ හාසු පඤ්ඤ නුවණ ලැබේ.
▶ ගැඹුරු නුවණ ඇත්තෙකු වේ.
▶ විපුල වූ නුවණ ඇත්තෙකු වේ.
▶ ජවන ප‍්‍රඥාව ලැබේ.

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර ඉපිද රජතුමා ගේ මාළිගයේ දොරටු පාලකයෙකු ලෙස සේවය කරන කාලයේ එම බුදුරජුන් ගේ පියා වූ ආනන්ද මහ රජතුමා, තම නුවර දී වෙන කිසිවෙකුට අවස්ථාවක් නොදී බුදුන් ප‍්‍රමුඛ මහා සංඝ රත්නයට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. රජු හා කුඩා කල සිට මිතුරන්ව සිටි හෙයින් රජුගෙන් ලද වරයක් සඳහා බුදුන් ප‍්‍රමුඛ මහා සංඝයාට දන් දීම පිණිස අවස්ථාවක් ලබා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටින ලදි. මෙයට අකමැති වූ රජු පසුව අධිකරණ විනිශ්චයකින් ලබා දුන් තීන්දුව මත නො කඩවා මාස තුනක් බුදුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථානය සඳහා මොහුට ඉඩ සලසා දෙන ලදි. මේ ලද අවස්ථාවෙන් නො කඩවා තුන් මසක් මුළුල්ලේ බුදුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළ පිනින් මේ තරම් අනුහසක් ලැබ අවසානයේ ගෞතම බුදුසසුනේ දෙවියන්ට ප‍්‍රිය වූවන් අතර අග තනතුරද ලබන ලදි. එබැවින් සත් පුරුෂයෝ තැම්පත් සිතින් යුතුව ම කුසල කර්ම කරත්වා.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

(අපදාන පාලිය පිළින්‍දිවච්ජ අපදනය)

දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්‍ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සතු වස්ත්‍රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම වස්ත්‍ර දාන නම් වේ. මෙසේ සලකා සිදු කරන වස්ත්‍ර දානය සසර පුරා සැප විපාක උදාකරයි.

“වස්ත්‍ර” යනු මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන්ගෙන් ප්‍රධාන එකකි. දානය අතර කඨින වස්ත්‍ර පූජාව අටමහ පින්කම් අතර පළමුවැන්න වේ. එමෙන්ම චීවර දානය සිව්පසයෙහි පළමුවැන්න ද වේ. සීතෝෂ්ණ නැසීම පිණිස, මැසි,මදුරු අව්, සුළඟ සර්ප ආදීන්ගේ ස්පර්ශය නැසීම පිණිස විලිබිය රඳවා සංවරය පිණිස වස්ත්‍ර භාවිතය අවශ්‍ය කරන බව සියලු දෙනා දන්නා කරුණු අතර වේ. මෙම අවශ්‍යතා සපිරෙන පරිදි යමෙක් සිල්වත් කෙනෙකුට හෝ දුසිල්වත් කෙනෙකුට යම් වස්ත්‍ර පූජාවක් සිදු කරයි ද, එය ඔහුට සසර පුරා පින් වැඩෙන මහඟු පුණ්‍ය කර්මයකි.

වස්ත්‍ර පූජාවක් සිදු නොකර කෘතපුණ්‍යානුභාවයේ දේව භවයක ඉපිද දේව සම්පත් ලැබුවද වස්ත්‍ර අහිමිව යා හැකි බව බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් පිළිබඳ කතා පුවත් විමසීමෙන් පැහැදිලි වේ. අතීතයේ පටන් සැදැහැති බෞද්ධයෝ මිය ගිය ඤාතීන් උදෙසා සිදු කරන දානමය පින්කම් අවස්ථාවකදී එයටම වස්ත්‍ර පූජාවක් ද එකතු කරති. එලෙස සිදු කරනුයේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන බව පැහැදිලි වේ.

වස්ත්‍ර පිදීමේ ආනිසංස අපදාන පාලියේ ස්ථවිරස්ථවීරී අපදානයන්හි දැකිය හැකිය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයාට ද වස්ත්‍ර අටක් පුදා ඵලානිසංස අටක් ලැබූ බව අපදානපාලිය තුළ දක්වා ඇත.

තමන්ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාවූ උන්වහන්සේ වස්ත්‍ර දානයේ ඵලානිශංසයක් වෙන වෙනම ප්‍රකාශ කළහ. ඒ අනුව උන්වහන්සේට උපන් සෑම භවයකදීම රන්වන් සිරුරක් ද, රජස් රහිත සිරුරක් ද, රැස් විහිදෙන සිරුරක් ද, ප්‍රතාපවත් සිරුරක් ද, සිනිඳු සිරුරක් ද හිමි වූහ. තවද භවයෙහි සැරිසරන උන්වහන්සේගේ හිස මත සුදු පැහැය ඇත්තාවූද, කහ පැහැය ඇත්තාවූ ද, රතු පැහැය ඇත්තාවූ ද ලක්‍ෂ ගණන් වස්ත්‍ර දැරූහ. එසේම උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට පි‍්‍රයමනාප පුද්ගලයන් අතුරෙන් අගතනතුරට ද පත් වූහ.

එසේම උප්පලදායිකා මෙහෙණ තමන් පෙර භවයකදී කරන ලද වස්ත්‍ර දානය ආනිසංස පිළිබඳව මෙසේ අපදානපාලියේ දක්වා ඇත. ‘මම ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති මහණකුගේ පාත්‍රය’ ගෙන උතුම් අහරින් පුරවා දහසක් අගනා වස්ත්‍රයක් පූජා කළෙමි.

ඒ පින්කමෙන් මිනිස් කය හැරපියා තව්තිසා දෙව් ලොව ගියෙමි. දහසක් දෙව් රජුන්ට මෙහෙසි බව කළෙමි. දහසක් සක්විති රජවරුන්ට මෙහෙසි බව කළෙමි. මාගේ පැහැය උපුලකට බඳු වෙයි. අභිරූප වූ දැකුම්කලු වූ සර්වාංග සම්පන්න අභිජාත වූ සෝභාවන් ස්ත්‍රියක් වීමි.

ශාසනයේ පැවිදිව සත්වැනි රාත්‍රියට නොපැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි. යනුවෙන් දක්වා ඇත. එසේම මහාප්‍රජාපතී ගෝතමී පටාචාරා ආදී ස්ථවිරී අපදානයන්හි වස්ත්‍ර පූජාවක් හා ලැබූ ඵලානිසංසයන් ගැන විස්තර දක්වා ඇත.

එමෙන්ම ඒතදස්ස තෙරුන් වහන්සේ පෙර භවයක දී තමා සතු එකම වස්ත්‍රය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුදා ආනිසංස අටක් ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. උන්වහන්සේ සිදු කළ එකම වස්ත්‍ර දානයේ ආනිසංස බලයෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොගියහ. ශක්‍රදේවේන්ද්‍රව සතිස් වරක් ද, සක්විති රජව තෙතිස් වරක් ද, ප්‍රදේශ රාජ්‍යව මෙතෙකැයි ගිණිය නොහැකි වාර ගණනක් ද ඉපදුනහ. මිනිස් ලොවෙහි හා දෙව්ලොවෙහි පමණක් සැරි සැරූ උන්වහන්සේ රූප සම්පත්තිය ද මැඬලිය නොහැකි ප්‍රතාපවත් සිරුරු සම්පත්තිය ද ගිණිය නොහැකි අපමණ වූ වස්ත්‍ර සම්පත්තිය ද සිත් වූ පරිදි ලැබූහ.

සසර පුරාවට සැප විපාක උදාකරවන වස්ත්‍ර දානයට අතීතයේ මෙන්ම අදද සැදැහැති බොහෝ බෞද්ධයෝ මහත් අභිරුචියක් දක්වති. ජීවිතයේ කවරම හෝ අවස්ථාවකදී තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් පැවතුම් ඇති උතුමෙකුට වස්ත්‍රයක් පිදීමට ලැබීම පින් කැමති බෞද්ධයෝ මහත් භාග්‍යයක් කොට සලකති. ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා උදෙසා චීවර දානය ද, සිල්වත් උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදිද පූජා කරති.

දුගී මගී යාචක ආදීන් උදෙසා ද ඇඳුම් පැලඳුම් ලබාදෙති. වස්ත්‍ර දානයේ දී වඩාත් ආනිශංස දායක වන්නේ බොහෝ දෙනෙකුට සැදැහැ සිත් ඇති කරවන වස්ත්‍ර පිදීමෙන් ය. ඒ ආකාරයෙන් බැලූ විට මහත්ඵල මහානිසංස උදාකරවන චීවර දානය හැරුණු කොට වස්ත්‍ර පිදීම වඩාත් ආනිසංස දායක වන බව පැහැදිලි වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි.

දේවාලේගම ඤාණරතන හිමි

ඔබ රැස්කරන පිනත් එක්ක, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න නම් කරුණු දෙකක් ඕන. ඒ තමයි, ‘පින’ ඕන. ඒ වගේම ‘අවබෝධය’ ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ගිහි හෝ පැවිදි හෝ අය අතරින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙක විතරයි. අපට වැදගත් වෙන්නේ ඒ දෙක විතරයි. මොකද, අපි අරගෙන යන්නේ ඔය දෙක විතරයි. පිනයි, අවබෝධයයි. ඔබට අරගෙන යන්න තියෙන්නෙත් ඒ දෙක විතරයි.

නමුත් යුතුකම් හැටියට අපි අනිත් හැම දෙයක්ම කරන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ යුතුකම් හැටියටයි. හැබැයි බලාපොරොත්තු වෙන්න ඕන, මේ ජීවිතයේ හැකිතාක් පිනයි අවබෝධයයි රැස්කරගන්න.

තමන්ගේ පුරුද්ද පිනට බාධා කරනවා. පාප මිත‍්‍රයා අවබෝධයට බාධා කරනවා. එතකොට පුරුද්දත්, පාප මිත‍්‍රයෙකුත් එකතු වුණොත් ඉවරයි. මේ නිසා පින රැස් කරගන්න. මේ ජීවිතයේ හොඳට පින් රැස් කරන්න.

ඒ වගේම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්මය විවෘත කරලා ඉවරයි. ඒක කාටවත් හංගන්න බෑ. ඒකට අපහාස කරලා නැතිකරන්න බෑ. ඒකට ගරහලා නැති කරන්න බෑ. කැලෑ පත්තර ගහලා නැතිකරන්න බෑ. ඒකට නින්දා කරලා නැතිකරන්න බෑ. හේතුව, ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ මගේ දෙයක් නොවෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් පුරා සේනා සහිත මාරයා පරදවා දස දහසක් ලෝක ධාතුව කම්පිත කරවමින් චතුරාර්ය සත්‍යය දේශනා කළ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒක මතු කළාට පස්සේ කාටවත් විනාශ කරන්න බෑ. ඒක තමයි ලෝකයේ සත්‍යය.

සත්‍යය කියන එක පුදුම දෙයක්. සත්‍යය කියන එක හැමදාම ලෝකයේ තිබෙන දෙයක්. සත්‍යය කියන එක අනවබෝධයෙන් වැහිලා යනවා. නමුත් ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ සිත සහිත, විඤ්ඤාණය සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ මේ ශරීරයේ කියලා. ඒක පාප මිත‍්‍රයෝ නිසා වැහිලා යනවා. ඒ වගේම තමන්ගේ සසරේ තියෙන වැරදි පුරුදු නිසාත් වැහිලා යනවා. තමන්ගේ දුෂ්ටකම් නිසා, තමන්ගේ අවිද්‍යාව නිසා, තමන්ගේ මෝඩකම නිසා, තමන් නුවණින් කල්පනා නොකරන නිසා, තමන් තුළින්ම මතුකරගන්න තිබෙන දේ තමන්ට නොලැබී යනවා.

ඒ චතුරාර්ය සත්‍යය තුළ තමන් ගැන තමන්ට අවබෝධය ලබාදෙනවා. තමන්ගේ ජීවිත රටාව තමන්ට හඳුන්වලා දෙනවා. තමන්ගේ ජීවිත ගමනේ විමුක්තිය තමන්ට පෙන්වා දෙනවා. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් තුළ උපදවා ගන්න ඕන බව තමන්ට තේරුම් කරලා දෙනවා.

ඒක බාහිරින් ගන්න බෑ. ඇඳුමක් නම් බාහිරින් ඇඳගන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය ඇඳුමක් නෙවෙයි. පාරක් නම් බාහිරින් කපාගෙන යන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය බාහිරින් කපාගෙන යන පාරක් නොවෙයි. සැරසිල්ලක් නම් (ඒ කියන්නේ මාලයක්, කරාබුවක් නම්) බාහිරින් පළන්දගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම පළන්දවගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ අවබෝධය තමා විසින්ම හිතාමතා තමා තුළම දශමය දශමය හරි ඇති කරගන්න ඕන දෙයක්.

චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න අපට වුවමනා වන ප‍්‍රධාන දෙයක් තමයි පටිච්ච සමුප්පාදය ගැන තේරුම් ගැනීම. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අපි ඉපිද ඉපිද, මැරි මැරී ආපු ගමනේදී මේක සිදුවීම් මාලාවක් හැටියට ආවා කියලා ඇති කරගන්නා අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම පෙන්වා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. ඔබ ඒක ටික ටික අවබෝධ කරගන්න ඕන.

ඉපදුණා කියන්නේ මොකක්ද? භවය කියන්නේ මොකක්ද? උපාදාන තියෙනවා කියන්නේ මොකක්ද? ඔබ තුළ තණ්හාව ඇතිවෙන්නේ කොහොමද? ඔබ තුළ සැප, දුක්, උපේක්ෂා විඳීම් ඇතිවෙනවා නම්, ඒක කොහොමද ඇතිවෙන්නේ? ඔබ ලෝකය හඳුනාගන්නවා නම්, ඒ කොහොමද? ඔබ තුළ විඤ්ඤාණය තියෙනවා නම්, ඒ විඤ්ඤාණය කොයි විදිහටද වැඩ කරන්නේ? ඔබ තුළ අවිද්‍යාව තියෙනවා නම්, ඒ මොන වගේ එකක්ද? එතකොට මේ කවුරු තුළ තියෙන එකක්ද හොයන්න යන්නේ? තමන් තුළ තියෙන එකක්. තමන් ගැනයි මේ හොයන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ තුළින් තමන් ගැන හොයන්න යන කොට ඒක සදාකාලික සත්‍යයක් කියලා තමන්ටම තේරුම් යනවා. ඒ වගේම මේ ජීවන රටාව අපිට නවත්වන්න බැරි වේගයකින් දිගටම උපතක් කරා යනවා.

අපි හරක් පට්ටියක් ඉන්නවා කියලා ගනිමු. මේ හරක් පට්ටියේ වස්සෝ ඉන්නවා. වැස්සියෝ ඉන්නවා. ඔක්කෝම ඉන්නවා. මේකෙ ඉන්නවා හරක් පැටියෙක්. මේ හරක් පැටියා අර ඔක්කෝම වස්සො, වැස්සියෝ මැද්දෙන් මව් දෙන හොයාගෙන දුවන්නේ නැද්ද? මව් දෙන හොයාගෙන දුවගෙන ගිහිල්ලා තන බුරුල්ලේ එල්ලෙනවා.

හරක් පැටියා මව් වැස්සියගේ තන බුරුල්ලේ එල්ලෙනවා වගේ තමයි අපි මෙහෙන් මැරෙන කොට කර්මානුරූපව ආයෙ උපතක් කරා යන්නේ. ඒ නිසා මේ යන රටාව අපට තේරුම් ගන්න, අප බුද්ධිය මෙහෙයවන ආකාරය අතිශයින්ම වැදගත්. මේ බුද්ධිය මෙහෙයවීමට නම් මේ ජීවිතයේ බුදු කෙනෙකුගේ ධර්මයම ලැබෙන්න ඕන. වෙන කෙනෙකුගේ ධර්මයකට මේක කරන්න බෑ. වෙන කෙනෙකුගේ ධර්මයකට බුද්ධිය මෙහෙයවලා දෙන්න බෑ.

බුද්ධිය මෙහෙයවලා දෙන්න නම් ‘මේ විඤ්ඤාණය සම්බන්ධ වෙලා මෙහෙම ක‍්‍රියාත්මක වෙනවා. කර්මය වේගයෙන් උපතක් කරා යන්න ප‍්‍රධාන සාධකයක් වෙනවා. අභ්‍යන්තර වශයෙන් අපේ ජීවිතයේ වෙනම කෙලෙස් ගොඩක් තියෙනවා. මේවා එක එක ස්වරූපයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ ඔක්කොම ඇස, කණ, නාසය, දිව, කය, මනස ඔස්සේ සිද්ධවෙලා යනවා’ කියලා මේ රටාව ගැන අවබෝධයක් ඕන. සිහිය දියුණු කරන්න ඕන. වීරිය දියුණු කරන්න ඕන. ඉන්ද්‍රිය සංවර කරන්න ඕන.

මේ දර්ශනය ලෝකයේ අතිශයින්ම දුර්ලභ එකක්. ඉතාමත් කලාතුරකින් මනුෂ්‍යයෙකුට අහන්න ලැබෙන එකක්. ඒක එකපාරටම ඇසීමෙන් අවබෝධ වෙන්නේ නැති නිසා තමයි අපි පොත් හැටියට ඉදිරිපත් කරලා, කැසට් හැටියට ඉදිරිපත් කරලා, ත‍්‍රිපිටක පරිවර්තන හැටියට ඉදිරිපත් කරලා දෙන්න මහන්සි ගන්නේ.

මොකද හේතුව, යම්කිසි කෙනෙකුට ධර්මය පොඞ්ඩක් හරි තේරුණොත්, ශ‍්‍රද්ධාව ඇතිවුණොත්, (මම කිව්වා ඒ ශ‍්‍රද්ධාව ඇතිවුණාට පස්සේ එයා හිතන්නේ මොන වගේ පුද්ගලයෙක් හැටියටද? බරපතල විදිහට හිතන පුද්ගලයෙක් වෙනවා කිව්වා නේද?) බරපතල විදිහට මේක හිතන මනුස්සයෙක් වෙනවා. ඒ බරපතල විදිහට හිතීමත් එක්ක තමයි එයාට මේ මනුස්සයා කෙරෙහි අනුකම්පාවක් ඇතිවෙන්නේ. ශ‍්‍රද්ධාවට ආවේ නැත්නම් ඒ අනුකම්පාව ඇතිවෙන්නේ නෑ. ‘මම ප‍්‍රධාන වෙන්න ඕන. මම කණ්ඩායමක් හදාගන්න ඕන. මම අධිපති වෙන්න ඕන. මම මටම කියලා ලෝකයක් හදාගන්න ඕන’ කියලා හිතෙනවා නම් ඒ ඔක්කොම එයාට එපා වෙනවා.

එයාගේ ඔළුවට යන්නේ ඒක නෙවෙයි. ‘මම කොහොම හරි පින් රැස්කරගන්න ඕන. මම කොහොම හරි මේක අවබෝධ කරගන්න ඕන’ කියලා. ඔය දෙක ඔස්සේ විතරයි එයා යන්නේ. හොඳට ශ‍්‍රද්ධාව ඇතිවුණා නම්, මේ දෙක ඔස්සෙයි එයා යන්නේ. ඒ දෙක තමයි ‘මම කොහොම හරි පින් රැස් කරගන්න ඕන. මම කොහොම හරි මේක අවබෝධ කරගන්න ඕන’ කියලා. මෙන්න මේ දෙක ජීවිතයේ ඇති කරගෙන හැකිතාක් පින් රැස්කර ගැනීමත්, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්නටත් මේ ජීවිතයේදීම ඔබට වාසනාව උදාවේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

රට්ඨපාල මහරහතන් වහන්සේගේ කථාව

1507988_688264111240922_671362436900453734_nමීට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර ලෝකනායකයාණන් වහන්සේ ලෝ සතුන් සසර දුකින් එතෙර කිරීම සඳහා දම් දෙසන සමයෙහි රට්ඨපාල මහරහතන් වහන්සේ මහාසාර කුලයක ඉපිද, වැඩිවියට පත් වූ කල්හි දෙමාපියන්ගේ අභාවයෙන් පසුව මහත් ධනස්කන්දයකට හිමිකම් කියන්නට විය. දිනක් මේ කුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපරිමිත ධනය පිළිබඳ මෙසේ සිතීය. මාගේ දෙමාපියන් මෙතරම් වු ධනයක් රැස්කොට කිසිවක් නොගෙන පරලොව ගියහ. එබැවින් මා විසින් මේ සියලු ධනයන් පරලොව ගෙන යා යුතුයැ’යි කල්පනා කොට මේ ධනස්කන්ධය පරලොව ගෙන යා හැකි එකම මඟ දන්දීම යැයි නුවණින් දැන එතැන් සිට දුගී මගී යාචකාදීන්ට මහ දන් දෙන්නට වූයේය.

දිනක් තම යහළුවකු සමඟ දිය නෑම සඳහා යමින් සිටිය දී සෘද්ධිමත් තාපසයෙකු දැක උන්වහන්සේ කෙරෙහි පැහැදී, එම තාපසතුමා නිතිපතා තම නිවසට වැඩමවා දනින් පැනින් උපස්ථාන කරන්නට විය. එසේ නිතිපතා දනට වඩින තාපසතුමා දන් වළදා අවසානයේ පින් දෙමින් ‘ සක් දෙවි රජුට මෙන් ඔබට සම්පත් ලැබේවා’ යි ප්‍රාර්ථනා කරන්නේය. මෙයින් සක්දෙව් සම්පත්තිය පිළිබඳ සිත් අලවාගත් මෙතුමා දිවි අවසානයේ එයින් චුතව දෙව්ලොව සක්දෙවි රජව ඉපිද ඇත. මෙම සක්දෙවි රජු දිනක් තම මිතුරු වූ පඨවින්ධර නම් රජුගේ මඟ පෙන්වීම යටතේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ බණ අසමින් සිටි අවස්ථාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් තම සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අගතැන් තබන ලද භික්ෂුවක් දැක ‘ මම ද අනාගතයේ මෙබදුම භික්ෂුවක් වන්නෙමි’ යි අධිෂ්ඨාන කළේය. දින හතක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අතිශය ශ්‍රද්ධාවෙන් උපස්ථාන කොට අවසානයේ තමාගේ අභිප්‍රාය උන්වහන්සේට දැන්වීය. ඔහුගේ අනාගතය බැලූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනය එලෙසින්ම අනාගතයේ දී මුදුන්පත්වන බව දැන මෙසේ වදාළේ ය.

“දේවේන්ද්‍රය, ඔබ අනාගතයේ බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවන භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලබන්නේය” යනුවෙනි.

මෙසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලත් ඒ සක් දෙව්රජ බොහෝ කලක් දෙව්ලොව කැමැති පරිදි සැප සම්පත් අනුභවකොට අප ගෞතම බුදුරජාණන් වහ්නසේගේ කාලයේ කුරු රට චුල්ලකොට්ඨික ජනපදයේ, එහි ප්‍රධාන බමුණාට දාව රට්ඨපාල නමින් උපත ලද්දේය. වැඩිවියට පැමිණි රට්ඨපාල කුමරුට දෙමාපියන් විවාහයක් ද කරදෙන ලදී. එහෙත් ගිහි ජීවිතයට ඇලුම් නොකළ රට්ඨපාල කුමරු බුදුරදුන්ගෙන් බණ අසා පැවිදිවීමේ කැමැත්තෙන් සිටියේය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදුණු රට්ඨපාල කුමරු පැවිදි වීමට මහත් රුචියක් දැක්වීය. එහෙත් ඔහුට ඒ සඳහා තම දෙමාපියන්ගෙන් අවසරයක් නොලැබිණි. එයින් මහත් දුකට පත් රට්ඨපාල කුමරු දින දාහතරක් ආහාර නොගෙන සිටින්නට විය. දෙමාපියන් කෙතරම් ඇවිටිලි කරත් ඔහු පැවසුවේ පැවිදි වීමට අවසර නොදුනහොත් ආහාර නොගෙන මිය යෑම ඒකාන්ත බවයි. මෙයින් බියට පත් දෙමාපියන් පැවිදි වුවහොත් තම පුතුණුවන්ගේ දිවි රැකෙන බැවින් පසුව උපවැදි කිරීමේ අදහසින් පැවිදි වීමට අවසර ලබාදුණි.

මෙසේ තම දිවි පරදුවට තබා පැවිදි වීමට අතිශය ආශාවක් තිබූ රට්ඨපාල කුමරු, පැවිදි වූ නොබෝ දිනකින් රහත්වීමේ භාග්‍ය ලත් සේක. දිනක් රට්ඨපාල මහරහතන් වහන්සේ තම උපන් ගම්පියස වූ චුල්ලකොට්ඨික ජනපදයට පිඬු පිණිස වැඩියහ. තම එකම පුතා මහණ වීමෙන් අප්‍රසාදයට පත්ව සිටි චුල්ලකොට්ඨික බමුණා, මහණ බමුණන්ට දන් නොදෙන ලෙස සිය වැසියන්ට දන්වා තිබුණු නිසා රට්ඨපාල මහරහතන් වහන්සේට ගමින් පවා තම නිවසින් වත් ආහාර නොලැබිණි. තම නිවසින් ද පිඬු පිණිස යමක් නොලැබුණු රට්ඨපාල මහරහතන් වහන්සේ සිය නිවසෙහි වූ දාසිය විසින් ඉවත් කිරීමට ගෙන යන පිට්ටු ගෙඩියක් දැක එයට අයිතිකාරයෙක් නැතිනම් තමන් වහන්සේගේ පාත්‍රයට දමන ලෙස කීය. දාසිය ද එසේ කළේය. එය පාත්‍රයට දමන අතරතුර එම දාසිය භික්ෂූන් වහන්සේගේ මුහුණේ හා දේහ ලක්‍ෂණවලින් ඒ පෙර රට්ඨපාල කුමරු බව දැන වහා බමුණාට ඒ බව දැන්වීය. බමුණා පැමිණෙන විට රට්ඨපාල මහරහතන් වහන්සේ අර නරක් වූ පිට්ටු ආහාරය වළඳා අවසන් වෙමින් සිටියේය.

එය දුටු බමුණා රට්ඨපාල මහරහතන් වහන්සේට මෙසේ කීය.

“ඔබ මෙතරම් මාළිගාවක් තිබෙද්දී මහ මඟට වී අනුභව කරන්නේ ඇයි?” එවිට රට්ඨපාල මහරහතන් වහන්සේ,

“බමුණ, පැවිදි අපට මාළිගා කොහින් ද? මේ රුක්මුල් අපගේ වාසස්ථානය යි”

නැවතත් චුල්ලකොට්ඨික බමුණා

“ මෙතරම් මාළිගයේ ආහාර තිබිය දී මේ ඉවත් කිරීමට ගිය පිට්ටු වළඳන්නේ කුමට ද?” එවිට රට්ඨපාල මහරහතන් වහන්සේ,

“බමුණ, මෙම ආහාරය ශරීරයේ යැපීමට ප්‍රමාණවත් ය. අද නැවත ආහාර අවශ්‍ය නැත. ”

එසේ නම් හෙට අප මාළිගාවේ දානයට වඩිනු මැනවි යනුවෙන් බමුණා ආරාධනා කළේය. එය පිළිගත් රට්ඨපාල මහරහතන් වහන්සේ පසුදින තම නිවසෙහි දානයට වැඩියහ. එවිට උන්වහන්සේ දුටුවේ මනා ලෙස සැරැසී සිටින තම පෙර භාර්යාවන් රැස්කොට තබන ලද විශාල ධනයත් ය. කරුණු වටහාගත් රට්ඨපාල මහරහත් වහන්සේ තමන් වහන්සේ සියලු ආශාවන් ප්‍රහීණ කොට උතුම් අර්හත් තත්ත්වයට පත්ව සිටින බැවින් මේ සියල්ල අනර්ථ හා ඵලරහිත ක්‍රියා බව පෙන්වා දෙමින් ධර්මය දේශනා කළහ. එය චුල්ලකොට්ඨික සිටුවරයා ඇතුළු පිරිසට ධර්මාවබෝධය පිණිස හේතු විය.

තම ශ්‍රාවකයන් වහන්සේලාට අගතනතුරු පිරිනමන බුදුරජාණන් වහන්සේ විසින් “ ඒතද්ග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං සද්ධා පබ්බජිතානං යදිදං රට්ඨපාලෝ” යනුවෙන් දේශනා කරමින් රට්ඨපාල මහරහතන් වහන්සේ මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අගතනතුරෙහි තබන ලදී.

ඔබ සැමට තෙරුවන් සරණයි.

මහරැඹෑවැවේ පාලිත හිමි

(බුදුසරණ අන්තර්ජාල කලාපය-)

මක්කම ලෙස හුවා  දක්වන ස්ථානයේ දිය උල්පතක් පවතියි.. කාන්තාරයක දිය නොමැති බැවින් මෙම දිය උල්පත දෙවියන්ගේ මැවීමක් ලෙස පිළිගත්තද මෙම දිය උල්පත පිලිබඳ නිධාන කතාවක් පවතියි..එම කථාව මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

වන්නුපත ජාතකය..

යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝ සතානෝ සාන්තු නායක කුලයෙහි පිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. මෙසේ වෙළදාම් කොට ඇවිදිනාහු මහා බෝධි සත්වයෝ එක් කලක මරු කතරක පැමිණියාහුය. ඒ වාළුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත්වැලි මිට නොසිටින්නේය.

හිරු නැගි වේලෙහි පටන් කිහිරඟිරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යන්ට නොපිළිවන. එසේ හෙයින් ඒ වාළුකා කාන්තාරයෙහි යන්නා වූ සත්වයෝ දර පැන් තෙල් සහල් ආදිය ගැලින් අරගෙන රාත්‍රියෙහි ගොස් අරුණ නැගුණ වේලෙහි ගැල් මුදා ගැල් පට වලල්ලෙහි සිටුවා මුදුනෙහි කොළ මඩු ඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප ඡායාවෙහි ඉඳ දවස් යවා ඉර බැස ගිය කල්හි රාත්‍රි භෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හි ගැල් යොදා ගෙන යන්නාහුය.

සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමන් වන්නේය. ගැල් පදවා ගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ගොඩ නියමුවා යැයි නම් ලබන්නට සුදුසු වන්නේය. එසේ හෙයින් තරුසලකුණින් ගැල් සාත්තු පදවාගෙන යන්නේය. අප මහා බෝසතානෝද එකල්හි මේ ක්‍රමයෙන් ඒ මරු කතර යන්නාහු එකුන් සැට යොදුනක් ගොස් දැන් එක රාත්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයි කියහැකි. අවස්ථාවෙහි සවස බත් අනුභව කොට සියළු දර පැන් නිමවා ගැල් යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝ ඉදිරියේ යන ගැල දික් සඟලා පුටුවක් අතුරුවාගෙන ආකාශයෙහි තරු සලකුණු බලමින් ගැල් මෙසේ පදුව මෙසේ පදුවයි කිය කියා වැදහොත් තැනැත්තෝය.

බොහෝ කලක් නොනිදු බැවින් නින්දෙන් මිරිකී නිදන්නට පටන් ගත්තාහුය. එකල්හි ගොන් කරකැවි ආපස්සේ නික්මුනා බව නොදන්නාහු ගැල් අඳනාගොන් සකල රාත්‍රියෙහි අවුත් පළමු දවස් ලැගි තැනටම පැමිණියාහුය. සාත්තු නායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද නැකැත් තරු බලා ගැල් රඳව රඳවයි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණු නැංගේය.

මනුෂයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිමවා ගියේය. දැන් නටුවෝමෝදැයි කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට සෝක ගෙන උන්නාහුය. එවෙලෙහි අප මහ බෝසතානෝ මා විර්ය ඇරපුවොත් සියල්ලෝම නසිතියි සිතා උදෑසන සිසිල් වේලේම ඇවිදිනා තැනැත්තෝ එක් ඊ තන පඳුරක් දැක මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැයි සිතා උදැල්ලක් ගෙන්වා ගෙන ඒ ඊතන පඳුර තිබු තැන කණින්ට පටන් ගෙන සැට රියනක් පමණ කැණපූය.

මෙතෙක් තැන් කැණ නැවතත් පල්ලේ කන්හයි උදුලු එලන්නාවු මනුෂ්‍යන්ගේ උදුලයට ගල තල මත්තේ වැද ගන්නට පටන් ගත් කල්හි ඇම දෙන අවීරියව ගියහ.

බෝධි සත්වයෝ වනාහී වම් ගල තලින් යට පැන් විය යුතුයයි සිතා ලිඳට බැස ගල තල මත්තෙහි සිට නැමී තමා දියේ යන හඬ පරීක්ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ලිදෙන් ගොඩ නැගී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවුය.

දරුව තොප අවීරියව ගියෝත් අප සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහි කුළු ගණනක් එලාපියවයි කියුය. ඒ අසා අතවැසි පුරුෂ මහ බෝසතානන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි කල්හි තෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහි යකුලු ගණනක් එලාපුයේය.

එකල්හි ගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූ ජල ප්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල් කඳක් සා දිය කඳක් උඩ පැන නැංගේය. එකල්හි සියළු මනුශ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තිබු ගැල් සක් ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහි ලිඳ සමීපයෙහි දදජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමතිව නල ලද්දා වූ ස්ථානයටම ගියාහුය. ඒ මනුෂ්‍යයෝ තමන් අභිප්‍රාය ස්ථානයෙහිදී බඩු විකුට එකට දෙක හා එකට සතර නියායෙන් දෙදියුණු සතර දියුණු ලාභ ලැබ තමන් පළමු වසන්නා වූ ස්ථානයටම පෙරලා ආවාහ. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නා වූ ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහය.

මහබෝසතානෝද ධානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් යම් සේ වෙළදුන් නොකූසිතව මරු කතර ලිං බැඳ පැන් ලද්දාහුද එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණව නුකූසීතව වීර්ය කරන්නා වූ නුවණැති මහණ තෙමේ iාන මෝක්ෂා මාර්ගඵල ආදී වූ ප්‍රභේද ඇති ලය සැනසීම ලබන්නේය. මහණ තෝ පෙර පැන් පමණක් නිසා වීර්ය කොට දැන් මෙබඳු ර්‍නෛයාත්මික සාසනයේ මහණව මාර්ගඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහිදැයි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයි කියන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතු සත්‍යය දර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක.

සාතෘ වූ බුදුරජානන්වහන්සේ අතීත කතාවත් වර්ථ මාන කථාවත් දෙක එක් කොට අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි නුපසුබට වීර්ය ඇති ගල තල බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්ය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පර්ෂද නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තු නායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

අද මුසලමානුවන් මක්කම ලෙස පිදීම් කරනු ලබන එම ස්ථානය අප මහා බෝසතාණන් වහන්සේ කාන්තාරයේ සොයාගත් දිය උල්පතයි.අද මුසල්මානු මක්කම බුදුන් සමයේ මකුලාරාමය බව කිව හැකිය… මේ පිලිබඳ ලිපියක් “මක්කම මුසල්මානුවන්ගේද”යන ශීර්ෂය යටතේ මින් පෙර පලකරන ලදී.එයින් කොටසක් නැවත උපුටාගනිමි.

Read More…

« Newer Posts - Older Posts »

Categories

Follow

Get every new post delivered to your Inbox.

Join 114 other followers