Posted by: lrrp | July 13, 2008

මඟ දිගට සිනාසිසී ඇසිපිය ගහන සඳරුවන්

මිනිස් ලෝකයේ මෙන් ම අපට නොපෙනෙන භූත ලෝකයේ ද කි‍්‍රයාකාරකම් විවිධාකාරය. පුද්ගලයා අනුව ද, පුද්ගලයාගේ සිතුම් පැතුම් අනුව ද, කර්මානුරූපව ද විවිධත්වයක් ගනී.

මිනිසකුට තවත් කෙනකුගෙන් පළිගැනීමට අවශ්‍ය වූ විට ඔහු තමන්ට වඩා බලවත් නම් ඒ සඳහා වෙනත් උපාය මාර්ග යොදා ගනී. වෙනත් පුද්ගලයන් හරහා ස්වකීය අවශ්‍යතාව ඉටු කැරගනී. භූත ලෝකයේ ද එවැනි සිදුවීම් බහුල ය. මේ එවැනි සිද්ධියකි.

මේ සිද්ධියට සම්බන්ධ තරුණයා තමන් විඳි අනේක විධ දුක් ගැහැට පීඩාවන්ගෙන් මිදීමට ගලිගමුවේ ඤාණදීප හිමියන් ගෙන් උපදෙස් ලබා ඉන් සුවපත්ව, රටේ මෙවැනි තවත් අයගේ යහපත පිණිස තමන්ගේ නම් ගම් සහිතව ම පළ කරන ලෙස ද ඉල්ලා සිටීම වැදගත් කාරණයකි.

හේ නමින් සඳරුවන් වේ. විසි හතර වැනි වියේ පසුවන ඔහු නුවරඑළිය ප‍්‍රදේශයේ බැංකුවක සේවය කළේය. ධර්මානුකූලව ගුණ යහපත්කමින් ජීවත් වන ඔහු ස්වකීය මාසික වැටුප පවා මෑණියන් අතට ගෙනැවිත් දෙන තරම් කීකරු පුතෙකි.

හිටි හැටියේ ම මේ තරුණයා වෙතින් අමුතුම අසාමාන්‍ය ගති ලක්ෂණ දෙකක් මතු වීය. එකක් නම් හිටි හැටියේ බක බක ගා සිනාසීම ය. තමන් ගමන් කරමින් සිටි බස් රියේ තිරිංග තද කළත් සඳරුවන්ට මහ හඩින් හිනා ගියේ ය.

යම් කිසි දෙදෙනකු කතා කරමින් සිටින අයුරු ඇහුණත් සඳරුවන්ට හිනා ගියේ ය. බැංකුවට ආ ගනුදෙනු කරුවකු නිලධාරියෙකුගෙන් යමක් ඇහුවත් සඳරුවන් අසාමාන්‍ය ලෙස මහ හඩින් හිනාවුණේ ය. මෙය ආශ‍්‍රිත සමාජයේ නොමනාපයට ද හේතු වීය.

අනිත් කාරණය නම් ඇස් ගැසීම ය. බස් රියක හෝ වෙනයම් තැනක හෝ කාන්තාවක් දැක්කොත් ඔහු ගේ ඇසි පිය නටන්නට විය.

කාර්යාලයේ දී ද නිලධාරිනියක් හෝ සේවා දායිකාවක් දුටුවොත් සඳරුවන්ගේ ඇස් පිය නටන්නට වන්නේ ය. මේ කාරණා දෙකම නොහොබිනා කි‍්‍රයාවන් බව සඳරුවන් දනී.

එවැනි අවස්ථාවල එයින් වැළකීමට තදින් උත්සාහ කළත්, දත කා ගෙන උත්සාහ කළත්, ඔහුට ඉන් මිදීමට නොහැකි විය. මේ හේතු දෙක නිසා ඔහු අසීරුතාවලට ලක්වූ අවස්ථා බොහෝ ය.

අපහාසයට උපහාසයට ලක්වූයේ ය. කාර්යාලයේ අනිකුත් අයගේ සමච්චලයට භාජනය විය. තමන්ට පාලනය කැර ගන්නට නොහැකි වූ තමන් ගේ අකැමැත්තෙන් ඉබේම සිදුවන මේ හිනාව හා ඇස් ගැසීම වළක්වා ගන්නට බැරිම තැන සඳරුවන් රැකියාවට යෑම ද අත්හිටැවූයේ ය.

මෙය අසනීපයක් බව වටහා ගත් සඳරුවන් මහනුවරට පැමිණ මනෝ වෛද්‍යවරයකු මුණ ගැසුණේ ය. ඒ වෛද්‍යවරයාගෙන් මාස ගණනක් බටහිර ප‍්‍රතිකාර ලැබුවේය. එයින් ද කිසිම සුවයක් නොලබා තවත් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් බටහිර ප‍්‍රතිකාර ලබා ආර්ථිකයෙන් ද හෙම්බත් වූයේ ය.

මේ අතර ගලිගමුවේ ඤාණදීප හිමියන් සොයාගෙන ගියේ ය. ඊට අමතරව ගුප්ත ශාස්ත‍්‍රකරුවකු ද සොයා ගියේ ය.

මේ අතර සඳරුවන් ගේ නිවසේ තවත් අද්භූත දෙයක් සිදුවිය. සඳරුවන් ගේ විවාහක සහෝදරියකට දුවක් උපන්නීය. දැන් ඒ දියණියට වයස මාස හයක් පමණ ඇත.

සඳරුවන් මේ සිඟිති දැරියට මහත් බියක් දැක්වූයේ ය. කිසි දිනෙක ඔහු මේ සිඟිති ලේලිය වඩා ගත්තේ ද නැත. අක්කාත් සිඟිති ලේලියත් ගෙදරට එන විට මේ මාමා ඔවුන් මඟ හැර පලා යන්නට වීය.

ඔහු ආපසු ගෙදර ආවේ අක්කාත් දැරියත් ආපසු ගිය විට ය. අහම්බෙන් හෝ මුණ ගැහුණොත් සඳරුවන් වෙව්ලා අසිහියෙන් “අපි බයයි, අපි බයයි” අපි යනවා අපි යනවා” යැයි කියමින් ඔවුන් ගෙන් ඈත්ව ඉවතට දුවන්නට විය.

දිනක් ගුප්ත ශාස්ත‍්‍රකරු ඉදිරියේ සඳරුවන්ට භූතයකු ආවිශ්ට වූයේ ය. එහිදී කියැවුණු කරුණුවලට අනුව මේ භූතයා සඳරුවන්ගේ පවුලේ ඉතා ඈත අතීතයේ සීයා කෙනෙකි.

අවුරුදු දෙතුන් සීයකට පෙර මිය ගිය මුත්තා කෙනෙකි. සඳරුවන් ගේ මව්පියන් පවා තොරතුරු නොහඳුනන පැරැණි ඥාතියෙකි. ඔහු ඉඩකඩම්වලට තණ්හා වෙන් මිය ගොස් පෙ‍්‍ර්තාත්මයක් ලැබූවෙකි.

මේ පේ‍්‍රතයා ජීවත්වන්නේ සඳරුවන්ගේ නිවසේ වැසිකිළි වළේ ය. අඩි විස්සක් පමණ ගැඹුරේ ය. පෙ‍්‍ර්තයා වරින් වර දින කිහිපයකට වරක් සඳරුවන් ගේ සිරුරට රිංගා ගනී.

කාලයක සිට මේ පවුලේ අය වැසිකිළි ගිය විට එහි වළ තුළින් අමුතු ශබ්ද ඇසුණු බවත් සමහර දිනවල වැසිකිළියට ඇතුළු වන විට වැසිකිළි පෝච්චියේ (කොමඩ්) වතුර අස්වාභාවික අන්දමින් බුබුළු දමමින් හා හඬ නගමින් පැවතුණු බවත්, මේ දක්වා ඒ ගැන අමුත්තක් නොසිතුණු බවත්, පවුලේ අයගෙන් ම අනාවරණය විය.

මෙහිදී තවත් කාරණයක් හෙළි විය. එනම් ඉපැරැණි මුත්තාගේ පෙ‍්‍ර්තාත්මය සමඟ සම්බන්ධ වූ තවත් භූතයෙක් සඳරුවන්ගේ සිරුරට සම්බන්ධ ව සිටියේ ය.

ඔහු 1976 වර්ෂයේ සිදු කළ මිනී මැරුමක් නිසා 1978 එල්ලුම් ගසට නියම වී මරණීය දණ්ඩනය ලැබූවෙකි. ඒ මිනීමැරුම් නඩුවේ ප‍්‍රධාන සාක්කිය දුන්නේ කාන්තාවකි.

එල්ලුම් ගස් ගිය චූදිතයා මිය ගියේ ඒ සාක්කිකාරිය පිළිබඳ බද්ධ වෛරයෙනි. පසුව ඒ සාක්කිකාරිය මිය ගොස් සඳරුවන්ගේ සහෝදරියගේ දියණිය වී උපන්නා ය.

වෛරයෙන් මිය ගිය චූදිතයා භූතාත්මයක් ලබා සාක්කිකාරිය පසු පස හඹා’ විත් ඇගේ ඊළඟ ආත්ම භාවය ද සොයා ගෙන පැමිණ ඇත. එහෙත් යම් කිසි අප නොදන්නා හේතුවක් නිසා මේ භූතයා ඒ සිඟිති දැරියට බියක් දක්වයි.

ඇගෙන් ඍජුවම පළිගන්නට බැරි තැන පවුලේ වෙනත් කෙනෙකුට ආවිශ්ට වී අවස්ථාවක් එළැඹෙන තුරු බලා සිටී. පවුලේ අය අසමඟි කැරවීමට, ලෙඩ දුක් කරදර හා වියදම් කැරවීමට මඟ පාදයි.

සඳරුවන් ගුප්ත ශාස්ත‍්‍ර අසන්නට ගිය තැනින් ඔහුට සාංඝික දානයක් දීමට නියම කැරිණි. එසේ ම එම දානයට ඤාණදීප හිමියන් අනිවාර්යයෙන් සහභාගි කරවා ගත යුතු බවත් කියැවිණි. ඒ අනුව දානය සූදානම් කළේ ය.

එදින දානය අවසානයේ දී ඤාණදීප හිමියෝ අනිකුත් සංඝයා වහන්සේ සමඟ රතන සූත‍්‍රය, කරණීයමෙත්ත සූත‍්‍රය හා ධජග්ග සූත‍්‍රය දේශනා කළහ. එහිදී ද සඳරුවන්ට භූතයෝ ආවිශ්ට වූහ.

භූතයෝ දෙදෙනා වරින් වර මාරුවෙන් මාරුවට ආවිශ්ට වූහ. එයින් එක් භූතයෙක් පිං අනුමෝදන් වී ඉවත්ව යන බවට පොරොන්දු විය.

පිරිත් කියන විට අනිත් භූතයා ආවේශ වී කන් දෙකේ ඇඟිලි ගසාගෙන “අපිට ඕවා වැඩක් නැහැ” යි කෑ ගසන්නට විය.

අනිත් භූතයා ආවේශ වූ විට සඳරුවන් වැඳගෙන පිරිතට සවන් දුන්නේ ය.

ඉන් පසුව සඳරුවන්ගේ ශරීරයෙන් ඉවත්ව නොගිය භූතයා ඉවත් කිරීම සඳහා ඤාණදීප හිමියෝ මෛතී‍්‍ර භාවනාව ප‍්‍රධාන කොට ගත් පිළිවෙතක් ඔහුට කියා දුන්හ.

දැන් සඳරුවන් සම්පූර්ණ සුවය ලබා නැවතත් බැංකුවේ රැකියාවට යන්නේ ය.

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: