Posted by: lrrp | July 20, 2008

දාහේ කොළ ගොඩ මත අවසන් සුසුම් හෙඵෑ කත

දේපළ වස්තු සම්පත් පිළිබඳ දැඩි ලෙස බැඳුණු සිතින් අසීමිත ආශාවෙන් මිය යන්නෝ, මරණින් මතු පෙ‍්‍ර්ත ආත්ම භාව ලැබීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. එවැනි අමනුස්සයෝ අවුරුදු දස දහස් ගණන් දුක් විඳින්නාහ.

සමහරෙක් කල්ප කාලාන්තරයක් පෙ‍්‍ර්තාත්මයන්හි දුක් විඳින්නාහ. එවැනි අමනුස්සයෝ තමන් ගේ ඇවෑමෙන් එම වස්තු සම්පත් භªක්ති විඳින්නන් කෙරෙහි ද වෛර උපදවා ගෙන ඔවුනට ද හිරිහැර කරදර කරති.

ඇය නූගත් කාන්තාවක නොවේ. මහනුවර ප‍්‍රදේශයේ පාසල් ගණනාවක, වසර ගණනාවක් තිස්සේ දරුවන්ට ඉගැන්වූ ගුරුවරියකි.

අග හිඟ කමකින් තොර වූ වැදගත් පවුලක සාමාජිකාවක වූ ඇය ගුරු වෘත්තියේ යෙදෙද්දී ලෝභ – ද්වේෂ – මෝහ යන අකුසල මූලයන්ගේ ආදීනවයන් පිළිබඳ පාසල් දරුවන්ට අනන්තවත් උගන්වන්නට ඇති.

නිසි වයස් සම්පූර්ණවීමෙන් ඇය විශ‍්‍රාම ලැබුවා ය. ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පසු ඔහු ගේ විශ‍්‍රාම වැටුප ද ස්ථාවර ධනය ද පාලනය කළේ ඇය ම ය. ඇගේ දූ දරුවෝ ද රජයේ රැකියාවල නියුතු වූ බැවින් ඇයට ඔවුන්ගෙන් කරදරයක් ද නොවී ය. පුතුන් දෙදෙනා හා දියණිය ද විවාහ වී සිටියහ.

බාල පුතණුවන් හා ලේලිය සමඟ මේ මෑණියෝ මහ ගෙදර ජීවත් වූ අතර, වැඩිමහල් පුතා සහ බිරිය ද ඒ අසල ම නිවසක් ගොඩ නගාගෙන ජීවත් වූහ. දියණිය සිය සැමියා සමඟ පදිංචිව සිටියේ ද වැඩි ඈතක නොවේ.

මේ සිද්ධිය වනවිට මෙම ගුරු මෑණියන් ගේ වයස අවුරුදු හැත්තෑ හතකි. එදින පුතා සහ ලේලිය රැකියාවලට ගිය පසු ගෙදර සිටියේ ඇය පමණි. ඇය කල්පනාවක නිමග්න වූවා ය.

“දැන් මගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ හයකට වඩා මුදලක් තියෙනවා. අල්මාරියේ තියෙන රත්තරන් ආභරණවල වටිනාකමත් රුපියල් ලක්ෂ තුනකට වැඩියි.

අවුරුදු ගණනාවක් තිස්සේ එකතු කළ මුදල් මං විවාහ වෙන කොට ගෙදරින් ගෙනා රත්තරන් බඩු, මෙහෙට ආවාට පස්සේ ගත්ත මාල වළලුත් තියෙනවා.

මේ ඔක්කොම එකතු වෙන කොට ලක්ෂ දහයක විතර වටිනාකම. අනේ! දෙයියනේ! මං හිටි හැටියේ මළොත්. මේවා දූලා ලේලිලා බෙදා ගනීවි. සල්ලි ටිකත් පුතාලා දූලා බෙදා ගනීවි.

උන් මේවා බෙදා ගෙන ප‍්‍රයෝජන ගනීවි. එතකොට මේවා මෙච්චර කල් ආරස්සා කරපු මට. මේ දරුවෝ ඒගොල්ලන්ගෙ ම වැඩ මිසක් මගේ ගැන ඒ තරම් උනන්දුවකුත් නෑ.

මේ ගොල්ලන්ට මේවා අයිතිවෙන්න දෙන්නේ කොහොමද? අපොයි, අපොයි. එහෙම වෙන්න නම් දෙන්න බෑ” යි කල්පනා කළා ය. ඇය තීරණයක් ගත්තා ය.

වහාම ඇඳ පැළඳ ගත් ඇය ත‍්‍රිරෝද රියකින් බැංකුවට ගියා ය. ගිණුම වසා සියලු ම මුදල් දාහේ කොළවලින් ම ආපසු ගත්තා ය.

රුපියල් ලක්ෂ හයකටත් වැඩි මුදල අත් බෑගයේ දමාගෙන එම ති‍්‍රරෝද රියෙන් ම ආපසු ගෙදර ආවා ය. ති‍්‍රරෝද රිය කුළිය ගෙවා ආපසු යවා ගෙට වැඳී දොර අගුළු දමා වසා ගත්තා ය.

ඇගේ කාමරයට ගොස් සියලු ම මුදල් නිදන ඇඳ මත තුනී කළා ය. දෙය්යනේ! ඇඳ පිරෙන්න දාහේ කොළ. පුදුම ලස්සනක්, මේවා ඔක්කොම මගේ.

ඇය කොක් හඬලා සිනාසුණාය. මේ මදි. මේ මදි. රත්තරන් බඩු ටිකත් ගන්න ඕනෑ. අල්මාරිය විවෘත කොට රත්තරන් බඩු පෙට්ටිය ද ගෙන ඇඳ මත හැළුවා ය.

මේ ඔක්කොම මගේ. මේවා කාටවත් දෙන්නේ කොහොමද? මගේ… මගේ… මගේ…” යි කියමින් ඇඳ මත තිබූ මුදල් කන්දරාව මත යටිකුරුව නිදා ගත්තා ය.

එක අතකින් රත්තරන් බඩු ටික මිරිකා ගෙන තුරුලු කැර ගත්තා ය. අතින් අතින් දාහේ කොළ අහුරක් මිරිකා ගත්තා ය. මේ වස්තු කන්දරාව ම මගේ… හ්…”

සවස වැඩ ඇරී පුතාත් ලේලියත් ගෙදර ආහ. දොර වසා ඇත. ගෙතුළින් කිසිම සද්දයක් ද නැත. ගේ ඇතුළතින් යතුරු දමා දොර වසා ඇත. “අම්මේ… අම්මේ… අම්මේ…” නැත. කිසිම සද්දයක් නැත. අල්ලපු ගෙදර පදිංචි සහෝදරයාට මේ සද්දය ඇසී

“මොකද? මල්ලී අම්මා ගෙදර නැද්දැ” යි අසාගෙන ඔහු ද පැමිණියේ ය. ඒ සමඟ ඔහු ගේ බිරිය ද ආවා ය. ලොකු පුතා තම ගෙදරට ගොස් ඉණිමඟත් ගෙනැවිත් අම්මාගේ කාමරයේ ජනේලය අසලින් තබා “මල්ලී මේ ඉණිමඟට නැගිලා ග‍්‍රීල් එකෙන් බලන්නැ”යි කීවේ ය.

මල්ලි ඉණිමඟට නැග කාමරය ඇතුළතට එබිකම් කැර බැලුවේ ය.

“දෙය්යනේ!” ඔහු වහාම ඉණිමගෙන් බැස නිවසේ ඉදිරි දොර අසලට ගොස් වේගවත් පයින් පහරක් ගසා දොර ඇරියේ ය. වහාම අම්මාගේ කාමරයට දිව්වේය. ඔහු සමඟ අනිත් තුන් දෙනා ද එතැනට ආවෝ ය.

මුදල් හා රන් අබරණ දෑතින් මිරිකාගත් තණ්හාවෙන් ම අම්මා අවසන් හුස්ම හෙළා ඇත. වහා දුරකතන පණිවුඩයක් දී සහෝදරිය ද ගෙන්වා ගැනිණි. මේ සිද්ධිය සමාජය දැන ගතහොත් වස ලැජ්ජාවක්.

සියලු මුදල් ඇඳ මතින් ඉවත් කොට මළ සිරුර උඩුකුරු කොට තැබූහ. තණ්හාවෙන් මත් වී විවෘතව තිබුණු දෑස් වැසූහ. එවේලේ ම ලක්ෂ හය තුන් දෙනා අතර බෙදා ගත්තේ පසුවට කල් දැමීම සුදුසු නැති බැවිනි,

රත්තරන් බඩු ටික ද තුන් ;දනා සමාදානයෙන් බෙදා ගෙන ඒ ගනුදෙනුව අවසන් කළහ.

මවගේ මරණය හෘදයාබාධයකින් සිදු වූ හදිසි මරණයක් බවට නිගමනය විය. ඉතා වැදගත් ආකාරයෙන් අවමංගල්‍ය කටයුතු ද සිදු කැරිණි. මතක බණ සත් දින දානය හා තුන් මාසයේ දානය ද ඉතා හොඳින් සිදු කොට මෑණියන්ට පින් අනුමෝදන් කළහ.

මාස කීපයක් නිහඬව ම ගත වී ගියේ ය. දිනක් රාතී‍්‍ර ගෙදර අල්මාරිය විවෘත කරන හඬ බාල පුතාටත් ලේලියටත් ඇසිණි. යළිත් එහි දොර වසන හඬ ද ඇසිණි.

විදුලි පහන් දල්වා බලන විට කිසිදු විශේෂයක් නොවී ය. එහෙත් උදේ අල්මාරිය ඇර බලන විට ලාච්චුවේ තිබුණු මුදල් හා රත්රන් බඩු අතුරුදහන් වී තිබිණි.

දින කීපයකට පසු බලන විට ඒ මුදල් හා රත්තරන් බඩු අම්මා පාවිච්චි කළ ඇඳේ කොට්ටය යට තිබී සොයා ගත හැකි වීය. යළිත් දිනක් පුතා රැකියාවට යෑම සඳහා බස් රියට ගොඩ වූ විට මුදල් පසුම්බියේ තිබුණු මුදල් අතුරුදහන් වී තිබිණි.

බස් රියේ සිටි හිතවතකුගෙන් මුදලක් ඉල්ලා ගෙන එදින බස් ගාස්තුව ගෙවා රැකියාවට ගියේ ය. එදින සවස ලේලිය ද ගෙදර ආවේ තමන්ගේ පසුම්බියේ තිබුණු මුදල් අතුරුදහන්ව ඇති බව කියාගෙන ය.

අල්ලපු ගෙදර අයියාගෙන් ද දැනගන්නට ලැබුණේ ඔවුන් ගේ ද මුදල් හා රන් ආභරණ අතුරුදහන් වන බව ය.

ඊළඟ සෙනසුරාදා නිවාඩු දවසේ සහෝදරිය ඔවුන් හමුවීමට පැමිණ කීවේ ඇගේ නිවසේ ද මුදල් හා රත්තරන් බඩු අතුරුදහන් වන බව ය.

මේ ගෙවල්වල අල්මාරි ලාච්චු අරින වහන හඬ ද ඇසෙන බවත් හැම දෙනෙක් ම පැවසූහ. සැක හිතන්නට දෙයක් නැහැ. මේ නම් මියගිය අම්මා ගේ ම වැඩක් බව කාගේත් තීරණය වීය.

මේ ගැන කෙනකුට කියන්නට නොහැකි ව ලැජ්ජාව නිසා රහසක් පරිදි තබා ගත්හ. ඊළඟට මේ ගෙවල්වල බත් මුට්ටියට වැලි මිශ‍්‍ර වන තත්ත්වයක් උදා විය. මේ පිළිබඳ සහෝදර පිරිස සාකච්ඡා කොට ගලිගමුවේ ඤාණදීප හිමියන් මුණ ගැසී පිළිවෙතක් විචාළහ.

මිය ගිය මෑණියන් ගේ තොරතුරු අසා දැන ගත් ඤාණදීප හිමියෝ ඔවුන්ට පිළිවෙතක් නියම කළහ. පළමුවෙන් ම තම තමන් සතු රන් ආභරණවලින් යමක් යටත් පිරිසෙයින් කරාබු කුට්ටමක් හෝ දුප්පත් කාන්තාවකට පරිත්‍යාග කොට, බෝධි පූජාවක් පවත්වා මෑණියන්ට පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්හ.

එසේ ම පවුලේ සියලුම දෙනා ඒකරාශි කරවා පන්සිල්හි පිහිටුවා පන්සිල් හි ආනිසංසත් පස් පවේ ආදීනවත් දේශනා කොට මෑණියන් වෙනුවෙන් දිවි හිමියන් පන්සිල් ආරක්ෂා කරන බවත්, දිනපතා නිවෙස්වල තෙරුවන් වැඳ මල් පහන් පුදා ආගමික පිළිවෙත් ආරක්ෂා කොට වෛශ‍්‍ර වත දෙවියන් ප‍්‍රධාන සතර වරම් දෙවියනට හා සියලු දෙවියනට පින් අනුමෝදන්වන බවටත් දෙවියන්ට ආරාධනා කොට පොරොන්දු කැරවූහ. දෙවියන් ඉදිරියේ පොරොන්දු වී සමාදන් වන ශීලය හෙවත් සිල්වත් බව අත් හළොත් දෙවියන් රැවටීමේ විපාක බරපතළ බව ද පැහැදිලි කැර දුන්හ.

එසේ ම මේ අමනුෂ්‍යයා ඇගේ ම මුදල් හා රත්තරන් බඩු රැගෙන යෑම දිගින් දිගට පුරුදු වුවහොත් ඊළඟට දූ පුතුන්ගේ හා ලේලිලාගේ බෑණලාගේ බඩු ද අතුරුදහන් විය හැකි බවත් පැහැදිලි කළහ.

දිනපතා ආගමික වතාවත්වලින් පසු තුන් සූත‍්‍රය සජ්ඣායනා කොට අවසානයේ මෛතී‍්‍ර භාවනාව වඩන ආකාරය ද පැහැදිලි කැර දුන්හ.

පොදුවේ මෛතී‍්‍රය වඩා අන්තිමට මෙම අමනුෂ්‍යයාට මෛතී‍්‍ර කරන ලෙස ද, මියගිය අම්මා ගැන අහිතක් තරහක් ඇති කැර නොගෙන තමන් හදා වඩාගත් ගුණය ඉස්මතු කොට ඇය කෙරෙහි කරුණාවෙන් ම මෛතී‍්‍ර කරන ලෙස ද උපදෙස් දුන්හ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: