Posted by: lrrp | September 14, 2008

බවුන් වඩද්දී මහ රෑ ආ අමුත්තා

මිනිසාගේ ශරීරයෙන් වැගිරෙන දහදිය, සෙම්, සොටු, ලේ, සැරව, මළ, මුත‍්‍ර අපේ පියවි ඇසට නොපෙනෙන අමනුස්සයන් ගේ ප‍්‍රියතම ආහාරවේ. මේ යක්ෂ පෙ‍්‍ර්තාදිහු මිනිස් ලොව ස්තී‍්‍ර පුරුෂයන්ට ලෙඩ රෝග වැළදෙනවාට කැමැති වන්නේ ඒ නිසා ය. එසේ ම කලකෝලාහලවලින් ලේ වගුරුවා ගන්නවාට ද කැමති ය. ඔවුන් ඊටත් වඩා කැමැත්තක් දක්වන්නේ මළ සිරුරු ආහාරයට ගැනීමට ය. මළ සිරුරෙන් වැගිරෙන ඕජාව හා වුරුණු තෙල්වලට ඉතා ප‍්‍රිය බවක් දක්වන්නෝ ය. මළ සිරුරක් නිවසක් තුළ තිබියදී තනි නොකිරීම, අවසන් කටයුතු සඳහා නිවසෙන් බැහැරට ගැනීමට පෙර මිනිය තනි කිරීම, සමහර මළ සිරුරු මිනිසුන් අට දෙනෙකුටවත් ඔසවා ගෙන යෑමට නොහැකි තරම් බරක් ඇතිවීම ගවේෂණය කළ යුතු කාරණා වේ.

සමහර ආරණ්‍යවාසී යෝගාවචරයන් වහන්සේ මළ සිරුරු ඉදිරියෙන් තබාගෙන අසුබ භාවනාවේ යෙදෙති. එවැනි අවස්ථාවල අමනුස්සයින් ගේ කි‍්‍රයාකාරකම්වලට මුහුණදීමට ද සිදුවේ. මේ එවැනි අවස්ථාවකි.

වයස අවුරුදු දහ හතෙන් පැවිදි වූ ලේනව මංගල හිමියෝ අවුරුදු දෙකක් පන්සල් පොත් කියවා 1998 දී භාවනාවට යොමු වූහ. තරුණ ජවයත්, වීර්යයත්, භාවනාවට ඇති දැඩි පෙළඹීමත් නිසා මංගල හිමියන්ට මළ සිරුරක් ඉදිරිපිට තබාගෙන භාවනා කරන්නට සිතක් පහළ විය. ඒ බව සිය ගුරු අනුරාධපුරේ නන්දවිමල මාහිමියන්ට දැන් වූ විට උන් වහන්සේ ද ඊට අනුමැතිය දුන්හ.

ආරණ්‍ය සේනාසනයෙහි කැපකරු දායක හැට හැවිරිදි මානික්කු උපාසක මහතාට මේ බව දැන්වූ විට “අනේ හාමුදුරුවනේ මම කොහොමද මිනී හොයන්නේ. මම මැරුණු දවසක ඔබ වහන්සේ මගේ මිනිය ඒ සඳහා භාවිත කර භාවනා කරන්නැ”යි කැමැත්ත දුන්නේ ය.

මිනියක් ලැබෙන තුරු මංගල හිමියෝ තමන්ගේ ගල්ගෙය (කුටිය) තුළට වී තම සිරුර මෙනෙහි කරමින් අසුබ භාවනාවේ යෙදෙන්නට වූහ. කීප දිනක් එසේ භාවනා කරන විට කුටිය ගඳ ගහන්නට වීය. හඳුන්කූරු දැල් වුව ද එයින් නැඟුණේ ද දුගඳකි.

එයින් පසුබට නොවූ මංගල හිමියෝ වීර්යයෙන් තවදුරටත් භාවනා කළහ. මේ අතර ආරණ්‍යයට සම්බන්ධ උපාසක මහතෙක් මිය ගියේ ය. පවුලේ ඥාතීන් සමඟ සාකච්ඡා කොට එම මිනිය භාවනාව සඳහා ඉල්ලා ගත්හ. එහෙත් ඒ වනවිට මිනිය එම්බාම් කැර තිබුණු බැවින් එහි ඇටසැකිල්ල ගැනීම සඳහා මාස තුනක් වළලා තැබූහ. මාස තුනකින් පසු ගොඩට ගෙන ඉතුරු මස් සූරා බැරලයක බහා තම්බා ඇටසැකිල්ල වේළෙන්නටත්, ඈට ඇතුළත යුෂ කූඹින්ගේ ආහාරයට දෙවා ශුද්ධ කරන්නටත් වැලිගොඩක් මත තැබූහ. එය තැබූයේ මංගල හිමියන් ගේ කුටියට තරමක් ඉහළිනි.

මේ අතර මානික්කු උපාසක තැන ද අසනීප විය. ඔහු ද මරණාසන්න වූයෙන් පිළිම වහන්සේ අසල තබා බුදුගුණ සිහි කරන්නට හිමිවරු උපදෙස් දුන්හ. ඔහු බුදු ගුණ මෙනෙහි කරමින් ම මළේය. මළ සිරුර නිවසට ගෙන යෑමට ඔහුගේ සොහොයුරා පැමිණියේ ය. මානික්කු උපාසක ජීවත්ව සිටියදී තම සිරුර මිය ගියාට පසු භාවනාව සඳහා ප‍්‍රයෝජන ගැනීමට කැමැත්ත දුන් බව පවසා එම්බාම් නොකර මිනිය ආරණ්‍යයට දෙන්නේ නම් එය මිය ගිය පුද්ගලයාට ද ඔබට ද මහත් පිනකැයි මාහිමියෝ පැවසූහ. මානික්කු උපාසක තැනගේ සොහොයුරා ද ඥාතීන්ට ගෞරව දැක්වීමට එක් දවසක් ඉඩ දෙන්නැයි ඉල්ලා පසු දින සවස ආගමික වතාවත් කොට මිනිය ආරණ්‍යයට ම බාර දුන්නේ ය.

නෑදෑයින් විසිර ගියාට පසු සවස මිනිය උණ ගස් දෙකක තබා බැඳ කන්ද ඉහළට ගෙන ගියහ. එතැන රියනක් පමණ උස ටැංකියක් බැඳ තිබූ අතර මිනිය එහි තබා වීදුරු තහඩුවකින් වසා තැබීය. මිනියට කුඩා රෙදි කැබැල්ලක් පමණක් අන්දවා නිරුවත් පරිදි තබා තිබිණි.

සොහොනකට හෝ මිනියක් ළඟට යෑමේදී සොරකුට නම් බියක් නොදැනේ. ඊට හේතුව ඔහු යන්නේ යමක් සොරාගෙන ඒ සැණින් පලා යෑමට බැවිනි. එහෙත් මිනියක් ළඟ තනිව සිටින යෝගාවචරයකුට බයක් චකිතයක් ඇති විය හැකි ය. ඒ මෙතැන සිදුවන්නේ ආධ්‍යාත්මීය ගනුදෙනුවක් බැවිනි. මෙහිදී ආරක්ෂා විය යුතු කාරණා කීපයක් වෙයි. යෝගාවචරයා ගේ සුළඟ මිනියට වැටුණොත් මිනිය බදාගෙන සිටින අමනුෂ්‍යයෝ කෝප වී කරදර කරති. මිනියේ සුළඟ යෝගාවචරයාට වැදුණොත් ගඳ උහුලාගත නොහැකි ව වමනය යනු ඇත. යෝගාවචරයා මිනියට දුරින් සිටියොත් මිනියේ සටහන හරි හැටි ගැනීමට හෙවත් උද්ධු මතක නිමිත්ත සිතට ගන්නට නොහැකි වේ. ග‍්‍රහණය නොවේ. ඒ නිසා තම සුළඟ මිනියට නොවදින්නටත් මිනියේ ගඳ තමන්ට නොවදින්නටත් දුරත් නැතුව ළඟත් නැතුව සිටිය යුතුවේ. එසේ ම මෙම අසුබ භාවනාව සඳහා මිනිය ළඟට යෑමට පෙර තමන් සිටින කුටිය තුළ ඇති ඇඳ පුටු මේස කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලිවල පැහැදිලි සටහනක් හා දොර ජනෙල් පිළිබඳ සටහනක් පවා තදින් සිතට ග‍්‍රහණය කැරගෙන යෑමට නියමිත ය. එතැනට යන මඟ සලකුණු පවා මතක තබාගෙන ගොස් මිනියේ හැඩ රුව, තරම, බඩ ඉදිමුණ තරම, කට ඇරී ඇති ප‍්‍රමාණය ආදියත් මිනිය අවට ගස් ගල්වල සටහන් පවා සිතට තදින් ග‍්‍රහණය කොට මතක තබා ගැනීමට නියමිත ය. ඉන් පසුවයි උද්ධුමානක නිමිත්ත අරමුණු කොට භාවනාව ඇරැඹිය යුත්තේ.

ඉන් පසු මංගල හිමියෝ උද්ධුමාතකං… උද්ධු මාතකං… (උඩුබැලි අතට ඇති මිනිය) යැයි භාවනාව පටන් ගත්හ. මිනියට යාර 10 ක් පමණ දුරින් වූ කෙටි තාප්ප බැඳි ටකරන් මඩුවකට වී නන්දවිමල මාහිමියන් හා තවත් 17 හැවිරිදි සාමණේර හිමි නමක් තනි නොතනියට දින දෙකක් සිටියහ. මේ අතර වීදුරුව දුර්වර්ණ වී මිනිය නොපෙනීම නිසා වීදුරුව දෙකඩ කරන්නට සිදුවිය.

නියමිත භාවනා කාලය තුළ මළ සිරුර මුහුණ බෙල්ල හා ශරීර ඉදිමෙයි. ඉදිමෙන විට ඇඟ රැළි මැකී සම ලස්සන වෙයි. ඊළඟට නිල් පැහැ ගැන්වෙයි. දුගඳ වැඩිවෙයි. නව දොරින් දියර ගලන්නට ආරම්භ වෙයි. නිල මැස්සන් බහුලව පැමිණෙති. ඉහඳ තබති. ඉහඳ තැබූ විට සිරුර ඉහඳවලින් සුදු පැහැ ගැන්වේ. පණුවන් බිහි වී සිරුර පුරා පණුවන් නලියනු පෙනෙයි. හිස කෙස් ගැලවී වැටෙයි. ඇස් කන් නාසාදිය කුණු වෙයි. දුගඳ තව තවත් වැඩිවේ. ශරීරය තැනින් තැන සිදුරු ඇති වී පණුවන් සිදුරුවලින් එහා මෙහා යනු පෙනෙයි. ඉන් පසු සියලු මස් කුණු වී පෙණ ගතියකට පැමිණ දිය වී ගලා යයි. සිරුරේ යටිපතුල් දෙක පමණක් ප්ලාස්ටික් කැබලි දෙකක් මෙන් සුදු පැහැයට ඉතුරුව පෙනෙයි. පසුව එය ද කුණු වී ඇට සැකිල්ල මතු වෙයි.

මේ අවසන් තත්ත්වයට පත් වෙන්නට පෙර තුන් වැනි දින රාති‍්‍රයේ මංගල හිමියන් ගේ තනි නොතනියට කිසිවෙක්වත් නොපැමිණියහ. දැන් හුරු වී ඇති නිසා එය අවශ්‍ය නැතැයි සිතන්නට ඇත. දැන් මංගල හිමියෝ උද්ධ මානකං යැයි භාවනා අරමුණ මෙනෙහි කරති. දැන් මළ මිනියේ මවිල් ගහ පවා සිහියේ සටහන් වී නිමිත්ත සිතේ ඇඳී ඇත. ඇස් ඇරගෙන මිනිය දෙස බලා සිටිති. ඇස් වසා ගෙන ඒ සංඥාව මනැසින් බලති. අඳුර වැඩි වන විට මිනිය දර්ශනය අඩු වෙයි. වයරයක සවි කළ බල්බය රැගෙන මිනිය අසලට ගොස් ඒ එළියෙන් භාවනා මනසිකාරය වඩති. බල්බය පුපුරා යයි. නැවත මඩුවට පැමිණ දෙවැනි බල්බයක් සවි කොට ගෙන බලති. ඒ බල්බය ද පුපුරා යයි. තුන් වැනි බල්බය ද එසේ ම පුපුරා යයි. සිතට කුකුසක් නැෙඟයි. මිනිය අසලින් නික්ම මඩුවට ගොස් මතකයෙන් සංඥාව උපදවති. උද්ධු මාතකං… උද්ධු මාතකං…

හිටි හැටියේ භයානක ශබ්දයක් ඇසුණි. පොළොව දෙකට පැළී එහා මෙහා වන බවක් දැනේ. කව්දෝ කෑ ගසන හඬක් ඇසෙයි. භාවනා සිතෙහි පහළ වූ උද්ධුමතක නිමිත්ත කසිනයක් වූයේ කෙසේ දැයි කුකුසක් දැනෙයි. බියක් චකිතයක් ඇති වෙයි. මංගල හිමියෝ නැඟිට කෙටි තාප්පය ළඟට ගොස් ඇස් ඇර බැලූහ. දෙවියනේ! අඩි පහළොවක් විතර උස දැවැන්ත මිනිහෙක් මංගල හිමියන් දෙස මිනිය අසල සිට බලා සිටී. බියක් දැනෙයි. මිය ගිය උපාසක මහතා නම් අපට හිතවත් ය. ඔහු සැදැහැවතෙකි. ඔහුගෙන් නම් කරදරයක් නොවේ යැයි හිත හදා ගන්නට උත්සාහ කරති. දැවැන්තයා ඉදිරියට එන්නට සැරසෙයි. ඔහු ගේ හිස කෙස් කිතුල් රැහැන් මෙන් හැඩපලු ගෙතී පහතට වැටී ඇත. මුහුණ පැහැදිලි නැත. පියවර තබන විට ඇඟ මස් සලිත වනු පෙනෙයි. මංගල හිමියෝ ඉවත බලාගෙන පිටුපස තිබූ බූරු ඇඳට වී දිග ඇදුණහ. “හාමුදුරුවනේ! හාමුදුරුවනේ! මට පහළට එන්න ඕනෑ. මෙහෙට වඩින්නෝ…” යැයි කෑ ගසා පහළ කුටිවල සිටින හිමිවරුන්ට ඇහෙන්නට කීහ. වේලාව රාති‍්‍ර 12 පමණ වන්නට ඇතැයි සිතේ. කිසිවෙක්වත් ඉහළට නොපැමිණියහ.

මංගල හිමියෝ දැවැන්ත මිනිසා සිටින පැත්ත නොබලා සිවුරෙන් මුහුණ වසා ගනිති. දැන් උද්ධුමානක නිමිත්ත මැවී පෙනෙයි. යළිත් නිමිත්ත අත හැර දැමිය යුතු යැයි සිතා උපායක් ලෙස තරුණ ස්ති‍්‍රයක් ගැන මෙනෙහි කොට සිත වෙනත් අතකට යොමු කරන්නට උත්සාහ කළහ. ඒ තරුණ ස්තී‍්‍ර රූපය ද උද්ධ‍්‍රමානක නිමිත්තක් බවට පත් වෙයි. ඒ නිමිත්ත ද අත හැර දමා තම සිරුර මනසින් බලයි. එය ද උද්ධුමාතකයක් සේ පෙනෙයි.

මේ අතර දැවැන්ත මිනිසා ද මතකයට එයි. ඔහු දැන් මඩුව ළඟට විත් දැන් දැන් මගේ මුහුණ අත ගාවී යැයි සිතෙයි. සිත කම්මලකි. පහළට ඇසෙන්නට කෑ ගසති. හඬ පිට නොවෙයි. අනේ ඉක්මනින් ඉර උදාවේ නම් හොඳ යැයි සිතෙයි. විනාඩියක් ගත වෙන්නට පැයකටත් වඩා කල්ගත වන සෙයක් දැනේ. බියත් චකිතයක් අතර මෙතෙක් ආරක්ෂා කළ සීලය සිහිපත් කළහ. තෙරුවන් බලය, ආනුභාවය තමන් වහන්සේ ආරක්ෂා කරන බවට විශ්වාස ය.

කුරුල්ලන්ගේ නාද ඇසෙන්න පටන් ගනී. යම්තම් එළිය වැටී ඇති බව දැනෙයි. සිවුර මෑත් කොට මඩුවේ පිටුපස දෙස බැලූහ. මඳ එළිය පැහැදිලිය. ඉදිරිපසට ද හැරී බැලූහ. දැවැන්තයා පෙනෙන්නට නැත. මිනියේ කුණු ගඳ දැනෙයි. දඩි බිඩි ගා නැඟිට පහළට දුවගොස් නන්දවිමල මාහිමියන් හමු වී සිද්ධිය පැවසූහ. උන් වහන්සේ උපේක්ෂාවෙන් මඳ සිනහවක් පළ කළහ.

හීල් දානය සූදානම් වෙයි. ආරණ්‍යයේ කැප කරුවකු ආ ගිය අතක් නැත. දානයෙන් පසු සොයා බලන විට ඒ අසලින් ගලන දොළ පහරේ ගල් දෙබොක්කාවක සිර වී ඔහු මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබිණි.

මංගල හිමියෝ ඊයේ රාති‍්‍රය සිහිපත් කළහ. කුටියට උඩින් නොවියැළි ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ලටත් කුටියටත් අතරින් මළ මිනියක්. කුටිය පහළ නුදුරින් දොළේ හිරවුණු මළ මිනියක්.

ඉන් පසුව නම් කැලේ මැද තනිවම උද්ධුමාතකය වඩන්නට ගියේ නැතැයි මංගල හිමියෝ පැවසූහ.

මතුගම මහින්ද විජේතිලක


Responses

  1. චිත්ත දියුණුව හා අභියෝග ජයගැනීම

    මානව චරිත ස්වභාවය, පුද්ගල රුචි අරුචිකම්, සංඥාවන්ගේ විවිධතා හා ජානමය තත්ව අනුව එක් එක් පුද්ගලයාගේ නිවැරදි මගට පිළිපන් ස්වභාවය ඇතිවීමට ‍ගන්නා කාලයෙහි හා භාවිතා කරනු ලබන සංස්කරණ ක්‍රමවේදයන්හි ඇති විවිධතාවය වෙනස් බව බුදුදහම පෙන්වා දෙනු ලබයි.එක් පුද්ගලයෙකුහට සංජානන වශයෙන් ජෛව සමූහයා අතරින් තමා යනු‍ෙවන් එක් පුද්ගලයෙකු වෙන් කර සැලකීමේ චින්තනමය අඩුපාඩුව පෙන්වා දුන් කෙණෙහිම අවබෝධය ඇතිකර ගැනීමට පිළිවන්කම ලැබෙන අතර තවත් කෙනෙකුට ඒ සදහා සමස්ත ස්කන්ධ පංචකයෙහිම අසාරතාවය දුක්ඛ ස්වභාවය පිළිකුල් වශයෙන් දීර්‍ඝ කාලයක් මුළුල්ලේ ආවේදන වශයෙන් සලකා බැලීම අත්‍යවශ්‍යය වේ. වෙනත් එයටත් වඩා දීර්ඝ කාලීනව ශික්ෂණය කළ යුතු වූ පුද්ගලයෙකුහට නම් මේ සියල්ලට අමතරව චර්යා ශික්ෂණ ක්‍රියාවළියක් ද අවැසි වේ.
    කෙසේ වුවත්, බුදු සමය අප හමුවට ගෙනන විද්‍යානූකූල පදනම එකමය. මෙහි දී විද්‍යානූකූල යන ව්‍යවහාරය භාවිතා කරනු ලැබුවේ බටහිර විද්‍යා සංකල්පවලට අනුව නොව දාර්ශනික විෂයයේ පිළිගත් මූළ ධර්ම අනුව සැකසුන විධිමත් චින්තනය අරඹයාය. මානසික ආවේගයන් හටගැනීමේ ක්‍රමවේදය දෙස හොදින් නිරීක්ෂණය කර බැලූ කල පෙනී යන දෙයක්වනුයේ සියලු මානසික ආවේගයන් තමා යන හැගීම මුල් කර ගෙන ගොඩ නැගෙන බවයි.මෙය මිනිස් සිතේ පහළවන දැඩි ආත්මාර්ථකාමීත්වය ලෙසද විග්‍රහ කළ හැක.
    මෙය දාර්ශනික පක්ෂයෙන් ගත්කළ සක්කාය දිට්ඨිය ලෙස හැදින්වීමට පුළුවන. තමන් යන හැගීම ගොඩනැගීමට උපස්ථම්භකවනුයේ සමස්ත ජෛවවර්‍ගයා අතුරින් එක් පුද්ගලයෙකු වෙන් කරගෙන ඒ පුද්ගලයා ඉන්ද්‍රියයන් ඇසුරින් ලබන අත්දැකීම් රස වින්දනය කරමින් එකී රස වින්දනයට දක්වන ලෝලත්වය නිසාය. මෙම රස වින්දන ලෝලත්වය තණ්හාවයි.සසර භවය හා අඛණ්ඩබවේ මානසික බැඳීමටද මෙය හේතුවේ.
    එක් අතකින් රස වින්දනයට ඇති ලෝලත්වය නිසා සසර සැබෑ තත්වය මුවා කරනු ලබන අතර එය අවිද්‍යාව හෙවත් මෝහය නමින් හැදින්වේ. අවිද්‍යාව හෙවත් මෝහය නිසා සක්කාය දිට්ඨිය හටගනියි. සක්කාය දිට්ඨිය අවිද්‍යාවේ නැතහොත් මෝහයෙන් මුල් ස්වරූපයයි. යමෙකුගේ සිතින් සක්කාය දිට්ඨිය ඉවත්වීමේ දී අවිද්‍යාව හෙවත් මෝහය තව දුරටත් පැවතීමට අවකාශ මදව යෑමෙන් අනුක්‍රමයෙන් වියැකී යයි. සක්කාය දිට්ඨිය දුරුකලාවූ ආර්යයන්වහන්සේගේ සසර ප්‍රමාදය ආත්මභාවයන් (7) සතකg සීමාකොට දැක්වෙනුයේ මේ හේතුව නිසාය.මින් කියවෙනුයේ සොවාන් ආර්යයන්වහන්සේගේ සත්වන භවයකට වඩා නොඉපදෙන බවයි.
    සක්කාය දිට්ඨිය දුරු වීමත් සමගම මෙතෙක් සිත තුළ පැවතෙමින් පැමිණි අධික වේගයෙන් යුතු මානසික ආවේග ක්‍රම ක්‍රමයෙන් එහි වේගය අඩු වී යෑමට පටන් ගනියි. අදාළ සංකල්පයන්හි නිරන්තර භාවිතාව හෙවත් සංජානන, ආවේදන හා චර්යා වශයෙන් වඩ වඩාත් මෙකී සංකල්ප වර්ධනය කිරීමේ දී තව තවත් මානසික ආවේග ගොඩ නැගීමට හේතු වූ අවිද්‍යාව හෙවත් මෝහය තවත් සිදී ගොස් දෙවන තුන්වන මාර්ගඵල වූ සකෘදාගාමී හා අනාගාමී මාර්ගඵලවලට ආර්යයන් වහන්සේ එළඹෙනු ඇත. මානසික ආවේගයන් අතරින් ප්‍රධනත්වය ගන්නා ද්වේශ හා රාග යන යන ආවේගයන් හෙවත් මානසික ආතතීන් සකෘදාගාමී මාර්ගඵලයෙහි දී මදක් තුනී වී හෙවත් අඩු වී ගොස් අනාගාමී මාර්ගඵලයෙහි දී සම්පූර්ණ වශයෙන් සිදී යයි. නමුත් මෙකී තත්වය යටතේ වුව ද අවිද්‍යාව හෙවත් මෝහයෙහි සම්පූර්ණ ඉවත්වීමක් සිදු නොවන හෙයින් ඉතා සියුම් වශයෙන් මම යන වෙන් කිරීමේ ස්වභාවය සිතෙහි පවතින බැවින් මේ තත්වය මුළු මනින්ම මානසික ආවේගවලින් නිදහස්වීමක් නොවේ. මෙකී අනාගාමී අවස්ථාවේ රළු මානසික ආවේග ජනනයෙහි ලා උපස්ථම්භක වන පස්වැදෑරුම් ඕරම්භාගීය සංයෝජන ධර්‍ම වියැකී යන අතර අස්මි මානය ලෙස හැදින්වෙන මනසෙහි ඇති ඉතාමත් සියුම් මම යනුවෙන් වෙන්කර සලකන ස්වභාවය තව දුරටත් රදා පවත්වනු ලබන පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජන ධර්‍ම පමණක් ඇත.
    මෙම උද්ධම්භාගීය සංයෝජන ධර්‍මයන්හි ඇති සුඛුම ස්වරෑපය හේතුවෙන් සමහර අනාගාමී ආර්යයන් වහන්සේලා සියළු කෙ‍ෙලසුන් දුරුකො‍ට තමන් අර්හත් ඵලයට පත් වී යැයි සාවද්‍ය හැගීමක් පවා හටගැනීමට ඉඩකඩ ඇති බව සදහන් වේ. එයින් අදහස් වන්නේ එම උද්ධම්භාගීය සංයෝජන ධර්‍මයන්හි ඇති ඉතාමත්ම සියුම් බවයි. තමා තුළ ඇති සියුම් උද්ධම්භාගීය සංයෝජන ධර්ම අණු වශයෙන් පවතින නිසා ආර්යයන්වහන්සේලාහට ඒවා පවතින බවක් වත් ඇතැම්විටකදී නොහැ‍ඟේ.අසියලු මානසික ආවේග හටගන්වමින් සියුම් හුයක් මෙන් සත්ව චිත්ත සන්තානයෙහි මුල් බැසගෙන ‍ඇති මෙකී මම යනුවෙන් පුද්ගලයෙක් වෙන්කොට සලකන ස්වභාවය ඉන්ද්‍රියානුසාරයෙන් ලබන්නා වූ විවිධ අරමුණ වින්දනයෙහිලා ලෝලත්වය ඇතිකරගැනීම හේතුවෙන් ජනනය වී ඒ ලෝලබව නිසාම පවත්වාගෙන යනු ලබන සාවද්‍ය හැගීමක් බව මෙයින් පැහැදිලි වේ.
    මෙම හැගීම නැතිකර දැමීමට ක්‍රමවේදයක් ඇත. එනම් ඉතාමත්ම ක්‍රමානූකූල ආකාරයෙන් විපස්සනා භාවනාව සුදුසු කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුරක් මගින් වර්ධනය කරගැනීමයි. විවිධ ගුරු කුල ය‍ටතේ ඉතා ඈත අතීතයෙහි සිට ශ්‍රී ලංකාවේ විවිධ භාවනා ආචාර්යවරුන් යටතේ දියුණු වූ විවිධ භාවනා සම්ප්‍රදායයන් මහත් රාශියක් ඇත. මේ සදහාම රචනා වූ විශුද්ධි මාර්ගය වැනි පෞරාණික ග්‍රන්ථ ද ඇත. ථේරවාදී සම්ප්‍රදායට අයත් මහා විහාරීය ගුරු කුලයට අයත් නොවන අභයගිරි පාර්ශචයේ ග්‍රන්ථයක් බවට ඇතැම් උගතුන්ගේ අදහස වන විමුත්ති මග්ග වැනි ග්‍රන්ථයන් ද විශුද්ධි මාර්ගයටත් වඩා පුරාණයේ සිට භාවිත වී ඇති බවට සාධක ඇත. කෙසේ හෝ සිදු විය යුත්තේ සම්ප්‍රදාය රැක ගැනීමට හෝ එයට විරුද්ධව යාමට සටන් වැදීමට වඩා තමන්ගේ මානසික ආවේග වඩා හොදින් සමනය කරගන්නේ කෙසේදැයි සැලකිලිමත්වීමයි.
    වර්තමාන මිනිස් සමාජය දෙස සිහි නුවණින් බැලීමේ දී පැහැදිලිවම පෙනෙන දෙයක් වනුයේ ඔවුන් එකිනෙකා ඉතාමත් අනවශ්‍ය ආකාරයට ජීවත්වීම සදහා නොවතින අරගලයක යෙදී ඇති ආකාරයයි. ඒ නිසාම නූතනයෙහි මිනිස් සමාජයෙහි එක් එක් පුද්ගලයෙකු අතර ඇති සාමාජික සම්බන්ධතාවයන්හි ස්වරූපය දැඩි ලෙස අක්‍රමවත්බවකට පෙරැලී තිබේ.
    මිනිස් හදවත පැවතියයුතු සංවේදී ස්වභාය රඳා පැවැත්ම පිණිස අනිවාර්යෙන්ම තිබිය යුතු මෛත්‍රිය, දයාව,කරුණාව,මානුෂික බව,හෘදයාංගමබව,මෘදුබව,පරෝපකාරය,සාධාරණත්වය,සමානාත්මතාවය,අදීන බව, අපක්ෂපාතීත්වය වැනි ළතෙත් හැගීම් මිනිස් සිත් වලින් වියැකී ගොස් ඒ වෙනුවට පුදුමාකාර ස්වභාවයෙන් සියළු සිත් සතන් මනුෂ්‍යත්වයෙන් වියැළී බවකට පරිවර්තනයවී තිබේ.උදා වී තිබෙන මෙකී තත්වය හමුවේ මේ මිනිස් සමාජයතුළ වර්තමාන යුගයේ වෙසෙන සෑම ළතෙත් මනුෂ්‍යයෙකුහටම සමස්ත මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබදවම පුදුමාකාර කළකිරීමක් හටගැනීම සාධාරණය.මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය එතරම් පරිහානියට පත්වතිබේ.
    මිනිසුන් මනුෂ්‍ය සම්බන්ධතා පැවැත්විය යුතු වන්නේ ලාභ පාඩු යන ආර්ථික සිද්ධාන්ත වහල් කරගනිමින් නොවේ. මේ සියල්ලටම හේතුව වර්තමාන අධ්‍යාපන ක්‍රියාවළිය සකස්කොට ඇත්තේ ක්‍රමයෙන් ආධ්‍යාත්මිකව පුරන්වෙමින් භෞතික පක්ෂයෙන් පමණක් සරු මිනිසුන් නිර්මාණය වන ආකාරයට බැවිනි.
    එබැවින් අප අභිමුඛයෙහි සුරංගනා ලෝකයක් මැවුනත් එහි වෙසෙන්නේ අනන්ත අප්‍රමාණ මානසික ආවේගයන්හි වහලුන් වන සිතින් දිලිදු මිනිසුන් බව සමාජයෙහි කටයුතු කිරීමේ දී පැහැදිලි වේ. මේ හේතුව නිසා ගතින් විශ්ව ගම්මානයට පියමං කරද්දීම සිතින් ගල් යුගය, පූර්ව පාෂාන යුගය හා දඩයම් යුගය වැනි නොදියුණු වනචාරී යුගයන් වලට වර්තමානයෙහි විශ්ව මිනිසා පැමිණෙමින් සිටිනා බවක් මේ මහා මිනිස් ප්‍රජාව අතරෙහි දී පවා හුදකලා වන්නෙකු හට හැගේ. තමන් සිතින් දිළින්දන්ව වෙසෙමින් භෞතික පක්ෂයෙන් පමණක් ඇති කරගන්නා දියුණුව ගැන පුරසාරම් පැවසීම බුදු සමය විසින් එක් ඇසක් ඇති පුද්ගලයාගේ දර්‍ශනයට උපමා කර එහි ඇති අඩුපාඩුකම් මැනවින් පෙන්වාදෙනු ලබයි.
    ඉදින් මෙවැනි සමාජයක දී වුව ද අන්‍යයන් කෙසේ වුවත්, තමාහට තමන්ගේ චිත්තාවේග සමනය කොට කටයුතු කළ හැකි නම් එයින් සමාජය වෙනස්කළ නොහැකි වුව ද තමන් ආශ්‍රය කරන සුළු පිරිසට හෝ එයින් මහත් සහනයක් සැලසිය හැකි සහනශීලී පුද්ගලයෙකු එයින් ඇතිකරවා ගැනීමට හැකියාව ලැබේ. චිත්තාවේගයන්ගෙන් සහනය සැලසුනත් පූර්ව කර්‍ම විපාකයන් මගින් ඇතිකරන සිදුවීම් මගින් සිතට දැනෙන පීඩාව අහො‍්සි කළ නොහැක.
    එය තව දුරටත් පීඩාවක් වන්නේ එය තමාගේ වේදනාවක් වශයෙන් මමත්වයෙන් ග්‍රහණය කරගෙන වින්දනය කිරීමට කැමැති වන්නේ නම් පමණකි. දැනීම් ඇත. නමුත් වින්දනයක් නොමැත. පෙනුනත් බැලීමක් නොමැත. ඒ ආකාරයෙනි. බුදුරදුන් බාහිය දාරුචීවරිය තෙරුන්ට මෙලෙස වදාළේ ද මේ ආකාරයෙන් මනස හික්මවීම පිණිසය. සියල්ල සම සිතින් හා මෙත් සිතින් විද දරා ගැනීමට පවා මේ තුළින් අවශ්‍ය කරන උපේක්ෂාව වර්ධනය කරනු ලබයි. පුද්ගලයෙක් මෙලොව ජීවත්ව සිටිය දී සත්‍යාවබෝධය කළත් නොකළත් කිසිදු වෙනසක් රහිතව අන්‍ය පුද්ගලයන්ට සේම ලාභ, අලාභ, කිර්ති, ප්‍රශංසා, යස, අයස, නින්දා, අපවාද, ඇණුම්, බැණුම්, සම්මාන සත්කාර, ගැරහුම් ආදී අටලෝ දහමටම මුහුණ පෑමට සිදු වේ.
    බුද්ධ, පච්චේක බුද්ධ, මහරහත් ආදී උතුමන් වහන්සේලාහට පවා මෙකී තත්වය පොදු වූ බව දහමෙහි සදහන් වේ. වඩාත් වැදගත් වන්නේ ඒවා එන එක වැළකීම හෝ එයින් සිත දුර්මුඛ කර ගැනීම නොවේ. ඒවාට සම සිතින් උපේක්ෂාවෙන් අකම්පිතව මුහුණදීමයි. ඇතැම්වටක දී පූර්ව කර්‍ම විපාකය කෙසේ හෝ විපාක දී අවසන් කළ යුතුම නිසා මෙවන් තත්වයන්හට උසස් මානුෂික ගතිගුණවලින් හෙබි පුද්ගලන්හට පවා මුහුණදීමට සිදු වේ.
    කිසියම් පුද්ගලයෙකු නිවැරදි මාර්ග නීති අනුගමනය කරමින් ස්වකීය රථය පැදවූ පමණින් මාර්ග නීති කඩ වැරදි කරන පුද්ගලයන් විසින් පදවනු ලබන අනෙකුත් රථ නිසා අනතුරුවලට භාජනයවීමේ ඉඩකඩ අහෝසි ‍ නොවන්නාක් මෙනි. අසත්පුරුෂයන් නිසා සමාජයට සිදුවිය හැකි මහත් හානිය හැකිතාක් අවම කර ගැනීමට සත්පුරුෂයාට ඔහුගේ ප්‍රතිපත්තිය නිසා ඉඩකඩ සැලසේ.
    පුද්ගලයෙකුගේ පුද්ගල පෞරුෂත්වය වර්ණවත් හා වඩාත් ඔප් නැංවෙන කරුණ වනුයේ ද හැකි තාක් ගැටළු හා අභියෝගවලට අකම්පිතව මුහුණ දීමයි. යහපත් මිනිසෙකු ගොඩ නැගෙනුයේ ද ‍සියල්ලෙන් සුරක්ෂිත කිරීමෙන් නොව වඩාත් කටුකවූ යථාර්ථයට මුහුණදීමේදී එම මිනිසා ක්‍රියා කරනුයේ කෙසේද යන ආකල්පය පෙරදැරිව ධනාත්මකව පුද්ගල පෞරුෂත්වය සංවර්ධනය කිරීම තුළයි. මිනිස් ඉතිහාසියෙහි ඈත යුගයන්හි දී ජීවමානව සිටි ඉතාමත්ම ශ්‍රෙෂ්ඨ ස්ථානයට පත් වූ මිනිසුන් එකී ශ්‍රේෂ්ඨත්වය කරා ඔසවනු ලැබූයේ මෙකී ක්‍රමවේදයමය.

    දර්ශනපති
    සුජිත් නිශාන්ත හේවගේ

    • 03.පරිච්ඡේදය සංජානනය : ඉන්ද්රීථය ඥානය 3.1.දැනුම ගොඩනැ‍ඟෙන පිළිවෙල දැනුම ගොඩනැ‍ඟෙනුයේ තමාට අනන්යල මානසික හැඩතලයට අනුරූපවය. මේ නිසා දැනුම ගොඩනැ‍ඟෙන පිළිවෙල පුද්ගලානුබද්ධව වෙනස් මුහුණුවරක් ගනියි.දැනුම යනු සංඥා යම් කිසි පිළිවෙළකට අනුව මනස තුළම සංවිධානයවීමකි. එමඟින් මොළයේ නව ස්නායු ව්යුමහයන්හි දත්ත තැන්පත්වනුයේ නිශ්චිත රටාවකට අනුවය. යම්කිසි දත්ත සමුදායක් මොළයේ ගබඩා වී ඇත්තේ සංවිධානාත්මක ස්වරූපයකිනි. මේ සංවිධානාත්මක ස්වරූපය නිසා මොළයේ සංකීර්ණ ව්යුාහ ගොඩනැ‍ඟේ. මේ නව ව්යුයහ ගොඩනැඟීමෙන් ඒවා අතර නව අන්තර් සබඳතා ඇතිවීම සංශ්ලේෂණ ක්රමමවේදයක් අනුව සිදුවේ. සංශ්ලේෂණ ක්රගමවේදය යනු පවතින දෙය අනුසාරයෙන් ඇති වන විවිධ දැනුම් ක්ෂේත්රු ගොඩනැඟීමයි.එවිට අභිනව ක්ෂේත්රව අර්ථකථනයවනුයේද පවතින ක්ෂේත්රව වලට සමානුපාතිකවය. මේ ක්රශමයේ ප්ර්බල ස්ථාන මෙන්ම දුබල ස්ථානද තිබේ. මෙහි ප්ර‍බල ස්ථාන නම් නිරතුරුව පවතින දැනුම ආශ්රටයෙන් නව දැනුම ගොඩනැගෙන නිසා දැනුම තහවුරු වීමට වැඩි ඉඩකඩක් සැලසිය හැකි බවයි. එසේම පවතින දැනුම ඔස්සේ නව දැනුම විචාර පූර්වකව සලකා බැලීමට මෙහිදී වැඩි ඉඩක් හිමි වේ. එසේම පවතින දැනුම සංස්කරණය කිරීම් වලට ලක්වේ.ඇතැම්විට පවතින දැනුම පිළිබඳව වැඩිදුර ව්යිතිරේක කරුණු පවා එක්රැස් කර ගැනීමට මෙකී ක්රතමවේදය ඔස්සේ වැඩි ඉඩක් හිමිවේ. එබැවින් මෙබඳු අවස්ථාවන්හි පවතින මූලික දැනුම තව තවත් තහවුරුවීමට අවකාශ සැලසේ. සංශ්ලේෂණ ක්රසමවේදයේ දක්නට ලබෙන දුබලතාවය නම් පවතින දැනුමට වෙනස් දේ සංජානනය වීමේදී පවතින දැනුම ප්රතතික්ෂේපවීමකට ලක්විය හැකි බවයි. සාරධර්ම ලෙස කලක සිට පිළිගැනී පැවතුනු දෙයක් තවත් අවස්ථාවකදී සාරධර්ම නොවන ලෙස වැටහිය හැකිය. ඒකී හේතුව නිසා මුලින් සාරධර්ම ලෙස සැලකූ දේවල් අත්හැර දැමීමට පවා ඉඩ තිබේ. පොල්තෙල් ආහාරයට ගැනීම නිසා රුධිරයේ අන්තර්ගත මේද ප්රමමාණය වැඩිවෙතැයි යන දැනුම ලබයි.පසු අවස්ථාවකදී පොල්තෙල් ආහාරයට ගැනීම එතරම් අයෝග්යේ නොවන බවක්ද දැනගනියි. පොල් තෙල් ආහාරයට ගැනීම නොව සත්ව මේදය ආහාරයට ගැනීම අදාළ රෝගී තත්වයට හේතුව බව නිසැක ලෙස දැන ගනියි.මේ සමඟම පොල්තෙල් ශරීර සෞඛ්යයයට අහිතකර යන දැනුම ප්‍රතික්ෂේිප වේ. මේ නිසා යම් කිසි දෙයක් පිළිබඳ ඇති පිලිගැනීම වඩාත් තහවුරුවීම මෙන්ම ප්රනතික්ෂේපවීම යන ප්රයතික්රි්යා දෙකම සංශ්ලේෂණ ක්රිමවේදයතුළ විද්යතමානබව පැහැදිලිවේ. දැනුම ගොඩනැඟීමේදී භාවිතාවන අනෙක් ආකාරය නම් විශ්ලේෂණ ක්රකමවේදයයි. මෙහිදී දැනුම ගොඩනැ‍ඟෙනුයේ විග්රෂහයතුළිනි. විශ්ලේෂණ ක්රදමවේදයේ ප්රපබල බව නම් මෙහිදී උපයෝගී කරගන්නා දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවයි. මෙහිදී තාර්කික ස්වරූපය භාවිතා කරන අවස්ථාද ඇතිවේ.යමක මතුපිට ස්ථරයේ සිට ඊට පහතින් පිහිටි යට ස්ථර කරා අනුක්රකමිකව ගැඹුරට පිවිසෙමින් සිදුකරන විග්රපහයන් මීට ඇතුළත්ය.නිදසුනක් ලෙස යම් විශාල සංඛ්යාරවක් තව ඊට වඩා කුඩා සංඛාවකින් බෙදූවිට අවසානයේදී ලැබෙන දුරටත් නොබෙදිය හැකි සංඛ්යාඅත්මක වූ පිළිතුර දැක්විය හැකිය.එසේම විසඳීමට දුෂ්කර ගැටළුවක පියවර ගණනාවකින් පසුව විසඳුම වෙත ළඟාවීමද නිදසුනකි.එසේම එක්වරම වටහාගැනීමට අසීරු යමක් ක්ර්මික පියවර ගණනාවකට බෙදා ඉන් අනතුරුව වටහාගැනීමට වෑයම් කිරීමද විශ්ලේෂණ ක්ර්මවේදයයි. විශ්ලේෂණ යන්න තුළ විග්රීහ කිරීම අන්තර්ගතය.යමක් වටහාගැනීමට නම් ඒ පිලිබඳ විග්රරහයක යෙදීම අවශ්යනවනුයේ ‍මේනිසාය. මෙහිදී දැනුම ගොඩනැ‍ඟෙනුයේ පියවර ක්රහමයට අනුවය. ඒ අනුව මුලින් ඇති වූ දත්ත සංඥා වලටම පසුව ලැබෙන දත්ත සංඥා එක්වීම නිසා මූලික හැඩයේ සංකීර්ණත්වයක් විද්යවමානවේ. එවිට මූලික හැඩයද පවා වෙනස්වී යන අවස්ථා තිබේ. නිතරම දත්ත සංඥා විශ්ලේෂණයේදී පියවරවල සමාන බව මෙන්ම ක්ර මික බවද තිබිය යුතුය. මෙහිදී ‍මොළයේ ස්නායු ව්යුැහ ගොඩනැඟෙනුයේ මුලික ව්යුනහ සියල්ල සම්බන්ධ කරගෙන නොවේ. එහිදී සම්බන්ධ වනුයේ අවසාන පියවරට ආසන්නතම පියවර වේ.මේ අනුව පියවර රාශියකින් සමන්විත ස්නායු ව්යු්හයක එක් එක් පියවර පාසා ක්රපමික සම්බන්ධ වීමක් ආසන්නතම පියවර තුළ ඇත. එසේම මුල්පියවර සමඟ අවසානපියවර සෘජුව අසම්බන්ධිතය. අවසාන පියවරේ සිට මුල් පියවරට යාහැකිවනුයේ ඊළඟ ආසන්නතම පියවර ඔස්සේ වීමද මෙහිදී විද්යනමාන එක් සුවිශේෂීත්වයකි.මේක්රේමයට අනුව දැනුම ජාලගතව සම්බන්ධවන බැවින් අවශ්යිවන අවස්ථාවන්හි විචාරපූර්වකව විකල්ප අවස්ථා කරා පහසුවෙන් ළඟාවිය හැකිය.මේ ක්රදමයේදී මුලික දැනුම දෙවනුවට ලබාගන්නා දැනුම මඟින් ප්රුතික්ෂේප නොවේ.එසේම දැනුම අනවශ්යා පරිදි යළිඳු වාරයක් තහවුරුවීමක්ද නොවේ.මේ නිසා කිසිදු අධානග්රාකහී බවක් නොමැතිව මධ්ය ස්ථව විචාරශීලී අයුරින් කටයුතු කළ හැකිවීම මේ ක්රිමවේදයේ විද්යාවමාන වාසි සහගත තත්වයකි. දැනුම ව්‍යුහාත්මකව ගොඩනැ‍ඟෙන්නක්ය යන මනෝවිද්යාීඥයින්ගේ පිළිගැනීම නූතන පර්යේෂණ නිසා ඇතැම්විට අභියෝගයට ලක්වී තිබේ. මේ පර්යේෂණ නූතන මනෝ විද්යාණත්මක හැඩතලයේ සුවිශාල පෙරලියක් ඇතිකිරීමට සමත්වී ඇත. මන්ද අදාළ ව්යුයහයන්ගෙන් පරිබාහිරව පවා දැනුම ගොඩනැඟිය හැකිබව පැහැදිලිවී ඇති බැවිනි. මෙය මනසේ රසායනික ද්රනව්යහවල සංකීර්ණ වූ ප්රැතික්රිදයාවක් නිසා ඇතිවන්නක් බවට නුතන මනෝවිද්යානඥයින් විසින් අර්ථදක්වනු ලැබේ. මතකය, දැනුම හා ආවර්ජනය යන ක්රිකයාවළි සිදුවනුයේ සීඝ්රන රසායනික ප්ර තික්රිියාවන් මඟින් බව මේ පිළිබඳව පර්යේෂණවලදී සොයාගෙන තිබේ. දැනුම නිරතුරුව ලැබීම නිසා මනස තුළ සංකීර්ණ ව්යුයහ ‍ගොඩ නැ‍ඟෙතැයි මුලින් විශ්වාස කරන ලදී. මොළය විශාල පරිපථයක් ලෙස සැලකූ විට ඒ තුළ තව ක්ෂ්ර‍ද්රළ පරිපථ ඇතිවීම දැනුම ගබඩාවීමේදී සිදුවේ.සැබවින්ම මොළයෙන් කුඩා විද්යු ත් ධාරාවක් නිකුත්ව එය සෙසු ප්රැදේශ කරා ව්යාේප්තවී යයි. අවදියෙන් සිටීමේදී නිද්රාාවට පත්වීමේදී නිද්රාතවේ විවිධ අවස්ථා වලදී, සිත සමාධිගතව පවතිද්දී මොළයෙන් නිකුත් වන මෙකී විද්යුේත් ධාරාවේ තරංග ආයාමය ඊට අනුරූප වන පරිදි සුසර කිරීමකට ලක් වේ. මේ අනුව මොළයෙහි ක්රියයාකාරීත්වය මැන ගැනීම සඳහා මෙකී තරංග ආයාමය සුපරීක්ෂණයට ලක් කිරීම බොහෝවිට නූතන වෛද්යය විද්යාට පර්යේෂණවලදී සිදුවේ. මොළයතුළ හා ඉන් පිටතට විහිද යන මෙකී විද්යු ත් ධාරාව මොළයේ විවිධ ස්ථාන උත්තේජනය කිරීමට උපකාරී වේ. මොළයේ ක්රිෙයාකාරීත්වය නිරෝගීව පවත්වා ගැනීමට මෙකී විද්යුනත් ධාරාව මොළය තුළ ව්යා.ප්තවීම අවශ්යිය. එසේ නොමැති වුවහොත් මොළයෙහි හා ස්නායු ක්රියයාකාරීත්වයෙහි කටයුතු අකර්මණ්යඩය විය හැකිය.ඒ නිසා නිරතුරුවම ‍මොළයෙන් නිකුත්වන මෙකී විද්යුකත් ධාරා‍ව එය නී‍රෝගීව පවතින අවස්ථාවලදී කිසියම් නියත මට්ටමකින් පැවතිය යුතුය. එහි නියත අගය අඩු වැඩි වීම මොළය නිසි ආකාරයෙන් ක්රියයා නොකරන බවට සාධකයකි. එසේම මොළයේ මෙකී විද්යුඩත් ක්රිායාකාරීත්වය මොළයතුළ ඇති ස්නායු සම්ප්රේයෂණ සංඥා දත්ත ගබඩාවීම හා යළි අවශ්යමවූ විට ඒවා සිහි කැඳවීම ආදී ‍බොහෝදේ සමඟ සම්බන්ධය. මේ විද්යු ත් ධාරාව සමඟ මොළය ක්රිසයාත්මක වීමේදී මොළයේ ව්යුබහවල රසායනික ප්රතතික්රිළයා ලෙස ගබඩාවී තිබෙන දැනුමද මොළයට අවශ්ය අවස්ථාවලදී විටින් විට කැඳවාගැනීමද සිදුවේ. දැනුම ගොඩනැඟීමේ ක්රිරයාවළිය සිදුවන්නේ මෙසේ ආපසු මතක ගබඩා වලින් කැඳවනු ලැබූ මතක දත්ත හා ‍මොළය වෙත අලුතින් සම්ප්රේෙෂණය වූ සංඥා දත්ත අතර සමායෝජනය නිසාය.මොළයේ ඇති සංකීර්ණ ක්රියයාවළිය නම් මෙකී සමායෝජනයයි. අපට ලෝකයේ ජීවත්වීමේදී අවශ්ය කරන්නා වූ සෑම දැනුමක්ම ලැබෙන්නේ මේ සංකීර්ණ සමායෝජන ක්රි යාවළිය හරහාය.ඉගෙනීම,දැනුම ලැබීම පුරුදු පුහුණුව ලෙස සාමාන්යර ව්යරවහාරය අනුව හදුන්වනු ලබන්නේ ඉතා සංකීර්ණව මොළය තුළදී සිදුවන මේ සමායෝජන කාර්යභාරයටය. මේ සමායෝජන කාර්යභාරය සරළ බවේ සිට සංකීර්ණ බව දක්වා විවිධ පරාසවලින් යුක්තය.යම්කිසි දත්ත සම්ප්රේ ෂණයක් මොළයට ලැබීමේදී මොළය ඒ පිලිබඳව අදහසක් ඇති කරගන්නේ මීට පෙර අවස්ථාවකදී අදාළ සංඥාවට හෝ ඊට සමාන දත්ත සංඥාවන් මොළය වෙත ලැබී එය මතකයේ ගබඩාකර තිබුණහොත් පමණි.එවිට මොළය ඒපිළිබඳ සුපරීක්ෂා කර අදාළ මතකය තැන්පත්ව ඇතිනම් යළිආපසු කැඳවාගැනීම සිදුකරයි. මෙසේ ආපසු කැඳවා ගනු ලැබූ මතකය ආගන්තුක දත්ත සංඥාව හා මනා සේ සසඳා බැලීමකට ලක් කරයි.මෙහිදී ආගන්තුක දත්ත සංඥා මෙසේ ආපසු කැඳවාගනුලැබූ මතක දත්තවලට සමාන නම් මොළය විසින් අදාළ ආගන්තුක දත්ත සංඥා හඳුනාගැනීමකට ලක්කෙරේ.අනතුරුව දත්ත වර්ගීකරණයද කෙරේ. මොළයේ තැන්පත්වූ දත්ත යළි සිහිකැඳවීම හා සැසඳීම වැනි ක්රිකයාවළි මඟින් යමක් පිළිබඳ හඳුනාගැනීමට අවශ්යක මූලික පුහුණුවක් ඇතිවේ. හඳුනාගැනීම පිළිබඳ ඇතිවන මේ මුලික පුහුණුව ඉතා සංකීර්ණ ඉගෙනුමක ප්රා ථමික හැඩතලයයි. පුහුණුව නිසා ඉගෙනීමද, ඉගෙනීම නිසා පුහුණුවද ලැබේ. පුහුණුව ඉගෙනීමේම කොටසකි. චර්යාවේ ඇතිවන වෙනස්වීම ඉගෙනීමකි. මෙය සිදුවනුයේ පුහුණුව නිසාය. මේ අනුව එම පුහුණුව ඕනෑම ආකාරයක දෙයක් විය හැකිය. ආකල්ප පිළිබඳ ඇති කළ පුහුණුවක් විය හැකිය.එවිට එය ආකල්ප ඉගෙනීමකි.එසේම ආවේදනය හා චර්යාව පිළිබඳව ද මීට සමාන පුහුණුවක් ඇති කළ හැකිය.එවිට එබඳු පුහුණුකිරීම ආවේදන ඉගෙනීමක් හා චර්යා ඉගෙනීමක් බවට පත්වේ.යමෙකු යම්දෙයක් ඉගෙනීම නිසා ලැබෙන පුහුණුව එපරිදි විවිධ හැඩතල වලට අයත්වේ. ඕනෑම පුහුණුවක් ආකල්ප, ආවේදන හා චර්යා යන තෙකොටසකට බෙදේ. පළමුව දත්ත සංඥා නිසා මනසේ ඇතිවනුයේ ආකල්පයි.මෙය සූක්ෂමය. තේරුම් ගැනීම තරමක් අපහසුය. මේ සඳහා ජීවිවිද්යාුත්මක වර්ධනයක් ලබා තිබිය යුතුය. ළමාවියේදී ආකල්ප පුහුණුව තරමක් දුරට දුෂ්කරය.මන්ද දරුවාගේ මොළය ඊට සරිලන ලෙස ජීව විද්යාආත්මක වර්ධනය වී නැති බැවිනි. වයසින් වැඩෙත්ම ආකල්ප පුහුණුවට දරුවෙකු යොමුකළ හැකිය. ආවේදන පැතිකඩ අප‍ගේ චිත්තවේග හා සම්බන්ධය.හැඟීම් දැනීම්වලට සම්බන්ධකර ප්රේතිචාර ඇති වනුයේ මේ අංශයන්ගෙන් සිදුවන දැනුම සංසරණය මඟිනි.නිදසුනක් ලෙස මිත්රාශීලී ආකල්පමය දැනුම ලැබීම නිසා සිතට ප්රීනතියක් ඇතිවේ. තමාට සිදුවූ පාඩුවක් පිළිබඳ දැනුමකදී සිතට දුකක් ඇති වේ. තමා දරා සිටින අදහසක් අනුන් විසින් විවේචනය කරනු ඇසූ විට තරහව, දොම්නස හෝ කළකිරීම ඇති විය හැකිය. මේවා හැඟීම් ආවේග වැනි සිතේ භාවාත්මක පැතිකඩ හා සම්බන්ධ දැනුමකි.එම නිසා මේවා හැඟීම් ඉගෙනීම යනුවෙන් ද හැඳින්වේ. විශේෂයෙන්ම කුඩාදරුවන්ගේ ආකල්ප පිළිබඳ වටහා දීම අසීරුය.එබැවින් ඔවුන්හට ඉගැන්විය යුතු වන්නේද ඉගැන්වීමට වඩාත් පහසු වන්නේද ආවේදන පැතිකඩ මඟිනි.මෙහිදී ඇති වන ගැටළුවක් නම් කුඩා දරුවන්ගේ මනස සංකල්ප, ආකල්ප වැනි වියුක්ත අදහස් තේරුම්ගැනීමට තරම් මෝරා වැඩී නොතිබීමයි. වියුක්ත සංකල්ප යනු බාහිර ලෝකයේ විද්යකමාන සම්මුති, ප්රඩඥප්ති ආදියට සෘජුව සම්බන්ධ නොවන අදහස්ය.එනම් කාලය, දුර, ගුණිතය වැනි සංකල්පයි.මේවා වුවද වැඩිහිටියන්ට එතරම් ගැඹුරු දේ නොවේ.නමුදු නිවන බඳු දෙයක් වැඩිහිටියෙකුට පවා තේරුම්ගත නොහැකිය. මන්ද එය තේරුම්ගැනීමට තණ්හා, දෘෂ්ටි, මාන ආදියෙන් කිළිටිවූ සාමාන්යත පෘථග්ජන මනසකට නොහැකි බැවිනි. ඊට සුවිශේෂී සංජානන කුසලතා ක්ර මානූකූලව වර්ධනය කරගත යුතුය. විදර්ශනා භාවනාවේදී සිදුකරනුයේ මෙකී සංජානන කුසලතා ක්රධමානූකූලව වර්ධනය කිරීමකි.එහිදී දැනුම ලබාදෙනුයේ අභ්ය්න්තර කුසලතා අවධි කර ගැනීම සඳහාය. පොත්පත්වල ඇති දේ ධාරණය කර ගැනීමද දැනුමකි.ඇසීමද දැනුමකි. නමුදු මෙබඳු දැනුම මඟින් සිදුවනුයේ විෂය කරුණු රැසකින් මනස පුරවා දැමීම පමණකි. ත්රි.පිටක සූත්ර දේශනාද අයෙකුට මෙබඳු දැනුම ලැබීම සඳහා භාවිතා කළ හැකිය. එවිට සිදුවනුයේද එසේ ලැබෙන දැනුම නිසා මනස විෂය කරුණු වලින් පිරවීයාම පමණකි. ඊට අමතරව අධ්යාිපන සහතික ගොන්නට තවත් සහතික එකතුවීම පමණි. නමුදු අවශ්යි නම් අයෙකු හට ත්රිඅපිටක සූත්ර දේශනා අභ්යනන්තර කුසලතා අවධිකරන දැනුම ලැබීම පිණිසද භාවිතා කළ හැකිය. ළදරු පාසැල්වල දරුවන්ට එක්වරම අකුරු ඉලක්කම් නූගැන්විය යුත්තේ ඔවුන් ඉක්මනින් එබඳු ඉගැන්වීම් වලින් වෙහෙසට පත්වන නිසාය. එසේ කිරීම ඵලදායකද නැත. ඉගැන්වීම සමබරව යා යුතුවන්නේ ඔවුන්ගේ ජීවවිද්යාපත්මක වර්ධනයට අනුකූලවය. එසේ නොවුවහොත් පසු කාලීනව එය ඔවුන්ගේ මනසට හානිකර ලෙස බලපෑ හැකිය. කුඩාදරුවෙකු තුළ බිළිඳු වියේදී වර්ධනය වීමට පටන් ගනුයේ ආවේදන පැතිකඩ වන නිසාය.කුඩාදරුවෙකු සිය අවශ්යිතා වැඩිහිටි සමාජය වෙතට සන්නිවේදනය කරනුයේ හැඬීම මඟිනි. දුක, වේදනාව, නොරිස්සීම, මානසික කායික අපහසුතා බඳු අවශ්යුතා සිය මවට සන්නිවේදනය කිරීම සඳහා කුඩාදරුවෝ හැඬීම එක්තරා මාධ්යායක් කරගනිති. හැඩීම නම් චිත්තාවේග සම්බන්ධ ජීවවිද්යා ත්මක ශාරීරික ක්රිහයාවළියකි.මේ නිසා කුඩා දරුවන්ගේ මුල්ම පුහුණුව හැඬීමයි. එය මනුෂ්ය් ළඳරුවා ජන්මයෙන්ම ලබන දායාදයක් වැනිය. මන්ද කිසිවෙකු හැඬීම ළඳරුවන්ට පුහුණු නොකරවන බැවිනි. නමුදු ජන්මයෙන් ලද හැඬීම සිය අවශ්යහතා ප්රටකාශයට පත්කිරීම පිණිස මාධ්යවයක් කරගැනීමට හුරුවීමත් සමඟ ළඳරුවන් එය පුහුණු වන බව පෙනේ. මෙය ළඳරුවන්ගේ මුල්ම ඉගෙනීමයි. මේ හේතුව නිසා කුඩාදරුවන්ට පුහුණු කරවීම පහසු චිත්තවේගික වූ කරුණු බව පැහැදිලිය. ඔවුන්ගේ මොළයේ චිත්තවේගාත්මක කොටස වඩාත් වේගවත්ව වර්ධනය වේ.එසේම කුඩාදරුවන් චලනය සම්බන්ධ ක්රිවයාකාරකම් පහසුවෙන් පුහුණුවේ.මොළයේ චලනයට සම්බන්ධ ප්ර දේශ වර්ධනයවීම ආරම්භවනුයේ දරුවෙකුගේ කුඩා කාලයේදීමය. අත්පාවලින් යම්කිසි දෙයක් අල්ලා බලමින් චාලක කුසලතා වර්ධනය කර ගැනීමට කුඩාදරුවෝ දැඩි උනන්දුවක් ගනිති. චර්යා පැතිකඩ හඳුන්වනු ලබන්නේ මනෝචාලක අංශය වශයෙනි. අතහුරු කුසලතාවය වශයෙන්ද මෙය හැඳින්වේ. මොළයේ යාන්ත්රි ක හැකියාවට සම්බන්ධ කොටසේ සිදුවන වර්ධනය ඇති වනුයේ මනෝචාලක අංශය නිසාය. මෙය බොහෝවිට චර්යාවට සම්බන්ධය.විශේෂයෙන්ම කාර්මික හැකියාව වැඩි අය තුළ මේ අංශය ප්රටබලව වර්ධනය වී තිබේ.කුඩා දරුවෙකුගේ මොළය වැඩීමේදී පළමුව වර්ධනයවන එක් කුසලතාවයක් නම් මනෝචාලක අංශයයි. මේ නිසා දරුවෙකුට වැඩීමේදී ක්රමමානූකූලව සිය ඇඟිලි හුරුකර ගැනීම සඳහා කතුරෙන් කැපීම, වැලි පීලි මත ලිවීම, ඇඟිල්ලෙන් ඇඳීම ආදී ක්රිනයාකාරකම් පවරා දෙනු ලැබේ.ලමුන් මෙහිදී මනෝචාලක අංශය දැඩිව වර්ධනය කර ගනිති. සාමූහික ක්රිමයාකාරකම්, කණ්ඩායම් හැසිරීම් මඟින් ලබන දැනුම අයත් වන්නේ මෙකී මනෝචාලක අංශයටය.මෙමඟින් ලබන දැනුම වඩාත් තහවුරුවනුයේ ශාරීරික ක්රිියාකාරීත්වය සමඟ මනස එක් වී ක්රිමයාත්මකවීම තුළින් මෙම දැනුම ලබන බැවිනි. මනෝචාළක අවධියතුළ දරුවෙකුගේ වර්ධනය වඩාත් අධික අවදියයි.මේ අවදියේ අදාළ මනෝ චාළක හැකියාව වැඩිදියුණු කර විය හැකි පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්ය. මන්ද දරුවාතුළ සැඟව ඇති නිර්මාණශීලී කුසලතාව මතුවනුයේ නිසිලෙස එබඳු පුහුණුවක් ලබාදුනහොත් පමණක් බැවිනි. පසුකාලයකදී නීරෝගීමත් සමබර පෞරුෂයකින් සමන්විත දරුවෙකු බිහිවීමට දරුවෙකුගේ මනෝචාළක කුසලතාව නිසි අයුරු පුබුදු කළයුතුය.එය වෙනස් කිරීමට හෝ යටපත් කිරීමට වෑයම් කිරීම නිසා අහිතකර ලක්ෂණ දරුවා වැඩීමේදී මතුවිය හැකිය. එබැවින් ළඳරු පාසැල් වලදී දරුවන්ට අකුරු, ඉලක්කම් ඉගැන්වීමට ඉක්මන් නොවී මූලිකව අවශ්ය. මනෝචාළක කුසලතාවය පමණක් ලබා දෙන ලෙස උපදෙස් සපයනු ලැබේ. යම් දරුවෙකු ක්රුමානූකූලව වැඩීමේදී අදාළ එක්එක් වයස් පියවරෙහිදී ඒ වැඩීමට අදාළ පුහුණුව පමණක් ලබාදීම ඉතා වැදගත්ය.මන්ද මානසික සෞඛ්යා සම්පන්න නීරෝගී දරුවෙකු බිහිකරගත හැක්කේ එලෙසට ක්රිායාකිරීම මඟින් පමණක් වන හෙයිනි.දරුවෙකුගේ වයස් මට්ටම අනුව බුද්ධි හැකියාව වර්ධනය වන බැවින් එය නොතකා කරන ඉගෙනීම හෝ පුහුණුව ඵලදායී නොවේ.බුද්ධිය,නිර්මාණශිලීබව, මතකය,දැනුම ගොඩ නැඟීමේ පිළිවෙල ආදී අංශ එක්එක් වයසට අනුකූලව තීරණයවී තිබේ.මෙය නොතකා වයසට වඩා බලයෙන් දැනුම පැටවීමටයාම නිසා දරුවාගේ නිර්මාණශීලීහැකියාව මොට වී දරුවා ඵලදායී නොවන පුද්ගලයෙකු බවට පත්විය හැකිබව අවබෝධ කරගත යුතුය. දැනුම ගොඩනැ‍ඟෙන පිළිවෙළ අවබෝධ කරගැනීමේදී උපයෝගී වන මෙම ලක්ෂණ සියල්ලම සැලකිල්ලට ගැනීම අවශ්යෙය.දැනුම නිතරම යාවත්කාලීන වේ.එසේම යථාවත් කිරීමෙන් තහවුරු කරගත යුතුය.කෙනෙකු උපන් මොහොතේ සිට මියයන තුරුම මෙම ක්රිමයාවළිය අඛණ්ඩව සිදුවේ.මේ අනුව දැනුම ගොඩනැඟීම සරළ රේඛීයව සිදුවන්නක් නොවන බව අවබෝධ කරගත යුතුය. මොළයේ දත්ත තැන්පත් වන්නේ නිශ්චිත රටාවකටය.එයද මනසේ ඊට අදාළ ව්යුුහ ගොඩ නැඟී ඇති අන්දමටය.සංජානනය පිළිබඳ මූලධර්ම දැනට ගොඩනැඟීමේ පිලිවෙලට බලපානුලබන බව දැක්විය යුතුය.දැනුම මොළයේ අදාළ ව්යුිහතුළ ගබඩාවීමේදී එය තැන්පත්ව ඇති පිළිවෙළතුළ ගැබ්වන කිසියම් නිශ්චිත පොදු රටාවක් පිළිබඳ අවධානය යොමුකළ හැකිය.මේ පොදුරටාව තුළ අදාළ සංජානන දත්ත වලින් නොහැඟවෙන තවත් ලක්ෂණ පිළිබඳවද ඉගෙනීමට ලැබේ.එසේම මෙම පොදු සමානකම පවතිද්දී ඊට වෙනස්වන ස්ථානද හමුවේ.එහිදී ඒ පොදු සමානකමට පිටින් වෙනස්වන අවස්ථා පිළිබඳ විකල්ප අවස්ථාවන්හි ලබන දැනුම ලෙස හැඳින් වේ.මෙය යම් දැනුමක් ගොඩනැඟීමේදී දැනුමට සාපේක්ෂකව මෙන්ම නිරපේක්ෂකව ඇති වන දැනුමකට පවාද හේතුවේ. නිදසුනක් ලෙස 1 යන සංඛ්යාෂව තව 1 සංඛ්යා්වකට එකතුකළ විට පිළිතුර ලෙස 2 ලැබේ(1+1=2). මෙය සාපේක්ෂ ලෙස ලබන දැනුමකි.මීට වෙනස් අවස්ථා ආකාර වලින්ද මේ දැනුම ප්රිකාශ කළ හැකිය.එනම් 1 සංඛ්යානවට 1 සංඛ්යාඅව එකතුකළ විට 11 ලැබීමද (1+1=11), 1 ක් තව 1 කට එකතු කළවිට 1 ගොඩක් ලැබීමද(1+1=1) විකල්ප දැනුම ඇතිවීමේ අවස්ථා ලෙස දැක්විය හැකිය.මෙහිදී පළමු ඉගෙනීම හැරෙන්නට සෙසු සියළු ඉගෙනීම් ක්රථම ගණිතයේ මූලික මූලධර්මවලට විරෝධීබව කෙනෙකුට පෙනී යා හැකිය. නමුදු ඒවාද දැනුම ලැබීමේ නව විකල්ප හා නිරපේක්ෂ අවස්ථා පෙන්නුම් කරනබව වටහාගත යුතුය. පළමුක්රබමය නිවැරදි යැයි සලකනුයේ සමාජ සම්මතය අනුව එය නිවැරදිබවට පොදුපිළිගැනීමක් අති බැවිනි. දෙවැනි විකල්ප ක්රසමදෙකම පොදු සම්මතයෙන් බැහැර නිර්මාණශීලි ඉගෙනුම් වේ.මින් අදහස් වනුයේ ඉගෙනීමේදී දැනුම ලැබීමේ පිළිවෙළ ගොඩ නැඟී ඇත්තේ හුදෙක් සම්මත රටාවට අනුව පමණක්ම නොවන බවයි. විවිධ පුද්ගලයින් සතුව විවිධ මට්ටම්වල නිර්මාණශීලී ආකල්ප පවතිනුයේ ඔවුන්තුළ ඇති මෙබඳු ස්වභාවයට අනුකූලවය. සාරධර්ම සම්බන්ධයෙන්ද මීට සමාන රටාවක් ක්රිතයාත්මකවේ. මිනිස් මනස හැඩගැසී ඇත්තේ කිසියම් බාධකයක් පැනනැඟුණු විටකදී ඊට පරිබාහිරව ඇති විකල්ප අවස්ථා පිළිබඳව සොයා බැලීමටය.අදාළ සංඛ්යාකව එක් එක් පුද්ගලයා සංජානන කර ගනුලබන ස්වරූපය හා අර්ථකථනවල වෙනස්බව අනුව විසඳුම විවිධාකාර ස්වරූප ගන්නාබව පැහැදිලිවේ. නිර්මාණශීලී පුහුණුව නම් මෙයයි.එකම හැඩයේ හෝ එකම අච්චුවක ඉගැන්වීමක් හෝ පුහුණුවක් නිසා නිර්මාණශීලිබවක්ද ඇති නොවේ.නිර්මාණශීලීබව වර්ධනය කළහැක්කේ එක්එක් පුද්ගලයාගේ විභව ශක්තීන් හඳුනා ගෙන ඊට අනුගතව ලබාදෙන විධිමත් ශික්ෂණයකිනි.සියළු දෙනාටම එකම අච්චුවේ ඉගැන්වීමක් කර නිර්මාණාත්මක කුසලතා වර්ධනය කළ නොහැකිය. සත්යන අවබෝධයේදී දැනුම ලබන පිළිවෙළද පුද්ගල භේදයෙන් විවිධ වියහැකිය.විදර්ශනා භාවනාවේ අර්ථය පුද්ගලයාතුළ ඇතිවන සංජානන ක්රිරයාවළිය නිවැරදිව තේරුම්ගැනීමට උත්සාහ ගැනීමයි.එසේ තේරුම්ගැනීමට වෑයම් කිරීම මඟින් වැරදි අවබෝධයෙන් මිඳීමට හැකියාව ලැබේ. මේ වැරදි අවබෝධය නිසා සිතු තුළ ඇතිවන කෙළෙස් නමින් හැඳින්වෙන සෘණාත්මක මානසික තත්වයන්ගෙන් මනස අපිරිසිදුවේ.එය යළි පිරිපහදු කළ හැක්කේ විදර්ශනා භාවනාව වැඩීමෙනි. මේ සෘණාත්මක මානසික ආකල්ප කෙළෙස්, පංච නීවරණ, දශ සංයෝජන ආදී විවිධ නම්වලින්ද අවස්ථානෝචිතව මේවා හැඳින්වේ.මේවායේ විද්යකමාන ඉතා සියුම් වෙනස්කම්ද තිබේ.නමුදු පොදු වශයෙන් සැලකූ විට මේවා සෘණාත්මක මානසික ලක්ෂණ ලෙස සැලකිය හැකිය.සාමාන්යබයෙන් එක්එක් මාර්ගඵලමට්ටම් පිළිබඳ නිශ්චිතව දැක්වීමේදී ප්ර හාණය කරන සංයෝජන ධර්ම ‍කුමක්දැයි සඳහන්වන බැවින් වැඩි අවධානයක් දශසංයෝජන ධර්ම කෙරෙහි ‍‍ජනයොමුකර ඇතිබව සැලකිල්ලට ගැනීම මෙහිදී වැදගත්ය.මෙමඟින් අදාළ මාර්ගඵල මට්ටම්වලදී සිතේ කෙබඳු පිරිසිදු බවක් ඇතිවී දැයි දැනගත හැකිය.එමෙන්ම සිතේ පිරිසිදුවීම මඟින් කුමන මාර්ගඵල මට්ටමක පසුවේදැයි ඉතාම පහසුවෙන් වටහාගත හැකිය. විදර්ශනා භාවනාවේදී සප්ත විශුද්ධිය නාමයෙන් ගැනෙන අවස්ථා සතක් පසුකරයි.මෙහිදී සීල, දිට්ඨි, චිත්ත, කංඛාවිතරණ, මග්ගාමග්ගඤාණදස්සන, පටිපදාඤාණදස්සන, ඤාණදස්සන ආදී විශුද්ධි සතක් ආදී ලෙස අවස්ථා 7ක් අනුව අනුපිළිවෙළින් ගමන්කර සංජානන හැකියාව විශෝධ කරණයකට ලක්කරනු ලැබේ.භාවනානුයෝගියාට විදර්ශනා භාවනාවේදී භාවිතාවන තාක්ෂණවිධි ක්රාමය පිළිබඳව මෙහිදී සෘජු වැටහීමක් ලබානොදේ.ඒ වෙනුවට ලබාදෙනුයේ අදාළ ක්ර්මවේදය නිසි ලෙස භාවිතා කිරීමට අවශ්යව පුහුණුවකි.මුල්කාලීනව ඒ අව‍බෝධය ලබාදුන් අතර පසුකාලීනව සිටි ශ්රාෘවක පිරිස් ධර්මාවබෝධය සඳහා මුල් ශ්රා.වක පිරිස් පමණට දැඩි වෑයමක් නොදැරූ බැවින් එසේ අවබෝධය ඇතිකරවීම එතරම් ප්රලතිඵලදායී නොවූවා විය හැකිය.ඒ වෙනුවට සෘජුව භාවනාක්රතමයේ අන්තර්ගත තාක්ෂණික විධික්රවමය වටහාදීමට වෑයම් නොකර අදාළ ක්ර්ම වේදය පුහුණුකිරීම සඳහාම පුද්ගලයා යොමුකර ඇති ආකාරය මෙහිදී පැහැදිලිව පෙනී යයි. නමුදු ප්රධථම ශ්රාණවක පිරිසට අයත්වූ උපතිස්ස,කෝලිත පරිව්රාපජක දෙපළට, පසුවග මහණුන්ට, යසකුල පුත්රපයා ඇතුළු ඔහුගේ යහළුවන් 54 දෙනා ආදී පිරිස්වලට බුදුරදුන් හුදෙක් විදර්ශනා භාවනා ක්රහමවේදය පුහුණු කරවීම වෙනුවට එහි අන්තර්ගත තාක්ෂණික ක්රසමවේදය වැටහීමට සලස්වා එතුළින් නිවන් අවබෝධය ලබාදීමට වෑයම් කර ඇති ආකාරය ත්රිණපිටක දේශනාතුළ විද්යටමානය. විදර්ශනා භාවනා තාක්ෂණික ක්රමමවේදය කුමක් දැයි වටහාදීම හා ඒ අවබෝධයතුළින් නිවන් දැකීමට සැලැස්වීම එක් ක්රරමයකි.විදර්ශනා භාවනාවේ තාක්ෂණික ක්රනමවේදය කුමක්දැයි වටහා දීමට වෑයම් ‍නොකර අදාළ ක්රයමවේදය පුහුණූකරවීමතුළින් නිවන් අවබෝධයට මඟ සලසා දීම අනෙක් ක්රමමයයි.බොහෝවිට මුල්කාලීන ශ්රාාවක පිරිසට පළමුව දැක්වූ ක්රමමයටද, පසුකාලීන ශ්රාහවක පිරිසට දෙවනුව දැක්වූ ක්රබමයටද නිවන් අවබෝධය පිණිස මඟ සලස්වා තිබේ. මෙහිදී දැක්විය යුත්තේ විදර්ශනා භාවනාවේදී භාවිතාවන තාක්ෂණය පිළිබඳ දැනුම නැතිව වුවද, අදාළ නිෂ්ඨාව වෙත ළඟාවිය හැකිබවයි.මෙහිදී විදර්ශනාව භාවනා ක්රිමයක් අන්දමට වර්ධනය කළ යුතුය.නිශ්චිත කාලවේලාවක්තුළ නියමිත පිලිවෙත් අනුගමනයකර නිශ්චල අයුරින් එක් තැනකටවී සිදුකරන භාවනාවක් ලෙස මෙහිදී විදර්ශනා භාවනාව සිදුවේ.භාවනායෝගියාටද භාවනා තාක්ෂණය පිලිබඳ දැනගැනීමේ වුවමනාවක් ඇතිනොවේ.එසේම මෙහි ඵලදායීතාව අඩුය. භාවනා කරන්නන්ට තමාගේ භාවනාව මනා සුදුසුකම් සහිත ගුරුවරයෙකු සෙවනේ සිටම කළයුතු වේ.එසේම භාවනාවේදී සිදුවිය හැකි අත්වැරදීම් සංඛ්යාතවද අධිකය.ඒවා නිවැරදි කරගනිමින් මුලික පුහුණුව ගුරු සේවනතුළින්ම ලැබිය යුතුය.තමාගේ භාවනාව නිවැරදි මාර්ගයේ ගමන්ගන්නේදැයි දැන ගැනීම සඳහා ගුරුවරයාගේ උපදේශනය නිරතුරු ලැබීම මේ තත්වය තුළ අවශ්යනම වේ.ධර්මය ඇසීමතුළින් නිවන් අඅවබෝධයට පත්වීමේ හැකියාව මේක්රවමවේදයතුළ මියයාමට සලස්වා ඇත . බුදුන් ධරමාන කාලයේදී එනම් මුල්බුදු සමයතුළ භාවිතයට ගනුලැබු ක්රතමවේදය මීට වඩා ප්රානයෝගිකය.එහිදී මෙසේ එක්තැන්ව නිශ්චලව භාවනා වැඩීමෙන් සත්යේය අවබෝධ කිරීමට වඩා කෙනෙකුගේ අවබෝධය පුළුල්කිරී‍ම මඟින් නිරායාසව විදර්ශනාව ගොඩනැඟීම අරමුණුවී තිබිණ. මෙහිදී ඇස, කණ, නාසය, දිව, සම යන පසිඳුරන්ගෙන් හා මනසින් ලබාගන්නා ඉන්ද්රිපය ඥානයෙහි පවිත්රවතාවය සලකා තිබේ.මෙහිදී මනස මනෝ ඉන්ද්රි යට හා මනස හැර සෙසු පංචේන්ද්රිියන් කායික ඉන්ද්රිෙයන් ලෙසටත් සලකා ඇත.එවිට ඉන්ද්රිමය සයකි.මේ ෂඩ් ඉන්ද්රි්යන්ගෙන් ලබන අරමුණු දැනීම නිසා ඇතිවන ෂඩ්විධ සංජානන මමත්වයෙන් දූෂිතවීමට ඉඩනොදී ත්රි්ලක්ෂණ අනුව සලකා බැලීම තුළින් සෘජුව සංජානන විශුද්ධියක් ඇතිකර ගත හැකිය. මෙහිදී සප්ත විශුද්ධියේදී මෙන් සවිස්තරව උපායමාර්ගිකව සංජානන විශෝධන ක්රියයාවළියකට භාජනය නොවී සෘජුව සිත පිරිසිදු කරගැනීමට ලැබේ.මෙම ක්රාමවේදය බුදුරදුන් බාහියදාරුචිරිය තෙරුන්ට දේශනා කර ඇති අයුරු දක්නට ලැබේ. උන්වහන්සේ මේ ගාථාව අසා ඒ ක්ෂණයෙන් සියළු කෙලෙසුන් කෙරෙන් මිදී අර්හත්වයට පත් වූ බව සඳහන්ය. ඉන් පැහැදිලි වනුයේ හුදෙක් එක් තැනකට වී විදසුන් වඩා සිත සමාධිගත කරමින්ම නිවන් අවබෝධය ලැබීමට අවශ්ය නොවනබවයි.මෙහිදී සප්ත විශුද්ධිය වැඩීම සිදුවුවද ක්ෂණකව එය සම්පූර්ණවේ.සප්ත විශුද්ධිය වැඩීම තුළින් සිදුවන දෙයම ප්රැඥාව මෙහෙයවා ගැඹුරු නුවණින් විමසීම තුළින්ද සිදුවන බවයි.නමුදු මෙබඳු ක්රුමවේදයක් භාවිතා කළ හැක්කේ අධික ප්රවඥාවක් හිමි බුද්ධිමතුන්ට බවද අමතක නොකළ යුතුය. මෙහි තව විධික්රදම බොහොමයක්ම ඇත.බුදුන්වහන්සේ චූලපන්ථකතෙරුන්ට වදාළ කර්ම ස්ථානයද එබඳු එක් ක්රමමවේදයකි.එනම් සංජානනය අපවිත්රථවන ආකාරය රෙදි කඩක් උපයෝගීකර ගනිමින් උන්වහන්සේටම වැටහෙන්නට සැලැස්වූ ‍සේක.”රජෝ හරණං” ‍යන පාඨයද උච්චාරණය කරමින් එය සුදුරෙදි කඩේ තැවරෙන ගතරැඳී දහදිය තෙල් කුණු ආදී අපවිත්රචදෑ මඟින් එය අපිරිසිදුවූ අයුරු නිරීක්ෂණයකරන මෙන් දේශනාකර වදාලේ උන්වහන්සේගේ වැසී තිබූ ප්ර ඥාව අවධිකිරීමේ අරමුණිනි.මෙහිදී දුවිලි පිස දමමි යනුවෙන් සංජානනය මමත්වයෙන් වරදවා ගැනීමතුළින් සුදුරෙදි කඩ අපවිත්රි වනබව චූලපන්ථක හිමියන් නිරීක්ෂණය කළහ.මමත්වයෙන් සැලකීම නිසා සිය සිතද අපවිත්රනවන බව උන්වහන්සේට කල්පනා විය.මෙහිදී සුදුරෙදි කඩ මඟින් ප්රතභාෂ්වර සිත සංකේතවත් කර ති‍බේ.නිසර්ගයෙන්ම තිබිය යුතු පිරිසිදු සංජානනය ප්රරභාෂ්වර සිතයි.ආගන්තුක කෙ‍ළෙස් නිසා ප්රේභාෂ්වර සිත කිළුටුවීම යනුවෙන් අදහස්වනුයේ සාවද්ය සංජානනය නිසා ප්රනකෘති පිරිසිදු මානසික පසුබිම අඳුරුවී යාමයි.මෙය සිදුවනුයේ සංජානනයේදී මමත්වය බලපෑම නිසාය.මෙය අපූරු ලෙස සුදුරෙදි කඩ හා එය සිරුරේ දහදිය තෙල් කුණු නිසා අපවිත්රවවීම මඟින් නිරූපණය කරතිබීම මෙහිදී දක්නට ලැබෙන සුවිශේෂීත්වය ලෙස දැක්විය හැකිය.චූලපන්ථක හිමියන් සසරෙ සිදුකළ පින් ඇති අයෙකි.නමුදු කුඩා අකුසල කර්මයක බලපෑමට හසුවීම නිසා එම පුණ්ය් ශක්තිය වැසී තිබිණ.මෙකී සුළු කර්මස්ථානය මඟින් එම පාප ශක්තියේ අඳුරු වැස්ම ඉවත්කර ඒතුළ වැසී පැවති සසර පුණ්යී ශක්තිය මතුකරගැනීමට හැකිවිය. තමන්ටවත් අවබෝධ ‍නොවුණු දෙයක් වෙන අයෙකුට පහදාදිය නොහැකිය.ඒ නිසා තමා පළමුව හොඳින් ධර්මාවබෝධය ලැබීම වැදගත්ය.ධර්මය ඉතා සියුම්ය.අති සූක්ෂමය.වචන වලින්ම ධර්මය නිවැරදිව තේරුම්කරදිය නොහැකි තරම‍ට භාෂාවේවචනවල අර්ථය ගොරෝසුය.ලෞකික සීමාවලින් සීමිතවී තිබේ.ඒ නිසා ඉතා සියුම් සූක්ෂම ගැඹුරු ධර්මය තවත් අයෙකුගේ අවබෝධය පුබුදු කළ හැකි අයුරින් සන්නිවේදනය කිරීම ඉතා අපහසු කටයුත්තකි. බුදුරදුන් බුද්ධත්වයට පත්වූ විගස, තමන්වහන්සේ අවබෝධ කරගන්නා ලද සූක්ෂම ගම්භීර ධර්මය අනුන්ට ‍දේශනාකළ නමුදු ඔවුන් එය මැනවින් අවබෝධ කර නොගන්නා නිසා එබඳු දෙයක නිරතවීම සිය වෙහෙස පිණිසම පවතින්නේ යැයි සිතා දුර්මුඛවූ බව සඳහන්ය. එයට හේතුව මේ ධර්මය නිසි අයුරින් වටහාගැනීමට තරම් නිරවුල් මනසක් ඇති සියුම් සිතක් ඇති සංවේදී මිනිසුන් සමාජයේ අති දුර්ලභ බැවිනි.යම්කිසි හෙයකින් එබඳු අය සිටියහොත් එබඳු අය ගිහිසමාජයට වඩා පැවිදි සමාජයතුළ ගණනින් අධිකවිය හැකිය.මන්ද ගිහිසමාජයේ සමාජ ප්රිතිමානවලට වඩා පැවිදි සමාජයේ සමාජප්ර තිමාන සියුම් ධර්මතා වටහාගැනීමට රුකුලක් වන බැවිනි.පැවිදි සමාජ පසුබිම සකස්ව ඇත්තේද මේ අවබෝධය මත රැඳී සිට ක්රිකයාකිරීම අනුවය.එසේම පැවිදි සමාජ ප්රතතිමානවල අරමුණ පවා මේ අවබෝධය ලැබීම පිණිස පැවිදි සමාජයට ප්රීවේශවන්නන්ට සුදුසු මනෝකායික පසුබිමක් සකස්කර දීම බව පෙනී යයි. 3.2.දැනුම ලබා ගන්නා ශිල්ප ක්රවමවේද දැනුම ලබා ගැනීම සඳහා ෂඩ් ඉන්ද්රි්යන් භාවිතා කිරී‍මේදී ඇතිවන සංජානනයේ වෙනස්බව මත එහි ශිල්ප ක්රෂමවේද ගොඩනැඟී තිබේ.ඇසින් රූප බැලීමේදී ඇස,රූප,ස්පර්ශය,රූප විඤ්ඤාණ යන අවස්ථා තුළද, කණින් ශබ්ද ඇසීමේදී කණ,ශබ්ද,ස්පර්ශය, ශබ්ද විඤ්ඤාණ යන අවස්ථා තුළද, නාසයෙන් ආඝ්රාදණය දැනීමේදී නාසය, ආඝ්රාබණ, ස්පර්ශය, ආඝ්රාඤණ විඤ්ඤාණ යන අවස්ථා තුළද, දිවට රස දැනීමේදී දිව, රස, ස්පර්ශය, රස විඤ්ඤාණය යන අවස්ථා තුළද, සමට ස්පර්ශ දැනීමේදී සම, වේදනා, ස්පර්ශය, වේදනා විඤ්ඤාණය යන අවස්ථාතුළද සංජානනය ගොඩනැ‍ඟේ. මේ පංච ඉන්ද්රි යන් කායික පැතිකඩ හා සම්බන්ධය.ජීවියෙකුට කායික පැතිකඩ සේම මානසික පැතිකඩක්ද ති‍බේ. එනම් මනෝඉන්ද්රිනයයි.මනෝඉන්ද්රි යටද සෘජුව සෙසු ඉන්ද්රි‍යන්ගෙන් බාහිරව අරමුණු දැනීම් ඇත.මනෝඉන්ද්රිකයට අරමුණු පැමිණීමේදී මනස,ධම්ම,ස්පර්ශය, මනෝවිඤ්ඤාණ යන අවස්ථාතුළ සංජානනය ගොඩනැ‍ඟේ.මේ අනුව ෂඩ් ඉන්ද්රි්යන්හි ක්රි්යාකාරීත්වය එක හා සමානබව පැහැදිලිය.මේ ඉන්ද්රේයන්ගෙන් අරමුණු ලබාගැනීම යනු දැනීම ලබාගැනීමයි.දැනුම ලබා ගැනීමේදී භාවිතාවන ශිල්පක්රුමවේද යනුවෙන් අදහස්වනුයේ උපතින් උරුමව ඇති ජීවවිද්යාහත්මක පැතිකඩ ඔස්සේ නව දත්ත මානව මොළය කරා සම්ප්රේවෂණවීමේ ක්රිතයාවළියේ ගැබ්වන සුවිශේෂීවූ හැඩතල අධ්යඩයනයයි. මෙකී අධ්යපයනය මඟින් කිසියම් ඉන්ද්රියයක් වෙතින් ලබාගන්නා දැනුම හෙවත් දත්ත සම්ප්රේසෂණය මඟින් මොළයතුළ ඇතිවන සංජානන ව්යු හයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. ඉන්ද්රි යන් මඟින් දැනුම ලැබීමේදී මොළයතුළ එම දැනුම දත්ත අයුරින් සංවිධානාත්මක අනුපිළිවෙලකට තැන්පත්වේ.මේ අනුපිලිවෙල අනුව දත්ත අතර සම්බන්ධතා ගොඩනැ‍ඟේ.මෙම සම්බන්ධතා රටා හඳුනාගැනීම මඟින් අවබෝධය ඇතිවේ.එසේම හඳුනාගත් සම්බන්ධතා රටා නව සම්බන්ධතා පෙළගැස්වීමටද උපකාරීවේ.පවතින දැනුම ආශ්රිඳතකොටගෙන නව දැනුම නිර්මාණය කර ගැනීමට මෙය ආධාරයකි.දැනුම ලැබීමේදී මොළය ආශ්රිටතව ගොඩනැඟී පවතින දැනුම ඔස්සේ නව දැනුම එක්රැස්වේ. පවතින දැනුමට නව දැනුම එකතුවේ.එසේම පවතින දැනුමට සමාන බවක් ගන්නා දැනුම නිසා පවතින දැනුම වඩාත් පෝෂණයවේ.දැනුම අතීත,වර්තමාන හා අනාගත ලෙස වර්ගවී පවතී.මනසට ලැබී තැන්පත්ව ඇති දැනුම අතීත දැනුමයි.ඒ ආශ්රිඅතව නව දැනුම එක් රැස්වීම වර්තමාන දැනුමයි.එක්රැස්වී ඇති අතීත දැනුම,ලැබෙන වර්තමාන දැනුම යන දැනුම් වර්ග දෙකට සාපේක්ෂකව නව දැනුම උත්පාදනය හෝ එසේ උත්පාදනයවීමේ පිලිවෙළ අනාගත දැනුමයි. මේ අයුරින් දැනුම ලැබීමේ හා එය ක්රඑමවත්ව සංවිධානගතවීමේ ක්රනමවේද දක්නට තිබේ. ෂඩ් ඉන්ද්රි්යන්ට වර්තමාන දැනුම සංජානනය නොවුවද අතීතයේදී ලැබූ දැනුම පිලිබඳ සංවිධානාත්මක සටහන් මතු විය හැකිය.එසේ මතුවීමේදී එය මතුවනුයේ සත්යන දැනුමක් ලෙස නොව ඡායාමාත්ර්යක් ලෙසය.මේ අයුරින් ‍මනෝඉන්ද්රිඑයට ගෝචරවන දැනුම පිලිබඳ සෑම අයෙකුටම හොඳ අවබෝධයක් ඇත.එනම් සාමාන්යර ව්යගවහාරය අනුව කල්පනා කිරීම යනුවෙන් හඳුන්වන ක්රිතයවළිය සම්පූර්ණයෙන් මනසේ ක්රි්යාවළියකි.එහිදී මානව මනසතුළ තැන්පත්ව ඇති අතීත මතකගොනු පිරික්සා බැලීමේදී ඇතිවන සටහන් පෙළක් මනසට අරමුණුවේ.මේතුළ කෙනෙකුට සැබවින්ම ජීවත්විය හැකිය.එම පුද්ගලයා එවිට ජීව
    • 02.පරිච්ඡේදය බෞද්ධ සංජානන විග්රේහය 2.1. සංජානනය හා සූත්රිදේශනා සංජානනය නම් අවබෝධයයි.බෞද්ධ සූත්රනදේශනාවල සංග්රකහවනුයේ බුදුන්වහන්සේ විවිධ අවස්ථාවලදී නොයෙක් පුද්ගලයින්ට ලබාදෙන ලද අනුශාසනාවල එකතුවකි.ත්රිබපිටකය වර්ගවී ඇත්තේද මේ සූත්‍් දේශනා සඳහා මෘතෘකා කරගනු ලැබූ ධර්ම කරුණුවල සංදර්භයට අනුකූලවය. මේ අනුශාසනාවලදී ඒ අයගේ සංජානන පැතිකඩ හඳුනාගෙන ඊට ගැලපෙන ලෙස මේ උපදේශන ලබාදී තිබේ.මේවා ලබා දී තිබෙනුයේ මිනිසුන්ට පමණක් නොව දේව, යක්ෂ, රාක්ෂ, ප්රේමත, භූත වැනි අමනුෂ්යමයන් හටද දහම් කරුණු පෙන්වා දුන් තැන් ත්රි පිටක බුද්ධ දේශනා තුළ දක්නට ලැබේ. එසේම නොයෙක් විට තිරිසන් සතුන්ගේ පවා සුගතිය පිණිස ක්රි යාකළ ආකාරය සූත්රැදේශනාතුළ අන්තර්ගතය.එහිදී මිනිසුන්ගේ මෙන්ම විවිධ සත්ව යෝනිවල සත්වයන්ගේ අවබෝධ ශක්තියට අනුව කරුණු වටහාදීමේ ක්රිඑයා පිළිවෙත සකස්වී තිබේ. එක චතුරාර්ය සත්යෝ ධර්මය වුවද විවිධ අය තුළ ජීව විද්යාපත්මක දක්නට ලැබෙන සංජානන විවිධත්වය මත එක් එක් පුද්ගලයාට ලබාදිය හැකි අවබෝධයද විවිධාකාර ස්වරූපවේ.ඇතැම් අයට දේශනා වහා ක්ෂණිකව අවබෝධ කරගත හැක. විස්තර සහිතව කියාදුන් විට අවබෝධ කරගැනීමට හැකියාව ඇති අයද වේ.ඊටත් වඩා අතිශය දීර්ඝ විස්තර විග්ර හ කිරීම් හේතු නිදාන ආදිය අවබෝධය සඳහා අවශ්යය පුද්ගලයෝද සිටිති.මේ කිසිදු ක්ර ම වේදයක් භාවිතයෙන් කිසිවක්ම අවබෝධ කළ නොහැකි අයද සිටිති.මේ ආදී වශයෙන් පුද්ගලයා විවිධ වන අයුරු සූත්රකදේශනා තුළ පැහැදිලි කර දී තිබේ.බුදුන් වහන්සේ තමන්වහන්සේට පමණක් සුවිශේෂී වූ ආසයානුසය ඥාණය මඟින් පුද්ගලයාගේ සංජානන මට්ටම මනාව දැන හැඳින ධර්මය දේශනා කළ නිසාම වහා ධර්මාවබෝධය ලැබූ පිරිස ඉතා විශාල විය. බෞද්ධ සූත්රා දේශනා මඟින් එහි සංජානන පැතිකඩ මනාව විග්රනහ කෙරේ.එහි ආනුපුබ්බීය රටාව මඟින් ක්රනමිකව ශ්රානවකයාගේ අවධානය රඳවා ගැනීමට වටපිටාවක් සකසා ඇත.දේශනා මාධ්ය් මනාව භාවිතා කරමින් අවශ්යව අරමුණ සාධනය කළහැකි ලෙස සූත්ර් දේශනා ඉදිරිපත්ව තිබේ.සූත්රඟදේශනාවල ගැබ්වන සමස්ත දාර්ශනික හරය චතුරාර්ය සත්ය කුළුගැන්වීම පාදක කරගෙන ඇත.එක්වරම චතුරාර්ය සත්යනය ඉදිරිපත් කිරීමට වඩා අවධානය රැඳවීමට මූලිකත්වය පිරිනැමී තිබේ.එමඟින් ක්රයමික පියවර ඔස්සේ ශ්රා වක අවධානය ගිලිහී නොයන පරිදි දේශනාවේ හරය ලබාදීම අරමුණයි.මෙහිදී අවධානය මූලික දේශනාව කෙරෙහි රැඳවීම පිණිස විවිධ උපක්ර ම භාවිතා වී තිබේ.එහිදී මානවයාගේ සහජ මානසික හැඩතල හා පැහැයට අනුරූප වන පරිදි චාලක ලක්ෂණයේ සිට භාවමය හැඟීම් නිවා දැමීමටත් අනතුරුව බුද්ධිමය පැතිකඩ අවදිකිරීමටත් ක්රිෂයා කර තිබේ.සීල, සමාධි හා ප්රිඥා ලෙස අනුක්රනමික ප්රපතිපදාව සැකසී ඇත්තේ මීට අනුගතවය.දේශනා මාධ්ය ය පවා සකස්ව ඇත්තේ මේ අනුක්ර මික ප්රලතිපදාවට ඔබින ලෙසය.ඒ අනුව මුලදී දාන කථාව හෙවත් දානයේ අනුසස් පිළිබඳ පැහැදිලි කරදෙනු ලැබේ.දැනය නම් ආමිෂ වස්තු අත්හැරීමයි.මේ මඟින් උපරිභෝග භෞතික වස්තු පිලිබඳ තෘෂ්ණාව අඩු කරනු ලැබේ.මෙය ප්රහධාන වනුයේ මූලික අවශ්යෝතා තෘප්තිමත් කිරීම සත්වයාගේ සහජ ලක්ෂණය වන බැවිනි.මූලික මානව අවශ්යරතා ලෙස සැලකෙනුයේ ආහාර පාන,වස්ත්රන,නිවාස හා ආරක්ෂණ අවශ්යතතා වැනි දේයි.ඊට අමතරව ඖෂධ හා වෙනත් ප්ර ත්යස අවශ්යකතාද මූලික අවශ්ය,තා ගණයෙහිලා සැලකිය හැක.බොහෝවිට සූත්රිදේශනාවල දානය වර්ණනා කර තිබෙනුයේ කෙනෙකුගේ මුලික අවශ්ය තා තෘප්තිමත් කරගැනීම සඳහා අවශ්යර කරන භෞතික ද්රෙව්යු කෙරෙහි පවතිත ඇල්ම දුරුකිරීමේ පරමාර්ථය ඉටුකර ගැනීම සඳහාය.ඕනෑම අයෙකුට බෞද්ධ ප්රෙතිපදා‍වේ ආරම්භක පියවර සේ මෙ‍ය ක්රිභයාත්මක කළහැකිවීම විශේෂත්වයකි. ඇතැම් පුද්ගලයින්ගේ සිත දානයට පහසුවෙන් නැඹුරු කරගත නොහැක.තද මසුරු අයට එක්වරම අත්හැරීම පුහුණුවිය ‍නොහැක.ඔවුන්ගේ සිත මොළොක් කර කුශල මාර්ගයට ප්රවවේශකර වීම සඳහා ඊට වඩා සිත පහසුවෙන් ඇඳ ගන්නා සංජානන ක්රකමවේදයක් තිබිය යුතුය.මේ සඳහා සූත්රහ දේශනාවල සඳහන් වනුයේ ත්රිාවිධ රත්නයේ ගුණ විශේෂයි.එනම් බුදුගුණ, සදහම් ගුණ හා සංඝ පිරිසේ ගුණ ආදී වශයෙන් මෙලොව එකම පිහිට ලැබිය හැකි මඟ ත්රි්විධ රත්නයම පමණක් බව මනාව සංජානනයවීම නිසා පුද්ගලයාගේ සිතේ අත්හැරීම ප්රිගුණවීමට සුදුසු මානසික වටාපිටාවක් ඇතිවේ.ත්රි්විධ රත්නය පිළිගැනීම නිසා එහි ගුණ ලැබීමට නම් ඊට අනුගතව දිවි පැවැත්ම සකස්කර ගත යුතුබව පැහැදිලිවේ.ත්රි‍විධ රත්නයේ ගුණවලින් ප්ර කාශ වනුයේ අත්හැරීමේ ඇති අගයයි.වඩාත් ප්ර්තිඵලදායී වනුයේ රැස්කිරීමේ ක්රපමවේදයේ නොව අත්හැරීමේ ක්රවමවේදයතුළ බව ත්රිිවිධ රත්නයේ ගුණ තුළ ප්රලකාශයට පත්වී තිබේ.ත්රිරවිධ රත්නයෙන් යම් පිහිටක් ලැබිය හැක්කේ ප්රතතිපත්ති ගරුකව විසීමෙන් බව අවබෝධ කරගන්නා පුද්ගලයා ත්රිපවිධ රත්නයෙන් ප්ර්කාශයට පත්වී ඇතිගුණ අනුවම ජීවත්වීමට වෙහෙස ගනී.පුද්ගලයෙකුගේ ප්රෙධාන අවශ්ය තා අතර ජීවිතය නොසිඳ පවත්වාගැනීමේ ආශාව මූලිකව වැදගත්වේ.ආහාර පාන,නිවාස,වස්ත්ර හා ආරක්ෂණ අවශ්යසතා වැදගත්වනුයේ මේ ජීවිතය පවත්වාගැනීමේදී ඒවා උපාය මාර්ගිකව වැදගත්වන බැවිනි.එනිසා මූලික අවශ්යසතා වලටද වඩා ජීවිතය රැකගැනීමේ හා පවත්වාගැනීමේ අවශ්ය්තාව වඩා බලවත්බව කිව යුතුය.සෑම දෙයක්ම අවශ්යය වනුයේ ජීවිතය සුරැකී පැවතුනහොත් වන බැවිනි.එනිසා ජීවිත ආරක්ෂාව තකා ක්රියයාකිරීමට ඕනෑම පුද්ගලයෙකු පෙළඹේ. සූත්රය දේශනා මඟින් ත්රිදවිධ රත්නයේ ගුණ වලින් ප්රවධාන වශයෙන් මේ ජීවිතය පවත්වාගෙන යාමේ අවශ්යමතාවයට ප්රවතිකර්ම සැලසී තිබේ.ත්රිමවිධ රත්නයේ පිහිට ලැබීම නිසා මෙලොව වශයෙන් යමෙකුගේ දිවි පවත්වා ගැනීමට අවශ්යතවූ ආයුෂ,වර්ණය,බලය,සැපය හා කායික,මානසික ශක්තිය ලැබීම මූලික බව දක්වා ඇත.ඕනෑම සත්ව සංජානනයක් ආමිෂයට ඇදී යාම ස්වභාවිකය. එයින්ද සිය ජීවිතය පවත්වාගැනීමට අවශ්ය වන මූලික අවශ්යඇතාවලට සිත ඇදීයාම ප්රිමුඛය.එම නිසා එබඳු අවශ්යවතා තෘප්ත කරවිය හැකි මඟක් වශයෙන් ශ්ර‍ද්ධාව මෙහිදී සංජානනය කෙරේ.ත්රි.විධ රත්නයේ ගුණලෙස සංජානනය වන්නේ ශ්රැද්ධාවයි.මෙහිදී ශ්ර ද්ධාවේ මූලික හැඩතල දෙකක් පිළිබඳව දක්වා ඇත.එනම් අමූලික ශ්ර ද්ධාව හා අකාරවතී ශ්රමද්ධාවයි.මින් අමූලික ශ්රකද්ධාව යනු විචාර පූර්වක නොවූ විශ්වාසයයි.යමක් පිළිබඳව පූර්ණ ලෙස සංජානනය කළ නොහැකි අවස්ථාවලදී ඇතිවූ පිළිගැනීම් මාත්ර වූ ආකල්පය අමූලික ශ්රබද්ධාව සේ සැලකිය හැක.සංජානනයේ අවස්ථා රාශියක් තිබේ.ඉන්ද්රීශය සංජානනය මෙන්ම අතීන්ද්රිරය සංජානනය වශයෙන් වර්ගීකරණයට ලක්වී ඇත්තේ විවිධ සංජානන අවස්ථා වේ.අමූලික ශ්රනද්ධාව ඉන්ද්රීයය සංජානනයේත් ප්රායථමික අවස්ථාවකට අයත්වන්නකි.මෙහිදී සුවිශේෂී වනුයේ අමූලික ශ්රනද්ධාව වර්ධනය වී නොයන බවයි.එනම් ශ්රාඅවකයාට කිසි දිනෙක මෙහි සත්යව අසත්යර තාවය වටහාගැනීමට නොලැබේ.මේ හේතුව නිසා අමූලික ශ්රයද්ධාව මඟින් පරිපූර්ණ ඉන්ද්රී ය සංජානනය සිදු නොවනබව සැලකිය හැකිය.අවම මට්ටමින් ඉන්ද්රීරය ප්රයත්යරක්ෂය පවා ‍මින් ලැබිය නොහැකි බැවිනි.එනිසා බෞද්ධ සූත්රව දේශනාවල අමූලික ශ්රරද්ධාව ප්රණතික්ෂේපකර තිබේ. බෞද්ධ සූත්රි දේශනාවන්හි අගය කර දක්වා ඇත්තේ අකාරවතී ශ්රලද්ධාවයි.එය ප්රිත්යකක්ෂය ප්ර්මාණය කොට ගත්තක් බැවින් කිසියම් දිනෙක ශ්රාාවකයාටම පුර්ණ ප්රයත්යඑක්ෂය කරා පැමිණ එය අවබෝධ කරගන්නා තෙක් ඇති කරගන්නා විචාරපූර්වක විශ්වාසය අකාරවතී ශ්රකද්ධාව වේ.මෙහිදී සංජානනය ලබනුයේ අතීන්ද්රීවය ප්රරත්ය‍ක්ෂයක් වශයෙනි.ඉන්ද්රිැය සංජානනය භාවිතා කර අතීන්ද්රිමය ප්රලත්ය්ක්ෂය කරා පැමිණෙන මේ ක්ර‍මවේදය දත් දේ සිට නොදත් දේ කරා යන අධ්යාීපන මනෝ විද්යාලත්මක මූලධර්මය මෙහිදී භාවිතා වේ.අතීන්ද්රිමය ප්රිත්යරක්ෂය එක්වරම ඇතිකර ගත නොහැක.ඒ නිසා මූලිකව ඉන්ද්රිමය සංජානනය ඉවහල් කරගෙන ක්රවමයෙන් නිරීක්ෂණ ශක්තිය, සිහිය වැඩි දියුණු කරමින් එක්තරා අවස්ථාවකදී සියල්ල කිසිදු ඉන්ද්රීිය භාවිතයකින් තොරව නුවණින් වැටහීම සිදුවේ.මේ අවස්ථාව කරා සංජානනය මෙහෙයවනුයේ අකාරවතී ශ්රතද්ධාව මඟිනි.සූත්රේ දේශනාවලදී ශ්රාෙවකයාතුළ මේ අකාරවතී ශ්ර‍ද්ධාව ජනනය කරවීමට වෑයම් කරනුයේ එමඟින් පසුකලක ප්රූඥාව ඇති කර ගැනීමට ඉඩ ප්රනස්තාව සැලසෙන බැවිනි.දානය හා සීලය යන කරුණු එකසේම ක්රිරයාත්මක කරගැනීමට අකාරවතී ශ්ර ද්ධාව හොඳින් වර්ධනයවී තිබීම පහසුවකි.යමෙකු ගිහි ගෙය කළකිරීමට පත්ව පැවිදිබව ලැබීමට යොමුවනුයේද අකාරවතී ශ්රපද්ධාව නිසාය.එසේම දානය,සීලය හා භාවනාව යන කරුණු තුන සම්පූර්ණ කිරීමට මඟ පෙන්වනුයේද අකාරවතී ශ්ර ද්ධාවයි.බුදුදහමේ ශ්රවද්ධාව මුල් ගුණාංගය සේ සැලකෙනුයේද මේ නිසාය.ශ්රකද්ධාව නිසා සෙසු ගුණධර්ම සියල්ල සම්පූර්ණවේ. ඊළඟට සීලයේ කුශල විපාක ලෙස විස්තර කරනු ලබන්නේ මෙලොව හා පරලොව සුගති සැප අත්පත්වන ආකාරයයි.මෙය සග්ග කථා ලෙස හැඳින්වේ.ජීවත්ව සිටියදීම මෙලොව වශයෙන් සුගතියට පත්වීම හා මියයාමෙන් පසුව දෙව්ලොව ආදී කාමාචර සුගතිවල ඉපදීමත් දක්වා තිබේ.ඒ දැක්වීම බුදුදහමේ හරය නොවේ.නමුදු ප්රලධාන අරමුණ වන නිවන් අවබෝධයට පැමිණවීම සඳහා භාවිතා වන ප්රීධාන ක්රොමවේදයට අයත් මූලික පියවරකදී භාවිතාවන උත්තේජකයක් පමණක් ලෙස මෙසේ කාමාවචර සුගති සැප විපාක පෙන්වා දී ති‍බේ.ශ්රාමවකයාගේ සිත ඉන් කුළු ගන්වමින් නිවන තෙක් රැගෙන යාම ඉන් අපේක්ෂිතයි.සග්ග කථා අවසන් කරනුයේ කාමයේ ආදීනව දැක්වීමෙනි. එය බෞද්ධ සූත්ර දේශනාතුළ මැනවින් විග්රවහවී තිබේ.මින් ශ්රානවකයා සුගතිය ලැබීම වුවද දුක් සහිත බව සංජානනය කරගනී.එනිසා ශ්රාරවකයාතුළ සුගතිසැප ලැබීමේ නිස්සාරත්වය අවබෝධවේ.එය අවසාන පියවර වන නිර්වාණාවබෝධය පිනිස ඉවහල් වේ.අවසාන පියවර වූ නිර්වාණාව‍බෝධය විඳීමක් නොවේ. එය විඳීම් සහගත සියල්ලෙන් මිදීම නිසා ඇතිවූ නොවිඳීම් සහගත තත්වයකි.එය නිවන් සුවයක් ලෙස හඳුන්වා ඇත්තේ සියළු විඳීම් විපරිණාමී ස්වභාවයට පත්වන බැවින් එබඳු වූ විඳීම් වලින් මුළුමනින්ම මිදීම සුවයක් යැයි සලකා ඇති බැවිනි.මෙහිදී සාමාන්යු ව්ය වහාර භාෂාවේ භාවිතාවේ ඇති වචනවලට ලබාදෙන පොදු අර්ථ නිසා ඇතිවන වැරදි වැටහීමකි.සැප යන වචනය ව්යිවහාර භාෂාවේ භාවිතාවනුයේ විඳින සැප අර්ථදැක්වීම සඳහාය.මේ නිසා නිවනේ ඇති සැප මින් දැක්වීමේදී අසන්නා සිතනුයේ එයද ඔහුගේ අවබෝධයට හසුවන සෙසු විඳින සැප මෙන්ම වූවක් බවයි.මෙය වැරදිය.මේ වරද නිවැරදි කර හැකිතාක් නිවැරදි අරුතට ළංවීම සඳහා අවෙයිදිත සුඛය යන ව්යසවහාරයක් භාවිතයේ තිබේ.නිවන් අව‍බෝධය නිසා ලැබිය හැකි නොවිඳීන සැපය දැක්වීම සඳහා මේ අවෙයිදිත සුඛ යන්න භාවිතා වේ.මෙහි තේරුම නොවිඳින සැපය යන්නයි. සූත්රයදේශනාවලදී බොහෝවිට ආනුපුබ්බීය ක්රනමවේදය අනුගමනය කර ඇත.එනම් නිශ්චිතවූ අනුපිළිවෙළකට අනුව ධර්ම කරුණු ගලපා ඉදිරිපත් කිරීමයි.එහිදී සූත්රශදේශනා වඩා සරළ දෙයකින් ආරම්භව පිළිවෙලින් දහමේ ගැඹුර වෙත පිවිසීම මෙහි ලක්ෂණය වේ.බුදුරදුන් කෙරෙහි ප්ර්සාදයට පත් බ්රදහ්මායු පඬිවරයා හා පොක්ඛරසාදී බ්රාඇහ්මණයා ආදී පුද්ගලයින්හට සූත්රිදේශනා මඟින් ධර්මය ඉදිරිපත් කිරීමේ දී මෙම ක්රකමවේදය අනුගමනය කර ඇතිබව දීඝ නිකාය අනුව පැහැදිලිවේ. මෙහිදී අනුපිළිවෙලින් දාන කථා,සීල කථා,සග්ග කථා,කාමයේ ආදීනව කථා,කාමයන්ගෙන් වෙන්වීමේ ආනිසංශ යනාදී කරුණු හඳුන්වාදී අනතුරුව සිතෙහි නිරෝගීබව,මෘදුබව ඇතිකරවා පහන්වූ සිත් ඇති අයට චතුරාර්ය සත්ය ය ඇතුළත් සූත්රවදේශනා දේශනා කරනු ලැබීය.බුදුවරුන්ගේ සාමුකාංසික දේශනා තුළ ගැබ්විය යුතු හරය එය ලෙසද පැහැදිලි කරදී තිබේ.සූත්රරදේශනාවල සඳහන් වූ ධර්මය අනුපුබ්බ සික්ඛා,අනුපුබ්බ පටිපදා හා අනුපුබ්බ කිරියා අනුව සකස්වී තිබේ.සූත්රාදේශනාවල පළමුව උද්දේසය දක්වා අනතුරුව ධර්ම කරුණු වෙන් වෙන්ව ගෙන විභාග කරබැලීමේ ක්ර මය විභංගක්ර ම වේදයයි.මජ්ඣිම නිකාය විභංග වර්ගයේ භද්දෙක රතන සූතයේද ,චුල්ලකම්මවිභංග , මහා කම්ම විභංග හා ධාතුවිභංග ආදියේ ඇතුළත් විවිධ සූත්රචදේශනාවලත් මේ ක්රවමවේදය දක්වා තිබේ. මෙය නූතන මනෝවිශ්ලේෂණවාදී ක්රයමවේදයෙහි පවා විද්ය්මානය.සමහර පුද්ගලයන්ට පුද්ගල හැකියාව අනුව වේගවත්ව සූත්රරදේශනා අවබෝධ කරගතහැකිවිය.සමහරුන්ගේ අවබෝධය ඉතා මන්දගාමී වී තිබේ.තවත් කොටසක් මේ අතරතුර අවස්ථාවල පසුවූහ.ඇතැමුන්ට කෙසේවත් අවබෝධය ඇති කරවියහැකි නොවින. බුදුදහමේ අවසන් නිෂ්ටාව වන නිවනට සත්වයා මෙහෙයවීම සඳහා විවිධ මට්ටම්වලදී ඊට අදාළවූ පියවර අනුගමනය කර උත්තේජකයක් ලෙස ඒ මට්ටම්වල පවතින හොඳම අනු අවස්ථාව සලකා ඇත.කාම සුගති සැප උත්තේජයක් සේ භාවිතා කර ඇත්තේ ඊට පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට පැමිණීම සඳහා පමණි.අදාළ මට්ටමට පැමිණි පසුව එහි ආදීනව පෙන්වා කළකිරීම ඇති වන ලෙස සූත්රඳ දේශනා ඉදිරිපත්ව තිබේ.මන්ද බුදු දහමේ අවසාන පරමාර්ථය වන නිවන ශාක්ෂාත් කර ගැනීමට උපක්ර මශීලීව භාවිතා කරන උත්තේජකය වුවද අත්හැරීමට සිදුවන බැවිනි.නොයෙක් ලෙසට කාමයෙහි ආදීනව දැක්වීමෙන් පසුව කාමයෙන් මිදී සිටීමට හැකි නම් කොතරම් සැපයක් දැයි ශ්රාකවකයාටම වැටහෙන්නට පටන් ගනී.එය ආදීනව දැක ඉන් මිදීමට කැමැත්ත ඇති කරවීම පිණිසය.ශ්රායවකයාගේ චිත්ත අභ්යින්තර අයහපත් ප්රේඉරණවලින් සිත මුදවීම මෙහි පරමාර්ථයයි.‍ කෙලෙස් වශයෙන් දැක්වෙනුයේ මේ අභ්යරන්තර ප්රේඉරණමය.අයහපත් අභ්යරන්තර ප්රේටරණවලින් නිදහස්විය හැකි ක්රඅමවේද ප්ර ධාන වශයෙන් දෙකක් තිබේ.එකක් නම් අභ්ය්න්තර ප්රේ්රණ හැකිතාක් යටපත් කිරීමය.මෙය සමථ චින්තනය මඟින් සිදුවේ.අනෙක අභ්යඅන්තර ප්රේපරණවලින් ස්ථිර ලෙස නිදහස්වීමයි.මෙය විදර්ශනා චින්තනය මඟින් සිදුවේ.මේ විදර්ශනා චින්තනය බුදුදහමට පමණක්ම සුවිශේෂීවූවකි.සමථ චින්තනය ඔස්සේ පෙළ ගැස්වූ සමථ භාවනාක්රනම බුදුහිමියන් පහළවීමට පෙර පවා භාරතයේ අතිශය ජනප්රිේයව පැවතින.සිද්ධාර්ථ තවුසා මුලදී අනුගමනය කළදේ සමථ භාවනා ක්රශමයයි.එමඟින් අෂ්ට සමාපත්ති දක්වා අධ්යාුත්මික දියුණුවක් අත්පත් කරගත හැකි විය. දේශනා මාධ්යිය උපයෝගී කරගනිමින් ශ්රා වකයාගේ මනසේ සංජානන හැකියාව වැඩි දියුණු කරනු ලැබේ.ඇසූ වචන මඟින් නිරීක්ෂණ ශක්තිය ඇතිකර සිහිය යොදවා ශරීරය හා මනස තුළ අරමුණු ගැනීමේදී සිදුවන අභ්යනන්තර ක්රිතයාකාරීත්වය අවබෝධ කරගැනීම මෙහි ප්ර ධාන වේ.ඒ තුළින් මෙතෙක් කළක් ලැබුණු ඉන්ද්රීාය සංජානනය සම්පූර්ණ නිවැරදි අවබෝධයක් නොවන බව වටහා ගනී.අරමුණු නිවැරදිව ග්රබහණය කරගැනීමට අසමත්වනුයේ සිහිය හා නිරීක්ෂණය ඊට අදාළ ක්රිුයා ශක්තියෙන් නොපැවති නිසාබව මෙහිදී වැටහේ.ශ්රාිවකයා බුදුන් වහන්සේගේ වචන කෙරෙහි පමණක්ම විශ්වාසය නොතබන අතර විශ්වාසයට පදනම වනුයේ ස්වයං ප්ර ත්යමක්ෂයයි.එබැවින් බුදු දහම විශ්වාසය හුදෙක් අන්ධාරනුකරණයෙන් තිබීම අනුමත නොකරයි.බුදුදහමේ විශ්වාසය ස්වයං ප්රතත්යබක්ෂය ප්ර මාණකොට ඇත.ඒ නිසා සූත්රනදේශනා ඇසූ පමණින්ම එය අධානග්රාුහී ලෙස විශ්වාස නොකර ඒවා සත්ය්දැයි විමසාබලා විචාර පූර්වකව අවබෝධ කරගන්නා මෙන් දක්වා තිබේ.ධර්මය පහුරකට උපමාකර ඇති බවත්,තණ්හාවේ උපදානයන්ගේ නිරුද්ධිය ඉන් අපේක්ෂිත බවත් දක්වා ඇත.ධර්මය ඉවහල්කරගෙන තණ්හා,මාන,දෘෂ්ටි හා උපාදාන ඇතිකර නොගත යුතුබව දැක්වීමද වැදගත්ය.යමක් අවිචාර පූර්වකව අධාන ග්රාධහීව පිළිගැනීම නිසා තණ්හා,මාන,දෘෂ්ටි ඇතිවේ.ධර්මය කෙනෙකු පිළිගත යුත්තේ එය ස්වයං ප්රයත්යළක්ෂ සීමාවතුළ පිහිටා බැවින් ඒ පිළිබඳව තණ්හා,මාන, දෘෂ්ටි ඇතිකර ගැනීමට ඉඩක් නොලැබේ.සැබවින්ම තණ්හා,මාන,දෘෂ්ටි අභ්යඳන්තරව ඇතිවියහැකි අයහපත් ප්රේමරණ බිහිවීමට හේතුවකි.නිවන් අවබෝධය නම් ඒ සියල්ලෙන් මිදීමයි.ධර්මය පදනම් කරගෙන ඇත්තේ නිවන් අවබෝධය බැවින් එකී නිවන් අවබෝධයට අවහිර කරන ධර්මතා එයට ඇති මඟ විය නොහැකිය.එනිසා සූත්රවදේශනාවන්හි පරමාර්ථය ශ්රාාවකයා තණ්හා,මාන,දෘෂ්ටි වලින් හැකිතාක් එතෙර කරවීමයි.බුදුන් වහන්සේගේ මුල්ම සූත්රත දේශනාව ලෙස සැලකෙන ධම්මචක්ක පවත්තන සූත්රල දේශනා පිළිබඳව විමසා බැලීමෙන් වුවද මෙකී කරුණු නිරීක්ෂණය කළ හැක.එහිදී පළමු වරට ද්විඅන්තවාදී චින්තනක්රීමවලින් වියුක්තවීම නිවන් අවබෝධයට මඟබව ඉදිරිපත්විය. ශාස්වත හා උච්ඡේද වාද බිහිවනුයේ තණ්හා,මාන,දෘෂ්ටි නිසාය.ජීවියෙකු ලෙස සම්මුතිය ලැබෙන්නේ කය හා මනසේ ක්රිියාකාරීත්වය නිසාය.කායික හා මානසික ක්රියයාකාරීත්වයට බලපාන තණ්හා,මාන,දෘෂ්ටි නිසා අයහපත් අභ්යවන්තර ප්රේකරණ ඇතිවේ.මේ අභ්ය න්තර ප්රේ රණ තාවකාලික ලෙස යටපත්කර සාර්ථකව සමාජ සබඳතා පැවැත්වියහැක.එසේම අභ්යේන්තර ප්රේාරණවල බලපෑම මැඩ පවත්වා එහි බලපෑම සමාජ සබඳතාවලට නොදැනෙන පරිදි කෙනෙකුට සාර්ථකව සමාජයේ දී කටයුතු කළ හැක.එනිසා තාවකාලිකව සිය අභ්යින්තර අයහපත් ප්රේ්රණ යටපත්කළ අයෙකු හා ස්ථිරව අභ්යනන්තර අයහපත් ප්රේ රණවලින් මිදුනෙකු අතර මතුපිටින් දැකගත හැකි විශාල වෙනසක් නැත.වෙනසක් තිබුණද,ඒවෙනස දැකගත හැක්කේ සිත ඇතුළත මිස බාහිර පෙනුමේ නොවේ.එම අභ්යතන්තර අයහපත් ප්රේැරණ කෙළෙස්,නීවරණ,සංයෝජන,දෘෂ්ටි ආදී නම්වලින් හැඳින්වේ.එසේ නම්වලින් හැඳින්වෙතත් විවිධ අවස්ථාවලදී ඒවා එනමින්ම ඉදිරිපත් නොවේ.බොහෝවිට සිතිවිලි හා හැඟීම් මඟින් පුද්ගලයෙකුව නොමඟ යවා යහපත් ඒවා ලෙස හුවා දක්වමින් අයහපත් ප්රේවරණ ඇතිවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.මෙසේ ඇතිවීමේදී ඒවා චිත්ත වඤ්චක ධර්ම යනුවෙන් හැඳින්වේ.සිහි නුවණින් සැලකිල්ලට ගැනීම මඟින් මෙබඳු රැවටීම්වලින් වැළකී කටයුතුකල හැක.‍ මෙහිදී ක්රිටයාවට වඩා චේතනාවේ වැදගත්කම අවධාරණය කර දක්වා ඇත්තේ ඇතැම් අවස්ථාවලදී පිටතින් ‍විද්යකමාන ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනත් ස්වවරූපයක් පුද්ගලයාගේ අභ්යථන්තර සිත තුළ ක්රිදයාත්මක විය හැකි බැවිනි.මේ නිසා යමෙකු සිදුකරන යම්කිසි ක්රිවයාවක් මතුපිටින් පමණක්ම නිරීක්ෂණය කර ඉන් පුද්ගල අභ්යැන්තරය පිළිබඳව විනිශ්චයන්ට එළඹීමේ ඇති අයෝග්යපතාවයද වටහාගත යුතුය.සූත්රැ දේශනාවලදී කර්මඵල විපාක බිහිවනුයේ චේතනාව අනුවබව දැක්වේ. මේ අභ්යදන්තර ප්රේාරණවලද විවිධ මට්ටම් තිබේ.නීවරණ නාමයෙන් දැක්වෙනුයේ නිවන් මාර්ගය ආවරණය කරන කරුණු පහකි.ඒවා පංච නීවරණ ධර්ම නමින් හැඳින්වේ.ඊට වඩා සියුම්වූ අභ්යකන්තර ප්රේයරණ දහයක් සිත තුළ ඊට යට තිබෙන ස්ථරය තුළ ක්රිටයාත්මක වේ.මේ දශසංයෝජන නම් වේ.සංයෝග යනු සසරට පුද්ගලයා බැඳ තබන කරුණු බැවිනි.මේවාටද යටින් අනුසය ධර්ම නම් වූ තවත් ඉතාම සියුම් අනු සහගත වූ අභ්යරන්තර ප්රේුරණ සමූයක් තිබේ.අනුසය යනු සියුම් යනු වේ.සූත්ර දේශනාවල දැක්වෙන කරුණු මඟින් මෙහි දැක්වෙන අවසාන පියවර වලට ලඟාවීමේදී ඒ පවතින අවස්ථාවේ සිත තුළ ගොඩනැඟී ඇති අභ්යැන්තර ප්රේනරණ සියල්ලෙන්ම සිත මුදවාගැනීමට අවශ්යළය.ඒ සඳහා සුදුසු භාවනා ක්රදමයක් ඇත.එය බුදුරදුන්ගේ සොයාගැනීමකි.විදර්ශනා භාවනාව යනුවෙන් හැඳින්වෙන්නේ ඒ ක්රුමවේදයයි.විදර්ශනා භාවනාව එක්තරා දාර්ශනික චින්තනයකි.එහි මුඛ්යම හරය ප්රිඥාව අවධි කරගැනීමයි.සුදුසු පරිදි සිත හික්මවීමට සමත් සූත්රර දේශනාවක් ශ්ර වණයවීම මඟින් ශ්රාපවකයා තුළ විදර්ශනා භාවනාව වැ‍ඩෙන්නට සැලැස්විය හැක.බුදුවරුන්ගේ සාමුකංසික දේශනාව වූ චතුරාර්ය සත්යා කුළු ගැන්වූ දේශනා මඟින් ශ්රාතවකයා මඟඵල අව‍බෝධයට පත්කිරීමට හැකියාව ඇත.බුදුවරු හා උන්වහන්සේගේ මුල් පෙලේ අර්හත් භික්ෂුන්වහන්සේලා සූත්රම දේශනා දේශනා කිරීම මඟින් පමණක් ශ්රා වයකින් මාර්ගඵල අ‍වබෝධයට පත්කරවනුයේ විදර්ශනාභාවනා පිළිවෙත දේශනා මාධ්ය්යතුළින් වැඩෙන්නට සැලැස්වීමෙනි.එය ඉතා අපහසු කාර්යයකි.නමුදු එය කළ හැක.එය කිරීමට සමත්කම් ඇති උතුමන් දැනට වර්තමාන සමාජයේ නැතිවිය හැක.මන්ද එය කිරීමට සුදුසුකම් සම්පූර්ණ කරතිබූ උතුමන් මේ වන විට සසර නිමකර අවසන්වූ හෙයිනි.මෙකල දක්නට ඇත්තේ වසර දහස් ගණනන් කාලය ඉකුත්ව යාමෙන් පසුව බොහෝකොටම නෂ්ටාශේෂ වී යාමෙන් අනතුරුව ඉතිරිවූ අති සංශිප්ත සූත්රත දේශනාය.ඒවා පෙර බුදු මුවින් නිකුත්වූ සූත්ර්දේශනා වල වාර්තාවක් හා සමානය.ආනන්ද හිමියන් හා සෙසු ශ්රාදවක හිමිවරුන් විසින් විවිධ අවස්ථාවලදී තමන් ඇසූ බුද්ධ දේශනා හා දේශනාවල අර්ථකථන වාර්තා ස්වරූපයෙන් සංගෘහිත කළ හැඩතල සූත්ර දේශනාවන්හි නිරූපිතය.ඒවා හැකිතාක් මුල් දේශනා අරුතට සමීපවෙමින් සජීවීව පවත්වා ගැනීමට දරණ ලද උත්සහයක් අට්ඨකථාවල නිරූපිතය. විදර්ශනා භාවනාව දාර්ශනික අවබෝධයක් ඇතිවීම අරමුණු කර පවතී.ඒ දාර්ශනික ඥාන අවබෝධය පදනම්කර ගෙන ඇතිවේ.මෙම අවබෝධය නම් නිවන් අවබෝධයයි.අභ්යපන්තර ගතව ඇතිවන විවිධ අහිතකර අභිප්රේ රණ වලින් සිත නිදහස් කරගැනීම මේ අවබෝධයේ ඇති ප්ර්ධානතම උපයෝගීතාවයි.එසේම එසේ නිදහස්වීම තාවකාලිකව එම අභිප්රේධරණ යටපත් කිරීම මඟින් ලැබිය හැකි නිදහස නොවේ.එය ස්ථිර සාර නිදහසකි.ඒ නිදහස යළි කිසිම අයුරකින් වෙනස් නොවේ.එහි අකම්පෙය්යහ ස්වභාවයක් ගැබ්ව පවතී.සාමාන්යරයෙන් කෙනෙකුගේ සිතට සතුට ඇතිවන ක්රේමවේද ‍බොහෝ‍වේ. සතුට සිත අභ්ය්න්තරයේ ඇතිවන අභිප්රේේරණයකි.අයහපත් ආකල්ප අරමුණු වීමෙන්ද සතුට ඇතිවේ.එසේම යහපත් ආකල්ප අරමුණුවීමෙන්ද සතුට ඇතිවේ.විදර්ශනාවේදී සිතින් ඉවත් කරනුයේ යහපත් ආකල්ප අරමුණු වීමෙන් ඇතිවන සතුට නොවේ.අයහපත් ආකල්ප අරමුණුවීම නිසා ඇතිවන සතුට පමණක් විදර්ශනා භාවනාව මඟින් සිතින් ඉවත්කර හැරේ.මඟඵල අවබෝධය ලබා සිතේ ක්ලේශ දුරුකළ උතුමෙකුට වුවද යහපත් ආකල්ප අරමුණු වීමෙන් ඇතිවන සතුට ඇති වේ.ඒ උතුමාගේ සිතේ නැතිවනුයේ අයහපත් ආකල්ප මුල්වීමෙන් ඇතිවන සතුට පමණි.ඒ නිසාම මෙහිදී සිදුවනුයේ සිතේ සියළු අභිප්රේමරණම ඉවත්වයාම බව වරදවා නොවටහා ගත යුතුය.යහපත හා අයහපත අතර වෙනස හඳුනාගනු ලබන්නේ බුද්ධිය හා ප්ර්ඥාව මඟිනි.මෙහිදී සිදුවනුයේ බුද්ධිය හා ප්රඅඥාව වර්ධනය කරවීමයි.එවිට බුද්ධිය මඟින් අයහපත නිවැරදිව හඳුනාගෙන සිතින් ඉවත්කර දැමේ.වඩාත් නිවැරදිව පැවසුවහොත් මෙහිදී සිදුවනුයේ නිවැරදිව හඳුනාගැනීම පමණකි.ඉවත්කර දැමීමට කිසිදු අනවශ්යු ආයාසයක් මෙහිදී නොගැනේ.යමක සත්ය් ස්වභාවය වටහාගත් පසු එයින් ඉවත්වීමට අමුතු ආයාසයක් අනවශ්යෙය. ගිනි සිළුවකට අත ළංකළ විට පිළිස්සෙන ස්වභාවය ඇති බව වටහාගත් වි‍ට එය ඇල්ලීමෙන් වැළකිය යුතුබව කෙනෙකුට අමුතුවෙන් කියාදිය යුතු නැත.ඒ පරිදි දාර්ශනික අවබෝධය ලැබීම සමඟම සැබෑව ව්යාඅජයෙන් වෙන්කර නිවැරදිව හඳුනාගැනීමේ ශක්තිය ඇතිවේ.මාර්ගඵල අවබෝධය යනුවෙන් හැඳින්වෙනුයේ මේ තත්වයයි. පූර්ණ අවබෝධය කෙතරම් ගැඹුරුද යත් එය එක්වරම කෙනෙකුට ශාක්ෂාත් කරගැනීම පවා දුෂ්කරය.මේ නිසා ඒ පූර්ණ අවබෝධය පත්වීමේ අවස්ථාව දක්වා මට්ටම් සතරක් පසුකරමින් යා යුතුබව දැක්වී තිබේ.මාර්ගඵල සතරකින් යුතුව ආර්ය මාර්ගය දැක්වී ඇත්තේ එබැවිනි.පළමුව දුරු කරනුයේ දෘෂ්ටියට සම්බන්ධ අයහපත් ආකල්පයි.දෙවන මාර්ගඵලයේදී ආශාව හා ද්වේෂයට සම්බන්ධ අයහපත් ආකල්ප තරමක් දුරට අඩුකරනු ලැබේ.තෙවන මාර්ගඵලයේදී අඩුකළ ආකල්ප සම්පූර්ණයෙන්ම දුරුකරනු ලැබේ.එසේම සිව්වන මාර්ගඵලයේදී මම යන ආකල්ප බිහිවීමට හේතු වූ අයහපත් ආකල්ප සියල්ල සම්පූර්ණයෙන්ම දුරුකරනු ලැබේ.මෙහිදී ඒ පියවර අනුපිළිවෙළකට දක්වා ඇත්තේ සත්ව චිත්ත සන්තානයේ ඇති අයහපත් ආකල්ප සිත තුළ ඇතිවන තීව්රදතාව අනුව එය ඉවත් කිරීමට හැකි පියවර අනුවය.මෙහිදී ඕනෑම සත්ව චිත්ත සන්තානයක දෘෂ්ටි සම්බන්ධවූ අයහපත් ආකල්ප ඇලීම හා ගැටීම සම්බන්ධ අයහපත් ආකල්පවලට වඩා පහසුවෙන් ඉවත්වනබව පෙනේ.එසේම එහි අවස්ථා දෙකක් ඇත.සෝවාන් මාර්ගයෙන් ඉවත්වනුයේ මමත්වය සම්බන්ධවූ ඕලාරික අයහපත් ආකල්ප කොටසයි.මෙය සක්කාය දිට්ඨිය ප්ර ධාන කොට ඇති විචිකිච්ඡාව හා සීලබ්බත පරමාස යන සෙසු සංයෝජන මඟින් නිරූපණය වේ.නමුදු අර්හත්ව දක්වා තව අණු සහගත මමත්වය සම්බන්ධ සියුම් අයහපත් ආකල්ප කොටසක් පවතී.එය සම්පූර්ණයෙන්ම දුරුවී යනුයේ අර්හත්ව මාර්ගඵලයේදීය.එය අස්මි මානයට සම්බන්ධ සංයෝජන කොටස්ය.ද්විතීය හා තෘතීය මාර්ගඵල ඇලීම හා ගැටීමට සම්බන්ධව ඇති ඕලාරික හා සියුම් අයහපත් ආකල්ප අවස්ථා නිරූපණය කෙරේ.ඇලීම හා ගැටීමට සම්බන්ධ ඕලාරික අයහපත් ආකල්ප අඩුවනුයේ සකෘදාගාමී මාර්ගඵල අවස්ථාවේදීය.එහිම සියුම් අවස්ථාව අනාගාමී අවස්ථාවයි.එහිදී මුළුමනින් ඇලීම,ගැටීම යන අයහපත් ආකල්ප දුරුවේ. පිරිසිදු ධර්මය පැතියද, එම ධර්මය හා මානව සංජානන පැතිකඩ අතර පරතරයක් පවතී. බුදුදහම හා මානව සංජානන පැතිකඩ අතර පවතින මේ පරතරය බුදුදහම සජීවීලෙස පැවති යුගයට සාපේක්ෂකව අනුක්ර මයෙන් වැඩිවෙමින් පවතී.දැනට වසර දහස් ගණනක් ගතවී ඇති මෙකල එහි පරතරය සැලකිය යුතු ප්රයමාණයකින් වැඩිවී තිබේ.බුදුදහම හැකිතාක් නිවැරදිව අර්ථගැන්වීම පිණිස රචනා කරන ලද අට්ඨකථා,ටීකා,ගැටපද වැනි අර්ථ විවිරණ ග්රින්ථවලින් සංජානන පරතරය හැකි තාක් දුරට අඩුකිරීමට සෑහෙන පරිශ්රවමයක් දරා තිබේ.නමුදු මෙලොව සෑම දෙයක්ම අනිත්ය ය. එම සනාතන ධර්ම නියාමය බුදුදහමේ සජීවිබව සම්බන්ධයෙන්ද වෙනස් නොවේ. බොහෝකල් ගතවී යාමේදී ව්යනවහාර කරන භාෂාව වෙනස්වේ.මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වේ.අවබෝධ ශක්තිය අඩුවේ.ස්මරණය දුබලවේ.ආධ්යාිත්මික හැකියාව අඩුවන අතර ඊට සාපේක්ෂව භෞතික හැකියාව දියුණු වේ.වර්තමානයේ මිනිසුන්ගේ අධ්යාේපන රටාව මුළුමනින්ම හැඩගැසී ඇත්තේ භෞතිකද්රයව්ය. ලෝකය ග්රසහණය කරගන්නා අයුරිනි.දේශනා මාධ්යත පමණක් භාවිතා කර උසස් අවබෝධයක් ඇති වන අයුරින් පෙළ ගස්වා ඇති සූත්රම දේශනාතුළ ගැබ්ව පැවති අවබෝධ ශක්තිය එසේම ලබාගැනීම වර්තමානයේ කළ හැකි මට්ටමක පවතින්නේදැයි විමසීම වැදගත්ය.එසේවීමට නම් පළමුව සිතීම ඊට අනුරූපව පෙළගැස්විය යුතුය.ආකල්ප,රුචිඅරුචිකම් සියල්ල පවතිනුයේ ධර්මාව‍බෝධය ඇති වන දිශාවට නොවීම මේ කාර්යභාරය වඩාත් අසීරු කරවීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැක.ඒ සඳහා විසඳුම වනුයේ මිනිසුන්තුළ මූලිකව දර්ශන සම්පත්තිය ඇතිකිරීමයි.මඟ නොමඟ වටහාගත හැක්කේ නිවැරදි දර්ශනය ඇතිවිටය.සෝවාන්වීම යනු අර්හත්වය කරා පැමිණියහැකි නිවැරදි මඟ වටහාගැනීමයි.මේ සදහා පුද්ගලයෙකුතුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම අවශ්යහය.ආකල්ප යථා තත්වයට පත්කරගැනීමතුළින් පසුකාලීනව ඉතිරි වැරදි අඩුපාඩුද නිවැරදි කරගැනීමට හැකිවේ. සූත්රීදේශනා නම් බුදුරදුන් ධරමාන කාලයේදී විවිධ පුද්ගලයින්ට ඒඅයගේ විවිධ සංජානන හැකියාව අනුව බුදුදහමින් නිර්දේශිත පරමාර්ථ අව‍බෝධයට පැමිණීම පිණිස දේශිත උපදේශනයි. තත් යුගයෙහි ඒවායේ අර්ථ නිසි ලෙස අවබෝධ කරගත හැකි මට්ටමක එකල භාෂා ව්යැවහාරය පැවතින.නමුදු එම සූත්ර දේශනා දේශනා කර දැනට වසර දහස් ගණනක් ඉකුත්ව ගොසිනි.එකලදී හුදෙක් දේශනාව අසා ධාරණය කරගැනීම හා කඩපාඩම්කර ගුරුකුල වශයෙන් පරම්පරානුගතව පවත්වා ගැනීම මිස,ලිඛිතව සටහන් කරතැබීමක් ක්රි යාත්මක නොවින.එබැවින් සූත්රරදේශනාතුළවූ බොහෝ සජීවී ස්වරූපය බුදුරදුන් ධරමාන යුගයට වඩා අනුක්රාමයෙන් අඩුවී යන්නටවීම ස්වභාවික දෙයකි.මේ තත්වය අභිධර්ම දේශනාවලට වඩා සූත්රා පිටක පහේ අන්තර්ගත සූත්රවදේශනාවලට වඩා තදින් බලපෑවේය.මෙයට හේතුව අභිධර්ම දේශනාවලට වඩා බහුලව සාමාන්යර ජනතාව අතර මේ සූත්රබදේශනා ප්‍ාට යෝගිකව හා බහුලව ව්ය වහාරවීමය.එසේම සම්මුති දේශනාවන්හි පැවති ස්වරූපය අනුව වඩා ප්රයකටව ධර්මාවබෝධය කරා පැමිණීමට සූත්රතදේශනා මහත් උපකාරයක් වූ බැවිනි.ධර්ම රසය විඳගැනීමට රුචි නම් එතරම් ගැඹුරු අවබෝධයක් නැතිව වුවද ශ්රීඋ සද්ධර්මය නමැති මහසයුර වෙත පළමුවෙන් ප්රචවේශවීමට සූත්රයදේශනා සලසා ඇත්තේ විශාල අනුබලයකි. 2.2. සංජානනය හා ආභිධම්මික විවරණ ආභිධම්මික විවරණ මඟින් පැහැදිලි කරනු ලබන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳවයි.පරමාර්ථ ධර්ම යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සම්මුති ඉක්මවා ගිය විට දක්නට ලැබෙන යථාර්ථයයි.මේ තත්වය ඉන්ද්රීිය ප්රමත්ය ක්ෂය තුළින් කෙනෙකුට ග්ර හණය කරගත නොහැක.එබැවින් මේ තත්වය ඇති කරගත හැක්කේ සම්මුතිවල සැබෑ තත්වය අවබෝධ කරගැනීම මඟින් පමණි.එවිට යථාර්ථය දැකීම හා තහවුරුවීම සිදුවේ.බෞද්ධ සංජානනයේ අවසාන පරමාර්ථය නම් මේ පරමාර්ථ ධර්මය අවබෝධ කරගැනීමයි.නිවන් අවබෝධයට කෙනෙකු පත්වනුයේ මේ පරමාර්ථ ධර්ම පිළිබඳ යථා තත්වය වැටහීම මඟිනි.පරමාර්ථ ධර්ම සතරක් ඇත.එනම් චිත්ත,චෛතසික,රූප නිබ්බාන යනාදී වශයෙනි.මෙහි චිත්තය ලෙස හැඳින්වෙනුයේ අරමුණු දැනගැනීමේ ශක්තියයි.සංජානනය සේ දැක් වෙනුයේ මේ චිත්තයයි.අරමුණු නැතිව සිත නොඋපදනා බැවින් චිත්ත ඇතිවීමට අරමුණු අවශ්ය්ය. අරමුණු දැන ගන්නා අර්ථයෙන් සිත එකක්ම වන නමුදු චෛතසික හා සම්බන්ධවී නිසා සිතෙහි 89 හෝ 121 ආකාරයක් දක්නට ලැබේ.සිත අරමුණක් ගැනීම හා අරමුණ හැඳිනීම යන සංජානන ක්රිෝයා වළියට පදනම්වන්නේ සිතෙහි යෙදුනු චෛතසිකයි.‍චෛතසික ඵස්ස,වේදනා,සඤ්ඤා හා චේතනා යනාදී වශයෙන් 52 වැදෑරුම් වේ.චිත්තය හා චෛතසික කකාරනලද කෂායකට උපමා කළහොත් එහි අඩංගු බෙහෙත් රස චෛතසික ලෙසද,ජලය සිත ලෙසද වටහාගත හැක.එසේම මෙහි න්යාියය නම් සිත නැතිව කිසිදු චෛතසිකයක් නූපදින බවයි.ඒ නිසා සිත මෙහි ප්රාධානය. “මනෝපුබ්බංගමා ධම්මා” යන පාඨයෙහි ධම්ම යන්නෙන් අදහස්කර ඇත්තේ චෛතසික වන අතර සිත මනෝ ලෙස හඳුන්වා තිබේ.මේ අනුව සංජානන ක්රි යාවළිය සම්පූර්ණවීමට චෛතසික විශාල උපකාරයක්වීඇති බව පැහැදිලිවේ.චෛතසික නිසා සිතේ ස්වභාවය වෙනස්වීමකට ලක්වේ.චෛතසිකවල බලපෑම නිසා සිත පවිත්රත හෝ අපවිත්රභ විය හැක.චෛතසික හා සිත වෙන්ව වශයෙන් ගත්කළ දැකිය හැකි වූ ස්වරූපයට වඩා ඒවා සංයෝගවූ විට දැකිය හැකි ස්වරූපයේ වෙනස්කම් තිබේ. ශීත,ඌෂ්ණ වැනි හේතු නිසා විකාරයට පැමිණීමේ ලක්ෂණ රූප උරුමකොට පවතී.මේ හා සමානව අරූප ධර්මද වෙනස් වන නමුදු එයට රූප යැයි ව්ය්වහාර නොකෙරේ.වෙනස්වීම අප්රවකටවූ බැවින් ‍එලෙස ව්යැවහාර නොකෙරේ.නමුදු රූප ප්රවකටය.භෞතිකව රූපයේ වෙනස්වීම නිරීක්ෂණය කළහැක.රූපයේ වෙනස්වීම ක්ෂණයක් පාසා සිදුවෙතත්,එහි සියුම්බව නිසා එබඳු වෙනසක් ප්රකකට ලෙස දැකගැනීමට නම් සෑහෙන කාලයක් ගතවියයුතුය.මෙසේ සෑහෙන කාලයක් ගතවූ පසු ප්ර කට වන රූපවල වෙනස්වීම එම මොහොතේදීම ක්ෂණිකව සිදුවෙමින් පවතින්නකි.අරූපී ධර්මයක් වූ සිතේ වෙනස්වීම රූපවලට සාපේක්ෂකව වැඩි නමුදු එය රූප මෙන් ප්රිකට නැත.විකාර ලක්ෂණය රූපයටම අයත්ය.පඨවි,අපෝ,තේජෝ හා වායෝ ආදී වශයෙන් රූප 28ක් දක්නට ලැබේ.සිව්වෙනි පරමාර්ථ ධර්මය නම් නිවනයි.මෙහි වාන නම් තෘෂ්ණාවයි.තෘෂ්ණාවෙන් නික්මීම නිර්වාණයයි.එය මාර්ගඵල සිත්වලට අරමුණු වන අසංඛත ධාතුවයි.අසංඛත නම් හේතුප්රමත්යි ධර්මයන්ගෙන් නොහට ගත් යන අරුතයි.සංඛත බව නම් කිසියම් අයුරකින් ඇතිවන සංජානන විකෘතියකි.එහිදී නිරීක්ෂණ කළහැකි වනුයේ යමක යථා තත්වය,සෑබෑව නොවේ.යමක සැබෑ තත්වය මුළාකර ඊට අනුගතසේ මානසිකව ඇතිකරගනු ලබන කෘතිම දෙයකි.මේ සඳහා තමාගේ පූර්ව කල්පනා,දෘෂ්ටි යනාදිය බල පානු ලැබේ.අසංඛතය නම් යථාර්ථයයි.එහි කිසිදු සංජානන විකෘතියක් නැත.නිවැරදිව සංජානනය සිදුවන බැවින් ප්රයඥාව හටගනී.සිත ඇලීම් ගැටීම් දෙකින් මිදේ.ඇලීම් ගැටීම් ඇතිවනුයේ සිත මුළා වීම නිසාය.යමක ඇති නියම තතු වෙනුවට මවා පෙන්වන කෘතිය තත්වයක් පිළිබඳ ඇලීම,ගැටීම ඇති කරගැනීම සිදුවනුයේ අරමුණෙහි මුළාවන මෝහය නිසාය.සිතේ පැහැදිලි පවිත්ර. ස්වභාවයටද මේ පූර්ණ සංජානනය හේතුවේ.මෝහය නැතිවීම විද්යාේව පහළවීමයි.එවිට සිතේවූ අභ්යාන්තරගත අයහපත් ප්‍රේරණ අනු
  2. ව්‍යාජ සාරධර්ම හඳුනාගන්නේ කෙසේද? සාරධර්ම අධ්‍යාපන මනෝ විද්‍යාව තුළ බහුල වශයෙන් අවධානයට ලක් වෙමින් පවතියි. සාරධර්ම අධ්‍යාපන ක්‍රියාවළියෙන් ස්වායක්ත වූවක් නොවන බවත් හුදෙක් කරුණු ඉගැන්වීම සමඟම සාරධර්ම පිළිබදව කිසියම් වටිනාකමක් ජනිත කිරීම අධ්‍යාපන ක්‍රියාවළියෙහි පරමාර්ථ සාධනයට අදාළව ඉතාමත්ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටීමත් නූතන අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමෙහිලා ප්‍රධානත්වය ගන්නා බව පෙනෙන්ට තිබේ. 1980 ප්‍රකාශිත සමාජ අධ්‍යයනය ඉගැන්වීම පිලිබඳ අත්පොත නැමැති ග්‍රන්ථයෙහි දී අධ්‍යාපන මනෝ විද්‍යාඥ මැක්ලින්ගර් මේ පිළිබඳව පවසන්නේ සාරධර්මවලට මානවයාගේ ඇති බැඳීම අනුව මානව චර්යාවේ පැවැත්ම තීරණය වන බවයි. කෙසේ වුවත් 1931 තරම් ඈත කාලවකවානුවේ පටන්ම අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්ගේ උනන්දුව සාරධර්ම වෙත යොමුව පැවතිණි. එම කාවකවානුව තුළ දීම ඕල්පොට්, ලින්ඩ්සි හා වර්නන් යන අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් මේ පිළිබදව විවිධ පර්යේෂණ සිදු කර තිබේ. සාරධර්ම පිලිබඳව සඳහන් කරන විට පියාජේගේ සංවර්ධනය න්‍යාය මහත් වැදගත්කමක් ගන්නා පැහැදිලි කිරීමකි. එහිදී සාමානයයෙන් අප සාරධර්ම ලෙස උපකල්පනය කරගෙන සිටින සංකල්ප සැබෑ සාරධර්ම නොවන අයුරු හා එසේම අප විසින් සාරධර්ම නොවන දේ ලෙස උපකල්පනය කරගෙන සිටින යම් යම් සංකල්ප සැබෑ ලෙසම සාරධර්ම වන ආකාරය මනාව සාකච්ඡාවට බඳුන් කර තිබේ. අධ්‍යාපන මනෝ විද්‍යා න්‍යායන් තුළ බහුලව සාකච්ඡාවට ගැනෙන පියාජේගේ පර්යේෂණ ඔස්සේ යමින් තවත් එම පර්යේෂණ ඉදිරියට සංවර්ධනය කරමින් 1958 දී කොල්බර්ග් විසින් තව සිද්ධාන්ත හා න්‍යායන් එකතු කරන ලදී. එහි දී කොල්බර්ගේ ජනප්‍රිය හෛන්ස් උභතෝකෝටිකය පිළිබඳව න්‍යාය මඟින් සාරධර්මවල අන්තර්ගත විවිධ පැතිකඩ පිලිබදව අති සියුම් සාකච්ඡාවකට මිනිසු මනස යොමු කරනු ලබයි. කොල්බර්ග් විසින් මෙහි දී පෙන්වා දෙනු ලබන්නේ සාරධර්මවල ස්වරූපයෙන් පහළවිය හැකි ව්‍යාජ සාරධර්ම පිළිබඳව නිසා මුළාවට පත්වන පුද්ගලයින් ඒවා සාරධර්ම සේ සලකා ක්‍රියා කිරීම නිසා සමාජයෙහි සාමූහික පැවැත්ම කඩවීමකට ලක්විය හැකි බවයි. අධ්‍යාපන මනෝ විද්‍යාව තුළ පුද්ගලයින් තුළ පහළ විය හැකි සාරධර්ම ස්වරූපයෙහි එහෙත් සාරධර්ම නොවන ආකල්ප පිලිබදව මෙහි දී විමසා බැලීමක යෙදෙයි. සාරධර්ම වශයෙන් මතුපිටින් පෙනෙතත් එසේ නොවන අගතිගාමී මානසික ආකල්ප නිසා ඇතැම් අවස්ථාවල දී මිනිසුන් මුළාවට පත් වේ. ඒ එකී ආකල්ප සාරධර්ම ලෙස කල්පනා කිරීමට යෑම නිසාය. සාරධර්ම නොවෙතත් මෙවැනි ආකල්ප සිතට දැනෙන්නේ සාරධර්ම වශයෙනි. එනිසා මේවා ව්‍යාජ සාරධර්ම ලෙස දැක්විය හැකිය. සද්ධර්මයෙහි මෙවැනි සාරධර්ම අර්ථ දැක්වෙන්නේ වඤ්චක ධර්ම යන නාමයෙනි. මෙවැනි ආකල්ප ඇතිවීමට හේතුව සාරධර්ම බුද්ධිමය අවබෝධය තුළින් නිරායායෙන් පහළවීමට අවකාශ නොදී අයාසයෙන් ඇතිකර ගැනීමට යාමේ දී පුහුදුන් පුද්ගලයින් තුළ නිරායාසයෙන්ම ඇති යටට ඔබන ලද සෘණාත්මක ආකල්ප සාරධර්ම වේශයෙන් සිත මතුපිටට පැමිණ ක්‍රියාත්මකවීමයි. ඒ අයුරින් සිත තුළ ක්‍රියාත්මක වන සාරධර්ම වේශය ගත් සෘණෘත්මක ආකල්ප මැනවින් දැන හඳුනා ගැනීමට පුහුදුන් මිනිස් සිතට එක්වරම අපහසුය. සාරධර්ම ස්වභාවය අඟවන්නේ ව්‍යාජ ලෙස බැවින් මෙම ව්‍යාජ සාරධර්ම එක ආකාරයකට මිනිස් සිතට කරනු ලබන හානිය ක්ෂණිකව නිවැරදිව තක්සේරු කිරීමට තරමක් අපහසුය. ව්‍යාජ සාරධර්ම නිසා මුළාවට පත් වූ මිනිසුන් සමාජය තුළ කටයුතු කිරීමේ දී අනෙක් අය පවා ඔවුන් කටයුතු කරන්නේ සැබවින්ම සාරධර්ම ආකල්පවලින් බව සිතා ඒ අය යහපත් පුද්ගලයන් සේ දැකීමට පෙළඹෙති. මෙහි ඇති අනෙක් වැදගත්ම කරුණ නම් මෙකී පුද්ගලයන් පවා අවංක ලෙසම තමා තුළ ඇති ව්‍යාජ සාරධර්ම සත්‍ය සාරධර්ම ලෙස විශ්වාස කිරීමට පෙළඹීමයි. තමා ව්‍යාජ සාරධර්මවලින් මුළා වී ඇති බවක් වත් මොවුහු නොදනිති. තමන් සැබවින්ම යහපත් ඉතා සාධාරණ සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයන් සේ මොවුහු සිතා ඒ අනුව ක්‍රියා කරති. එක අතකට ව්‍යාජ සාරධර්මවලින් මුළාවට පත් වූ තැනැත්තන් කුහක පුද්ගලයන් සේ සිතා කටයුතු කිරීමට ව්‍යාජ සාරධර්ම මැනවින් හඳුනා ගනු ලබන අය පෙළඹෙනු දක්නට ලැබේ. මේ ආකල්පය කෙතරම් දුරකට නිවැරදි දැයි කිව නොහැක්කේ ව්‍යාජ සාරධර්ම මඟින් වශීකෘත වන පුද්ගලයා පවා තමා සැබවින්ම වසඟව ඇත්තේ සැබෑ සාරධර්මයකට නොව සාරධර්ම අනුරූ ව්‍යාජ සංකල්පයකට බව නොදැන ඒ අනුව කටයුතු කිරීමට පෙළඹෙන හෙයිනි. ඒ නිසා ව්‍යාජ සාරධර්ම නිසා ඉන් මෝහනය පත්වන පුද්ගලයන් සැබවින්ම අහිංසක පුද්ගලයන් බව ද ඔවුන් විසින් මෙහෙයවන ලද ව්‍යාජ සංකල්පයට අනුකූල ලෙස රූකඩ බවට පත්වීම විනා ඔවුන්ගෙන් සිතා මතා සිදුවන දෙයක් නොමැති බව ද පෙනී යන කරුණකි. කල්පනාකාරීව නිරීක්ෂණය කළහොත් වර්තමාන සමාජයෙහි බොහෝ පුද්ගලයින් තුළ විද්‍යමාන සියුම් මානසික දුර්වලතා බොහොමයක් ඇති වනුයේ හුදෙක් ඒකී පුද්ගලයන්ගේ වරදින් නොව ඒ පුද්ගලයින්ව මෝහනය කරගනු ලබන මෙබඳු ව්‍යාජ සාරධර්ම නිසා බව පැහැදිලිව ම පෙනී යයි. ඇතැම් අවස්ථාවල දී සමාජයෙහි අන්‍යයන්ගේ හාස්‍යයට උපහාසයට පරිහාසයට ලක් වන යම් යම් මානසික ගති හා චරිත ලක්ෂණ ඇති බොහෝ දෙනෙක් තමන් තුළ මෙබඳු ව්‍යාජ සාරධර්ම ක්‍රියාත්මක වන බවක් අවබෝධ කරගැනීමට අසමත් වෙති. නමුත් සමාජයෙහි වෙනත් පුද්ගලයින් බාහිරව එබඳු තැනැත්තන් නිරීක්ෂණය කොට චිත්ත අභ්‍යන්තරයෙහි නිදන්ගතව ඇති පහත් ආකල්ප සහිතව හිඳිමින් ඒවා නොපෙන්වා කුහක වතක් අනුගමනය කරන හා එනිසාම තමාගේ පහත් ආකල්ප උසස් ලෙස හුවා දැක්වීමේ ව්‍යාජ උසස්කම් ආරෝපණය කරගනු ලැබූ මිනිසුන් ලෙස මොවුන්ව ගර්භාවට හා අවමානයට පාත්‍ර කරති. සාරධර්ම පිළිබඳ වඩා සුලබ ලෙස සාකච්ඡාවට ලක් කෙරන ස්ථාන, පුද්ගලයන් හා අවස්ථා ඇසුරෙහි කාලය ගතකිරීම තමා තුළ ද සාරධර්ම ප්‍රක්ෂේපණයවීමට කදිම මඟක් ලෙස සිතන සමහර අය ප්‍රායෝගිකව ස්වකීය චිත්ත අභ්‍යන්තරගත සාරධර්ම සංස්කරණ ගනුදෙනුවක නොයෙදී සාරධර්ම වලින් පිරිපුන් පුද්ගලයින් ලෙස සිතා කටයුතු කිරීමට යාමේ දී ඇතැම් අවස්ථාවලදී ඔවුන් නොදැනුවත්වම තමන්ගේ සිත් සතන් තුළ ගැබ්ව ඇති සංස්කරණය හා මෝචනය නොකරන ලද අහිතකර සෘණාත්මක ආකල්ප සම්පර්කයට ස්වයංක්‍රීයව නතුවීම, මාර්ග ඥ‍‍ාණයෙන් පහ නොකළ ව්‍යාජ සාරධර්ම නිසා සිදු වේ. ඇතැම් දෙනෙක් සාරධර්මවලට හා සමාජය සුමඟට යොමු කරවීම පිණිස කතිකාවල නියැළෙන හොඳ ගති ගුණ වලින් සමන්විත අය පහතට දමා ඔවුන්ගේ උසස් පරමාර්ථවලට නිගරුවන ලෙස ස්වකීය තර්කන හැකියාව හා කූට බුද්ධිය මෙහෙයවා ක්‍රියා කිරීම ස්වකීය සුවිශේෂී සමර්ථතාවයක් විදහා පෙන්වීමක් ලෙස වරදවා තේරුම් ගෙන සිටිති. තමන්ගේ කපටි මොළය තමන්ට පෙන්වන මායාව සත්‍යයක් ලෙස වරදවා වටහා ගැනීමට උත්සහ දැරීම සියතින්ම ගෙළ සිඳ ගැනීමක් හා සමාන වූ ආධ්‍යාත්මික අඳ බාල ක්‍රියාවකි. ඉතා බහුල ලෙස ආගමික සදාචාරය අගයන රටක මෙතරම් අපරාධ හා දූෂණ වැඩිවීමට හේතුව එකී ආගමික සංස්ථාව මඟින් සමාජයට ව්‍යාප්ත කෙරෙන සාරධර්ම නිසි ඇගයුම්ශීලී ප්‍රමිතියක පිහිටා නොතිබීම බව තර්කානූකූලව ඔප්පු කිරීමට දරණ වෑයම තුළ ගැබ් වන්නේ සාරධර්ම වර්ධනයෙහිලා මහත් සේ ප්‍රොහොත්සාහී වන ආගමික සංස්ථාවෙහි එකී ශ්‍රේෂ්ඨ කාර්යභාරය ස්වකීය පටු පරමාර්ථවලට අනුව ලඝුකොට සැලකීමකි.ඒ හැරුණු කොට ආගමික සංස්ථාවට අයත් විවිධ ආගමික ඉගැන්වීම් තුළ අන්තර්ගත එකී ශාස්තෘවරුන්ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ යම් යම් පුරා විද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරුවල ගැබ්වන සාහිත්‍යමය වටිනාකම පසෙක තබා එය අනවශ්‍ය දාර්ශනික විවරණවලට ලක් කොට සියළු ආගමික ඉගැන්වීම්හි අන්තර්ගත සාරධර්ම අසත්‍ය හා මන‍ඃකල්පිත ප්‍රබන්ධ බවට එයට හේතු සාධක කොට පෙන්වමින් තමා තුළ ඒ පිළිබඳව ඇති නොදැනීම හා මෝහය ප්‍රඥාව ලෙස වරදවා තේරුම් ගෙන උදම්වීම පවා තමා තුළ නොමැති ව්‍යාජ සංකල්ප සාරධර්ම ලෙස සිතා ඉන් මුළාවට පත්වීමකි. එසේම පුද්ගල ආකල්ප පිළිබඳව බුද්ධිමය කතිකාවතක දී ඊට අදාළ පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික වතගොත ද ඈඳා ගෙන අදාළ ප්‍රස්තුත මාතෘකාව කිසියම් විකෘති කිරීමකට ලක්කොට ඉන් තමාගේ මතවාදයට වාසි ලබා ගැනීමට තැත් කිරීම තුළ ද කෙසේ හෝ ස්වකීය මතයම ජයග්‍රහණය කරවීමේ පටු චේතනාව ක්‍රියාත්මක වේ. හොඳින් සැලකිල්ලට ගෙන නිරීක්ෂණය කළහොත් මිනිසුන් බොහෝ දෙනෙක් තමා තුළ ඇති මෙකී ව්‍යාජ සාරධර්ම නිසා මුළාවට ලක්ව කටයුතු කරන ආකාරය පැහැදිලිවම දැකගත හැකිය. සාරධර්මයක් ලෙස මතුපිටින් පෙනී හිඳිමින් සාරධර්මවලට වඩා වෙනස් හා ප්‍රතිවිරුද්ධ කාර්යභාරයක් ඉටු කරන ව්‍යාජ සාරධර්ම නම් සෘණාත්මක සංකල්පයි. ව්‍යාජ සාරධර්ම සඳහා බලපානු ලබන චිත්ත සංකල්ප රාශියක් ඇත. මේ සංකල්ප අතරින් ලෝභය ද සිතෙහි ව්‍යාජ සාරධර්මයක ස්වරූපයෙන් හටගනු ලබන සංකල්පයකි. ලෝභය නමින් හඳුන්වනු ලබන්නේ කිසියම් අරමුණක සිත ඇලීමට පත්කරවන ස්වභාවයෙහි වූ මානසික ආකල්පයි. අකුසල් සිත් අතර ලෝභ මූල සිත් අටෙහි විශේෂ වශයෙන්ම හටගනියි. නොලැබූ සැප සම්පත් ලැබීමට ප්‍රාර්ථනා කිරීමත්, ඒ සදහා වෑයම් කිරීමත්, එලෙස සැබූ සම්පත් ආරක්ෂා කර ගැනීමත්, කෙසේ හෝ සැප විඳීමේ දැඩි ආශාවත් හටගනු ලබන්නේ ලෝභයෙහි බලපෑම නිසාය. මෙලොව තමන් විසින් ප්‍රිය කරනු ලබන පුද්ගලයන් හා වස්තු විෂයෙහි සිතට දැනෙන ලෝලන ස්වභාවය හෙවත් අලවන්නා වූ ස්වරූපය ලෝභය නිසා සිදු වේ. ස්වභාවයෙන් ප්‍රිය අරමුණවලට ආකර්ශණයවීම මිනිස් සිතෙහි සහජයකි. එය සහජයක් වූ පමණින් වඩ වඩාත් සිත ප්‍රයත්න දරා ඒ දෙසට නැඹුරු කරවීම පිණිස ව්‍යාතිරේක සිතිවිලි පහළ කරගැනීම සංකල්පනා වේ. මේ අනුව කාම හෙවත් අරමුණෙහි ප්‍රියශීලී බවට ව්‍යතිරේකව සංකල්ප පහළ කරගැනීම කාම සංකල්පනා වේ. බුදුරජාණන් වහන්සේ විසින් “සංකප්ප රාගො පුරිසස්ස කාමො” ලෙස විග්‍රහ කර ඇත්තේ මේ තත්වයයි. මෙලොව සිටින පරාර්ථකාමී උතුම් සත්පුරුෂයෝ ආත්මාර්ථකාමී බව පසෙක ලා දිවා රාත්‍රී නොබලා අන්‍යයන්ගේ යහපත තකා කටයුතු කරති. එය බුද්ධ, පච්චෙක බුද්ධ, අර්හත් උතුමන් ආදී කලණ්‍යාණ මිත්‍ර සත්පුරුෂයින්ගේ උසස් උදාරතර කල්පනාවකි. ඉන් මෙපිට සාමාන්‍ය මිනිසුන් අතර සිටින යහපත් පුද්ගලයන් පවා අනුන්ගේ යහපත් වෙනුවෙන් කැපවීම පරාර්ථකාමී බවයි. පරාර්ථකාමී පුද්ගලයෝ තමන් සිදු කරන සමාජ සත්කාරය වෙනුවෙන් කීර්ති, ප්‍රශංසා, ගරු බුහුමන්, ලාභ සත්කාර, තනතුරු අපේක්ෂා නොකරති. හුදෙක් ස්වකීය වෑයම පරාර්ථ සුභ සිද්ධිය සැලසීම පමණක් කොට කටයුතු කරති. කීර්ති, ප්‍රශංසා වැනි දේ ලැබීම පිණිස අන්‍යයන්හට යහපත සිදු කිරීම පරාර්ථයක් නොව එය ආත්මාර්ථය සපුරා ගැනීමකි. එලෙස කිරීම එක් අතකින් ලෝකයා රැවටීමක් ද වේ. කීර්ති, ප්‍රශංසා, ලාභ, සත්කාර, සම්මාන ආදිය ලබනු පිණිස පරාර්ථය සිදු කිරීම ලාමක පහත් ක්‍රියාවක් බව සලකන පරාර්ථකාමී පුද්ගලයින් ඉන් වැළකී සිටීමට වෑයම් කරනු ලබයි. එබදු ලාමක අදහස් ස්වකීය සිත් සතන්හි ඇති වන්නට ඉඩ නොදී සිත එවැනි අදහස්වලින් වලක්වා ගනිති. පුහුදුන් ස්වභාවය ඉස්මතුවීමෙන් පසුව කීර්ති, ප්‍රශංසා ලබාගැනීමේ ලෝභය වෙනත් ස්වරූපයකින් එකී පුද්ගලයින්ගේ සිත් සකන්හි පහළ වේ. ඉන් පෙර නොපැවති පරාර්ථකාමී බවක් ඇති වේ. පෙර දී පිළිකුල් කළ බැහැර කළ ලෝභය පරාර්ථකාමී ව්‍යාජ වේශයෙන් සාරධර්මයක් සේ එකී පුද්ගලයන්ගේ චිත්ත සන්තානය තුළ පහළ වීම නිසා ඒ පුද්ගලයෝ තමන්ගේ එකී සිතිවිලි වලට වසඟ වෙති. මෙයින් වන්නේ පරාර්ථකාමී බව යන සාරධර්මයෙහි ව්‍යාජ වේශයෙන් ආත්මාර්ථකාමී බව නැමැති සෘණාත්මක සංකල්පය සිත තුළ ක්‍රියාත්මක වීමයි. මෙම ව්‍යාජ සාරධර්මය පරාර්ථකාමතා වේශයෙන් පහළ වන වඤ්චක ලෝභය ලෙස අර්ථ දක්වනු ලැබේ. මෙසේ වන්නේ තමන් විසින් සිදු කරනු ලබන පුණ්‍ය හා කුසල කටයුතුවල විපාකය කෙරෙහිම ඇලී ගැලී ඒ කෙරෙහිම සිත යොදවා ක්‍රියා කිරීමට පුද්ගලයින් උත්සුක වීම නිසාය. දාතුකාමතා යනු පරිත්‍යාග කිරීමේ ඇති කැමැත්තයි. එය කුශලච්ඡන්දයක් වේ. මෙහි දී ලෝභය යන සෘණාත්මක සංකල්පයට ප්‍රතිවිරුද්ධ ආලෝභ චෛතසිකය හෙවත් ධනාත්මක සංකල්පය ක්‍රියාත්මක වේ. පරිත්‍යාගය අනිවාර්යයෙන්ම පුණ්‍ය හා කුශල කර්මයකි. එහෙත් ස්වල්ප දෙයක් ලබා දී ඊට ප්‍රතිඵලය ලෙස බොහේ දේවල් බලාපොරොත්තුවීම හා අන්‍ය පුද්ගලයින් තමාට අවනත කරවා ගැනීම යන පටු අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වන විට බෙහෙවින් ලෝභ චෛතසිකය, දාතුකාමතා යන කුශලච්ඡන්දයෙහි ස්වරූපයෙන් පුද්ගල චිත්ත සන්තානය තුළ පහළ වේ. එයින් එකී පුද්ගලයයෝ මුලාවට පත්වෙති. පුණ්‍ය හා කුශල සිතිවිල්ලකැයි සිතමින් ලෝභ චෛතසිකයට රැවටෙති. පරිත්‍යාගය කුශලයක් බවට පත්වන්නේ අලෝභය, මෛත්‍රිය, ප්‍රඥාව යන කුශල චෛතසිකයන්ගෙන් යුක්තව එකී ක්‍රියාව සිදු කරන විටක පමණි. මෙහි දී ව්‍යාජ සාරධර්මයක් ලෙස දැක්වෙන්නේ දාතුකාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභයයි. සැබෑ සාරධර්මයක් වූ අලෝභයෙහි ස්වරූපයෙන් මෙහිදී ලෝභය හටගනියි. අන්‍යයන් විසින් තමන්ට කරන ලද උපකාරය අමතක නොකිරීමත්, කළ උපකාරයට පෙරළා ප්‍රතිඋපකාර කිරීමත් කෘතඥතාවය ලෙස හැඳින්වේ. එය බුද්දාදී උතුමන් විසින් ප්‍රශංසා කරන ලද පුරාතන ධර්මතාවයකි. කළගුණ සළකන පුද්ගලයන්හට උපකාර කළ අය එකී තැනැත්තන්ගේ ගුණය නිසාම පහදිති. ඒ බැව් දන්නා දූ දරු ශිෂ්‍ය ආදීන් තුළ මව් පිය ගුරුවරු ආදීන්ගෙන් ලාභ සත්කාර ප්‍රයෝජන ලබා ගැනීමේ ආශාව වූ ලෝභය කෘතඥතා වේශයෙන් පුද්ගල චිත්ත සන්තානය තුළ පහළ වේ. එය ස්වකීය කෘතඥතා ගුණය ලෙස වරදවා හැඳින මුළා වූ සිතින් යුක්තව සාරධර්මයක් වූ අලෝභයෙහි මතුපිට පැහැයෙන් යුක්තව එන ලෝභයෙන් යුක්තවම මව් පිය ගුරුවරු ආදීන්ට සත්කාර කරති. මෙයින් ඔවුන් පමණක් කොව මව් පිය ගුරුවරු ආදී ඔවුන්ගේ සත්කාරයන්ට පාත්‍ර වන අවශේෂ අය ද ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් මුලාවට පත්වෙති. මෙය සැබෑ අලෝභ සාරධර්මයෙහි වේශයෙන් පැමිණෙන වයාජ සාරධර්මයකි. එම නිසා මෙම ව්‍යාජ සාරධර්මය කෘතඥතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස හැඳින් වේ. අපචිති කාමතා නම් ගරු කළ යුත්තන්හට ගරු බුහුමන් කරනු කැමැත්තයි. එය කුශලච්ඡන්දයක් වේ. මව් පිය ගුරුවරු ආදී ගරු සත්කාර දැක්විය යුතු පුද්ගලයන්හට ගරු බුහුමන් කිරීම උතුම් ගුණයකි. ඔවුන් සතුටට පත්වීමෙන් ඔවුන්ගෙන් විවිධ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබේ. ඒ බැව් වටහාගන්නා දූ දරු ශිෂ්‍ය ආදීන් විසින් මව් පිය ගුරුවරු ආදීන්ගෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ අරමුණින්ම යුතුව ලෝභය සිත්හි පහළ කරගෙනම ඔවුන්හට ඇප උපස්ථාන සිදු කරති. ලෝභයෙන් යුක්තව සිදු කරන කටයුත්තක් බැවින් එවා උසස් සාරධර්ම ලෙස හැඳින්විය නො හැක. එය ඤෘතඥතා සාරධර්මයෙහි වේශයෙන් ඇතිවන ව්‍යාජ සාරධර්මකි. මෙම ව්‍යාජ සාරධර්ම අපචිති කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස හැඳින්වේ. අනුකූලතාවය නම් මව් පිය ගුරුවරු ආදීන්හට කීකරු වන ස්වභාවයයි. කීකරු ශිෂ්‍යයාට හා දරුවාට මව් පිය ගුරුවරු බෙහෙවින් අනුකම්පා කරති. ඒ කාරණය දත් ඇතැම් පුද්ගලයින් තුළ මව් පිය ගුරුවරු ආදීන්ගෙන් ලැබෙන ඇප උපකාර ලබාගැනීමේ ලෝභය අනුකූලතා වේශයෙන් පහළ වේ. මෙයින් රැටීමට පත්වන සමහර පුද්ගලයින් තමන්ගේ කීකරු බවක් අනුකූලතාවයක් නැතත් කීකරු හා අනුකූල බවක් මතු පිටින් ප්‍රදර්ශනය කරති. මෙය කීකරු බව නමැති සාරධර්මයෙහි පැහැය හා හැඩය පෙන්වමින් ඊට අනුකූලව සිත තුළ ඊට ප්‍රතිවරුද්ධව පහළවන ව්‍යාජ සාරධර්ම සංකල්පයක් වන ලෝභය නැමැති සෘණාත්මක ආකල්පය නිසා ඇතිවන බැවින් මෙම ව්‍යාජ සාරධර්මය අනුකූලතා වේහයෙන් පහළ වන වඤ්චක ලෝභය ලෙස අර්ථ දැක්වේ. ප්‍රියවාදිතා නම් ප්‍රිය වචනයෙන් කථා කරන ස්වභාවයයි. ප්‍රිය වචනයෙන් කතා කරන පුද්ගලයාහට හැම දෙනම ප්‍රිය කරති. ආදරය කරති. අන්‍යයින්ගේ සිත් ඇඳ ගැනීමට අවනත කරගැනීමට ප්‍රිය වචන කථා කිරීම හොඳ විධි ක්‍රමයකි. ඒ කරුණ දත් සමහරු අන්‍යයන් සතුටු කරවා විවිධ ලාභ සත්කාර ප්‍රයෝජන ලබා ගැනීමේ ලෝභ චේතනාව පෙරදැරිව ප්‍රිය වදන් භාවිතා කරති. සමහරු කෙනෙකුගේ යම් කිසි වරදක් දුටුවත් එය නොකියා මූණිච්ඡාවට හොඳ කියති. වරදක් දුටු වීට ඒ බව නොසඟවා පවසන්නේ ඒ වරද නිවැරදි කරගැනීම පිණිස අවස්ථාවක් ලබා දීමටය. එය මෙත්තා වචී කර්මයකි. නමුත් වරද වරද බව නොපවසා හොඳම පවසනු ලබන්නේ මෛත්‍රී පූර්වක චේතනාවෙන් නොව ප්‍රිය වදනෙහි ස්වරූපය සහිත ව්‍යාජ සාරධර්මයන්ට මුළාවීම නිසාය. ප්‍රිය වදන් භාවිතා කළ යුත්තේ කරුණාව,මෛත්‍රිය වැනි මානව සංවේදී සාරධර්ම ආකල්ප පෙරටු කරගෙන වුවත් ලෝභය වැනි සෘණාත්මක ආකල්ප පෙරටු කොටගෙන ප්‍රිය වචන භාවිතා කිරීම උසස් සාරධර්ම ලක්ෂණයකැයි සැලකීමට අපහසුය. ප්‍රිය වචනවල පැහැයෙන් සිත තුළ උපදින ව්‍යාජ සාරධර්මක් වන මෙය ප්‍රියවාදිතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය අර්ථ දැක්වේ. නෛෂ්කම්‍ය කාමතා නම් ගිහි ගෙය හැර දමා පැවිදි වෙනු කැමති බවයි. පස්කම් සැප හැර දැමීමට සිත තුළ පහළ වන කුශල පාක්ෂික චේතනාවයි. සාමාන්‍ය මහජනතාව සිල්වත් ගුණවත් නැණවත් භික්ෂූන්හට බොහෝ සේ ගරු බුහුමන් සත්කාර සම්මාන පවත්වති. එය දකින ඇතැම් ගිහි පුද්ගලයින් තුළ පැවිදිව සැප සම්පත් ගරු බුහුමන් පුද සත්කාර ලැබීමේ ලෝභ චේතනාව නෛෂ්කම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයට රැවටුන මෙම ගිහි පුද්ගලයින් සසරට කළකිරුණු ස්වභාවයක් අඟවා පැවිදි වීමට උත්සහ කරන්නේ තමා තුළ සැබවින්ම ඇත්තේ නෛෂ්කම්‍ය කාමතා සාරධර්මය යැයි සිතා ගෙනය. පැවිදි බව ලැබීමේ මූලික අභිප්‍රාය අපිරිසිදු බැවින් පැවිද්ද සාර්ථක කරගැනීමට ද මොවුහු අසමත් වෙති. ගුණ ධර්ම වර්ධනය කරගැනීමට හා සසරින් එතෙරවීමට භික්ෂුත්වය ලැබීම අනිවාර්ය නොවේ. කිසියම් ශිල ප්‍රතිපදාවක පිහිටා සිල්වත්ව කටයුතු කර සමාධිය හා ප්‍රඥාව උපදවා ගැනීමට හැකිය. විදර්ශනා ඥාණය උපදවා එම ඥාණය මාර්ග ඥාණය දක්වා වර්ධනය කරගැනීමට පවා ශීලයක පිහිටීම උපනිශ්‍රය වේ. ශිල ප්‍රතිපදාව ඔස්සේ කටයුතු කරන මෙවන් අය උපාසක හා උපාසිකා ලෙස බෞද්ධ සිව් වනක් පිරිස අතරෙහි බෙහෙවින් සම්මානයට පාත්‍ර වේ. බෞද්ධ ප්‍රතිපදාව සම්පූර්ණ කරගැනීම පිණිස එසේ අල්පේච්ඡව කටයුතු කළ හැකිව තිබිය දී මහත් සේ පුහු ඝෝෂා කරමින් උපසම්පදාව හෝ භික්ෂූත්වය ලබාගැනීමේ පරමාර්ථය හුදෙක් ස්වකීය පෞද්ගලික කීර්තිය සුරක්ෂිත කරගැනීමට බව හොඳින්ම වැටහෙන්නේ එවන් උදවිය එය දැඩි සේ ඉල්ලා සිටීම නිසාය. ඇතැම් විටක පැවිද්ද ලබා දීමට බුදුරදුන් විසින් පණවා ඇති විනය නීති රීති හරස් විය හැකිය. එවන් අවස්ථාවල දී විනය ව්‍යාවස්ථාවට පරිබාහිරව කෙසේ හෝ පැවිද්ද ලබා ගැනීමට වෑයම් කරති. ථේරවාදයෙන් ලබාගත නොහැකි වූ දෙය මහායානයෙන් හෝ ලබා ගැනීමට උත්සුක වෙති.ඒ පිණිස මුදල් හදල් ඥාතී මිත්‍ර සබඳතා වැනි විවිධ අයථාක්‍රම භාවිතා කිරීමට තරම් සැහැසි වෙති. සමහරු කෙසේ හෝ පැවිදි බව ලැබීමම තමන්ගේ එකම අභිලාෂය කරගැනීම කොට සලකා ක්‍රියා කරති. තමන්හට පැවිද්ද ලබාදීමට ධර්ම විනයානූකූලව අපහසුම නම් ඒ බැව් බොහෝම විනීතව අදාළ නිකායන්හි මහ නායක ස්ථවිරයන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ විටක උන්වහන්සේලා කෙරෙහි පවා අහේතුකව උරණ වෙති. උන් වහන්සේලාහට අපහසුතා ඇතිවන විවිධ ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කිරීමට තරම් අතිධාවනකාරී ද වෙති. මේ තත්වය බෞද්ධ භික්ෂුත්වය සම්බන්ධයෙන් සේම අනෙකුත් ආගම්වල පූජක වරය සම්බන්ධයෙන්ද විද්‍යමාන විය හැකිය. ඒ පූජ්‍යත්වය හෝ පූජක බව එක්තරා ආකාරයකට සමාජමය ආභරණයක් සේ මේ අය කල්පනා කර හෙයිනි. ඇතැම් විටක එය ස්වකීය සම අයිතිවාසිකමක ස්වරූපයෙන් තමන්ට ලැබිය යුත්තකැයි විශ්වාස කිරීමට පවා මෙවන් අය පසුබට නොවෙති. සමාජයෙහි වෙනත් ස්ථානවල දී තමන්හට හිමිවිය යුතු සම අයිතිය පූජ්‍ය හෝ පූජක වරය සම්බන්ධයෙන් ද හිමිවිය යුතුම අනිවාර්ය දෙයක් ලෙස මොවුන් විසින් උපකල්පනය කරන බව දක්නට ලැබේ. නමුත් තමා තුළ සැබවින්ම ඇත්තේ නෛෂ්කම්‍ය කාමතා ස්වරූපයෙන් ඇති ව්‍යාජ සාරධර්මයක් බව මොවුහු නොදනිති. මෙම ව්‍යාජ සාරධර්මය නෛෂ්කම්‍ය කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමේ අර්ථ දක්වා තිබේ. විවිධ ආගමික ඉගැන්වීම්වල සඳහන් වන සාරධර්ම අන්‍යයන්හට කියාදීම ධර්ම සන්නිවේදනය ලෙස අර්ථ දැක්විය හැකිය. බෞද්ධ ඉගැන්වීම් අනුව පවා ධර්ම දේශනා කිරීම උතුම් ගුණයක් ලෙස සඳහන් කර ඇත. “ සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන්නෙන් අදහස් වන්නේ සියළුම දානයන් අතර ධර්ම දානයම ශ්‍රේෂ්ඨ බවයි. මක්නිසාද යත් ඕනෑම ආගමික ඉගැන්වීමක් සම්බන්ධයෙන් වුවත් සාමාන්‍ය මිනිසුන්හට එකී ආගමෙහි කියැවෙන සාරධර්ම පිලිබදව සන්නිවේදනය කිරීම මිනිසුන් තුළ එකී සාරධර්ම වර්ධනය කිරීමට ඉතා විශාල අනුබලයක් සැලසෙන බව එකී ආගම් කතෘවරුන් හා ශාස්තෘවරුන් විසින් පිළිගෙන ඇති හෙයිනි. ධර්ම සන්නිවේදනය තාක්ෂණික අතින් දියුණු වර්තමාන සමාජය තුළ දේශනා මාධ්‍යයෙන් මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් ජන සන්නිවේදන මාධ්‍යයන් තුළින් ද වඩා පහසුවෙන් එමෙන්ම වඩාත් විශාල පිරිසකට එක්වර සන්නිවේදනය කළ හැකිය. එලෙස ධර්මය සන්නිවේදනය කිරීමට ස්වකීය සම්පත් දායකත්වය සපයන පුද්ගලයන්හට අන්‍යයන්ගේ කීර්ති, ප්‍රශංසා, ලාභ, සත්කාර, තුටු පඬුරු, මිළ මුදල්, පුද, පූජා වැනි විවිධ භෞතික දේ ලැබේ. එවැනි ලාභ සත්කාර කීර්ති, ප්‍රශංසා ලබා ගැනීමේ පටු හැඟීම් ඇති පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ ලෝභය ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වේ. ධර්ම සන්නිවේදයෙහි දී හෝ සන්නිවේදන මාධ්‍යයන්හි දී පවා බොහෝ විට අන්‍යයන් පරයා යන තරඟකාරීත්වය විද්‍යමාන වන්නේ එහෙයිනි. එයට මුළාවූ ඇතැම් අය ධර්ම සන්නිවේදයෙහි යෙදෙමින් සිදු කරන්නේ එකී ධර්ම සන්නිවේදයෙහි මු‍වාවෙන් ස්වකීය ලාභ සත්කාර භෞතික සැප සම්පත් ලැබීමේ කාර්යය ඉටු කරගැනීමයි. නමුත් හුදෙක් නිස්සරණාධ්‍යාශයෙන්ම එවන් මහඟු සත් කාර්යයෙහි නියැළෙන උතුම් බෝසත් පුද්ගලයන් වර්තමාන සමාජයෙහි නොමැති යැයි හෝ දැනටමත් එවන් සමාජ සත්කාර්යයක් සිදු කරන්නා වූ එවන් උදාර පුද්ගලයන්හට නිගරු කිරීමක් මෙයින් සිදුවෙතැයි වරදවා නො වටහාගත යුතුය. මෙකී ස්ථාන ඉතාමත්ම සියුම් බැවින් එක්වරම තේරුම් ගැනීම මඳක් දුෂ්කරය. ධර්ම දේශනා කාමතා කුසලච්ඡන්දයෙහි ස්වරූපයෙන් පහළ වූ ලෝභය විසින් මෙහෙයවනු ලැබු පුද්ගලයන්ගේ ධර්ම සන්නිවේදනය අවංක නැත. ශුද්ධ ධර්ම සන්නිවේදනයක් ලෙස එය පිළිගත නොහැක. සාමාන්‍ය මහජනතාව සුවර්ග මෝක්ෂ මාර්ගයෙහි පිහිටුවාලන උතුම් අපේක්ෂාවක් එබඳු පුද්ගල චිත්ත සන්තානයක පහළ නොවේ. මෙය ධර්ම සන්නිවේන සාරධර්ම ස්වරූපයෙන් සිත් තුළ පහළවන ව්‍යාජ සාරධර්මයකි. මෙය ධර්ම දේශනා කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමේ හඳුන්වා දී තිබේ. අනුන්ගේ දුක දැක හදවතෙහි පහළ වන අනුකම්පාව කරුණාවයි. එය දුක්ඛිත සත්වයින් අරමුණු කරගෙන පහළ වේ. කරුණාව දැක්වීමේ ස්වරූපයෙන් අන්‍යයන්ගේ සිත් සතුටු කර එමඟින් ලාභ සත්කාර සම්මාන විවිධ ප්‍රයෝජන ලැබීමේ ලෝභ චේතනාව සමහර අවස්ථාවන්හි ලෝභ වේශයෙන් පහළ වෙයි. එය පිරිසිදු කරුණාව නොවේ. ඇතැව්ටක ධනවත් පුද්ගලයෙකු රෝගීව සිටින විට එකී වස්තුව කෙරෙහි තෘෂ්ණාව නිසා ඒ පුද්ගලයාහට කරුණිකව සැලකිය හැකිය. මෙය පිරිසිදු කරුණාව නොව කරුණා ස්වරූපයෙන් මතුවන ව්‍යාජ සාරධර්මයකි. ඇතැම් දූ දරුවන් තම දෙමව්පියන්හට තමන්හට පුළුවන් කළ නොසලකා පසුව ඔවුන්ගේ දේපොළ කෙරෙහි තණ්හාවෙන් මිය ගිය පසුව අවසාන කැමැත්තට දේපොළවල හිමිකාරත්වය ලබා ගැනීම පිණිස ව්‍යාජ කරුණාවක් පෙන්වති. දරුවන් කිහිපදෙනෙක් ඉන්නා මව් පිය දෙපළකට වඩා ආදරය කරුණාව සහිත දරුවාට බොහෝ විට ඔවුන්ගේ ‍මිළ මුදල් දේ පොළවල හිමිකම්වල වැඩි අයිතියක් පැවරෙන බව දන්නා සමහර දරුවන් සෙසු දරුවන්ටද වඩා මව්පියන්ට කාරුණික බවක් මතුපිටින් ප්‍රදර්ශනය කරති. ඇතැම් දෙමව්පියන් මෙයට රුවටී සෙසු දරුවන්ට වඩා කාරුණික බව පළ කරන දරුවාට විශේෂයෙන් සලකති. ඇතැම් ව්‍යාපාරිකයින් ස්වකීය ලාභය වර්ධනය කරගැනීමේ අරමුණින්ම පමණක් පාරිභෝගිකයන්ට කරුණාව දක්වති. සේවය්‍යයාගේ හොඳ හිතත් සේවයෙහි උසස්වීම් හා වෙනත් දේත් ලබාගනු සඳහා සමහර සේවකයෝ ඔවුන් කෙරෙහි කාරුණික බවක් පළ කරති. ඇතැමෙක් ස්වකීය ලාභ සත්කාර සම්මාන ප්‍රයෝජනයම සඳහා පමණක් යටි අරමුණු සහිතව කාරුණික වෙති. කරුණාව ලෙස සිත් තුළ ඇතිවන ලෝභය සාරධර්මවල ස්වරූපයෙන් සිත්හි පහළවන ව්‍යාජ සාරධර්මයකි. ‍ෙමය කරුණා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමෙහි හඳුන්වා දී ඇත. ශීලය මනාකොට රකිනු කැමති බව ශික්ෂා කාමතාවයි. ලෝකයෙහි කවදත් සිල්වතුන්ට ගුණවතුන්ට සැලකීම උතුම් ගුණයක් ලෙස සැලකේ. සාමාන්‍ය මහජනයා එබඳු ගුණවත් සිල්වත් උතුමන් කෙරෙහි පැහැදී පූජා සත්කාර කරති. එය දකින තැනැත්තාගේ සිතෙහි පූජා සත්කාර පිළිබඳ ලෝභය ශික්ෂා කාමතා වේශයෙන් උපදී. ඉන් මුලාවට පත් වූ පුද්ගලයෝ සීලය වර්ණනා කරමින් තමන් අන්‍ය පුද්ගලයන්ට වඩා ඉහලින් ශිලය ආරක්ෂා කරන්නෙකු බව ලෝකයාට පෙන්වයි. නිතරම අනුන්ගේ චරිතාදිය හා හැසිරිම් රටාව පිලිබඳව විවේචනය කරනු ලබන්නේ බොහෝ සෙයින්ම මෙබඳු අයයි. විනය, නීතිය, ශීලය, ආචාර ධර්ම, චාරිත්‍ර වාරිත්‍ර ආදිය අනුන් විසිනුත් අන්තවාදී ලෙස ආරක්ෂා කිරීමට පෙළඹවීමත්, තමන් ලෙස අන්‍යයන් ඒ පිලිබඳව උත්සුක නොවීම පිළිබඳව උරණවීමත්, ඉතාමත් අගතිගාමී ලෙස කුඩා චාරිත්‍රයක් වාරිත්‍රයක් අතපසුවීමකින් කඩවීම වැනි සුළු කරුණක් කෙරෙහි ඉතාමත්ම දැඩි සේ දෝෂ දර්ශනයට පැමිණ, මහත් සේ දඬුවම් පමුණවා එකී පුද්ගලයන් අවඥාවට පාත්‍ර කිරීමට ක්‍රියා කරනු ලැබිමත් ව්‍යාජ සාරධර්ම නිසා මුලාවට පත් වූ පුද්ගලයන් තුළ විද්‍යමාන විය හැකි වෙනත් ලක්ෂණ වෙයි. ඇති වන්නේ තවත් සමහරු අන්‍යයන්ට වඩා තමා ඉතාමත්ම සාරධර්ම ගරු කරන පුද්ගලයෙකු බව පෙන්වා ඒ ඔස්සේ කැපී පෙනීමට ආශා කරති. විවිධ ආගමික වැඩ සටහන්වලට සම්බන්ධ වෙමින් ශිල, භාවනා, වන්දනා චාරිකා, බෝධි පූජා ව්‍යාපාරවලට සහභාගීවෙමින් සිතෙහි මතුවන සෘණාත්මක ආකල්ප මැඬීමට වෑයම් කිරීමේ දී එය ව්‍යාජ සාරධර්මයක හැඩතලයෙන් හා පැහැයෙන් යුක්තව සිත තුළ පහළ විය හැකිය. මෙවැනි ආකල්ප වලින් යුක්තව ක්‍රියා කරන පුද්ගලයන් තුළ දැකිය හැකි ලක්ෂණය නම් හුදෙක් සිල් ආරක්ෂා කරන්නේ ස්වකීය කය හා වචනය පාලනය කරනු ලබන ශීල ශික්ෂණය මඟින් අන්‍යයන්හට තමාගෙන් සිදුවිය හැකි හිරිහැර අවම කිරීමේ චේතනාව පෙරදැරිව නොව අන්‍යයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඇසීමේ අභිලාෂයෙන් යුක්තවම පමණක් මතුපිට ඔපයට කටයුතු කිරීමයි. ආගමික අංශයෙන් පූජ්‍ය හා පූජක උතුමන් කෙරෙහි පවා ඇතැම් විටක මෙවැනි ලක්ෂණ විද්‍යමාන විය හැකිය. ශිෂ්‍ය කාමතාවය සාරධර්මයක් වුවත් මෙහි දී එකී සාරධර්මයෙහි ස්වරූපයට අනුව සිත තුළ පහළ වන ව්‍යාජ සාරධර්ම ශිෂ්‍ය කාමතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස බුදු දහමෙහි අර්ථ දැක්වේ. අල්පේච්ඡතාවය නම් පමණට වඩා ප්‍රත්‍ය නොපිළිගන්නා වූ ස්වභාවයයි. අල්පෙච්ඡතාවයෙන් යුතු පුද්ගලයන්ට ඕනෑම කෙනෙක් පහදිති. ප්‍රශංසා කරති. එකී පුද්ගලයාගේ කීර්ති ඝෝෂාව සෑම අතම පැතිරෙයි. සාමාන්‍ය පුහුදුන් මිනිසුන්ගේ ස්වභාවය වනාහී නොපිලිගන්නා තැනැත්තාහට වැඩිපුර දීමට පෙළඹීමයි. කිසියම් දෙයක අවශ්‍ය වන්නේ එහි අවශ්‍යතාවය ඇති තැනැත්තාහට වුවත්, එසේ අවශ්‍යතාවය තිබුණත් නැතත්, සත්‍ය වශයෙන්ම හෝ ව්‍යාජ ලෙස හෝ ඒවා ප්‍රතික්ෂේප කරන පුද්ගලයාහටම ලබාදීමට ප්‍රයත්න දරන්නේ පුහුදුන් බව නිසාය. ආහාර පාන, වස්ත්‍ර, නිවාස හා ආරක්ෂාව වැනි දේ සැබවින්ම ඉතාමත් තදින් අවශ්‍ය කරන පුද්ගලයාහට එසේ දීමට සාමාන්‍ය පුහුදුන් මිනිසුන් නොකැමති වීම ස්වභාවයයි. මිනිසුන් යමක් දෙන්නේ තමන්ට යමක් ලබාගැනීමේ චේතනාවෙන් නිසා කිසිවක් නොමැති තැනැත්තාහට වඩා යමක් කමක් ඇති තැනැත්තාහට දීමට නිරායාසයෙන්ම පෙළඹේ. අවශ්‍යතාවය සැබවින්ම ඇති තැනැත්තාහට ඉතා ස්වල්පයක්වත් නොමැතිවීමත්, ඇති තැනැත්තාහටම ඒවා දීමට මිනිසුන් ‍වඩාත් පෙළඹීමත් නිසා ඇති තැනැත්තා ළඟම සෑම දෙයක්ම ගොඩ ගැසෙයි. අල්පේච්ඡතාවය නිසා ලැබෙන කීර්ති ප්‍රශංසාවටත්, ලාභයටත් ආශා උපදවන්නා වූ පුද්ගලයා කෙරෙහි ලෝභය අල්පේච්ඡතා ස්වරූපයෙන් පහළ වේ. එම ව්‍යාජ සාරධර්මයට මුලාවන පුද්ගලයින් ස්වකීය චිත්ත සන්තානයෙහි අල්පේච්ඡතාවය හැතැයි මුළාවට පත්වේ. මෙය අල්පේච්ඡතාවයෙහි පැහැය හා මතුපිට හැඩය ගෙන පුද්ගල අභ්‍යන්තරයෙහි ඊට සමාන ලෙස උපදින ව්‍යාජ සාරධර්මයකි. මෙම ව්‍යාජ සාරධර්මය අල්පෙච්ඡතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය ලෙස දහමෙහි විස්තර කෙරේ. ඇතැම්විටක අල්පේච්ඡතාවය වෙනුවට මහෙච්ඡතාවය ද අල්පේච්ඡතාවය ලෙස වරදවා වටහා ගැනීම නිසා ද මේ ආකාරයටම මිනිසුන් කටයුතු කරති. දන්සැලක ආහාර පාන බෙදාදෙන ආකාරය නිරීක්ෂණය කළහොත් එහි අවශ්‍යතාවය ඇති තැනැත්තාහට වඩා යමක් කමක් තිබෙන ඇත්තන් සොය සොයා නවීන සුඛෝපභෝගී වාහන පසුපස්සේ පන්න පන්නා සිසිල් බීම හෝ ආහාර පාන පිරිනැමීමට සාමාන්‍ය පුහුදුන් මිනිසා පෙළඹී ඇති අන්දම නිරීක්ෂණය කළ හැකිය. ව්‍යාජ සාරධර්ම පුද්ගලයින් තුළ ක්‍රියාත්මක වන ආකාරය ‍වටහා ගැනීමට මෙය කදිම නිදසුනකි. දන්දීම ඉතාමත්ම හොඳ දෙයකි. නොදී සිටීමට වඩා කෙසේ හෝ දීම හොඳය. නමුත් එය සිදු කිරීමේ දී ප්‍රඥාවන්තව කටයුතු කිරීමෙන් ඉන් ලබාගත හැකි පුණ්‍ය හා කුශල ශක්තිය වැඩි දියුණු කරගත හැකිය. විචෙය්‍ය දානතා නම් ප්‍රතිපත්ති ගරුක ගුණවත් පුද්ගලයන් තෝරාගෙන ඔවුන් විෂයෙහි ආහාර පාන, වස්තු, නිවාස වැනි උපභෝග පරිභෝග දෑ ලබාදීමේ ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ විමසා ලබා දන්දීම “විච්‍යෙ දානං සුගතස්ස සත්ථං” ලෙස වර්ණනාවට ලක් කර තිබේ. එම නිසා දන්දෙන විට ප්‍රතිපත්ති ගරුක ගුණවත් පුද්ගලයන් තෝරා එම පරිත්‍යාගය පිරිනැමීමෙහි දෝෂයක් නොමැත. එහෙත් තමාගේ දාන චේතනාවට අවහිර වන ආකාරයෙන් යමක් උවමනාවට වඩා සොයා බලන්නට වුවහොත් එම ක්‍රියාව සාර්ථක කරගැනීමට බාධා ඇතිවේ. නිරායාසයෙන්ම ලෝභ සිත් සහිත පුද්ගලයා සොයා විමසා බලන මුවාවෙන් තමාගේ දානයෙහි ප්‍රතිග්‍රාහකයා පිළිබඳව කුකුස් උපදවා විළිසර වීම විචෙය්‍ය දානතා වේශයෙන් උපදින වඤ්චක ලෝභය නමැති ව්‍යාජ සාරධර්මය ලෙස අර්ථ දැක්වේ. සමහරු මහ මඟ සිඟමන් යදින යාචකයන් හොරුන්, නීති විරෝධි කටයුතුවලට සමබන්ධවන්නන් හා රක්ෂාව පිණිස කුලියට සිඟා කන්නන් වශයෙන් සලකා ඔවුන්හට යමක් දීම ඔවුන්ගේ වංචාවට හසුවීමක් බවක් සිතති. සිඟන්නන්ට දීමට වඩා ළමා නිවාසවලට, අනාථ නිවාසවලට දන්දීම වඩා යහපත් බව සිතා දන්දීමේ ක්‍රියාව පසුවට තබති. නිවසක පැවැත්වෙන සංඝගත දක්ෂිණාවකට වැඩිහිටි වෘද්ධ භික්ෂුන් වහන්සේලාට වඩා ළමා සාමණේර භික්ෂුන් වහන්සේලා වැඩිපුර වැඩියහොත් ඇතැම් අය තරමක් සිත රිදවා ගනිති. තමන් විසින් ආරධනා කළ ප්‍රමාණයට වඩා අඩුවෙන් වැඩමවීම ද ගිහි පක්ෂයෙහි සිත රිදවීමට කරුණකි. එහිලා සංඝගත දක්ෂිණාවෙහි වැදගත් වන්නේ ප්‍රමාණාත්මක බව නොව ගුණාත්මක බව යන කරුණ බොහෝ දෙනෙක් නොදනිති. ඇතැමෙකු ගමේ හෝ නගරයෙහි තම නිවස අසල ඇති පන්සලට දන් පිරිනැමීට වඩා ඊට බොහෝ දුර ඈත පිහිටි ආරණ්‍ය, භාවනා මධ්‍යස්ථාන, යෝගාශ්‍රම, වන අසපු සොයා සොයා යන්නේ ගම හෝ නගරය ආශ්‍රිතව ජීවත්වන භික්ෂූන් වහන්සේලාට වඩා දුර බැහැර පිහිටි ස්ථානවල සිටින භික්ෂූන් වහන්සේලා සිල්වත් ලෙස කල්පනා කරන හෙයිනි. ඇතැම්විට එකම පිරිවෙනෙහි හෝ විශ්වවිද්‍යලයෙහි අධ්‍යාපනය ලැබූ භික්ෂූන් වහන්සේලා මේ දෙතැනෙහිම වැඩ සිටිය හැකි බව පවා ඔවුහු අමතක කරති. ඉතාමත්ම ස්වල්ප දෙනෙකුගේ වැරදි හැසිරීම් රටාව නිසා උගතුන් බුද්ධිමතුන් ලෙස ගරු කරන අතරම අවිනයවත් පිරිසක් ලෙස විශ්වවිද්‍යාලයීය උසස
    • 01.පරිච්ඡේදය බටහිර සංජානන විග්රේහය 1.1.මානව සංජානනය යනු කුමක්ද සංජානනය යන පදයට විවිධ අර්ථ තිබේ.එසේම විවිධ විෂය ක්ෂේත්රහවල සංජානනය යන්න බහුලව භාවිතා වන පදයකි.ශාස්ත්රී ය අර්ථයෙහි හා සාමාන්ය ව්යවවහාරයෙහි සංජානන යන පදයට ලබාදී ඇති විවිධ නිර්වචන තිබේ.ඉන් වඩා සරළ අරුතින් සැලකුවහොත් ව්යයවහාර සිංහල භාෂාවේ සංජානනය යන්නෙන් අදහස්වනුයේ මනාව හා යහපත්ව දැනගැනීමයි. ජානන යන පදයෙන් අවබෝධය කිරීම,දැනගැනීම යන අදහස් ව්යංැගාර්ථවත්වේ.එය සං යන උපසර්ගය හා සම්බන්ධවීම නිසා යහපත්ව දැනගැනීම,මනාව දැන ගැනීම යන අර්ථ එක්වී තිබේ.“ස”යනු ස්වකීය තමා අයත් යන උපසර්ගයයි.එය සහේතුක ආදී නොයෙක් තැන්හි යුක්ත යනාර්ථයෙහි “ස”කාරයක් පෙනේ.එය සහ නිපාකයෙහි හ-කාරය ‍ලොප් කිරීමෙන් සිදුවූවකැයි කියති.උපසර්ගය වශයෙන් දැක්වෙන්නේ “සං” යන්නයි. සං+ජාන+න = සඤ්ජානන යන්න නපුංසක ලිංගාර්ථවත්වූ හැඳින ගැනීමයි. සඤ්ජානන්ත යනු තුන් ලිංගාර්ථවත් වූ හැඳින ගනිමින්;හැඳින ගන්නා යන්නයි.එය සං+ඤා+නා = සඤ්ජානාති යන හැඳිනගනී;මනාසේ දැනගනී යන අදහස ඇති ක්රිනයාපදය සැකසී තිබේ.සඤ්ජාත යනුමේ සංජානන යන්න පාලි භාෂාවේ සඤ්ජානන යන පදයේ අර්ථයටද සමානය. පාලි භාෂාවේ සඤ්ජානන යන්න යෙදී ඇත්තේ හැඳිනීම යන අදහස ගෙනදීම සඳහාය. ඉංග්රී සි භාෂාවේ භාවිතාවනුයේ Perception යන පදයයි. මින් දැකීම, හැඟීම, අවබෝධය ; ප්ර ත්ය ක්ෂ ඥානය අදහස්වේ. Perception යන වචනය සකස්ව ඇත්තේ per – sep – shun යන වචන තුනක අර්ථ මතය.මෙය ජර්මන් භාෂාවේ දැක්වෙන per – sep – shun යන වචන තුනක් එක් වී සකස්වූ තනි පදයකි. මින් අදහස් වනුයේ කිසියම් සංවේදනයක් නිසා හට ගැනෙන සංකල්ප පිළිබඳ ඇති සිහි නුවණයි.මේ සංජානන ක්රියයාවලිය බාහිර පරිසරය අවබෝධ කරගැනීමේදී වැදගත්වේ. ඒ නිසා සංජානනය ප්රනත්යරක්ෂය (අවබෝධය) ලෙසද හැඳින්වේ. මේ අනුව කිසියම් ජීවියෙක් යනු සිය මානසික පසුබිම තුළ සිදුවීම්, අරමුණු හෝ ගුණය ප්රවත්යීක්ෂක කරගන්නා අයෙකි. එබඳු බොහෝ දේ සිය මනෝකායික ක්රිියාවළිය මඟින් තහවුරු කරගැනීම හා ඒවාට විවිධ අර්ථකථන සැපයීම සිදු වනුයේ සංජානනය මඟිනි. ජීවියෙකු සතු ඉන්ද්රිථයන් නිසා සංජානනය සිදුවේ. ඉන්ද්රි්යන් මඟින් විවිධ සංවේදන (Senses) ලැබිය හැකිය.ඉන්ද්රිායන් ඇසුරින් ලබන සෑම සංවේදනයක්ම ඒ වූ අයුරින්ම සංජානනය වෙතැයි නොහැකි හැකිය.මන්ද සංජානන ක්රිරයාවළිය සම්පූර්ණවීමට සිහි නුවණද ඒ සමඟම යෙදිය යුතු බැවිනි.සිහි නුවණ නොතිබුණහොත් සංවේදන කෙතරම් ලැබුණද සංජානන ක්රිෙයාවළියක් සිදුනොවේ.මන්ද සංවේදන හඳුනාගැනීමට අසමත්වන බැවිනි.මේ නිසා සංවේදනය පමණක් සංජානනය නොවන බව පැහැදිලිය.මේ නිසා සංජානනයෙහි පදනම හඳුනාගැනීම බව මේ මඟින් පැහැදිලි වේ.එසේම හුදෙක් ඉන්ද්රි ය සංවේදන සාමාන්යම දැනුම ලෙස සැලකිය හැක.මන්ද ඉන්ද්රි යන් මඟින් ලබන සංවේදන නිශ්චිත රටා ලෙස හෝ විවිධ සබඳතා ලෙස ඒවායේ කිසියම් අර්ථයක් හඳුනාගනු ලබන්නේ සංජානනය මඟින් වන නිසාය.සංජානනයක් නොමැතිවිට සංවේදන නිශ්චිත රටා හෝ සබඳතා ලෙස මනස විසින් හඳුනානොගනී.යම් නිශ්චිතවූ රටා හෝ සබඳතා සමූහයක් හෝ හඳුනාගනු ලබන්නේ විශේෂිත දැනුමකිනි.ඒ දැනුම සංවේදනවල ගැබ්ව නොතිබූ දැනුමකි.මේ හේතුව නිසා සංජානන ක්රිෂයාවළියෙහි පදනම සාමාන්යද දැනීම තුළින් සුවිශේෂී දැනුමක් ලැබීමට හැක්කේ කුමන සංවේදනවලින් දැයි පැහැදිලි කර ගැනීම ලෙස දැක්විය හැකිය. සිංහල භාෂාවේ ජානන යන පදය අවබෝධය දැනගැනීම යන්න හැඳින්වීම සඳහා භාවිතා වන බව පැහැදිලි කරදී තිබේ.‍මීට “වි” යන උපසර්ග ‍එක්වූ කල එහි අරුත වැඩිදියුණු කෙරේ. ඒ අනුව වි+ජානන =විශේෂ දැනගැනීම;අව‍බෝධය ලෙස දැක්විය හැක.මේ අනුව සාමාන්යි දැනීම ඉන්ද්රිිය සංවේදන මඟින් නිරූපණය වන විට විශේෂ අවබෝධය විජානනය මඟින් නිරූපණය වේ. ඉන්ද්රිිය මඟින් ඇතිවන සංවේදන දත්ත සම්ප්රේ ෂණයක් ලෙසද දැක්විය හැක.මන්ද සංවේදන නම් දත්ත මහත් රාශියක් මස්තිෂ්කය ඇතුළු අදාළ සංවේදන මධ්යැස්ථාන වෙත ලැබීම වන හෙයිනි.මේ සංවේදන මධ්යිස්ථාන වෙත ලැබෙන දත්ත මහත් රාශිය මනාව පිරිසැකසුම් ක්රිවයාවළියකට ලක්කර ඉන් විවිධ අර්ථ ලැබෙන පරිදි සුදුසු ලෙස පෙළ ගස්වා වටහාගැනීම සංජානනයයි.ඉන්ද්රිලය සංවේදන ලැබීම සාමාන්යබ දැනුමයි.එය ඇසුරින් විශේෂ අවබෝධය හෙවත් විජානනය ලැබීමට හැකි පරිදි ඒ දත්ත පෙළ ගස්වා හඳුනාගැනීම සංජානන ක්රිරයාවළියයි.සංජානන ක්රිටයාවළිය සම්පූර්ණකිරීම සඳහා මානව සංවේදන පද්ධතියේ හැකියාව ඉවහල්වේ.මේ සඳහා යම් නොහැකියාවක් තිබිණි නම් එහිදී සංජානනය නිසි පරිදි සිදුනොවේ.මේ අනුව සාමාන්යා දැනුම තුළින් විජානනය ලැබීමට මානව සංවේදන පද්ධතියට හැකිදැයි අවබෝධකර ගැනීමට වෑයම් කිරීම සංජානනය ලෙස දැක්විය හැක. ස්නායු පද්ධතිය හා එහි ක්රිවයාකාරීත්වය නිසා මානව සංවේදන පද්ධතියතුළින් දත්ත සම්ප්රේපෂණය සිදුවේ.සංවේදන අතර විවිධ සබඳතා හැඩතල අර්ථවත්ව හඳුනාගැනීම සංජානනයයි.දත්ත මනසට ලැබූ විට ප්රාහථමික අවධියේදී ඇත්තේ හුදෙක් නිශ්චිත පිළිවෙලක් නොමැති දත්ත ගොනුලෙසය.ඒ දත්ත ගොනුවල දත්ත විවිධ රටා සැකසෙන සේ පිලිවෙලකට තබා ඒ අතර විවිධ සබඳතා හැඩතල හඳුනාගැනීමට සංජානනය උපකාරීවේ.දත්ත නම් මොළයට ලැබෙන ඉන්ද්රීිය අරමුණු හා සිදුවීම්ය. කාලය යනුවෙන් දෙයක් ඇතිබව වැටහෙනුයේ මේ ඉන්ද්රීනය අරමුණු හා සිදුවීම් අතර පරතරයයි.ඒ සිදුවීම් අතර අවකාශය කාලය නමින් හැඳින්වේ.කාලය ඇතිබව වැටහෙනුයේ සිදුවීම් අතර පරතර අවකාශය සංජානනයවීමේදීය.සිදුවීම් අතර පරතර අවකාශය සංජානනවනුයේ අසමාන වූ සිදුවීම් හා ඉන්ද්රීවය අරමුණු සංජානනයවීමේදීය.ඉන්ද්රීාය අරමුණු හා සිදුවීම් සමාන වෙත්ම පරතර අවකාශය අඩුවී යයි.මේ අනුව යම්කිසි ඉන්ද්රීතය අරමුණක හෝ සිදුවීමක මනස එල්බ සිටීමේදී සමානබව වැඩි වීම දියුණුවී යත්ම පරතර අවකාශය යම්කිසි අවස්ථාවක නොදැනීයයි.මනස ඒකාග්රටවූ අවස්ථාවක් ලෙසට හැඳින්වෙනුයේ මනස මෙබඳු සංජානන ක්රිවයාකාරීත්වයක පවතින විටය.ගිනි ‍පුපුරක් ඉතාම වේගයෙන් කරකැවීමේදී ගිනි වළල්ලක් ලෙසට පෙනේ.සමාන අරමුණු ඔස්සේ සිදුවන සංජානනය ද එපරිදිය.මෙහිදී වැදගත්ම දෙය නම් කාලය යනු හුදෙක් ‍සංජානනය නිසා ඇතිවන දෙයක් බවයි. එමඟින් පැවසෙනුයේ කාලය යනු අරමුණු හා සිදුවීම් සමඟ ගණනය කරනු ලබන නිශ්චිත රටාවක් බවයි. සර්වසම සංවේදන රාශියක් සම්ප්රේමෂණයවීමේ ප්රරතිඵලය කාලය පිළිබඳ වැටහීමද ක්රබමිකව අතුරුදහන්වී යාමයි. යමක් පිළිබඳ දැඩිව එල්බසිටින අවස්ථාවලදී කාලය පිළිබඳ හැඟීමක් නොදැනෙනුයේ මේනිසාය.හුදෙක් භාවනා කිරීමේදී පමණක් නොවේ.කුමක කටයුත්තකදී වුවද මුළුමනින්ම සිදුකරන කටයුත්තට පමණක් අවධානය යොමුකර සිටීම නිසා කාලය පිලිබඳ වැටහීම දුරු වී යයි.බොහෝවිට ඉන්ද්රිරය සංවේදන සිදුවේද්දී පවා සංජානනය නොවී තිබිය හැකි අවස්ථා බොහෝ ඇත.එසේ වනුයේ සංවේදන සිදුවෙද්දී ඒ පිළිබඳ සිහිය රඳා නොපැවතීම නිසාය.සමහර සංවේදන ලැබෙද්දී මතකයේ ගබඩාවී පැවති ස්මරණ අවදිවේ.එවිට ඒ ස්මරණ තුළින් නව දැනුමක් ලැබිය හැක.මේ නව දැනුම තොරතුරු දැනගැනීම පිළිබඳ බිහිවන්නකි. හොඳින් දැන හඳුනන අයෙකුගේ කටහඬක් ශ්ර වණයවීමේදී එක්වරම ඒ පුද්ගලයා පිළිබඳ ගබඩාවී පැවති තොරතුරු උද්ධරණයවේ.මේවා තොරතුරු ප්රතතිග්ර හණ සංවේදන යන නමින් හැඳින්වේ. සමහර අවස්ථාවලදී මෙබඳු සංවේදන මඟින් සෘජුවම තොරතුරු ලබා ගත හැක.නිදසුනක් ලෙස තැපැල්කරුවා ළඟාවන විට හෝ ඔරලෝසුවේ සීනුනාදය ශ්ර වණය වනවිට එය නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන තොරතුරු උද්ධරණය පිළිබඳ වටහාගත හැකිය.එය වක්රා අයුරිනි.මෙහිදී සංවේදන විවිධ සංඥා (Signals) වල ස්වරූපයෙන් ක්රි යා කරයි.සංඥා ලැබීම වටහාගැනීම පමණක් මෙහිදී සංජානනයේ කාර්යභාරය නොවේ.මන්ද සංඥා මඟින් උත්තේජිත මොළය ස්මරණයතුළ ගබඩාවී පැවති නව වැටහීම් මුදා හැර තොරතුරු සංජානනය කරන බැවිනි. නමුදු තව සමහර අවස්ථාවල පොතක හා පුවත්පතක වූ වැදගත් සිදුවීම් පිළිබඳව කියවද්දී හෝ සිය විවේකයේදී තමා දුටුදේ විස්තර කරන අයෙකුට සවන් දෙද්දී සෘජුවම තොරතුරු සංජානනය කළහැකිය. ඒ කෙසේ වෙතත්, සාමාන්යහ සංවේදන ඉක්මවා යද්දී ප්රුශ්න ගණනාවක් ඇති වේ. ඒවා නම් ඉන් කුමක් ප්ර ත්යනක්ෂ වන්නේදැයි ඇතැම්විට පැහැදිලි නොවීමයි.අපගේ සෑබෑ ප්රවත්යඉක්ෂයන් සැබවින්ම සැබෑ ලෝකයේ පවතින ඒවාමදැයි ගැටළු පැණ නගී. සංජානන දැනුමේ විවිධ ස්වරූප කැමක්දැයි දැනගැනීම මේ තත්වය අවම කිරීමට ගතහැකි එක් ප්රියෝගික විසඳුමකි.අපගේ ඉන්ද්රීයය සංජානනයට අවශ්යමවනුයේ කුමන හැඩතලයේ ස්වරූපයක්දැයි මේ මඟින් වටහාගැනීමට මඳ පිටිවහලක් ඉන් ලැබේ.මේ කරුණ සංකල්පිත හෝ ඥාන විභාගයීය එළඹුමක් සඳහා බොහෝවිට අදාළ වේ.එසේම එය එසේ එළඹිය හැකි ඥානවිභාගයීය විසඳුම් සඳහා මඟපෙන්වන්නක්ද වේ.මේ ආකල්ප නිසා සංජානන විෂය පිළිබඳ පර්යේෂණාත්මක අධ්යනයනයන් භෞතික විද්යා ව හා මනෝ විද්යා්ව අතර දෝළනය ස්වරූපයක්ද විද්යනමාන වේ.එය එක්තරා ආකාරයක දර්ශනයකි.විෂය අනුව නම් කළහොත් එය සංජානන දර්ශනය නමින් හැඳින්විය හැකිය.ඒ මේ සංජානනය දර්ශනය සඳහා ජීව විද්යාාත්මක පැතිකඩ තුළ ක්රිනයාකාරීත්වය ඉතා වැදගත්ය.එය අධ්යඳයනය නොකර සංජානනය පිළිබඳ නිසි අවබෝධයක් ලැබිය නොහැක. දර්ශනයේදී (හා මනෝවිද්යාගවේදී) සංජානනය යන වදන භාවිතා වනුයේ තාක්ෂණ ක්රශමවේදයට සමාන සංසිද්ධියක් හැඳින්වීම සඳහාය.ඉන් අදහස් වනුයේ සංවේදන මඟින් දැනුම අත්පත් කරගැනීමයි. සංවේදනය කුමක්ද යන අවබෝධය නොමැති නම් එවිට මෙකී සංවේදන ශිල්පය මඟින් සංජානන පරමාර්ථය සාක්ෂාත් කළ නොහැකිය.අප නිතර නොදකින හඳුනා නොගන්නා දේ අපට ශ්රනවණයට හා ස්පර්ශයට ලැබෙන නමුදු, ඒවා මැනවින් තහවුරු කරගනු ලබන තෙක් ඒ පිළිබඳ ප්රරත්ය ක්ෂ අවබෝධයක් නොලැබේ.ඉන් අදහස් වනුයේ අප දකින, ශ්ර වණය වන හා ස්පර්ශවන සෑම දෙයක්ම තහවුරු කරගන්නා තෙක් අපට ඒ පිළිබඳ ප්ර ත්ය,ක්ෂ අවබෝධයක් ලැබිය නොහැකි බවයි. යම් පුද්ගලයෙකු විසින් ඉටු කරගැනීමට අපේක්ෂිත ප්රෝධාන පරමාර්ථ හා ඉන් ඉටුකරගැනීමට හැකිවූ දේ අතර පවතිනුයේ පරතරයකි. මින් පැහැදිලි වන එක් දෙයක් වේ. නිදසුනක් නම් කෙනෙකු මිනිසෙකුව උපත ලබා ලබන අවබෝධයේ දියුණුව හෝ පිරිහීම ඒ පුද්ගලයාගේ දැකීමේ දියුණුවට ‍හෝ පිරිහීමට සමානුපාතික වන බවයි.යම්යම් සංකල්ප ඒවායේ අනන්යුතා ලක්ෂණ මඟින් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට හැකිවීම හෝ නොහැකිවීම මත සංජානනයේ මේ දියුණුව හෝ පිරිහීම රඳාපවතින බව පෙනේ. එය වෙනුවට ගතහැකි වෙනත් කිසිදු විකල්ප ක්රියයා මාර්ගයක් භාවිතාකොට එවිට ප්රනත්ය.ක්ෂ අවබොධයක් ලැබිය නොහැකිය.මෙහි දී සංජානනය කරන්නා බාහිරව පිටතින් මනුෂ්යමයෙකු ලෙස දැකගත හැකි වුවද සංජානනය අර්ථ සම්පන්න වනුයේ මිනිසත්බවට උචිත අයුරින් ඒ ක්රිදයාවළිය මෙහෙයවුවහොත් පමණක්බව මෙහි ගැබ්වන අර්ථයයි.දැකීමේ කාර්යය තිරිසන් සතෙකුට වුවද සිදුකළ හැකිය.මිනිසෙකුටද දැකීමේ හැකියාව තිබේ.තිරිසන් සතා‍ගේ දැකීමේ හැකියාවෙන් මිනිස් දැකීම වෙනස්වනුයේ සංජානනය අනුවය.නිසි දෘෂ්යි සංජානනය සම්පූර්ණව සිදුවනුයේ මනුෂ්ය් දැකීමතුළ බව මෙහි අදහසයි. සත්ව දාෂ්යන සංජානනය අසම්පූර්ණය.මේ අනුව විවිධ සතුන්තුළ ඇති සංජානන හැකියා අසම්පූර්ණබවින් විවිධ වේ.ඇතැම් සතුන්ට වර්ණ දෘෂ්යස සංජානන හැකියාවක් නැත.ඇතැම් සතුන්ට වර්ණ එකේ සිට කිහිපයක් දක්වා පමණක් දැකිය හැකිය.ඇතැම් සතුන්ට හැඩතල පමණක් හඳුනාගත හැකිය.තවත් සත්ව වර්ග චලනය අනුව දෘෂ්යන සංජානනය පිළිබඳ අව‍බෝධයක් ලබාගනී.ආලෝකයට හා අඳුරට පමණක් සං‍වේදී දෘෂ්යණ සංජානන සහිත සත්ව වර්ගද වේ. සංවේදිත අරමුණ හා ප්රබත්ය ක්ෂ අරමුණ අතර පවතින විවිධත්වයන් හඳුනාගැනීම ඉතා වැදගත්ය.ඒ සඳහා ගොඩනැඟී ඇති නිශ්චිත සංශයවාදී විවිධ තර්ක විතර්ක අපේ භව්යන ප්රගත්යඒක්ෂයට එරෙහිව වුවද උපක්රාමශීලී අයුරින් හැසිරවිය හැකිය.එසේවනුයේද භෞතික අපේක්ෂා පෙර දැරිවය. මේවා එක් අංශයකින් ක්ෂණික සම්බන්ධතා හා අසම්බන්ධතා නිසා ඇති නැති වන අපේ දෘෂ්ය‍, ශ්රශව්යක හා ස්පර්ශ වැනි සංවේදන වලට සම්බන්ධ බව පෙනේ.දාර්ශනික සංශයවාදීන් සඳහා නිදසුනක් ලෙස රෙනේ දෙකාත් (Rene Descartes) හා ඩේවිඩ් හියුම් (David Hume) පෙන්වාදිය හැකිය. ඔවුන්ගේ විශේෂ ලක්ෂණය නම් අපේ සංවේදන පද්ධතියේ ගැබ්ව ඇති වරදිනසුළු බව සමඟ තර්ක විතර්ක කිරීමයි. එනම් ‍අපේ සංවේදනවලට අප ජීවත්වන වටාපිටාව පිළිබඳ වඩාත්ම නිවැරදි ඉන්ද්රීනය ගෝචර දැනුමක් ලබාදීමට හැකියාවක් නොමැතිවීමයි.අපේ ශාරීරික ඉන්ද්රි යන්ට ගෝචරවනුයේ ලෝකයේ ඇති සැබෑ අරමුණුවලින් ඉතා සුළු ප්රිමාණයක්වීම මීට හේතුවයි.දෘෂ්යල සංජානනය ගත්විට අපේ ඇසට ලෝකයේ ඇති සියළුම දේ නොපෙනේ.ඉතා සියුම් අංශු,ජීවීන් වැනි කුඩා දේ පියවි මිනිස් ඇසට දර්ශනය නොවේ.ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ ආදී සෙසු සංජානන පිළිබඳව වුවද දැක්වීමට ඇත්තේ මීට සමාන තත්වයකි.මෙබඳු ඇතැම් සංජානන පියවි මානව ඉන්ද්රිීයන්ට ගෝචර නොවේ.එබඳු සංජානන විවිධ හැඩයෙන්,විවිධ වර්ණයෙන්,විවිධ ස්වරූපයෙන් පැවතිය හැකිය. දෘෂ්යස සංජානනය සම්බන්ධව සැලකූවිට පියවි මිනිස් ඇසට දර්ශනයවනුයේ ලෝකයේ පවතින වර්ණවලින් කොටසක් පමණි.ප්රිමස්මය බඳු උපකරණයක් භාවිතාකළ විට තවත් වර්ණ ඇසට ගෝචර වේ.සාමාන්යියෙන් පියවි මිනිස් ඇස සුදු ආලෝකය ලෙස දකිනුයේ වර්ණ රැසක් එක්වී සැකසුණු වර්ණාවලියකි.මේ අනුව මිනිස් ඉන්ද්රි යන් සංජානනය කරන ස්වරූපයට වඩා සැබෑ තත්වය වෙනස්විය හැකියා.අපගේ සංජානනය සමඟ බද්ධවූ දෘෂ්ටියක් සිරගතවීමටද අපට සිදුවී තිබේ.සැබෑ තත්වය නම් මතුපිටින් පෙනෙන ස්වරූපයට වඩා වෙනස් දෙයක් සැබෑව විය හැකිබවයි.සංජානනය හා බැඳුනු දෘෂ්ටිවල සිරගතව ජීවත්වීමට මිනිසුන් හුරුව තිබේ.එය එක් දෘෂ්ටියක් බව පවා පහසුවෙන් වටහාගැනීමට මොවුන් අසමත්ය.පෙනෙන, දකින, ඇසෙන, ස්පර්ශ වන සියල්ල වරදවා හෝ අඩුපාඩුකම් සහිතව සංජානනය කරගැනීම නිසා දෘෂ්ටි බිහිවේ.ඒවායේ විවිධ ස්වරූපවලට හේතුව සංජානනයේ විවිධබවයි.ඉන්ද්රිියන්හි අඩුපාඩුකම් නිසා සංජානනය ඉන් සෘජු සංජානනයක් නොලැබේ.එබැවින් එය වක්රව සංජානනයකි.ඒ නිසා ඉන්ද්රීජය සංජානනයේ මතු පිටින් පෙනෙන වක්රය ස්වරූපයට‍ වඩා ඒවා සැබෑවින්ම සෘජුබව වටහාගත යුතුය. සක්කායදිට්ඨිය ඇතිවීමට හේතුවද වක්රව සංජානනයයි.ඉන්ද්රීෑය සංජානනය නොමැති පුද්ගලත්වයක් බිහිකරගනිමින් සංජානනය කිරීම නිසා සාවද්යව සංජානනයක් සිදුවේ.එය සක්කාය දිටඨිය බිහිවීමට හේතුවයි. සංජානනය මඟින් ඉන්ද්රි්ය ප්රහත්යික්ෂය වඩාත් සංවර්ධනය කෙරේ. දැනුම, නුවණ, ප්රගඥාව යැයි හඳුන්වනුයේ මෙසේ සංවර්ධනය වන ප්රවත්යසක්ෂයටය.මේ අයුරින් සංවර්ධනය වන ප්රිත්යමක්ෂය අනුක්රවමිකව වඩා නිවැරදි මට්ටම දක්වා පරිවර්තනයවේ.මේ ක්රිියාවළිය අඛණ්ඩව සිදුවේ.සංවේදන කිහිපයක් අතර තාවකාලික සබඳතා ගොඩනැඟීමේදී වේලාව යන ප්ර.ස්තුතය පිළිබඳවද සංජානනය වේ.වේලාව සැබවින්ම නැති දෙයකි.එය එක්තරා සම්මතයක් පමණි.වේලාව සංජානනයවනුයේ සංජානන කිහිපයක් අතර පරතරය නිසාය.මීට සමාන සංජානන රාශියක් තව ඇත.කාලය, අවකාශය,අභ්යා්වකාශය,දුර ආදී ලක්ෂණ සංජානනය කරනුයේ සංජානන කිහිපයක් අතර පවතින සාපේක්ෂකබව සැලකිල්ලට ගෙනය.මේ නිසා මෙබඳු සංජානන නිශ්චිත ස්වරූපයක් නොදරයි. සංජානනය කරනු ලබන්නා සිටින ස්ථානය,සංජානන කරනු ලබන ස්වරූපය අනුව මෙබඳු සංජානනවලදී ලැබෙන දැනුම වරින්වර වෙනස්වේ.ගෙස්ටෝල්ට් මූලධර්ම මඟින් සංවිධානාත්මක සංජානනය ප්රාිථමික නැඹුරුතාවේ සිට සංකීර්ණ තලය දක්වාම ආවරණය කරනු ලැබේ.එහි ප්රාති ඵලය නම් සංජානනයේ ගැබ්වන විවිධ ස්වරූප විද්යාවත්මකව අධ්යයයනය කිරීමයි.මේ ස්වරූප නම් සන්දර්භය, සංචලතාව, වයස, ලිංගිකත්වය, සංස්කෘතිය, අපේක්ෂා, අභිප්රේ්රණ, හා ගැටුම්කාරී ස්වරූප ලෙස හඳුනාගත හැකිය.මූලික සංජානනය මේ ස්වරූපවලට අනුව වෙනස්‍ විය හැකිය.මේ නිසා සංජානනය හඳුනාගැනීමේදී මෙකී ස්වරූප පිළිබඳ කරුණු දැනගැනීමද වැදගත්ය.එසේම මේ ස්වරූපවලට අනුරූප වන පරිදි සංජානනයේ ඇතිවිය හැකි වෙනස්කම් වලට ගැලපෙන ලෙස ගෙස්ටෝල්ට් මූල ධර්ම වෙනස් විය හැකිබවද මෙහිදී අමතක නොකළ යුතුය. සරලව ගතහොත්, සංජානනය මඟින් පෙන්නුම් කරනුයේ මනෝවිද්යා නූකූල විධි ක්ර මයක් පිළිබඳ වූ එක්තරා විද්යාුත්මක සැකැස්මකි.ඒතුළ මනෝවිද්යාකත්මක අර්ථකථනවලට ජීවවිද්යාවවේ අනුබලය ලැබී තිබේ.එසේම දාර්ශනික ප්ර ශ්න පිළිබඳ ගැඹුරු කතිකාවත් ඒතුළ ගොඩනැඟී තිබේ. සංජානනයේ විද්යාතත්මක පදනම හෙළිකරගැනීම සඳහා මේ සියල්ල පිළිබඳ අවධානය යොමුකිරීම අවශ්යනය.මෙවැනි කටයුත්තකදී විෂය කිහිපයක දායකත්වය ලබාගැනීමට වුවමනාවේ.විෂයයන් රැසක දැනුම් පරාසය මත සංජානනය වඩාත් අර්ථ සම්පන්න ලෙස වටහාගත හැකිය.සංජානනය අනිවාර්යයෙන්ම සිතට සම්බන්ධය.එසේම චර්යාව වඩාත් නිරවුල්ව තේරුම්ගැනීමට සංජානනය උපාකරීවේ.චර්යාව පුද්ගල හැසිරීම හා සම්බන්ධවන බැවින් නාට්යාමනුසාරී ලක්ෂණ එහි විද්යාාමාන විය හැකිය.එසේම එය සමාජයතුළ පුද්ගල භූමිකාව නිරූපණය කිරීමට අත්යීවශ්ය සාධකයකි. එහිදී සංජානනය ඊට සම්බන්ධවනුයේ පුද්ගල චර්යාවේ ගාමක බලවේගය වන චේතනාවේ ස්වරූපය සකස්වීමට එය උපකාරී වන බැවිනි. මින් අදහස්වනුයේ යමක් සංජානනය කරගන්නා ආකාරය අනුව චේතනාවේ හැඩතල සකස්වන බවය.යමෙකුතුළ පුද්ගල පරමාදර්ශ පැවතිය හැකිය. එකී පුද්ගල පරමාදර්ශ සමඟ චේතනාවේ සබඳතාවක් තිබේ.යමෙකුගේ චේතනාවේ ස්වරූපය අනුව පුද්ගල පරමාදර්ශ ක්රිලයාවට නැ‍ඟේ. සංජානනය නාට්යම පිටපතක් වන විට ඒ පිටපත ඇසුරින් නාට්යම රඟ දැක්වීම චර්යාව මඟින් සිදුවේ.සංජානනයට ජීවවිද්යාිත්මක පැතිකඩක් තිබේ.එසේම දාර්ශනික පැතිකඩක් තිබේ.මනෝවිද්යා ව හා ජීවවිද්යා‍ව එකතුවන ස්ථානය නම් සංජානනයයි.නමුදු පුද්ගල චේතනාවේ සිට චර්යාව දක්වා සියල්ල සඳහා බොහෝවිට බලපානුයේ මානසික පැතිකඩයි. යම් කිසි පුද්ලයෙකු තුළ තිබිය හැකි සුළු කායිකා දුබලතාවයක් හැරෙන්නට චර්යාවේ ප්රජබල වෙනසක් ජීවවිද්යාුත්මක පැතිකඩ මඟින් ආවරණය නොවේ. සංජානනය යනු එක්තරා අයුරකට පිළියෙළ වී ඇති සංවේදන ලබා ගැනී‍මේ ජීවවිද්යාකත්මක සැලැස්මකි.සිතේ ගොඩනැඟී ඇති, සිතීමට අවශ්යව කරන පිළිවෙලකට දත්ත නිර්මාණශීලීව හා සංවිධානාත්මකව ඉදිරිපත් වන සැලසුමක් සංජානනය මඟින් අර්ථවත්වේ.සංජානනය මානවයාට උද්ගත වන විවිධ ගැටළුවලට විසඳුම් සැපයීමට හා නව දැනුම ගොඩනැඟීමට උපකාරී කරගත හැක. සංජානනයට නිශ්චිත අර්ථයක් දිය නොහැකි තරමට අතිශයින්ම පුළුල් අරුතක් ඇති පදයක් බවට පත්ව තිබේ. මන්ද විවිධ විෂය කේෂේත්රලවල සංජානනය විවිධ සේ අර්ථකථනය වී ඇත. මේ අනුව මනෝ විද්යා්ව,දර්ශනය,සමාජ විද්යාිව, ජන සන්නිවේදනය ආදී විවිධ කේෂ්ත්රීවල සංජානනය අර්ථකථනය වී ඇත්තේ එකී විෂයවල මූලික අරමුණුවලට ගැලපෙන පරිද්දෙනි. සාමාන්ය අරුතින් ගතහොත් බාහිර පරිසරය මිනිසා තේරුම් ගැනීමේදී මානව මනසතුළ සිදුවන ජීව විද්යා්ත්මක ක්රිතයාවලිය සංජානනය ලෙස හැඳින්විය හැක. මානව මනසේ ජීව යාන්ත්රි ක ක්රිවයාවළිය (Neurology-Mechanism) නම් සංජානනයයි. බාහිර පරිසරයෙන් සංවේදන සේ මානව මනසට ලැබී පිරිසැකසුම්වන (Process) දත්ත අතර විවිධ නව සබඳතා හඳුනාගැනීමෙන් එහි අරුත් වටහාගැනීමේ ක්රි්යාවලිය සංජානනයයි. හුදෙක් ස්නායු සම්ප්රේගෂණය මඟින් මානව මනසට දත්ත ලැබීම පමණක් සංජානනය නොවේ. නමුදු එය සංජානන ක්රිකයාවළියට අයත් එක් පියවරකි. මෙබඳු පියවර රැසක් සංජානන ක්රි යාවලියට අන්තර්ගත වේ. මනෝවිද්යානඥයින් විසින් සංජානනය පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකර තිබේ. සංජානනය පිළිබඳ බහුලව පර්යේෂණ මෙහෙයවූ මනෝවිද්යාව ගුරු කුල පවා ඇති වී ඇත. ගෙස්ටෝල්ට් සම්ප්රේදාය මේ අතරින් සුවිශේෂී වැදගත්කමක් ගනී. මනෝවිද්යා්ඥයින් විසින් සංජානනය සොයා ගැනීම ඇරඹීමට දිගුකලකට පෙර විවිධ දාර්ශනිකයන් අතර වස්තු විශ්ලේෂණය සෘජුවම දැනගන්නේ කෙසේදැයි ප්රනශ්නයක් පැවතිනි. දහ නව වන සියවසේදී ‍ලොක් (Loke), බාක්ලේ (Berkeley) හා හ්යු ම් (Hume) වැනි සංඝටනවාදී මනෝවිද්යාසඥයින් විසින් සංජානනය හා අවබෝධය පිළිබඳ පොදු සිද්ධාන්ත යෝජනා කර තිබුණි. ඔවුන් යෝජනා කරන ලද්දේ යථාර්ථය පිළිබඳ ලබාගත හැක්කේ සංඥා හරහා බවයි. මානව මධ්යස ස්නායු පද්ධතිය සකස්ව ඇත්තේ සරළ දැනීම් වල සිට අපට ඇතිවන බොහෝ සංකීර්ණ අදහස් දක්වා ඉගෙන ගත හැකි පරිදි එක්තරා ජීවවිද්යා ත්මත සැලසුමකට අනුවය.මෙහිදී සංජානනය සිදුවනුයේ මානව අවබෝධයට අයත් සියළු පැතිකඩ මනාව ආවරණය වන පරිදිය.ස්නායු සංවේදන සම්ප්රේෝෂණ එක්තරා රටාවක අනුව සිදුවේ.සංඥාවක ඇතිවීම හා නැතිවීම අඛණ්ඩව සිදු වෙමින් සම්ප්රේේෂණ කාර්යය සම්පූර්ණවේ.මෙය සංඝටන ක්රවමවේදයක් ලෙස අර්ථදැක්විය හැකිය. මන්ද එක් සම්ප්රේවෂණ ප්රනවාහයක් ලෙස දිස්වුවද ස්නායු සම්ප්රේහෂණ සිදුවනුයේ වරින් වර කැඩි යළි ඇති වෙමින් අඛණ්ඩව සිදුවන ජවන් ප්රෙවාහයක් අනුව වන බැවිනි.මෙබඳු සංජානනයක්තුළ පවා අවබෝධයට අවශ්යඇ මූලිකාංග සම්පූර්ණවීම සිදුවේ.ඉන්ද්රිංයන් කරා පැමිණෙන ස්නායු සංවේදන ප්රවත්ය‍ක්ෂ අවබෝධය සඳහා පදනම් වන බව ඉහත සඳහන් දාර්ශනිකයෝ දැඩිව අවධාරණය කරති. බ්රිසතාන්යස අනුභූතිවාදීන් සේ හැඳින්වෙනුයේද මේ දාර්ශනිකයින්ය.සංජානනයේදී පුද්ගල චේතනාව ප්රනධානත්වය ගන්නා ආකාරය ඔවුන්ට වැදගත් නොවින.නමුදු යථාර්ථය නම් අවබෝධයේ ප්රදධාන භූමිකාව උසුලනුයේ චේතනාව හා බද්ධවූ සංජානනය බවයි.නමුදු මුල්කාලීනව දාර්ශනිකයින්ට චෙතානාවේ වැදගත්කම නොවැටහින.ඒ වෙනුවට ඔවුන්ගේ අවදානය යොමුවූයේ ක්රි යාවටය. මෙහිදී වුන්ඩ්ට්(Wundt) හා ටිච්නර්(Titchener) යන ඇතැම් පැරණි මනෝවිද්යායඥයින් විසින්ද මෙබඳු උපකල්පන පිළිගෙන තිබේ.ඉකුත්වූ 18 වන සියවසේදී ඔවුන් වෑයම්කලේද එකඟතාව දැක්වූයේද ඉගෙනුම මඟින් සිදුවන සංජානන පුහුණුව පිළිබඳ කරුණු අධ්යායනයටය. ඉගෙනුම යනු සංජානනය පිළිබඳව වූ එක්තරා පුහුණුවකි. එමඟින් මනසේ ඇඳී ඇති සංජානන සටහන් වාර්තාගත කිරීමට හා සංජානනය පිළිබඳ නිරීක්ෂකයින් පුහුණුකිරීමට උත්සාහ ගැනීමට හැකිය.සංජානනය නම් ප්රාසථමික සංවේදන ප්රහත්ය්ක්ෂය කිරීමයි.නොයෙකුත් ක්රඑමවලට නවීකරණය කළහැකි එසේම බොහෝ වැඩිදියුණු කළහැකි ලක්ෂණ මෙබඳු ප්රාකථමික සංවේදනතුළ ගැබ්ව ඇත. එහිදී මනෝවිද්යාණත්මක ප්ර්ත්යික්ෂයට අයත් මූලිකාංග පිළිබඳ නිවැරදි අත්දැකීම් ලබාගැනීම පිණිස අන්තරාවලෝකනය විෂය යටතේ ක්රහමික පුහුණුවීම් කළයුතු බව ඔවුහු තරයේ විශ්වාස කරති. බොහෝ මෑත කාලීනව,රැඩිකල්වාදී මත ඉදිරිපත්කළ ඇතැම් චර්යාවාදීහු සැබෑ ලොවෙන් ලබා ගන්නා සෘජු සංඥා දත්ත හා සංජානන අත්දැකීම් අතර වෙනස ඔස්සේ පර්යේෂණවල නියැලී නූතන මනෝවිද්යා වට වගකීම් සහගත ස්ථානයක් සකස්කර දීමට වෑයම් කළහ. ඔවුන්ගේ මෙම මතවාදයේ පුරෝගාමීව ක්රිසයාකළ වොට්සන් ඇතුළු බොහෝ මනෝවිද්යා ඥයින් විසින් සංජානනය පිළිබඳ මෙබඳු නව ආකල්ප ඔස්සේ සිය පර්යේෂණ කාර්යය මෙහෙයවන ලදී. මානවයා චර්යාවන් මඟින් පමණක්ම හසුරුවන බව පැවසූ ඔවුහු ඊට ‍පෙර පැවති බොහෝ මතවාද ප්රාතික්ෂේප කළහ. බී.එෆ්.ස්කිනර් පැහැදිලි කරනු ලැබුවේ සංජානනය නම් සැබෑ ලොව සමඟ චර්යාව මඟින් ඇතිකර ගන්නා සෘජු ප්ර්තිචාර බවයි. චේතනාවේ වැදගත්කම පිළිබඳ ඔවුන් එතරම් උනන්දුවක් දක්වා නැත. ස්කිනර් (Skinner1974)ගේ මතය වූයේ සංජානනය නම් ලෝකය ස්වීය ලෙස ග්රිහණය කිරීමේ ක්රිනයාවලිය බවයි.යම් පුද්ගලයෙකුගේ මධ්යය ස්නායු පද්ධතිය ඔස්සේ පැමිණෙන ස්නායු සම්ප්රේkෂණ මොළය කරා පැමිණීමෙන් පසුව මොළය එය හඳුනාගනු ලබන ස්වරූපය සංජානනය ලෙස මේ මතය අනුව නිරූපනයවේ.මෙහිදී චේතනාවේ වැදගත්කම නොසලකා හැර තිබේ. එලීනා ගිබ්සන් (Eleanor Gibson1969) දක්වන අන්දමට සංජානනය නම් අඛණ්ඩව සම්ප්රේිෂණය වන ස්නායු සංවේදන දත්ත සමූහයකි.මේවා සෘජු උත්තේජන ලෙස මොළය කරා පැමිණේ. මානව මොළය විසින් එම දත්තවල ඇති අවශ්යම, අනවශ්ය දෑ තෝරා තොරතුරු ක්රිමිකව පෙළ ගස්වනබව මෙහිදී පෙන්වාදෙනු ලැබිණ. එසේම අවශ්යල තොරතුරු පහසුවෙන් උද්ධරණය කළ හැකි අයුරින් ක්රබමවත්ව ගබඩාකිරීමේ කාර්යයකද මොළය නියැලෙනබව මෙහිදී සඳහන්ය. නිදසුනක් වශයෙන් මීට අප පෙර දැක නැති මිනිසුන් කණ්ඩායමක් හමුවී විටකදී,ඒ සෑම අයෙකුම නිවැරදිව හඳුනාගැනීමට නොහැකිවනුයේ ඒ මිනිසුන් පිළිබඳ මීට පෙර ලබාගත් දත්ත අපගේ මොළයතුළ ඒ අවස්ථාවේදී ගබඩාවී නැති බැවිනි.කලින් දැකපුරුදු අය නම් දුටු විගස හඳුනා ගැනීමට ඉඩ ලැබෙනුයේ ඒ සෑම අයෙකු පිලිබඳව අවශ්යේ කරන දත්ත සංජානනය ඇසුරෙන් අපේ මොළයතුළ ගබඩාවී පවතින බැවිනි.මේ අයුරින් අප දකින සෑම අයෙකුගේම යම් විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම ඉගෙන ගැනීමට ඉඩකඩ ලැබේ.එකී චරිතලක්ෂණ මඟින් ඔවුන් හඳුනාගත හැක. මතක ගබඩා‍වේ තැන්පත්ව ඇති තොරතුරු ඇසුරින් ඔවුන් අනෙක් අය අතරින් වෙන් කර හඳුනා ගත හැක.මේ හැඳිනීම ලබාදෙනුයේ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු වෙනස්වන පුද්ගල අනන්යාතා ලක්ෂණයෙනි. සංජානනය ආශ්රිවතව මේ සියළු තොරතුරු ආරම්භයේ සිටම උදාවියහැකි නව තත්ව දක්වා අනිවාර්යයෙන්ම ලබාගත හැකිබවද ගිබ්සන්ගේ ප්රරකාශය අනුව පැහැදිලි වේ.මේ අනුව යම් පුද්ගලයෙකු හඳුනාගැනීමට අපට හැකිවනුයේ ඒ පුද්ගලයා අන් අයගෙන් වෙනස්වන නිසාය.නැතහොත් සෙසු අයට සාපේක්ෂකව ඒ පුද්ගලයාතුළ විද්යාමාන කැපීපෙනෙන වෙනස නිසාය. සියළු සංජානන මොළයතුළ පිළිවෙලකට අනුව ස්ථානගත කළවිට ඒ අතර ඇති සමාන මෙන්ම වෙනස් ලක්ෂණ පවා පැහැදිලිව කැපී පෙනේ.සංජානනය පිළිවෙලකට අනුව පෙළගැසීම වැදගත්වනුයේ ඒනිසාය.එවිට එහි ඇති සුවිශේෂී සලකුණු අනුව සෙසු තොරතුරු පවා උද්ධරණය කරගත හැකිය.මෙහිදී අවශ්ය ‍තොරතුරු කරා ළඟාවීමට මෙන්ම අනවශ්යර තොරතුරු බැහැර කිරීමට පවා සංජානනය අර්ථවත්ව පෙළගැස්වීමතුළින් හැකියාව සැලසේ. අපගේ බොහෝ ප්රතත්යවක්ෂ අපගේ සැබෑ සංජානන භාවනාමය යැයි අනුමාන කළ හැකිය. එය එසේ පැවසීමට හේතුව සංජානනය වූ කලී සැමවිටකදීම බාහිර ලෝකයේ සෘජු ප්රයතිබිම්බ නොවන නිසාය.නමුදු එය ප්රයකාශයට පත්ව ඇත්තේ ලෝකයෙන් බාහිරව ලබා ගන්නා තොරතුරු මත ගොඩනැඟුනු දේවල් විය හැකි බව මතයි.එවැනි එක් දෙයක් නම්, බාහිර ලෝකය සමඟ සැසඳීමේදී අපගේ දෛනික සංජානන බොහෝමයක් අධික ලෙස වැරදි සහගත බව අපි දන්නෙමු. අප මායා තොරතුරු පරීක්ෂා කරන විට ඒවාට අපව නිරීක්ෂණය කළ හැකිව ඇත.එසේම අපගේ දැනුමේ සාවද්ය එදිරිවාදිකම් ඒවාට වටහාගත හැකි වී තිබේ. සංජානනය නිවැරදිව අරුත් ගන්වන්නට විවිධ නිර්වචන රාශියක් බිහිව තිබේ. ඊට හේතු වී ඇත්තේ සංජානනය විවිධ අංශ හා විෂය ක්ෂේත්රවය යටතේ සාකච්ඡාවට බඳුන්වීමයි. යම් පුද්ගලයෙකු විසින් පරිසර පසුබිම තුළදී ඇස, කණ, නාසය, දිව, සම හා මනස යන සිය ඉන්ද්රිකය අනුසාරයෙන් ලබා ගන්නා උත්තේජන යම් කිසි ‍අර්ථයක් දියහැකි තොරතුරු බවට පත් කිරීමේදී අනුක්රසමයෙන් එළැඹෙන තොරතුරු තේරීම (Selection), සංවිධානය (Organization), හා අර්ථ කථනය (Interpretation) යන පැතිකඩ තුනකින් යුතු ක්රිතයාවලියක් ලෙස ෆ්රෙaඩ් ලූතන්ස් (2002) විසින් සංජානනය (Perception) නිර්වචනය කර තිබේ. මෙහිදී පෙනෙන්නේ සංජානනය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්රිpයාවළියකට සමාන ලක්ෂණ පෙන්වන බවයි. මනසේ දත්ත සම්ප්රේ ෂණය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්රි්යාවලිය සංජානනය ලෙස හැඳින්වුවද කිසිදු වරදක් නැත. තොරතුරක් හෝ කිසියම් දත්තයක් කිසියම් විධිමත් අදහසක් ගෙන දෙන පරිදි මනාව සංවිධානය කිරීම, විචාර පූර්වක නිරීක්ෂණ මඟින් එහි නව සබඳතා පිළිබඳ අර්ථකථන, උද්ධරණය කිරීමට සුදුසු තොරතුරු අවශේෂ දත්ත අතරින් නිවැරදිව තෝරා ගැනීම ආදී පියවර රාශියක්ම මේ සංජානන ක්රිටයාවලියට අයත් වේ. සංජානනය යනු දැනුම බුද්ධිය බවට පත්කිරීමේ ක්රියයාවලිය ලෙස හැඳින්වුවද වරදක් නැත. සංජානනය මනෝ විද්යා ව තුළ බහුලව සාකච්ඡාවට බඳුන්වන විෂය ක්ෂේත්ර.යකි. ඇස, කණ, නාසය, දිව, සම හා මනස යන ඉන්ද්රි.ය මඟින් ලබා ගන්නා සංවේදනය (Sensation) මනසට වාර්තා කෙරේ. සමහරු සංවේදනය හා සංජානනය එකම අර්ථ ගෙන දෙන්නේ යැයි සැලකුවද එහි වෙනස් ඇත. සංවේදනය යනු පුද්ගලයෙකු විසින් සිය ඉන්ද්රියය ඇසුරින් බාහිර පරිසරයෙන් යම් යම් දත්ත හා දළ උත්තේජන ලබා ගැනීමයි. මෙය සැකසූ හෝ සංවිධානාත්මක දත්ත (Row Data) සමූහයක් පමණි. නමුදු සංජානනය මඟින් මීට වඩා වැඩි කාර්යභාරයක් මනස තුළ සිදු කරයි. මේ අසංවිධිත දත්ත යම් සංවිධිත තොරතුරක් බවට පත් කිරීම හා ඒවාට අනුව පුද්ගලයින් විවිධ ප්රාතිචාර දැක්වීම තෙක් මනස තුළ සිදුවන ක්රිමයාවලිය සංජානනය නමින් හැඳින්වේ. එබඳු වාර්තා මනා අවධානය සහිතව මනසින් ග්රදහණය කොට අවබෝධ කිරීම සංජානනය යනුවෙන් හැඳින්වේ. මින් පැහැදිලි වනුයේ හුදෙක් සංවේදන වාර්තා ලැබීම පමණක් සංජානනය නොවන බවයි. සංජානනය සිදු වීම‍ට මානසික ඒකාග්රාතාවය හා චිත්ත සමෝධානය අත්යජවශ්යවය. සිතා මතා තෝරා ගන්නා ලද කිසියම් අරමුණක් කෙරෙහි අදිටන් සහිතව යොමු කරනු ලැබූ අවධානය ඉච්ඡිත අවධානය (Desideratum Advertence) ලෙස හැඳින්වේ. මෙහි සඳහන් වන ඉච්ඡිත අවධානය පුහුණුවේ හා අවධානයේ ප්රuතිඵලයකි. එබඳු මානසික තත්වයක් නිරායාසයෙන් ඇති නොවේ. යමක් කෙරෙහි දැඩි අවධානයක් ඇතිවීමට ඒ සඳහා පෙර පුහුණුවක් තිබිය යුතුය. බොහෝ දෙනෙකු මේ පිළිබඳව නොදනිති. එබැවින් මේ ගැන වැඩි උනන්දුවක් හෝ අවධානයක් යොමු නොකරන බව පෙනෙන්නට තිබේ. ප්රාබල අධිෂ්ඨානයත්, දැඩි ඒකාග්රෝතාවක් හා මනා චරිතයක් ඇති අයෙකු හඳුනාගත හැකි ක්රපමය නම් ඒ පුද්ගලයා තුළ වූ අවධානයයි. සාමාන්යහ ව්ය වහාරයේ දී මේ අවධානය අර්ථ දැක්වෙනුයේ අධිෂ්ඨාන ශක්තිය ලෙසටය. මේ අධිෂ්ඨාන ශක්තිය ද ඉච්ඡිත අවධානයේ සංවර්ධිත ස්වරූපයක් බව මනෝ විද්යායඥයින් විසින් පැහැදිලිව දක්වා තිබේ. බලවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති විට තමා පසක් කර ගැනීමට බලාපොරොත්තුවන අරමුණ කෙරෙහිම එල්බ සිටීම සාමාන්ය දෙයකි. එය අධිෂ්ඨාන කළ දෙය සාක්ෂාත් කරගැනීමට උපකාරී වේ. සංජානනයේදී වැදගත් වනුයේ මේ ඉච්ඡිත අවධානයයි. මන්ද සෑම සංවේදනයක්ම සංජානනය නොකරන හෙයිනි. මනසට යොමුවන සංවේදන අතරින් වඩාත් අවධානයට යොමු වූ කරුණු හා ප්රෙස්තුත කෙරෙහි පමණක් මානසික ක්රිනයාකාරීත්වය සිදුවීම සාමාන්යව ස්වභාවයයි. සෙසු සංවේදන කෙරෙහි අවධානය අල්ප බැවින් ඒවා හුදෙක් සංඥා ලෙස පමණක් මනසට ‍දැනී නැතිව යයි. මනසට සංවේදනය වන කරුණු අතරින් ඉච්ඡිත අවධානයට ලක් වූ කරුණ පමණක් ප්රිත්යහක්ෂ කිරීම මනසේ සාමාන්ය් ස්වභාවයයි. සංජානනය ලෙස හැඳින්වෙනුයේ මෙසේ ඉච්ඡිත අවධානයට ලක්ව ප්රහත්ය ක්ෂය කරා යොමුවන කරුණු ඇතුලත් මානසික ක්රිංයාකාරීත්වයට අදාළ සියළු දේය. ඒ ඉච්ඡිත අවධානය සිහිය (Conscientiousness)ලෙසද හැඳින්විය හැක. සිහිය යනුද මේ ඉච්ඡිත අවධානයේම තවත් එක් සංවර්ධිත රූපයකි. සිහිය ඇතිවිට පමණක් අවධානය යොමුවන බැවිනි. අවධානය හා සිහිය වනාහී එකම කරුණෙහි ද්විවිධ ස්වරූප බව වටහාගත හැක. එ‍සේම සිහිය අවධානයේ හා අධිෂ්ඨානයේම සංවර්ධිත ස්වරූපයක් බව ද මනෝ විද්යා ඥයින් විසින් පැහැදිලි කර දී තිබේ. සිහිය අඳුර ඇති විටක ආලෝකයක් මෙනි. අඳුරෙහි ඇති දේ පෙනෙනුයේ අලෝකයෙනි. එසේම සිහිය නිසා අවධානයට හා අධිෂ්ඨානයට ගෝචරවන කිසියම් අරමුණක මනස තදින් බැඳී පවතින අතර ඒ අරමුණෙහි යථා ස්වරූපය හඳුනාගැනීමද සිදුවේ. එසේම අවධානය හා අධිෂ්ඨානය සංවර්ධනය වීමේදී ප්රනඥාව එකතු වීමේ කාර්යය සිදුවනුයේ සිහිය මඟිනි. සිහිය වනාහී සාමාන්යව සංවේදනවල සිට අවධානය දක්වා මනසේ අවබෝධ කිරීමේ කාර්යයන් ප්රදඥාව (Insight) දක්වා රැගෙන යාමට සමත්වන බුද්ධිමය මෙවලමකි. සංජානනය විසින් ඇස,කණ, නාසය, දිව, සම හා මනස යන සංවේදන ඉන්ද්රි ය මඟින් විවිධ කාර්යය වලට අදාළ අමුද්ර්ව්යන ලබා ගනු ලැබේ. ඒවා මනසේ භාවිතය මඟින් ප්රුකාශයට පත්වේ. සංවේදනය හා සංජානනය වෙන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: