Posted by: lrrp | September 28, 2008

අනේ හාමුදුරුවනේ! මං නිදාගෙන ඉඳිද්දී ඇඳෙන් බිමට ඇදල දානවා

දේ්වාරූඪයෙන් සාස්ත‍්‍ර කියන ස්ථානය මළවුන් ගෙන්වා සාස්ත‍්‍ර කියන ස්ථානය ආදි දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින් සාස්ත‍්‍ර කියන ස්ථාන රටේ සෑම ප‍්‍රදේශයකම පාහේ දක්නට ඇත. වෛද්‍ය ක‍්‍රමවලින් රෝගයක් සුව නොවන විට, නීතියෙන් සාධාරණයෙන් ප‍්‍රශ්නයක් විසඳ්‍ර ගත නොහැකි වූ විට, කොටින් ම මිනිසුන්ගෙන් විසඳ්‍රගත නොහැකි ප‍්‍රශ්නයක් එළඹි විට ගුප්ත විද්‍යාවන්ගෙන්, දේවාලවලින් පිළිසරණ පතා යොමුවීම මිනිසුන්ගේ සිරිතය. මෙය අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවන ඈත අතීතයේ සිට ම පැවත එන්නකි. අනාගතයේදීත් පවතිනවාට කිසිම සැකයක් නැත.

මෙවැනි කටයුතුවලදී ඉතා ප‍්‍රවේශමෙන් හා නුවණින් කි‍්‍රයා කළ යුතු බව තරයේ අවධාරණය කරමු. මෙවැනි ස්ථානවල ඇදුරන් හා කපුවන් බොරු කරනවා යැයි කෙනෙක් දෝෂාරෝපනය කරති. භූතයන් බොරු කරන බව දන්නේ ටික දෙනෙකි. භූතයන් බොහෝ දෙනෙකු දේවාල කපුවන් මෙන්ම ඇදුරන් ද රවටන අවස්ථා බොහෝය. එසේ ම සාස්ත‍්‍ර අහන්නට යන පුද්ගලයෝ ද මේ භූතයන්ගේ රැවටිලිවලට බහුල වශයෙන් ගොදුරු වෙති. වෙසමුණි රජු ගෙන් වරම් අරගෙන ආවාය, මම අහවල් දෙවියෝ ය. මම අහවල් දේව මෑණියෝ යැයි ප‍්‍රකාශ කරමින් සමහර භූතයෝ දෙපාර්ශවයෙන් ම යැපෙති.

අසවල් දේව මෑණියන්ගෙන් සාස්ත‍්‍ර කියනවා යැයි ප‍්‍රසිද්ධ කාන්තාවක් සිය පවුලේ අය සමඟ දිනක් ගලිගමුවේ ඤාණදීප හිමියන් මුණ ගැසීමට පැමිණියාය. අවුරුදු දහයක් තිස්සේ දේවාකර්ෂණයෙන් සාස්ත‍්‍ර කී බවත්, එය තමන්ට කිසි නිදහසක් නැති හිරිහැරයක් බව වැටහී සාස්ත‍්‍ර කීම අත්හිටවූ බවත්, එදා සිට තව තවත් කරදර වැඩිවූ බවත් පවසා එයින් මිදීමට උපදෙසක් ලබා ගැනීමට පැමිණි බව කීවාය.

“අනේ! ස්වාමීන් වහන්ස! සාස්ත‍්‍ර කීම නතර කළ දා සිට මට හරියට හිරිහැර කරනවා. නිදාගෙන සිටින විට ඇඳෙන් බිමට ඇද දමනවා. සමහර වෙලාවට මගේ ඇඟ උඩ නැගලා බෙල්ල මිරිකනවා. එහෙමත් නැත්නම් හීනෙන් බය කරනවා. අනිත් වෙලාවට දරුණුවට ඔලුව කකියනවා. රෑ දවල් දෙකේ ම නින්දක් නෑ. දැන් මම කායිකවත්, මානසිකවත් හොඳට ම දුර්වල වෙලා”යි මේ කාන්තාව තමන්ගේ දුක් ගැනවිල්ල කීවාය.

“හොඳයි, මේ අම්මා මෙච්චර කල් කොහොමද සාස්ත‍්‍ර කීවේ”යි ඛ්ාමුදුරුවෝ ඇසූහ.

“හාමුදුරුවනේ, අසවල් දෙවියෝ, අසවල් දේව මෑණියෝ මගේ ඇඟට ආවේශ වී පේන අහන්න එන අයට සාස්ත‍්‍ර කීවා”යි ඇය කීවාය.

මෙහිදී ඤාණදීප හිමියෝ පිරිත් සූත‍්‍රයක් දේශනා කරන විට මේ කාන්තාව නැවත ප‍්‍රලය වූවාය.

“අපි ඕවට බය නෑ. අපිව බය කරන්න හිතුවා මදි. හෙº… හෙº… මං මහා බලගතු දෙවියෙක්. ඔය අනිත් දෙවිවරුන්ට මං යටත් නෑ”යි ඇයට ආවේශ වූ අමනුෂ්‍යයා කෑ ගසන්නට විය. පාලනය කරන්නට බැරි තරමට කලබල කරන්නට වූ හෙයින් වෛශ‍්‍රවන දෙවියන්ට ආරාධනා කර ආටානාටිය සූත‍්‍රයේ කොටසක් සජ්ක්‍ධායනා කළහ. ඒ සමඟ ම වෛශ‍්‍රවන දෙවියන්ට නමස්කාර කොට තමන්ට හිරිහැර කරන භූතයන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින්නැයි ආවිශ්ටව සිටි ඒ කාන්තාවට උපදෙස් දුන්හ.

ඒ සමඟ ම ආවිශ්ටව සිටි භූතයා කෑ ගසන්නට වීය. “අය්යෝ එපා. අය්යෝ එපා. ඇත්ත කියන්නම්. අනේ! දඬුවම් කරන්න කියන්න එපා” යැයි කියන්නට වීය.

“එහෙනම් ඇත්ත කියනවා. තමුන් කවුද?”

“අනේ! හාමුදුරුවනේ! මම මළ යක්ෂයෙක්. මෙයා පහන් තියන කොට, වරම් ඉල්ලන කොට මෙයාගෙ ශරීරයට ඇතුළු වුණා.”

“එහෙනම් දෙවි කෙනෙක් ලෙස පෙනී හිටියේ?”

“හාමුදුරුවනේ! දෙවිවරු මිනිසුන්ගේ ඇඟට එන්නේ නෑ. මිනිහෙක් අසූචි වළකට වැටුණොත් ඒ මිනිහා එයින් ගොඩ ඇවිත් හොඳින් නා පිරිසුදුව අලුත් ඇඳුම් ඇඳගෙන ඉන්න විට යළිත් අර අසූචි වළට පනින්නට කීවොත් පනීවිද? අන්න ඒ වගේ දෙවිවරු මිනිස් ශරීරවලට රිංගන්නේ නෑ. මිනිසකු වී ඉපදීම උතුම් තමයි. ඒ වුණත් දෙවිවරු මිනිස්සුන්ගෙ ශරීරවලට රිංගන්නේ නෑ. සමහර භූතයෝ දෙවියන්ගෙන් වරම් අරගෙන රිංගනවා. ඉතින් මං දෙවි කෙනෙක් වශයෙන් පෙනී හිටියේ එහෙම නොකීවොත් මිනිස්සු සාස්ත‍්‍ර අහන්න එන්නේ නෑ. කියන දේවල් පිළිගන්නෙත් නෑ.

“ඇයි ඉතින් දෙවියන්ට යටත් නෑ කිව්වේ?”

“ඒ බොරු. අමනුස්සයෝ හුඟ දෙනෙක් බොරු කියනවා. පස් පවට කැමතියි. පංච ශීලයට කැමති නෑ. දෙවිවරු කියන දේවල් අහන්නෙත් නෑ. සමහර අය වෙසමුණි රජ්ජුරුවන්ට පැමිණිලි කරනවා. ඒ පැමිණිලි කරන පුද්ගලයා පන්සිල් රකින පින් දහම්හි යෙදෙන කෙනෙක් නම් වෛශ‍්‍රවන දිව්‍ය රාජයා ඒ පැමිණිල්ල තෙරුවන් සරණ ගිය යක්ෂ සේනාපතියන්ට බාර දෙනවා. සිල්වත් මිනිසුන්ට හිරිහැර කරන භූතයන්, ඒ යක්ෂ සේනාධිපතිවරු පිරිස එවා අල්ලා ගෙන ගිහින් දඬුවම් කරනවා. ගිනියම් කළ යකඩ පාත‍්‍ර හිසට දමනවා. හිස සත් කඩකට පලනවා. අනේ, හාමුදුරුවනේ ඒකයි දඬුවම් කරන්න ඛ්යන්න එපා කියා මමත් කීවේ.”

“ඉතින් තමුන් කොහොමද සාස්ත‍්‍ර කීවේ.”

“හාමුදුරුවනේ! සාස්ත‍්‍ර අහන්න එන පුද්ගලයා සමඟ එන එයාගේ ඥාති භූතයන් යාළු කරගෙන ඔවුන්ගෙන් අහගෙන කියනවා. ඒ වගේ ම සාස්ත‍්‍ර අහන්න එන පුද්ගලයා තමන්ගේ ගෙදර ගැන හිතුවාම ඒ සිතුවිලි සමඟ ගිහින් තොරතුරු බලාගෙන ඇවිත් කියනවා. හැබැයි අපි අනාගතය ගැන කියන්නේ බොරු.”

“ඉතින් මෙහෙම බොරු කරලා තමුන්ට ඇති ප‍්‍රයෝජනය මොකක්ද?”

“ඇයි හාමුදුරුවනේ! ඒ මිනිස්සු පුද පූජා තිබ්බා ම මමත්, මගේ යාළුවොත් හොඳට කාල බීල සතුටු වෙනවා. දැන් අවුරුදු දහයක් තිස්සේ ජොලියට කෑවා.”

“ඉතින් පව් නැද්ද?”

“ඒ අපේ හැටි, ස්වභාවය. අපි කොහොමත් පව්කාරයෝ තමයි. ඕවා ගණන් ගන්නේ නෑ.”

“ඉතින් තමුන් පුද පූජාවලින් ම ද යැපෙන්නේ.”

“නැහැ. හාමුදුරුවනේ! මෙයාගෙ ඇඟේ ඉඳගෙන මෙයාගෙ ලේත් බොනවා. මෙයාගෙ ඇඟෙන් මාසිකව පිටවෙන අපවිත‍්‍ර ලේ මගේ යාළුවො බොනවා. අපි ඒවාට හරිම කැමතියි.”

“ඉතින් සමහරුන්ට සාස්ත‍්‍ර අහලා ඒ වැඩ කළා ම සනීප වෙනවා නේද?”

“හාමුදුරුවනේ! ඔය මිනිස්සුන්ට හිරිහැර කරන්නෙත් අපේ ම අයනෙ. ඒ මිනිස්සු සාස්ත‍්‍ර අහන්න එන කොට ඒ භූතයොත් එනවා. මම උන්ට කියනවා මචං තුන්මාසයක් මෙයාට කරදර නොකර හිටපං. උඹට මොනවද ඕනෑ කියලා අහගෙන ඒවා සාස්තරේට කියලා අරගෙන දෙනවා. හැබැයි තුන්මාසයක් ගියාම ඒ මිනිහා ආයෙත් එනවා සාස්තර අහන්න. අපි වවාගෙන කනවා. මේවා සාස්තර කියන මෙයා දන්නේ නෑ. මෙයාගෙ හිතේ මම දෙවියෙක් කියලා. මෙයා මට දෑත් මුදුණේ තියාගෙන වඳින කොට මට හරි සතුටුයි.

දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ කියලා කතා කරනවට කවුද? අකමැති. ඇයි හාමුදුරුවනේ, දෙවිවරු ගෑණුන්ගෙ ඇඟට රිංගලා කොණ්ඩෙ කඩාගෙන ඇස් උඩ තියාගෙන හූ කියමින් නටනවාද? ඉතින් අපි සාස්තර අහන්න එන අයට දැනට තියෙන ප‍්‍රශ්නය දැනගෙන කියනවා. උන්ගෙ හිතේ අපි ඇත්ත කීවාම,

අපි කියන හැම දේම හරිය කියලා. අපි මේ ඇත්තිටත් ගනුදෙනුවක් අරගෙන දෙනවානෙ. එයා ඒකට රැවටිලා සාස්තර කියනවා. මේ ගෑනිගෙ පිනක් මතු වෙලා මෙහෙට ආවේ. නැත්නම් මෙයාගෙ ලේ බීලම අපි සතුටු වෙනවා. මැරුණම අපි ඉන්න ලෝකෙට ම අරගෙන යනවා” යි භූතයා කීවේය.

අවුරුදු දහයක් තිස්සේ මේ කාන්තාව සාස්ත‍්‍ර කියන්නට ආශාවෙන් හෝ විධිමත් ක‍්‍රමයකින් හෝ තොරව පහන් තියන්නන් වාලේ පහන් තබන්නට ගොස් සිදු කැර ගත් අකරතැබ්බයකි. එසේ ම අවුරුදු දහයක් තිස්සේ මිනිසුන් රැවටීමක් ද සිදු වී ඇත. එසේ ම ඇගේ සිරුරට බැඳුණු අමනුස්සයා ද බලවත් වී ඇත.

මේ කාලය තුළ මේ අමනුස්සයා ගේ උවමනාවටත්, මේ කාන්තාවගේ නොදැනුවත්කම නිසාත්, ඇය වටා සහ ඇගේ නිවසට වහවැටුණු පේ‍්‍රතයෝ බොහෝය. මේ සියල්ල එකවර විසඳිය නොහැකිය.

අවුරුදු දහයක් තිස්සේ තමන් විසින් ම ගොඩ නගා ගත් දෙය කාලයක් ප‍්‍රතිපත්ති ශීලයක පිහිටා, භාවනාවක් පුරුදු වී ක‍්‍රමයෙන් දොස් ඉවත් කැර ගත යුතු යැයි ඤාණදීප හිමියෝ උපදෙස් දුන්හ.

මේ සිද්ධිය විමර්ශන බුද්ධියකින් තොරව සාස්තර කියන අයටත්, අහන අයටත් හොඳ පාඩමකි. මේ වගේ ම සමහර දේවාලවලට, ගොස් ගුප්ත සාස්ත‍්‍රවල පිහිට පතන විට රෝගියා පිළිබඳවත්, වැළඳී ඇති රෝගය පිළිබඳවත් සාස්ත‍්‍රයෙන් අකුරට ම නිවැරැදිව කියයි. එය ද භූතයන්ගේ කි‍්‍රයාවකි. රෝගය ගැනත් රෝගියා ගැනත් නිවැරැදිව කීම පදනම් කොට ගෙන සාස්ත‍්‍රය අසන්නට එන අය රැවටෙති.

ඊළඟ සාස්ත‍්‍ර පොළෙන් කියන පුද පූජා සිදු කරති. දහස් ගණනින් මුදල් වියදම් කරති. ආරූඪයෙන් කියන බෙහෙත් දෙති. සමහර භූතයෝ අහසින් ඖෂධ ගෙනැවිත් දෙති. එහෙත් ප‍්‍රතිඵල ඒ තරම් ම සතුටු දායක නැත.

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: