Posted by: lrrp | December 3, 2008

ඇඟ ඇතුළේ අමනුස්සයකු ඉන්නවා වගේ දැනෙනවා

ඈත අතීතයේ සිට ම මිනිසා තමන් ගේ පියවි ඇසට නොපෙනෙන සත්ත්ව කොට්ඨාසයක් ඇති බව විශ්වාස කළහ. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානවයින් පවා ඥාතියකු මිය ගිය විට ඔහුගේ භූතාත්මයේ බලපෑම ඇති බව විශ්වාස කරමින් මළවුන් ඇදහීම හෙවත් ඥාති පෙ‍්‍ර්ත වන්දනාව සිදු කළ බව පුරාවිද්‍යාත්මක සාධකවලින් ද තහවුරු වී ඇත. පස්යොදුන් රට පාහියංගල ප‍්‍රාග් ඓතිහාසික ලෙන් භූමියේ කැණීම්වලින් හමු වූ ආදි මානවයින් ගේ හිස් කබල් වර්ණ ගන්වා තිබීමෙන් එම මළවුන් වන්දනා ප‍්‍රාග් යුගයේ පවා තිබූ බව පුරාවිද්‍යාඥයෝ පවසති.

වර්තමාන සමාජය ද සංකීර්ණ ජීවන ගැටලු හා ගැඹුරින් ආගම දහම හැදෑරීමෙන් තොරව කටයුතු කිරීම නිසා අමනුස්සයන් පිළිබඳ සැලකිල්ලක් නොදක්වති. එහෙත් සුව නොවන ලෙඩක් දුකක් වැළඳුණු විට දී නම් දෙයියන් බුදුන් සිහිවී පන්සල් දුවති.

එක්තරා කාන්තාවක් ලියුකේමියා රෝගය වැළඳී බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් කළ හැකි අවසාන ප‍්‍රතිකාර පන්තිය ද ලබා ජීවත්වීමේ බලාපොරොත්තු බිඳ වැටී ගලිගමුවේ ඥාණදීප හිමියන් සොයාගෙන ආවාය. වාහනයෙන් බැස ස්වාමිපුරුෂයා විසින් වත්තන් කැරගෙන ආ මෙම රෝගී කාන්තාවගේ හිස කෙස් සම්පූර්ණයෙන් ගැලවී ගොස් තිබිණි. දෑස් ද යටට ම ගිලී ගොසිණි. මුහුණ සුදුමැලි වී මරණයේ පණිවුඩ එහි සටහන් වූවා සේ ය.

”අනේ! හාමුදුරුවනේ! බුදු බව ලැබෙයි මට පිහිට වෙන්නැ”යි කියමින් ඥාණදීප හිමියන් ඉදිරියේ වැඳ වැටී අඬන්නට වූවාය.

ඇය මරණයේ දොරටුවේ සිට හඬා වැටෙන කාන්තාවක් බව වැටහුණ ද එය නොඅඟවා “ඇයි මේ අම්මා අඬන්නේ. මොකක්ද ප‍්‍රශ්නය. ඔතනින් හිඳගෙන කියන්න බලන්නැ”යි උන්වහන්සේ පැවැසූහ.

”හාමුදුරුවනේ! මට ලේ පිළිකාවක් වැළඳිලා. ඊයෙ ඉස්පිරිතාලෙන් ගෙදර එව්වා. ගෙදර ගිහින් කැමැති ඕනෑම දෙයක් කාල බීල ඉන්න කියලා. එහෙම කිව්වේ මගේ මරණ තීන්දුව බව මට තේරුණා. හාමුදුරුවනේ! මට මං කළ වැරැදි නිතර මතක් වෙනවා. මැරෙන වෙලාවටත් මේවා මතක් වුණොත් අපාගත වන බව මම දන්නවා. මම තව දවස් කීපයකට වඩා ජීවත් වෙන එකක් නෑ. අනේ හාමුදුරුවනේ! මට අපායෙ නොගිහින් බේරෙන්න උපදෙසක් දෙන්නැ”යි බැගෑපත් වූවාය.

”මොනවාද මේ අම්මා ඔය තරම් කරපු වැරදි?”

”හාමුදුරුවනේ! මේ ඉන්නේ මගේ මහත්තයා. මම මගේ මහත්තයාට හරියට සැලකුවේ නෑ. ගෞරව කළේ නෑ. නිතර රණ්ඩු සරුවල් කළා. ඒ විතරක් නොවෙයි මහත්තයාගෙ වයසක අම්මටයි තාත්තටයි හරියට වෙනස්කම් කළා. ඒ මව්පියන්ට උදව් කරන්න මහත්තයාට ඉඩ දුන්නේ නෑ. මගේ නපුරුකම් නිසා ඒ දෙන්නා ඉඩම කෙළවරේ ගේ පැලක් හදාගෙන ජීවත් වෙනවා.

මගේ සහෝදරයොත් මා සමඟ තරහයි. පිය උරුමයෙන් ලැබුණු ඉඩම් සහෝදරයින්ට නොදී වැඩි මිලට පිටස්තර අයට විකුණුවා කියා. මම මෙච්චර කාලයක් ඉස්පිරිතාලෙ හිටියා. මගෙයි කියා කිසිම නෑයෙක් මා බලන්න ආවේ නෑ. මහත්තයා ම විතරයි මා බලන්න ආවේ. මම ලෙඩ ඇඳේ ඉඳගෙන මා අතින් සිද්ධ වෙච්ච වැරදිමයි කල්පනා කළේ. කරපු හොඳ දේවල් මතක් කළා. එහෙම මොකුත් මතක් වෙන්නෙත් නෑ. රෑට හීනෙන් මළගිය අය ඇවිත් වරෙන් යන්න කියා අඬගහනවා. සතර අපායෙන් එකකට මා ඇදගෙන යයි කියා මට බය හිතෙනවා. අනේ! හාමුදුරුවනේ මට මේකෙන් ගැලවෙන්න උපදෙසක් දෙන්නැයි පිංසෙණ්ඩු වූවාය.

”හොඳයි: මේ අම්මා කවදා හරි සිල් සමාදන් වෙලා ඇති නේද? භාවනා එහෙම කරලා තියෙනවාද?”

”අනේ! හාමුදුරුවනේ, මම කවදාවත් සිල් සමාදන් වෙලා නෑ. වයසට ගියා ම සිල් සමාදන් වෙන්නයි හිතා හිටියේ. ඉතින් ඊට කලින් මේ කරුම ලෙඩේ හැදුණා නොවැ. භාවනාව ගැන මොකුත් ම දන්නේ නෑ. ගමේ පන්සලට දානෙ දුන්නෙත් නෑ හාමුදුරුවනේ; මහත්තයා පිනට යමක් දුන්නත් මං එයාටත් බැන්නා” යි ඇය කීවාය.

”හොඳයි දැන් මේ අම්මා හිතාගෙන ඉන්නවා නොවැ දවස් කීපෙකින් මැරෙයි කියා. ඉතින් දැන් ඔය හිතේ තියෙන මාන අහංකාර කිළුටුත් පරණ පව්වලට එකතු වුණොත් තවත් නරක අතට හැරෙනවා. දැන් එහෙම නම් ඔය මහත්තයාගෙ කකුල් දෙක අල්ලලා පතුල් දෙකේ නළල තියලා වඳින්න. කරපු වැරදිවලට සමාව ඉල්ලා ගන්නැයි” හාමුදුරුවෝ කීහ.

ඇය ද ස්වාමිපුරුෂයා ගේ පා වැඳ “මට සමාව දෙනවා නේදැ”යි ඇසුවාය. ”හොඳයි හොඳයි අන්තිම මොහොතේ හරි වැරැද්ද වැටහුණා නම් ඒකත් හොඳ දෙයක්. මගේ හිතේ තරහක් නැහැ”යි ඔහුද පැවැසීය.

”හොඳයි ඔන්න ඔය වගේ ම අද ගෙදර ගියා ම නැන්දා මාමා දෙන්නටත් වැඳලා සමාව ඉල්ලන්න. තමුන් දරුණු විධියට ඒ අයට සැලකුවාට ඒ වැඩිහිටියෝ දැන් තමුන් ඉන්න තත්ත්වයේ හැටියට සමාව දේවි.”යි කියූ හාමුදුරුවෝ ඇය පන්සිල්හි පිහිටවූහ.

”ඔබ දැන් සීලවන්තියක්. මේ මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක් කියලා හිතන්න. පරණ වැරදි සියල්ල අමතක කරන්න. ඒවා සිහිපත් කරන්න එපා. ඒ වැරදි තේරුම් ගැනීමත් කුසලයක් කියා හිතන්න.

ඊළඟට තමන්ට මෛතී‍්‍ර කරගන්න. තමන්ගේ ස්වාමිපුරුෂයාට, නැන්ද මාමා දෙන්නාට සහෝදරයින්ට මෛත‍්‍රී කරන්න. ඊළඟට මුළු ලෝකයේ ම ඉන්න පෙනෙන නොපෙනෙන සියලු සත්ත්වයන්ට මෛතී‍්‍ර කරන්න.”

”දැන් තමන්ම දන්නවා නෙ හෙට අනිද්දා මැරෙන බව. දැන් කල්දමන්න වෙලාවක් නෑ. හිත හිතා ඉන්න වෙලාවක් නෑ. සම්පූර්ණ වීර්යය යොදා මෛතී‍්‍ර කරන්න. අවංකව මෛතී‍්‍ර භාවනාව වඩාගත්තොත් මේ සතියෙම ධර්මය අවබෝධ කැර ගන්න පුළුවන් වෙයි. මෛතී‍්‍ර සමාධිය ඇති කර ගත්තොත් ඔබට බ‍්‍රහ්ම ලෝකයක හෝ දිව්‍ය ලෝකයක උපදින්න පුළුවන්. ඒක මම කියන දෙයක් නොවෙයි. මෙත්තානිසංස සූත‍්‍රයේ සඳහන් වන දෙයක්”

”ඒ වගේ ම තණ්හාවෙන් රැස් කරපු මුදල් තියෙනවා නම් ඒවායෙන් නැන්දා මාමා දෙන්නටයි තමන්ගෙ සහෝදරයින්ටයි කෑම බීම ඇඳුම් සහිතව තෑගි බෝග ගිහින් දෙන්න. නැති බැරි අයටත් සලකන්නැ”යි කියා සෙත් පිරිත් සජ්ක්‍ධායනය කොට පිරිත් පැන් ටිකක් පානය කරන්නට ද දුන්නාය.

”හොඳයි දැන් ගෙදර යන්න. ගෙදර ගිය හැටියේ තෙරුවන් වැඳ භාවනාව පටන් ගන්න. හෙට උදේ ම මට ටෙලිෆෝන් කරලා කියන්නකෝ ප‍්‍රතිඵල” යැයි ඥාණාදීප හිමියෝ පැවසූහ.

මේ කාන්තාව ගෙදර යන ගමන්ම නැන්දා මාමා දෙදෙනාට ආහාරපාන ද්‍රව්‍ය ඇඳුම් ආදී තෑගි බෝග ද ගෙන ගියාය. මේ වනවිට සිය ලේලිය මරණාසන්නව සිටින බව දැන සිටි බැවින් ඒ වැඩිහිටි දෙදෙනා ද නිහඬව ඉවසූහ.

රෝගී කාන්තාව මෛතී‍්‍ර භාවනාව වඩන්නට පටන් ගත්තාය. තමන් ගේ ජීවිතය දවස් කීපයකට වඩා නැති බැවින් ඇය හිඳගෙන මෛතී‍්‍රය වැඩුවාය. ඉඳගෙන ඉන්න බැරි තැන හිටගෙන මෛතී‍්‍ර කළාය. ඒත් අපහසුවූ විට මෛතී‍්‍ර භාවනාව වචනයෙන් කියමින් ඇවිදිමින් භාවනා කළාය. නින්ද යනතුරු ඇඳේදී ද භාවනා කළාය. මරණ බයට ම භාවනා කළා ය. පසුදින ඇය ඥාණදීප හිමියන්ට දුරකතන පණිවුඩයක් දී භාවනා කරන විට කායික වේදනා බහුල වුවද නොකඩවා භාවනා කරන බව දන්වා සිටියාය. මැරෙන එක කොහොමත් එකයි. වෙන කිසි දේකට හිත නොයවා හැම විනාඩියක්ම භාවනා කරන ලෙස නැවතත් උපදෙස් ලැබුණි.

ඇය ඊළඟ දිනයේ ද දුරකතනයෙන් තත්ත්වය වාර්තා කළාය. හාමුදුරුවනේ! මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්නත් මා බලන්න ආවා. ඒත් හාමුදුරුවනේ මට භාවනා කරන්න නම් බෑ. භාවනා කරනකොට ඇඟ හිරවෙනවා වගෙයි. කව්දෝ බෙල්ල මිරිකනවා වගේත් දැනෙනවා. සමහර වෙලාවට භාවනා කරන තැනින් කවුදෝ මාව තල්ලු කරනවා වගෙයි.” ”මොනවා” හාමුදුරුවෝ පුදුමයෙන් මෙන් ඇසූහ.

”ඔව් හාමුදුරුවනේ! කවුදෝ අමනුස්සයෙක් මගේ ඇඟ ඇතුළේ ඉන්නවා වගේ දැනෙනවා”යි රෝගී කාන්තාව පැවසුවාය.

”ඔව්! ඔබතුමියගේ රෝගය පිළිබඳ මට සැකයක් ඇති වුණා. ලේ පිළිකාව ශාරීරික හේතු නිසා ඇතිවූවක් වෙන්නත් පුළුවන්. ශරීරයේ ලේ හීනවීම වෙනත් හේතුවක් නිසා වෙන්නත් බැරිද? අමනුස්සයෙක් ලේ උරා බොනවා වෙන්නත් බැරි නැහැ. මේක හොඳ අත්දැකීමක් වගෙයි. ඔය ලෙඩේ සනීප කරන්න පුළුවන් ලකුණු පහළ වෙලා වගෙයි මට පෙනෙන්නේ. ඒ නිසා පසු බහින්නේ නැතුව හිතට ලොකු ධෛර්යයක් අරගෙන දිගටම භාවනා කරන්න. තමන්ටත් සියලු ලෝ සතුන්ටත් මෛත‍්‍රී කොට ඔය ඇඟ ඇතුළේ ඉන්න අමනුස්සයාටත් මෛතී‍්‍ර කරන්න. ඒ භූතයාටත් අවංකව ම මෛතී‍්‍ර කරන්න. මෛතී‍්‍ර භාවනාව දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි, කියා බුදුරජාණන් වහන්සේ දේශනා කැර තියෙනවා. ඔබ දිගට ම ඒ අමනුෂ්‍යයාට මෛතී‍්‍ර කළොත්, එහෙම අමනුෂ්‍යයෙක් ඉන්නවා නම් ඇඟ ඇතුළේ ඉන්න බැරුව පලා යනවා. ඒ නිසා මරණය ජය ගන්න ධෛර්යයෙන් මෛතී‍්‍ර කරන්නැ’යි උපදෙස් දුන්හ.

ඒ කාන්තාව අතීතයේ කොයි තරම් දුෂ්ටකම් කළත් සීලයක පිහිටා භාවනා කරන්න හිටියාට පස්සේ මරණ භය නිසා හෝ වේවා තත්ත්වය වෙනස් වුණා. ඇයට හිරිහැර කරන, ඇගේ ලේ උරාබොන අමනුෂ්‍යයාට පවා මෛතී‍්‍ර කරන්න දක්ෂ වුණා. ඇගේ ඇඟ ඇතුළේ ලේ උරා බොමින් සිටි යක්ෂයා ඇගේ භාවනාව කඩාකප්පල් කරන්න ඇය බය කළා. බෙල්ල මිරිකුවා. පර්යංකයෙන් තල්ලු කළා. අන්තිමේ ඇය දිගින් දිගට නොකඩවා ධෛර්යයෙන් මෛතී‍්‍ර කරන කොට ඒ අමනුස්සයාට ඇගේ සිරුර තුළ සිටින්නට නොහැකිව ඇය අතහැර දමා යන්නට ගියේය. මිනිස් සිරුරෙන් ගලනා ලෙය ආහාර කොට ගන්නා ලේවලට ඉතාම ප‍්‍රිය අමනුස්සයෝ සිටිති. එවැනි අමනුස්සයෝ මිනිස් සිරුරට ඇතුළු වී ලේ උරා බොති. එසේ මිනිස් සිරුරට ඇතුළුවීමට නොහැකි අමනුස්සයෝ මිනිසුන් ආරාවුල්වලට පොළඹවා කෝලාහල ඇති කරවා ඒ තුවාලවලින් ලේ පානය කරති. ඒවා සිද්ධ වෙන්නෙත් කර්මානුරූපවයි. මේ වගේ ලෙඩ-රෝග සොයාගත නොහැකිව, මෙවැනි රෝගවලට ඖෂධ නැතිකම නිසාද රෝගීන් කී දෙනෙක් මිය යනවාද? දින කීපයකින් මරණයට පත්වීමට නියමිතව මඟ බලා සිටිය ඒ රෝගී කාන්තාව ඊට මාස හයකට පසුවද ඥාණදීප හිමියෝ බැහැදකින්නට පැමිණ උන්වහන්සේට පින් දුන්නා ය.


Responses

  1. Hello…

    There are son many important stories. Thanks for that. But could you please increase the font size of sinhala letters. If you can increase the font size I think its better and eazy to read every one. Its very difficult to read these small letters.

    Thanks

  2. If difficult to read this so do this what i say

    1- install Mozilla Fierfox browser as u`r default web browser
    (i guess u have already install Singhala fonts)

    2- open this page

    3- press Ctrl key (control key) near windows key and Role u`r mouse roler up and down , if u have not roler mouse press plus/minus (+/-) buttons till letters maximize


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: