Posted by: lrrp | January 3, 2009

පින් පමුණුවා පියා ගේ ආත්මය යහපත් කළ දියණියක්

මේ වන විට නිවසේ ඇසට නොපෙනෙන  කෙනෙකු ජීවත්වන බව නිවැසියන්ට ඇසෙන්නට හා දැනෙන්නට විය. තමන් පිටු පසින්  යමකු ගමන් කරනා අඩි සද්දය ඇහෙන්නට වීය. රාති‍්‍රයේ තනිවම කුස්සියට හෝ  නාන කාමරයට හෝ යෑමට පවා  බියක් දැනෙන්නට වීය. මේ බෞද්ධ පිළිවෙත්  ක‍්‍රමවත්ව සිදු කැරගෙන යන විට  ඒවා අඩු වී ගියේය. ඔවුන් ගේ බිය ද
පහව ගියේ ය.

ගති වශයෙන් හැඳින්වෙන ලෝකයත් අතර මේ මිනිස් ලෝකය ද කාම ලෝකයකි. මිනිස් ලොව උපදින පුද්ගලයා සිය ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත පිනවීමට උපන් දා සිට ම උත්සාහ කරයි. කටයුතු කරයි. ඒ කාම ලෝක ස්වභාවයයි. එසේ ඉන්ද්‍රිය සය පිනවීමට හැකි වන අයුරින් අංග සම්පූර්ණ උපතක් ලැබීම හා අවශ්‍ය සම්පත් ලැබීම පූර්ව භවයන්හි කරන ලද පුණ්‍ය කර්මයන් ගේ ආනිසංසයත්, මේ භවයේ දැනුම හා බුද්ධිය දියුණු කැර ගැනීමෙන් ඇති කරගන්නා යහපත් උත්සාහයක් නිසා සිදුවන්නකි. කොයි තරම් අංග සම්පූර්ණ උපතත් ලැබූවද ඔහුට අවශ්‍ය පරිසරය, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, හා ආර්ථික පහසුකම් නොලැබුණොත් ඔහුට දියුණුවීම අසීරුය. කොයි තරම් පහසුකම් තිබුණ ද ඔහු අංගවිකලයකු හෝ නූගතකු හෝ පාප මිත‍්‍ර සේවනයෙහි යෙදෙන්නකු හෝ වුවහොත් ඔහු පරිහානියට ම පත්වන්නකු බවට අනිවාර්යයෙන් ම කටයුතු යෙදේ.

මේ අතර බොහෝ දෙනා තමන්ට ලැබෙන පහසුකම් හා දැනුම ප‍්‍රයෝජනයට ගනිමින් යහපත් ලෞකික ජීවිතයක් ගත කරති. සාමාන්‍යයෙන් දන් පින් වල ද යෙදෙති. එහෙත් කුසල් වශයෙන් ධර්ම මාර්ගයේ ගමන් කොට ස්වකීය ‘සිත’ දියුණු කැර ගැනීමට කටයුතු කිරීම පසුවට කල් තබති. මහලු වූ විට පුළුවනැයි සිතා පමා වෙති. හදිසියේ හෙට මිය යතැයි නොසිතති. භාවනාවක නොයෙදෙති. කෙනෙකුගේ ඊළඟ භවය තීරණය කරනුයේ අවසන් චුති චිත්තයට ඉදිරිපත් වන පූර්ව කර්මයක් හේතු කොට ගෙන බව දැන සිටිය ද මේ පමාව නිසා සතර අපා ගත වන්නෝ බොහෝ ය. එය ද කාම ලෝකයේ ස්වභාවයකි. උත්සාහය හා වීර්යය මගින් සිය සසර ගමන යහපත් කැර ගැනීම හා කෙටි කැර ගැනීම නුවණින් ම කළ යුත්තකි. මේ ඊට හොඳ උදාහරණයකි. ආදර්ශමත් කතාවකි.

පොළොන්නරුවට නුදුරුව ජීවත් වූ ව්‍යාපාරිකයෙකි. ඔහු සැප සම්පත් සහිතව අංග සම්පූර්ණ ජීවිතයක් ගත කළ අතර දූ දරුවන්ගේ යහපත උදෙසා ද සියලු කටයුතු සලස්වා තිබිණි. සාමාන්‍ය දන් පින්හි ද යෙදිණි. කිසිවකු නොසිතූ නොපැතූ අවස්ථාවක හදිසි අසනීපයකින් මේ ව්‍යාපාරිකයා මිය ගියේය. කැමති දේ කෙරෙහි (ආශාව) ඇලීම හා අකැමැති දේ කෙරෙහි ඇති (අමනාපය) ගැටීම නිසා අවසන් මොහොතේ මතු වූ සිතුවිල්ලක් හේතුකොට ගෙන ඔහු සිය ගේ දොර වස්තු සම්පත් හා අඹු දරුවන් හැර නොගියේය. එහි ම උපන්නේ ය.

කලක් ගත වන විට නිවසේ යම් යම් ශබ්ද ඇසෙන්නට වීය. ව්‍යාපාරවල දියුණුව ඇන හිටින්නට පටන් ගත්තේය. පවුලේ අය අතර මත ගැටුම් හා ලෙඩ දුක් වැළඳෙන්නට ද වීය. මේ වන විට ඔහුගේ ලොකු දුව යහපත් රැකියාවක යෙදුණු අතර ඇගේ ස්වාමියා ද කර්මය හා ඵලය විශ්වාස කරන්නෙක් වීය. ඔවුහු රහසිගතව ගුප්ත ශාස්ත‍්‍ර ක‍්‍රම මඟින් පිහිට සෙවූහ. පියා පේ‍්‍රතාත්මයක් ලබා ඇති බව ද, ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ අසල්වැසියකු ඊර්ෂ්‍යාව නිසා කළ වින බන්ධනයක් හේතුවෙන් ඔහු රෝගාතුරව මිය ගොස් ඇතැයි ද කියැවිණි.

“අපේ තාත්තා අපට හොඳින් ඉගැන්නුවා. ඒ නිසයි අපි අද රස්සාවල් කැරගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා තොවිල් පවිල් කොට තාත්තාගේ වර්තමාන ආත්ම භවයට හිංසා නොකොට, ඔහු යහපත් තැනකට පත් කරමු. ඒක අපේ පරම යුතුකම විය යුතු” යැයි ලොකු දුව සිය සැමියා සමඟ සාකච්ඡා කොට ඒ අදහස මවට ද සහෝදර සහෝදරියන්ට ද ඒත්තු ගන් වන්නට සමත් වූවාය. යන්ත‍්‍ර මන්ත‍්‍ර බලි තොවිල් කරුවන් ලවා ඒ භූතාත්මය පලවා හරින්නට නොව මේ නිවස තුළ පවුලේ සියලු දෙනා ම සීලයක පිහිටා තෙරුවන් ගුණය හා තෙරුවන් ගුණ බල පිහිටුවන ලද පිරිත් සූත‍්‍ර සජ්ඣායනා කරමින්, භාවනාවේ යෙදෙන්නට වූහ.

මේ වන විට නිවසේ ඇසට නොපෙනෙන කෙනෙකු ජීවත්වන බව නිවැසියන්ට ඇසෙන්නට හා දැනෙන්නට විය. තමන් පිටු පසින් යමකු ගමන් කරනා අඩි සද්දය ඇහෙන්නට වීය. රාති‍්‍රයේ තනිවම කුස්සියට හෝ නාන කාමරයට හෝ යෑමට පවා බියක් දැනෙන්නට වීය. මේ බෞද්ධ පිළිවෙත් ක‍්‍රමවත්ව සිදු කැරගෙන යන විට ඒවා අඩු වී ගියේය. ඔවුන් ගේ බිය ද පහව ගියේ ය.

තාත්තා දන් පින් කළ ද ආධ්‍යාත්මීය වශයෙන් භාවනාවක නොයෙදුණු බැවින් බිරිය හා දරුවෝ තමන් දන්නා තරමින් මෛතී‍්‍ර භාවනාවේ යෙදෙන්නට වූහ. “මේ නිවසේ සිටින්නා වූ සියලු සත්ත්වයෝ” යැයි ද “මේ ඉඩමේ සිටින්නා වූ සියලු සත්ත්වයෝ” යැයි ද එම මෛතී‍්‍ර සිතුවිලි පතුරන්නට වූහ. එසේ ම භාවනා කරන යෝගීන් ගේ හා භාවනා මධ්‍යස්ථානයක යහපත පිණිස තමන් ගේ ධනය හා පියා ගේ ධනය දායක කරන්නට ඉටා ගත්හ.

පියා මිය ගියේ වයස අවුරුදු පනහක් පමණ වූ මධ්‍යම වයසේ දී ය. පියා විසින් පියා ගේ මව හා පියා (මේ දරුවන් ගේ ආච්චි සීයා) වයස් ගත වූ විට ඒ දෙදෙනාට ආදරයෙන් සැලකූ සාත්තු සප්පායම් කළ ආකාරය මේ මව සහ දරුවෝ නිතර සාකච්ඡා කළහ.

“අපේ තාත්තා එයා ගේ අම්මාටත් තාත්තාටත් කොයි තරම් ආදරයෙන් කරුණාවෙන් සැලකුවා ද? අපේ තාත්තා වයස් ගත වෙන්නට පෙර මිය ගිය ඬසා අපට ඒ සැලකිලි එසේ කරන්නට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා අපි අද මේ තත්ත්වයේ ජීවත්වන්නේ තාත්තා උත්සාහයෙන් හරි හම්බ කළ ධනයෙන්. ඒ කෘත ගුණය අපෙන් ඉටුවෙන්න ඕනෑ. තාත්තා එයා ගේ මව් පිය දෙදෙනාට හොඳින් සැලකූ නිසයි අපටත් තාත්තා මිය ගියත් පින් අනුමෝදන් කරන්න හිත් පහළ වෙන්නේ. අපි එහෙම කරන එක අපේ දුවා දරුවන්ටත් ආදර්ශයක් වේවි” යි ලොකු දුව නිතර පැවසුවාය. කෑම මේසයේදීත් පින් දහම් කරන විටත් තම බාල සහෝදර සහෝදරියන් ඉදිරියේ කීවා ය.

මෙසේ ගුණ ගායනා කරනවාට, තමන් ජීවත්ව සිටිය දී සිදු කළ පුණ්‍ය කි‍්‍රයා පිළිබඳ, කතා කරන විට ඒවා අහන්නට අමනුෂ්‍යයෝ කැමතිය. එවිට ඔවුන්ගේ සිත් පහන් වෙයි. පළි ගැනීමේ චේතනාවෙන් වෛරයෙන් සිටින අමනුෂ්‍යයන් හැර අනිකුත් බොහෝ අමනුෂ්‍යයෝ මිහිරි ස්වරවලට, මිහිරි වදන්වලට මිහිරි අර්ථයට සුවඳට මිනිසා කැමති සේම දෙවියෝ ද කැමති ය. සමහර යක්ෂයෝ ද කැමති ය.

දිනක් බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ඒ අසල වෘක්ෂයකට අධිගෘහිතව විසූ යක්ෂණියක් ඒ ධර්මය ශ‍්‍රවණය කරමින් සිටියා ය. ඇය ඒ බණ ඇසුවේ සිය දරුවා නළවමිනි. දරුවා හඬන විට “හා හා පුතා අඬන්න එපා. අර බුදු හාමුදුරුවෝ බණ කියනවා. පුතා අඬන්න එපා” යැයි කී අවස්ථාවක් සංයුක්ත නිකායේ යක්ෂ සංයුක්තයේ සඳහන් වෙයි. සමහර අමනුෂ්‍යයෝ ද ධර්ම ශ‍්‍රවණයට හා මිහිරි වදන්වලට කැමති බව මෙයින් පැහැදිලි වෙයි.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ද කැමැත්තක් දක්වන්නේ ද අනුන්ගේ දොස් දැකීමට ම ය. කොයි තරම් යහපත් දේ කළත් එක අඩුපාඩුවක් දොසක් වේ නම් එය ම තෙපළති. අතීතයේ මෑතක් වන තුරු ම කෙනකු මිය ගිය විට අවසන් කටයුතු කරන අවස්ථාවේ ආගමික වතාවත් වලින් පසු ඔහු ගේ හෝ ඇගේ ගුණ වර්ණනා කළහ.

එයින් සිදු වූයේ ඒ පුද්ගලයා ඒ වන විට ස්ථිර භවයක උපතක් නොලබා මනෝකායික ගන්ධබ්බ අවස්ථාවක හෝ එතැනට පැමිණිය හැකි, දැකිය හැකි හෝ දිව්‍යාත්මයක හෝ වෙනත් අමනුස්ස ආත්ම භවයක හෝ සිටියහොත් ඔහුගේ හෝ ඇගේ සිත ප‍්‍රසන්න වේ.

ඔහුට හෝ ඇයට අමතකව තිබු ඔහු අතින් සිදු වූ කුසල කර්ම, පුණ්‍ය කි‍්‍රයා සිහියට නගා ගත හැකි වෙයි. තමන් කළ යහපත් කි‍්‍රයා එසේ සිහිපත් වූ සැනින් ස්වකීය ආත්ම භවය උසස් තත්ත්වයකට පත්වීමට ද බොහෝ ඉඩකඩ ඇත. අපේ පැරැන්නෝ එවැනි මනෝ විද්‍යාත්මක අවබෝධයකින් සමාජ චාරිත‍්‍ර වාරිත‍්‍ර ගොඩ නගා ගෙන තිබුණි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා අවමංගල උත්සවවලදී

“ඔය බොරු පම්පෝරිවලින් වැඩක් නෑ. පිළිගැනීමේ කතාවයි ස්තුති කතාවයි තිබුණා ම ඇතැ”යි කියා ගුණානුස්මරණ – ගුණය සිහිපත් කරන කතාවලට අවස්ථාවක් නොදෙයි.

“ඔය මිනිහා ජීවත්ව ඉන්නකම්ම බිව්වා. අහවල් අහවල් දේ කළා” යි කියමින් ඔහු කළ යහපත් දේ සිහිපත් කිරීම වළකාලයි. ඒ අනුන්ගේ ගුණ කියනවාට අකැමැති අනුන්ගේ දොස් ම දකින කුහකයින්ගේ හැටියකි. කෙනකු අතින් වරදක් සිදුවුවද ඔහු අතින් සිදු වූ බොහෝ යහපත් දේ යටපත් කැර දැමීම අකුසලයකි. කුහක කමකි. මිය ගිය පුද්ගලයාට සිදු කරන අසාධාරණයකි.

අප කලින් සඳහන් කළ කතාවේ නුවණැති දියණිය සිය පියාණන්ගේ ආත්ම භවය උසස් තත්ත්වයකට පත්කිරීමට පියවර ගත්තාය. එසේ තෙරුවන් වන්දනාවෙන් ඇතිකැරගත් සද්ධාවන්, සීල සමාදානයෙන් පිහිටුවාගත් ආත්ම ශක්තියත්, සූත‍්‍ර ධර්ම සජ්ඣායනයෙන් කළ විශ්ව ශක්තියට තෙරුවන් ගුණ හා සද්ධර්මය තුළින් සත්‍ය කි‍්‍රයා කිරීමත්, භාවනාවෙන් සිදු කැරගත් චිත්ත ශක්ති වර්ධනයත් නිසා සියලු කරදර තුනී කැර ගත්තා ය. පියා ගේ ආත්ම භවය ද යහපත් තැනකට පත් කළා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: