Posted by: lrrp | March 21, 2009

එලොව ගිහින් මෙලොව විත් යළි එලොවට ම ගිය සුනිල්

ඈත අතීතයේ මිනිසා ඉතා ම සරල වූ දිවි පැවැත්මකින් සතුටු වූයේ ය. සැහැල්ලු ජීවිතය මනසට සුවයක් ලබා දුන්නේ ය. ආධ්‍යාත්මීය වශයෙන් සිත දියුණු කොට ඒ ‘සැපය’ වින්දනය කළේ ය.

භාරතීය හින්දු සමාජයේ යෝග කර්මවලට නැඹුරු වූවෝ ළමා වියේ විද්‍යා ශාස්ත‍්‍ර හදාරා තරුණ වියේ රැකියාවල යෙදී විවාහ වී පරපුර ගෙන යෑම සඳහා දරුවන් බිහි කොට සන්නාසි ජීවිතයට එළැඹුණාහ. ලෞකික සියලු සැප සම්පත් අතහැර පැන් කෙණ්ඩියක් සැරයටියක් රැගෙන නිවසින් පිටවන්නේ ආධ්‍යාත්මීය සුවය සොයා ගෙන ය.

කාර්මික විප්ලවයෙන් පසු යන්ත‍්‍ර සූත‍්‍රවලට ජීවිතය පැවරූ බටහිර ජනයා එයින් ලද ලාබයෙන් සතුටු වූහ. තව තවත් ලාභය සඳහා ම හඹා යන්නට වූහ. ආධ්‍යාත්මික චින්තනයට වඩා ලෝහමය යාන්ති‍්‍රක දියුණුව භෞතික සම්පත් ලබා දුන්නේ ය.

යාන්ති‍්‍රක පැත්තට නතු වූ මිනිසා ආධ්‍යාත්මික චින්තනයේ යෙදෙන්නන් අඩු සැප පහසුකම් ඇති, සැප විඳින්නට අකැමැති අහිංසක බැරි පිරිසක් ලෙස සිතන්නට පුරුදු වූහ.

එහෙත් විසි වැනි සියවසෙන් පසු ඉලෙක්ටෙ‍්‍ර¤න තාක්ෂණය භාවිතා කරන්නට පුරුදු වීමෙන් මිනිස් චින්තනයට අලුත් අලුත් දේ හසු වෙන්නට වීය. ඇද හීම් වලට මුල් තැන දුන් ආගම්වාදීන්ගේ සමාජවල පවා මේ ගැන නොසිතා සිටින්නට නොහැකි තත්ත්වයක් උදා විය. මිනිසා ගේ සිරුරෙන් විශ්වයට (අවකාශයට) සම්පෙ‍්‍ර්ෂණය වන කිරණක් ඉලෙක්ටෙ‍්‍ර¤නික ඡායාරූපවල සටහන් වීය.

මේවා බුද්ධිමතුනගේ සැලකිල්ලට යොමු විණි. මේ කිරණ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ලෙසින් නිකුත් වන බව ද පැහැදිලි වීය. ඊට හේතුව සොයන්නට පෙළඹුණු බුද්ධිමත්හු ‘අධ්‍යාත්මීය දියුණුව‘ පිළිබඳ සිතන්නට ද පෙළඹුණහ. ආගමික තර්ජන ගර්ජන විරෝධතා එළඹුණි ද බුද්ධිමතුන්ගේ සිත් එයින් නතර කළ නොහැකි විය.

අවකාශයේ හැසිරෙන භූතාත්ම වල ඡායාරූප පවා ඔවුන්ගේ කැමරාවල සටහන් වීය. ඈත අතීතයේ ආධ්‍යාත්මික චින්තකයන් දැන ගෙන පවසා තිබූ දේ අනාදිමත් කාලයේ සිට මිනිස් ව්‍යවහාරයෙන්, පැවත ආ පිළිගැනීම්, සිතුම් පැතුම්, හා අද්භූත දේ නූතන විද්‍යා ඇසට සුළු වශයෙන් හෝ යොමු වන්නට පටන් ගත්තේ ය.

මෙතෙක් කල් මිත්‍යා විශ්වාස ලෙස බැහැර කළ, ඛ්ැඳින්වූ, උපහාසයට ලක් කළ දේවල එසේ බැහැර කළ නොහැකි යමක් ඇතැයි සිතූ බුද්ධිමත් හු ඒ දෙසට යොමු වූහ.

බටහිර රටවල් විද්‍යා විෂයයන් හදාරා සිය රටවලට පැමිණි උගතුන් මෙතෙක් කල් පැවසුවේ ද මේවා මිත්‍යා විශ්වාස ලෙස ය. එලොවක් පරලොවක් නැති “එදා වේල සංකල්පිතයෝ” දැනුදු නැතුවා නොවේ.

එහෙත් එවැනි බොහෝ අය තමන් ගේ නූතන ආකල්ප මත තමන් පැතූ ලෞකික මනෝ ලෝකය ජය ගන්නට බැරි වූ තැන තරුණ ජවය සිඳී නිය දත් හැළෙන්න වූ විට ඔවුන්ගේ මනස ද සිය මුතුන් මිත්තන් පැවසූ දෙයට යොමු කරන්නාට පෙළඹෙති.

මිනිස් ඇසට නොපෙනෙන ලෝකය පිළිබඳ ලියැවුණු පොත් යුරෝපයේ හා ඇමරිකාවේ ඉතා ඉක්මනින් අලෙවි වන ප‍්‍රවණතාවක් පසුගිය දසක තුනක කාලයේ පටන් ගොඩනැඟී ඇත.

ශ‍්‍රී ලංකාවේ ද එසේ ම ය. ඉතා කුඩා අනුවකින් බිහිවන මිනිසා එකකුට එකෙක් වෙනස් වන්නේ කෙසේ ද? එසේ උපදින්නේ කෙසේද? ඒ විවිධාකාර වූ ගති ඇති කැරවන්නේ කුමන ශක්තියකින් ද? මෙසේ ඉපදී ජීවත් වන්නේ කුමකට ද? ඇසට පෙනෙන තිරිසන් සතකු වී නොඉපිද මෙවැනි වටිනා මිනිස් ජීවිතයක් ලැබුවේ කුමකට ද? කා බී තමා ගත කරන ජීවිතයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද? මරණයෙන් මතු ලබන ඊළඟ ජීවිතයන් (ආත්මයන්) මරණයත් අතර, ඇති සම්බන්ධය කුමක්ද? ආදී ප‍්‍රශ්න ඈත අතීතයේ සිට ම මිනිසා විසින් කල්පනා නොකරන ලද්දේ නොවේ. මිනිසා එක ම අච්චුවක රඳවා තබන්නට, කාටවත් නොහැකි වූයේ මේ සොබා දහම නිසා ය. අධිරාජ්‍යවාදීනට ද එසේ ම ය.

මිනිසා ගේ පියවි ඇසට නොපෙනුණ ද මේ අවකාශයේ සියුම් ශරීර ඇති සත්ත්ව කොටස් සිටිනා බව දැන් පැහැදිලි වී හමාර ය. කවුරුත් පිළිගත්තත්, පිළිනොගත්තත් එවැනි සත්ත්ව කොට්ඨාස සිටින බව කැමරා කාචවල සටහන් වී හමාර ය.

“පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන කොටස් පහේම සියුම් අවස්ථාව තන්මාත‍්‍ර ලෙස හඳුන්වන බවත් ඒවායේ අපට නොපෙනෙන සියුම් ද්‍රව්‍යවලින් භූතයින්ගේ රූප හැදී ඇති බවත් ‘බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ පැවසූහ.

අපට නොපෙනෙන ලෝකය පිටු අංක 27 – 28 හා මනෝකායයම) තන්මාත‍්‍රතා යන වචනයෙන් මහා නාහිමියන් ඉදිරිපත් කැර ඇති කාරණය ඉතා වැදගත් සියුම් කරුණකි. මෙය පාඨකයන් කී දෙනෙකු අගය කරන්නට ඇත් දැයි කිව නොහැකි ය. එය අගය කිරීමට හොඳින් වටහා ගත යුතු ය. මෙම වචනය පවා අලුත් වචනයක් වන හෙයින් බොහෝ දෙනාට නොපැහැදිලිවන්නට ඇත.

නවීන විද්‍යාවේ විද්‍යුත් චුම්බක අංශ (Electro – Magnetic Partcles) නමින් මේ තත්ත්වය හඳුන්වා ඇතැ”යි බෙල්ලන ඤාණවිමල මහා නාහිමියෝ පවසති. (අපට නොපෙනෙන ලෝකය – පිටු අංක 15 හා මනෝකාය යම)

මිනිස් ශරීරයේ ඒ ශරීරයේ ස්වරූපය ම ඇති ඊට වඩා ඉතා සියුම් ශරීරයක් පවතී. සමහර විට කෙනකු තද නින්දේ පසුවන විට, සහ හදිසි අනතුරුවල දී තදබල පහරක් වැදුණු විට, සිහිසුන් වූ විට සැත්කම් සඳහා සිහි නැති කළ විට, මේ සියුම් ශරීරය සහ ශරීරයෙන් පිටතට නික්ම යයි. එසේ පිටතට ගොස් නැවත ආපසු පැමිණ සහ ශරීරයට ම ඇතුළු වේ.

ඒවා පර්යේෂණවලින් සනාථ වී ඇත. ධ්‍යාන ශක්ති වර්ධනය කළ යෝගීහු ද ස්වකීය සහ ශරීරයෙන් නික්ම බැහැරට ගොස් නැවත ආපසු ස්වකීය ශරීරයට පැමිණෙති. මෙය ති‍්‍රපිටක සාහිත්‍යයෙන් ද සනාථ වේ. චුල්ල පන්ථක හිමියන්ගේ කතාව ද එවැනි එකකකි. බුදු රජාණන් වහන්සේ ද මනෝමය කයෙන් බ‍්‍රහ්ම ලෝකයට වැඩම කළ බව ද සඳහන් වේ.

වර්තමානයේ ද මෙවැනි සිද්ධීන් ඉඳහිට අසන්නට ලැබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ මෙය අත්හදා බැලූ අවස්ථාවක් පිළිබඳව ද ප‍්‍රචලිත ය.

සරත් පද්මා සමඟ විවාහ වී මාසයකට වඩා නැත. ඔවුන් පදිංචි වී සිටි නිවසේ මේ දෙදෙනා හැරෙන්නට තවත් සිටියේ සරත් ගේ මෑණියන් පමණි. පද්මාගේ සමීප ඥාතියකු ගේ මංගල උත්සවයකට සහභාගි වීමට මේ දෙදෙනාට ද ඇරියුම් ලැබී තිබිණි. එදින රැකියාවට ගොස් ඉක්මනින් ආපසු ගෙදර එන බවට සරත් පොරොන්දු වී නිවසින් පිටත් වූයේ හැන්දෑවට මගුල් ගෙදර යෑමේ බලාපොරොත්තුවෙනි.

එදා සවස රැකියා ස්ථානයෙන් පිටත් වී යතුරු පැදියෙන් ආපසු නිවස බලා වැඩි දුරක් එන්නට සරත්ට ඉඩ ලැබුණේ නැත. ඒ යතුරු පැදියේ යාන්ති‍්‍රක දෝෂයක් නිසා ය. යතුරු පැදි අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් එය සාදවා ගැනීමට පැයක් පමණ පමා විය. සරත් ගෙදර එන්නට පිටත් වීය. වෙනදාට වඩා වේගයෙන් යතුරු පැදිය ධාවනය කරන්නට වූයේ ය.

අඳුරත් වැසි පොදත් ඔහුට තවත් බාධා කරන්නට වීය. පාරේ වංගුවක දී ඉදිරි පසින් වේගයෙන් ආ ලොරි රථයක විදුලි ලාම්පු එළියෙන් සරත් ගේ දෑස් නිලංකාර වී ගියේ ය.

කෙසේ නමුත් සරත් ඒ සැණින් ම ගෙදර ආවේය. පද්මා නිවසේ ප‍්‍රධාන උළුවස්සට හේත්තු වී මඟ බලා සිටියා ය. සරත් පැමිණි බවක් ඇය ගණන් ගත්තේ නැත. යතුරු පැදියේ ආබාධය නිසා මෙසේ පමා වූ බව සරත් පැවසුව ද පද්මා එය නෑසුණා සේ සිටියාය. සරත් ගේ අම්මා ද එතැනට පැමිණියා ය.

“බලන්න අම්මේ! බයික් එක කැඩිලා පොඩ්ඩක් පරක්කු වුණා. මෙයා තරහා වෙලා” යි සරත් අම්මාට පැමිණිළි කළා ය. අම්මා ද ඔහුගේ වචන ගණන් ගත් බවක් පෙනුණේ නැත.

“ඒ ගමන හරියන්නේ නෑ අම්මේ. මං ඇඳුම් ලිහා දමනවා” යැයි පද්මා අමනාපයෙන් මෙන් කාමරයට ගියා ය. ඇය පසු පසින් ගිය සරත්

“යං යං පරක්කු වුණේ නෑ” යි පද්මා ගේ උරහිසින් අල්ලා කීව ද ඇය ඇඳුම්” ලිහා දමා ගවුමක් ඇඳ ගත්තාය. ඒ සමඟ ම යතුරු පැදියක් පැමිණ ඔවුන්ගේ නිවස ඉදිරිපිට නතර කරන්නට යෙදුණි. පද්මා ඒ දෙසට දිව ගියා ය.

ඒ යතුරු පැදියෙන් පැමිණියේ සුනිල් ය. ඔහු සරත් ගේ ද සමීප මිතුරෙකි. සරත් එතැනට යන විට ඔහු පද්මාට යමක් පවසමින් සිටියා ය. පද්මා වහාම සුනිල් ගේ යතුරු පැදියට නැග්ගා ය.

සරත් ගේ අඅම්මා ‘අහෝ දෙයියනේ’ යි හිස අත් ගසාගෙන බිම හිඳ ගත්තා ය. තම බිරිඳ මේ රාති‍්‍රයේ සුනිල් සමඟ කොහේ යනවාදැයි නොදත් සරත් ද ඒ යතුරු පැදියේ ම පිටුපසින් හිඳ ගත්තේ ය. සරත් පද්මා ගේ බඳ වටා දෑත් යවා අල්ලා ගත්තත් පද්මා ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත.

සුනිල් ගේ යතුරු පැදිය ගමන් කළ මාවතේ වංගුව අසල නතර කළේ ය. ඒ වනවිට එතැනට පොලිසියෙන් පැමිණ සිටියේ ය. සරත්ගේ යතුරු පැදිය පාරෙන් ඉවතට විසි වී තිබුණි.

“ඉන්ස්පෙක්ටර්, මේ තමයි සරත් ගේ වයිෆ්’ යැයි සුනිල් පොලිස් නිලධාරියා ඇමතුවේ ය.

“ආ… එහෙම ද? අපි මේ වැඩේ කරගෙන එන්නම්. ඔය ගොල්ලෝ ඉස්පිරිතාලෙට යන්නැ” යි පොලිස් නිලධාරියා කීවේය.

සුනිල් යතුරු පැදිය නැවත පණ ගැන්වීය. සරත් ගේ හිස අවුල් වූ ගතියක් දැනිණි. පද්මා යතුරු පැදියට නැංගාය. සරත් ද ඇය අනුකරණය කළේ ය. විනාඩි කීපයකින් ඔවුහු රෝහල කරා ගියහ. සරත්ට සියල්ල මහා අවුලකි. ඒ වන විට සරත් ගේ අක්කා ද රෝහලට පැමිණ සිටියා ය.

“අනේ නංගියේ මගෙ මල්ලිට මොකද? මේ වුණේ” යි ඇය පද්මා බදා ගත්තා ය.

“කෝ කෝ දැන් සරත්?” යැයි පද්මා ඇගෙන් ඇසුවා ය.

“දැන් තියටර් එකට ගත්තා” යි අක්කා පැවසුවා ය.

ශල්‍යාගාරයේ දොර වසා ඇත. පද්මා අක්කා බදාගෙන ඉකි බිඳී, සරත් වහාම ශල්‍යාගාරය තුළට ගියේ ය. “දෙයියනේ! මේ මම ම නේදැ” යි සරත්ට කියවිණි. සරත් ගේ සිරුර සැත්කමකට භාජනය කරමින් තිබුණි. වෛද්‍යවරු ලහි ලහියේ ඒ කටයුතුවල යෙදී සිටියහ.

සරත්ට තමා අහසේ පාවෙමින් සිටින බව වැටහී ගියේ ය. ඔහු තම සිරුර තුළට රිංගා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. ප‍්‍රතික්ෂේප වීමක් සේ හැඟුණි. සරත් යළිත් පද්මා සිටි තැනට ආවේය. ඒ වනවිට සරත්ගේ තවත් මිතුරන් කීප දෙනෙක් එතැනට පැමිණ සිටියහ.

“මචං වැස්සට පාර තෙමිලා. ඉස්සරහින් ලොරිය ආවා. සරත් බ්රේක් කළා. බයික් එක ලිස්සලා ගිහින් ලොරියේ හැපිලා වීසි වෙලා තියෙනවා. මම සරත් ඉස්පිරිතාලෙට බාර දීලා පද්මා නංගි එක්ක ගෙන එන්න ගියා. පපුවමයි ඩැමේජ්. මගේ දිහා බලලා පද්මා… පද්මා… කීවා. ඊට පස්සේ කතා කළේ නැතැ”යි සුනිල් සිද්ධිය විස්තර කරනු සරත් අහසේ පාවෙමින් අසා සිටියේ ය.

පද්මාගේත් අක්කාගේත් හැඬීම් වැළපීම් සරත්ගේ සියුම් සිතට දරා ගන්නට නොහැකි වේදනාවක් ගෙන දුන්නේ ය. එය දරා ගත නොහැකි වූ සරත්ට අම්මා සිහිපත් වූයේ ය. ඒ සැණින් සරත් නිවසට ගොස් අම්මා සිටි තැනට ගියේ ය. අම්මා ද හඬා වැළපෙමින් සිටි අතර අසල් වැසි නෑ හිතවතුන් කීප දෙනෙක් ද එහි පැමිණ සිටියහ. තමා අහසේ පාවෙන මේ ස්වභාවය මීට පෙර පොත පතින් කියවා ඇති ‘මනෝමය කාය’ නොවේ දැයි සරත්ට සිතුණි.

ඒ සමඟ ම නැවත සරත් රෝහලට ඉබේම ඇදී ගියේ ය. ඔහුගේ සිරුර ඒ වනවිට වාට්ටුවක ඇඳක් මත සතපා තිබුණි. රෝහලේ ලෙඩුන් බලන වේලාව අවසන් වී අති නිසා පද්මාත්, අක්කාත්, අනිකුත් හිතවතුනුත් පිට වී ගිය අතර සුනිල් සරත් ගේ සිරුර අසල නතර වීය. රාති‍්‍ර 11 ට පමණ මෙතෙක් අහසේ පාවෙමින් සිටි සරත් සිය සිරුර තුළට ඇදී ගියේ ය. එය උරා ගැනීමක් සේ ඔහුට දැනිණි.

“වතුර… වතුර…” සරත් පිපාසයෙන් වතුර ඉල්ලුවේ ය. “මචං දැන් ම වතුර බොන්න හොඳ නෑ” යි කියූ සුනිල් පුළුන් ටිකක් වතුරෙන් පොඟවා සරත් ගේ දෙතොල් තෙමුවේ ය.

සරත් දෑස් හැර බැලුවේය. වාට්ටුවේ රෝගීන් තද නින්දේ ය. ඉඳ හිට රෝගියකු වේදනාවෙන් කෙඳිරි ගාන හැඬ නොවේ නම් මුළු වාට්ටුවම පාළු ය.

“හරිම වේදනාවයි මචං” සරත් කෙඳිරි ගෑවේය.

“බයික් එක හැප්පුණාට පස්සේ උඹට දැනුයි සිහිය ආවේ. පද්මා නංගිත් අඬ අඬා ඉඳල පාන්දරින් එනවයි කියලා අක්කත් එක්ක ගෙදර ගියා” යි සුනිල් කෙටි විස්තරයක් කළේ ය.

“මචං මම ඒ හැම දෙයක් ම බලාගෙන හිටියේ” සරත් සිහින් හ¾ඩින් කීවේ ය.

“මොනවා” සුනිල් පුදුමයෙන් ඇසීය.

“ඔව් බං. එක්සිඩන්ට් එක වෙච්ච ගමන් මාව අහසට ඇදිලා ගියා. අහසේ පාවුණා. මම ඉක්මනින් ගෙදර ගියා. උඹ පද්මා එක්ක බයික් එකෙන් එනකොට මමත් උඹල එක්කම යි හොස්පිටල් එකට ආවෙත්. වෙච්ච හැම දෙයක් ම මම ඉහළ සිට බලාගෙන හිටියේ” යි සරත් සම්පූර්ණ විස්තරයම සුනිල් සමඟ කීවේ ය.

“සුනිල්”

“ඇයි මචං”

“මචං මම යනවා යන්න. උඹ මගේ පද්මාවයි අම්මාවයි බලා ගනිං. පද්මාට කියපං මං ගියා ය කියා… අම්….” යි සරත් නිහඬ වූයේ ය. ඇත්තටම නිහඬ වූයේ ය. සදහටම නිහඬ වූයේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: