Posted by: lrrp | March 22, 2009

රැක ගැනීමෙන් සුව ගෙන දෙන සිත

යත්‍ථකාම නිපාතිනං – කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමඟම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛේථ මේධාවී – නුවණැත්තා සිත රකින්නේය.

ඇන්නරුවේ රතනසිරි හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුදුද්දසං සුනිපුණං යත්‍ථකාම නිපාතිනං
චිත්තං රක්ෙඛීථ මේධාවී – චිත්තං ගුත්තං සුඛවහංන්තී

පින්වත්නි!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සසුන් බඹසරෙහි නොහැසිරුණු භික්ෂූනමක් උදෙසා මේ ගාථාව වදාළ සේක.

සැවැත් නුවර වාසය කළ එක්තරා සිටු පුත්‍රයෙක් තම හිතවත් ස්වාමීන් වහන්සේ නමක් වෙත ගොස් ස්වාමිනී! මම දුකින් මිදීමට කැමැතියි. ඒ දුකින්මිදීමේ ක්‍රමයක් මට කියන්න යැයි ඉල්ලා සිටියේය. ඔබ දුකින් මිදෙන්න කැමැතිනම් හැකිතාක් දන් දීමෙහි යෙදෙන්න. සිවුරු පිරිකර පිරිනමන්න. තමන්ගේ ධනය කොටස් තුනකට බෙදා එක් කොටසක් කර්මාන්ත සඳහා දියුණුවට ද එක් කොටසක් අඹුදරුවන් රැකීමට ද අනෙක බුදු සසුනෙහි දියුණුවට ද යොදවන්න.

භික්ෂුවගේ අවවාදය පිළිගෙන සියලු දේ සිදුකර නිමවා නැවත දවසක භික්ෂුව දැකීමට ගියේය. ස්වාමිනී! කියු කටයුතු සියල්ල නිම කළෙමි. දැන් කළයුත්තේ කුමක්දැයි විමසීය. පන්සිල් සමාදන් වී මැනවින් රකින්න යැයි භික්ෂුව අවවාද කළේය. උපාසකතුමා එයද ක්‍රියාවට නැංවීය. එය නිමකර භික්ෂුව වෙත ගොස් දැන් කළයුත්තේ කුමක්දැයි ඇසීය. දස සිල් රකින්න යැයි කීවේය. ඒ අවවාදය ඉටුකර දැන් කළ යුත්තේ කුමක්ද? ඇසීය. පැවිදි වන ලෙස කීවේය. උපාසකතුමා පැවිදි විය.

පැවිදි වීමේදී අභිධර්මික භික්ෂුවක් සහ විනයධර භික්ෂුවක් පිළිවෙලින් ඔහුට ආචාර්ය උපධ්‍යාය විය. උපසම්පදාව ලබා ඇති නවක භික්ෂුව ආචාර්යවරයන් ළඟට ගිය කළ අභිධර්මය ද උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිය කල විනය දහමද උගන්වයි. මේ ඉගෙනීම නවක භික්ෂුවට මහත් කරදරයක් සේ දැනිණි. විනය දහම් ඉගෙන ගැනීමේදී ‘බුදු සසුනෙහි’ පැවිදි වූවෝ විසින් මේ දේ කළ යුතුය. මේ දේ නොකළ යුතුය. මේ දේ කැපය. මේ දේ නොකැපය. යනුවෙන් ඉගෙන ගත් පසු නවක භික්ෂුව මා හිතුවා සේ නොවෙයි. විනය දහමට අනුව අත දිගු කිරීමට තරම්වත් ඉඩක් සසුනෙහි නැත. මේ විදියට නම් ගෙදර සිටම දුකින් මිදිය හැකිය.

උපැවිදි වී ගෙදර යාමට සිතා මොහු ඉගෙනිමද නතර කළේ ය. ශරීරය වැහැරී ගියේය. නහර ඉල්පුනේය. අලසකම වැඩුනේය. එක තැනටම වී සිටිනවා දුටු මේ භික්ෂුවගෙන් අනෙක් පැවිද්දෝ එකතැනටම වෙලා ශරීරය සුදුමැලි වෙලා පැහැය වෙනස් වෙලා ඊට හේතුව කුමක්ද? ඇසුවේය. එවිට සියලු කරුණු අනිකුත් ස්වාමීන් වහන්සේට මේ භික්ෂුව කීවේ ය. අනෙක් ස්වාමීන් වහන්සේ මේ බව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට දන්වා සිටියහ.

උන්වහන්සේලා මේ භික්ෂුව බුදුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගියහ. මහණෙනි, කුමක් සඳහා මෙහි ආවේද? බුදුන් වහන්සේ වදාළ විට මේ භික්ෂුව සසුනෙහි කලකිරී සිටින බව සැලකළහ. බුදුරජාණන් වහන්සේ සැබෑද මහණ! ඇසූවිට ‘එසේය’ යි පිළිතුරු දුන්නේය. කුමක් නිසා කළකිරුනේද? නැවත ඇසූවිට ‘ස්වාමිනී! මම දුකින් මිදෙනු කැමතිව පැවිදි වුනෙමි. මට ආචාර්යන් වහන්සේ අභිධර්මයත් උපාධ්‍යයන් වහන්සේ විනය දහමත් උගන්වනු ලබනවා. ඒවා ඉගෙන ගන්නා විට මට බුදු සසුනෙහි අත දිගු කිරීමටවත් ඉඩක් නැත යනුවෙන් සිතුනේය. ගිහි ගෙදර ද දුකින් මිදිය හැකි බැවින් උපැවිදි වී යාමට සිතුවෙමි යි කීවේය. එවිට බුදුන් වහන්සේ මහණ! තාගේ සිත රැකිය හැකිදැයි ඇසූහ. ‘එහෙයි ස්වාමිනි! යි ඔහු පිළිතුරු දුන්නේය. ඉන් අනතුරුව බුදුන් වහන්සේ ‘එසේනම්, තමන්ගේ සිත පමණක් රැකගැන්නැයි අවවාද කොට මේ ගාථා ධර්මය දේශනා කළ සේක.

සුදුද්දසං සුනිපුණං යත්‍ථකාමනිපාතිනං
චිත්තං රකේඛීථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහන්නතී

දැකීමට අපහසු වූ ඉතා සියුම් වූ කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ සිත, නුවණැති පුද්ගලයා රැක ගනී. සිත රැක ගැනීමෙන් සුවගෙන දේ.

සුදුද්දසං – මනාසේ දක්නට අපහසු වූ
සුනිපුණං – ඉතා සියුම් වූ

සිත අරූපී ධර්මයකි. ඇසට නොදැක්ක හැකිය. දුරගමන් කළ හැකි, හුදකලාව හැසිරෙන සිරුරක් නැති ගුහාවක් තුළ පවතින සිතේ. මෙම ගති ඇති බව පෙනේ.

යත්‍ථකාම නිපාතිනං – කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමගම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛීථ මේධාවී – නුවණැත්තා සිත රකින්නේය.

අපේ ඇස් දෙක ලස්සන රූප ඉල්ලනව. කන්දෙක මිහිරි ශබ්ද ඉල්ලනව. නාසය මිහිරි සුවඳ ඉල්ලනව. දිව මිහිරි රස ඉල්ලනවා. ශරීරය සියුම් ස්පර්ශ ඉල්ලනව.

මනස පි‍්‍රය කරන දේවල් ඉල්ලනව. අණුවනයෝ අර ඉන්ද්‍රියයන් ඉල්ලන දේ දෙන්න මහන්සි ගන්නවා. උත්සාහ කරනවා. නමුත් නුවණ ඇති අය එසේ නොකර සිත රැකගනු ලබනවා. සිතට වහල් නොවී කටයුතු කරනවා.

චිත්තං ගුත්තං සුඛාවහං- සිත රැක ගැනීමෙන් සුව ගෙනදේ. සිතට වුවමනා දේ නොව අපට අවශ්‍ය දේ කිරීමෙන් යහපත් සාරධර්ම සිදු කරන අයකු විය හැකි වේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: