Posted by: lrrp | June 15, 2009

සිත සනසන අල්පේච්ඡතාව

දැඹව පුරාණ විහාරාධිපති මාතලේ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
හේරත්ගම ශ්‍රී ධම්මාරාම නා හිමි

යම් භික්‍ෂූන් වහන්සේ නමක් භාවනාවට හිත ගත යොදා එළඹුණු සිහියෙන් කටයුතු කෙරේ ද, එය කෙලෙස් ප්‍රහාණය කිරීමට ශක්තියක් වේ. නිතර කතා කරමින් තමා උසස් තත්ත්වයක සිටින අයෙකු බවත්, පවසමින්, අනෙක් අය පහත් තත්ත්වයකට දමා නොයෙක් ප්‍රකාශ කෙරේ නම් එය ඉතා අශෝභන ක්‍රියාවකි.එයින් මිදී භාවනාවෙහි නිරත වෙමින් කටයුතු කරයිද, සිහිනුවණින් යුක්ත වේද, ඒ පැවිද්දා පැරණි ශ්‍රේෂ්ඨ ආය¸ වංශයෙකි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“චත්තාරෝ මෙ භික්ඛවෙ අරියවංසො අග්ගඤ්ඤ රත්තඤ්ඤ වසංඤ්ඤ, පොරාණා, අසංකිණ්ණා පුබ්බ න සංකීයන්ති න සංකීයිස්සන්ති අප්පති කුඨීට සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤුහි “ කතමෙ චත්තාරො?

අද වැනි පොහෝ දිනක මේ පින්වතුන් දහම් පොතක් කියවීම, බුදුසරණ වැනි දහම් පුවත් පත් කියවීම අගේ කළ යුතුයි. එම කියවීමෙන් තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට සුදුසු මාතෘකාවක් “අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම, එයට අවශ්‍ය ධර්ම කරුණු හතරක් අඩංගු වෙනවා.

මෙම ධර්ම කරුණු සඳහන් වන්නේ අංගුත්තර නිකායේ දෙවන භාගයේ, හතරවන නිපාතයට අයිති අරියවංස සූත්‍රයෙනි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන අවස්ථාවක භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසක් අරභයා මෙම අරියවංස ධර්ම දේශනය වදාළහ. භික්‍ෂූන් වහන්සේ උදෙසා ධර්මය දේශනා කළත් ගිහි පින්වතුන්ටද මාහැඟි ප්‍රයෝජනයක් ගත හැකිය.

“චත්තාරෝ මෙ භික්ඛවෙ අරියවංසො ….ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, මම ආරියවංශ හතරක් වදාරමි. මේවා ඈත අතීතයේ වැඩසිටි තණහංකර, මේධංකර , සරණංකර , දීපංකර ආදී බුදුරජාණන් වහන්සේලාගේ පටන් තුන් කාලයටම අයත් ආරියවංශ පරම්පරාවෙන් පැවත එන ධර්ම කරුණු හතරකි. කිසි විටෙක බැහැර කළ නොහැකි. බුදු, පසේබුදු, මහරහත් යන ආරිය උත්තමයන් වහන්සේලා මැනවින් ආරක්‍ෂා කරගෙන ආ ධර්ම කරුණු වේ.

01.සිවුරු පිරිකර ,ලද පමණින් පිළිගැනීම
02.ආහාර ලද පමණින් සතුටුවීම
03.ලද පමණින් සෙනසුනින් සැනසීම
04.නිතරම භාවනාවෙන් වැඩ වාසය කිරීම

සිවුරු පිරිකර ලැබුණු පමණින් පිළිගෙන පරිහරණය කිරීම පැවිදි ජීවිතයට ඉතාමත් සැනසිලි දායකය. බහු භාණ්ඩ නොවී අනුන්ට ලැබුණ – ලැබෙන දේවල් පිළිබඳ නොසිතා තමන්ට ලැබුණ පමණින් සතුටින් පිළිගැනීම ඉතා වැදගත්ය. තණ්හාවෙන් දුරස්ත වීම ආර්ය වංශ ගුණයයි.

භික්‍ෂූන්ට නුසුදුසු අනේසන ධර්මයෙහි ඇලී ගැලී වාසය කෙරේ නම් තණ්හාව මුල් කර ගැනීමකි. ලැබුණ ප්‍රමාණයෙන් සතුටු සිතින් පිළිගෙන පරිභෝග කරයි නම් ඒ භික්ෂුව අනේසන ධර්ම පිළිගන්නා උත්තමයෙකි. පෞරාණික වූ ශ්‍රේෂ්ඨ ආය¸ වංශ පුද්ගලයෙක් බව වදාළහ.

භික්‍ෂූත්වය රැක ගැනීමට විනය ශික්‍ෂා පද රාශියක්ම පනවා ඇත. එයින් එක් ශික්‍ෂා පදයක් නම් පිණ්ඩපාත දානය සතුටින් පිළිගැනීමයි. ලැබෙන ආහාරයක් සතුටින් පිළිගෙන වැළඳීම ලද පමණින් සතුටු වීම වේ. එහි රස නීරස සෙවීම භික්‍ෂුවකට යෝග්‍ය නොවේ. අන් අයට රස ආහාර ලැබුණා. මට නීරස ලැබුණා යැයි තණ්හාව හා ඊර්ෂ්‍යාව මුල් කරගෙන කරන නරක සිතිවිල්ලකි. පැවිද්දන් විසින් ඉවත් කළ යුතු මූලධර්මයෙකි.

සේනාසන යනු අව්ව, වැස්ස, පින්න, සුළං හා සර්පයන්ගෙන් ආරක්‍ෂා වී නිදහසේ බණ භාවනා කිරීමට සුදුසු ස්ථානයකි. ගස් මුල් බෙනද, ගල්ලෙන් , වන ලැහැබද , වාසයට යොදාගෙන ඇති අතර පිදුරු , තණකොළ , තළ කොළ ආදී වර්ග වලින් සදා ගත් ගෘහයන්ද වේ.

කෙසේ හෝ යම් භික්‍ෂූවක් කුමන තරාතිරමක සෙනසුනක් ලැබුණත් ලද පමණින් සතුටු වී ප්‍රයෝජන ගත යුතුය. උසස් සෙනසුන් නොලැබීමෙන් වේදනාවට පත් වේ නම් එය තණ්හාව නිසා මුලාවට පත් වීමකි. තමා මෙයට පෙර සැප පහසු ඇති ගෙවල්, මාලිගා ආදියෙහි වෙසෙමින් සැප සම්පත් විඳි බවත්, දැන් මෙම සෙනසුන්වල කුමන පහසුකමක් ඇත්දැයි නොයෙක් ලෙස මැසිවිලි කෙරේ නම් අනේසන ධර්මයන්ට පටහැනි වේ. ලැබුණ සෙනසුනකින් සතුටු වී එහි වූ සැප හෝ දුක මධ්‍යස්ථව විඳ දරාගෙන විමුක්තිය සලසා ගැනීම භික්‍ෂුවගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.

යම් භික්‍ෂූන් වහන්සේ නමක් භාවනාවට හිත ගත යොදා එළඹුණු සිහියෙන් කටයුතු කෙරේ ද, එය කෙලෙස් ප්‍රහාණය කිරීමට ශක්තියක් වේ. නිතර කතා කරමින් තමා උසස් තත්ත්වයක සිටින අයෙකු බවත්, පවසමින්, අනෙක් අය පහත් තත්ත්වයකට දමා නොයෙක් ප්‍රකාශ කෙරේ නම් එය ඉතා අශෝභන ක්‍රියාවකි. මදයෙන් හා මානයෙන් පිරුණු ලෞකික ජීවිතයට ආශා කරන පුද්ගලයෙකි. එයින් මිදී භාවනාවෙහි නිරත වෙමින් කටයුතු කරයිද, සිහිනුවණින් යුක්ත වේද, ඒ පැවිද්දා පැරණි ශ්‍රේෂ්ඨ ආය¸ වංශයෙකි. නිවන් මගට පැමිණීමට වාසනාවන්ත උත්තම පුරුෂයෙකි.

පින්වතුනි, මෙකී කරුණු කාරණා වඩ වඩා අවබෝධ කර ගෙන පැවිදි ජිවිතයක් ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීමට මේ ලැබූ මිනිස් ආත්මය ශක්තියක් කර ගනිත්වා. කෙළවර නිවන් මග පසක් කර ගැනීමට හැම දෙනාම උත්සුක වෙත්වා!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: