Posted by: lrrp | July 18, 2009

ලක්දිව ආදාහනෝත්සව පුරාණය

ඌරුගමුවේ අස්සජී හිමි

මෙ රට පුරාතන බෞද්ධ ජනයා ද ආදාහන උත්සවය ඉතා අලංකාරවත්ව සිදු කළ හ. භික්ෂූන් වහන්සේ නමක ගේ් මෘත දේහ භූම දානය කළ බවක් කිසි තැනක සඳහන් නො වේ. භික්ෂූන් වහන්සේ නමක ගේ අපවත් වීමෙන් පසු එම දේහය ආදාහනය කරවීම සිරිතක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. ආදාහනයෙන් පසු ඉතිරි වන ධාතු කොටස් ගෙන චෛත්‍ය බැඳීම සාම්ප්‍රදායික සිරිතකි. මෙ රට ගිහි පැවිදි ප්‍රධානීන් ගේ ආදාහනෝත්සව සකස් කරවූයේ පුරාතන උතුරු ඉන්දියානු ආර්යයන් ගේ ආදාහන ක්‍රම අනුව යැයි විශ්වාස කැරේ.

මළ මිනී දැවීම පුරාතනයේ පටන් ම පැවැති සිරිතකි. සක්විති රජවරුන් මියගිය පසු ආදාහන කර වූ බව ‘සබ්බ ගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති’ යනුවෙන් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ. එම ක්‍රමය අනුවම බුදුරදුන් ගේ ආදාහන පූජෝත්සවය සිදු කෙරිණි. එයම අනුගමනය කිරීමක් වශයෙන් රහතන් වහන්සේ පිරිනිවන් පෑ විටත් උත්සව ලීලාවෙන් ආදාහනය සිදු විණි. මෙය පශ්චාත් කාලීන අනෙක් භික්ෂූ පරපුර සඳහා ද එලෙසම යොදා ගැණින. ඇතැම්විට මෙම සිරිත මෙ රටට ආවේණික වූයේ, හින්දු චාරිත්‍ර ධර්ම සමග එක්වීම නිසා යැයි, කෙනෙකුට අනුමාන කළ හැකි ය. හින්දු භක්තිකයකු මියගිය විට ඔහු ආදාහනය කළයුතු බවත්, ඉන්පසු එම භෂ්මාවශේෂ පුණ්‍ය තීර්ථයක පා කර හැරිය යුතු බවත්, ආගමික නියමය යි. භෂ්මාවශේෂ ගංගා ජලයෙහි පා කර හැරීම වෙනුවට බෞද්ධ ආගමික චාරිත්‍රය වූයේ ඒවා තැන්පත් කොට සොහොන් කොත් බැඳීම යි.

මෙ රට පුරාතන බෞද්ධ ජනයා ද ආදාහන උත්සවය ඉතා අලංකාරවත්ව සිදු කළ හ. භික්ෂූන් වහන්සේ නමක ගේ් මෘත දේහයන් භූම දානය කළ බවක් කිසි තැනක සඳහන් නො වේ. භික්ෂූන් වහන්සේ නමක ගේ අපවත්වීමෙන් පසු එම දේහය ආදාහනය කරවීම සිරිතක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. ආදාහනයෙන් පසු ඉතිරිවන ධාතු කොටස් ගෙන චෛත්‍ය බැඳීම සාම්ප්‍රදායික සිරිතකි. මෙ රට ගිහි පැවිදි ප්‍රධානීන් ගේ් ආදාහනෝත්සව සකස් කරවූයේ පුරාතන උතුරු ඉන්දියානු ආර්යයන් ගේ් ආදාහන ක්‍රම අනුව යයි විශ්වාස කැරේ. සෑම ආදාහනයකදී ම පෙරහරක් පැවැත්වීම ද මෙ රට සිරිත යි. මිහිඳු මහරහතන් වහන්සේ ගේ ආදාහන කෘත්‍යය පුරාතන ලංකාවෙහි ඉතා උසස් ලෙස පැවැත් වූ ආදාහන උත්සවයකි. සෑගිරියේ දී පිරිනිවන් පෑ මිහිදු මහරහතන් වහන්සේගේ් ශ්‍රී දේශය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකරන ලද්දේ උත්තිය රජු විසිනි. එම ආදාහන උත්සවයේදී මහා විහාරය මෙන් ම මුළු අනුරාධපුර නගරයක්, අවට තුන් ගව්වක් මාර්ගත්, තොරණ බැඳීම, ධජ එසවීම, පුන් කළස් තැබීම හා සුදුවැලි ඉසීම ආදියෙන් අලංකාර කෙරිණි. ශ්‍රී දේහය සුවඳ තෙලින් පුරවන ලද රත්රන් දෙනක තැන්පත් කර රන්සිවි ගෙයක් මතින් මහා පූජා පෙරහරකින් සෑගිරියේ සිට අනුරාධපුර මහා විහාරයට ගෙන එන ලදී. මග දෙපස භට පිරිස් රඳවා ඔවුන්ගේ් ආචාරය ශ්‍රී දේහයට ලබා දුන්නේ ය. ශ්‍රී‍්‍ර ශරීරය සත් දිනක් තිස්සේ මහජන පුද සත්කාරය සඳහා වෙන්කර තැබිණ. මෙසේ පුද පූජා මධ්‍යයේ අනුරාධපුර ‘බද්ධ මාලක’ නම් ස්ථානයක සුවඳ දරින් ඉදිකළ දර සෑයක් තුළ ආදාහනය සිදු කෙරිණි. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනකු වෙනුවෙන් සිදු කළ ප්‍රථම ආදාහන පූජෝත්සවය මෙයයි.

විශේෂයෙන් ම රජවරුන් ගේ් මෘත ශරීරයන් ද ආදාහන කිරීමේ පුරුද්ද මේ නිසා ම ඇතිවූවකැ යි සිතිය හැකි ය. කාවන්තිස්ස මහරජු ගේ ආදාහන උත්සවය තිස්සමහාරාමයේ දී සිදු කෙරිණි. එයින් පසු ඉතා උසස් අන්දමින් සිදු කෙරුණු ආදාහනය නම් දුටුගැමුණු රජු ගේ ආදාහන උත්සවය යි. මෙම උත්සවය නිසා අනුරාධපුරයේ කිහිප ස්ථානයකට ම අලුත් නම් ලැබුණි. නාටක ස්ත්‍රීන් පැමිණ රජු ගේ මකුට ය ඉවත් කළ ස්ථානය ‘මකුට මුත්තසාලා’ නමින් ද මහජනයා විලාප කී තැන ‘රාවවට්ටසාලා’ නමින් ද රාජ ශරීරය ආදාහනය කළ ස්ථානය ‘රාජමාලක’ නමින් ද ප්‍රසිද්ධ විය. අනුරාධපුරයේ භික්ෂූන් වහන්සේ ආදාහනය කළ ස්ථානය ප්‍රසිද්ධ වූයේ ‘ආදාහන මළුව‘ නමිනි. මේ නිසා ම ‘ආලාහන පිරිවෙණ’ නමින් විහාරස්ථානයක් ද බිහි විය.

පස්වන ශත වර්ෂයේ දී ලංකාවේ භික්ෂූ ආදාහනයක් පිළිබඳ වටිනා කරුණු කිහිපයක් චීන ජාතික පාහියන් භික්ෂුව ගේ දේශාටන වාර්තාවෙන් හෙළිදරව් වෙයි. එවක වැඩවිසූ රහත් උතුමෙකැ යි සැලකුණු භික්ෂුවක ගේ ආදාහන උත්සවයක් පිළිබඳ එහි වෙසෙසින් විග්‍රහ කෙරෙයි. ආදාහනයේ දී පිළිපැදිය යුතු චාරිත්‍ර රජු විසින් ඉටුකරන ලද බවත්, ආදාහනය රාජ්‍ය ගෞරව සහිතවම සිදු වූ බවත්, එමගින් පැහැදිලි වෙයි. ආදාහන චිතකය අඩි 30 ක් පමණ දිගින් හා පළලින් යුක්ත වූ අතර එහි සඳුන් දේවදාර ආදී ලී අතුරන ලදී. මුළු චිතකයම වටිනා සුදු වස්ත්‍රවලින් වටකොට සකස් කෙරිණ. චිතකයකට නැගීමට සතර පැත්තෙන් පියගැට පේළි සතරක් තිබිණ. පටරෙදි තරම් සිනිඳු සුදු කපු පිළියෙන් මෘත දේහය වසා පැවතිණ. අවමඟුල් රියකට සමාන විශාල රිය මැස්සක් ද සාදා තිබිණ. එහෙත් එහි චීනයේ මෙන් නාගරූප හෝ මත්ස්‍ය රූප නො වී ය.

ඉක්බිතිව දෙණ සෑය මත තබා සෑය මතුයෙහි ගිතෙල්, වෙඬරු ආදී සුවඳ තෙල් වත්කොට ගිනි දැල්වී ය. සෑය ගිනිගත් විට අවට රැස් වූ ජනයා හොඳින් ගිනි ඇවිලීම පිණිස දුරින් සිට සැදැහැ සිතින් තම උතුරු සළු, කුඩ, විජිනිපත් හා ආභරණ සෑය මතට විසිකිරීමේ සිරිතක් ද විය. ආදාහනය අවසානයේදී ඔවුහු භෂ්මාවශේෂ එකතුකොට ඒවා නිදන් කර දැගැබක් බැන්දහ. මෙම ආදාහන පෙරහරෙහි රජු සහ රටවැසියා ගමන්ගත් අතර විශාල භික්ෂු පිරිසක් ආදාහන මළුවට රැස් වූ හ යි ද පාහියන් භික්ෂුව සඳහන් කරති.

05 වන සියවසේදී ලංකාවට පැමිණි පාහියන් භික්ෂුව කරන මෙම විස්තරයෙන් එවක මෙ රට පැවැති ඇතැම් සංස්කෘතික අංග පිළිබඳ පැහැදිලි විස්තරයක් දත හැකි ය. 15 වන සියවසේ සිදු වූ ආදාහන උත්සවයක් පිළිබඳ තොරතුරු ‘එළු අත්තනගලු වංසය’ තුළින් හෙළි වෙයි.

‘ස්වකීය රාජානුභාවය දක්වමින් ආදාහන භූමිය දේව ස්ථානයක් මෙන් සරසවා උදක් සඳුන් දරින්ම ඉතා උස් වූ දර සෑයක් බඳවා කසී සළු හා සමාන වූ මාහැඟි වස්ත්‍රයෙන් අඳවා පොරවා නොයෙක් රන්කම් කරන ලද ඇඳ යානාවකට ආරෝපණය කොට සඳුන් දර සෑය මත්තෙහි තබා ගිනි දල්වා එතැන්හිම සිට සිය ගණන් ගිතෙල් කල වත්කරවා ආදාහන පූජාව විශේෂ විහිතකොට කරවූයේ ය’

මෙහි විස්තර වන්නේ සිරිසගබෝ ආදාහන උත්සවය යි. මහාවංසය මේ ගැන යමක් සඳහන් කොට නොමැ ත. මෙම ආදාහන විස්තරය හුදෙක් එළු අත්තනගලු වංසයෙහි කතුවරයා ජීවත් වූ වකවානුවෙහි සිදුකළ ආදාහන උත්සවයක විස්තරයක් යැයි, විශ්වාස කිරීම වඩාත් උචිත ය. මෙ රට ඉතා පිරිහීමට පත් වී තිබුණු නුවර යුගයේ පවා ආදාහන උත්සව ඉතා උසස් අන්දමට සිදුකළ බව සංඝරාජ සාධු චරියාවෙහි එන සංඝරාජ ආදාහන විස්තරයෙන් පෙනේ.

‘නව මහල් ගිනි ගෙයි චන්දන දාරු ආදීන් බඳනා ලද දර සෑයෙහි මහෝත්සවයෙන් ඒ මෘත දේහය වඩා උභය විහාරවාසී මහා සඟ පිරිසට බොහෝ සේ පාංශුකූ®ල දෙමින් අවසානයෙහි නොයෙක් භේරිතූර්යාදීන් සහ ගසන ලද මිනී බෙර හඬින් ඒකඝෝෂා කෝළාහල පවත්වමින් ගිනි දල්වා ආදාහන කොට….’

මෙම කරුණු අනුව විමසා බැලීමේ දී පුරාතන යුගයේ පටන්ම ශ්‍රී ලාංකේය ජනතාව මහත් භක්තියකින් සිදුකරන ලද ආගමික උත්සවයක් ලෙස ආදාහන පූජෝත්සවය හඳුන්වා දිය හැකි ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: