Posted by: lrrp | October 21, 2009

රාග සිතින් බැල්ම හෙලා

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

තුණුරුවන කෙරෙහි ඉමහත් පැහැදීමකින් යුතු අඹුසැමි යුවළක් තම තුරුණු දියණිය ද සමඟ සැවැත් නුවර විසූහ. තුරුණු දියණියගේ විවා මඟුල පවත්වන දිනය ළඟා විය.

එදිනට පළමු ව බුදුරදුන්ට හා භික්ෂූන් වහන්සේ නිවසට කැඳවා දානයක් පිළිගැන්වීමට තිදෙනාට ම සිතක් පහළ විය. එය ක්‍රියාත්මක කිරීම අපහසු නොවී ය. මන්දයත් තිදෙනා ම එකසේ තුණුරුවන කෙරෙහි පැහැදී සිටිය බැවිනි.

විවා මඟුලේදීත්, අවමඟුලේදීත් … සඟනට දන් පිළිගැන්වීම පෙර සිට පැවත එන සිරිතකි. තම පවුලට එක්වන මනාලයාට ද එදින පැමිණීමට ඇරියුමක් ලැබිණි.

කෙසේ වෙතත් ඒ තරුණයා තම අනාගත බිරිඳ වන මේ මනාලිය මැනැවින් ඇසුරු කොට නොසිටියේ ය. එබැවින් මෙදින ඔහු තුළ ඇය දැක්මෙන් අමුතු පිබිදීමක් ඇතිවිය.

තම මනාලිය, දන් පිළිගන්වන අයුරු, කතාබහ කරන අයුරු හා වෙනත් ඉරියව්වලින් සිටින අයුරු දැක්මෙන් මනාලයාගේ රාග සිත කැලැඹෙන්නට පටන් ගත්තේ ය. තම අනාගත හිමිකාරියගේ මුහුණ, දෙතොල්, දත්, පියයුරු, අත් පා හා ඒවායේ හැඩරුව ඇස ගැටෙත් ම ඔහු තුළ රාග ගින්න කෙමෙන් වැඩෙන්නට පටන්ගත්තේ ය. රාග ගින්න කෙමෙන් බලවත් වූයේ ය. එහි රස පහස ලැබ ගැනුමේ ළොල් බවක් හටගත්තේ ය. ඒ හැඟුම් මැඩපවත්වා ගැනීමට ඔහුට නොහැකි විය.

බුදුන්වහන්සේට ඒ මනාලයාගේ ඉරියව් වටහා ගත හැකි විය. එබැවින් ඔහුට කිසියම් සෙතක් සලසන අටියෙන් මනාලිය ගේ තුළ සිටින සේ සැලසුහ. ඉන්පසුව කෙමෙන් මනාලයොගේ සිත උපන් රාග ගින්න මැඩ පැවැත්විණ. බුදුන් වහන්සේ හා පැමිණි භික්ෂූන් වහන්සේ දන් වළඳා අවසන් විය.

තැනට ඔබින පරිදි බුදුන් වහන්සේ බණක් දෙසූ සේක. එහිදී රාගයෙන් කැලැඹී තැවුලට පත් මනාලයාටත් ඔහුට නොපෙනෙන සේ හිඳීමට සලස්වන ලද

මනාලියටත් ජීවන ඔවදන් දී සියලු දෙනාට මෙසේ කීහ.

රාගය හා සමාන ගින්නක් නැත
කෝපය හා සමාන අපරාධයක් නැත
පංචස්කන්ධය සමාන දුක් කඳක් නැත
නිවනට වැඩි සුඛයක් නැත

නත්ථි රාග සමෝ අග්නි
නත්ථි දෝස සමෝ කල්
නත්ථි ඛන්ධ සමා දුක්ඛො
නත්ථි සන්ති පරං සුඛං

(සුඛ වග්ගය)

රාග සමෝ අග්නි – රාගය සමාන

ගින්නක්.

රාගය නම් කවරේද? පසිඳුරන්

මුල්කොටගෙන බිහිවන සිත හට ගැනෙන ඇල්මකි. එය සමාන කර ඇත්තේ දැවෙන සුළු ගින්නකට ය.

දෝස සමෝ කල් – කෝපය සමාන අපරාධයක් නොමැති බව හැඟවේ. කෝපය නිසා බොහෝ අපරාධ හට ගැනේ. කෝපයෙන් හටගැනෙන්නේ නොසන්සුන් බවකි. එමඟින් සියලු දරුණුකම් කුරිරුකම්වලට මුල පිරේ.

ඛන්ධසමා දුක්ඛා – පස්කඳු හෙවත් පංචස්කන්ධය හා සමාන දුකක් නොමැති බව කියැවේ. රෝග පීඩාවෙන් ජරාවට පත්වන දුක මෙතැකැයි කිව නොහැකි ය.

සන්තිපරං සුඛං – නිවනට වැඩි තරම් වූ සැපයක් තවත් නැත. ‘නිවන් සුව‘ යනු පරම සුවය යි. කෙලෙස් මුලසුන් කොට ලබන නිවන් සුව පරම සැපයකි.

මේ නිදාන කතාව යථාර්ථය ඉක්ම වූ මායා කතාවකැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන.

එහි කිසියම් අද්භූත භාවයක් ඇතැයි ද නිගමනය කරන්නට පුළුවන. එහෙත් හැබෑව නම් මේ කතාවේ යට තලය මඟින් ඇමතෙන්නේ කෙනෙකුගේ කැලඹුණු සිත ය. එබැවින් ඔබ කළ යුත්තේ මේ කතාව ආපසු කියැවීම ය.

මේ කතාව වෙනත් තැන්වල මීට වඩා වෙනස් විදිහකට ලියැවී තිබෙන්නට බැරි නැත.

එසේ ම මේ කතාව ඔබ පළමුවරට කියවන අවස්ථාව ද මෙය විය හැකි ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: