Posted by: lrrp | February 9, 2010

සමනල යනු අගසව්වන් වහන්සේලා වැඩ සිටි තැනයි

මේ සිරිපා වන්දනා සමයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය එහි පිහිටුවා ඇති බව සියලු බෞද්ධයන්ගේ පිළිගැනීමයි. එමෙන්ම ක්‍රිස්‌තු භක්‌තිකයන් ඔවුන්ගේ ආගමික නායකයාගේද, ඉස්‌ලාමීය භක්‌තිකයන් මහමත්තුමාගේ ද පැමිණීමෙන් ද සමන්ත කූඨය නොහොත් සමනල කන්ද ඔවුන්ගේ ද පූජනීය ස්‌ථානයක්‌ බවට පත් වූ බව කියති. මගේ ලිපියෙන් මා එළිදරව් කිරීමට බලාපොරොත්තු වන්නේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ හා මහමද්තුමා ලොව පහළ වීමට අවුරුදු දස ලක්‍ෂ ගණනකට පෙර බුදු වූ සියලුම බුදුවරයන් වහන්සේලාද සිරිලකට වැඩම කොට උන්වහන්සේලාගේ පාද ලාංඡන මෙරට පිහිටු වූ බවයි.

ඒ කෙසේද යත් මේ ලෝකය අනන්ත කල්ප විස්‌සක්‌ පවතින බවට විශ්වාස කෙරේ. කල්පයක්‌ යනු දෙවිබඹුන් ආදීන්ගෙන් පටන් ගෙන මනුෂ්‍යයන්ගේ පරම ආයුෂ අවුරුදු දහය වන විට එක්‌ අන්තඃකල්පයකි. මෙලොව සියක්‌ අවුරුදු එහි එක දවස” යන්නෙන් දෙව්ලොව ආයුෂ ගැන අපට උගන්වයි. මෙවැනි අන්තඃකල්ප අසූවක්‌ මහා කල්පයකි. මෙම කල්පය ගෙවුණ පසු මහා භද්‍රකල්පය උදා වේ. මහා භද්‍රකල්පයෙහි බුදුවරුන් පස්‌නමක්‌ ලොව පහළ වේ. භද්‍ර කල්පය කෘතයුගය, ත්‍රෙතායුගය, දවාපර යුගය, කලියුගය කියා යුග හතරකට බෙදේ.

යුග වර්ෂ ගණනය භරත කුල පඬියාර් නම් ඉතිහාසඥයා මෙසේ දක්‌වයි. එනම් දහසය ලක්‍ෂ විසිඅටදහසක්‌ අවුරුදු කෘත යුගයට දොළොස්‌ ලක්‍ෂ අනූහයදහසක්‌ අවුරුදු ත්‍රෙතායුගයට ද අට ලක්‍ෂ හැටහතර දහසක්‌ ද්වාපර යුගයට ද හාරලක්‍ෂ දෙතිස්‌ දහසක්‌ කලියුගයට ද අයත් වන බවයි. අප දැන් ඉන්නේ කලියුගයේ බව “ඕවා කලියුගයේදී වන දේවල්. කලියුගයේ ඔහොම තමා” ආදී ජන වහරෙනුත් ප්‍රකාශ වේ. ත්‍රෙතායුගයට දිව්‍ය වර්ෂ තුන්දාස්‌ හයසීයකි. මනුෂ්‍ය වර්ෂ දොළොස්‌ලක්‍ෂ අනූහයදහසකි. කකුසඳ බුදුන් වහන්සේ ලොව පහල වූයේ එම යුගයේදී ය. කකුසඳ බුදුන් වහන්සේ හතළිස්‌ දහසක්‌ රහත් භික්‍ෂුන් සමඟ සිරිලකට වැඩම කොට ඇත.

එකල සිරිලක හඳුන්වා ඇත්තේ ඔජදීප යනුවෙනි. එකල මෙහි රජ කළේ අභය නම් රජ කෙනෙකි. ඔහුගේ අගනගරය වූයේ අභය පුරයයි. එය නූතන කොළඹ කැලණිය අතර පිහිටා තිබිණි. අද අනුරාධපුර මහ මෙවුනා උයන මෙන් එදවස ප්‍රධාන උයන වුයේ මහාතිFථ උයනයි. මෙම උයනෙහි බුදුන් වහන්සේ පිටදුන් බෝධියෙහි දක්‍ෂිණ ශාඛාව රුචිනන්ද නම් මෙහෙණින් වහන්සේ අතින් රෝපණය කරන ලදී. එහි පිහිටුවා තිබූ ප්‍රථම චෛත්‍යය ධම්ම කාරක නම් විය. එහි නිදන් කොට ඇත්තේ කකුසඳ බුදුන් පැන් පානය කළ භාජනයයි. කකුසඳ බුදුන් වහන්සේගේ අගසව් වූ ෂඩ් අභිඥාලාභී මහාදේව ස්‌වාමීන් වහන්සේ මේ දිවයිනෙහි බුදු සසුන පිහිටුවා වදාළ සේක. කකුසඳ බුදුන් වහන්සේ හතලිස්‌ දහසක්‌ ශ්‍රාවක සංඝයා වහන්සේ සමඟ අහසින් වැඩ එකල ශ්‍රී පවන නම් වූ ශ්‍රමණකුඨ නම් පව්වෙහි සිය ශ්‍රී පාද පද්මය පිහිටුවා දඹදිවට ආපසු වැඩියේය. ඉන් පසුව තිස්‌ දහසක්‌ රහතුන් වහන්සේලා සමඟ මෙහි වැඩියේ කෝනාගම බුදුන් වහන්සේය.

එකල අප රට වරදීප නම් විය. එකල මෙහි රජ වූයේ සමීධ නම් රජුය. ඔහුගේ ප්‍රධාන නගරය වූයේ “වධ_මාන” නගරයයි. කෝනාගම බුදුන්ගේ පටීධාතුව නිදන් කොට මෙහි ඉදිකළ චෛත්‍යය කහඛාන් නම් විය. මහා සද්ධි සම්පන්නව නන්දා නම් තෙරණිය බුදුරජාණන් වහන්සේ පිට දුන් දිඹුල් බෝධියෙහි දක්‍ෂිණ ශාඛාව දඹදිවින් ගෙනැවිත් එවකට ප්‍රධාන උයන වූ මහානාම උයනෙහි රෝපණය කළාය. සුමන මහ තෙරුන් වහන්සේ මෙහි බුදු සසුන පිහිටුවාලීය. එදවස ශ්‍රීපාද කන්ද ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නලකුඨ පර්වතය නමින්ය. කෝනාගම බුදුන්ගේ සිරිපතුල එහි පිහිටුවා උන්වහන්සේ ආපසු දඹදිවට වැඩි සේක. තුන්වනුව ලොව පහල වූ කස්‌සප බුදුරජාණන් වහන්සේ විසි දහසක්‌ රහතුන් වහන්සේලා පිරිවරාගෙන මෙරටට වැඩියේය. එකල මෙරට මණ්‌ඩදීපය නම් විය. මෙහි ප්‍රධාන නගරය වූයේ විශාලා පුරයයි. ප්‍රධාන උද්‍යානය වූයේ සාගර උද්‍යානයයි. බුදුන් පිටදුන් නිග්‍රෝධ නම් බෝධියෙහි දක්‍ෂිණ ශාඛාව සාගර උද්‍යානයෙහි පිහිටුවා මෙරට මෙහෙණි සස්‌නද ආරම්භ කරන ලද්දේ ෂඩ්අභිඥාලාභි සුධම්මා රහත් මෙහෙණිය විසිනි. සබ්බ නන්ද මහ තෙරුන් වහන්සේ විසින් ඒ බුදුරජාණන්ගේ පැන් කෙන්ඩිය නිදන් කොට සෑයක්‌ කරවීමෙන් මෙහි බුදු සසුන ආරම්භ කළේය. බුදුන් වහන්සේ අරණ්‍ය සුඛ විහරණයෙන් එදා වැඩ සිටි පව්ව ශුභකඨ නම් විය. එය අදද ලෝකවාසී බෞද්ධයන්ගෙන් පුද පූජා ලබන සමන්ත කූඨ නොහොත් සමනල කන්දය.

හතරවන වතාවට මෙහි වැඩියේ ගෞතම බුදුරජාණන් වහන්සේයෙ. එම ගමන ගැන ඕනෑ තරම් කරුණු අපේ ඉතිහාසඥයන්, සාහිත්‍යධරයන් ධර්ම දේශකයන් වහන්සේලා ආදීන් නිතරම ප්‍රකාශ කරන බැවින් එම විස්‌තරය කවුරුත් දනී. අපේ රට ලංකා වූයේත්, හෙළ වූයේත් සිංහලෙ වූයේත් මෙම සමනල කන්ද නිසා ය. සියලු බුදුවරයන් ස්‌පර්ශ කළ හෙයින් මෙය ශ්‍රී පර්වත විය. හෙල යනු කන්දය. මෙම කන්ද මුහුදු ගමන් ගිය නැවියන්ට සුදු පාටින් දර්ශනය වන නිසාත් එය ශ්‍රී පර්වත යන්නෙන් අවුත් සිහෙල කියා ව්‍යවහාර විය. නූතන මුහුදු ගමන් වලදී ප්‍රයෝජනයට ගන්නා ලයිට්‌ හවුස්‌ වල මෙහෙය මුහුදු ගමන්වල යෙදුන නැවියන්ට ඉටු කළේ මේ සමනල කන්දය. පසුව මෙම සිහෙල මුල් කරගෙන අපේ දිවයින හෙලදිව විය. මෙය ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ නොවූ බව ප්‍රාණකෝෂණි නම් වේද ග්‍රන්ථයෙහිද, නරපති ජයවයH_d ග්‍රන්ථයෙහි ද සඳහන්ව ඇත.

එම පොත්වල මේ දිවයිනට කියන්නේ සිංහල, ලංකා ආදී නම්ය. මෙම පොත් විජය රජු ගොඩබැසීමට අවුරුදු දහස්‌ ගණනකට පෙර ලියා ඇත. ඉන්දියාව අපේ අභ්‍යන්තර රාජ්‍ය පාලනයට ඇඟිලි ගසන්නේ මේ කරුණු නොදන්නා බැවින්ද? අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පොත් සොයා බලා ඉන්දීය රජය දැනුවත් කළ යුතුය. ත්‍රස්‌තවාදී බෙදුම්වාදය මුලිනුපුටා දමා රට එක්‌සේසත් කළ මෙවැනි යුගයක මෙම ඓතිහාසික පුවත් පිළිබඳව රාජ්‍ය තන්ත්‍රික මට්‌ටමෙන් අවධානය යොමු විය යුතුය. මෙම පර්වතයට බුදුන් වැඩ සමවත් සුවෙන් ගත කළ නිසා සමනල කන්ද කියා ව්‍යවහාර විය. එදා සැරියුත් මුගලන් දෙනම සමවත් සුවෙන් වැඩ සිටි තැන “බෑණ සමනලයි” ශ්‍රමණ ගෞතම අපේ බුදුන්ට ප්‍රකට නාමයකි. ශ්‍රමණලය, සමණලය සමණල සුමණකුඨ, සමන්තකූඨ ආදී නම්වලින් අඟවන්නේ බුදුන්ගේ පාරිභෝගය ඇති වූ හෙයින් මෙය බුදුන්ගේ කන්ද බවයි. බෑණ සමණල යනුවෙන් හඳුන්වන්නේ අගසව්වන් වැඩ සිටි තැනය.

වෛද්‍ය ඩී. එම්. ඔබේසේකර මහතාගේ වාර්තා හා කුණ්‌ඩසාලේ විශ්‍රාමික ඒ. ඇම්. කේ. අබේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරෙනි.

එස්‌. බී. කරල්ලියද්ද


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: