Posted by: lrrp | June 7, 2010

බ්‍රසීලයේ ඇරිගෝගේ භූතාත්මය ලංකාවට ඇවිත්

අපට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට ගමන් බිමන් ඉතා පහසුය. සිතූ සැනින් තමන්ට අවශ්‍ය තැනට ගමන් කිරීමේ ශක්තිය භූත ලෝකයේ බොහෝදෙනෙකුට පිහිටා ඇත. මනසට දැඩිව අල්ලාගෙන සිටින පුද්ගලයන් හා වස්තු සම්පත් කෙරෙහි ආදරයෙන් හා ආශාවෙන් ද තරහ මරහ නිසා පළිගැනීමේ උවමනාවෙන් ද උපාදානා කොට ගෙන සිටින පුද්ගලයෝ මෙසේ භූත ලෝකයේ සැරි සරති.

මේ අතර ඇතැම් භූතාත්මවල ඉපදී සිටින භූතයෝ තමන්ගේ අවශ්‍යතා ඉටුකැර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අවස්ථාවන් ද වරින් වර අසන්නට ලැබේ. ලොව සිදුවන සියලු දේ භෞතික ඇසින් ම බලන්නට පුරුදු වී සිටින වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි සිද්ධීන් පිළිබඳ උඩින් පල්ලෙන් අත ගා උපහාසයෙන් කතා කරති. සමච්චලයට ලක් කරති. එහෙත් දැන් දැන් උගත්තු හා බුද්ධිමත්තු මෙවැනි සිද්ධීන් පිළිබඳ අවධානයෙන් කටයුතු කරයි. ගවේෂණයට යොමු වී සිටිති. සමහර භූතාත්මයෝ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බෞද්ධ රටවලට සංක්‍රමණය වන අවස්ථා ද ඇත. මේ එවැනි කතාවකි.

බ්‍රසීලයේ ජීවත් වූ ඇරිගෝ සාමාන්‍ය ගොවියෙකි. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ පාසලේ තුන්වැනි පන්තියට පමණි. ඔහු පසුකාලයක ඒ රටේ ඉතා ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් ගේ නාමාවලියට ඇතුළත් විය. ඊට හේතු වූයේ ශරීර ගත ගෙඩිවලට හා ඇස් රෝගවලට කිසිම බෙහෙතක් භාවිත නොකොට ගුප්ත ශල්‍ය චිකිත්සාවකින් රෝග සුවපත් කිරීම නිසාය. මේ ගුප්ත ශල්‍ය චිකිත්සාව කොයිතරම් දුරට සාර්ථක හා ජනප්‍රිය වූයේ ද යත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා පවා ඇරිගෝගෙන් ප්‍රතිකාර ගෙන ඇත. මේ ‘ඇරිගෝ’ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ‘ඇරිගෝ’ නමින් අන්තර්ජාලයෙන් ලබාගැනීමට පුළුවන. ඇරිගෝ 1974 හදිසි අනතුරකින් මිය ගියේය.

මේ බ්‍රසීල ජාතික ඇරිගෝ ගේ ගුප්තාත්මය පසුගියදා හිටිහැටියේ ම ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී පෙනී සිටියේය. එහි ගුප්ත ගවේෂණයේ යෙදී සිටින යෝගීන් ඉදිරියේ ඇරිගෝ පෙනී සිටියේ සුදු ඇඳුමෙන් සැරසීගෙනය. දේවාභරණ පැලඳ සිටි ඇරිගෝගේ ගුප්තාත්මය විශාල කරාබු කුට්ටමක් දෙකනේ පැළඳ සිටියේය. පළල් මුහුණකින් යුතු ඔහු තළඑළළු පැහැයෙන් යුක්ත විය.

කසුන් නාගොඩවිතාන මහතා මේ ගුප්තාත්මය සමඟ සාකච්ඡා කරන්නට විය.

”මේ හදිසියේ අප ඉදිරියේ පෙනී සිටින ඔබ කව්ද?”

”මම ඇරිගෝ”

”ඇරිගෝ? ඔබ ලංකාවේද?”

”නැහැ මම ජීවත්වුණේ බ්‍රසීලයේ. 1974දී මරණයට පත්වුණා.”

”කොහොමද මැරුණේ?”

”හදිසි අනතුරකින්”

”ඉතින් ඔබේ තියෙන විශේෂත්වය මොකක්ද?”

”මම බ්‍රසීලයේ ජීවත්ව සිටියදී රෝගීන් සුවපත් කළා”

”ඔබ වෛද්‍යවරයෙක්ද?”

”නැහැ මම ගොවියෙක්”

”ගොවියකු වශයෙන් සිට වෙදකම් කරන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද?”

”එදා ඇරිගෝ නමින් සිටි මගේ ශරීරයට වෛද්‍යවරයකු ගේ ආත්මයක් ආවිශ්ට වුණා. එයයි වෙදකම් කළේ”

”ඉතින් ඔබ දැන් ඉන්නේ කොහේද?”

”අහසේ”

”අද මෙතැනට ආවේ ඇයි?”

”පණිවුඩ කීපයක් දෙන්න තියෙනවා. මම පිහිටකුත් බලාපොරොත්තු වෙනවා”

”ඉතින් මොනවාද අවශ්‍ය. අපෙන් කෙරෙන්න ඕනෑ මොනවාද?”

”බැහැ. මට කෙළින්ම එන්න බැහැ. මම සුදුසු කෙනෙකු මාර්ගයෙන් එන්නම්” යැයි ඇරිගෝ ගේ ගුප්තාත්මය අතුරුදහන් විය.

ඊට පසු දින ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. ඒ මහාචාර්යවරයා පැවසුවේ ඊයේ රාත්‍රි භාවනා කරන විට අපට නොපෙනෙන ලෝකයෙන් ලැබුණු ගුප්ත පණිවුඩයක් නිසා නාගොඩවිතාන මහතා සොයාගෙන පැමිණි බවයි. එහි දී නැවතත් ඇරිගෝගේ පණිවුඩදීම ආරම්භ විය.

ඒ මහාචාර්යවරයා කඩදාසි කීපයක් මත පෑනකින් විස්තර ලියාගෙන ලියාගෙන ගියේය. ඔහුගේ අතට ආකර්ෂණය වූ ගුප්තාත්මය පෑන කඩදාසියෙන් ඉහළට නොඋස්සාම ලියාගෙන ගියේය. අහන ප්‍රශ්නවලට පිළිතුරු ලීවේය.

”මේ ලියන්නේ කව්ද?”

”මම බ්‍රසීල ජාතික ඇරිගෝ”

”ඇරිගෝ ඔබට වෛද්‍ය ප්‍රතිකාර කරන්නට දැනුම ලැබුණේ කොහෙන්ද?”

”දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය එංගලන්තයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වන ජෝන් ස්මිත්ගේ දේවාත්මයෙන්. ජෝන් ස්මිත් ගෙඩිවලට හා ඇස් ලෙඩවලට දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහුට පින් මදිකමක් තිබුණා. ඔහු මා ලවා රෝගීන් සුවපත් කොටැ ඒ පිනෙන් තවත් ඉහළට ගියා.

”ඉතින් ඔහු ඔබව සම්බන්ධ කැර ගත්තේ කොහොමද?”

”ඩොක්ටර් ස්මිත් මා සොයා ගෙන ආවා. ඔහුගේ ඉල්ලීමට මම කැමැති වුණේ් නෑ. මම බැහැ කීවා. මට අමාරුයි මට හිරිහැරයක් කියලා. පසුව මට ඔහුට අවනත වෙන්න සිදුවුණා. ස්මිත් ඔහුගේ අකුසල විපාක මඟහරවා මේ කුසලය මඟින් ඉහළට ගියා”

”හරි, ඇරිගෝ! දැන් ඔබ සිටින තත්ත්වය කොහොමද?”

”මම අකුසල විපාක, කුසල විපාක දෙක ම විඳින කෙනෙක්. වෙලාවකට පහත් මට්ටමේ අමනුස්සයෙක්. වෙලාවකට දෙවි කෙනෙක්. ඒ දිව්‍ය අවස්ථාවේදී තමයි මම ඔබ සොයගෙන ආවේ. මට ආශිර්වාද කරන්න. මට උදව් කරන්න. මේ අකුසල විපාක විඳින දුක්සහගත තත්ත්වයෙන් මිදෙන්න උදව් කරන්න.”

”ඔබ මේ අපේ ලංකාවට ආවේ කොහොමද? අපට සම්බන්ධ වුණේ කොහොමද?”

”මම ආවේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ උදව්වෙන්”

”හොඳයි ඇරිගෝ! දැන් ඔබේ සිත අතීතයට යවන්න. ඔබ බ්‍රසීලයේ ජීවත්වෙද්දී කළ හොඳ වැඩ සිහිපත් කරන්න. ඔබ මිනිසෙකුව සිටියදී දොස්තර ස්මිත්ගේ ගුප්තාත්මය සමඟ ඔබේ ඔය දෑතින් සුවපත් කළ රෝගීන් ගැන සිතන්න. ඒ කුසල් සිත් ගොඩනඟන්න” යැයි උපදෙස් දෙනවාත් සමඟ ඇරිගෝගේ භූතාත්මය දේවත්වයට උසස් විය. එදා ඇරිගෝ බ්‍රසීලයේ සිටියදී ඔහුගේ නූගත්කම නිසා ඔහු අනුන්ට කරුණාවෙන් උදව් කිරීම කුසලයක් බව දැන සිටියේ නැත. ඔහු රෝගීන් සුවපත් කළේ අවිඥාණවකය. හැඟීමෙන් නොවේ. ඔහු සිතා සිටියේ මේ සංසාරය ඉවර නොවෙන ගමනක් ලෙසය.

ගවේෂණ මධ්‍යස්ථානයේ දී මේ අමනුෂ්‍යාත්මයට කරුණු පැහැදිලි කර දුන් විට එය අවබෝධ වී කුසල් සිත් පහළ වී උසස් තැනකට ගියේය.

දැන් ඇරිගෝ දේව සභාවට පණිවුඩ ගෙන යන දේව දූතයෙකි. ආවතේව කරුවෙකි. දැන් ඇරිගෝ ගවේෂණ මධ්‍යස්ථානයට එන රෝගීන් සුවපත් කරන්නට ද උදව් කරයි. දෙවියන් වෙත පණිවුඩ ගෙන ගොස් කුසල් සිදු කැර ගනී.

ලෝකයේ දැන් දැන් ලෙඩ දුක් විපත්, හා වෙනත් විවිධ විපත්, විනාශ ඉහළ යමින් පවතී. ලංකාවේ ද එසේ ම ය. මේ කලියුග කාලයයි. කලියුගයේ දී මිනිසාට විපත් සිදුවන ක්‍රම තුනකි. 1. සොබාවික විපත්, 2. යුද කෝලාහල ඬසා සිදුවන විපත්, 3. අමනුෂ්‍ය විපත් යනුවෙනි. ලංකාවේ යුද කෝලාහල ලේ වැගිරීම් සමඟ අමනුෂ්‍ය විපත් වැඩි විය.

එසේ ම මිනිසා අධර්මරාගී වන විට දෙවියෝ ඉවත්ව යති. අල්ලස, දූෂණය, ජාතික දේපොළ සූරාකෑම, මත්ද්‍රව්‍ය, මත්පැන්, හොර මැරකම්, ඉහළ යන විට දෙවියෝ ඉවත්ව යති. යක්ෂ සේනාධිපතිවරු සිය පිරිවර මුදා හරිති.

මේ අමනුෂ්‍ය විපත් හා මාධ්‍ය මඟින් භූත ලෝකය පිළිබඳ අනාවරණය කරන විට බුද්ධිමතුන් දැන් ඒ ගැන විමසති. පසුගිය මැයි 21 වැනි දින එවැනි උගතුන්ගේ, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සාකච්ඡාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේදී පැවැත්වුණි. ආචාර්ය මහාචාර්ය වරුන් හා ගිහි පැවිදි උගත්තු 100 – 120ක් පමණ මේ සාකච්ඡාවට සහභාගි වූහ.

නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගමගේ සහ ඇතුල්කෝට්ටේ, ගුප්ත ගවේෂක කසුන් නාගොඩවිතාන මහත්වරු ද ඊට සහභාගි වූහ. මේ සාකච්ඡා සභාව පැවතියේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ හිටපු ප්‍රධානී, මහාචාර්ය පී.ඩී.ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.

දැන් ශ්‍රී ලංකාවේ සිදුවන අධර්මරාගී අපරාධ, දූෂණ නිසා සොබාදහම පවා කෝප වී සිටී. ඉදිරියේදී තව තවත් විපාක දැක ගන්නට ලැබෙනු ඇත. ප්‍රතිකාර සොයාගත නොහැකි, නිට්ටාවට සුව කළ නොහැකි, රෝග භය පැතිර ඇත. අධර්මරාගී පාපී සිතුවිලි සෑම ක්‍ෂේත්‍රයකම පාහේ ක්‍රියාත්මකවීම නිසා අමනුෂ්‍ය භය ඉහළ යමින් පවතී. ගං වතුර හා කුඹුරු අස්වනු විනාශවීමත්, දේපළ විනාශයත් නිසා දුර්භික්ෂ භය ද හිස ඔසවමින් පවතී.

මේ තුන් බියෙන් රට බේරා ගැනීම වගකිවයුත්තන්ට බාර කාර්යයකි. අපරාධ, දූෂණ, වංචා හොරමැර, මත්ද්‍රව්‍ය, මත්පැන්, මර්ධනය කරන තුරු පිරිතෙන් පමණක් මේවා පාලනය කළ නොහැකිය. පිරිත් කියන්නෝ ද, අසන්නෝද, සංවිධාන කරන්නෝ ද දැහැමි අවංක සද්භාවී විය යුතුය.

අනේ මං පාරේ මැරෙන්න ඕනැ කෙනෙක් ද?

කෙනෙකු අදහන ආගම දහම කුමක් හෝ වේවා වරදින් මිදී ජීවත්වීම සුගතිගාමී වීමට හේතු වේ. වරදින් මිදීම යනුවෙන් මෙහිදී අදහස් කළේ තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයට ම හෝ අයහපතක්, දුකක් පීඩාවක් සිදුවීමට හේතුකාරක වන දෙයින් මිදී සිටීමය. මෙහි දී අනුන් යැයි සඳහන් වන්නේ අප ආශි‍්‍රත සමාජයේ ජීවත්වන මිනිසුන් පමණක් නොවේ.

මිනිසුන් ද තිරිසන් සතුන් ද, අපේ පියවි ඇසට, නොපෙනෙන සතුන් ද, මේ සියලු සතුන් ගේ පැවැත්මට හේතු වන පරිසරය ද ඊට ඇතුළත් වේ. එවැනි වරදින් මිදීම පිනකි. පින යනු තමන්ට මෙන් ම අනුන්ට ද සතුට සැපත සුවය ලැබීමට හේතු වන දෙයයි. සිත පිනා යෑමයි. ඒ සිත පිනා යෑම තුළින් ගොඩ නැගෙන චිත්තපී‍්‍රතිය තුළින් ඇතිවන, බිහිවන ශක්තිය තමන්ට ඒ මොහොතේ ම හෝ පසුව සුදුසු අවස්ථාවේදී ප්‍රතිවිපාක වශයෙන් සැප සතුට ලබා දෙයි. එය ලෝක ධර්මතාවයකි.

කුසලය අනෙකකි. කුසලය යනු කුසලතාවයි. තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයට ම යහපතක්, සුබ සිද්ධියක් සඳහා හොඳ නිවැරැදි දෙයක් කිරීම හෝ වරදෙහි බැරෑරුම්කම අවබෝධ කැරගෙන ඒ වරදින් මිදීම කුසලයකි. එය අනුන්ගෙන් ලාබ ප්‍රයෝජනයක් හෝ කීර්ති ප්‍රසංශාවක් නොපතා, බලාපොරොත්තුවකින් තොරව, එහෙත් කර්මය හා කර්ම ඵල විශ්වාසයෙන් යුතුව, තමන්ගේ හෝ අනුන්ගේ යහපත පමණක් ම අපේක්ෂාවෙන් සිදු කළොත් එය කුසලතාව යි. කුසලය සංසාරිකව නිවන දක්වා ම පුරුද්දක් ලෙස දියුණු වෙමින් පවතී. කුසලයක් කිරීමෙන් ලබන සතුට ද පිනකි. පුණ්‍ය කර්මයකි. මෙහිදී මා උත්සාහ දරන්නේ අවබෝධයෙන් හා කර්මඵල විශ්වාසයෙන් සිදු කරන දෙයින් වඩාත් ප්‍රතිඵලදායක වන බව පාඨක ඔබට තහවුරු කිරීමට ය.

බ්‍රසීල ජාතික ඇරිගෝ සාමාන්‍ය පිහියකින් සැත්කම් කොට රෝගීන් සුවපත් කළ බව මීට පෙර ලිපියකින් ඉදිරිපත් කළෙමි. මේ ඊළඟ තොරතුරු ය.

දොස්තර ඇඩොල්ප්ස් ෆි‍්‍රට්ස් ලෝක යුද්ධ සමයේ ජර්මනියේ විසූ වෛද්‍ය වරයෙකි. ඔහු මරණයෙන් පසු බ්‍රසීලයේ ජීවත් වූ තිදෙනෙකු ගේ ශරීරවලට ඇතුළු වී ඔවුන් දේව බලයෙන් ලෙඩ සුව කරන පුද්ගලයන් බවට පත් කළ බලවත් භූතාත්මයකි. දොස්තර ෆි‍්‍රට්ස් ගේ භූතාත්මයේ බලපෑම ලබා සාමාන්‍ය පිහියකින් ශරීර ගත ගෙඩි කපා ඉවත් කොට සුවපත් කළ ප්‍රථම පුද්ගලයා සී. ඇරිගෝ ය. (1918 – 1971) ලෝක යුද්ධයේ දී ජර්මනියේ සේවය කළ දොස්තර ෆි‍්‍රට්ස් ගේ ආත්මය පිළිබඳ බොහෝ පරීක්ෂා කළ අයෙකු වූ බ්‍රයිඩේ මර්ෆි ට පවා ඔහු ගැන බොහෝ තතු සොයා ගත නොහැකි විය. ඔහුගේ භූතාත්මය ඇරිගෝ ගේ සිරුරට ඇතුළු වී රෝගීන්ට ප්‍රතිකාර කිරීම නම් ප්‍රචලිත කාරණයකි.

ඇරිගෝ අතින් ලියැවුණු බෙහෙත් සීට්ටු ඇරිගෝට ද කියැවීමට බැරි වූ අතර ඇරිගෝ ගේ සහෝදරයකු වූ ඖෂධ වේදියෙකුට පමණක් කියැවිය හැකි විය. බ්‍රසීලයේ සෙනෙට් සභිකයකු ගේ පිළිකා ගෙඩියක් කපා ඉවත් කොට සුවපත් කිරීමේ සැත්කම ඇරිගෝ ගේ කීර්තිය පළමුවෙන් ම පැතිර යෑමට හේතු විය. බ්‍රසීල ජනාධිපති ගේ දියණියට ප්‍රතිකාර කොට සුවපත් කිරීම ද තවත් එක්තරා හේතුවක් විය. ෆි‍්‍රට්ස් ගේ භූතාත්මය ඇරිගෝ ලවා මෙසේ ප්‍රතිකාර කරමින් සිටියදී ඛේදනීය මෝටර් රථ අනතුරකින් ඔහු මරණයට පත් විය.

ඇරිගෝ අවුරුදු විස්සක පමණ කාලයක් තුළ රෝගීන් දහස් ගණනකගේ ලෙඩ සුව කළත් ඔහු ඒ කිසිවෙකුගෙන් මුදලක් හෝ වෙනත් ප්‍රතිලාභයක් අය කළේ නැත. ඔහු ඇදහූ ආගම අනුව ඔහු විශ්වාස කළේ ස්වර්ගයට යෑම පමණි. එහෙත් ඇරිගෝ උපන්නේ ද භූතාත්මයකය. ඔහු කිසිදු අය කිරීමකින් තොරව රෝගීන් සුවපත් කළ ද එය ඔහුට පිනක් හෝ කුසලයක් බවට පත් වූයේ නැත. ඒ ඔහු ප්‍රතිකාර කළේ අවිඥානකව බැවිනි. එසේ ම, ඔහු කර්මය හා කර්ම ඵලය විශ්වාස කළේ ද නැත. එවැන්නක් ඔහු දැන සිටියේ නැත.

එහෙත් ඇරිගෝ කිසිදු අය කිරීමකින් තොරව සිදු කළ සේවය පිළිබඳ පොත පතින් කියැවූ පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ විය. ඒ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය දයා අමරසේකර මහතා ය. ඇරිගෝ කළ සේවයට සාධාරණයක් සිදු විය යුතු යැයි අදහස් කළ දයා අමරසේකර මහතා ස්වකීය ආගමික වතාවත්වලින් පසුව ඇරිගෝගේ ආත්මයට පින් අනුමෝදන් කරන්නට විය.

තමන් ඇදහූ ආගමට අනුව ඇරිගෝගේ චිත්ත සන්තානයේ පැවති සංකල්ප වෙනස් වන්නට විය.

පින් අනුමෝදන්ව භූතාත්මයෙන් දේවතා තත්ත්වයට පත් විය. දැන් ඇරිගෝ ද බෞද්ධ පිළිවෙත් ගැන ප්‍රසාදයට පත්ව අමරසේකර මහතා සමඟ අදහස් හුවමාරු කැර ගනිමින් සිටියි. ඔවුන්ට ආවේණික වූ මාධ්‍යයක් හරහා අදහස් හුවමාරු කැර ගනිමින් තමන් සිය තත්ත්වයෙන් ඉහළ තත්ත්වයකට යෑමට තමන් නොදන්නා රටක නොදන්නා ධර්මයක් අදහන මේ නොදන්නා පුද්ගලයා පිළිබඳ ප්‍රසාදයට පත්ව ඇති අතර, මේ අදහස් හුවමාරු කැර ගැනීම් තුළින් කර්මය හා කර්ම විපාකය පිළිබඳ අවබෝධයක් ද ලබමින් සිටී.

ඇරිගෝ මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ පසු දොස්තර ෆි‍්‍රට්ස් ගේ භූතාත්මය තවත් දෙදෙනෙකු ගේ ශරීරවලට රිංගා ආරූඩව සිය ප්‍රතිකාරය සිදු කරන්නට විය. ඒ දෙදෙනා නමින් එඩ්සන් ක්වේරෝස් හා රූබන්ස් ෆේරියස් ය. මෙහි ඉතා විශේෂ දෙයක් ඇත. රූබන් ෆේරියස් ඔහුගේ කතෝලික ඉගැන්වීම් අතහැර සූක්ෂම ශරීර හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වඩ වඩාත් උනන්දු වීමත්, බෞද්ධ සුදු කාන්තාවක වන බ්ලැවැස්කි මැතිනිය ගේ පරම විඥානාර්ථ වාදයට නැඹුරු වීමත් ය. සූක්ෂම ශරීරය තුළින් භෞතික සහ ශරීරයට ප්‍රතිකාර කළ හැකි ය යන මතය ඔහු දැරිය.

එහෙත් එවැනි ප්‍රතිකාර කළ හැක්කේ සුවිශේෂී අධිමානුෂිකයන්ට පමණි. එහෙත් ෆේරියස් ගේ ද මරණය ඇරිගෝ ගේ මෙන් ම හදිසි අනතුරකින් සිදුවීම නිසා ඔහුට ද වැඩි දුර ප්‍රතිකාර කළ නොහැකි විය. ඇරිගෝ මෙන් ම ඔහු ද නිසි අධ්‍යාපනික සුදුසුකම් ලැබුවෙක් නොවේ. එහෙත් ඔහු ද අතිවිශාල පිරිසකට ප්‍රතිකාර කළේ ය.ච්අ. ඍඥපදච කචබඥප නම් වූ ඕස්ට්‍රේලියානු අධිමානුෂීය වෛද්‍යවරයා ඇතුළු තවත් බොහෝ දෙනෙක් පසුව බ්‍රසීලයට පැමිණ මෙම ප්‍රතිකාර සේවය සිදු කැර ගෙන ගියහ.

මෙයින් පැහැදිලි වන්නේ කෙනෙකුට තමන්ගේ සිත ශක්තිමත් කිරීමෙන් අනුන්ගේ සූක්ෂ්ම ශරීරය හරහා භෞතික ශරීරයට බලපෑමක් කළ හැකි බව ය. අමරසේකර මහතා ඇරිගෝ ජීවත්ව සිටියදී කළ සේවය අගයමින් ඔහුගේ ආත්මයට පින් අනුමෝදන් කළේය. එයින් ඇරිගෝගේ සිත ශක්තිමත් විය. වෛද්‍ය ෆි‍්‍රට්ස් කළේ ඇරිගෝ ගේ සූක්ෂම ශරීරයට රිංගා ඔහුගේ භෞතික ශරීරය ලවා රෝගීන් සුවපත් කිරීමයි. ඇරිගෝ තමන් කළ සේවය කුසල කර්මයක් බව දැන සිටියේ නැත. ඔහුගේ සිතට එම කුසලමය පණිවුඩය දුන්නේ අමරසේකර මහතා ය. දැන් ඇරිගෝ පින හා කුසලය හඳුනාගෙන සිටී.

“මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝ මයා” යැයි බුදු දහමේ (ධම්ම පදය – යමක වග්ගය 1 – 2) උගන් වන්නේ මනස (සිත) සියල්ලට පූර්වංගම වන බව හා ශ්‍රේෂ්ඨ වන බව යි.

බුදු දහමේ සඳහන් පරිදි දාන – ශීල දෙක නැතිව භාවනාවට යා නොහැකි ය. භාවනාව නැතිව දාන ශීල දෙකෙන් පමණක් නිර්වානය ශාක්ෂාත් කැර ගන්නටත් නොහැකි ය. මේ සියල්ලට “සිත” ප්‍රධාන වේ.

මේ මෙවැනි වූ තවත් සිද්ධියකි.

ඇය කන්ද උඩරට ප්‍රදේශයේ ජීවත් වූ විවාහක කාන්තාවකි. ඇයට දරු සම්පත් ලැබීමේ වාසනාවක් නොවූයෙන් නිතර දන්සිල් හි යෙදුණාය. ඥාතීන්ට, අසල්වාසීන්ට, නැති බැරි අයට මෙන් ම ගමේ පන්සලට දාන මාන පරිත්‍යාග කළාය. සිය සහෝදරයෙකුගේ දියණියකට විශේෂයෙන් උදව් කළාය. අවසානයේ මේ කාන්තාව සියල්ල අතහැර සිල් මෑණිවරුන්ගේ ආරාමයක පැවිදි වූවා ය.

සිල් මෑණි කෙනෙකු බවට පත් ඇය ගිහි ගෙදර සිටියදී කළ දන් පින් නිතර මෙනෙහි කළා ය. තමන් සමාදන් වූ සීලය නිතර මෙනෙහි කරමින් ආරක්ෂා කළා ය. මෙසේ උදේ සවස ආගමික වතාවත් කරමින් සිටි නමුත් සිත දියුණු කිරීමේ කටයුතු ඒ තරම් ශක්තිමත් වූයේ නැත. තමන් ගිහි ජීවිතය ගත කළ පවුලේ ශක්තිය, තමන් පරිහරණය කළ වස්තු සම්පත්, තමන් කළ පරිත්‍යාග පමණක් නොව තමන් රක්නා සීලය පිළිබඳ පවා ඇය තුළ ගාම්භීර බවක් පැවතුණි. එය එක්තරා විධිහකට සිත තුළ පැවති මානයක් යැයි කීමට ද පුළුවන.

මෙසේ සිටියදී දිනක් මේ සිල් මෑණියෝ ගමනක් යමින් සිටිය දී හිටි හැටියේ හෘදයාබාධයකින් මහ මඟ වැටී මරණයට පත්වූහ. එතුමිය මරණයට පත්වන අවස්ථාවේ “මම වැටුණේ මහ පාරේ නොවේ ද? මා මහ පාරේ වැටී මිය යා යුතු කෙනෙක් ද? මෙය මගේ ගරුත්වයට මදි පුංචි කමකි. අනේ අපොයි මේ මොකද වුණේ” යැයි මහත් පීඩාවකට පත්ව එය ම චුති චිත්තයට බවට පත් විය. එයින් ම ඇය පේ‍්‍රතාත්මයක උපන්නා ය.

කොයි තරම් දාන – ශීල දෙකෙහි යෙදුණ ද භාවනාවෙන් සිත සකස් කැර ගත යුතු යැයි කියන්නේ ඒ නිසා ය. “ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච” සියල්ලෝ ම මරණයට පත් වෙති. මම ද මරණයට පත් වෙමි යි ඇය මරණානුස්සතිය වඩා තිබුණේ නැත. “කොතැන වුණත් නැත මරු හට බාධා” යැයි ඇය හඳුනාගෙන අවබෝධ කැර ගෙන සිටියේ නැත. ඇගේ යටි හිත තුළ ඇය උසස් තත්ත්වයක සිටින බවත්, ඒ තත්ත්වයට සරිලන පරිදි මරණය ද ගරු ගාම්භීරව සිදු වනු ඇතැයි ආශාවක් තිබෙන්නට ඇත.

මම දැන් සියල්ල අතහැර සිටිමි. මගේ මරණය ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකදී සිදු වුණත් මම ඊට සූදානම් යැයි ඇය සිත සකස් කැර ගෙන සිටියේ නැත. ඒ නිසා, අවසාන මොහොතේ සිත නරක් වීම නිසා, යටි හිතේ තණ්හාවක් තැන්පත්ව තිබී මතුවීම නිසා, මේ සිල් මෑණියෝ පේ‍්‍රතාත්මයක් ලබා ඉපැදුණා හ.

පේ‍්‍රතියක් වුවද අපේ පියවි ඇසට නොපෙනෙන ඒ පේ‍්‍රත කය පවත්වා ගෙන යා යුතු ය.

ඒ සඳහා අවශ්‍ය ආහාර පාන ලබා ගත යුතු ය. ඒ අවශ්‍යතාව මතු වූ සැටියේ ම ඇයට තමන් උදව් කළ ඥාති දියණිය සිහි පත් විය. ඒ වන විට ඥාති දියණියගේ කර්ම විපාක ද ඊට ම ගැළපෙන පරිදි සකස් වී තිබුණි. මේ පේ‍්‍රතිය ඇගේ සිරුරට රිංගා ගත්තා ය. ඇගේ පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට පේ‍්‍රතිය දක්ෂ වූවා ය.

දැන් මේ තරුණ කාන්තාවට සුව නොවන සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳී ඇත. ප්‍රතිකාර සඳහා පැමිණි ඇය තුළින් පේ‍්‍රතිය මතු වී ආවාය.

ඇගේ කළ ප්‍රශ්න කිරීම් මෙසේය.

“පේ‍්‍රතිය! ඇයි මේ කාන්තාවට හිරිහැර කරන්නේ?

“මම හිරිහැර කරන්නේ නෑ”

“එහෙනම් තමුන් මොනවාද ඇයට කළේ?”

“මම ඇයට හෙම්බිරිස්සාව හැදුවා. ඒක සුව වෙන්නට ඉඩ දෙන්නේ නෑ”

“ඇයි එහෙම කරන්නේ?”

“මමත් ජීවත් වෙන්න එපායැ. මගේ ආහාරය මම සපයා ගන්නවා.”

“මොනවද තමුන්ගෙ ආහාරය?”

“හීඞ… හීඞ… හී…”

“හීක් හීක් කියලා හරි යන්නේ නෑ. මොනවාද තමුන්ගෙ ආහාරය?”

“සොටු”


Responses

  1. මම දැනගන්න කැමතියි මහත්මයා, බ්‍රසීලයේ ජීවත් වුන ඇරිගෝ කථාකලේ සිංහලින්ද? ඔහු ඊට පෙර ආත්මයේ ලංකා‍වේ ජීවත් වූයෙක්ද? එසේ නොමැති නම් භූතාත්මයක්ව සිටියදී විශේෂ වූ බලයක් තිබේද?

  2. මේ කරන වැඩේ අගය කොට සලකන අතර මේ පින ඔබ සියල්ලන්ටම නිවන අවබෝධ වීම පිනිසම හේ්තු වාසනා වේවා


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: