Posted by: lrrp | December 20, 2010

දමනය කරගත යුතු සිත – මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං
යේ චිත්තං සංය මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා”

ධම්ම පදයෙහි දැක්වෙන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙනුයේ අපගේ සිතෙහි ඇති තත්ත්වය හෙවත් ස්වභාවයයි. දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරීර කූඩුවෙහි වාසය කරන සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි සඳහන් වන්නේ.

අපේ ජීවිත ඉදිරියට ගමන් කරවීමේ ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ අපගේ සිත තුළ ය. ඒ සිතෙහි ඇතිවන පහළවන අදහස් සිතිවිලි ක්‍රියාවට නැංවීම තුළින් මනුෂ්‍යයා හොඳ හෝ නරක අයකු බවට පත්වන බව කල්පනා කළ යුතු ය. එබැවින් අප උත්සාහ කළ යුත්තේ සිතේ ඇති තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමට ය.

සිත නිතරම විසිරී පවතී. ඒ නිසා ඒ සිත නිතරම දුර ගමන් කරයි. අපගේ ශරීරය කොතනක තිබුණත් අප දන්නා බොහෝ ස්ථානවලට සිතිවිලි තනිවම ගමන් කරයි. ඒ නිසා සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසීමෙන් සිටිය යුතු ය. එසේ විමසීමෙන් තොරව කටයුතු කරන පුද්ගලයාට ජීවිතයේ විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බවත් කල්පනා කළ යුත්තකි.

ඒ නිසා සිත දමනය කළ යුත්තේ කෙසේදැයි අප කල්පනා කළ යුතු ය. අපේ පංචේන්ද්‍රියන් තුළින් ඇතිවන ආරම්මන අරමුණු පාලනය කිරීමට සිත දමනය කරගෙන කටයුතු කළ යුතු ය.

ඇසට යමක් දුටුවිට කනට යමක් ඇසුණු පමණින් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීමෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවේ. සිත පාලනය නොකිරීමෙන් කටයුතු කිරීම නිසා අපේ ජීවිතවලට රෝගපීඩා පවා පැමිණෙන බව කල්පනා කළ යුතුª වේ.

මනුෂ්‍යයාට ඇතිවන රෝගාබාධ තුළින් වැඩි ප්‍රමාණයක් මානසික අසහනය හෙවත් මානසික ආතතිය නිසා ඇතිවන බව වත්මන් ඇමරිකානු වෛද්‍යවරුන් සොයාගෙන තිබේ. එසේ නම් අපේ රෝගවලටත් සිතේ ක්‍රියාකාරීත්වය බලපාන බව එමඟින් පැහැදිලි වනවා. සම්බුදු දහමට අනුව පුහුදුන් පුද්ගලයාගේ සිත නිතරම විවිධාකාරයේ සිතිවිලිවලින් භරිත වේ. ඒ නිසා පුහුදුන් සිත ඉතා ඉක්මනින් උමතුබවට පවා පත්වීමට ද ඉඩ ඇත.

සිත දමනය කර ගන්නා භාවනා ක්‍රම විදේශවල ද අනුගමනය කරනු ලැබේ. සිත දමනය කිරීමට අපේ කය පිළිබඳ සිතන්නට ස්කොට්ලන්තය වැනි රටවල අය කටයුතු කර තිබේ. කේශාන්තයේ සිට අනුක්‍රමයෙන් පාදාන්තය දක්වාත් පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් සිතෙහි අරමුණු ගමන් කරවීමට ඒ භාවනා ක්‍රම උපයෝගී කර ගැනේ. කයට අනුව සිතිවිලි යොමුකරවීම තුළින් මනසෙහි ඇතිවන මානසික ආතතිය සමනය කර ගැනීමට ඒ භාවනා ක්‍රමය උපයෝගී කර ගන්නවා. එය අමුතු දෙයක් නොව අපේ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ගෙන් ඇසුවත් ඒ අය පැහැදිලි කර දෙයි. අපේ දහමෙහි දැක්වෙන කායානුපස්සනා භාවනාව වඩන අයුරුයි ඒ කියල.

අÀථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරූ අට්ඨි, අටිඨිමිඤජා ආදී වශයෙන් කායානුපස්සනාව තුළින් උපයෝගී කර ගන්නෙ පිළිකුල් භාවනාවටය. කය ඇසුරෙන් භාවනා කරන්නේ් කෙසේදැයි සතර සතිපට්ඨාන භාවනාවෙන් විස්තර කැරේ. ජීවිතයේ කරනු ලබන සෑම ක්‍රියාවකදීම මනා සිහියෙන් හා අවබෝධයෙන් සිටිය යුතු ය. බුදුදහමේ නාමයෙන් නොවූවද බටහිර රටවල මෙම ක්‍රම අනුගමනය කරනු ලබන්නේ මෙහි ඇති වැදගත්කම නිසයි.

සිත එකඟ කර ගැනීමට සිත ස්ථාවර කර ගැනීමට දමනය කර ගැනීමට අප සියලු දෙනාම උත්සාහ කළ යුතු ය.

දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක වාසය කරන මේ සිත දමනය කර ගැනීමෙන් මාර බන්ධනයෙන් මිදෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා නූතන විද්‍යාව අනුවත් මේ භාවනා ක්‍රම උපයෝගී කර ගැනීම තුළින් කයට ඇතිවන රෝගවලින් සහනයක් ඇතිවීමටත් හේතුවේ.

යහපත් ජීවිතයක් ගත කිරීමට මේ අනුව සිත දමනය කර ගැනීම අත්‍යවශ්‍ය බව පෙනේ.

මේ අනුව කටයුතු කිරීමට විශේෂ කාලයක් වැය කළ යුතු නොවේ. ජීවිතයේ කුදුමහත් සෑම ක්‍රියාවකදීම මනා සිහියෙන් කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ. යාන්ත්‍රික මෙන් ජීවිත ගත කරන මනුෂ්‍යයාගේ සිත දියුණුකර ගැනීමට සිත තැන්පත් කර ගැනීමට හැම කටයුත්තකදීම මනා සිහියෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමෙන් කය සුවපත් කරන්නට, මනස සුවපත් කරන්නට සසර ගමන සුවපත් කරන්නට මාර බන්ධනයෙන් මිදීමට ඉවහල් වන මේ සිතේ දමනය ඇති කර ගැනීමට ඉවහල් වන අයුරින් කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතයෙන් ඔබට ම සැනසීම උදාවනු ඇත.

තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: