Posted by: lrrp | July 2, 2011

ිබෝසත් කථා පෙළ නැවත කියවමු – කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය අගලකඩ සිරිසුමන හිම

කුණාල ජාතකය

අවසර කල් රහස් තැන – ගැහැනු කව්රුද වරදෙ නොබැඳෙන” යනුවෙන් ශ්‍රී රාහුල හිමියෝ කාව්‍යශේඛරයෙහි පළ කළහ. බොහෝ විචාරකයෝ මෙයින් උරණ ව රාහුල හිමියන්ට බැට දුන්හ. එහෙත් උන්වහන්සේ පළ කළේ නිසි කල පැමිණි විට ගැහැනිය එසේ විය හැකි බවයි. එය මේ ලෝකයේ මනුෂ්‍යත්වයේ ස්වභාවය විය නොහැකි ද? ගැහැනිය වරදෙහි බැඳෙන්නේ ගස් ගල් පර්වත සමඟ නොවේ තනියම ද නොවේ. ඇය වරදෙහි බැඳුනොත් බැඳෙන්නේ පිරිමියා සමඟ ය.

ඒ අනුව ගැහැනියට වරද පටවා පිරිමියාට නිදහස් විය නොහේ. ගැහැනියගේ ද පිරිමියාගේ ද ස්වභාවය නිසි කල නිසි තැන හමුවූ කල වරදෙහි බැඳීමයි. එයට ඕනෑ තරම් නිදසුන් නූතන සමාජයේ අපට හමු වෙයි.

ජාතක පොත වනාහී අඩු වැඩි වශයෙන් ස්ත්‍රී පුරුෂ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු දැක්මක් අපට ගෙනෙන කෘතියකි. බෝසත්වරුන් පවා දුරාචාරයෙහි යෙදී සිටි අවස්ථා ඇතැම් ජාතක කථාවක විවරණය වෙයි. විශේෂයෙන් කාන්තාවගේ දුබලතා පිළිබඳ වැඩි විග්‍රහ ජාතක කථා කරුවා ඉදිරිපත් කරන්නේ සම්මත සමාජයෙහි සදාචාරය කෙරෙහි ඇයගේ හැසිරීම් රටා බෙහෙවින් බලපාන බව බුදුසමය අවධාරණය කරන හෙයිනි. එහිදී පිරිමියාගේ දූෂිත ගති පැවතුම් විවරණයට ද ජාතක කථා කරුවා කිසිවිටෙකත් පසුබට නොවන බව ද අමතක නොකළ යුත්තකි.

ජාතක පොතෙහි ඇතුළත් කුණාල ජාතකය බෙහෝ විට ස්ත්‍රියට පොදු වූ දුබලතාවක් විවරණය කරලීම උදෙසා රචිත වූවකි. ජාතක කථාව ඇරඹෙන්නේ “ශාසනයෙහි ඇලුම් මඳව වෙහෙස විඳිනා වූ පන්සියයක් භික්ෂූන් අරබයා මේ කුණාල ජාතකය වදාළ සේක” යනුවෙනි. ඒ අනුව ශාසනය කෙරෙහි ඇල්මක් නොමැතිව ගිහි බවට යන්නට සැරසෙන භික්ෂු පිරිසකට දහම් දෙසන්නට මේ කථාව බුදු හිමියෝ උපුටා ගනිති.

බැලූ බැල්මට ස්ත්‍රියගේ දුබලතා මේ ඔස්සේ දීර්ඝ ව විවරණය වුව ද, මේ මනුෂ්‍යත්වයට පොදු රාගයේ ස්වභාවයමයි.

අතුරු කථා රාශිකින් යුතු කුණාල ජාතකයේ එන අතුරු කථාවක් පමණක් මෙහිදී උපුටා දක්වමු.

තවත් කලෙක බරණැස් නුවර කඩාරි නම් රජෙක් විය. වසවර්ති දිව්‍ය පුත්‍රයා සේ සකල සම්පතින් ද මනෝහර වූ රූප සෞන්දර්යයෙන් ද පිරි මේ රජතුමාට රාජ භෝජනය සැකසුණේ සුවඳ දරින් ගිනි දැල්වීමෙනි. සියලු පස්කම් සුවයෙහි ඇලුණු මේ රජුට කින්නරාදේවී නම් අගමෙහෙසියක් ද වූවා ය.

පංචාලචණ්ඩ නම් පුරෝහිතයෙක් ද විය. මේ රජුගේ මාලිගාවට ළං ව සුවිසල් දඹගසෙක් ද විය. මේ දඹරුක සෙවණෙහි බැලීමට ඉතා පිළිකුල් වූ ශරීරාවයවයන් ඇති සතර ගාත් ම කොර වී ගිය පිලෙක් වසන්නේ ය. රජ මැදුරේ ඉහත මාලයෙහි සිට පහත බලන කින්නරාදේවි හට මේ පිලා පිළිබඳ සිතක් පහළ වී.

රාත්‍රියෙහි රජු රාගයෙන් සතපවා නින්දට පිවිසි කල රසමසවුළු සහිත තැටියක් ඇඳුමෙහි සඟවා ගනිමින්, සී මැදුරු කවුළුව දෙසට විහිදි දඹ අත්තකට නැඟී දඹ ගසින් බිමට බැස පිලාට රස මසවුළු අනුභව කරවා උහු සමඟ රතියෙහි යෙදී ආපසු ගසින් ම මැදුරට නැඟ සඳුන් සිරුරෙහි ගා ගනිමින් නැවත රජු සමඟ යහනට එක්වන්නට ඇය පුරුදු ව සිටියා ය.

මේ බව නොදත් රජ්ජුරුවෝ දිනක් පුරෝහිත ද සමඟ නගරයේ සිට මැදුර වෙත පිවිසෙන විට පිලා දැක නිග්‍රහ කොට මෙවැනි මනුෂ්‍ය ප්‍රේතයන් සමඟ වසන කාන්තාවනුත් ලොව ඇත්දැයි කීහ. එය අසා සිටි පිලා දඹ ගස දෙසට දොහාත් මුදුන් තබා වඳිමින් “වෘක්ෂ දේවතාවනි එය දන්නේ ඔබ වහන්සේම පමණි” යයි කියා සිටියේ ය.

පුරෝහිත බමුණා ඒ ගැන සැක සිතී රාත්‍රි කාලයෙහි බිසවුන්ගේ ශරීර පහස් කවරේදැයි රජුගෙන් ඇසීය. මධ්‍යම රාත්‍රියෙන් පසු ඇගේ ශරීරය දැඩි ශීතල බවකින් යුතු යැයි කීය. එසේ නම් මහරජ ඔබගේ අගමෙහෙසුන් මේ පිලා සමඟ බැඳී ඇතැයි කීය.

ඉතා ම ශෝභමාන වූ රූ ඇති මාගේ අගමෙහෙසිය එසේ වසති’යි තමා කිසි විටෙකත් විශ්වාස නොකරන බව රජු කීය. මෙතැන් පටන් මේ පිළිබඳ පරීක්ෂාවෙන් සිටීම මැනැවැයි පුරෝහිතයා රජුට අවවාද කළේ ය.

එදින රාත්‍රියෙහි බිරිය පරීක්ෂා කරන්නට සිතූ රජතුමා පෙර නිදිගත් වේලාවටම තද නින්දේ බව අඟවා නොනිදා කල් ගෙවීය. රජු නිදන සේ දැක බිසවු සෙමින් යහනින් මිදී පෙරසේ ම පිලා වෙතට ගියා ය.

රජතුමා වහා නැඟිට දඹ සෙවණට වී මේ සියල්ල බලා සිටියේ ය. බිසවු එනතුරා බලා සිටි පිලා පමාවීම හේතුවෙන් කෝප වී තම කොර අතින් බිසවුගේ කනට පහරක් ගැසුවේ ය. කුණ්ඩලාභරණය කැඩී විසිවී රජුගේ පය පාමුලට වැටුණි. එය සාක්ෂියක් බවට පත් කරගත් රජතුමා රජගෙට ගොස් නිදන්ට විය. බිසවු ද පිලා සමඟ සිත් සේ අනාචාරයෙහි හැසිරී රජුගේ යහනට පැමිණි කල රජතුමා යහනට එන්ට නොදී එලවා දැම්මේ ය.

පසුදින සර්වාභරණයෙන් සැරසී බිසවට තමා වෙත එන්නැයි රජු නියෝග කළත්, කුණ්ඩලාභරණය රන්කරුවාගේ ගෙදරට යවා ඇති බව දන්වා නොපැමිණ සිටියා ය. එහෙත් වහා ම එන්නැයි නියෝග කළෙන් කුණ්ඩලාභරණයෙන් තොරව ම පැමිණියා ය.

එය කොහිදැයි විමසූ විට එය කැටයම් කිරීමට රන්කරුගේ ගෙදරට යැවූ බව කීවා ය. රජතුමා රන්කරුවන් ගෙන්වා බිසවගේ කුණ්ඩලාභරණය මෙතෙක් කලක් තබා ගත්තේ ඇයිදැයි විමසීය.

රන්කරුවෝ එවැන්නක් තමා නොගත් බව බියෙන් පළ කළහ. එවිට තමන් අත තිබූ කුණ්ඩලාභරණය රජතුමා බිසව අතට දැමුවේ ය. බිසව බියවී කරබා ගත්තා ය.

එවිට රජතුමා පුරෝහිත ගෙන්වා මේ චණ්ඩාල ගැහැනියගේ තතු මා දෑසින් ම දුටු බව කියා පුරෝහිත කී වදන් සත්‍ය බව කියා ඔහුට පසසා බිසොවුන්ගේ හිස ගසා දමන්නට නියෝග කළේ ය.

පුරෝහිත බිසවගේ හිස ගසා දමන්නට නොදී ඇය සඟවා තබා රජතුමන්ට අප්‍රසිද්ධ ව දනව් සැරි සරා ස්ත්‍රී ස්වභාවය වටහා ගන්නට ආරාධනා කළේ ය.

එහිදී එදිනම විවාහ පත්වූ තරුණියක මනමාලයා සමඟ ඇවිදිද්දී මහ මඟ දී ප්‍රයෝගයකින් රජුගේ වසඟයට පත්වූ අයුරු ප්‍රත්‍යක්ෂ කර පෙන්වා ලොව රාගයෙහි ස්වභාවය මෙසේ යැයි අවබෝධ කොට දී බිසව මාරයාගෙන් බේරා ගත්තෙහිය. වෙනත් බිසවක් අග බිසව කළ රජතුමා දඹ ගසේ අතු කප්පවා දැමීය. පිලා ද ඈතට ගෙන ගොස් දැමීය.

ජාතක කතාකරුවා මේ විවරණය කරන්නේ ස්ත්‍රී නුගුණ යයි චෝදනා කළ හැකි නොවේ. පුරුෂාධිපත්‍යවාදියකුට එසේ කළ හැකි මුත් ධර්මාවාදියකුට එසේ කළ හැකි නොවේ. මන්ද රාගික උමතුව මෙතරම් දරුණු බැවිනි. පියවරුන් දියණිවරු දූෂණය කරන්නේ ද මේ නිසාය. සොඳුරු භාර්යාවන් තබා ඉතා අප්‍රසන්න ගැහැනුන් සොයා ගණිකා නිවාස වෙත පිරිමින් ගමන් කරන්නේ ද ඇතැම් විවාහකයන් සමලිංගික සේවනයට යොමු වන්නේ ද මේ නිසා ය.

කුණාල ජාතකයේ එක් අතුරු කථාවක් ගෙන මනුෂ්‍ය චින්තනයේ ගූූඪ සිතිවිලි හඳුනා ගන්නට මග පෙන්වූයෙමි. එහි දෙවැනි කොටසක් ද ඉදිරිපත් කරන්න මෙහි දී කි‍්‍රයා කරනුයේ පාඨකයනට එහි ඇතුළත් දීර්ඝ කරුණු ඔස්සේ බොහෝ දැනුමක් සම්පාදනය කළ හැකි බැවිනි.

අංගුත්තර නිකායෙහි එන ඉත්ථිබන්ධ පුරිස බන්ධන සූත‍්‍රවල ඇතුළත් ධර්ම කරුණක් මුල් කර ගනිමින් කුණාල ජාතකය ඉදිරියට ගෙන යන්නට කල්පනා කරමි. උක්ත සූත‍්‍රයෙහි ස්තී‍්‍ර පුරුෂයන් වහා බන්ධනයට පත් කරවන කාරණා අටක් සාකච්ඡා කරන අතර ඒ සියල්ල වර්තමානය තුළින් පවා අපට දැකිය හැකි දේ ය. ඒ අතරෙහි අටවන කාරණය ලෙස දැක්වෙන්නේ

“ඵස්සේන භික්ඛවේ ඉත්ථි

පුරිසං බන්ධතී” යනුවෙනි. එයින් කියවෙන්නේ මහණෙනි, ස්පර්ශය ස්තී‍්‍ර පුරුෂයන් වහාම බන්ධනයට පත් කරවන්නට හේතු වන බවයි. සූත‍්‍රාගත මේ දැක්ම භාවිත සමාජයේ දී සත්‍යයක් නොවන්නේ ද? මේ වග හොඳින් කියවෙන කථා පුවතක් කුණාල ජාතකයෙහි අතුරු කථාවක එයි.

යටගිය දවස බරණැස බක නම් රජ කෙනකු දැහැමින් රාජ්‍ය කරන සමයෙහි එක්තරා වීදියෙක දිළිඳු කුලයෙක පංචපාපා නම් යෞවනියක් වාසය කළා ය. පෙර බවයෙහි ඇය නිවසක් තනනු වස් බිත්තියෙක මැටි ගසමින් සිටියදී, එක් පසේ බුදුවරයෙක් තම කුටියෙහි මැටි ගැසීම සඳහා මැටි සොයමින් පාත‍්‍රය ද රැගෙන ඇවිද මේ තරුණියගේ නිවසට පැමිණියේ ය.

තම නිවසෙහි අහර නොමැති බව ඇගවුව ද උන්වහන්සේ නොගොස් වැඩ සිටියහ. කෝපයට පත් ඇය මැටි පිඩක් ගෙන ගොස් පාත‍්‍රයට දැමුවා ය. පසේ බුදුන් ඒ මැටි රැගෙන ගොස් තම කුටියෙහි මැටි ගා ගත් අතර ඒ පුණ්‍යකර්මයෙන් ඇය දිව පහස් බඳු ශරීර ඇතිව ඉපදුනා ය. එහෙත් කිපී පිදු හෙයින් මුහුණ ද දෑත ද දෙපය ද යන පංචස්ථාන විරූපි විය. ඒ නිසා ඇය පංචපාපා නම් වූ අතර බොහෝ දෙනකුට ඇය බැලීම පවා අපහසු විය.

එකල බක නම් වූ බරණැස් රජතුමා රාති‍්‍රයෙහි අප‍්‍රසිද්ධ වේශයෙන් සංචාරයෙහි යෙදෙන්නේ පංචපාපාගේ ගෙදරට පැමිණියේ ය. ඔහු කවරෙක් දැයි නොදත් පංචපාපා කී‍්‍රඩාවෙන් සිටියදී රජුගේ අත ඇල්ලුවා ය. ඇයගේ ස්පර්ශය දිව්‍ය පනසක් සේ රජුට දැනුණු අතර එනිසා ම ඇගේ පහසෙහි ඇලුණි. විරූපිනිය අත අල්වා ගත් රජු ඒ පහස විඳිමින් ම ඇගේ තොරතුරු විමසා අස්වාමික බව දැන තමා ඇයගේ ස්වාමි පුරුෂයා බවට පත් වීමට කැමැත්ත පළ කළේ ය.

ඇය ඒ බව දෙමාපියන්ට කී කල්හි දුප්පත් මිනිසකු වන්නට ඇතැයි සිතා කැමැත්ත පළ කළහ. රජ්ජුරුවෝ ද එතැන් පටන් අප‍්‍රසිද්ධ වේශයෙන් ම දුප්පත් මිනිසකු සෙයින් සෑම රාති‍්‍රයක ම පැමිණ ඇය සමඟ රතියෙහි යෙදුණි. අවසන අන්තºපුර ස්තී‍්‍රන්ගේ මුහුණ හෝ නොබැලූහ.

කල් යාමේදී ඇගේ පියාට ප‍්‍රහීණියක් ඇති විය. ඊට ප‍්‍රතිකාර නියම කළ වෛද්‍යවරුන් කියා සිටියේ පැන් නුමුසු කිරී මී ගිතෙල් ආදියෙන් පිසූ කිරිබතක් සකසා මේ පියාගේ ආහාරය ලෙස දිය යුතු බවයි. පංචපාපා රැයෙහි තමා සමඟ වසන සැමියාට ඒ බව ස්ති‍්‍ර මායාවන් දක්වා කියා සිටි අතර රජතුමා ඇය මාලිගාවට ගෙන්වා ගැනීමට හොඳ අවස්ථාවක් ලෙස සිතා ඊට උපක‍්‍රමයක් යෙදී ය.

එනම් යට කී පරිද්දෙන් බත් මුල් දෙකක් සකසා ඉන් එකක රජුගේ ඔටුන්නෙහි සිළුමිණ සඟවා පංචපාපාට ගෙනැවිත් දුන්නේ ය.

මේ අතරෙහි රජතුමා රජගෙදර සිළුමිණ අස්ථානගතව ඇතැයි ප‍්‍රසිද්ධ කොට මාලිගාවල් හා නගර ගම් බිම් සියල්ල පරීක්ෂා කරවන්නට නියෝග කළේ ය. රාජපුරුෂයෝ දිළිඳු ගෙවල පවා හැලි වළන් හා බත් මුල් ආදිය ද ලිහවා සිළුමිණ සොයන්නට වූහ. පංචපාපා ගේ නිවස පරික්ෂාවේදී සිළුමිණ හමු වී රාජපුරුෂයෝ ඒ දෙමහල්ලන් බැඳ රජගෙට පැමිණවූහ. එහෙත් ඔවුන් රජතුමා හමුවේ කියා පෑවේ මේ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් තම බෑණා ගෙනැවිත් දුන් බත් මුලෙහි මෙය තිබූ බවයි. පංචපාපා කියුවේ ඔහු රාති‍්‍රයෙහි පැමිණ රාති‍්‍රයෙහි පිටත් වන හෙයින් දිවා කල හඳුනාගත නොහැකි බවයි.

සිළුමිණෙහි සොරා සොයන්නට රජතුමා අපූරු උපායක් යෝජනා කළේ ය. එනම් පංචපාපා තරුණිය රාජාංගණයෙහි තබා තිරයක් ඇද තිරයේ කුඩා කවුළුවක් කරවා ‘සියලු නුවර වැස්සන් රැස් කරවා එකිනෙකා තම අත කවුළුවෙන් ඇතුළට දැමිය යුතු බවත් ඒ අත් පරික්ෂා කොට සොරා අල්වා දිය යුතු බවත් ය. රාජපුරුෂයෝ ද එලෙස ම එය සංවිධානය කළහ.

ඇය පෙවු පෙවූ අත අල්වා ඒ නොවේ යැයි කියන අතර ඇගේ ස්පර්ශයෙන් දිව පහස් ලද්දා සේ බොහෝ පුරුෂයෝ දඩයක් ගෙවා හෝ ඇය ලබා පාද පරිචාරිකා කර ගන්නා රිසියෙන් ඉවත් ව නො ගොස් සිටියහ. රාජපුරුෂයෝ ඔවුනට දඬු මුගුරුවලින් පහර දීත් එළවා ගන්නට නොහැකි වූහ. රජු හැර සියලු දෙනා අත පෙවූ මුත් සොරා සොයන්නට බැරි වූ හෙයින් රජු ද ගොස් අත පෙවී ය. එවිට මේ අත හිමි තැනැත්තා නම් තම සැමියා යැයි තරුණිය කෑ මොර දෙන්නට විය.

ඇගේ අත අල්වා ගෙන ම රජතුමා අමාත්‍යවරුන් විමසූ අතර මැයගේ ස්පර්ශය ඔවුහු වර්ණනා කළහ. රාජ්‍යයෙන් ලැබෙන නින්දා හේතුවෙන් මැය රජමැදුරට ගෙන්වා ගත නොහැකි වූ හෙයින් මෙය තමාගේ උපක‍්‍රමය කැයි කියා සියලු පුරුෂයෝ බලා සිටියදී රජු ඇය අග මෙහෙසුන් තනතුරෙහි තබා ගත්තේ ය. ඇගේ දෙමාපියන්ට සියලු ඉසුරු ප‍්‍රදානය කළ අතර අන් ස්ත‍්‍රීන් දෙස අනුරාගයෙන් නොබලා ඇගේ පහස ම මේ රජතුමා ප‍්‍රාර්ථනා කළේ ය.

මනෝවිද්‍යාත්මක නවකතාවක් කරන්ට තරම් අවශ්‍ය වස්තු බීජයක් මේ කථාව ඇතුළත පවතී. බැලීමට අපහසු අප‍්‍රිය අතපය කොර වී ගිය මුහුණ විරූපී මේ පංචපාපාවගේ ශරීරයේ පහස සියලු පිරිමින්ගේ මන දොළ සපුරන පහසක් වූයේ කෙසේ ද? ඔවුන් කාන්තාව කාම වස්තුවක් බවට පත් කර ගත්තේ ස්පර්ශය පමණක් හේතු වෙයි.

පංචපාපා ලබන්නට නුවරක් ම කැලඹවූ රජුගේ මනස හැසිරුණේ කෙසේ ද යන්න පරීක්ෂා කර බැලිය යුතු ය. සොඳුරු බිරියන් හැර දමා දූවිලි වැකුණු අප‍්‍රසන්න කතුන් සොයා යන නූතන පිරිමි ගැන නිතර සාකච්ඡා වෙයි. ඔවුන් සියල්ල උක්ත රජු වැනි චරිත නොවේ ද? ස්පර්ශය ස්තී‍්‍ර පුරුෂයන් ආකර්ෂණය කරවන ප‍්‍රබලම සාධකය බව බුදු හිමියන් දේශනා කළේ මේ නිසා විය හැකි ය.

මෙහි රජුගේ කි‍්‍රයාවලිය මිනිස් සිතේ විකෘති කාමාශාවන් පිළිබඳ කදිම විවරණයකි. කුණාල ජාතකයේ පෙර සතියේ විවරණය කළ කථාවෙහි අප‍්‍රසන්න පුරුෂයකු කරා ගිය රූමත් කතක් ගැන කියවුණි. මෙය අප‍්‍රසන්න ගැහැනියක් වෙත ගිය රජකුගේ කථාවකි.

මුළු අන්තºපුරයක් හැර දමා රජු පිනවූයේ මේ කතයි. මේ අනුව ස්ති‍්‍ර පුරුෂ භේදයකින් තොර ව ම මිනිස් සිතේ ගූඪත්වය ජාතක කථා කරුවා කදිමට නිරූපණය නොකරන්නේ ද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: