Posted by: lrrp | July 5, 2011

ගිලන්පස මල් පහන් සුවඳදුම් පූජාවන්ට අර්ථාන්විත ගාථා

~~ පහන් පූජාව ~~
වෙනෙය්‍ය හදයෙ මොහ – තොමොක්ඛන්ධ විනොදකං
දීපෙනෙතෙන පූජෙමි -පඤ්ඤාදීපධරං ජිනං

ඉමිනා පුඤ්ඤකම්මෙන – පඤ්ඤවා සීලවා සදා
භවිත්වාන ලභෙ සීලං – ධම්මචක්ඛුං අනුත්තරං

වෙනෙය්‍ය ජනයන්ගේ හර්දයෙහි මෝහ නැමැති අන්ධකාරස්කන්ධය දුරුකරන්නා වූ “ප්‍රඥා” නැමැති ප්‍රදීපය දරන්නා වූ පස්මරුන් දිනූ තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි.

මේ පින්කමින් මම සෑම කල්හි නුවණැත්තකු වී සිල්වතෙකු වී අනුත්තර ධර්මචක්ෂුස වූ අරහත්මාර්ග ඥානය වහා ලබන්නෙම්වා !

~ මල් පූජාව ~~

අනන්ත ගුණවන්ණස්ස – සුද්ධසීලසුගන්ධිනෝ
පූජෙමි ලෝකනාථස්ස – පුප්ඵමෙතං මනොරමං

ඉමිනා පුඤ්ඤකම්මේන – භවිත්වා සීලවා සදා
පප්පොමි පරමං සන්තිං – නිබ්බානං බුද්ධවන්ණිතං

අනන්ත ගුණවර්ණ ඇත්තා වූ පවිත්‍ර වූ සිල්සුවඳ ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම් මල් පූජා කරමි. මේ පින්කමින් සෑම කල්හි සිල් ඇත්තේ වී බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද පරම ශාන්තිය වූ නිර්වාණයට පැමිණෙම්වා !

‎~~ ගිලන්පස පූජාව ~~

තිදොස සමනං දෙහ – බලදං ආයුවඩ්ඪනං
ගිලානපච්චයං එතං -පණීතං මධුරං සුචිං

මහාදයස්ස පූජෙමී – කිලෙසාමයහාරිනො
පුඤ්ඤෙනෙතෙන පප්පොමි – සබ්බසඤ්ඤෝජ නක්ඛයං

වා පිත් සෙම් යන තුන් දොස් සමනය කරන්නා වූ බල වඩන්නා වූ ආයු වඩන්නා වූ පවිත්‍ර වූ ප්‍රණීත වූ සුමිහිරි වූ මේ ගිලන්පස සත්ත්වයන්ගේ කෙලෙස්මල දුරුකරන්නා වූ මහාකාරුණිකයන් වහන්සේට පූජා කරමි. පූජා වේවා . මේ පිනෙන් සකල සංයෝජනයන් ක්ෂය කරන්නා වූ අරහත් මාර්ගයට පැමිණෙම්වා !

~~ පැන් පූජාව ~~

ධම්මොදකෙන සත්තා නං – පාපමල විසොධකං
පානීයෙනාභි පූජෙමි – ලොකනාථං දයාලයං

ධර්මය නැමැති පවිත්‍ර ජලයෙන් සත්ත්වයන්ගේ පව් සෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ ලෝකනාථයන් වහන්සේට මේ පැන් පූජා කරමි. පූජා වේවා. මේ පිනෙන් සකල ක්ලේශමල ශෝධනය කරනා වූ සියළු දුක් ගිනි නිවන්නා වූ අරහත් මාර්ග ඥානය වහා ලබන්නෙම්වා !

~~ සුවඳ දුම් පූජාව ~~

දෙසෙත්වා පවරං ධම්මං -පාපාමගන්ධ නාසකං
සුගන්ධිනා’හං ගන්ධෙන – පූජේමි ලෝක නායකං

උත්තම වූ ධර්මයක් දේශණා කොට ලෝකයේ පව නැමති දුක දුරු කරන්නාවූ ලෝක නායකයානන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා !

(ගාථා පාඨය උපුටාගැනීම අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමිපානන් වහන්සේගේ පුන්‍යෝපදේශයෙනි.)

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: