Posted by: lrrp | July 17, 2011

භූත වෙළෙඳාම පෙරේත රස්සාවක්

මේ කාලයේ නො විකිණෙන දෙයක් නැත. ඒ අතර දෙවියන් ද, භූතයන් ද, පමණක් නොව මළ පෙරේතයන් ද වෙළෙඳපොළේ ලොකු ගණන්වලට විකිණෙයි. එහෙත් මිනිසුන් මුළා කරන අරමුණින් කැරෙන භූත වෙළෙඳාම ඇත්තටම පෙරේත රැකියාවක් බවත් කිව යුතුය.

“දෙවි දේවතාවුන්නාන්සේ විතරක් නෙවේ, යක්ෂ, පේ‍්‍රත, පිසාච යනාදී හැටියට මිනිස් ඇසට නො පෙනෙන අදෘෂ්‍යමාන සත්ත්වයන් මේ මහ පොළොවේ අප අවට ජීවත්වෙන බව බුදු දහමේත් පිළිගත්ත සත්‍යයක්. ඒත් මේ නො පෙනෙන භූත බලවේග පහසුවෙන් මුදල් උපයන ජාවාරමක් බවට පත් කර ගැනීම නම් මහා අකුසලයක්. භූතයන් ගෙන් කරදර විපත් ඇති වුණහම යාතු කර්ම යනාදියෙන් සහන පැතීම වරදක් නෑ.

නමුත් ප්‍රතිකාරයට වඩා නිවාරණය ඉතා ප්‍රශස්ථයි කීවා වාගේ භූත දෝෂ කල් ඇතිවම වළක්වා ගෙන යහපත් ඇවතුම් පැවතුම් ඇතිව ජීවත්වීම තමා ඉතා වැදගත් වන්නේ මා මුලින් ම කැමතියි අන්න ඒ ගැන කතා කරන්න.”

මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘතික පදනම මඟින් පවත්වන ඡ්‍යොතිෂ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ඡ්‍යොතිෂය හා යාතුකර්ම පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකි.

ඊටත් අමතරව ඒ මහතා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ද බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර ඔහුගේ විශේෂත්වය වන්නේ මෙරට නම් දැරූ ගුප්ත විද්‍යා පරම්පරාවකින් පැවත එන ප්‍රාමාණික උගතකු වීමය. භූත දෝෂ පිළිබඳව බොහෝ දෙනා පෙර නොවූ විරූ උනන්දුවකින් කතා කරන මේ කාලයේදී ඔහු ඒ සම්බන්ධයෙන් පළ කරන අදහස් මතු දැක්වේ.

“අපි මුලින්ම පේ‍්‍රත නම් සත්ත්ව කොට්ඨාසය ගැන කතා කරමු. රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන්, “නිර්වාණ විනිශ්චය” නම් ග්‍රන්ථයේ මේ ගැන අගනා විස්තරයක් කර තිබෙනවා. ඒ අනුව පේ‍්‍රතයෝ වර්ග 12 කි. වන්තාස – කියන පේ‍්‍රතයන් සෙම් – සොටු ආහාරයට ගෙන ජීවත් වෙනවා. කුණපාස නම් පේ‍්‍රතයින් මිනිසුන්ගේ හා සතුන් ගේ මළකුණුවලින් යැපෙනව. ගුථඛාදක නම් පේ‍්‍රතයින් ආහාරයට ගන්නේ අසූචි. කටින් ගිනිදැල් විහිදෙන පේ‍්‍රත වර්ගය හඳුන්වන්නේ අග්ගිජාලමුඛ කියන නාමයෙන්.

සූවිමුඛ නම් පේ‍්‍රතයින්ට ඉඳිකටු සිදුරක් තරම් මුඛයක් හා යෝධ හැලියක් ප්‍රමාණයේ උදරයක් තියෙනවා. තණ්හට්ටිත කියන්නේ තවත් පේ‍්‍රත වර්ගයක්. මොවුන් නිතර සාගින්නෙන්, පිපාසාවෙන්, සහ ආහාර පාන ආශාවෙන් කල් ගෙවනවා.

ගින්නෙන් පිළිස්සුණ කණුවක් වගේ වියළී ගිය සිරුරු ඇති පේ‍්‍රතයින් හඳුන්වන්නේ සූනිජ්ක්ජාමක යන නාමයෙන්. පබ්බතංග කියන්නේ පර්වත ප්‍රමාණයේ විශාල සිරුරු ඇති පේ‍්‍රතයෝය. අජගරංග පේ‍්‍රතයින්ට ඇත්තේ පිඹුරන් වැනි සිරුරුය. වේමාතික නම් පේ‍්‍රත වර්ගය කලින් කලට සැප – දුක් දෙකම විඳිනවා. මහිද්ධික නම් පේ‍්‍රතයින් වනාන්තරයේ ජීවත්වෙන යම් සෘද්ධි බල ඇති සත්ත්ව කොට්ඨාසයකි.”

චන්ද්‍ර භාරතී මහතා තව දුරටත් පවසන පරිදි නො පෙනෙන භූත කොට්ඨාස තවත් රාශියකි. ඒ අතරින් යම් භූත කොට්ඨාස හට ගන්නේ මිය පරලොව යන මිනිස් ආත්මවලිනි.

“බුදු දහමේ තිරොකුඩ්ඩ සූත්‍රයේ කදිමට පේ‍්‍රත සංකල්පය විස්තර සඳහන් වෙනවා. ඒ අනුව නිරයේ අපා දුක් විඳින පේ‍්‍රත පිසාචයන් හට ගන්නේ කර්මානුරූපව බව සඳහන් වෙනවා. මේ ලෝකයේ ජීවිතයේදී අධික ඊර්ෂ්‍යාව, තණ්හාව, ක්‍රෝධය, වෛරය, පළි ගැනීම වැනි පාප සිතුවිලි සහිතව මිය පරලොව යන ඥාති මිත්‍රාදීන් ඔවුන්ගේ ජීවත්වෙන ඥාති මිත්‍රාදීන් අතර ම කළ කුසල් අකුසල් අනුව විවිධ භූතාත්ම ලබනවා. මෙයින් පරතුප්ත උපජීවි යනුවෙන් හැඳින්වෙන අයට මෙලොව ඥාති මිත්‍රාදීන් කරන පින් අනුමෝදන් කිරීම් අනුව ඒ පාපී ජීවිතයෙන් මිදිලා යම් සුගතියකට පත් වෙන්න පුළුවන්. ඒ හැර අනෙක් පේ‍්‍රත, පිසාච භූත කොට්ඨාසයන්ට පින් ලබා ගැනීමේ වරම් නෑ.

ඔවුන් කල්ප ගණන් දුක් විඳිනවා. හොඳින් මතක තියා ගන්න. මෙලොවදී දූ පුතුන් ගෙන් ඥාති මිත්‍රාදීන් ගෙන් සංග්‍රහ සත්කාර ආදරය, කරුණාව, නොලබන ඇතැම් කෙනෙක් මිය පරලොව යන්නේ පාප සිතුවිලි ඇතිවය. ඔවුන් අතරින් කෙනෙක් පේ‍්‍රත, පිසාච, භූතාත්ම ලබලා තමන් ගේ ඥාති මිත්‍රාදීන් අතරම සැරිසරනවා. නොයෙක් හානි උපද්‍රව කරන්න උත්සාහ දරනවා. නමුත් බලන්න මේ තත්ත්වය ඉතාම පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්. කෙනෙක් මිය ගිය විට පින් දීම හොඳයි. ඒත් අවශ්‍ය වන්නේ තමන් ගේ මවට – පියාට – අත්තම්මාට – සීයාට – දූ දරුවන්ට ඔවුන් ජීවත්ව සිටියදී ආදරය – කරුණාව – සංග්‍රහ සත්කාර සහ යුතුකම් ඉටු කරන්න මතක තබා ගැනීම වැදගත් එක පැත්තකින් ඒ තමා මනුස්ස සදාචාරය. අනිත් පැත්තෙන් කළගුණ සැලකීම, තවත් පැත්තකින් කුසල් රැස්කර ගැනීම.

මේ විදිහට ජීවත්වෙන කිසිම කෙනෙකුට තමන් ගේ මළගිය ඥාතීන් ගෙන් භූත දෝෂ එල්ල වෙන්නේ නෑ. මේ වගේ සිද්ධි දහස් ගණනක් මම දන්නවා. එක පව්කාර සල්ලිකාර පුතෙක් හිටියා. තමන් ගේ අසරණ වයසක තාත්තාව කාමරයකට කොටු කරලා තියා ගත්තා. සැලකුවේ හිරකාරයකුට වගේ. අර පියා මිය ගිහිං භූතාත්මයක් ලබලා අර ගෙදරම හැසිරෙන්න පටන් ගත්තා. රුපියල් දස ලක්ෂ ගණන් වියදම් කරලා තොවිල්, යන්ත්‍ර, මන්ත්‍ර වැඩ කළා. අන්තිමට පුතා හිඟන්නකු ගේ තත්ත්වයට පත් වුණා.

මේවා අපි හැබෑවටම දැකපු දේවල්. මම භූතයෝ දැකලත් තියෙනවා. දෙමවුපියන්ට සළකන්නේ නැති වසලයොත් දැකලා තියෙනවා. ඉන් පස්සේ මළගිය ඇත්තෝ පේ‍්‍රත – පිසාචයෝ කරදර කරනවයි කියලා ලෝකෙට ඇහෙන්න බෙර ගහලා තොවිල් නටලා වැඩක් නෑ. මම මුලින්ම කීවේ ඒකයි. මළගිය අයගෙන්, පේ‍්‍රත, මළ යකුන් ගෙන් මිදෙන්න තියෙන පළමුවැනි නිවාරණ ක්‍රමය තමා තමන්ගේ මවට – පියාට – ඥාතීන්ට , දූ දරුවන්ට ඔවුන් ජීවත් ව සිටියදී සංග්‍රහ සත්කාර කිරීම, මෙන්න මේ දේ මූලිකයි.

බලන්න අපේ ශාස්ත්‍රයේ හැටියට පරතුප්ත උපජීවි නම් තත්ත්වයට පත්වෙන මළගිය කෙනෙකු වෙනුවෙන් මෙලොව දී කරන පින් අනුමෝදන් කිරීම් නිසා ඔවුන්ට දින 7 කින් යම් සුගතියක් ලබන්න පුළුවන්. ඒ මළගිය විට කරන පින් අනුමෝදන් කිරීමක්. එතකොට හිතන්න මෙලොව ජීවත්ව සිටියදී කරන සංග්‍රහ සත්කාර නිසා ඒ දෙපාර්ශ්වයටම කොයි තරම් කුසල් බලයක් අත් වෙනවා ද කියලා.

“උපනත් පේ‍්‍රතව පව් කොට නොපනත්
කලෙකත් නොලැබෙයි
සෙම් සොටු පමණක්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්
කලෙකත් පින් නොකළැයි සිතුණත්”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: