Posted by: lrrp | July 21, 2011

සිතින් චෝදනා නොලබනන් වෙමු

සමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි භාහිර ප්‍රශංසාවට කැමතියි. ලෝකයාගේ ප්‍රශංසාව හොයාගෙන යනව. ප්‍රශංසාව ලබාගන්ට හැම දෙයක්ම කරනව. යන්නෙ එන්නෙ කතා කරන්නෙ හැම එකක්ම කරන්නෙ ප්‍රශංසාව බලාපොරොත්තුවෙන්. අන්තිමට එයා රඟපාන චරිතයක් බවට පත්වෙනව. එයාගේ සංවරය තියෙන්නෙ ඉන්න තැන විතරයි. ඇයි එයා ප්‍රශංසාව බලාපොරොත්තුවෙන්නෙ ඉන්නෙ. අනුන්ගේ ප්‍රශංසාවට කැමතියි. ඒක එයා හොයනව. ඉතින් එයා ඒ සඳහා තමයි කටයුතු කරන්නෙ. අන්තිමට එයා සට කපට මායා ආදී අකුසල් තමයි පෝෂනය කරන්නෙ. ඇයි එයා හොයන්නෙ අනුන්ගේ ප්‍රශංසාව.

ඒ නිසා කවදාවත් අනුන්ගේ ප්‍රශංසාව හොයාගෙන කටයුතු කරන්නට එපා. අනුන්ගේ ප්‍රශංසාව බලන කෙනා ප්‍රමාදයට යනව මයි. එයා මුලාවෙලා යනව. අනුන්ට අහුවෙලා යනව. යම් යම් අයගෙ පුංචි ප්‍රශංසාවට අහුවෙලා තමන්ගෙ කාලය නාස්ති කරගන්නව. අප්‍රමාදය කරා යන්ට එයාට බැරුව යනව. එයා මොහොතින් මොහොත ප්‍රමාදය කරා යනව. ඒ නිසා අපි කළ යුත්තේ තමාගේ හිත තමාටම ප්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ට. බාහිර ප්‍රශංසාව අපිට වැඩක් නෑ. තමාගේ හිත තමාට ප්‍රශංසා කරන්න කටයුතු කරන්න

ඒ වගේම බාහිර නින්දාවට බය වෙන්ටත් එපා. බාහිරින් අපි නින්දා ලැබිය යුත්තෙක් නොවිය යුතුයි. විශේෂයෙන් තමාගේ හිත තමාට චෝදනා නොකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. ඉතින් බාහිර ලෝකයෙන් අපිට චෝදනා එයි නින්දා එයි. ඒව ගැන අපිට කරන්ට දෙයක් නෑ. නින්දා ලැබිය යුත්තෙක් වුනොත් බාහිරින් සහ අභ්‍යයන්තරයෙන් දෙකෙන්ම නින්දා එනව මයි. හැබැයි තමාගේ හිත තමාට චෝදනා කරන්නෙ නැත්නම්, තමාගේ හිත තමාට නින්දා කරන්නෙ නැත්නම්, බාහිර ලෝකයේ නින්දාවෙන්, බාහිර ලෝකයේ චෝදනාවෙන් තමා යටවෙන්නෙ නෑ. ඒ නිසා තමාගේ හිත සමඟ චෝදනා නොකරන කෙනෙක් බවට පත්වෙන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: