Posted by: lrrp | July 28, 2011

අපි නින්දා ලැබිය යුත්තෝ නොවිය යුතුයි

අපි නින්දා ලැබිය යුත්තෝ නොවිය යුතුයි. චෝදනා ලැබිය යුත්තෝ නෙවිය යුතුයි. අපි ප්‍රශංසා ලැබිය යුත්තෝ බවට පත්වෙන්ට ඕනැ. හැබැයි ප්‍රශංසා අපේක්ශා කරන්ට එපා. ප්‍රශංසා ලැබෙයි කියල හිතන්ට එපා. ප්‍රශංසා හොයාගෙන යන්ට එපා. ප්‍රශංසා ලැබිය යුත්තෝ බවට පත්වෙන්න. නින්දා නොලබන අය බවට පත්වන්ට ඕනැ. ප්‍රශංසා ලබන අය බවට පත්වෙන්ට ඕනැ.

හැබැයි නින්දා ලැබිය යුත්තෝ වෙලා නොලැබී තියෙන්ට පුළුවන් නේද? හැබැයි තමන්ගෙ හිතින් චෝදනා කරනව. චෝදනා ලැබිය යුත්තෝ වෙන්ට එපා කියල කියන්නෙ ඒකයි. චෝදනා ලැබිය යුත්තෝ වුනොත් එහෙම ලෝකයෙන්ම ප්‍රශංසා ආවත් හිත චෝදනා කරනව. හිත නින්දා කරනව. නුඹ මේ වගේ මනුශ්‍යයෙක් කියල තමාගේ හිත තමාට නින්දා කරනව, චෝදනා කරනව.

ඒ නිසා අපි නින්දා ලැබිය යුත්තෝ වෙන්ට හොඳ නෑ. අපි කොහොම හරි විය යුත්තේ ප්‍රශංසා ලැබිය යුත්තෝ. හැබැයි ප්‍රශංසා අපේකෂා කරන්ට එපා. ලෝකෙම නින්දා කරනව කියල හිතන්න. හැබැයි අපේ හිත ප්‍රශංසා කරනව. හිත අපිට චෝදනා කරන්නෙ නැත්නම් ලෝකෙම නින්දා කළා කියල අපිට කිසි ගැටලුවක් නෑ. අපි ප්‍රශංසාව හොයාගෙන යනව. නින්දාවට කැමති නෑ. හැබැයි බාහිර ප්‍රශංසාව තමයි අපි කැමති වෙන්නෙ. ලෝකයාගේ ප්‍රශංසාවට කැමතියි. අපි කැමති විය යුත්තේ ලෝකයාගේ ප්‍රශංසාවට නෙවෙයි. තමාගේ හිත තමන්ට චෝදනා නොකරන තමන්ගේ හිත තමන්ට තමන්ට ප්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ.

මුලු ලෝකයම ප්‍රශංසා කරනව කියල හිතන්න. හැබැයි අපේ හිත අපිට චෝදනා කරනවා නම් ඒ ලෝකයෙන්ම ලැබෙන ප්‍රශංසාවෙන් අපිට අල්ප මාත්‍රයක ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා ලෝකයාගේ ප්‍රශංසාව අපේක්ශා කරන්ට එපා. කිසි යම්ම දවසක ඒක අපිට වැඩක් වෙන්නෙ නෑ. අපි බලාපොරොත්තු වෙන්ට ඕනැ අපේ හිත අපිට චෝදනා නොකරන තමාගෙ හිත තමාටම ප්‍රශංසා කරන කෙනෙක් බවට පත්වෙන්ට.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: