Posted by: lrrp | August 1, 2011

පංච ඉන්ද්‍රියයන් තුළින් ඇතිවන කෙලෙස්‌

සිත අපිරිසිදු කරන හැඟීම්බර ආශා කෙලෙස්‌ ලෙස දැක්‌වේ. එම හැඟීම් ඇතිවීමට ඉන්ද්‍රිය පහක්‌ හේතු වේ. ඇස, කන, නාසය, දිව හා ශරිරය එම ඉන්ද්‍රිය පහයි. ඇසෙන් රූප දැකීම නිසා රූප කෙලෙස්‌ ඇති වෙයි. එනම් ඇස පිනවන රූප දැකීමට ඇති වන ආශා රූප කෙලෙස්‌ වේ. කනින් කන පිනවන ශබ්ද ඇසීමට ඇති වන ආශා ශබ්ද කෙලෙස්‌ වේ. නැහැයෙන් නැහැය පිනවන සුවඳ ආඝ්‍රානය කිරීමට ඇතිවන ආශා ගන්ධ කෙලෙස්‌ වේ. දිවෙන් දිව පිනවන රස විඳීමට ඇතිවන ආශා රස කෙලෙස්‌ වේ. ශරීරයෙන් සිරුර පිනවන ස්‌පර්ශ විඳීමට ඇතිවන ආශා කය කෙලෙස්‌ වේ.

එහෙත් ඇසින් රූප බැලීම නරක දෙයක්‌වත් නො කළ යුතු දෙයක්‌ වත් නොවේ. නොබැලිය යුතු වන්නේ එම දැකීමෙහි සිත කිළිටි වී එහි තදින් ඇලී වැරදි ක්‍රියා කිරීමට පොළඹවන රූප බැලීමය. කනින් ශබ්ද ඇසීම ද නො කළ යුත්තක්‌ නොවේ. නො ඇසිය යුත්තේ ඇසීමෙන් සිත කිලිsටි වී එහි තදින් ඇලී වැරදි ක්‍රියා කිරීමට සිත පොළඹවන ශබ්දයන් ය. නහයෙන් ආඝ්‍රානය කිරීම නරක නැත. නරක වන්නේ යමක්‌ ආඝ්‍රානය කිරීමෙන් සිත කිලිටි වී තදින් ඇලී වැරදි ක්‍රියා කිරීමට පොළඹවන දේ ආඝ්‍රානය කිරීමය. දිවෙන් රස විඳිම ද නරක නැත. නරක වන්නේ යමක්‌ රස විඳීමෙන් සිත කිළිටි වී තදින් ඇලී වැරදි ක්‍රියා කිරීමට පොළඹ වන රස විඳීම වේ. ශරීරයෙන් ස්‌පර්ශ කිරීම ද නරක නැත. නරක වන්නේ එම ස්‌පර්ෂ කිරීමෙන් සිත කිලිsටි වී එහි තදින් ඇලී වැරදි ක්‍රියා කිරීමට පොළඹවන ස්‌පර්ෂ කිරීම් ය.

මෙම පංච ඉන්ද්‍රියයන් තිබෙන්නේ සැප විඳීම සඳහා ය. එහෙත් මෙම ඉන්ද්‍රියයන්ගෙන් සැප විඳීමට ආශාවෙන් එම සැප වැරදි ලෙස විඳීමට යැමෙන් දුක හට ගනී. තමන්ට අයිති නැති දෙයක්‌ ඇසින් දැක එය බලෙන් හෝ සොරකමින් හෝ අයුතු ලෙස අත්පත් කර ගැනීමට යැමෙන් නොයෙකුත් අන්දමේ දුක්‌ කරදර මිනීමැරීම් පවා ඇති වේ. යමක්‌ කනින් අසා එයට තදින් ආශා කර ඒ පසුපස හඹා යැමෙන් ද දුක්‌ කරදර ඇති වේ. යම්කිසි සුවඳකට වශී වී ඒ පසුපස හඹා යැමෙන් ද දුක්‌ කරදරවලට මුහුණ පෑමට සිදුවේ. මිහිරි රසට වසී වී එම රස කෙසේ හෝ විඳීමට යැමෙන් ද වන්නේ දුක්‌ කරදරවලට මුහුණ පෑමටය. හොඳ ස්‌පර්ෂ විඳීමට ආශා ඇති කරගෙන ඒ පසුපස හඹා යැමෙන් ද නොයෙකුත් විපත්වලට කරදරවලට මුහුණ පෑමට සිදු වේ.

මෙම පංච ඉන්ද්‍රියයන් වැරදි ලෙස පිනවා ගැනීමට යැම දුකට හේතුව බව බුදුපියාණන් වහන්සේ අවබෝධ කර ගත් සේක. එසේ අවබෝධ කර ගෙන එම වැරදි පහෙන් මිදී දුක නැති කර ගැනීමට ධර්ම දේශනා කළ සේක .මෙය චතුරාය්‍ය සත්‍යයේ දෙවන සත්‍යය වේ. සිත පිරිසිදු කර ගෙන බුද්ධි සම්පන්න වූ විට මෙය තේරුම් ගැනීම අපහසු නොවේ.

ඇස්‌ දෙක තිබෙන්නේ රූප දැකීම සඳහා ය. ලස්‌සන මලක්‌ දෙස, ලස්‌සන කාන්තාවක්‌ දෙස හෝ පුරුෂයකු දෙස බැලීමෙහි වරදක්‌ නැත. වරද වන්නේ සිත කිලිටි වන ලෙස කාමුක ලෙස, දුකට පත් වන ලෙස බැලීමය. ලස්‌සන බුදු රුවක්‌ දෙස, විලක පිපුණ නෙළුම් මලක්‌ දෙස, අහසේ පාවෙන වලාකුළක්‌ දෙස හෝ පියාසර කරන කුරුල්ලකු දෙස කොතෙක්‌ වේලා බලාගෙන සිටියත් ඇතිවන වරද කුමක්‌ද? කනින් ඇසීම ද එසේමය. බුදු බණ හෝ බොදු ගීතයක්‌ ඇසීමෙහි වරදක්‌ තිබේද. බට ලී නදකට වීණා නදකට හෝ වෙනත් සංගීත නදකට සවන් දීමෙහි වරදක්‌ තිබේද? මල් සුවඳක්‌ හෝ වෙනත් සුවඳැති යමක්‌ ආඝ්‍රානය කිරීමෙහි ඇති වරද කුමක්‌ද?. මී පැණි වුවත් ප්‍රමාණයකට කෑමෙහි වරදක්‌ නෑ.

නිවැරැදි ස්‌පර්ෂය වුවත් බුදු දහමින් තහනම් කර නැත. වැරදි දක්‌වා ඇත්තේ කාම මිච්චාචාරයෙහිය.

මේ ටික නිසි පරිදි තේරුම් ගත් විට දුක්‌ නැති නිවැරැදි ජීවිතයක්‌ ගත කරන සැදැහැවත් බෞද්ධයකු විය හැක. සියලු දුක්‌ නැති කර ගෙන නිවන් දැකිය හැක. බුදු දහම අනුව මිනිසාගේ පරමාර්ථය වන්නේ දුකින් මිදී නිවන් සුව ලැබීමයි. ඒ සඳහා කළ යුත්තේ කෙලෙස්‌ නමින් හඳුන්වනු ලබන සියලුම නරක සිතුවිලි නැති කර ගෙන සිත පිරිසිදු කර ගැනීමයි. එය කළ හැකි වන්නේ එම හැඟීම්වල එම සිතිවිලිවල නිෂ්ශාරත්වය අවබෝධ කර ගැනීමෙන් ය. පංච ඉJද්‍රියයන්ගෙන් විඳින සියලුම විඳීම් තාවකාලිකය. කෙටි කලක්‌ ජීවත් වී මැරී යැම වැළැක්‌විය නොහැක. එය අවබෝධ කර ගෙන හැඟීම් පාලනය කර ගැනීමෙන් දුක්‌ කරදරවලින් මිදී එම කෙටි කාලය සැපසේ ජීවත් විය හැක. එයයි නිවන. එය අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: