Posted by: lrrp | August 6, 2011

ගෙවල පෙරේතයා ආවොත් විනාසයි ඒත් දොර අරින්නෙත් අපිමයි

අපි මීට පෙර ප්‍රේත නම් අදෘෂ්‍යමාන සත්ත්ව වර්ගයා පිළිබඳව කතා කෙළෙමු. මේ ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ යක්ෂ, ප්‍රේත, පිසාච යනාදීන් ගේ ගති පැවතුම් පිළිබඳවයි. මෙවරත් ඒ පිළිබඳව අදහස් පළ කරනුයේ ප්‍රවීණ ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥයකු හා ගණිත පරපුරින් පැවත එන ඡ්‍යොතිෂවේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා ය.

ඔහු පෙන්වා දෙන පරිදි, මේ අදෘෂ්‍යමාන සත්ත්වයින්ට තෙයාකාරයකින් ක්‍රියාත්මක විය හැකි ය. දර්ශන මාත්‍ර හෙවත් දේවල් දැකීම ගන්ධ මාත්‍ර හෙවත් ගඳ සුවඳ දැනීම හා ස්පර්ශමාත්‍ර හෙවත් දේවල් ස්පර්ශ කිරීම යනාදී වශයෙනි. තවත් ලෙසකට කිවහොත් ඇතැම් අදෘෂ්‍යමාන භූත සත්ත්වයෝ ආහාරයක් දෙස බැලීමෙන් පමණක් සෑහීමට පත්වෙති. තවත් අයෙක් ආහාර දෙස බැලීමට වඩා එහි ඇති සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් සෑහීමට පත්වෙති. ඊටත් වෙනස් අයෙක් ආහාර ස්පර්ශ කිරීමෙන් පමණක් සෑහීමට පත් වන බව කියති.

එහෙත් ප්‍රේතයින් සහ මළ යක්ෂයන් යනුවෙන් හැඳීන්වෙන සත්ත්ව කොට්ඨාස දෙක අතර පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ.

දුන් දෙයක් හැර අන් දෙයක් ගැනීමට ප්‍රේතයින්ට හැකියාවක් නැත. සෙම්, සොටු, අසූචි යනාදිය ආහාර කොට ගන්නා ඔවුනට ඇතැම් විටෙක ආහාර නොලැබී ගත කරන කාලය වසර සිය ගණනක් විය හැකි ය. උතුම් පුද්ගලයින්ට දන් දෙන ආහාරයක් ඔවුන්ගේ අවසරය මත භුක්ති විඳීමට ලැබෙන අවස්ථා ද ඇත. ඇතැම් ප්‍රේතයෝ වසර සිය ගණන් සා පිපාසාවෙන් පෙළෙති. දුක් අඳෙීනා නඟති. මෙලොව සිටින ඥාතීන් අනුමෝදන් කරන පින් හේතුවෙන් මොහොතකට පමණක් සළු වස්ත්‍ර පහළ වෙයි. මේ සා දුක් විඳීමට සිදුවනුයේ ඔවුන් මෙලොවදී කළ අකුසල් හේතු කොට ගෙන ය.

අධික ලෝභය, තණ්හාව, ඊර්ෂාව යනාදී පාප සිතිවිලිවලින් බරිතව මිය යන පුද්ගල යෝ ප්‍රේතාත්ම ලබා දුක් විඳින්නෝ ය. යාතු කර්මවල යෙදෙන ඇදුරෙක් දොළ පිදේනි දුන් විට ඒවා භුක්ති විඳීමට හැකි වුව ද ප්‍රේතයකුට තම කැමැත්තට යමක් ලබාගත නොහැකි ය. යම් පුද්ගලයෙකුට ප්‍රේත බැල්මක් වැටී ඔහු ගිලන් වුවහොත් යාතු කර්මයකදී ආතුරයා ආවේශ වී නටන්නේ නැත. කළ හැක්කේ හැඬීම හා වැලපීම පමණි. එහෙත් මළ යකෙකු ගේ බැල්මට හසුවී සිටින ආතුරයා යාතු කර්මයේදී ආවේශ වී නටන්නට පටන් ගනී. ප්‍රේතයා සහ මළ යකා හඳුනා ගැනීමේ එක් ක්‍රමයකි ඒ.

මේ දෙවර්ගය අතර ඇති තවත් වෙනසක් නම් ප්‍රේතයින් බලහීන ඉතා දුබල සත්ත්ව කොට්ඨාසයකි. පහරදීම්, ගිනි තැබීම්, ගල් ගැසීම් යනාදිය සිදු කිරීමට ප්‍රේතයකුට හැකියාව නැතත්, මළ යක්ෂයන්ට ඒ සියල්ල කළ හැකි අතර මළ යකුන් ඇදුරන්ට පවා පහර දෙන අවස්ථා ඇති බව චන්ද්‍ර භාරතී මහතා පෙන්වා දෙයි.

ප්‍රේතයින්, මළ යකුන් බොහෝ විට වාසය කරනුයේ වැසිකිළි, ගෙවල්වල පිලිකන්න, කසළ ගොඩ, සොහොන් පිටි, තුංමං හන්දි යනාදී ස්ථානවල ය. නිතර සා පිපාසාවෙන් පෙළෙන ප්‍රේතයින් , මළ යකුන් වාසය කරන ස්ථානවලින් අධික දුර්ගන්ධයක් හට ගනී. මළ යකුන්ගේ හා ප්‍රේතයින්ගේ බැල්ම බැඳුණු පුද්ගලයන්ගේ සිරුරුවලින් ද එවැනි දුර්ගන්ධයක් නිකුත් වෙයි. මෙහි දැක්වෙන තවත් පුදුමයක් නම් මළ යකුන්ට කාම හැඟීම් පහළ වීම ය.

බඩ, සම පිට කයට ඇලෙන ලද්දා වූ ලබු ගෙඩියක් ව නෙරා ආ බඩ, අවුල්ව දික්වූ හිස කෙස්, කිහිලි ලොම්, උල්වූ රතු වූ නෙරා ආ දෙනෙත්, ඇස්වලින් කඳුළු, කබ පෙරෙන්නා වූ වැලපෙමින් සිටින්නා වූ ස්වරූපයෙන් මළ යකුන් දක්නට ලැබේ. ඔවුනට ඒ ස්වරූපය පහළ වන බව කියනුයේ කර්මානුරූපීව ය. ප්‍රේතයින්ට හා මළ යකුන්ට ආවේණික වූ ස්වරූප ඇත. මේ දෙවර්ගයටම හැඟීම් – දැනීම් ඇති අතර සිතා මතා ක්‍රියා කිරීමට හා අනුන් ගේ සිත් දැන ගැනීමේ හැකියාව ඇති බව ද සඳහන් වෙයි.

එනම් ඔවුනට අනුන්ගේ සිත්වල ඇති දේ දැන ගැනීමට පවා යම් බලයක් හිමි ය. ඇතැම් ඇඳුරන් මළ යකුන් බැඳගෙන ශාස්ත්‍ර – පේන – නිමිති යනාදිය කියනුයේ මළ යකුන් සතුව ඇති ඒ බලය භාවිතා කරමිනි. චන්ද්‍ර භාරතී මහතා පෙන්වා දෙන පරිදි බලයෙන් වැඩි මළ යකෙකුට කිසියම් දුරකට අනාගතය දැකීමේ හැකියාව ද ඇත. එහෙත් ගුප්ත ශාස්ත්‍රය මැනවින් දන්නා ඇදුරන් ඉදිරියේ මළ යක්කු පවා දුබල වෙති. මළ පෙරේතයන් හා මළ යකුන් අල්ලා වෙනත් තැන්වලට ගෙන ගොස් දැමීම වෙනම ම විස්තර කළ යුතු සිද්ධියකි.

“අපි අවට ඕනෑ තරම් ප්‍රේත, පිසාච, මළ යක්ෂ අදෘෂ්‍යමාන සත්ත්වයෝ හැසිරෙනවා. ඒත් යම් පුද්ගලයකුට, යම් ගෙදරකට ප්‍රේත යක්ෂ බැල්ම වැටුණොත් මහ විනාශයකි. හැමදේම නරක අතටයි පෙරළෙන්නේ. ඒ බව හඳුනා ගත්තාම ඒ පාපී අදෘෂ්‍යමාන සත්ත්වයින් පිටමං කරලා පුද්ගලයාට සහ ගෙදරට ආරක්ෂා යොදන්න ඕනේ. හරියටම හොර හතුරන්ගෙන් රැකෙන්න ජනේල දොරවල් අඟුල් දානවා වගේ මේ යක්ෂ, ප්‍රේතයින් ගෙන් රැකෙන්නත් උපාය උපක්‍රම තියෙනවා. ගෙයක් ආරක්ෂා කරන ගුප්ත ක්‍රම තියෙනවා. එතකොට වෙන්නේ මේකයි. හරියට ආරක්ෂා කරපු ඉඩමක – ගෙයක ගිනි දැල් විහිදෙනවා වගෙයි මළ යකුන්ට ප්‍රේතයින්ට පේන්නේ.

අපේ ඇහැට ෙ නාපෙනෙන ගිනි වැටක් තියෙන බව ප්‍රේතයින්ට මළ යකුන්ට පේනවා. ඒ ගිනි වැට පැනලා එන්න ඒ අයට බලයක් නෑ. නමුත් වඩා බල සම්පන්න මළ යකෙකුට ගිනි වැට තරණය කරන්න පුළුවන්. ඒක වළක්වන්නත් ක්‍රම, උපාය තියෙනවා. හැබැයි වැදගත් ම දේ ඒක නෙවෙයි. අපේ මිනිස්සුන්ගේ නරුම ගති පැවැතුම් නිසා අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න වැඩ තමා බොහෝ විට සිද්ධ වෙන්නේ” චන්ද්‍ර භාරතී මහතා තවදුරටත් මෙසේ කියයි.

“අපි අපේ ඇවතුම් – පැවතුම් මිනිස්සු හැටියට තියා ගන්න ඕනේ. ගෙයක් මනුස්ස වාසයක් වගේ තියා ගන්න ඕනේ. වත්ත වටේ පිළී ගඳ, කසළ ගොඩවල්, ගේ ඇතුළේ කිළිටි රෙදි, ඉඳුල් භාජන, මේවා තියා ගෙන රෑ ජාමයක් වෙන තුරු ටෙලිනාට්‍යය බලලා නින්දට වැටෙනවා. මොකද වෙන්නේ අහක යන ප්‍රේතයින් මළ යකුන්ට මේ තැනට ආරාධනා කරනවා වගේ. ඉතිං ඇවිත් පදිංචි වෙනවා.

මූලිකම දේ තමන්ගේ ශරීරය වගේ ම ගේ දොර හොඳ පිරිසුදුවට තියෙන්න ඕනේ. ගෙයක් ප්‍රේත විමානයක් කරගන්නේ අපිමයි. ගෙයක් තියෙන්න ඕනේ දිව්‍ය විමානයක් වගෙයි. ගෙවල් පෙරේත විමාන වුණහම ඉක්මණට ම එන්නේ ගෙවල් පෙරේතයා. ආවොත් විනාසයි. ඒ ගෙදර නිතර ගෝරි, නඩු හබ, ලෙඩ දුක්, අඳෙීනා, එන්න එන්න පිරිහෙනවා. හැබැයි අපිම තමයි ගෙවල් පෙරේතයාට ගෙට එන්න දොර ඇරලා දෙන්නේ. අමනුස්ස දෝෂයන් ගෙන් මිදෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධානම දේ හිත පිරිසුදු කැර ගැනීම. දෙවැන්න තමන්ගේ වාසස්ථානය වට පිටාව පිරිසිදුව තබා ගැනීම, භූත දෝෂ පස්සේ දුවන අයට මම ඒ ටික තමා කියන්න කැමති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: