Posted by: lrrp | August 23, 2011

කම්පන මැද අකම්පනව සිටීම

විඡ්ජා පෙන්වමින් බඩවියත රැකගත් අයෙක්‌ තම අතවැසියා අමතා මෙසේ පැවසීය. දරුව අද විඡ්ජා පෙන්වීමේදී මගේ උරහිස මත හිඳුවන උණ ගසේ ඔබ නගින විට මේ කරුණ හොඳින් මතක තියා ගන්න. මා ඔබ රකින අතර ඔබ මා රැකිය යුතුයි. එවිට අපට අපේ ආරක්‍ෂාව සහතික වන අතර ශිල්ප දැක්‌වීමද වස්‌තුව සරි කිරීමද පහසුය.

සිය විඡ්ජා ගුරුවරයාගේ මේ අදහසට ගෝලයාට කිසිසේaත් එකඟවිය නොහැකි විය. හෙතෙම ගුරුවරයා අමතා මෙසේ පැවැසීය. ඇදුරුතුමනි ඔබතුමා ඔබතුමාම රැකගන්න මා මම රැකගන්නම්, මේ අප තමා තමා විසින්ම රැක ගත්විට තම ආරක්‍ෂාවද සහතික වන්නේය. ශිල්ප දැක්‌වීමද සිදුවන්නේය.

ගුරුගෝල දෙදෙනාගේ මේ කතාබහ බුදුපියාණන්වහන්සේටද ආරංචි විය. ඒ සිද්ධිය උදාහරණයකට යොදාගත් මහා කාරුණිකයාණන්වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ දේශනා කර සිටිසේක. මහණෙනි, තමන් රැක ගන්නෙමියි යන අදහසින් සතර සතිපට්‌ඨානය සේවනය කළ යුතුය. අනුන් රකින්නෙමියි යන අදහසින් සතර සතිපට්‌ඨානය සේවනය කළ යුතුය. මහණෙනි තමන් රකින විට අනුන් රැකෙයි අනුන් රකින විට තමන් රැකෙයි.

දුක හඳුනානොගැනීමත් දුකට හේතුවකි.

එක්‌ කලෙක තුන්ලෝකාග්‍ර බුදුපියාණන්වහන්සේ විසාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේa භික්‍ෂූන්වහන්සේලා අමතා මේ ශරීරයේ ඇති අසුබ බවත් පිළිකුල් බවත් නොතිර බවත් නොයෙක්‌ ආකාරයෙන් පැහැදිලිකර ධර්මය දේශනා කරමින් අශුභ භාවනාවේ ඇති ආනිශංස දේශනා කළහ.

ඒ ධර්ම දේශනා අවසානයේ භික්‍ෂූන් අමතා මහණෙනි අඩමසක්‌ යන තෙක්‌ මම විවේකීව ගත කිරීමට කැමැතිය. මට දානය රැගෙන එන එක්‌ භික්‍ෂුවක හැර කිසිම කෙනකු මා හමුවට නොඑන්නයි පවසා විවේකීව වැඩ විසීමට ආරණ්‍යගතවූහ.

මේ අතර බුදුපියාණන් විසින් ශරීරයේ ඇති පිළිකුල් හා අසුබ භාවය දක්‌වමින් කළ ධර්ම දේශනය ගැනම සිත් යොමුකළ භික්‍ෂූන්වහන්සේලා රැසක්‌ ජීවිතය ගැන කලකිරී ජීවිතයේ නිසරු බවම සිතා මේ අසුබ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යැමෙන් පලක්‌ නැතැයි සිතා දිවිහානි කරගන්නට පෙළඹුනහ. මෙසේ දිනකට 10, 20 ආදී ලෙසට දිවිතොර කර ගත් භික්‍ෂූන් ගණන මහත්වීය.

අඩමසක්‌ ගෙවීගිය තැන සිය සමාපත්තියෙන් නැගී සිටි බුදුපියාණන් නැවත අරමට වැඩි කල්හි භික්‍ෂූන්ගේ අඩුවක්‌ දැක ආනන්ද හිමි අමතා ඒ ගැන කරුණු විමසීය. සිදුවූ දෙය විස්‌තර කළ ආනන්ද හිමියෝ ස්‌වාමිනී මේ භික්‍ෂූන් වහන්සේලාට අරහත් ඵලයට පත්වීම සඳහා සුදුසු වූ වෙනත් භාවනා ක්‍රමයක්‌ වදාරන්නේ නම් යෝග්‍යයයි ඉල්ලා සිsටියේය.

ආනන්ද හිමියන්ගේ ඉල්ලීම ඉවසූ බුදුපිsයාණන්වහන්සේ ආනන්ද හිමියන් ලවාම මේසාලියේ උන් සියලු භික්‍ෂූන් එක්‌ තැනකට රැස්‌කරවා අපමණ වූ කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව රැස්‌ව සිටි මහා සඟරුවන අමතා මෙසේ දේශනා කර සිටියහ.

“මහණෙනි ආනාපානා සති භාවනාව වඩන්න. ආනාපානාසති සමාධිය වඩනවිට එය ශාන්ත ප්‍රනීත ඉතාමත් ප්‍රසන්නද වන අතර එයම සැප විහරණය පිණිසද හේතුවන්නේය. ගිම්හානයේ අවසන් මාසයේ ඉහළට නගින දූවිල්ලක්‌ අකාල වරුසාවක්‌ නිසා එකිනෙකට නැතිවන්නේ යම්සේද එසේම උපන් අකුසල් එකෙනෙහිම නැතිව යන්නේය”.

විමසීමකට වුව ක්‍රමයක්‌ ඇත.

සතුන් පන්සීයක්‌ දෙනා මරා යාගයක්‌ කිරීමට සැරසුන උග්ගත සරීර නම් වූ බමුණා යාග භූමියෙහි සතුන් බැඳ තබා මෙසේ සිතීය. ශ්‍රමණ භවත් ගෞතමයෝ මහා නුවණ ඇත්තෙකිය සුප්‍රසිද්ධය. මා විසින් මහා යාගයක්‌ කිරීමට සූදානම් යෑයි හැඟවූ විට යාග කිරීමේ ආදීනව පක්‍ෂය හෝ ආනිශංස පක්‍ෂය මට කියාදෙනු ඇත. ඒ නිසා ශ්‍රමණ භවත් ගෞතමයෝ විමසා බලන්නෙමි යි සිතා බුදුපියාණන් හමුවට ගොස්‌ මෙසේ කීය.

භවත් ගෞතමය යාගයක්‌ සඳහා අලුතෙන්ම මඟුල් ගින්නක්‌ පිහිටුවීම හා යාග කණු සිටුවීම මහත්ඵල මහානිශංස දෙන එකකැයි මා විසින් අසා තිබේ යෑයි කියා සිටියේ ඒ බසට බුදුපියාණන්ද බ්‍රාහ්මණය අග්නි ආධානය හා යාග ස්‌තම්භ පිහිටුවීම මහත් ඵලය මහත් ආනිශංස යෑයි මා විසිනුදු අසා තිබේ යෑයි කීහ. දෙවන, තෙවන වරටත් බමුණා පෙරසේම කී විට දෙවන තෙවන වරටත් බුදුරජාණන්වහන්සේ පෙරසේම වදාළහ.

බුදුරජාණන්වහන්සේගේ මේ ප්‍රකාශයෙන් වික්‌ෂිප්තව ගිය උග්ගත සරීර ශ්‍රමණ භවත් ගෞතමය, එසේ නම් හැම අතින්ම අපේ ධර්මය හා ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ධර්මය සම වේ සැසඳේ යෑයි කීහ. බමුණාගේ මේ වැරදි වැටහීම දුටු ආනන්ද හිමියන් බ්‍රාහ්මණය, තොප තොපගේ ප්‍රශ්නය තථාගතයන්වහන්සේගෙන් අසා සිටිය යුත්තේ එසේ නොව, “ස්‌වාමිනි මම වනාහි යාගාග්නිය පිහිටුවනු කැමැත්තෙමි යාග ටැඹක්‌ ඔසවනු කැමැත්තෙමි. භාග්‍යවතුන්වහන්සේ මට හිත සැප පිණිස අවවාද කෙරෙත්වා අනුශාසනා කෙරෙත්වා” යි යන අයුරින් විචාළ යුතු යෑයි කීහ.

කම්පන මැද අකම්පනව සිටීම.

කප්පින හාමුදුරුවන් වහන්සේ බුදුපියාණන්වහන්සේට නුදුරුවම එරමිණිය බැඳගෙන සෘජු කයෙන් යුතුව භාවනානුයෝගීව වැට සිටිනු දුටු බුදුරදුන් අවට සිටි භික්‍ෂූන් වහන්සේලා අමතා මහණෙනි මේ කප්පින භික්‍ෂුවගේ ශරීරයේ කම්පනයක්‌ හෝ සැලීමක්‌ දුටුවේදැයි ඇසුසේක.

එවදනට පිළිතුරු දෙන සියලු භික්‍ෂූන් වහන්සේලා ස්‌වාමිනි මේ කප්පින හිමි හුදකලාව හෝ පිරිසක්‌ මධ්‍යයේ හෝ වැඩ සිටින විට කිසිවිටෙක ශරීරයේ සැලීමක්‌ හෝ කම්පනයක්‌ අප කිසි විටෙක දැක නැතැයි පැවසූහ.

භික්‍ෂු පිරිස වෙත සිය මහා කරුණා නෙත විදාලූ බුදුරජාණන්වහන්සේ “මහණෙනි යම් සමාධියක්‌ වැඩූ කල්හි බහුල කළ කල්හි සිතෙහි හෝ ගතෙහි කම්පනයක්‌ සැලීමක්‌ නොවේද ඒ මහණ එය නිදුකින් ලබන ලද්දකි එම සමාධිය නම් ආනාපානාසති සමාධියයි. ඔබ හැමද මනා සුවදෙන එම ආනාපානාසති භාවනාව වඩන්න.

උඩගුව හා බලය විනාශය පිණිසමයි

භික්‍ෂු සංඝයා අමතා සද්ධර්ම අනුශාසනාවක්‌ කළ බුදුරජාණන්වහන්සේ “මහණෙනි තමන්ගේ පියාණන්ට අයත් වූ හෙවත් ගෝචර වූ ස්‌ථානයෙහි හැසිරෙන්නා අගෝචර ස්‌ථානයන්හි නොහැසිරෙන්න යෑයි වදාරා සුපුරුදු ලෙස තම අනුශාසනාව වඩාත් පැහැදිලි කරනු වස්‌ මේ කථාව ගෙන හැර දැක්‌වූ සේAක.

මහණෙනි පෙර කලෙක එක්‌ ගිජු ලිහිණියෙක්‌ සැහැසිකමෙන් යුතුව වේගයෙන් පියඹා විත් කැට කිරිල්ලියක අල්ලා ගත්තේය. අල්ලා ගත් ගොදුර ඉහළට ගෙන යන අතරදී දැඩි ග්‍රහණයට හසුව සිටි කැට කිරිල්ලිය හඬමින් මම අනුන්ට අයත් වූ අපට අගෝචර වූ හෙවත් පියා සතු විෂයය ඉක්‌මවා ගිය නිසා මේ විපත මට සිදුවිය. යම්හෙයකින් අපට අයත්වූ අපට ගෝචරවූ ස්‌ථානයක මා සිටියා නම් මට මේ විපත සිදුනොවන්නේමය.

මේ අෙ¹aනාව ඇසුණ ගිජු ලිහිණියා එම්බල කැටකිරිල්ල තිගේ පියා සතු ගෝචර වූ විෂය කුමක්‌දැයි ගොරෝසු ලෙස විමසුවේය. එවිට කැට කිරිල්ල කියන්නී මගේ පියාණන්ගේ විෂය නම් නඟුලෙන් හාන ලද කෙතෙහි කැට ඉහළට නැගී ආ තැනය. මෙයෑසූ ගිජුලිහිණියාට දැනුනේ මහත් වූ ආඩම්බරයකි, හෙවත් උඬඟු බවෙකි. සිය බලය පෙන්වීමට මේ කදිම අවස්‌ථාවක්‌ යෑයි සිතූ ගිජුලිහිනියා” හොඳයි පලයන් යන්න එහෙනම්. ගිහින් මගෙන් ගැලවිලා හිටපන් බලන්න යෑයි කියමින් කැට කිරිල්ල නිදහස්‌ කළේය.

නිදහස ලත් කැට කිරිල්ලද වහා පියඹා ගියේ සී සා මතුව තිබූ සී කැටයක්‌ මතුපිට වසා ආඩම්බරයෙන් යුතුව මහා හයියෙන් දැන් ඉතින් මෙන්න පුළුවන් නම් මා අල්ලාගන්න යෑයි කීවාය. බලය හා උඬඟුව විසින් මත් කරනු ලැබ සිටි ගිජුලිහිණියා කැට කිරිල්ලගේ බස්‌ අසා ඇය ඩැහැගනු පිණිස වේගයෙන් සී කැටය වෙත පියඹා ආවේය. වේගයෙන් තමා වෙත එන අනතුර දුටු කැට කිරිල්ල ක්‍ෂණයකින් එම සී කැටය යටට ගියාය. බලය හා උඬඟුවෙන් මත්ව සිටි ගිජු ලිහිණියාට තම වේගය පාලනය කරගන්න නොහැකි වූයෙන් විසල් වියළි සී කැටයක්‌ වැදී එතනදීම මළවුන් අතරට ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: