Posted by: lrrp | August 23, 2011

නොදැනීම ගැන නොදැනීම

සංගාරව වනාහි සම්බුදු රජුන් ජීවමානව වැඩ සිටින කාලයේ යාග කිරීමෙන් තම දිවිය සරිකරගත් යාග හෝමාදියට මහත් ප්‍රසිද්ධියක්‌ ඉසුලූ බ්‍රාහ්මණයෙක්‌ විය. හෙතෙම දිනක්‌ බුදුරදුන් ඉදිරියට පැමිණියේ සත්ව ඝාතනයෙන් සිදු කරන යාගවල නිසරු බව හා ආදීනව ගැන බුදුරදුන් නිතරම පාහේ තම ශ්‍රාවක සමූහයා දැනුවත් කරන නිසාමය.

තමන් මිථ්‍යා දෘෂ්ඨ§යක්‌ වැළඳගෙන සිටින බව නොදැනගෙනම තමන් ඇදහූ ආගමට අනුව නොපෙනෙන නොහඳුනන නොදන්නා බ්‍රහ්මයෙකු හෝ දෙවියකු උදෙසා දස දහස්‌ ගණන් අහිංසක සතුන් යාග පිණිස බිලිදුන් සංගාරාව තමන් අදහන දහමට ප්‍රතිවිරුද්ධ දහමක්‌ දෙසන සම්බුදු රදුන් හමුවේ මෙසේ විමසා සිටියේය.

“භවද් ගෞතමය අපි යාග කරන්නෝ ද කරවන්නෝ ද වෙමු. යමෙක්‌ යාග කරයි නම් යාග කරවයි නම් හෙතෙමේ යාග හේතුවෙන් අනේක ශාරීරික පුණ්‍ය ප්‍රතිපත්තියට බැස ගත්තේ වෙයි හෙවත් බොහෝ දෙනෙකුට පින් සිදුකරගත හැකි පිළිවෙතක්‌ කරන්නෙක්‌ වෙයි. එහෙත් යම්කිසි කුලයකින් නික්‌ම සසුනෙහි පැවැදි වූ යමෙක්‌ වේද හෙතෙම තම ආත්මය පමණක්‌ දමනය කෙරෙයි. තම ආත්මය පමණක්‌ සංසිදුවයි. හෙතෙම තම ආත්මය පමණක්‌ පිරිනිවනට පත් කරයි. මේ නිසා හෙතෙම පැවිද්ද නිමිතිකොට ගෙන ඒක ශාරීරික ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි.

සියලු සතුනට සම මෙත් මුදු කරුණා ගුණය පෑ සම්බුදුරජාණෝ සංගාරව අමතන්නේ මෙසේ ඇසූ සේක. සංගාරාවය මෙකරුණෙහි ලා මම තොපම විමසන්නෙමි. ලෝ පහළ වන තථාගතයාණන් වහන්සේ මෙසේ පවසති. තෙපි මෙහි එවු මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි. මම ඒ මාර්ග බ්‍රහ්මචර්යයට අනුත්තර ප්‍රතිෂ්ඨාව වූ නිවන තම නුවනින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වෙසෙමි. තෙපිද එසේ පිළිපදිව්. එවිට තෙපි ද එම නිවන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙන්නහුයයි දහම් දෙසති. ඔවුනුත් එසේ පිළිපදිති. නිවන් ප්‍රත්‍යක්‍ෂ කරයි. ඒ පිරිස ලක්‍ෂ ගණනාවක්‌ මෙය මෙසේ වූ විට ඒ පුණ්‍ය ප්‍රතිපදාව ඒක ශාරිරික ද අනේක ශාරීරික දැයි බමුණාගෙන් විචාළහ.

භවද් ගෞතමය එය අනේක ශාරීරික වෙයි. සංගාරව බමුණා පිළිවදන් දුන්නේය.

මේ මොහොතේ ඉදිරිපත් වූ ආනන්ද හිමියෝ බ්‍රාහ්මණය මේ දෙකින් කවර ප්‍රතිපදාවක්‌ උපකාරක පිණිස හා උපකරණ නැති මහත්ඵල මහානිසංස වූවක්‌ වේ දැයි බමුණාගෙන් ඇසීය. සංගාරවට නිසි පිළිතුරු නැති වූ විට තෙවරක්‌ම විචාළේය. ලඡ්ජාවට හා තැතිගැන්මට පත්ව අනන් මනන් දොඩවන සංගාරවට අනුකම්පා කළ මහා කාරුණිකයාණන් වහන්සේ වෙනත් කරුණක්‌ ගැන සාකච්ඡා කිරීමට පටන් ගත් සේක.

සිවුකුල උපත

ඉන්දියාවේ කුල භේදයෙන් ආරම්භය, බුදු උපතට සියවස්‌ ගණනාවකට පෙර සිටම ආරම්භ වූවකි. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් වර්ග කෙරුණ මානව සමාජයේ සියලු අධිපතීත්වය දැරුවේ බ්‍රාහ්මණයන් විසිනි.

පසු කලෙක සම්මා සම්බුදු රජුන් වෙතින් අතිශය ලැඡ්ජා සහගත ලෙසට පිළිකෙව් කෙරුණ මේ උපත් ක්‍රමයට අනුව බ්‍රාහ්මණ මතය වූයේ බ්‍රාහ්මණයන් මහා බ්‍රහ්මයාගේ මුවින් උපත ලද අතර ක්‍ෂත්‍රියන් දෙව්රෙන්ද, වෛශ්‍යයන් දෙකලවා තුළින්ද, ශුද්‍රයන් මහ බඹුගේ යටි පතුලින් ද උපන් බවය. අරුම පුදුම උපතක්‌ වූ ඒ විකාර උපත නිශ්ප්‍රභා කළ කල්හි කුල සතරේ සැබෑ උපත මෙසේ සිදුවීලු.

ක්‍ෂත්‍රිය වංශය

ලෝකාරම්භයේ ආභස්‌සර බඹලොවින් ච්‍යතව මෙලොව පහළ වූ මිනිසුන්ගේ සිත්හි ක්‍රමයෙන් පාප ෙච්තනා පහළ වීය. පාප ක්‍රියා ආරම්භ වීය. ඔවුහු බොරු කීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය ආදී පාප ක්‍රියාවල නිරතවන්නට විය. තත්ත්වය දරුණු වන කල්හි ජනයා ඒකරාශී වී තමන් පාලනයට එක්‌ අයකු පත්කර ගන්නා ලදී. හේ නමින් රාජා විය. ජනයා සතුටු කරමි, දැහැමින් සෙමෙන් පාලනය කරන්නා යන අරුත රාජා යන වදනට අන්තර්ගත විය. මහජන සම්මතයෙන් හෙතෙම පාලකයා ලෙස තෝරා ගැනුනෙන් හේ මහා සම්මත විය. මේ රජුට පාලනය කරන්න සිදුවී තිබුණේ ද කලින් ජනතාව වෙන් කරගෙන තිබූ සීමා නියමයෙන් සහිත ස්‌වයංජාත ශාලික්‍ෂේත්‍ර හෙවත් හැල් කොටස්‌ ය. හෙතෙම රාජකාරියට අනුව කෙතට අධිපතියා විය හෙවත් ඛත්තිය විය. ඛත්තිය පසු කලෙක ක්‍ෂ්ත්‍රිය විය.

බ්‍රාහ්මණ (කුලය) වංශය

ජන සමාජය විසල් වන කල්හි පාප ක්‍රියා ද විසල් විය. එය සාමාන්‍ය මිනිස්‌ ගතියක්‌ වුවත් මේ පාප සිතිවිලි හා පාප ක්‍රියා ජන සමාජය කෙරෙහි ඇති කළේ අයහපත් තත්ත්වයක්‌මය. මේ ගැන කතිකා කළ ජන සමාජයේ කිසිවක්‌ තේරුම් ගත හැකි කොටසක්‌ ඒ පාප ක්‍රියා දුරු කිරීමේ යෙදුණෝය. ඔවුහු එහි ආදීනව හා අයහපත් බව ගැන දේශනා කළෝය. මේ නිසා පවිටු අකුසල ගති දුරු කරන්නෝ යන අරුතින් බ්‍රාහ්මණ යන වචනය පළමු කොට ඇතිවිය. වරදකට ඔවා දෙන්නට නම් පළමුව තමා සම්මතයෙහි පිහිටිය යුතුය. එවන් සම්මත සාධු ජනයා කෙරෙහි ජනතා සිත් සතන් තුළ නිබඳ බිය පක්‍ෂපාතීබවක්‌ ඇති වේ. අධිපතිභාවය ද ආරෝපණය කරගත් පසු බ්‍රාහ්මණයෝ සමාජයට බලපෑමක්‌ කළ හැකි පිරිසක්‌ විය.

වෛශ්‍ය කුලය

ජන සමාජයේ වෙසෙන බහුතරය පැත්තෙන් ගෙන බැලුවොත් වෛශ්‍ය ප්‍රජාව දෙවන ස්‌ථානය ගත්හ. ඔවුනට වෛශ්‍ය යන නාමය පටබැඳීමද එක්‌තරා අන්දමක විවාද සම්පන්න හා පැතිර ගිය අදහස්‌ ඇති එක්‌වරම අර්ථ දිය නොහැකි තත්ත්වයක විය.

සදාචාර වර්ධනයේ යෑපුන බ්‍රාහ්මණයෝ කල්ගත වෙත්ම ආරණ්‍යගතව පන්සල් ගල්ගුහා ආදියෙහි වාසය කරමින් යහපතටම යෙදූ මගක දිවිය ගෙනයාම පිණිස භාවනාදිය කිරීමට හුරුවූහ. ඔවුන් කෙරෙහි බත බුලත සපයා ගනු වස්‌ ධන ධාන්‍ය හෝ උපකරණ නොවූයෙන් දිවිරැක ගැනීම පිණිස ගම් නියම් ගම් කරා පැමිණ ආහාර සිඟාගෙන ගොස්‌ අනුභව කිරීමට පටන් ගත්හ. මේ බව දැනගත් ජනයා ඔවුනට ධ්‍යාන කරන්නෝ ලෙස හැඳින් වූ අතර මෙසේ වෙන්වුණ අයගෙන් කොටසකට නිසි පරිදි ධ්‍යාන කටයුතු කිරීමට නොහැකි වුයෙන් ඔවුන් ඒ පිළිබඳ ග්‍රන්ථකරණයේ යෙදෙන්නට වූ අතර ඔවුන් අතින් වේද ග්‍රන්ථ ඇරඹුණ අතර පසු කලෙක ඔවුන් සම්මානනීය තත්ත්වයකට පත්වුණ අතර, තවත් කොටසක්‌ ගව පාලනය, වෙළෙ¹ම ආදී කර්මාන්තවල යෙදෙමින් දරු පවුල්

රැකීමෙහි නිරත විය. මෛථුන්‍ය ධර්මයෙහි යෙදෙමින් වෙන් වෙන් කර්මාන්තයන් කරන්නෝ යන අරුත ඇති වෛශ්‍ය යන නමින් ඔවුහු ප්‍රකට වූහ. මෙහිදී සැලකිය යුතු එක්‌ කරුණක්‌ වන්නේ ගව පාලනය යන්න ගොපලු වෘත්තිය නොව සිය දහස්‌ ගණන් ගවයින්ගේ හිමිකාරත්වය යන්න අර්ථ ගැන්වීමය.

ශුද්‍ර කුලය

සමස්‌ත ජන සමාජයේ අති බහුතරය වූයේ මොවුන් ය. සමාජයේ හැඩකාරයෝද, වැඩකාරයෝ ද නොමැති නම් ඇති හැකි අය මුලින් කීවා සේ කුල තුනකට ගොනු වූ අතර නැති බැරි අය හෙවත් පීඩිතයෝ පිටුදැකිය යුතු යෑයි සම්මත කුලයකට කොටුකරන ලදී. අනුශාසනා, පාලනය කිරීම්, ගොවිතැන, මණික්‌ කර්මාන්තය වැනි ඉහළ යෑයි සම්මත කාර්යයන් සියල්ල බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය, වෛශ්‍ය කුළ විසින් බෙදා ගත් අතර, සමාජයක පැවැත්මට අනිවාර්ය කසල ශෝධනය පිරිසිදු කිරීම් සිට බැලමෙහෙවර දක්‌වා වූ අනෙක්‌ කටයුතු නිතැතින්ම පීඩිතයන් මත පැටවිනි. ඔවුන් රෞද්‍රයන් ලෙසත්, පහත් පිළිකුල් කටයුතුවල යෙදෙන්නන් ලෙසත් සලකා නොසලකා හරින ලදී. ක්‍ෂුද්‍ර හෙවත් නීච කටයුතුවල යෙදෙන්නෝ යන අරුතින් ශුද්‍රයෝ නම් වු අතර ඉන්දියාව ආර්ය ජනාවාස වූ ආදිතම යුගයේදී ආක්‍රමණිකයන් වූ සුදු පැහැති ආර්යයෝ කළු පැහැති ස්‌වදේශිකයෝ යටත් කරගෙන ඔවුන් පහත් කුලවලට නම් කරන ලදී යනුවෙන් මතයක්‌ ද පවතින අතර කුලවාදය අනුව ගත් කල වුවද බහුතරය වූ පීඩිත ජනයාගේ හමේ පැහැයත් වරප්‍රසාද ලාභී කුලවතුන්ගේ කාල වර්ණ නොවූ හමේ පැහැයත් ගෙන බැලුවද මෙය ස්‌පුඨ වන බව පෙනේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: