Posted by: lrrp | August 23, 2011

මමත්වය කුමක්‌ද ?

මමය යනුවෙන් අප සිතා සිටියත්, මම කියන්නට කෙනෙක්‌ නැහැ. මගේය කියන්න දෙයක්‌ නැහැ. නාගසේන හාමුදුරුවො මිලිඳු රජුට කරුණු පැහැදිලි කරමින් කියා සිටියා. මිනිසා, සත්වයා කියන්නේ නාම – රූප දෙකට.

මිලිඳු රජතුමා ප්‍රශ්නයක්‌ ඇසුවා. ඔබ වහන්සේගේ නම කුමක්‌ද?

මහරජ , මට නාගසේන කියාත් කියනවා. නාගසේන කියන්නෙ ඔබ වහන්සේගෙ කෙස්‌වලට ද?

නැත මහරජ

එසේ නම් මස්‌ වලටද?

ඒත් නැත

රජු මෙසේ එකින් එක අසාගෙන ගියා.

ඒ එකක්‌වත් නාගසේන නොවේ. මාහිමියන් කීවා.

එසේ නම් නාගසේන කෝ?

රජතුමනි, ඒ සියල්ල එකතු වුණාම නාගසේන.

මමත් ඔබෙන් ප්‍රශ්නයක්‌ අසමි. නාගසේන හිමියන් කීවා. අසන්න ස්‌වාමීනි

“මහරජ ඔබ මා හමුවන්න ආවේ කෙසේද?

ස්‌වාමීනි මම ආවේ රථයකින්

“කෝ ඒ රථය. අර රෝද දෙක රථයද?”

“නැත ස්‌වාමීනි”

“අර වහළය රථයද”

“නැත ස්‌වාමීනි”

නාගසේන හිමියන් ද මෙසේ එකින් එක විමසා පැහැදිලි කර දුන්නා. රථය කියන්නේ ඒ හැම දෙයෙහිම එකතුවට කියල.

අපි මම කියා සිතා සිටියද, එහි ඇත්තේ මම නොව පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ හා විඥාන යන ධාතු හය පමණමයි.

බුදු කරුණා දෑස තෙමී

පුක්‌කුසාති රජතුමාට පිහිට වනු පිණිස පෙරදා රාත්‍රියේ මැටි වළං තනන කම්හලකට වැඩිය මහා කාරුණිකයාණන් වහන්සේ අරුණෝදය නැගෙන වේලේ එතෙක්‌ තමන් වහන්සේ හඳුනාගෙන නොසිටි පුක්‌කුසාති රජුට දහම් දෙසා අනාගාමි බවට පත් කළා. පුක්‌කුසාති රජු මහණව උපසම්පදාව ඉල්ලූ වේලේ තුන් සිවුරු සපයා ගන්නයි බුදු හිමියන් කී බසට අවනතව එතුමා තුන් සිවුරු සොයා ගන්න පාළු කම්හලෙන් පිටතට ගියා. මේ අරුණෝදයේ මගේ බුදුපියාණන් වහන්සේ මා මෙහි සිටින බව මුළු රජගහ නුවරටම දැනේවා යි අධිෂ්ඨාන කොට බුද්ධ රශ්මි විහිදුවන්න පටන් ගත්තා. දොර ජනෙල් හරින හැම ගෙයක්‌ තුළටම ෂඩ් වර්ෂ බුද්ධ රශ්මි මාලා ගලා යන්න වුණා. මුළු නුවරම බුදුරදුන් වැඩ සිටින බව දැන ගත්තා. දසතින් ජනතාව බුදු හිමියන් සොයා ආවා. බිම්බිසාර මහ රජතුමා ද බුදු හිමියන් සොයා ආවා.

“ස්‌වාමීනි, වැඩියේ කොයි වෙලාවෙද” රජු විමසුවා.

මහරජ පෙරදා හැන්දෑවෙ බුදු හිමියන් වදාළා වේළුවනාරාමය තිබියදී ඔබ වහන්සේ මේ කැත, කිළිටි. අපිරිසිදු, කම්හලේද රාත්‍රිය ගතකළේ. රජු බුදු හිමියන්ගෙන් විමසා සිටියා.

“මහරජ, ඔබේ අදෘෂ්ඨ මිත්‍ර පුක්‌කුසාති රජු ඔබේ ලිපිය කියවා මහණ වෙස්‌ ගෙන යොදුන් 237 ක්‌ ගෙවා මා දකිනු පිණිස එන ගමනේ, ඊයේ රාත්‍රියෙ මෙහි නවාතැන් ගත්තා. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝ බලන වෙලාවේ මම පුක්‌කුසාති රජුගේ ක්‍රියාව දුටුවා. එපමණක්‌ නෙවි ඔහු අද නියත මරණයකට ගොදුරු වන බවත් මා දුටුවා. මා නොපැමිණියා නම් ඔහු මාර්ග ඵලය නොලබාම මිය යනවා. එනිසා මම යොදුන් 45 ක දුරක්‌ මඟ ගෙවා ඔහුට දහම් දෙසනු සඳහා ඊයේ රාත්‍රියේ මේ කම්හලට පැමිණියා. දහම් අසා ඔහු අරුනෝදයේ අනාගාමි ඵලය සාක්‌ෂාත් කර ගත්තා.

ස්‌වාමීනි මගේ නොදුටු මිත්‍රයා කෝ. මහරජ ඔහු උපසම්පදාව ඉල්ලුවා. ඒ සඳහා සිවුරු පාත්‍රා සම්පූර්ණ කර ගන්න කී විට ශාලාවෙන් පිටතට ගියා. එසේ කී බුදුරජාණන් වහන්සේ එතැනින් අතුරුදන් වී සැවත් නුවර පෙනීS සිටි සේක.

ශක්‍රයා වුවත් පින් කළ යුතුය

දිනක්‌ ශක්‍රයාට තමා දෙව්ලොවින් චුත වන බවට නිමිති පහක්‌ පහළ වුණා. මෙයින් තදබල කනගාටුවට පත්වුණ ශක්‍රයා ඊළඟට තමන් උපදින්නෙ කුමන ස්‌ථානයේ දැයි විමසා බැලුවා. ඊළඟ උපත අපායේ බවත්, දිව්‍යලෝකයක උපදින්න තරම් කාමාවචර කුසලයක්‌ තමා සතුව නැති බවත් පෙනුණා.

ශක්‍රයාට දැනුන සංවේගය, ඇතිවුන කම්පනය ඉතා ඉහළයි. ඒ වගේම ලෝභය හා ඊර්ෂ්‍යාව මතුවුණා. ශක්‍ර පදවිය නැතිවීම සමඟ තමනට අහිමි වන දේ ඔහුට සිහිවුණා. දෙදෙව්ලොවට අධිපතිකම පාණ්‌ඩුකම්බල ශෛලාසනය, නන්දන වනය, චිත්‍රලතා වනය, රියෑදුරු මාතලී සමZඟ සක්‌ රථය, ඒ විතරක්‌ද? අසූතුන් කෙළක්‌ දිව්‍යාංගනාවො – ශක්‍රයකුටවත් ඉවසා දරා ගන්න හැකි දේ ද නැතිවන්න යන්නේ. දස අතේ කල්පනා කළ ඔහු අවසානයේ තීරණය කළා එකම පිළියම බුදුරජාණන් වහන්සේ සොයා යැම පමණයි කියල.

තුන් ලොවටම එකම සමවෙත පෑ සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඉන්ද්‍රසාල ගුහාවට දිව්‍ය පුත්‍රයන් පිරිවරා ශක්‍රයා පැමිණියා. බුදු හිමියන්ගේ පා කමල වැඳ අවසර ගෙන ගැටලු තැන් පිළිබඳ ප්‍රශ්න අසමින් දහම් ශ්‍රවණය කළා. දම් දෙසුම අවසානයේ ශක්‍රයා සෝවාන් බවට පත්වීමෙන් අපායගාමී බවින් එතෙර වුණා.

සඟුන්ට ද මවක්‌ වූ මාතිකා මාතාව

සම්බුදු රජුන් වෙත පැමිණ මහණ වූ එකවැනි අදහස්‌ ඇති යහළුවන් හැටදෙනකු බුදු පියාණන්ගෙන් කමටහන් හා අවශ්‍ය උපදෙස්‌ ලබා භාවනා කරනු වස්‌ විවේක ස්‌ථානයක්‌ සොයා යන්නේ කොසොල් රට මාති නම් පිටිසර ගමට වැඩියහ.

ගම් දෙටුවා වූ මාතිගේ මව මාතිකා මාතා ය. ඕ සැදැහැත්තීය. සන්සුන් වූ පියෙවි ගමනින් වඩින මේ භික්‍ෂුන් හැට නම දුටු ඕ තොමෝ සොම්නස්‌ සිත් ඇත්තී භික්‍ෂුන් වහන්සේලාට සිය නිවසට වඩින ලෙස ඇරයුම් කළාය. භික්‍ෂුන් වහන්සේලා නිවසට වැඩි කල ගිලන්පස පිළිගන්වා වෙහෙස නිවී ගිය පසු ස්‌වාමීනි, නුඹ වහන්සේලා බැහැරක වඩින සේක්‌ දැයි විමසා සිටියාය.

“මෑණියෙනි, අපි විවේක තැනක්‌ සොයා යන්නෙමු.”

“එසේ නම් ඔබ වහන්සේලාට සුදුසු සෙනසුනක්‌ මා පිළියෙල කර දෙන්නම්. එහි නැවතුන මැනවි. එවිට මට හැකි පමණින් දාන මානාදිය ද ඉටුකර දී තෙරුවන් සරණ ගිය හැක. සෙනසුන ඉක්‌මනින් පිළියෙල වූ අතර භික්‍ෂුන් වහන්සේ හැට නම ද එහි නැවතුනේය.

සෙනසුනේදී වැඩිමහලු භික්‍ෂුන් වහන්සේගේ අදහස අනුව පැමිණි ගමනින් අර්ථයක්‌ සිදුකර ගත යුතු බවත්, ඒ සඳහා මහණ දම් පිරිය යුතු බවත් දැන දෙදෙනකු එක තැන නොරඳන්නටත්, තනි තනිව දිවා රෑ වෙන් වෙන්ව මහණ දම් පුරන්නටත් , දිනකට දෙවරක්‌ පමණක්‌ හමුවන්නටත් යමෙකුට අසනීපයක්‌ හෝ කරදරයක්‌ සිදු වූ විට ගෙඩිය ගසා අන් අයරැස්‌ කිරීමටත් කතිකා කරගෙන මහණ දම් පිරීමෙහි යෙදුණෝය.

දිනක්‌ මාතිකා මාතාව දානය ද පිළියෙල කොට ගෙන භික්‍ෂුන් වහන්සේලාගේ සුවදුක්‌ විමසනු පිණිස ද, අරමට ගියාය. කිසිම භික්‍ෂුවක්‌ ආරාමයේ නොදුටු ඇය කැපකරුවකුගෙන් තොරතුරු අසා දැන ගෙඩිය ගසන්නට අණ කළාය. ගෙඩි හඬ ඇසුණු භික්‍ෂුන් වහන්සේ තනි තනිව එනු දුටු මාතිකා මාතාව කිමෙක්‌ද ස්‌වාමීනි ඔබ වහන්සේ අතර අසමගියක්‌ අමනාපයක්‌ ඇත්දැයි විමසුවාය.

“නැත මෑණියනි, අප අතර අමනාපයක්‌ හෝ අසමගියක්‌ නැත. අප වෙන වෙනම හිඳගෙන මහණ දම් පිරීමෙහි යෙදී ඉන්නෙමු.

මහණ දම් යනු කිමෙක්‌ද හිමියනි. භික්‍ෂුන් වහන්සේලා ඇයට මහණ දම් පිරිම යනු කුමක්‌ දැයි වටහා දුන්හ.

“ස්‌වාමීනි මහණ දම් අයිති භික්‍ෂුන්ට පමණද?”

“නැත මෑනියනි, මහණ දම් ඔබට වුවද පිරිය හැක.”

එබස්‌ ඇසූ මාතිකා මාතාව භික්‍ෂුන් වහන්සේලාගෙන් මහණ දම් ඉගෙන භාවනානුයෝගීව සිට භික්‍ෂුන් වහන්සේලාට පෙරතුවම අනාගාමි ඵලය ලැබුවාය. ලෞකික අභිඥාද ලැබුවාය. ඉන් පසු ඇය තමන් උවටැන් කරන භික්‍ෂුන් වහන්සේ දෙස දිවැසින් බලා ඒ කිසිවකු තවම මාර්ගඵල ලාභී නොවන බවත්, එසේ වීමට හේතුවද දැන සුදුසු පරිදි අවශ්‍ය බොජුන් සකසා දුන්නාය. පත්‍ය වූ ආහාර ලැබ එකඟ වූ සිත් ඇති භික්‍ෂුන් වහන්සේ සැට නමම බවුන් වඩා නොබෝ දිනකින් ම මහ රහත් ඵලය ලබා ගත්හ.

අකීකරු බුද්ධ පුත්‍රයා

සිය ප්‍රාණය පුදා හෝ බුදු හිමි රකිමි යන තිර අදිටනින් යුතුව බුදුරජාණන් වහන්සේට මහත් ගෞරවයෙන් හා අතිමහත් භක්‌තියෙන් උපස්‌ථාන කළ ආනන්ද හිමියන් බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධුරය භාර ගැනීමට පෙර උපස්‌ථායක භික්‍ෂුන් කීප නමක්‌ම විසීය. නාගසමාල හිමි ඉන් එක්‌ අයෙකි.

දිනක්‌ බුදුරජාණන් වහන්සේ සය උපස්‌ථායක නාගසමාල හිමියන් සමඟ මහ මඟට පිළිපන්හ. එම මාර්ගයේ ටික දුරක්‌ වැඩිය පසු දෙමංසලක්‌ හමුවූයෙන් නාගසමාල හිමි බුදු රදුන්ගේ මඟ තෝරා ගැනීමේ තීරණයට ද පෙර ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස අප යායුතු මZඟ මේය මේ මගින් වැඩිය මැනවයි එක්‌ මං පෙතක්‌ පෙන්වා කීහ.

“නාගසමාල අප යා යුතු මඟ එය නොවේය. අනෙක්‌ මගින් අප යා යුතුය.” බුදුරදුන් වදාළහ.

“නැත ස්‌වාමීනි අප යා යුතු මඟ මෙයය.”

“නැත නාගසමාල අප යා යුතු මඟ අනෙකය.”

නාගසමාල හිමියන් තුන් වරක්‌ම තමා පෙන්නූ මගේ යා යුතු යෑයි බුදුරදුන්ට කීහ. එසේ වුවද බුදුපියාණෝ ඒ තුන් වාරයේම නාගසමාල හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. බුදුහිමියන් යමක්‌ පවසන්සේ අර්ථ පූර්ණවම බව පවා නොසැලකූ නාගසමාල හිමියෝ අමනාප ස්‌වරයෙන් ස්‌වාමීනි මම ඒ මගින් යමි. ඔබ වහන්සේගේ පා සිවුරු හා කළමනා මෙන්න” යෑයි සිවුරු ඇතුළු අනෙකුත් දෑ බිම තබා නික්‌ම ගියේය.

තමන් තේරූ මඟ බුදු හිමියන් ද යා යුතු යෑයි තීරණය කරගෙන සිටි නාගසමාල හිමියෝ තමන් ගත් මගෙහි ඉදිරියට ඇදුණෝය. ඒ මගෙහි චණ්‌ඩ සොර මුළක්‌ අරක්‌ගෙන උන්හ. ඉදිරියට එන නාගසමාල භික්‍ෂුව දුටු සොරමුළ පෙරට පැන මං පැහැරූහ. තෙරුන්ට අතින් පයින් බැට දුන්හ. සඟල සිවුර කැබලි කැබලි වලට ඉරා දැමූහ. පාත්‍රය කැට කැබිලිති බවට පත්කළහ. තවත් සුළු මොහොතකින් සොර මුළ වන ලැහැබට වන්හ. රිදුම් දෙන සිරුරින්, ඉරී ගිය සිවුරෙන් කැබලි බවට පත් පාත්‍රයෙන් යුත් නාගසමාල තෙරණුවෝ ආපසු බුදුපියාණන් වෙත පැමිණියහ. පැමිණ සම්බුදු රදුන්ගේ පා වැඳ එකත්පස්‌ව හිඳ,

“ස්‌වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වළකද්දී ඒ මගින් ගිය මා අතරමගදී සොර මුළකට මැදිවීමි. ඔවුන් මට අතින් පයින් බැට දුන් අතර සඟල සිවුර ඉරා පාත්‍රය ද කැබලි බවට පත් කළේ යෑයි දුක්‌මුසුව පැවසීය.

බුදු පුතෙකු බුදු හිමියනට සෙත් පැතූ වග

සියලු සතුන් හට දහම් රස පෙවූ මහා කාරුණිකයාණන් වහන්සේ ද සුළු සුළු අසනීප නිසා ප්‍රතිකාර ගත් බව සඳහන් ය. දිනකට පැය 2 කටත් අඩු කාලයක්‌ පමණක්‌ නින්ද සඳහා යොදා ගෙන ඉතිරි මුළු කාලයම ලෝ සතුන්ගේ යහපත උදෙසා යොදුන් ගණනක්‌ දුර අව් වැසි සීත සුළං දුක්‌ ගැහැට නොසලකා පා ගමනින් වැඩම කරවමින් පුරා 45 වසක්‌ම පොදුජන යහපතෙහි නිරත වූ අමා මෑණි බුදු පියාණන් වහන්සේ වරක්‌ රජගහ නුවර වේළුවනාරාමයේදී අසනීප වූහ. එහිදී චුන්ද හිමියෝ පිරිත් සූත්‍රයක්‌ (බෞද්Cධංග සුත්ත)

සඡ්ඣායනා කළහ. එයින්ම බුදු පියාණන් වහන්සේ සුවය ලැබූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: