Posted by: lrrp | August 23, 2011

මහිමය

වෙදකම වුවත් ලාභය පිණිස නොව යහපත පිණිසම විය යුතුය

චඛුපාල හාමුදුරුවො අන්ධ වුණේ රහත් වෙනවා සමගමයි. එහෙම වුණේ රහත් වී පිරිනිවන් පෑ පසු නැවත උපතක්‌ නැති බැවින් කරන ලද පාපයක්‌ ප්‍රතිවිපාක දිය යුතු නිසාමයි. රහතන් වහන්සේ නමක්‌ වුව චක්‌ඛුපාල හාමුදුරුවෝ මෙතරම් කතාබහට ලක්‌වුනෙත් දෑස්‌ අන්ධ වූ නිසාමයි.

පෙර භවයක චඛුපාල හාමුදුරුවො අක්‍ෂි වෛද්‍යවරයකු වෙලා හිටියා. එතුමා සොයා ආ අන්ධ වූ රෝගීවූ කාන්තාවක්‌ තමාගේ දෑස සුවකර දෙතොත් තමා දරුවනුත් සමග වෛද්‍යවරයාට දාසි කම් කරන බව කියා ප්‍රතිකාර ලබාදෙන්නැයි අයෑද සිටියා. මෙය මාගේ යහපතටත් වඩා තමන්ට ලැබෙන ලාභය ගැන සිතූ අක්‍ෂි වෛද්‍යවරයා මිල මුදලටත් වඩා දාසියො ලෙස කීප දෙනකුම ලැබෙන බැවින් හොඳ බෙහෙතක්‌ අඹරා කාන්තාවගේ දෑසෙ ගෑවා.

ඇත්තටම ඒ අක්‍ෂි වෛද්‍යවරයාගේ ඒ බෙහෙතෙන්ම කාන්තාවට මනා සුවයක්‌ ලැබුණා. ඒත් ඊට පසු ඇයට සිහිවුණා තමා වූ පොරොන්දුව. දැන් ඉතින් දරුවනුත් සමග විත් දාස කම් කළ යුතුයි නේද කියල. හරියට දෙවියන්ට බාරවුණා වගේ. දෙවියන්ට නම් ඉතින් රූපෙට රූපයක්‌ ජීවිතයට ජීවිතයක්‌ කියල බාර වුණත් පුංචි තහඩු කෑල්ලක කපපු රූප පොඩියක්‌ එහෙම නැතිනම් ජීවිතයක්‌ කියල වී කුරුල්ලෙක්‌ හරි පැණි කුරුල්ලෙක්‌ හරි දීල දෙවියන් රැවටිය හැකි උනත් පණපිටින් ඉන්න මේ වෛද්‍යවරයකු රවටන්න බැහැනේ. මීට කළ යුත්තේ කුමක්‌ද? කියා සිත සිත ඉන්න විට දිනක්‌ වෛද්‍යවරයා කාන්තාව අමතා දැන් දෑස සනීපද ඇසුවා.

තමන් වූ පොරොන්දුවෙන් ගැලවෙන්න හොඳම වෙලාව යෑයි සිතූ කාන්තාව “ඉස්‌සර නම් ටිකක්‌ හරි පෙනුන අර බේත් ගෑවට පසු කොහෙත්ම පෙනෙන්නේ නැතැයි බොරුවක්‌ම කීවා. ඒත් දක්‍ෂ වෛද්‍යවරයකුට බොරු කළ හැකිද? වෛද්‍යවරයා දැනගත්තා පොරොන්දුව ඉෂ්ඨ කරන්න වෙන නිසාම බොරුවක්‌ කියන බව. ඔහුගේ සිත වෛරයෙන් ක්‍රෝධයෙන් පළිගැනීමේ ෙච්තනාවෙන් පිරීගියා.

හොඳයි අප තව බෙහෙතක්‌ ගාලා බලමුයි කී වෛද්‍යවරයා දෙවන බේතත් කාන්තාවගෙ දෑසෙ ගෑවා. දැල්වී එළිය දෙන පහනක්‌ එක්‌වරම නිවී යන්නාසේ කාන්තාවගේ දෑස එකවරම අන්ධවුණා.

ලාභය පතා වෙදකම් කර පළිගැනීමට කළ ඒ නපුරු ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස චක්‌ඛුපාල හාමුදුරුවෝ බුදුරදුන් කල රහත් වනවා සමගම එතුමාගේ දෑස අන්ධ භාවයට පත්වුණා.

කුලියට බණ ඇසීම

අනේපිඬු සිටුතුමාගෙ පුතා කාල සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ මහා දායකයා නිතරම විහාරයට යනවා. තෙරුවන් වඳිනවා පුදනවා. වත්පිළිවෙත් කරනවා. ඒ පුතා නෙවෙයි විහාරය පැත්තෙවත් යන්නෙ. ධර්මය නොදන්නා කෙනාගෙ ජීවිතය අයහපත් මගට යොමුවන බව හො¹කාර දන්න සිටුතුමා පුතාට ධර්මය අසන්න හිත හැදෙන විදියේ උපායක්‌ කල්පනා කළා.

පුතා දෙව්රම් විහාරයට ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල එක බණ පදයක්‌ මට කට පාඩමින් කීවොත් මසුරන් දාහක තෑග්ගක්‌ දෙනවා. සිටුතුමා පුතා කාලට කීවා. බුදුරදුන්ගෙන් ධර්මය ඇසුවොත් ඒ හැම නිවැරැදි මගට යොමුවන බව සිටුතුමා දන්නවා මන්ද මහා කාරුණිකයාණන් වහන්සේ දහම් දෙසන්නේ ඒ ඒ පුද්ගලයාට වැටහෙන හා ගැලපෙන පරිදි නිසා. සිටුපුතාත් මසුරන් දාහට ඇතිවුණ ලෝභ සිතින් දෙව්රම් වෙහෙරට ගියා බුදුරදුන්ගෙන් බණ අහන්න.

ධර්මය ඇසීමෙන් සිදුවන්නේ පින් ලැබීම නොව ධර්මය පිළිබඳ අවබෝධයක්‌ ඇතිවීමය. ධර්මය අවබෝධ වූ විට ඉබේම පුණ්‍ය ක්‍රියාවලට යොමු වන නිසා පින් ලැබීමද සිදුවේ. කාල සිටු තරුණයාද මේ සත්‍යයට මුහුණ දුනි.

පුතු බණ දහම් අසන බව දුටු සිටුතුමා තම පොරොන්දුව බුදුරදුන් ඉදිරිපිටම ඉටුකිරීමට සූදානම් වී පුතුවෙත මසු දහසක ත්‍යාගය පිරිනැමීය. ධර්මයත් සත්‍යයත් යථාර්ථයත් මනාව අවබෝධ කරගෙන සිටි සිටු පුත්‍රයා ත්‍යාගය සතර නොගන්නවා දුටු බුදුරජාණන් වහන්සේ සිටුතුමාට මෙසේ වදාළහ. සිටුතුමනි, දැන් ඔබේ පුතාට මේ මහ පොළවේම එකම රජකම ලැබුණත් නැතිනම් සක්‌විති රජකම ලැබුණත් එය භාර නොගන්නා ඊට වඩා අගනා මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලටත් වඩා අගනා ස්‌වර්ග සම්පත්තිය ලැබිල. එනිසා ඔහු කෙසේවත් මසුරන් දාහක ත්‍යාගයක්‌ ගැන කිසිසේත්ම ලෝභ සිතක්‌ ඇති කර නොගනී.

අනේ පිඬු සිටු තෙමේ තම සිතැඟියාවන් මස්‌තක ප්‍රාප්ත වූවාටත් වඩා පුතු සැබෑ බෞද්ධයකු වී ජීවිතාවබෝධය ධර්මාවබෝධය ලැබීම ගැන මහත්සේ සතුටුව ලෝකාග්‍රවූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිරිපා පියුම දොහොත් නලනත තියා වැන්දාහ.

බුදු මහිමය

තුන්යම රාත්‍රියම එකම ඉරියව්වකින් හිඳ ධර්මය ඇසූ සද්ධාතිස්‌ස මහරජතුමා, කාල බුද්ඛරCත හිමියන් බුදුගුණ වැයෙන කාලකාරාම සූත්‍රය දේශනා කර අවසානයේ හිමියනි, ඔබ වහන්සේ දේශනා කළ බුදුගුණ හැරුන විට තවත් බුදුගුණ ඇත්දැයි විමසා සිටියේය.

මහරජ, බුදු ගුණ මහත්ය, අනන්තය, අප්‍රමාණය. ස්‌වාමිනී උපමාවක්‌ ප්‍රකාශ කළ මැනවි රජු අයෑද සිටියේය. මහරජ, කිරීය දහසක්‌ වූ හැල් කෙතක ඇති අසවැන්නෙන් මා කියූ බුදුගුණ එක වී ඇටයකට සමාන වේ නොකියමු. බුදුගුණ කිරිය දහසේ කෙත් අස්‌වැන්නේ ඇති වී ඇට මෙනි. මහරජ, පිරුණ සැඩ දිය පහරක්‌ ඇති ගංගාවක ජලය කොපමණ වේද? මා කියූ බුදුගුණ ඒ මහා ජලයෙන් ඉඳිකටු සිදුරකින් ගලා යන තරමේ දිය පහරකි. නොගැයූ බුදුගුණ සෙසු මහා ජල කඳ වැනිය. මහරජ, අහසෙහි පියාසර කරන ඉතාම කුඩා පක්‍ෂියා වූ වාත සකුණ ලිහිනියාගෙන් පියාපතකට වැසෙන ප්‍රමාණය කොතෙක්‌ද මා කිsයූ බුදුගුණ එපමණ වන අතර මා නොකියූ බුදු ගුණ සෙසු තෙරත් නොපෙනෙන මහ අහස මෙනි. බුදුගුණ එපමණටම අනන්තය අප්‍රමාණය.

මේ ඇසූ මහරජ අනන්තවූ බුදුගුණ උදෙසා අනන්ත වූ අහසම යොදාගනිමින් කළ උපමාව ඉතා අසිරිමත්ය. මම ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනෙමියි කියා කාළ බුද්ධරCත හිමියන් ලංකා රාජ්‍යයෙන් පිදීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: