Posted by: lrrp | August 23, 2011

වර්ණනා හා ප්‍රශස්‌ති ගී

කොසඹෑ නොහොත් කෞසම්බ් නුවර රජ කළ උදයන රජු ඒකාධිපති තත්ත්වයක අයකු වූවා සේම විනෝදකාමී අයෙක්‌ද වීය. මෙකල උඡ්ලජෙනයේ චණ්‌ඩප්‍රෙද්‍යාත රජු හා මේ උධයනරජු අතර වූයේ දැඩි විරසකයකි. විනෝදකාමියකු වුවද උධයන රජු යුද්ධයෙහි අති දක්‌ෂයෙක්‌ වුණ නිසා ප්‍රද්‍යාත රජු යුද කර නම් උදයන යටත් කරගත හැකි නොවන බව දත් නිසා කිසියම් කූඨෝපාය මාර්ගයකින් ඔහු අල්ලා ගැනීමට සිතීය.

උදයන රජුගේ තවත් දක්‌ෂකමක්‌ වූයේ ඔහු හොඳ අලි මන්තර කාරයකු වීමය. වරින් වර පිරිස්‌ සමඟ වනගත වන උදයන රජු තමා දත් හස්‌ති කාන්ත මන්තරය උපයෝගී කරගෙන අලි ඇතුන් අල්ලා තම චතුරංගනී සේනාව පුළුල් කළේය. උදයන ඇතුන් ඇල්ලීම පිණිස වනගත වූ සමයක ප්‍රෙද්‍යාත සිය සේවකයන් ලවා ලීවලින් බොරු ඇතකු සාදා වත්ස රාජ්‍ය සීමාවේ දමා ආහ. තම රාජ්‍ය සීමාවට අළුත් ඇතකු පැමිණ ඇති බව ඇසූ උදයන “ඌ” ලුහුබැඳ ගිය අතර බොරු ඇතා තුළ සැඟවී සිටි මිනිසුන් ඌ දුවවාගෙන විත් ප්‍රෙද්‍යාතගේ සීමාවට ඇතුල් කළේය. මේ බව නොදැන ඇතා ලුහුබඳිමින් නොදැනුවත්වම ප්‍රෙද්‍යාත රජුගේ සීමාවට ගිය උදයන රජු ප්‍රෙද්‍යාත රජුගේ පිරිස්‌ විසින් යටත් කර ගන්නා ලද අතර සිරකරුවකු මෙන් උඡ්ජෛනියට ගෙනයනු ලැබීය.

සිරකරුවකු වශයෙන් සිටි උදයන රජු ප්‍රෙද්‍යාත රජු ඉදිරියට පත් කරනු ලැබූ අවස්‌ථාවේ උදයන ඇමතූ ප්‍රෙද්‍යාත ඇතුන් අල්ලන මන්ත්‍රය උගන්වන්නේ නම් මම ඔබ, නිදහස්‌ කරමි නැතහොත් මරා දමමිය. තර්ජනය කළේය. උදයන වනාහී තර්ජන ගර්ජන වලට බියවන අයකු නොවීය. ඔබ මට වැඳ මගේ ශිෂ්‍යයකු ලෙස සිටිමින් මන්ත්‍රය ඉගෙන ගන්නේ නම් උගන්වමි. එසේ කළ නොහැකි නම් ඔබට රිසි දෙයක්‌ කරන්න. උදයන කීය.

ප්‍රෙද්‍යාතද මහා මාන්නාධිකයෙක්‌ වීය. ඔහු උදයනට වැඳීමටත් ඔහුට ගුරුවරයකු ලෙස සැලකීමටත් කිසිවිටෙක කැමැති නොවීය. එහෙයින් ඒ යෝජනාවට එකහෙලාම අකමැති විය. එනමුදු උදයන මරා මන්ත්‍රය විනාශ කිරීමද අපරාධයක්‌ වූ හෙයින් වෙන අයකුට මේ මන්ත්‍රය ඉගැන්විය හැකිදැයි උදයනගෙන් ඇසීය. මා කියන අයකුට ඔබ මන්ත්‍රය උගන්වන්නේ නම් මම ඔබ නිදහස්‌ කරමිය හෙතෙම වැඩිදුරටත් කීය. මේ ඇසූ උදයන ස්‌ත්‍රියක්‌ වේවා පුරුෂයකු වේවා මට වැඳ මා ගුරුවරයකු සේa සලකා ඉගෙන ගනී නම් මම මේ විද්‍යාව ගන්වමි කීවේය.

ප්‍රෙද්‍යාත රජුට ඉතා දක්‌ෂ, උගත් රූමත් දියණියක්‌ සිටි අතර ඇය වාසවදත්තා නම් වීය. තම දියණියට ශාස්‌ත්‍රය ලැබුණත් තමාට ලැබුණා හා සමාන යෑයි සිතූ ප්‍රෙද්‍යාත රජු වාසවදත්තා හස්‌තිකාන්ත මන්ත්‍රය ඉගෙනීමට ඉදිරිපත් කරන්න තීරණය කළේය. . එසේ වුවද තම දියණිය උදයන ඉදිරිපිට යෑවීමට අකමැති වූ ප්‍රෙද්‍යාත උදයන අමතා මෙසේ පැවසීය. “මගේ මාළිගයේ කුදු දාසියක්‌ මෙසේ ඇය තිරයකින් මෙපිට සිට ඔබට වැඳ මන්ත්‍රය උගනීවි. ඇයට උගන්වන්න. ඇය මන්ත්‍ර සිද්ධිය ලද විට මම ඔබ නිදහස්‌ කර ඔබේ නුවරට පමුණුවමි.

උදයන මෙයට කැමැති වූ අතර වාසවදත්තා දියණිය කැඳවූ ප්‍රෙද්‍යාත රජු ඇය අමතා මෙසේ කීය. තිරයෙන් පිටුපස සුදු කබර රෝගයෙන් පෙළෙන විරූපී මිනිසෙක්‌ වේ. ඔහු වටිනා හස්‌තිකාන්ත මන්තරයක්‌ දනී. තිරයෙන් මෙපිට සිට ඔහුට වැඳ ඔහුගේ මුහුණ නොබලා මන්ත්‍රය ඉගෙන ගත්හ.

මන්ත්‍රය ඉගැන්වීම ඇරඹිණි. යම් යම් ස්‌වර මනාව උච්ඡාරණය නොවන බව දුටු උදයන තිරයෙන් මෙපිට සිට බොල කුදියේ උඹේ තොල් බොහොම ගොරෝසුයි කීවේය. මෙය ඇසූ වාසවදත්තා තරහින් පුපුරමින් එම්බල කුෂ්ඨ රෝගිය තා රජ කුමරියන්ටත් කුදී කියනවාදැයි ඇසුවාය. සිදුවී ඇති දෙය වටහා ගැනීමට අසමත්වූ උදයන කළේ තිරය මඳක්‌ ඔසවා බැලීමය. ඔහුට දෑස අදහා ගත නොහැකි වීය. රූමත් තරුණ ලඳ දුටු ඔහු අන්දමන්ද විය. මනා රූ සපුවකින් යුත් උදයන දැකීමෙන් වාසවදත්තාද වික්‌ෂිප්ත වූවාය. ප්‍රෙද්‍යාත රජු කර ඇති මගඩිය දෙදෙනා වහා වටහා ගත්තේය. ඉක්‌බිති දෙදෙනා දෙදෙනාට ආලය කරන්න පටන් ගති. නොබෝ දිනකින්ම අවන්ති රාජ්‍යයෙන් හොර රහසේම පැන යැමට දෙදෙනා විසින් එකඟතාවයට එන ලදී.

ප්‍රෙද්‍යාත රජු හමුවූ වාසවදත්තා මන්ත්‍රය ඉෂ්ට සිද්ධි කර ගැනීමට ශුභ මොහොතින් ඖෂධ පැලෑටියක්‌ ගලවා ගත යුතුයි කියා වනයට යැම පිණිස ප්‍රෙද්‍යාතගේ චිරප්‍රසිද්ධ භද්‍රවතී නම් ඇතින්න ගෙන්වා ගත්තාය. ප්‍රෙද්‍යාත උයන් කෙළියට ගිය අවස්‌ථාවක්‌ බලා භද්‍රවතිය පිට නැගගත් ගුරු ගෝල දෙදෙනා අවන්තියෙන් පිට වූයේය. උදයන දක්‌ෂ ඇතුන් හැසිර වන්නකු වූ නමුදු ටික වේලාවකින්ම ලුහුබැඳ ආ ප්‍රෙද්‍යාත සේනාවට හසුවිය. සට කපට දක්‌ෂ ස්‌ත්‍රියක්‌ වූ වාසවදත්තා මෙවැනි දෙයක්‌ සිදුවීමට ඉඩ ඇතැයි කල් තබාම නිගමනය කර තිබුණෙන් ඊට පිළියමක්‌ ලෙස ඇය කළේ පියාගේ භාණ්‌ඩාගාරයෙන් රන්කාසි පිරවූ මුළු කීපයක්‌ම රැගෙන ඒමය. රාජ සේවකයන්ට මැදිවූ වහාම වාසවදත්තා කළේ එක්‌ මල්ලක්‌ ගෙන රන්කාසි බිමට විසුරුවාලීමය. සේනාව කාසි අහුලන අතරේ ඇතා මෙහෙයවා ඉදිරියට ගිය ද නැවතද ඔවුන් පෙරසේම කොටුවිය. ඇය තවත් මල්ලක්‌ විසුරුවාය. මෙලෙස වරින් වර කොටුවූ හැම විටෙකම රන්කාසි මල්ල බැගින් විසුරුවා භටයනට ඒවා අසුලා ගැනීමට ඉඩදී ගුරුගෝල දෙදන නිරුපද්‍රිතව කෙසැඹෑ නුවරට සැපත් වූහ.

හක්‌කේ බුදුරැස්‌ය – බොක්‌කේ දඩමස්‌ය.

තුන්ලෝකාග්‍ර වූ මහා කාරුණිකයාණන් වහන්සේ ජීවක කෝමාර භච්චගේ අඹ වනයේ වැඩ වසන සමයේ උන්වහන්සේ වෙතට ආ ජීවක නම් වූ මහා වෛද්‍යතුමා බුදු සිරිපා නැමැඳ බුදු හිමියන්ගෙන් මෙසේ අසා සිටියේය.

ස්‌වාමීනි, සතුන් මරා පිළියෙළ කරණා ආහාරය ඔබ වහන්සේ වළඳන සේකැයි මිනිසුන් ඔබ වහන්සේට දොස්‌ කියති. මෙහි සත්‍යයක්‌ තිබේද?

පිළිතුරු දුන් බුදු පියාණන් වහන්සේ මෙසේ වදාළහ. මේ දොස්‌ නැගීම සම්පූර්ණයෙන්ම මුසාවකි. යම් විටෙක මම මා වෙනුවෙන් සතුන් මරනු දුටුවේ නම් හෝ ඇසුවේ නම් හෝ මට එබඳු සැකයක්‌ ඇතිවූයේ නම් හෝ එවිට මම ඒ ආහාරය නොපිළිගනිමි. දූෂිත එකකැයි පවසමි.

විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට මෙවැනි අස්‌ථාන චෝදනා නැගුවේත් ඒවා ගම් දනව් සිසිරා ප්‍රචාරය කර හැරියේත් හුදෙක්‌ම ජෛනයෝය. එයට ප්‍රධාන හේතුව වූයේ පුදුමාකාර අන්දමින් බුදුරදුන්ගේ කීර්තිය දසත පැතිරී යාමත් මහා සංඝයාගේ ව්‍යාප්තියත් බුදු පාමොක්‌ මහ සඟනට ලැබුණ ගෞරව සත්කාර සම්මාන ජෛනයන්ට ඉවසා දරාගත නොහැකි වීමය.

කිසිවෙකු බුදු රදුනට දනට ආරාධනා කොට මාංශයක්‌ සහිත ආහාරයක්‌ දනට පිළිගැන්වූ කළ, ජෛනයෝ ශ්‍රමණ භවත් ගෞතමයෝ තමන් උදෙසා මරා පිළියෙළ කළ මස්‌ අනුභව කරතියි මහත් ඝෝෂා ඇති කළහ. එසේ කළ ඔවුන් අනුගමනය කළේ මෙවන් පිළිවෙතක්‌ය. ජෛන සාධුවරු කිසිවිටෙක කිසිවෙකුගේ ඇරයුම් පිළිනොගත්හ. මහමග යනෙන විට කිසිවෙකු ආහාරයක්‌ පිළිගැන්වුවහොත් ඔවුහු ඒවා පිළිගත්හ. එසේම එවන් අවස්‌ථාවල ලැබෙන මාංශ සහිත ආහාර කිසිම ප්‍රතික්‌ෂේප කිරීමකින් තොරව ඔවුහු ඒවා මහත් ගිජු බවින් ගිල දැමුවෝය.

වමාර වර්ණනාව

පෙහොසත් මිනිසකුට දිනක්‌ වර්ණනා කිරීමේ හා ප්‍රශස්‌ති ගායනා කිරීමේ දක්‌ෂ මිනිසකු දක්‌නට ලැබීය. තවකෙකු ලවා තමා ගැන වර්ණනා කර ගැනීමට මහත් ගිජු බවක්‌ දැක්‌වූ පොහොසතා වර්ණනාවෙහි දක්‌ෂ මිනිසා ළඟට ගියේය. හෙතෙම අන්ත දුගී මිනිසකු විය.

මං ළඟ රත්තරන් පවුම් 100 ක්‌ තියෙනවා. මම එයින් 20 ක්‌ ඔහෙට දෙන්නම්. මා ගැන හොඳ වර්ණනාවක්‌ කරනවකෝ. පොහොසතා දුප්පතා අමතා කීය. කොහොම වර්ණනා කරන්නද ඒක කොහෙත්ම සාධාරණ බෙදීමක්‌ නොවෙයිනේ. හොඳයි මං තමුසෙට පවුම් 50 ක්‌ දෙන්නම්. එතකොට අපි දෙන්නම සමානයිනෙ. එහෙව් එකේ මං මොකටද තමුසෙ වර්ණනා කරන්නේ. හරි මං තමුසෙට පවුම් 100 ක්‌ දෙන්නම්. දැන් මොකද කියන්නේ.

ඔක්‌කොම රත්තරන් ටික මගෙ ළඟ තියෙනව නම් මම මොකටද ඕයි එක පවුමක්‌වත් ළඟ නැති තමුසෙව වර්ණනා කරන්නේ. දුප්පතා කටපුරා කීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: