Posted by: lrrp | August 23, 2011

සත්‍ය කටුකය – ඵලය මිහිරිය

සත්‍ය කටුකය – ඵලය මිහිරිය

සිවි කුමරා සිවි රාජ කුලය බැබලවූ අනාගත ඔටුන්න හිමි කුමරා විය. මහ ඇමැති පුත් අභිපාරක සිවි කුමරා හා සම වයස්‌ වූහ. දෙදෙනාම මිත්‍රත්වයෙන් බැඳීගිය තක්‍ෂිලාවේ එකට අකුරු කළ ගජ යාළුවෝ වූහ.

සිවි රජුගේ ඇවෑමෙන් සිවි කුමරු රාජපද ප්‍රාප්ති වූ අතර සෙන්පති මහ ඇමැතිගේ වියෝවෙන් පසු සිව් කුමරා නව රජු ලෙස තම මිත්‍ර මහ ඇමැති පුත් අභිරාජක සෙන්පති තනතුරින් පුදනු ලැබීය.

අභිපාරක සෙන්පතිගේ බිරිඳ වූයේ රූපයෙන් මුළු නුවරම මුසපත් කළ උම්මාදයන්තියය. ඇය ස්‌වාමි භක්‌තියෙන් යුත් වැදගත් කුළ කතක්‌ වූවාය. දිනක්‌ නගර ප්‍රදක්‍ෂිණාවේ යන කරුණ සිවි රජුට මහා මන්දිරයක කවුළුවකින් මාවත දෙස බලා ඉඳිනා උන්මාදයන්තිය දකින්නට ලැබිණි. ඇය දුටු හැටියේම ඇගේ රූපශ්‍රීය නිසාම උන්මන්තයෙකු වූ සිවි රජතුමා නගර ප්‍රදක්‍ෂිණාව නවතා ආපසු රජ මැඳුරට ගොස්‌ සිරි යහනට වැදුනේ නියම පිස්‌සෙකු ලෙසිනි. හෙතෙම උන්මාදනිය කෙරෙහි බැඳුනු ප්‍රේමයෙන් මුසපත් උමතු වූවකු වී සිටියේය.

අභිපාරක රජමැඳුරට පැමිණි වේලේ සිදුවී ඇති සිද්ධි දාමය අසන්නට ලැබී වහාම රජු අභිමුවට ගොස්‌ තම යවිදිවි මිතුරා වූද මහරජ වූද සිවි කුමරා අමතා වහාම තම බිරිඳ පාවාගෙන තම උමතු බවෙන් මිදෙන ලෙස ආයාචනා කළේය. අභිපාරකගේ මෙවදන් ඇසූ සිවි රජු ප්‍රකෘති තත්ත්වයට වහා පැමිණියේය. රජුට දැඩි ලැඡ්ජා සහගත තත්ත්වයක්‌ ඇති විය. තමා කවරෙක්‌ද යන්න වහා අවබෝධ කරගත්තෙන් අභිපාරක අමතා මෙසේ කීය.

මිත්‍රය, මම සිවි රජතුමා වෙමි, සිවින්ගේ පාලකයාවෙමි. රාජ්‍ය පාලකයාද වෙමි. නේතෘවරයාද වෙමි. මගේ යුතුකම වනුයේ සිවින්ගේ උසස්‌ සිවිරාජ ධර්මය ආරක්‍ෂා කිරීමය. එහෙයින් මා තුළ උපදින චෛතසික විකාරයන්ට පහත් ආශාවනට ගැතිවීම මා වැන්නෙකුට යෝග්‍ය නොවේ.

සත්‍ය කටුකය – ඵලය මිහිරිය

සත්‍යකාම තම මව් වූ ජබාලාට මෙසේ කීය. මෑණියනි මම බ්‍රහ්මචාරීව හැසිරෙනු කැමැත්තෙමි. ගුරුන් වෙත යැම සඳහා මාගේ ගෝත්‍රය කුමක්‌ දැයි පවසන්න.

එය ඇසූ ජබාලා සිය පුතුට මෙසේ කීවාය. මා පුත මම එය නොදනිමි. තරුණ කාලයේ මම බොහෝ පුරුෂයන් සමඟ වාසය කළෙමි. එයින් ඔබ උපත සිදුවිය. එහෙයින් ඔබේ ගෝත්‍රය පැවසීමට නොදනිමි. මගේ නම ජබාලාය ඔබේ නම සත්‍යකාමය. එහෙයින් ඔබේ නම සත්‍යකාම ජබාලාය පවසන්න.

හරිදෘමත ගෞතම තවුසා වෙත ගිය සත්‍යකාම මෙසේ කීය. “මම බ්‍රහ්ම ඥනය ඉගෙනීමේ බලාපොරොත්තුවෙන් ඔබ වෙත පැමිණියෙමි.

ඔබේ ගෝත්‍රය කුමක්‌ද? මම එය නොදනිමි. මෑණියන්ගෙන් ඇසූ කල ඇය මට මෙසේ කීවාය. ඇය තරුණ කල බොහෝ පුරුෂයයන් ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මා උපත ලද හෙයින් මගේ ගෝත්‍රය ඇය නොදන්නා බවත් ඇගේ නම ජබාලා නිසාත් යමකු විමසූ විට තමන් සත්‍යකාම ජබාලා යෑයි පවසන්න යනුවෙනි.

ගෞතම සිය කටහඩ අවදි කළේය. ඔබ සත්‍යයෙන් තොර නොවූයේය. මෙය නොබමුණන්ගෙන් බලාපොරොත්තු විය නොහැක්‌කකි. එහෙයින් යාගයට අවශ්‍ය කළමනා රැගෙන එන්න මම ඔබේ උපනයනය සිදු කරමි.

සුරාව හා මුළාව

වස්‌සාන කාලය ළංවිය. ආචාර්යයන් වහන්සේ වෙත ගිය පන්සීයක්‌ පමණ ශිෂ්‍ය සමූහයා එතුමා ඇමතීය. ස්‌වාමීනී, වනයේ බොහෝ කලක්‌ විසූ අපි මිනිස්‌ පියසකට ගොස්‌ ලුණු ඇඹුල් සහිත ආහාරයක්‌ සේවනය කරන්නෙමුද?

ආචාර්යයන් වහන්සේ කියන්නේ ඇවැත්නි, මම මෙහිම වෙසෙමි. ඔබ මිනිස්‌ පියසකට ගොස්‌ සිරුරට අවශ්‍ය දේ අනුභව කොට ආපසු එන්න.

ශිෂ්‍ය තාපස සමූහයා ආචාර්යයන් වහන්සේ වැඳ බරණැසට පැමිණියහ. ඔවුන්ගේ පැමිණීම ගැන ඇසූ රජතුමා ඔවුන්ගේ ගතිගුණ ගැන අසා පැහැද වැසි සාර මාසයම තම උයනක ගතකරන මෙන් ඉල්ලා අවශ්‍ය ආහාර පානද මාලිගයෙන්ම ලැබෙන්න සැලැස්‌වීය.

මේ කාලයේම නගරයේ මධු පානෝත්සවයක්‌ පැවැත්විණි. වනගතව වෙසෙන තවුස්‌ සමූහයාට සුරාව කොහින්දැයි සිතූ රජතුමා හොදම සුරා වර්ගයක්‌ තෝරා තවුස්‌ සමූහයා වෙත යෑවීය.

රජතුමා විසින් එවන ලද මත් වතුරින් සන්තර්පණය වූ තවුස්‌ සමූහයා සුරාවෙන් මත්ව නටන්නත් ගයත්නත් වැනෙන්නත් වූහ. තමනට තමන් අවනත නොවූ බොහෝ දෙනා බිම පෙරලෙන්නත් විකාර කරන්නත් වූහ.

හෝරා කිහිපයකින් ඔවුන්ගේ මත් ගතිය පහ විය. ප්‍රකෘති සිහිය ලද ඔවුන්ට ඔවුන් ගැනම ලැඡ්ජා සිතින. කලකිරීම ඇති විය. පසුතැවිල්ලට පත් ඔවුන් එදිනම රජ උයන අතහැර ආපසු හිමාලයේ වන අරණ බලා ගමන් ගත්හ. අසපුවට සපැමිණි ඔවුන් ආචාර්යයන් වහන්සේට අභිවාදනය කොට එකත්පස්‌ව උන්හ. ආචාර්යයෝද සතුටු සාමීචි කතා අරඹා ඔවුන්ගෙන් මෙසේ ඇසීය.

කිමෙක්‌ද ඇවැත්නි ඔබට මිනිස්‌ පියසේදී ආහාර පානයන්ගෙන් කරදරයක්‌ නොවීද ඔබ හැම එහිදී මිත්‍රත්වයෙන් හා සමගියෙන් කල්ගත කළාහුද?

තවුස්‌ සමූහයා පිළිතුරු සැපයීය. ස්‌විමීනී, අප එහිදී ඉතා සැපසේ වාසය කළෙමු. යම් දෙයක්‌ පානය නොකළ යුතු නම් අප එහිදී ඒ දෙයද පානය කළෙමු. අපි මත්පැන් බීවෙමු. එහි ප්‍රතිඵලයක්‌ ලෙස අපි ගී ගැයුවෙමු. නැටුවෙමු. ඇඬුවෙමු. බිම පෙරළුනෙමු. පමාවත් උමතු බවත් ඇති කරන සුරාව බී අපි වඳුරන් බවට පමණක්‌ පත් නොවීමු. අඩුවකට වූයේ එපමණකි. කිවාහුය.

ජීවක කෝ(මාර) ගුලිය

අවන්තියේ රාජධානිය උඡ්ජෛනියයි. බුදුරදුන් ජීවමාන කල එහි රජ වූයේ ප්‍රෙද්‍යාත රජුයි. හෙතෙම කොතෙක්‌ සැර පරුෂ අයෙකු වීද යත් හැමවිටම ඔහුගේ නම සඳහන් වූයේ චණ්‌ඩ ප්‍රෙද්‍යාත නමිනි.

වරක්‌ දැඩිලෙස රෝගාතුර වූ චණ්‌ඩ ප්‍රෙද්‍යාත රජුගේ ප්‍රකට රාජ වෛද්‍යවරයෙකු මගධයේ ජීවක වෙදදුරුට ආරාධනාවක්‌ ලැබිණි. ජීවකද උඡ්ජෛනියට ගියේය. එහෙත් ඔහු හො¹කාර දැනසිටි සත්‍යක්‌ වූයේ ප්‍රෙද්‍යාත යනු අතිශය ක්‍රෑර රජකු බවයි.

රෝග නිර්ණයෙන් පසු ඖෂධ සැකසුවද ජීවක තෙමේ වනයෙන් ඖෂධ පැළෑටියක්‌ ගෙන ඒමට ඇතැයි කියා ප්‍රෙද්‍යාතරජුගේ භද්‍රවතී ඇතින්න ඉල්ලා ගත්තේය. දෙවනුව ජීවක කළේ ප්‍රෙද්‍යාත අජුට තමා සැදූ බෙහෙත දුන් සැනින් භද්‍රවතී පිට නැගී පලායාමය. බෙහෙත බියූ සැනින් ප්‍රෙද්‍යාතට නොනවතින භයානක වමනයක්‌ ඇති වීය. හෙතෙම කෝපයෙන් වියරු වැටුනේය. ජීවක ගලග්‍රහනයෙන් ගෙනෙනු රජ නියෝග කළ නමුදු ඒ වන විට ජීවක භද්‍රාවතිය පිට නැඟී පලාගොස්‌ තිබිණි.

ඉක්‌බිති රජු කළේ කාකනම් දක්‌ෂ දාසියෙකු ඒ සඳහා පිටත් කර හැරීමය. පවනට බඳ වේගයෙන් ජීවක හඹාගිය කාක මගධයට යැමට මත්තෙන් ජීවක අල්ලා ගත්තේය. වෙනසක්‌ නොපෙන්නූ ජීවක වෛද්‍යවරයා ආපසු ඒමට හැරී එන ගමනේදී කාකට තම අත තිබූ නෙල්ලි වලින් ගෙඩියක්‌ කෑමට දුන්නේය. ඒ නෙල්ලි ගෙඩිය අනුභව කළ කාක මුහුණ පෑවේ බලවත් අසීරුතාවකටය. කුස පෙරලන්නාක්‌ මෙන් දැනුන කාකට නිතර ශරීර කෘත්‍ය සඳහා යැම අවශ්‍ය විය. අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ජීවක වෛද්‍යවරයා මගධයට නිරුපද්‍රිතව පැන ගත්තේය.

හෝරා කිහිපයකින් ප්‍රෙද්‍යාතගේ රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් විය. කාක දාසියාද සුවය ලැබ උඡ්ජෛතිsයට ආපසු ආවේය. අසනීපය සුවපත් වීමත් සමඟ මුලින් දැනුන සුව සහනය තමනට ලඟා වූ බව වටහාගත් ප්‍රෙද්‍යාත රජු ඩීවක කෙරෙහි අතිශයින් පැහැදුනේය. ආපසු ඔහු උඡ්ජෛනයට ගෙන්වා ගත නොහැකි බව පෙනුනද නීරෝගී බවේ සතුට උදෙසා රජු විසින් සේවකයා අත මගධයේ ජීවක රාජ වෛද්‍යවරයාට ඉතා අගනා සෙවෙය්‍යක නම් වස්‌තත්‍ර යුවළක්‌ ත්‍යග ලෙස පිටත් කර හැරියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: