Posted by: lrrp | August 29, 2011

අවසන ඈ පටාචාරාවක්ම වූවාය

යක්කු කියලා ජාතියක් කොහේද ඉන්නේ ? ඔය යක්කුන්ට ප්‍රේතයන්ට මොනවාද කරන්න පුළුවන් ? ඕවා බොරු විකාර. බහුබූත කතා. “මේ සමහරුන්ගේ කතාය. සර්පයෙකුට පුළුවන් මිනිහෙක් මරන්න. පුංචි මදුරුවෙකුට පුළුවන් මිනිහෙක් ලෙඩ කරවන්න. මරන්න. මිනිහෙකුටත් පුළුවන් තව කෙනෙකුට තුවාල කරන්න. හිරිහැර කරන්න. මරා දමන්න. යකෙකුට ප්‍රේතයෙකුට එහෙම කරන්න බැරිද?

ඒ වගේම මිනිසා අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන විට පෘථිවිය ආශ්‍රිත දෙවියෝ පලා යති. එවිට යක්ෂ සේනාධිපතීහු ඔවුන්ගේ යක්ෂ සේනාව මුදා හරිති. ඔවුන් මිනිස් ඇසුරට පැමිණ මිනිසුන්ට ලෙඩ කරවති. කරති. උනුනුත් ලවා කල කෝලාහල කරවා ලේ වගුරුවති. ඒ ලේ යක්ෂයෝ ආහාරයට ගනිති. කල කෝලාහල, යුද විපත්, හදිසි අනතුරු දිනෙන් දින ඉහළ යයි මේ යක්ෂයන්ගේ සමයකි.

චම්පා, සේපාලිකා මලක් වගෙයි. අහිංසකයි. ලස්සනයි. තාත්තා චම්පාට හරිම ආදරෙයි. ඒත් චම්පාගේ හිතට මහා වදයක් තාත්තාගෙයි අම්මගෙයි අසමගිය. අම්මා තාත්තාව ගණන් ගන්නේ නෑ.

කියන දෙයක් පිළිගන්නෙත් නෑ. හිතුවක්කාරයි. අන්තිමට තාත්තා අම්මත් එක්ක කතා බහ කිරීමත් අත් හැරියා. අම්මට කිසි ගණනක් නෑ. ගිනි කිරිල්ලි වගේ ඇඳගෙන ගමන් බිමන් යනවා. එයාගේ හිතේ එයාට වඩා තවත් කෙනෙක් නැහැ වගේ. මේවා චම්පාගෙ හිතට හරි නෑ. චම්පාට තවම වයස අවුරුදු පහළොවයි. ගමෙන් ම ඉන්න පියකුරුම දැරිවි.

තාත්තා හිතේ අමාරුවන්ම ලෙඩ ගාණට වැටුණා. කෑමක් බීමක් ප්‍රිය කළෙත් නෑ. කෑම ටික කැව්වේ වතුර ටික පෙව්වෙ, බෙහෙත් ටික දුන්නෙ චම්පාගේ අතින් ම යි. අවුරුද්දකටත් වඩා ලෙඩ ඇඳට ම වෙලා බලාගත් අත බලාගෙන හිටපු තාත්තාව ආයෙත් නැගිට්ටන්න අමාරු බව චම්පාටත් තේරුණා. තාත්තාගේ මරණයෙන් දෙවසරකට පසු චම්පා විවාහ වූවාය.

ඇගේ අත ගත් සුරේන්ද්‍ර ඉතා ගුණ යහපත් තරුණයෙකු වූ අතර චම්පාට බෙහෙවින් ආදරය කළේය. පවුලේ එක ම දරුවා වී ඉපැදුණු චම්පාට තාත්තාගේ වියෝවෙන් පසු දැනුණු තනි බව සුරෙන්ද්‍ර නිසා දුරුව ගියේ ය. විවාහයෙන් පසු සුරේන්ද්‍ර ද චම්පාගේ නිවසේ ම පදිංචියට ආවේය.

චම්පාගේ විවාහයෙන් වසරකට පසු ඇගේ අම්මා ද මිය ගියාය. මේ වන විට චම්පා සිඟිති පුතෙකු ගේ මවක් වී සිටියා ය. අම්මාගේ මරණයෙන් මාස හයකට පසු සිඟිති පුතු නිව්මෝනියාවෙන් මිය ගියේය. මේ අතර සුරේන්ද්‍ර රැකියාව කළ ආයතනයේ ගනු දෙනුවලදී සුරේන්ද්‍ර නොදැනුවත්වම රුපියල් ලක්ෂ දහයක පාඩුවක් සිදුවී එහි වගකීම සුරේන්ද්‍ර පිට පැවරුණි.

ණයෙන් නිදහස් වීමට මඟක් නැතිව සිටි සුරේන්ද්‍රට සිය උරුමයෙන් ලැබී තිබුණු එකම ඉඩම් කොටස විකුණා ඒ මුදල විදේශ රැකියාවක් සොයා ගියේය. චම්පා තනි වූවාය. වැඩි දිනක් ගත වූයේ නැත. විදේශ රැකියාවට ගිය ගමන අසාර්ථක වූ සුරේන්ද්‍ර ආපසු ගෙදර ආවේය. කරන කියන හැම දෙයක්ම අසාර්ථකව , ලක්ෂ දොළහේ ණය අයකැර ගැනීම සඳහා බලපෑම් ක්‍රියාත්මක වෙද්දී සුරේන්ද්‍ර ගෙල වැළලා ගෙන සිය දිවි හානි කැර ගත්තේ ය.

චම්පා අන්ත අසරණ තත්ත්වයට පත් වූවාය. මළවුන් අතරට ගිය ද සුරේන්ද්‍රගේ නමට කැළලක් වීමට ඉඩ නොතැබූ චම්පා සිය නිවස හා ඉඩම විකුණා සුරේන්ද්‍රගේ ණය ගෙවා දැම්මා ය. දැන් ඇයට කිසිවෙකු නැත. අන්තිමට උන්හිටිතැන් පවා අහිමිවිය. නොමළ ගෙයකින් අබ හෙයා ගෙන ආවත් ඇයට නම් පෙනෙන තෙක් මානයේ සැනසුමක්, සතුටක් හෝ හව්හරණයක් නැත. ඇය මෙහෙණි අරමක් සොයා ගියා ය.

චම්පා තවමත් තරුණය. සුරූපී ය. ඇගේ මානසිකත්වය නිසා ම හදිසියේ පැවිදි කිරීම සුදුසු නොවන බව වටහා ගත් ප්‍රධාන සිල් මාතාව ඇයට ටික කලක් ආරාමයේ කටයුතු වත්, පිළිවෙත් පුහුණු වන ලෙස උපදෙස් දුන්නාය.

දෙසතියක් පමණ ආරාමයේ කල් ගෙවන විට චම්පා අසනීප වූවාය. මේ අහිංසකාවිය ගැන අවධානයෙන් සිටි ආරාමයේ දායිකාවක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට චම්පා කැඳවාගෙන ගියාය.

ගවේෂණ මධ්‍යස්ථානයට ඇතුළු වීමටත් පෙර චම්පා ඇද වැටුණාය. උළුවස්ස අසල පඩියෙ හිස වැදී සිහිසුන් වුණාය. අසල සිටි අය ඇය ඔසවා මධ්‍යස්ථානය තුළින් තැබූහ. ගවේෂක නාගොඩ විතාන මහතා ඇයට පිරිත් පැන් ඉස ඇය සුවපත් කළේය. ඉන් පසු ගවේෂණය ආරම්භ කරනා විටම ඇය ප්‍රලය වූවාය.

“කවුද මේ ළමයගේ ඇඟට රිංගාගෙන ඉන්නේ ?”

“මම මේ දූගේ තාත්තා”

“ඇයි මේ ඇතුළට එන්නත් කලින් ආවේස වුණේ?”

“හඞ……හඞ…….හා……ඒ ආවේස වුණා නොවෙයි”

“එහෙනම් සිහි නැතුව වැටුණේ?”

“සිහි නැතුව වැටුණා නොවෙයි වැටිලා පඩියෙ ඔළුව වැදිලයි සිහි නැති වුණේ”

“තමුන් දන්නෙ කොහොමද ඒක?”

“මමනෙ තල්ලු කළේ. පඩියෙ ඔළුව වැදිලා ඔළුව පැළුණා නම් ඉස්පිරිතාලේ ගෙනියන්න වෙන වානෙ. මෙහෙට එන එක වළක්වන්නයි ඒක කළේ. ඒත් ඉතින් හරි ගියේ නෑනෙ?”.

“ඇයි මෙහෙම කරන්නේ? දූ එක්ක තරහද ?”

“නෑ”

“එහෙනම් ඇයි මෙහෙම කරන්නේ ?”

“මම මගේ දූට ආදරෙයි,”

”ආදරේට එහෙමත් කරනවද ?”

“ඔව්! මම මගේ දුවට ආදරෙයි. මට මගේ දුව විතරයි සැලකුවේ. මගේ ගෑනි හොඳ නෑ. මම මළේ හිත නරක් වෙලා. මම දුවට ආදරේ නිසා දුවව මම ඉන්න තැනට අරන් යන්න ඕනෑ. ඒත් දුවගේ වෙලාව හොඳයි. මට ගෙනියන්න බැරි නිසා එයාව තනි කරලා ජීවිතේ එපා කරවලා සිය දිවි හානි කරවලා ගෙනියන්නයි මං උත්සාහ කළේ.

“ඒ කොහොමද ?”

“ඉස්සෙල්ලම මගේ ගෑනිව මම අරන් ගියා. හැබැයි දරුවව නම් මම ගෙන ගියා නොවෙයි. ඒ දරුවා මන්දානුයුප්තයි. ඊට පස්සෙ සුරේන්ද්‍රගේ රස්සාව අවුල් කරලා එතැන ණය කාරයෙක් කළා. රට යවලා අවුල් කරලා ජීවිතේ නැති කර ගන්න ත්ත්වයට පත් කළා.”

“ඉතින්, ඉතින්,”

“ඉතින්, දැන් මගේ දූ තනි වුණා. එයාගේ මහත්තයාගේ ණය ගෙවන්න ගේ දොරත් වික්කා. මේ ළමයා පින් දහම් කරන තැනකට ගිය එකත් මට ගැටලුවක් වුණා. ඒක තමයි එතැනදිත් ලෙඩ කළේ. මම කොහොම හරි දුවව අරගෙන යනවා.

“එහෙම කරන්න එපා. දූට ආදරේ නම් දුවට ජීවත් වෙන්න ඉඩ දෙන්න. තාත්තා හිත නරක් කැර ගෙන මැරුණ නිසා දැන් දුගතියක ඉපදිලා ඉන්නේ. ඔතැන අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳ විඳ ඉන්න වේවි. දූ හොඳින් හිටියොත් තමයි එයා පින් දහම් කර පින් අනුමෝදන් කළොත් තමුන්ටත් ඔය දුගතියෙන් මිදෙන්න පුළුවන්. එතකොට තමුන්ටත් හොඳයි. දුවටත් හොඳයි.”

“අනේ මහත්තයෝ, දැඩි ආදරය නිසා මට ඒ වගක් වැටහුණේ නෑ. අපට දැඩි වුවමනාව බලවත් වුණාම එහෙම දැනෙන්නේ නෑ. දැන් නම් ටිකක් තේරුම් ගියා. පන්සිල් සමාදන් කරවා, පොරොන්දු කරවා භූ®තයා ශරීරයෙන් ඉවත් කැරවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: