Posted by: lrrp | August 29, 2011

එංගල්තිනාගේ වෛරය

කෙනෙකු මරණයට පත් වන මොහොතේ ඔහුගේ හෝ ඇගේ සිතේ පහළ වන සිතුවිල්ල ඇලීමක් හෝ ගැටීමක් තුළින් සිදු විය හැකි ය. යම්කිසි කෙනෙකු හෝ ඉඩමක් හෝ නිවසක් හෝ පුද්ගලයෙකු හෝ වස්තු සම්පතක් හෝ පිළිබඳ ආදරය,ආශාව හෝ තරහ වෛරයක් නිසා ඒ චුති චිත්තය පහළ විය හැකි ය. ආශාව නිසා සිතේ ඇලීමත් තරහ වෛර නිසා සිතේ ගැටීමත් හට ගනී. ඊට අනුව ඊළඟ උත්පත්තිය හෙවත් ප්‍රතිසන්ධිය සිදු වේ.

මෙසේ මළ ගිය ප්‍රාණකාරයා ආදරය නිසා හෝ තරහ වෛර නිසා හෝ කෙනෙකුගේ ශරීරයට රිංගා ගතහොත් ඒ අමනුෂ්‍යයා යැපෙන්නේ ද ඒ පුද්ගලයාගේ ශරීරයෙන් ම ය. අමනුෂ්‍යයා රිංගා ගත් ශරීරයේ ලේ, ඇට මිදුළු, සඳ මිඳුළු, කෙළ, සෙම්, සොටු, අසූචි, දහදිය ආදිය ආහාරයට ගැනීමෙනි. ඒ අමනුෂ්‍යයාගේ පැවැත්මට ආහාර නැතුව බැරි නිසා ය. හොඳට ආවත් නරකට ආවත් එසේ ආහාර ගැනීම නිසා ඒ ශරීරය ලෙඩ කරවයි. ඒ දුගති ගාමී යක්ෂ ප්‍රේතාදීන් ගේ ස්වභාවයයි

ජයන්ති ගම්පහ ප්‍රදේශයේ හතලිස් තුන් හැවිරිදි කාන්තාවකි. ජයන්තිගේ යටි බඩේ වේදනාවක් හා බලා සිටියදී මෙන් ශරීරය කෙට්ටුවීම නිසා ඇය රෝගාතුර වූවා ය. සිංහල හා ඉංගී‍්‍රසි වෙදකම් කළ ද මේ එකකින්වත් සුවයක් සහනයක් ලැබුණේ නැත. ඊට අමතරව නිවසේ දොර ජනෙල් හඬ නගා වැසෙන්නට විය. නිවස තුළ අසූචි ගඳ පැතිරෙන්නට විය. බත් හැළියට වැලි මිශ්‍ර වෙන්නට විය. බහුල වශයෙන් කූඹි වහන්නට විය.

ජයන්ති ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියා ය. එහි ගවේෂක කසුන් නාගොඩ විතාන මහතා මුණ ගැසිණි. ගවේෂණය ආරම්භ විය. ජයන්තිගේ ශරීරයෙන් භූතාත්මයක් අවදි වී කතා කරන්නට විය.

ඒ භූතාත්මය කොණ්ඩය කඩාගත් සෙම් සොටු පෙරා ගත් කාන්තාවකගේ ය. ඒ අයුරින් ජයන්ති විරූපී වූවා ය. මුහුණේ ලේ මස් සිඳී වියළී ගිය, ඇස්, කන්, නාසා ගිලී ගොස් සිදුරු පමණක් පෙනෙන සිරුරක් බව නාගොඩ විතාන මහතා දැක්කේ ය. හේ ප්‍රශ්න කළේ ය.

“කවුද මේ ?”

“ මම එංගල්තිනා”

“ එංගල්තිනා කියන්නේ කවුද?”

“ මේකිගේ නැන්දම්මා”

“ එංගල්තිනාට මොකද වුණේ ?”

“මට අංශබාගෙ හැදුණා. එකතැන් වුණා. මේකි මට සැලකුවේ නෑ. මගේ පුතාවත් මේකිට වුවමනා විදිහට මේකි හදා ගත්තා. මට හරියට බේතක් හේතක් දුන්නේ නෑ. කන්න බොන්න ටිකවත් හරියට දුන්නේ නෑ. මම ජරා ගොඩක දුක් වින්දා”

“ ඉතින් දැන් මොකද මේ ශරීරයට රිංගා ගෙන කරන්නේ?”

“ මට සැලකුවේ නැති නිසා මම මේකිගෙන් පළිගන්නවා”

“ ඇයි පුතාගෙන් පළි නොගන්නේ ?”

“ඌ මොනවා කළත් මගේ එකානේ”

“ ඇයි ඔය තරම් වෛරයකින් ඉන්නේ ?”

“ මහත්තයා! මම කරවල බැඳුම් කන්න හරි ආසයි. මම අංශබාගෙ හැදිලා ඇඳේ දුක් විඳිද්දී මේකි කරවල බැඳලා මට පෙන්න පෙන්න කෑවා. සුවඳේ බෑ මහත්තයා. මේ බලපං. කරවල බැදුම් අපි කනවා. උඹට දෙන්නේ නෑ කිය කියා මට පේන්න කෑවා. ඉතින් තරහ යන්නේ නැද්ද මහත්තයා.”

“ ඉතින් දැන් මේ මොකද කරන්නේ?”

“ හිඞ……හිඞ…හී…. දැන් මගේ වාරෙනේ මහත්තයා. ගිය වාරේ උඹේ… මේ වාරේ මගේ ….. හීඞ….හිඞ…. හී….. මම දැන් මේකි ලව්වා රෑට කරවල බද්දවනවා. සුවඳේ බෑ මහත්තයා. ඒකි ලව්වා කරවල බැද්දෙව්වාට මට ඒවා කන්න පින නැහැ මහත්තයා. මම ඒ කරවල බැදුමට කෙළ හළනවා. ඒවා කාලා මේකි ලෙඩ වෙනවා. මම මේකිගේ ඇඟට රිංගලා ලේ උරා බොනවා. හන්දිවල සඳමිදුළු කනවා. දැන්මේකි ඇවිදින කොට කටස් කටස් ගානවා ඇහෙනවා නේද? මේකිගේ හිතේ ඒකිට ආතරයිටීස් කියලා. ඔය ඇට මිදුළු සඳ මිදුළු හරි රහයි මහත්තයා.”

“තමුන් ජීවත්ව ඉන්දැද්දී දන් පින් කළේ නෑ නේද?”

“මොකෝ නැත්තේ. මං පංසල් ගියා. මිනිහා මැරුණට පස්සෙ සිල් ගත්තා. මේකි ආවට පස්සේ ඒවා ඔක්කොම නතර වුණා. මමත් තරහට ගෙදරට ම වෙලා රණ්ඩු කර කර හිටියා.”

“තමුන් ජයන්තිගේ ශරීරයට රිංගන්නේ කොහොමද?”

“මේකිගේ ගුද මාර්ගයෙන් තමයි රිංගන්නේ”

“ තමුන් මැරිලා දැන් කොච්චර කල් ද?”

“අවුරුදු විස්සක් වෙනවා”

“දැන් ඔය තරහ වෛර හිතින් අත හැරලා පිනට දහමට හිත යොමු කරන්න”

“ බෑ….බෑ…. මේකි මට කරපුවා මහත්යා දන්නේ නෑ. මගේ ම දේපළ කකා මට සැලකුවේ නෑ. මං මළාට දනක් පිනක් දුන්නේ නෑ. හත් දවසෙ බණ කිව්වා විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දන් වේළක් දුන්නා එච්චරයි. මහත්තයා දන්නේ නෑ. එදා මගේ හත් දවසෙ බණ අහන්න ආපු අය ගෙනාපු තෑගි බෝග කාමරයක් පිරිලා. සීනි ගෝනි දෙකක් මේකි කඩේට විකුණා ගත්තා. මේකි සීනි එකතු කළා මිසක් එදා බණ ඇහුවේ නෑ. එදා දන්වේල දුන්නෙත් ලෝබ කමෙන්. එදත් එදයි දැනට අවුරුදු විස්සක් වුණා. මුන් මං වෙනුවෙන් පිනක් දහමක් කළේ නෑ, ඒ වුණාට මගේ දේපළ කනවා. ඉතින් මගේ කේන්තිය සාධාරණ නැද්ද? මේකිගෙන් පළි අරගෙන මිසක් මම නම් යන්නේ නෑ.”

නිවසේ මස්, මාලු, කරවල, බිත්තර , උම්බලකඩ භාවිතය සම්පූර්ණයෙන් නතර කොට දින විසි එකක් බෝධි පූජා පවත්වන ලෙසත් උපදෙස් දුන්නේ ය. ඒ කාලය තුළ මෛත්‍රී භාවනාව වඩන ලෙස ද , තුන් සූත්‍රය සජ්ඣායනා කරන ලෙසද කරණීය සූත්‍රය හා කඳ පිරිත විසි එක්වර බැගින් කියන ලෙස ද එයින් පසු නැවත පැමිණෙන ලෙස ද උපදෙස් දුන්නේය.

දින විසි එකෙන් පසු ජයන්ති නැවත පැමිණියා ය. එදින භූතාත්මය එතරම් දරුණු නොවූවද ඉවත්ව යෑමට අකමැති වූවා ය.

අංශබාධ රෝගය වැළඳුණු දුප්පත් රෝගී කාන්තාවක් සොයා ගොස් දින තුනක් උණු පැනින් නහවා කවා පොවා සංග්‍රහ කොට අලුත් රෙද්දක් හැට්ටයක් පරිත්‍යාගකොට නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

තුන් වැනි දිනයේ ද එංගල්තිනා (ප්‍රේතිය) සිය ලේලිය අතහැර යන්නට අකමැති වුවා ය. එදින ජයන්තිගේ ශරීරයෙන් බලෙන් ම එළියට ඇද දමා ප්‍රේතියට පින් අනුමෝදන් කොට අලුත් නුවරට යවන්නට කටයුතු කළේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: