Posted by: lrrp | August 29, 2011

රේණුකා සමනළයෙක් වී සිය මළගමට එයි

සැඳෑ අහස රත් පැහැයක් ගෙන ඇත. ඈතින් ඇසෙන වාහනයක නළා හඬින් හැරෙන්නට වාට්ටුව බොහෝ දුරට නිහඬය. හෙදියකගේ පාවහන්වලින් නැගෙන ටක්…ටක්….හඬ දෙසවන්වලට පුරුදුය.

“නංගී..”

“අයියා ඒවි නේද ?”

“අක්කා මොනවද මේ කියන්නේ. තුන් වේලටම ඔයාව බලන්න එන අයියා අද හවස විතරක් මොකද නෑවිත් ඉන්නේ.

තමන් ඇහුවේ බොරු ප්‍රශ්නයක් බව වැටහුණු රේණුකා පුංචි ලැජ්ජාවකින් මෙන් හිනැහුණාය. රේණු….”

රේණුකා සිනහවක් නගා ගෙන දෑස් හැරියේ ධම්මිකගේ කටහඬ ඇයට මිහිරක් වූ බැවිනි.

“රේණු…” “මම ඔයාට කොළපාට මිදි ගෙනාවා. ඔයා ඒවාට ආසයිනේ..”

නැගණිය විසින් සෝදා දෙන ලද මිදි ගෙඩියක් ධම්මික රේණුකාගේ දෙතොලේ අතරින් මුවට තල්ලු කළේ ය. ධම්මික දෙස බලාගත්වනම ඇය මිදි ගෙඩිය ‘චරස්” ගා හැපුවා ය.

“පුතා අඬනවාද ?”

“සමහර වෙලාවට ම්මා…ම්මා… කියනවා. දැන් එයා අපේ අම්මාට ටිකක් හුරුවෙලා”

“ධම්මික…”

ඔයාට මතක නේද ? අපි නවගමුව දේවාලයට ගිහින් බාර හාර වුණ හැටි “

“ඔව්….”

පුතා ඉපදිලා තුන් මාසෙන් නවගමු ගිය හැටිත් මතක නේද ?”

“ඔව් රේණු මට හොඳට මතකයි”

මගේ පුතාට පත්තිනි මෑණියොත් පිහිට වේවි”

මට මගේ රත්තරන් පැටියව බලන්න ආසයි” කියූ රේණුකාගේ දෑසින් කඳුළු බිඳු දෙකක් දෙකපොල දිගේ රූරා වැටුණි.

“රේණු”

“ඇයි මේ ?

“ඔයාට මතකද එදා නවගමුව දේවාලය ළඟදී අපේ පුතාව පණ වගේම රැක ගන්නවා කියලා ඔයා.

“ඔව්”

“ඒක එහෙම ම ඉෂ්ට කරනවා කියලා මගේ නළලට අත තියලා පොරොන්දු වෙන්න”.

“ඇයි මේ හදිසියේ ?”

“ධම්මික, අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. ඔයා දන්නවා මේ අසනීපෙන් මාව ගොඩගන්න බැරි බව මම සමහර විට හෙට වෙන කොට මැරේවි. මටත් දුකයි. ඒත්, කරන්න දෙයක් නැහැ. මේ මගේ දෛවය, කර්මයට අනුව මුහුණ දෙන්නා ඕනෑ. මට පුතාව බලන්න ඕන. හෙට උදේට කොහොම හරි එක්කර ගෙන එන්න. දැන් මගේ නළට අත තියලා පොරොන්දු වෙන්න. පුතාව හොඳින් බලාගන්නවා කියලා.

සාක්කුවෙන් එළියට ඇදගත් ලේන්සුවෙන් දෙනෙත් තද කැරගත් ධම්මික රේණුකාගේ නළලට අත තැබුවේය. රේණුකා ඒ අත තදින් අල්ලා ගත්තාය. ඒ වන විට රේණුකා බලන්නට පැමිණ සිටි ඇගේ මව් පිය දෙදෙනා ද කඳුළු පිරුණු දෙනෙත්වලින් කිසිවක් කියාගත නොහැකිව ඇයට ම සවන් දෙමින් සිටියහ. තාත්තී මේ නංගිටත් ජීවිතයක් තියෙන්න ඕනෑ.. මගේ පුතාගේ වගකීම් එයාලට ම පවරන්න හොඳ නෑ. මගේ බුදු තාත්තී…….. මට සමාවෙලා මගේ පුතාව බාර අරගෙන හදන්න තාත්තී….ධම්මික උදව් කරාවි. නේද ධම්මික…

රේණු…ඔයාට හුඟක් කතා කරන්න හොඳ නෑ.

“කමක් නෑ ධම්මික මම අද මැරෙන්නෙ නෑ. පුතාව දකින කම් ඉන්නවා. ධම්මික.ඔයා තවම තරුණියි. ඔයා වෙන විවාහයක් කර ගත්තාට මම තරහ නෑ” ය කියනවාත් සමඟම ධම්මික ඇගේ මුවට අත තබා වැසුවේය.

එපා..එපා…..රේණු ඔයා නැතුව මට වෙන කාවත් එපා යැයි ඇගේ අත සිප ගත්තේය.

රෝගීන් බලන වේලාව අවසන් බව හඟවන සීනු හඳ ඇසෙන්නට විය.

බය වෙන්න එපා ඇගේ පියාත් මවත් ඇගේ අත සිප ගෙන ඇයට ආශිර්වාද කොට අපි හෙටත් එනවා යි, කියමින් ඇගේ ඇඳ ළඟින් ඉවත් වූහ.

ධම්මික…

ම්….

දැන් ඉතින් ඔයත් යන්න රත්තරං,,… පුතාට තනි ඇති.” ධම්මික ද බිම බලාගත් වන කිසිවක් නොදොඩා “උදේට පුතාව ගේන්නම්” කියමින් නික්ම ගියේය.

දරුණු හෘදයාබාධයකින් පෙළෙන රේණුකා ගේ තත්තවය හොඳ නැති බව වෛද්‍යවරු ද පිළිගෙන සිටියහ. සිදු කළ සැත්කම පවා එතරම් සාර්ථක නොවූයෙන් ඇය ඉල්ලන ඕනෑම දෙයක් කෑමට දෙන ලෙසටද ඉඩ දී තිබුණි. එදින රාත්‍රී ඇගේ තත්ත්වය තවත් දුර්වල බවත් ඒ නිසා ඇයට විවේක දෙන ලෙසත් වාට්ටුබාර වෛද්‍යවරයා හෙදියට අවශ්‍ය උපදෙස් දුන්නේය. නිදි පෙත්තක් මඟින් ඇයට නිදි සුවය ලබා දුන්නේ ය. මේ සියලු තත්ත්වයන් විටින් විට නැගෙණිය විසින් සිය සහෝදරයා, වෙත ජංගම දුරකථනයෙන් දැනුම් දෙනු ලැබුණි.

පසු දිනට පහන් විය.. නැගණිය රේණුකාගේ මුව සෝදා පිරිසිදු කළා ය.

“නංගී මට මගේ ම නංගි කෙනෙක් වගේ සළකන්නේ. මට ඔයාට කළගුණ සළකන්න ලැබෙන්නේ නෑ නංගී. මට සමාවෙන්න.”

අනේ ! පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න. අන්න අය්ියා එනවා” යි ඈත එන අයියා දැක ඇය කීවාය.

“මගේ බුදු පුතා අම්මි බලන්න ආවද ? “ධම්මික රේණුකා වෙත ළං කළ දරුවාගේ පතුල් සිප ගනිමින් ඇය ඇසුවාය.

“ම්මා…ම්මා. කුක්කු කුක්කු” කලකින් සිය මෑණියන් දුටු දරුවා මවට තුරුළුවන්නට උත්සාහ කළේය.

“අනේ බුදු පුතේ….මට සමාවෙන්න. පුතාට කුක්කු දෙන්න පුතාගේ අම්මිට දැන් බැහැ පුතේ. “පුත්තාට බුදු ස…ර…..ණ..යි. ධම්මික….මම හැම දෙනාම ආද්….ද…රේ.න් මතක්… කළා ක්….කි….යන්න……ම්..ම්..ම….ග්….ගේ පු…ත්…..තා….ත් බ….ලා…ග……උග්හ්…..රේණුකා ගේ හිස පැත්තකට ඇලවුණි.

දෙද්…දෙ….යි යනේ. මෙ..ග්…ගේ රේණු….ධම්මික ගේ හඬ වාට්ටුව සිසාරා රැව් පිළිරැව් දුන්නේය.

රේණුකාගේ දේහය නිවසට ගෙන එන විට මුළු ගමම පාහේ එහි පැමිණ සිටියේ ඇගේ ගුණ යහපත්කම නිසා ම ය.

සාලය මැද මිනී පෙට්ටියක තැන්පත් කොට තිබූ ඇගේ දේහයට ඉහළින් පිත්තල පහනේ දැල්ල වරෙක සෙමෙන් සසල වෙයි. වරෙක සෘජුව සිටි. රේණුකාගේ පැහැපත් මුහුණ තවමත් ජීවි ස්වරූපයෙන්ම ඇත. ඒ දෙස ඇස පිය නොහෙලා බලා සිටින ධම්මික හඬා වැටෙයි.

මේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ වියෝ දුක කාගේත් හදවත් සසල කළේ ය. මේ කිසිවක් ගැන කිසිදු තේරුමක් නැති චූටි හුරතල් පුතු “ම්මා… ම්මා… කුක්කු… කුක්කු… යැයි කිරි ඉල්ලන අයුරු දකින කාගේත් පපු කැවුතු උණු වී අසරණ කරයි. අනේ අනේ දෙයියනේ මේ නොදරුවට දෛවය මේ වගේ අසාධාරණයක් කළේ මොන වරදක් කළාට දැයි කාටත් සිතේ.

ධම්මිකගේත්, රේණුකාගේත් නැදෑ හිතවතුන් පැමිණ දුක බෙදා ගනිති. රාත්‍රී දොළහ පමණ වන විට දුර බැහැරින් පැමිණි අය බොහෝ දෙනෙකු නික්ම ගොස් තිබුණි. පවුලේ සමීප ඥාතීන් කීපදෙනෙකු සාලයේ වටා ඇති අසුන්වල හිඳ ගෙන කතා බහේ යෙදී සිටියහ. ධම්මික ඇගේ දේහය අසලින් ම පුටුවක් තබා හිඳ ගෙන සිටියේ ය.

“අන්න ලොකු සමනළයෙක්. අත් තටු දෙපසට විහිද විට අඟල් නවයක් පමණ පළල විශාල පැහැපත් සමනළයෙකි. කෙළින් ම පියාඹා ගෙන ඇවිත් රේණුගේ දේහයේ වැසුවේය. විනාඩි තුනක් පමණ කාලයක් දේහය මත වසා සිට ධම්මිකගේ උරහිස මත වැසුවේය. කවුරුත් පුදුමයෙන් බලා සිටිති. ධම්මිකගේ උරහිස මතින් ඉවත්ව ඉගිලුණු සමළයා පුංචි පුතා නිදා සිටි කාමරයට පියාඹා ගියේය. දරුවා නිදාසිටි ඇඳට යොදා තිබුණු මදුරු දැලේ ඉහළින් වසා සිටියේය.

“මදුරු දැලේ වහලා දරුවා දිහා බලා ඉන්නවා”

“අනේ! ලස්සන සමනළයෙක්”

“සමහර අය මැරුණම එහෙම සමනළයෝ එනවලු”

“මම මේ වගේ දෙයක් පොතෙන් දැක්කා”

හරි පුදුමයි නේද?”

“සමනල්ලු රෑට ඉගිලෙන්නෙ නැහැනෙ.” මේ ආදී දේවල් නිවසේ සිටි අය කතා වෙති. මිදුලේ සිටි අය ද පැමිණ කාමරයට එබී සමනළයා දෙස බලා විමතිය පළ කරති.

මදුරු දැලේ වසා සිටි සමනළයා ඉන් නික්ම යළිත් සාලයට පැමිණෙයි. වරෙක රේණුකාගේ දේහයේ ද වරෙක ධම්මිකගේ උරහිසේ හෝ පපුවේ ද වසා සිටි. නැවත දරුවාගේ කාමරයට ගොස් මදුරු දැලේ වසා සිටී.

රේණුකාගේ මළ ගෙදරට එන හැම දෙනෙකුගේ ම පාහේ ප්‍රධාන මාර්‍තෘකාව වූයේ සමනළයා ය. කිසිවෙකු ඌට හිරිහැර වන පරිදි හැසිරුණේ නැත. රේණුකාගේ දේහයට අවසන් කටයුතු කරන දිනයෙහි ආගමික වතාවත් කරන අවස්ථාවේදීත් ඌ ඒ අසල මිදුලේ මල් ගසක වසා නිසලව සිටියේ ය. දේහය සුසාන භූ®මිය කරා ගෙන ගියාට පසු සමනළයා අතුරදන් විය. ඌ සිටි තැනින් ඈතට පියාඹා යනු කීප දෙනෙක් දැක තිබුණි.

යළිත් සත් දින මතක බණ අවස්ථාවේ ධර්ම දේශකයන් වහන්සේ වැඩම කොට බණ ආරම්භ කරන විට ම කොහේදෝ සිට සමනළයා පියාඹා ඇවිත් ඒ අසල බිත්තියේ වසා සිටියේය. බණ අසන්න වූ විට දරුවාගේ කාමරයේ මදුරු දැලේ වසා සිටියේය.

පසු දින දහවල් දානය අවස්ථාවේ ද සාලයේ බිත්තියේ වසා සිටියේ ය. දානයෙන් පසු ධම්මිතගේ උරහිසේ මඳ වේලාවක් වසා සිට දරුවා වටා කීප වරක් කැරකුණේ ය. මව් පියන් ඇතුළු ඥාතීන් වටා ද කීප විටක් කැරකී ප්‍රධාන උළුවස්සෙන් පිට වී ගියේ ය. යළිත් සමනළයා එහි පැමිණියේ නැත.

එයින් මාසයකට පමණ පසු ධම්මිකගේ මාමණ්ඩිය (රේණුගේ පියා) මා (ලියුම්කරු) ඇමතුවේය. සිළුමිණ පත්‍රයේ අප ලියන “පියවි ඇසින් ඔබ්බට ලිපි පෙළ ඔහු කියවන බවත් ධම්මික තවමත් රේණුගේ පින්තූරය අබියස හඬා වැළපෙන බවත්, දරුවාගේ කාමරය තුළ රාත්‍රියට සමන් මල් සුවඳක් වහනය වන බවත් දරුවා නින්දෙන් “ම්මා… ම්මා… යැයි සිහිනෙන් කිරි උරා බොන සෙයක දක්නට ලැබෙන බවත් කීවේය.

රේණුට තවත් පින් අවශ්‍ය ද ඒ සඳහා කළ යුතු පින්කම් මොනවා දැයි දැන ගන්නේ කෙසේ දැයි ඒ මහතා මගෙන් ඇසීය. ඒ සඳහා ඔවුන්ව සුදුසු ස්ථානයන් පිළිබඳ තොරතුරු කීවෙමි. මළවුන් ගෙන්වා තොරතුරු විමසන විට හඬා වැළපුණොත් ඔවුන් ඉවත් වී යන බවත්, එසේ නොකරන ලෙසත් උපදෙස් දුනිමි.

ඒ උපදෙස් අනුව ධම්මිගෙන් ඔහුගේ නැගෙණියත් මා කී ස්ථානයට ගියහ. එතැන භූත ලෑල්ල ර්‍ථතචදඬ ඛ්ඩචබ ක්‍රියාත්මක කරන තැනකි. පළමුව ම නැගණිය අවශ්‍ය පුද පඬුරු තබා සිය පියා සිහිපත් කොට අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ඉල්ලුවා ය. දැන් ඇය අහන ප්‍රශ්නවලට භූත ලෑල්ල (පෑනක් සවි කළ) පිළිතුරු ලියයි.

“ඔයා මට ආදරේද? නංගී අසයි

“ඔව්” පිළිතුර ලියැවිණි

“ඔයා කව්ද?”

“තාත්තා”

“”තාත්තා නම් තාත්තගෙ නම ලියන්න”

“ජයරත්න”

“හරි එහෙම නම් මම කව්ද?”

“දුව , දූටි මැණිකෙ”

“එහෙනම් මගේ නම ලියන්න

“විශාඛා”

“හරි තාත්තට මොනවද වුවමනා?”

“පින්”

ඒක ට මොනවද කරන්න ඕනෑ

“නැති බැරි කෙනෙකු හොඳට කන්න බොන්න දීලා අලුත් ඇඳුම් කට්ටලයක් දෙන්න. බෝධි පූජාවත් තියලා මට පිං අනුමෝදන් කන්න.

“හොඳයි මම එහෙම කරන්නම් අපට වෙච්ච කරදරය තත්තා දන්නවාද?”

“ඔව්”

“මොකක්ද?”

“රේණුගේ මරණය”

“දැන් රේණු කොහෙද ඉන්නේ?”

“දන්නේ නෑ”

“හොයල බලලා ලියන්න”

“මට ඒ තරම් ශක්තියක් නෑ” යි කියමින් ඒ පියාගේ ආත්මය යන්න ගියේය.

ඊළඟට ධම්මික පුද පඬුරු තබා හිඳ ගත්තේ ය.

“ඔයා මට ආදරේ ද?”

“ඔව්”

“ඔයා කව්ද?”

“රේණු”

“සම්පූර්ණ නම ලියන්න”

“රේණුකා ගුණවර්ධන”

“”මම කව්ද?”

“මගෙ මහත්තයා”

“නම”

“ධම්මික ගුණවර්ධන”

“ඔයාට මොකද වුණේ”

“කර්ම විපාකයක්”

“දැන් ඔයා කොහේද ඉන්නේ?”

“අහසේ”

“අහසේ කොහොමද ඉන්නේ?”

“පාවෙමින් ඉන්නවා”

“අපිව බලන්න එනවාද?”

“ඔව්! මම සමනළයෙක්” වාහනය කරගෙන ආවේ”

“දැනුත් ගෙදර එනවද?”

“ඔව්! පුතාව බලලා යන්න එනවා”

“ඇයි මාව බලන්නෙ නැද්ද?”

“නෑ ඔයා අඬනකොට මට දරාගන්න බෑ. ඒ නිසා

ඔයා ඉන්න තැනට එන්නෙ නෑ.

“ඉතින් මම මොනවද කරන්න ඕනෑ”

“ධර්ම මාර්ගයේ යන්න”

“එතකොට?”

“එතකොට මම ඒවා දැකලා සතුටු වෙනවා. පින් අනුමෝදන් වෙනවා.”

“ඔයා නැවත උපදිනවාද?”

“ඔව්!” විශාඛා නංගිගේ කුසේ”.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: