Posted by: lrrp | September 14, 2011

අසිරිමත් පසේ බුදු පෙළහර

පගේ ශාස්තෘන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේ නමක් පැවැසූ තවත් ගාථාවක් ගැන වදාළා. සසරෙහි කරන ලද අනන්ත පුණ්‍යානුභාවයෙන් යුතු එක්තරා දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය සැප විඳිමින් වාසය කළා. මේ දිව්‍ය පුත්‍රයාගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් නිමා වෙමින් තිබුණා.

ඔය අතර මිනිස් ලොව ද පසේබුදු වරුන්ගේ යුගය පහළව තිබුණා. බරණැස් රජුගේ අන්තඞපුරයෙහි සුරංගනාවන් විසිදහසක් සිටියා.

නමුත් ඔවුන් කිසිවෙකුට පිරිමි දරුවෙකු පිළිසිඳ ගත්තේ නැහැ. රජතුමාත් මේ පිළිබඳව කණස්සල්ලෙන් පසු වුණා. රජකමට සුදුසු පිරිමි දරුවෙකු ලැබීමට නම් බිසව සිල්වත් විය යුතුය.

ඇමැතිවරු රජතුමාට උපදෙස් දුන්නා, රජතුමනි ඔබතුමාගේ අගබිසව ඉතාමත් ඤාණවන්තයි, සීලවන්තයි , නිසා රජතුමනි අගබිසවුන් වහන්සේ පින්වත් පුත්‍රලාභයකට සුදුසු වන බව අපගේ විශ්වාසයයි ‘’ කියලා.

මේ කරුණ සැල වු අගබිසව මුහුණ ප්‍රීතියට පත්වුණා , සතුටු වුණා, උදාර වූ පුත් රුවනක් ලැබීමට , තමා පින්වන්තයි සිතමින් සතුටු වුණා.

ඇය පුන් පොහෝ දිනට සුවඳ පැන් නා , සුදුවත් හැඳ උඩු මහලට ගොස් සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් පිරුවා. මෙත් වැඩුවා.

ඇයගේ් පුණ්‍යානු භාවය තව්තිසා දෙව්ලොව දක්වා පැතිර ගියා.

එක් දිනකදී ඇය ඉදිරියේ දෙව් කෙනෙක් පෙනී සිටියා. ඒ සත්දෙවිඳු බව ඇය දැන සිටියේ නැහැ. සත් දෙවිඳු මෙසේ පැවැසුවා.

පින්වත් රාජ දියණියෙනි, මම ඔබ කෙරෙහි පහත් වු සිතැත්තෙමි, එනිසා ඔබට වරයක් දෙනු කැමැත්තෙමි’

‘අනේ පින්වත් දේවතාවුන් වහන්ස , මම මහත් දුකට පත්වූ තැනැත්තියක් වෙමි. පින්වත් පුත්රුවනක් පතාගෙන මා උතුම් සීලයක් දරා සිටිමි. වත් පිළිවෙත් කරමින් මෙත් වඩමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මා හට පුත් රුවනක් ලබා දෙන වරයක් දෙන සේක්වා !

‘පින්වත් රාජ දියණියනි , සතුටු වුව මැනව , එය එසේ ම සිදු වේ වී ! ‘

දිව්‍ය සභාව රැස් කළ සත් දෙවිඳු මෙසේ විමසා සිටියා.

‘පින්වත්දෙව්වරුනි , මනුලොව එක්තරා රාජ දියණියක් පින්වත් පුත් රුවනක් පතා බොහෝ පින්දහම් කරයි සිල් ගුණදම් රකියි. මේ සභාවෙන් ආයුෂයා ගේ අවසානය කරා යන දෙවිපුත් හූ සිටිත් ද ? ‘’

පින්වත් ශක දේවේන්ද්‍රය , මෙතැන සිටිනා අපගේ මහා පදුම නම් දෙව්පුතු දෙස බලනු මැනැව. මේ දිව්‍යපුත්‍රයාගේ ආයුෂ අවසන් වෙමින් තිබේ. දැන් මොහුගේ අදහස ඉහළ දිව්‍ය ලෝකයක ඉපදීමටයි !.

‘මහ පදුම , ඔබට ගැලපෙන්නේ ඉහළ දෙව්ලොවක ඉපදීම නොවේ, ඔබට මිනිස් ලොව ගැලපේ’

ශ්‍රකදේවේන්ද්‍රය , මා සිතා සිටින්නේ මනු ලොව යාමට නොවේ, මිනිස් ලොව මට පිළිකුල් , මා කැමැති උසස් දිව්‍යලෝකයක උපතකටයි.

දරුව එසේ නොකියන්න , මේ දෙව්ලොවට එන්නට පළමු පින් රැස් කරගන්නා ලද්දේ මිනිස් ලොවදි බව අමතක නොකරන්න. යළිත් ඔබට පින් රැස් කර ගැනීමට අවස්ථාව ලැබී තිබේ.

අහෝ ශක්‍ර දේවේන්ද්‍රය දස මාසයක් මාතෘ ගර්භයක වාසය කිරීමට මා තුළ කිසිදු කැමැත්තක් නැහැ ඇත්තෙන්ම මව්කුස උපදින්නට මට වුවමනාවක් නැහැ.

පින්වත් දරුව , මව් කුස උපදින්නට ඔබගේ කැමැත්තක් නැති බව මට වැටහේ.

මිනිස් ලොව ඉපදීමට මවුකුසක්ම වුවමනා ද ? ඔබට ඕපපාතිකව මිනිස් ලොව ඉපදීමට වාසනාව තිබේ. ඔබට උපත උරුමව තිබෙන්නේ නෙළුම් මලක උපදීමටයි. එය ඔබ විසින් පෙර භවයක කරන ලද පිනක් නිසා ලැබෙන දෙයක්.

මහපදුම දිව්‍යපුත්‍රයා මනු ලොව ඉපදීමට කැමැති වුණා. ඔහු දෙවිලොවින් චුත වුණා. බරණැස් රජුගේ උද්‍යානයෙහි ගල් තලාවක් මැද ඇති පොකුණෙහි විශාල නෙළුම් කෙමියක මෙම දිව්‍යපුත්‍රයා ඕපාතිකව ඉපදුනා.

එදා හරි අපුරු දෙයක් සිදුවුණා. එනම් අගබිසව සිහිනයක් දැකීමයි. විසි දහසක් කුලාංගනාවන් පිරිවරා උයන් පොකුණට පැමිණ ඇයට නෙළුම් කෙමියක සිඟිත්තෙක් දකින්නට ලැබීමයි. ඈ පසුදින උදෑසන සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් කළා. මෙත් වැඩුවා පිරිස පිරිවරා පොකුණ වෙත පැමිණියා. එසේ පැමිණෙද්දී එක්තරා මල් කෙමියක ඇති විශේෂත්වයක් ඇය දුරදීම දැක්කා. ඇය දුවගෙන ගොස් ඒ මල් පොහොට්ටුව වැළදගත්තා. ඒ මොහොතේ ඒ මල් කෙමියේ මල් පෙති එකින් එක විහිදෙන්නට පටන් ගත්තා. රන්වන්පාට සියුමැලි සිඟිත්තෙක් ඒ මල් කෙමිය මැද නිදා සිටියා.

මේ දුටු පිරිස ප්‍රීතිඝෝෂා කළා. මහත් උත්සවශ්‍රීයෙන් මේ සිඟිත්තා මාළිගාවට රැගෙන ගියා. සියලුම දෙනාගේ ආදරය මේ දරුවාට ලැබුණා. සියලුම සේවිකාවන්ගේ අතින් අත යන මේ සිඟිත්තාට ආදර සැලකිලි දක්වන්නට සියලුම දෙනා එක් වුවා.

අනේ පුතේ මෙයත් කන්න , මෙයත් කන්න, මෙයත් බොන්න , කියමින් නිතරම පෙරැත්ත කරමින් ආහාර පාන කැවීම් නිසා මේ දරුවාට හැම දෙයක්ම එපා වුණා. මේ කුමාරයා ඒ වධයෙන් බේරීමට දොරටුව ළඟට දුවගොස් ලෝහ ගුලියක් ගෙන සෙල්ලම් කරනවා.

දිනක් එක්තරා පසේ බුදුවරයන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිද්දී මේ කුමරා අසලටත් පැමිණියා. මේ ශ්‍රමණයන් වහන්සේ දුටු කුමාරයා කෑ ගසා මෙහෙම කිවුවා.

අනේ පින්වත් ශ්‍රමනයන් වහන්ස මේ පැත්තේ එන්න එපා ! මෙහේ මිනිසුන්ගෙන් හරිම කරදරයි. අරක කන්න මේක කන්න කියනවා. කිසි නිදහසක් නැහැ.

කුමරා දුටු පමණින් පසේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මොහු හුදෙකලාවේම ජීවිතය අවබෝධ කරන්න වාසනාවක් ඇති බව. එනිසාම කුමරා කියූ වදන් ඇසූ සැණින් උන් වහන්සේ ඉදිරියට නොගොස් පෙරළා ආපසු වැඩියා. කුමාරයාට මෙය මහත් ප්‍රහේලිකාවක් වුණා.

‘’අනේ…. ශ්‍රමනයන් වහන්සේ නැවත ආපසු වැඩියා , එහෙම වුණේ මා කියූ දෙයට උන් වහන්සේගේ සිත රිදුනා වත් ද ? මා සමඟ අමනාප වුවා වත් ද ? තරහා ගත්තාවත් ද ? ‘’

පිරිවර ජනයා මෙසේ පිළිතුරු දුන්නා,

‘’කුමාරයාණෙනි , ශ්‍රමණයන් වහන්සේ ඔය වගේ සුලු කතාවකින් විතරක් නොවේ ඔයිට වඩා සැරට බැන්නත් හිත රිද්දා ගන්නේ නැහැ. තරහ වෙන්නේ නැහැ. උන්වහන්සේලා අනුන් පූජා කරන දෙයින් යැපී මෙත් සිතින් නෙව වාසය කරන්නේ’’

නමුත් කුමාරයා මවුපියන්ට සැලකර පිරිවර සමඟ බරනැස ඉසිපතනයට ගියා , එවකට ඉසිපතනයේ වැඩ සිටියේ පසේ බුදු වරයාණන් වහන්සේලා ය. කුමාරයා ඉසිපතනයට ගිය විට ඇස් විදහා ගත් මුව පැටව් එහාට මෙහාට දුව පැන යන අයුරු දැක ඉතා සතුටට පත්වුණා.

‘’අනේ අර මුවන් හරි සතුටින් නේද ඉන්නේ ‘’

‘’ඔව් කුමාරයාණෙනි , ඒ මුවන් සතුටින් ඉන්නේ ‘’

‘’ ඔය මුවන්ට අරකත් කන්න , මේකත් කන්න කියලා වධ කරන්න කවුරුවත් නැද්ද ?

‘’අනේ කුමාරයාණෙනි මේ මුවන්ට එහෙම වදයක් නැහැ. යම් තැනක කෑමට තණකොළ තිබෙනවා නම් බීමට ජලය තිබෙනවා නම් අනතුරක් නැත්නම් උන් නිදහසේ වාසය කරනවා !

මෙය ඇසූ කුමාරයාගේ සිත වෙනස් වෙන්න පටන් ගත්තා. නිදහසේ ඇති අගය වැටහුණා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: