Posted by: lrrp | September 17, 2011

කතරගම දෙවියන් හා නාඩි වාක්‍යය

අප බොහෝ විට අසා ඇත්තේ කතරගම දේවාලයේ වැඩ වසන්නේ හින්දු දහමේ එන ස්කන්ධ කුමාර දෙවියන් බවයි. ඔහු මුහුණු සයක්, අත් දොළහක් ඇත්තෙකි. මෙහි කියවෙන්නේ කතරගම දෙවියන් පිළිබඳ වෙනස්ම කතන්දරයකි. එය ඉන්දියාවේ නාඩි වාක්‍ය ක්‍රමය අනුව පැවසෙන්නකි.

බුදු රදුන් දවස එහි සුබ්‍රහ්මණ්‍ය නම් වූ දෙවියෙක් වාසය කළා. ඔහු බුදු දහම පිළිගත් යහපත් තැනැත්තෙක්. දිනක්  මේ දෙවියා ඇමතූ බුදු රදුන් ඔහුට ලංකාවේ රෝහණ ජනපදයේ කාචරගාම නම් වූ පෙදෙසට යන ලෙස උපදෙස් දුන්නා. තමන් වහන්සේ ටික දිනකින් එහි වඩින වගත් එහිදී මුණගැසෙන ලෙසත් උන් වහන්සේ වැඩි දුරටත්  සුබ්‍රහ්මණ්‍ය දෙවියන්ට උපදෙස් දුන්නා. ඒ අනුව සුබ්‍රහ්මණ්‍ය දෙවියන් ලංකාවට ඒමට පිටත් වුණා.

කිහිප දිනකට පසු ලංකාවේ කැළණිය ප්‍රදේශයට වැඩි බුදු රදුන් කාචරගාමයටත් වැඩම කලා. එවකට ලංකාවේ බුදු සසුන හරි හැටි පිහිටවී තිබුණේ නැහැ. කාචරගාමයේ සිටි ජනතාව සතුන් මරා බිලි පූජා පවත්වන දහමක් ඇදහූ පිරිසක්. ඔවුන්ට දහම් දෙසූ බුදුරදුන් එම ක්‍රියාවන්ගේ වරද පහදා දී එම ජනතාව පන්සිල්හි පිහිවූවා. ඉන් අනතුරුව බුදුරදුන් එතෙක් එම ස්ථානයේ අදෘශ්‍යමානව සිටි සුබ්‍රහ්මණය දෙවියන්ට පෙනී සිටින ලෙස ආරාධනා කලා.

“මා වදාළ ධර්මය තවත් කාලයකින් මේ දිවයිනේ  පිහිටවනු ලබාවි. මතු පිහිටන සම්බුද්ධ ධර්මය පිළිපදින්නන්ගේ ආරක්ෂාව සඳහා මේ තැනැත්තා ක්‍රියා කරාවි. ඔබලාගේ ගැටලු හැකි පමණින් ඔහු විසඳාවි.  නමුත් ඔහුට සැම දෙයක්ම කරන්න බැහැ. කර්මය අනුවයි තමන්ගේ දෛවය තීරණය වන්නේ. ඔහුට දුක් ගැනවිලි කියන්න මේ ස්ථානය යොදා ගන්න. ” යනුවෙන් වර්තමාන  කතරගම දෙවොල පිහිටි ස්ථානය පෙන්වමින් බුදු රදුන් වදාළා.

ඉන් අනතුරුව බුදු රදුන් සුබ්‍රහ්මණ්‍ය දෙවියන් අමතා ඔහුට උපදෙස් දුන්නා මේ ජනතාව ගැන අනුකම්පාවෙන් බලා ඔවුන්ගේ ගැටලු තමන්ට හැකි පමණින් විසඳමින් ලංකාවේ ‍රැඳී සිටින ලෙස. ඒ උපදෙස් පිළිගත් සුබ්‍රහ්මණ්‍ය දෙවියන්  ලංකාවේ බෞද්ධයන්ගේ හිත සුව පිණිස කටයුතු කරමින් අදටත් වැඩහිටි කන්දේ වාසය කරනවා.

ප.ලි. – නාඩි වාක්‍ය යනු ඉන්දියාවේ පවතින වාර්තා විශේෂයකි. ඒවා අතීතයේ විසූ ඉසිවරුන් විසින් අනාගතයේ බිහි වන වැදගත් පුද්ගලයන් ගැන තමන් සිත දියුණු කර ලබා ගත් අනාගතය දැකීමේ බලය උපයෝගී කරගෙන ලියූ සටහන්ය.

මූලාශ්‍ර – මතුගම මහින්ද විජේතිලක මහතාගේ “අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ” කෘතියෙනි. මෙහි සඳහන් වන්නේ පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් විසින්  කථිත ලිපි මාලාවකි.

(විසිතුරු)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: