Posted by: lrrp | October 3, 2011

උන්නේ බටහිරයි සංකර තාලයට – ඉන්නේ සැනසිලයි හෙළ බොදු දේශයක

තම සිත දියුණු කරගැනීමට ගසක්‌ යටට වී භාවනා කරන ආකාරය කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.

මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක්‌ තුළින් මෙරට සිටින දරු දැරියන්ට විජාතිකයන් (සුද්දන්) සමඟ ඉංග්‍රීසි කථා කිරීමේ බිය තුරන් කිරීමට මෙරටට පැමිණ සිටින බෞද්ධාගමික ස්‌විඩන් ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු පිළිබඳ වාර්තාවනුයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයෙනි.

ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම් හි එබිස්‌ලෝ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධියක්‌ හදාරමින් සිටින fපෝබිඅන් ගුනාෂ් (20) නමැති තරුණයා මෙරට සිටින සිංහල ජාතිකයකුගෙන් බුද්ධාගම පිළිබඳ අවබෝධ කරගැනීමෙන් අනතුරුව මීට මාස කිහිපයකට ඉහතදී බුදුදහම වැළඳ ගත්තේ තම සිත, කය අවබෝධ කරගැනීමේ අරමුණිනි. අන්තර්ජාලය තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බැලූ fපෝබිඅන් මහතා තමා ලද දැනුමෙන් අසරණ දරුදැරියන්ට යහපතක්‌ සිදුවිය යුතු යෑයි සිතා ශ්‍රී ලාංකීය පාසල් දරු දැරියන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඔහු අප රටට පැමිණියේය.

ඔහු හැඳ පැළඳ සිටි සාම්ප්‍රදායික
සරම හා කමිසය සමඟ බස්‌ නැවතුමකදී……

ඒ පිළිබඳ සොයා බැලීමට fපෝබිඅන් ගුනාෂ් තරුණයා පදිංචිව සිටින ගලේවෙල පුවක්‌පිටිය නිවසට ගිය අපට හමුවූ ඔහු මෙසේ කීවේය( මම ස්‌වීඩනයේ අධ්‍යාපනය ලබමින් සිටියදී “මට හමුඋණා ශ්‍රී ලාංකීය තරුණයෙක්‌. ඔහු මේ රට ගැන ගොඩක්‌ විස්‌තර මට කීවා. විශේෂයෙන් ළමයින් ගැන. පසුව මම මේ ගැන අන්තර්ජාලයෙන් තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව මට වැටහුණා ශ්‍රී ලාංකීය දරු දැරියන්ගෙන් 75% ක්‌ම විජාතිකයින් සමඟ ඉංග්‍රීසි කථා කිරීමට මහත් බියක්‌ දක්‌වන බවත් පසුව මම ලබපු අධ්‍යාපනයෙන් ලෝකෙ කුමන හෝ රටකට සේවයක්‌ හිමිවිය යුතුයෑයි සිතා ශ්‍රී ලංකාවට පැමිණියා. මාව ලංකාවට ගෙන්වීමට කටයුතු කළේ ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ජයවික්‍රම මහතායි. ඔහු සමඟ මම ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පාසල් රැසක කළ සංචාරයකදී මට තේරුම් ගන්න පුළුවන් උණා මෙරට සිටින දරු දැරියන්ට ඉංග්‍රීසි කථා කිරීමට උවමනාවක්‌ උනන්දුවක්‌ තිබුණත් එයට නිසි අවස්‌ථාව ලැබී නොමැති බව. පසුව මම දුෂ්කර පාසල්වල සිටින දරු දැරියන් සොයා ඔවුන් සමඟ ඉංග්‍රීසි කථා කිරීමේ, ලිවීමේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ ඇරඹුවා. මුලින්ම දරු දැරියන් මා සමඟ ඉංග්‍රීසි කථා කිරීමට බියක්‌ දැක්‌වුවත් දැන් එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් වෙනදාට වඩා හොඳින් ඔවුන් ඉංග්‍රීසි කතා කරනවා.

මම දරුවන්ට ඉගැන්වීමට පෙර දෙයක්‌ මතක්‌ කරනවා. එනම් පසුගිය 30 වසර පුරා මෙරට පැවැති කුරිරු යුද්ධය මෙයට ප්‍රධාන හේතුව වශයෙන් මම දකින්නේ. ජනවාර්ගික අනවබෝධය, ජාතීන් අතර නිවැරදි සන්නිවේදනය වටහා ගැනීම තිබ්බා නම් කවදාවත් එවැනි තත්ත්වයක්‌ උදා වන්නේ නැහැ. මෙම මේ ඉගැන්වීම තුළින් ජාතීන් අතර සමඟිය වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. තවද මාගේ දෙවැනි අරමුණ හොඳ බෞද්ධාගමිකයකු වීම. බුදු දහම පිළිබඳ හා සිංහල භාෂාව පිළිබඳ කිසිවක්‌ නොදැන මෙරටට පැමිණි මට ඒ ගැන ඉතා හොඳ අවබෝධයක්‌ ලබාගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. දඹුල්ල පල්වැහැර වැලිහේන ශ්‍රී විජය සුන්දරාරාමයෙහි විහාරාධිපති පූජ්‍ය දෙයියන්දර ධම්මධජ හිමියන් මට සිංහල ගැන හා බුදුදහම ගැන ඉතා හොඳ අවබෝධයක්‌ ලබා දුන්නා. ඒ නිසා අද මට තුන් වේල කන්නේ නැතිව උණත් ඉන්න පුළුවන්. ඒත් භාවනා කරන්නේ නැතුව නම් ඉන්න බැහැ.

මම උදැසන ආහාර වේලට පෙර හා රාත්‍රි ආහාර වේලට පසු පැය 1/2 ක්‌ භාවනා කරනවා. ඒ තුළින් මට වෙනදාට වඩා මතක ශක්‌තිය වැඩියි. මගේ සිත දියුණු කරගැනීමටත් එය ඉතා ඉවහල් උණා. මම එයට නිස්‌කලංක පරිසරයක්‌ සොයාගෙන යනවා. මම ගස්‌යට, වැව් තාවුල් ළඟ භාවනා කරනකොට ලංකාවේ මිනිස්‌සු මට හිනාවෙනවා. මම කියන්නේ භාවනා කරලා බලන්න. එතකොට ඔබටත් එහි අවබෝධය වැටහේවි” යෑයි ඔහු කියා සිටියේය.

පිටරටක සිටම පැමිණ, ලංකාවේ සංස්‌කෘතියට හැඳ පැළඳ, බුදු දහම වැළඳගෙන ඒ තුළින් මේ රටෙහි දරු දැරියන්ගේ අධ්‍යාපන මට්‌ටම නගා සිටුවීමට වෙර දරන මෙම විජාතිකයා ආදර්ශයකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: