Posted by: lrrp | October 18, 2011

මෙත් සිතින් පැතිරෙන සමඟිය

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, මෙත් සහගතව කටයුතු කරන කෙනා ඒ කරන කටයුතු ගැන සිහිකරන කොට එයා තුළ සතුට උපදිනව කියල. දැන් යහපත් දෙයක් කරල ඒක සිහි කරන කොට එයාට සතුට ඉපදෙනව නේද? සතුට ඉපදෙන කොට එයා තුළ පි‍්‍රය මනාප බව ඇති වෙනව. සතුට උපදින්නෙ නැත්නම් සතුට උපදින්නෙ නැත්තෙ යහපත් දෙයක් නොකළ කෙනාට. යහපත් දෙයක් නොකළොත් එයාට සතුට උපදින්නෙ නෑ.

එතකොට යහපත් විදිහට කටයුතු නොකළ නිසා ඒක සිහි කරන කොට සතුට උපදින්නෙ නැත්නම් එයා ප්‍රිය මනාපයිද? ප්‍රිය මනාප නෑ. දැන් අපි යහපත් දෙයක් කරනව ඒක සිහි කරනව. එතකොට ඒ අය ප්‍රිය මනාපයි. ප්‍රිය මනාපව වාසය කරන කොට ඒ අය යහපතට කැමති වෙනව. යහපත් දේ කරන්ට කැමතියි. යහපත් අය අතර ගෞරවය ඉපදෙනව.

දැන් කෙනෙක් ප්‍රිය මනාප නෑ. ප්‍රිය මනාප නැත්තෙ කොහොමද? යහපත් දෙයක් කළේ නෑ. අයහපත් දෙයක් කළා. ඒක සිහිවෙන්නෙ. එත්කොට ප්‍රිය මනාප නෑ. ප්‍රිය මනාප නැති අය අතර ගෞරවය ඉපදෙයිද? ඉපදෙන්නෙ නෑ. දකින්න හිතෙන්නෙ නෑ. දැක්කහම ප්‍රිය නෑ. ප්‍රිය නැත්නම් ගෞරවයක් ඉපදෙනවද? නෑ. එහෙනම් අපි යහපත් දේ කරනව. ඒක සිහි කරනව. එතකොට ප්‍රිය මනාපයි. ප්‍රිය මනාප අය අතර ගෞරවය ඉපදෙනව.

එතකොට මේ විදිහට කටයුතු කරන්න කරන්න ගෞරවය නැති වෙලා යනවද? ගෞරවය තියෙනව. එතකොට ගෞරවයෙන් යුක්තව වාසය කරන අය අතර වාද බේද හටගන්නවද? වාද බේද නෑ. වාද බේද නැති අය අතර රන්ඩු සරුවල් තියෙනවද? රන්ඩු සරුවල් නෑ. එහෙනම් ඒ අය අතර මොකක්ද තියෙන්නෙ? සමඟිය. ඒ විදිහට සමඟියෙන් ඉන්න අය එකට වාසය කරනව. අන්න ඒ විදිහට එකට වාසය කරන කොට ඒ අයට ගෙදර දොරේ වේවා ආයතනයක වේවා ප්‍රනීතව ඉන්න පුළුවන්. අන්න ඒ අයට සේඛ ධර්ම පහසුවෙන් දියුණු කරගෙන යන්ට පුළුවන්. ඇයි? ඒ අයගේ ගෞරවය තියෙනව. එහෙනම් ගෙදර දොරේ කටයුතු වේවා ආයතනයේ කටයුතු වේවා කරද්දි මෙත් සිත උපදවගෙන කරන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: