Posted by: lrrp | October 18, 2011

ලොවට සුව දෙන සිතේ පිරිසිදු බව

පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය උපදව ගන්ට යමෙකුට පුළුවන් වුනොත් අන්න එයා තමන්ගේ සිත පිරිසිදු භාවයට පත්කර ගන්නව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය උපදව ගන්ට යමෙක් අසමත් වුනොත් එයාට තමාගේ සිත පිරිසිදු භාවයට පත්කර ගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ.

යමෙකුට තමන්ගෙ සිත පිරිසිදු කරගන්ට පුළුවන් කමක් නොලැබුනොත් එයාට වාසය කරන්න සිද්ධ වෙන්නේ අපිරිසිදු වූ සිතකින්. සිත ඉබේ පිරිසිදු වීමක් සිද්ද වෙන්නේ නෑ. බුදුරජාණන් වහනසේගේ ශ්‍රාවකත්වය උපදවගත්ත කෙනා ඒ භාග්‍යවතුන් වහනසේ පෙන්වා දෙන ආකාරයට කටයුතු කිරීමෙන් තමාගේ සිත පිරිසිදු කර ගන්ට සමත් කෙනෙක් බවට පත්වෙනව. අන්න එයා පිරිසිදු සිතින් වාසය කරන්නෙ.

පිරිසිදු සිතින් වාසය කරන කෙනා යම් කාය කි‍්‍රයාවක් කළොත් ඒ කි‍්‍රයාව පිරිසිදුයි. ඒ පිරිසිදු කි‍්‍රයාවෙන් උපකාර ලබන යම් කෙනෙක් පීඩාවට නම් කිසිසේත් පත්වෙන්නෙ නෑ. එයාට සුව පහසුවක් අත්වෙනවාමයි. ඒ භාග්‍යවතුන් වහනසේ වදාළ ධර්මය පුරුදු කිරීමෙන් ඒ ධර්මයට අනුව කටයුතු කිරීමෙන් යමෙක් සිත පිරිසිදු කරගත්තොත් ඒ පිරිසිඳූ සිතින් යුක්තව වචන පාවච්චි කළොත් ඒ වචන මුල්වෙලා කිසියම්ම කිසි කෙනෙක් පීඩාවට පත්වෙන්නෙ නෑ. එයා සුව පහසුවට පත්වෙනවා මයි.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පුරුදු කරමින් ශ්‍රාවකත්වය උපදව ගත්ත කෙනෙක් සිත පිරිසිදු කර ගන්නවා මයි. එසේ සිත පිරිසිදු කරගත්ත කෙනෙක් තුළ යම් මානසික ක්‍රියාවක් ඇති වුනොත්. මනසින් ක්‍රියා කළොත් ඒ මානසික ක්‍රියා මුල් වෙලා කිසියම්ම කිසි කෙනෙක් පීඩාවට නම් පත්වෙන්නෙ නෑ. සුවපත් බවට පත්වෙනවා මයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් එයා සිත පිරිසිදු කර ගන්නවා. එයා සිත පිරිසිදු කර ගත්තොත් පිරිසිදු සිතින් ක්‍රියා කරද්දී ඒ ක්‍රියාව භුක්ති විඳින්නා වූ සියලු දෙනා සුවපත් භාවයට පත්වෙනව.

බලන්න කොයිතරම් ආශ්චර්ය දෙයක්ද කියල. මේක අත්භූත දෙයක්. ඉතින් මෙබඳූ ආශ්චර්ය අත්භූත වූ දේ ලෝකයේ පහළ වන්නේ බුදු කෙනෙක් ලෝකයේ පහල වෙලා ඒ බුද්ධ ශාසනය පවතින තාක් පමණයි. එහෙනම් ඔබ අපි සියලු දෙනාටම මේ ආශ්චර්ය වූ අද්භූත වූ ධර්මයන් පවත්නා බිහිවන ලෝකයක වාසය කරන්ට භාග්‍යය උදාවුනා. මේ භාග්‍යය අපි තේරුම් ගත යුතුයි. මේ භාග්‍යය අපි තේරුම් ගත්තොත් පිරිසිදු සිතක් උපදව ගන්න ඒකාන්තයෙන් කැමති වෙනව. ඒ නිසා මේ පින්වතුන් කිසිවෙකුත් කැමති වෙන්ට එපා අපිරිසිදු සිතකින් වාසය කරන්ට. තමාගේ සිත පිරිසිදු කරගන්ට කැමති වෙන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: