Posted by: lrrp | October 18, 2011

හිත රැකගනිමු

මේ ධර්මය පුරුදු කිරීමේදී හැම දෙයක්ම කළ යුත්තේ හිත ආරක්ෂා කර ගන්න. හිතට හානි නොවී හිත රැකගන්ට ඕනැ. හිතට හානි වෙනව නම් අපි වෙන මොනව රැකගත්තත් වැඩක් තියෙනවද? නෑ.

හිතට හානි වෙද්දීත් යමක් රකින්ට උත්සාහ කරනව නම් රැක ගන්න උත්සාහ කරනව නම් ඒක කුසල්ද? කුසල් වලට වැටෙන්නෙ නෑ. ඒක එක්කෝ ලාභ සත්කාරයක්. එහෙම නැත්නම් කීර්ති ප්‍රසංසා. එහෙම නැත්නම් සමාජ තත්වයක්, හිත මිතුරු කමක්. නේද? හිත විනාස වෙද්දීත් ආරක්ෂා කරනව නම් ආරක්ෂා කරන්නේ එහෙම දෙයක් නේද?

ඒ නිසා බලන්න මේ අපි යමක් කරන කොට ඒ කරන දේ මුල් වෙලා අපේ හිත ආරක්ෂා වෙනවද හිත විනාසවෙලා යනවද, හිත කිලිටි වෙනවද කියල. හිත කිලිටි වෙනව නම් අන්න එබඳූ දේ නොකළ යුතුයි.

හිත කිලිටිවෙන අකාරයට අපි කටයුතු නොකළ යුතුයි. අපි යමක් කරන කොට අපිට යමක් ලැබෙනවද නැද්ද කියලද බලන්නෙ? නෑ. අපිට යමක් ලැබුන හෝ නොලැබුනා හෝ ඒක නෙවෙයි වඩා වැදගත් වෙන්නේ හිත ආරක්ෂා වෙනවද කියන එකයි ඉතාම වැදගත් වෙන්නෙ.

අපිට යමක් ලැබුනා හෝ නොලැබුනා හෝ හිත ආරක්ෂා කර ගැනීමයි වඩා වැදගත් වෙන්නෙ.


Responses

  1. අවසරයි අපේ හාමුදුරුවනේ.
    යම් කිසි පින් කමක්, (ආහාර දානයක් වැනි), මගින් හිත අපිරිසිදු වී සසර දික් වීමක් වෙන්න පුළුවන්ද ?

    මම මසක් පුරාවට දිලිඳු පවුලකට දිවා ආහාරය ලබා දුන්නෙමි. ඒ දානයෙන් මම පැතුවේ සසරේ කවරදාකවත් මට හෝ මගේ දරුවනට හෝ කුසගින්නේ සිටීමට සිදු නොවේවා කියායි. කිසි විටක සසර දික් වීමක් නොපැතුවෙමි. පැතුවේ ඉපදෙන සසරේ කුසගින්නේ නොසිටීවා කියා ය. එහෙත් මේ පැතුමෙන් සසර දික් වීමක් වේ ද ?
    මේ සැකය දුරු කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ල සිටිමි.
    තෙරුවන් සරණයි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: