Posted by: lrrp | November 6, 2011

දැවෙන සමක්‌-නිවෙන මගක්‌

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්‌” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි.

ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම රතුවෙලා, ඉදිමිලා, මගේ සම කළු වෙලා, මගේ සම පැලිල, මගේ සමේ බිබිලි, තුවාල, අළුහම්, කබර දමලා, මගේ සම පිච්චිලා කියන වචන අපි නිතර භාවිතා කරනව. සම මගේ කියල විතරයි අපි දන්නෙ. කය නැමති ජරාව පිරවු මාරයාගේ තෑගි පාර්සලය අපේම කැමැත්ත මත සකස්‌කරගත් තෑගි පාර්සලය ලස්‌සනට හිත වශීවන ආකාරයට සිනිදු සියුමැලි ලෙස පාර්සල් කර තිබෙන්නෙ සමෙන්. සමේ ඇති වෙන ඉහත සඳහන් කළ බිබිලි, පැලීම්… කියන්නෙ කිපීම් සහ උරණවීම්. ඇයි මේ උරණවෙන්නේ. කිපෙන්නේ. හේතූන් නිසා ඇතිවෙන්නාවු ඵලයක්‌ තමයි මේ උරණවීම්, කිපීsම්. සම, තමන්ට එරෙහි ස්‌වභාවයන් හේතුවෙන් ප්‍රතික්‍රියා දක්‌වනවා. සම යනුවෙන් අප ආමන්ත්‍රණය කරන පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් එකිනෙක ගැටෙනවා, කිපෙනවා. තද ස්‌වභාවය, දියර ස්‌වභාවය, උෂ්aණ ස්‌වභාවය, වායු ස්‌වභාවය ආදිය කිපෙන්නාගේ ස්‌වරුපය අනුව තුවාල, ගෙඩි ආදිය දියර වශයෙන්, උෂ්ණය වශයෙන්, වායුව වශයෙන් පිටටදමනවා.

ඔබේ ඔය ලස්‌සන සමට උණුවතුර වැටුණොත් සමට මොකද වෙන්නේ. සම රතු වෙනවා, සම පුපුරු දමනවා. මේවා තේජෝ ධාතුවෙ ක්‍රියාකාරිත්වය. සමෙන් දුම, රස්‌නය පිටවෙනවා. බුබුළු මතුවෙනවා. මේවා වායේ ධාතුවේ ක්‍රියාකාරිත්වය. සමේ දිය බුබුළු තුවාල හටගන්නවා. මේවා පඨවි ධාතුවේ ක්‍රියාකාරිත්වය. දිය බුබුළු වල දිය පිරෙනවා. තුවාල වලින් සැරව ගලනවා. මේවා ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය. ධාතූන් හතරම එකටමයි පවතින්නේ. නමුත් මෙහි වෙන්වශයෙන් දැක්‌වූවේ වැඩි ප්‍රතිශතයක්‌ තිබෙන ධාතුව නිසා. දිය බුබුලෙ වැඩි ප්‍රතිශතයක්‌ තිබෙන්නේ ආපෝ ධාතුව. බලන්න ඔබේ ලස්‌සන සමට උණුවතුර ටිකක්‌ වැටුණු සැනින් සම ආකාර ගණනාවකින් ප්‍රතික්‍රියා දැක්‌වුවා. කාටද පුළුවන් මේ ප්‍රතික්‍රියාව ඇතිවෙන්න එපා කියල නවත්වන්න. කාටවත්ම බැහැ. ඇයි? සම මගේ නොවන නිසා. සතර මහා ධාතූන් නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌ත නිසා. සම නැමති රූපය පඨවි ධාතුව වැඩි ප්‍රතිශතයක්‌ තිබෙන ස්‌වභාවයක්‌. උණුවතුර කියන්නෙ තේජෝ ධාතුව වැඩි ස්‌වභාවයක්‌. දෙදෙනා අතර සමබරතාවය නැතිවුන නිසා දෙදෙනා ගැටෙනවා. කිපෙනවා. මේ ගැටීම තමයි පිsළිස්‌සුම වශයෙන් අපි දකින්නේ. සම කියන පඨවි ධාතුව ක්‌ෂණයකින් දියබුබුලු, සැරව, තුවාල, බවට වෙනස්‌ වුණා. එක විනාඩි දහයක්‌ යන්නේ නැහැ මේ වෙනස සිද්ධ වෙන්න. රූපය වෙනස්‌ වීමේ වේගයයි අපි මේ දකින්නේ. දියබුබුලු, සැරව, තුවාල බවට පත් වුයේ සමයි. නමුත් අපි කවුරුවත් දියබුබුලට, සැරවට, තුවාලයට සම කියල කියන්නෙ නැහැ. අප ලෝකය අපට උගන්වපු සම්මුති නාමයනුයි භාවිතා කරන්නෙ. මේ සම්මුතිය නිසා යථාර්තයෙන් අපේ අවබෝධය වසා දමනවා. අපිට හිතන්න ඉඩ දෙන්නෙ නැහැ. හිතන්න ප්‍රවේශයක්‌ ලබාදෙන්නේ නැහැ. උණුවතුර වැටීමට පෙර තිබූ සුන්දර සම, උණුවතුර වැටුණු සැනින් දියබුබුලක්‌, තු=වාලයක්‌, සැරව බවට වෙනස්‌ වීමට බලපෑ වේගය මොකක්‌ද කියල හදුනාගන්න. ඒ සම දියබුබුල, තුවාලය, සැරව වශයෙන් දකින්න ඔබේ ඔය මස්‌ ඇහැ දන්නෙ නැහැ, දක්‌ෂ නැහැ.

ඔබ මේ දකින දෙය, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය වශයෙන්ම දකින්න. එය ඔබ සිතට පැහැදිලි කර දෙන්න. ඔබ මේ දකින්නෙ ලෝකයෙන් නිවී යාමට අවශ්‍ය කමටහනක්‌ බව අවබෝධ කරගන්න. මේ ඔබ දකින්නෙ උතුම් සම්බුද්ධ දේශනාව බව අවබෝධ කරගන්න.

අපි මේ දැක්‌කෙ රූපය ගැන. දැන් අපි බලමු වේදනාව ගැන හිතලා.

සම උණුවතුරෙන් පිළිස්‌සෙනකොට ඔබට මොනතරම් දැවිල්ලක්‌ පිච්චීමක්‌ දැනුණද? ඔබ හඬයි, ඔබ කෑගසයි, දුකට පත්වෙයි, වෛද්‍යවරුන් සොයාගෙන යයි, රෝහල් ගතවෙයි. දැන් ඔබ හිතන්න සමට උණුවතුර වැටීමට මොහොතකට පෙර ඔබ මොනතරම් සතුටින්ද සැහැල්ලුවෙන්ද සිටියේ. ඔබ හිනාවෙලා, ඔබේ ලස්‌සන සම ගැන වශී වෙලා ඔබ සිටියේ . නමුත් උණුවතුර ටික සමට වැටෙන මොහොතේම, තප්පරයක්‌ ගියේ නැහැ වේදනාවේ අනිත්‍යයභාවය ඔබට දැනුණා. සතුට වෙනුවට දුක, සැහැල්ලුව වෙනුවට වේදනාව, පිච්චීම දැනුණා. බිය දැනුණා. තප්පරයක්‌ ගියේ නැහැ. විඳීමේ අනිත්‍යභාවය ඔබට දැනුනා, ඔබ දැක්‌කා. එහෙත් මෙය විඳීමේ අනිත්‍යභාවය වශයෙන් අවබෝධකොට ගන්න ඔබ දක්‌ෂවෙන්නෙ නැහැ. ඔබ දකින්නේ මේක මගේ කර්මය, මේක මගේ වෙලාව, නොසැලකිල්ල, වතුර උණුකල ලිපේ වරද, උණු වතුර භාජනයේ වරද… වැරදිකාරයො ගොඩයි. එයා ඊළගට උත්සහ ගන්නෙ උණු වතුරෙන්, ගින්දරෙන් ප්‍රවේසම් වන්න. වේදනාවේ අනිත්‍යභාවය මේකයි කියල දැකලා, සැපවේදනාවක සිට දුක්‌වේදනාවක්‌ ඇතිවීමට ගතවන කාලය තප්පරයකටත් වඩා අඩුය යන්න අවබෝධය ලබන්නෙ නැහැ. මේ විඳීම උරුමවුයේ මගේ නොවන ශරිරයක්‌ සමක්‌ මගේ කරගැනීම නිසාය කියල දකින්න දක්‍ෂ නැහැ. ඔබගේ සම පිලිස්‌සීමට පෙරාතුව තිබු සැප වේදනාව සමට උණුවතුර වැටීමෙන් පසුව ඔබට දැනුණ දැඩි දුක්‌ වේදනාව, වේදනාවේ අනිත්‍යභාවය පිළිබදව උතුම්ම කමටහනක්‌ බව දකින්න ඔබ දක්‌ෂ නැහැ. මේ වේදනාව ඇතිවුණේ ස්‌පර්ශය නිසාය කියන හේතුව දකින්න ඔබ උත්සහා ගත්තේ නැහැ. ශරීරය කියන අධ්‍යාත්මික රූපයත්, උණුවතුර කියන බාහිර රූපයත්, විඥානයත් ස්‌පර්ශය වීම නිසා මේ විඳීමේ ස්‌වභාවය සකස්‌වුනාය කියලා ඔබ දකින්නේ නැහැ.

ඔබගේ සමට උණුවතුර වැටුණ මොහොතේම දැනුණා වූ උණුවතුර වැටුනාය කියන හඳුනාගැනීම තත්පරයකින් වෙනස්‌වී පිළිස්‌සුනාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එය අනිත්‍යවී දැවිල්ලය කියන හඳුනාගැනීම, එය අනිත්‍යවී සම රතුපාට වෙලාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එය අනිත්‍ය වී සහ ඉදිමුණාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එය අනිත්‍යවී සමෙහි දිය බුබුළු දැම්මාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එයද අනිත්‍යය වී පිළිස්‌සුන සමට ඇල්වතුර, ගිතෙල්, බටර්, බෙහෙත් දැම්මාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. ඒවාද අනිත්‍ය භාවයට පත්වී වෛµ වරයා, රෝහල, බෙහෙත්, තුවාල සැරව මේ ආදී වශයෙන් පැය කාලක්‌ ඇතුළත මොන තරම් හඳුනාගැනීම් ඇතිවී නැතිවී ගියාද? මේ ඇතිව, නැතිව ගියේ හඳුනාගැනීම්. එක හඳුනාගැනීමක්‌ අනිත්‍ය වී යන්නේ තව හඳුනාගැනීමක්‌ සකස්‌ කරවමින්. ඔබට වේලාවක්‌ දෙන්නේ නැහැ අවබෝධයක්‌ ලබන්නට. මේ තමයි හඳුනාගැනීම අනිත්‍යභාවයට පත්වන වේගය. ඉහත හඳුනාගැනීම් සියල්ලම පැය කාලක්‌ ඇතුළත ඇතිවෙලා නැතිවෙලා ඉවරයි.

ඔන්න ඊළඟට ෙච්තනාවන් ගැන බලමු. හඳුනාගැනීම කියන හේතුව නිසා ෙච්තනාව සකස්‌ වෙන්නේ, ” අනේ මගේ සම පිච්චුනේ අහවලා නිසා. අහවලා තමයි වතුර මගේ සමට වත්කළේ. ඔහු ලිපේ ගල් වැරදි විදිහට තිබ්බ නිසයි, ඔහු උණුවතුර භාජනය අතහැරිය නිසයි මාව පිච්චුනේ. ඔහු උවමනාවෙන්මයි මාව පිච්චුවේ. ඔහුට තේ හදන්න, කෑම හදන්න, උපස්‌ථාන කරන්න ගිය නිසයි මාව පිච්චුනේ. මට උණුවතුර වැටුණේ. මම සනීපවෙලා එයාටත් හොඳ වැඩක්‌ කරන්නම්…” මේ ආකාරයට ඔබ පිළිස්‌සුනාට පසුව ෙච්තනාවන් ඇතිකරගන්නවා. මේ ෙච්තනාවල තිබෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම..

එසේ නැතිනම් ඔබ මෙසේ සිතනවා. “අනේ මම අනුන්ට උපස්‌ථානයක්‌ කරන්න ගිහිල්ලා, අනුන්ට තේ හදන්න, කෑම හදන්න ගිහිල්ලා මාව පිළිස්‌සුනේ. මේක ලොකු පිනක්‌. මට දිව්‍ය මනුෂ්‍ය සැප ලැබෙයි. මට මිනිස්‌සු ප්‍රසංශා කරයි. මගේ ගුණවත්භාවයට මිනිස්‌සු ගරුකරයි. අනේ මම පිළිස්‌සුණු වේලාවේ මිනිස්‌සු මට ගොඩක්‌ උදව්කළා. එයා ළඟ නොසිටියානම් මීට වඩා මාව පිච්චෙනවා. අනේ මාව පිච්චුන වේලාවේ මට අහවල්ලු ගොඩක්‌ මගේ දුක සැප බැලුවා. දෙවියන් මට උදව්කළා”

මේ විදිහේ කුසල් ෙච්තනාවන් ඇතිකරගන්නවා. මේ දෙආකාරයේම ෙච්තනාවන්ගෙන් අතිවුනේ කුසල් සහ අකුසල් සංස්‌කාරයන්මයි. එසේ නොමැති නම් ඔබ ඔබේ සම පිළිස්‌සීම ගැන උපේක්‍ෂා සහගත වෙන්න පුළුවන්. “මොනවා කරන්නද වෙච්චි දේ වුණා. දැන් ඉතින් පරෙස්‌සම් වෙන්න ඕනේ. උණුවතුරෙන් ගින්දරින් ඈත් වෙලා ඉන්න ඕනේ. පිච්චුණු තුවාල කැළල් ටික ඉක්‌මනින් හොඳකරගන්න ඕනේ. එසේ නොවුණහොත් සම කැතවේවී”

එයා උපේක්‍ෂාවෙන් යුතුව නැවත මෙවැනි දෙයක්‌ නොවන්න ඇතිවූ තුවාල කැළල් නොමැතිව සනීප කරගන්න උත්සහ ගන්නවා. තරමක්‌ අඩු ස්‌වභාවයෙන් වුව, මේ උපේක්‍ෂාව තුළ තිබෙන්නේත් ඇලීම, ගැටීමමයි. එසේ නොමැතිව අවබෝධය නොවේ. එයා උත්සහ ගන්නේ එයාගේ කය උණුවතුරින් ආරක්‍ෂා කරගන්න. තුවාල කැළැල් මකාගන්න. මේ ආකාරයෙන් එකිනෙකට වෙනස්‌වූ ෙච්තනාවන්ගෙන් ඔබ මොකක්‌ද දකින්නේ. ෙච්තනාවේ අනිත්‍යභාවයයි. අනිත්‍යභාවයේ වේගයයි. මේ අනිත්‍යභාවයට පත්වන ෙච්තනාවන් ඔබට කුසල් අකුසල් කර්ම රැස්‌කරලා දීලයි අනිත්‍යවී යන්නේ. මේ කර්ම විපාකයන් හේතුවෙන්, නැවත ප්‍රතිසන්ධියකට, ඉපදීමකට, නැවත නාම රූපයකට බැසගැනීමට අවශ්‍ය විඥානයන් සකස්‌වෙනවා.

දැන් ඔබ බලන්නකෝ ඔබේ ඔය ලස්‌සන සමට උණුවතුර ටිකක්‌ වැටුණු මොහොතේ තවත් ඉපදීමකට, කයකට බැසගැනීමට අවශ්‍ය සාධක ඔබ සකස්‌කරගන්නවා. ඒ ඔබේ අදක්‍ෂභාවය නිසයි. නමුත් ඔබ ස්‌පර්ශය නිසා හටගත් වේදනාව අනිත්‍ය බව දුටුවානම් මේ වේදනාව අනිත්‍ය බව හඳුනාගත්තා නම්, මේ නාම රූප දෙකෙන් මිදීමට, නිරෝධයට මාර්ගය සකස්‌කරගන්න ඔබට තිබුණා. ඒත් ඔබ ස්‌පර්ශය අනිත්‍යයි කියලා දකින්න දක්‍ෂ වුනේ නැහැ. මුලින්ම ශරීරයට ස්‌පර්ශ වුනේ උණුවතුර. ඊළඟට ඇල් ජලය. බටර්, ගිතෙල්, බිත්තර සාරු, කෝමාරිකා ඉස්‌ම, බටහිර ඖෂධ….. වෛද්‍යවරයාගේ, හෙද සොයුරියගේ, උපස්‌ථායකයාගේ දෑතේ ස්‌පර්ශය. මෙවැනි එකිනෙකට වෙන්වූ ස්‌පර්ශයන් නිසයි ඔබ සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම් ලැබුවේ. සැප, දුක්‌, උපේක්‍ෂා ලෙසින් විඳීම් වෙනස්‌ වූයේ ස්‌පර්ශයේ අනිත්‍යභාවය නිසාමයි. වේදනාවද අනිත්‍යය භාවයට පත්වන නිසයි. සිනිඳු දෑතක්‌ තුවාලය පිරිමදින විට දැනෙන සැප වේදනාව, එම සිනිඳු දෑතින්ම දැවිල්ල බෙහෙත් තුවාලයට දැමූවිට දුක්‌ වේදනවාන් බවට පත්වෙනවා. හේතුව ස්‌පර්ශයේ අනිත්‍යභාවයයි. මේ සටහන භික්‍ෂුවක්‌ ලැබූ අත්දැකීමක්‌ හේතුවෙනුයි සටහන් කළේ.

මේ සටහන තබන දිනයේ උදේවරුවේ තමන්ගේ කළ්‍යාණ මිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමක්‌ රෝගී වීම නිසා පැන් පහසුව වීම පිණිස ලොකු භාජනයකට උණුවතුර සකස්‌කර තිබුණා. භාජනය ලොකුයි. එහි කට ළඟට පිරෙන්න උතුරන උණුපැන් පිරිලයි තිබුණේ. භික්‍ෂූන්වහන්සේලා දෙනමක්‌ මේ උතුරන පැන් හැලිය ඒ භාජනයේ රවුම් ආධාරක දෙකෙන් ඔසවා, ගිලන් ස්‌වාමීන්වහන්සේ පැන් පහසුවෙන ඊට යාබද ස්‌ථානයකට ඔසවාගෙන ගියා. ඒ මොහොතේ එක්‌ භික්‍ෂුවක්‌ උණුපැන් හැලිය ඔසවාගෙන යමින් සිටි ආධාරකය (හැඬලය) ගැළවී, උණු පැන් හැලිය එම භික්‍ෂුවගේ දෙපා මතට හැලුනා. එම භික්‍ෂුව පිලිස්‌සීම නිසා ඉවත්වෙන්න උත්සහ කළත්, උණුවතුර අවට විසිරී තිබීම නිසා නැවත නැවත පා තබන්ට සිද්ධ වුනේ උණු ජලය මතටමයි. ඒ වන විටත් බුබුලු නංවමින් උතුරමින් තිබූ උණුජලය දෙපා මතට වැටෙද්දී කෙනෙකුට සිතන්න පුළුවන් දෙපා දිය බුබුලු වලින් පිරේවී කියලා. ඒත් එක දිය බුබුලක්‌වත් ආවේ නැහැ. ඒත් දෙපා තද රතුපාට වුණා. ඉදිමුණා. ඒ වුනත් පසුවදා එයද නැතිව ගියා.

සැබැවින්ම මෙතැනදී ආශ්චර්යයක්‌ සිද්ධවෙලා තියෙනවා. ඔය සිදුවීම වෙන්න විනාඩි දහයකට විතර පෙරාතුව එම භික්‍ෂුව දැකලා තිබෙනවා ඔය ස්‌ථානයේ දිව්‍ය ආලෝකයක්‌ මතුවී නැතිව යනවා. මේ දිව්‍ය ආලෝක සංඥාව විසින් භික්‍ෂුවට පෙන්නුම් කරලා තිබෙන්නේ මේ ස්‌ථානයෙන් ඉවත්ව යන්න කියලා. ඒත් තමන් කළ්‍යාණමිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමකට කරන උපස්‌ථානයක්‌ නිසා, මෙතැනින් යායුතු යෑයි තමන්ට ඇතිවූ සිත එම භික්‍ෂුව විසින් අනිත්‍ය වශයෙන් දැක අතහැරලා. ඇයි දන්නවද දෙවියන් ආලෝකයක්‌ වශයෙන් පෙනී සිටියේ. පිංවත් දෙවියන් දුටුවා මෙම ස්‌ථානයේ දැඩි අමනුෂ්‍ය බලවේගයක්‌ ක්‍රියාත්මක වන බව. ඒ ක්‍රියාත්මක වූ මාර අමනුෂ්‍ය බලවේගය තම කුරිරු අරමුණ කෙසේ හෝ ඉටුකරගත්තා. ඒ උණුවතුර හැලියේ හැඬලය කඩා දමා බුබුලු දමන උණුවතුර භික්‍ෂුවගේ දෙපා මතට දැමීමෙන්. ඒ ක්‍ෂණයෙන් අර දිව්‍ය බලවේගය ක්‍රියාත්මකවී එම උතුරන උණුපැන් යම් පමණකට සිසිල් කළා සේම භික්‍ෂුවගේ අතහැරීමේ පුරුද්ද නිසා නටන උණුවතුරත් භික්‍ෂුවගේ සිත අතහැරීම ඉදිරියේ පරාජයට පත්වුණා. මේවා එම භික්‍ෂුවගේ ජයග්‍රහණයන් නොවේ. ධර්මයේ ජයග්‍රහණයක්‌. ධර්මයේ ආශ්චර්යයක්‌. හැබැයි ඉහතින් සටහන් කළේ භික්‍ෂුව අනුමාන කළ දෙයක්‌. එය වැරදි වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් භික්‍ෂුවගේ දෙපා මතට උණුවතුර වැටී පිළිස්‌සුනේ තමන් සසර කළ කර්ම බලයක්‌ නිසාමයි. ඒක නම් නොවෙන්න විදිහක්‌ නැහැ. අපිම කරපු දෙයක්‌ තමයි අපට සිද්ධවෙන්නේ. මෙවැනි සිද්ධි වලින් අපිට තව එක දෙයක්‌ පැහැදිලි වෙනවා. කැළෑවල, ආරණ්‍ය වල නිවන් මඟ වඩන, සැබෑ ලෙසම අතහැරීම තුළ ප්‍රතිපදාව වඩන භික්‍ෂූන්ගේ ආරක්‍ෂාව උදෙසා කැලෑ තුළ” මිත්‍යදෘෂ්ඨික බලවේග සමග සම්‍යක්‌දෘෂ්ඨික බලවේග ගැටෙනවා. සම්‍යදෘෂ්ඨික බලවේග නිතරම පෙනීසිටින්නේ, මිථ්‍යදෘෂ්ඨික, පිනට අකමැති, කුරිරු බලවේග වලින් භික්‍ෂූන් ආරක්‍ෂා කරගැනීමටය.මේ කුරිරු බලවේග භික්‌ෂූන්ට යම් කරදරයක්‌, විපතක්‌ අත්වැරැද්දක්‌ වෙනතුරුම බලාගෙන සිටිනවා, ඒ අත්වැරැද්ද මහා විනාශයක්‌ බවට පත්කරන්න. එහෙත් මේ පාපකාරී බලවේග, භික්‌ෂූන්ගේ සිත අතහැරීමේ ක්‍රියාවලිය ඉදිරියේ පසු නොබලාම පලායනවා. නැවත නැවත පීඩාකරනවා. අතහැරීමේ ක්‍රියාවලිය ඉදිරියේ සම්‍යක්‌දෘෂ්ඨික බලවේග භික්‌ෂූන්ගේ ආරක්‌ෂාව උදෙසා නිරතුරුව පෙනිසිටිනවා. උපකාර කරනවා. දෙවියන්ද සතුටුවෙනවා. අනුමොදන් වෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: