Posted by: lrrp | November 23, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – භරත රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

ඔබ සිතූ දෙය ඉටු කෙළෙමු

චම්පා නුවර නන්දක සමග පැවිදි වූ භාරත ඉතා ඉක්මනින් විදසුන් වඩා රහත් බවට පත්වුවද නන්දකට කෙළෙස් ජය ගත නොහැකි වූයේ සසර ජය ගැනීම ද පමා වූයේය.

භරත රහතන් වහන්සේ වීර්ය සම්පන්න ගොනකු පෙන්වා දුන් අවවාදයෙන් පසු නන්දක හිමියෝ ද විදසුන් වඩා රහත් වුහ. ඉන් පසු භරත රහතන් වහන්සේ නන්දක රහතන් වහන්සේට මෙසේ කීහ.

“නන්දක, එන්න අපි අපගේ උපාධ්‍යයන් වහන්සේ දකින්නට යමු. උන් වහන්සේ සත්ත්වයන් ගේ ප්‍රකට, අප්‍රකට චරිත හොඳින් දැක වැරදි නිවැරදි නැවත නැවත පෙන්වා දෙන උත්තමයෙක්. ඒ නිසා අපි උන්වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ලෙස හඳුන්වනවා.

අපි දෙදෙනා උන් වහන්සේ ළඟට ගොස් සිංහ නාද පවත්වමු. අනන්ත අප්‍රමාණ කාලයක් අප දෙදෙනාම මේ සංසාරයේ ඉපදෙමින්, මැරෙමින් දුක් විඳිමින් දිග ගමනක් ආවා. ඒ ගමන අපි අවසන් කළා. තණ්හාව අවිද්‍යාව නිසා තමයි අප මේ දුක් සහිත ගමන ආවේ. ඒ ගමන අවසාන කළා. බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරමින් අප සංසාර ගමන අවසන් කළා. ලොව ඇති ලොකුම ජයග්‍රහණය අපි ලබා ගත්තා කියමින් අපි බුදු පියාණන් ළඟට ගොස් සිංහ නාද පවත්වමු.

බුදුපියාණන් වහන්සේ අප පිළිබඳව අනුකම්පා කොට අප පැවිදි කළේ ඉතා උතුම් ලාබයක් අපට ලබාදීමටයි. උන් වහන්සේ බලාපොරොත්තු වූ පරිදි අප දෙදෙනාම ඒ උතුම් ලාබයට නිර්වාණ සුවයට හිමිකරුවන් වී උන්වහන්සේ ගේ බලාපොරොත්තුව ඉටු කළා. සියලු සංයෝජනයන් දුරු කොට අපි අර්හත් ඵලය ලබා ගත්තා.

නන්දක අපි බුදුරජාණන් වහන්සේ දකින්නට යමු. අපේ සිංහ නාදය පවත්වමු”.

භරත රහතන් වහන්සේ නන්දක රහතන් වහන්සේ සමග රජගහනුවර වේළුවනාරාමයට වැඩියහ. බුදුරජාණන් වහන්සේ දැක සිය ජයග්‍රහණය පිළිබඳව ඒ දෙනම සිංහ නාදයක් පැවැත්වූහ.

බුදුරජාණන් වහන්සේ සිය සතුට පළ කරමින් සාධුකාර දුන්හ.

භරත රහතන් වහන්සේ පසු කලෙක සිය උදානය පළ කළේ මේ සිංහ නාදය පැවැත්වීම පිළිබඳ සිහිපත් කරමිනි.

“එන්න නන්ද
බුදු පියාණන් දකින්නට අපි යමු
උන් වහන්සේ ළඟදී
සිහනද පවත්වා අපි එමු

මහත් අනුකම්පා සිතින් අප
පැවිදි කළ බුදු පියේ
ඔබ සිතූ දෙය ඉටු කෙළෙමු
හැම බැඳුම් සිඳලා ගියේ”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: