Posted by: lrrp | November 24, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – විශාඛ පංචාල පුන්න මහරහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

ඒ භික්ෂුවට නිවන ළඟයි

විශාඛ පංචාල පුන්න ඒ රජුගේ නමය. මගධ දේශයේ මාණ්ඩලික රජකුගේ පුතකු වූ විශාඛ පංචාල පුන්න රජ වූයේ සිය පියාගේ අකල් මරණයට පසු ය.

ඔහු ගේ මව පංචාලි රජ කුමරියකි. පංචාල පුන්න යන නම ඔහුට ලැබුණේ මව නිසා ය.

මේ තරුණ රජතුමා ගේ මාළිගය අසල උයනකට බුදු රජාණන් වහන්සේ වැඩම කළහ. උන්වහන්සේගෙන් දහම් ඇසීමට බොහෝ දෙනෙක් ගියහ. විශාඛ පංචාල පුන්න රජතුමා ද සිය අතවැසියන් සමග ඒ උයනට ගියේ ය.

බුදු රජාණන් වහන්සේ දහම් දෙසූහ

රජුගේ සිත දහමෙහි බැඳිණ

ලෝකය දුක මත රඳාපවතින හැටි ඔහුට වැටහින. රජ සැප තුළ ද ඇත්තේ දුකකි. ඔහු ගේ සිත පියාගේ මරණයට ඈදින. බොහෝ සම්පත් මැද ජීවත් වූ පියා මිය ගියේ රෝගියකු වශයෙන් දිගු කලක් දුක් විඳීමෙනි. ඔහු ගේ වෙන්වීම මවට දරාගත නොහැකි විය. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ඉතා ගැඹූරෙන් එදා මට දැක ගත හැකි විය. විශාඛ පංචාල පුන්නට ගිහි ජීවිතය, රජකම එපා විය. මා මේවා බදා ගන්නේ කුමට ද? සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි.

දහම් දෙසුම අවසානයේ තරුණ පිරිසක් බුදු රජාණන් වහන්සේගෙන් පැවිදි බව ඉල්ලූහ. විශාඛ පංචාල පුන්න පැවිදිබව ඉල්ලුවේ ය. එදා ම ඔහු පැවිදි විය. විශාඛ පංචාල පුන්න හිමියෝ බුදු රජාණන් වහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළහ. එහි දී කමටහන් ලබාගත් උන් වහන්සේ විදසුන් වඩන්නට වූහ. මද කලෙකින් ෂඩ් අභිඥ උපදවා ගනිමින් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.

ඉන්පසු තමා උපන් බිමට වැඩම කළ විශාඛ පංචාලි පුන්න මහ රහතන්වහන්සේ එහි වැසියනට දහම් දෙසන්නට වූහ. මුළු ප්‍රදේශයම ඒ දහම් දෙසුම්වලින් සැනසින.

දිනක් උන්වහන්සේගෙන් දායකයෙක් මෙසේ ඇසීය.

“ස්වාමීනි, යහපත් ධර්ම දේශකයකුගේ ලක්ෂණ මොනවාද?” පිළිතුරු දුන් විශාඛ පංචාලි පුන්න මහරහතන් වහන්සේ ඒ පිළිතුර ම පසුකලෙක සිය උදානය වශයෙන් පළ කළහ.

“නොසිතයි තමා ගැන උඩඟුව විටෙක කි සි
අනුන් හෙළා නොදකියි විලසින් නොරි සි
නොතකයි පහන් කොට කෙනකුට අසල් වැ සි
නො ගැටෙයි රහත් උතුමන් හා ලෙස නො නිසි

 

සිය ගුණ පිරිස් මැද නොකියයි, සන්සුන් ය
පමණ දැන නඟයි බස, යහ පැවැතුම් ය
දහමේ ගැඹුර හඳුනන නුවණින් යුතු ය
වැඩිහිටි ඇසුර සහ යටහත් ගති ගුණ ය

මේ ගුණ පිරුණු මහණකු වේ නම් ඔහු ට
නිවන් දුලබ නැත නොබැඳෙයි බව මග ට”

මේ සියලු ගුණ විශාඛ පංචාල පුන්න මහරහතන් වහන්සේට ඇති බව දැක සාදුකාර දුන්හ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: