Posted by: lrrp | February 17, 2012

ව්‍යුති-ප්‍රතිසන්ධි හා අන්තරාභවය

ඔරලෝසු – මොටෝරිය ආදිය සාදන්නෝ ඒවා පාවිච්චි කළ හැකි කාලය මෙපමණයයි සාමාන්‍යයෙන් කියත්. ලී බඩු සාදන්නන්ට ද ඒවා පවත්නා කාලය අනියම් වශයෙන් කිය හැක. මෙසේ සාදන සෑදෙන හැම දේකම ශක්ති ප්‍රමාණයක් තිබේ. ඒ ශක්තිය ගෙවෙන විට ඒවා දිරාපත් වෙති, වැඩකට ගත නොහැකි වෙති. ඒ ඒ භවයන්හි උපදිනා සත්ත්වයන්ට ද කර්ම ශක්ති ප්‍රමාණයක් තිබේ. ඒ ශක්ති ප්‍රමාණය හෝ පවත්නා කාල ප්‍රමාණය ගෙවී යන විට ඔවුන්ගේ මරණය සිදුවෙයි. “ආයුසංස්කාරය” යි කියනු ලබන්නේ මෙයටයි. මේ ශක්ති ප්‍රමාණය තෙක් ජීවත් විය හැක්කේ අතරේදී අනතුරක් විපතක් සිදු නොවූවොත්ය. හදිසි අනතුරකින් කර්ම ශක්තිය මගදී බිඳී යා හැක.

යම් කිසි යන්ත්‍රයක් නියම ප්‍රමාණයට වැඩියෙන් ක්‍රියා කෙරෙව්වොත් එය ඉක්මණින් ක්‍රියා විරහිත වෙයි. මනුෂ්‍ය ශරීරයන් එසේමය. අපගේ බුදුරදුන් අවුරුදු සියයක් හෝ එක්සිය විස්සක් හෝ ජීවත්වීමට ශක්තිය ඇතිව උපන්නා විය හැක. නමුත් අවුරුදු හයක් පමණ කල් සෑහෙන තරම් ආහාර නොගැනීමාදියෙන් ශරීරයට කරදර කළ නිසා ආයු සංස්කාරය අඩු විය. අවසන් කාලයේදී ලේ අතීසාරයෙන් දුර්වල වූ නිසාද ශරීරය වැඩිකල් පවත්වා ගැනීම නොහැකි බව උන් වහන්සේට වැටහුණි. එබැවින් අසූහැවිරිදි කල්හි ආයු සංස්කාරය හැර දැම්මේය, හෙවත් ජීවත්විමේ ආශාව අත්හැරියේය.

මෙහි අප කථා කරන්නේ මනුෂ්‍යයාගේ ව්‍යුතිප්‍රතිසන්ධි ගැනයි. මිනිසා තුළ පවත්නා ස්කන්ධයේ මොහොතක් පාසා විනාශයක් ඇත. එය මින් උඩ දී විස්තර කරන ලදී. කුඩා දරුවා ලොකු ළමයකු විය හැක්කේ මොහොතක් පාසා පවත්නා වෙනස්වීම් නිසා ය. එසේ වෙනස් වූවත් එක් භවයක දී ඔහුගේ මවුපියන්ගේ දූදරුවන්ගේ නෑයන්ගේ සම්බන්ධය පවත්නේ ය.

ව්‍යුතියෙන් හෙවත් මරණයෙන් සිදුවන්නේ ඊට වඩා බලවත් වෙනස්වීමකි; ඒ වෙනස්වීමෙන් ඥාතිමිත්‍රයන්ගේත් අයිති දේපලවලත් සම්බන්ධය නැතිවන්නේ ය. එයින් මිනිසා දෙවියෙකු හෝ තිරිසෙනෙකු විය හැක. අන්‍යවූම ඥාතිමිත්‍ර පිරිසක් ඔහුට ඇතිවෙයි: ඔහුට අයිති වන්නේත් අන්‍යවූම දේපලකි.

මේ එක් භවයකින් අන්‍ය භවයකට සංක්‍රමණය වීම සිදුවෙන සැටි විශුධිමාර්ගයෙහි ත් විභංගඅටුවාවෙහි ත් පටිච්චසමුප්පාද – නිදෙ දසයේ දී දක්වන ලදී. හේ මෙසේයි: අතීත භවයේ දී ස්වභාව වසයෙන් හෝ අන්‍ය උපක්‍රමයකින් හෝ මරණය ළංවූ විට අංගප්‍රත්‍යංගයන්ගේ සම්බන්ධකම් සිඳ දමන්නා වූ මරණාන්තික වේදනාවන් ඉවසිය නො හැකිව අව්වේ දැමූ අමු තල්කොළයක් මෙන්1 ක්‍රමයෙන් ශරීරය වේලී යන කල්හි හෙවත් අප්‍රාණික වෙන කල්හි චක්‍ෂූරාදි ඉන්ද්‍රියයන් නිරුද්ධ වූ කල්හි කායේන්ද්‍රිය – ජීවිතේන්ද්‍රිය – මනේන්ද්‍රිය හෘදය වස්තුව ආශ්‍රය කොට පවත්නා කල්හි මනේන්ද්‍රිය නමැති සිත තමා ජීවත් ව සිටියදී බරපතල ලෙස සැලකූ කර්මයක් හෝ නතර කළ කර්මයක් හෝ මරණයට ළංවූ කාලයේදී කළ කර්මයක් හෝ අරමුණු කොට ගනී.

නැතහොත් ඒ කර්මය කරන කාලයේ දී ඒවා කිරීමට උපකාර වූ දාන වස්තු – මල් – සුවඳ – ආයුධ – දැල් ආදි කර්ම නිමිත්තක් හෝ මින්පසු උපදින භවයේදී දකින්නට ලැබෙන උයන් පොකුණු – ගිනිදැල් ආදි ගති නිමිත්තක් හෝ ඔහුගේ සිතට අරමුණු වෙයි. මේ පුද්ගලයා තෘෂ්ණා අවිද්‍යා දෙක දුරු නොකළ බැවින් මේ අරමුණු ගැනීමේ දෝෂය අවිද්‍යාව විසින් වසනු ලැබේ; තෘෂ්ණාව ඔහු ඒ දෙසට හරවයි: ඒ සමග තිබෙන කුශල කුශලකර්මයෝ ඔහු එහාට තල්ලු කරත්.

මෙසේ තල්ලු කරනු ලබන ඒ පුද්ගලයා අගලකින් එහා පැත්තේ තිබෙන ගසක බැඳි කඹයක කොණ මෙහා පැත්තේ සිට අල්වා ගෙන කඹයේ එල්ලී අගලෙන් එගොඩට යන මිනිසකු මෙන් පෙර ජාතියේ ශරීරය අත්හරියි. අන්‍යභවයක ඉපදීමට පත්වෙයි. පෙර ජාතියේ අත්හරින සිත එයින් වෙන්වෙන බැවින් චුති ය යි කියනු ලැබේ. අලුත් භවයකට පැමිණෙව් සිත නැවත ගැළපීමක් ඇති කළ බැවින් පටිසන්ධි නම් වේ.

මේ දෙකම සිදුවූයේ එක් චිත්තපරම්පරාවකිනි. නිවනට යනතුරු චිත්තපරම්පරාවගේ සිදී කැඩීයාමක් නැතැයි දත යුතු. එබැවින් පරලොවින් මෙලොවට යමෙක් ආවේදැයි අසන්ට ඉඩක් නැත. අද කොළඹ යම් කිසි කර්මාන්තයක් කරමින් සිටි මිනිසෙක් හෙට මහනුවරට පැමිණඅන්‍ය වැඩක් කරන්නේ යයි සිතමු. ඒ මිනිසා සිටි තැනත් කළ කර්මාන්තයත් වෙනස් වූවත් මිනිසා වෙන් වූයේ නැත. එමෙන් මේ භවයෙන් අන් භවයකට පැමිණියත් චිත්ත පරම්පරාව වෙනස් නොවීය. “වෙනස් නොවී” යයි කියන ලද්දේ මොහොතක් පාසා වෙනස්වීම නැතැයි කීම නොවේ.

මෙසේ කිවහොත් ආත්මය ගමන් කෙෙර්ය යි කීවාට සමානය. මොහොතක් පාසා වෙනස් වෙන එකම චිත්ත පරම්පරාවක් මෙයින් අදහස් කරන ලදී. මිනිසෙකුගේ චිත්තපරම්පරාවම තිරිසනෙකුගේ චිත්තපරම්පරාව විය හැක්කේ එය නිතර වෙනස් වෙන බැවිනි. එක් භවයකදී ක්‍ෂණයක් පාසා වෙනස් වෙමින් පවත්නා චිත්තපරම්පරාව ඊළඟ භවයේදී අමුතුම තත්ත්වයකට පත්වෙන්නේ කර්මයන්ගේ බලය නිසයි.

නානාවිධ හොඳ නරක කර්මයන් කරන සත්වයාට හැමදාම එක් සැටියකින් පවතින්නට හෝ උපදින්නට නො ලැබේ. ඒ ඒ කර්මයන් විසින් තල්ලු කරනු ලබන හෙතෙමේ වරක් දෙව්ලොව ද වරක් මිනිස් ලොව ද තව වරක දී තිරිසන් – ප්‍රේත – නිකායවල ද උපදියි. එබැවින් පූර්වභවයේදී ඇති වූ හේතුවක් නැතිව පුද්ගලයා අන් භවයක නූපදින්නේයයි ද දත යුතු.

1. සම්පූර්ණ තල් කොළයක් අමුවෙන් කපා අව්වේ දැමූ විට අග්ගිස් වේලී සුදු වෙමින් ගොස් ඇත්තේ එක් පෙදෙසක පමණක් නිල්පැහැය ඉතිරි වෙයි. හබුරු කොළයක් අමුවෙන් අව්වේ දැමූ විට ද මෙය මෙසේම සිදුවෙන බව පෙනේ. තව තවත් වේලෙන විට එතැන තිබුණ නිල්පැහැය ද දුරුවෙයි.

ඒකර්මය කරන කාලයේ දී ඒවා කිරීමට උපකාර වූ දාන වස්තු – මල් – සුවඳ – ආයුධ – දැල් ආදි කර්ම නිමිත්තක් හෝ මින්පසු උපදින භවයේදී දකින්නට ලැබෙන උයන් පොකුණු – ගිනිදැල් ආදි ගති නිමිත්තක් හෝ ඔහුගේ සිතට අරමුණු වෙයි. මේ පුද්ගලයා තෘෂ්ණා අවිද්‍යා දෙක දුරු නොකළ බැවින් මේ අරමුණු ගැනීමේ දෝෂය අවිද්‍යාව විසින් වසනු ලැබේ; තෘෂ්ණාව ඔහු ඒ දෙසට හරවයි: ඒ සමග තිබෙන කුශල කුශලකර්මයෝ ඔහු එහාට තල්ලු කරත්.

මෙසේ තල්ලු කරනු ලබන ඒ පුද්ගලයා අගලකින් එහා පැත්තේ තිබෙන ගසක බැඳි කඹයක කොණ මෙහා පැත්තේ සිට අල්වා ගෙන කඹයේ එල්ලී අගලෙන් එගොඩට යන මිනිසකු මෙන් පෙර ජාතියේ ශරීරය අත්හරියි. අන්‍යභවයක ඉපදීමට පත්වෙයි. පෙර ජාතියේ අත්හරින සිත එයින් වෙන්වෙන බැවින් චුති ය යි කියනු ලැබේ. අලුත් භවයකට පැමිණෙව් සිත නැවත ගැළපීමක් ඇති කළ බැවින් පටිසන්ධි නම් වේ.

මේ දෙකම සිදුවූයේ එක් චිත්තපරම්පරාවකිනි. නිවනට යනතුරු චිත්තපරම්පරාවගේ සිදී කැඩීයාමක් නැතැයි දත යුතු. එබැවින් පරලොවින් මෙලොවට යමෙක් ආවේදැයි අසන්ට ඉඩක් නැත. අද කොළඹ යම් කිසි කර්මාන්තයක් කරමින් සිටි මිනිසෙක් හෙට මහනුවරට පැමිණඅන්‍ය වැඩක් කරන්නේ යයි සිතමු. ඒ මිනිසා සිටි තැනත් කළ කර්මාන්තයත් වෙනස් වූවත් මිනිසා වෙන් වූයේ නැත.

එමෙන් මේ භවයෙන් අන් භවයකට පැමිණියත් චිත්ත පරම්පරාව වෙනස් නොවීය. “වෙනස් නොවී” යයි කියන ලද්දේ මොහොතක් පාසා වෙනස්වීම නැතැයි කීම නොවේ. මෙසේ කිවහොත් ආත්මය ගමන් කෙෙර්ය යි කීවාට සමානය. මොහොතක් පාසා වෙනස් වෙන එකම චිත්ත පරම්පරාවක් මෙයින් අදහස් කරන ලදී. මිනිසෙකුගේ චිත්තපරම්පරාවම තිරිසනෙකුගේ චිත්තපරම්පරාව විය හැක්කේ එය නිතර වෙනස් වෙන බැවිනි. එක් භවයකදී ක්‍ෂණයක් පාසා වෙනස් වෙමින් පවත්නා චිත්තපරම්පරාව ඊළඟ භවයේදී අමුතුම තත්ත්වයකට පත්වෙන්නේ කර්මයන්ගේ බලය නිසයි.

නානාවිධ හොඳ නරක කර්මයන් කරන සත්වයාට හැමදාම එක් සැටියකින් පවතින්නට හෝ උපදින්නට නො ලැබේ. ඒ ඒ කර්මයන් විසින් තල්ලු කරනු ලබන හෙතෙමේ වරක් දෙව්ලොව ද වරක් මිනිස් ලොව ද තව වරක දී තිරිසන් – ප්‍රේත – නිකායවල ද උපදියි. එබැවින් පූර්වභවයේදී ඇති වූ හේතුවක් නැතිව පුද්ගලයා අන් භවයක නූපදින්නේයයි ද දත යුතු.

යම් සිතකින් යමෙකුගේ ප්‍රතිසන්ධිය ගෙන දුන්නේ නම් ඒ සිත ඔහු ජීවත්වෙන කාලය තුළ දී ඇස් කන් ආදියෙන් අන් අරමුණු නොගන්න විට භවාංග නමින් යුක්තව උපදී. මැරෙන කාලයේ දී චුතිසිත වශයෙන් පවතින්නේත් එයමය. එබැවින් පටිසන්ධි – භවංග – චුති යන සිත් වෙනස් ආකාර වලින් පවත්වා එකම සිතක්ය යි දත යුතු.

“පටිසන්ධි භවංගං ච තථා වචනමානසං
එකමෙව තථෙවෙක – විසයං චෙකජාතියං”

(එක් භවයකදී පවත්නා ප්‍රතිසන්ධි සිත ද භවාංග සිත ද ච්‍යුතිසිත ද එකක්මය, එක් අරමුණක් ඇත්තකි) යි අභිධර්ම සංග්‍රහයෙහි කියන ලද්දේ මේ කාරණයයි.

මරණාසන්න වීථියේ සිත් උපදින සැටි මෙසේ දත යුතුයි. කර්ම – කර්මනිමිත්තාදියක් අරමුණු වූ විට භවාංග සිත දෙවරක් ඉපදී නිරුඬ වෙයි, අනතුරුව මනෝද්වාර වර්ජනය උපදියි: මරණාසන්නයේ දී වේගය මද බැවින් ජවනය පස්වරක් උපදියි. තදාලම්බණයෝ දෙදෙනෙකි. ඉක්බිතිව මේ ආත්මයේ දී භවාංගයට අරමුණු වූ අරමුණම ගෙන එක් ච්‍යුතිසිතක් උපදී.

මෙතෙකින් භවාංග දෙකය, මනෝද්වාරාවර්ජනය, * ජවන් පසය, තදාලම්බණ දෙකය, ච්‍යුතිසිත යයි චිත්තලක්ෂණ එකොළොසක් ගත විය. එක් වීථියක චිත්තලක්ෂණ සතළොසක් ඇති බැවින් දොළොස් වෙනි ව අර කී කර්ම නිමිත්තාදියෙන් එකක් අරමුණු කරගෙන ප්‍රතිසන්ධි සිත උපදී. ඉන් පසුව උපදනා සිත් අන් භවයක් හා සම්බන්ධ වෙති. මෙසේ මරණයත් නැවත ඉපදීමත් සිදුවන්නේ එක් චිත්ත වීථියකදී ය. මේ නිසා අන්තරාභවයකට අවකාශයක් නැතැයි ථෙරවාදීහු කියත්.

සර්වාස්තිවාදීහු වනාහි බුදුරදුන් විසින් මැදුම් සඟියේ මහතණ භාසංඛය සූත්‍රාදියෙහි “තිණ ණං ඛො පන භික්‍ඛවෙ සනනිපාතා ගබභස සාවක කනති හොති. ඉධ මාතාපිතාරො ච සන නිපතිතා හොන ති, මාතා ච උතුනී හොති, ගÁද බෙ බාච පච චුපඨිතො හොති, එවං තිණ ණං සන නිපාතා ගබභස සාවක් කන නි හොති” (මහණෙනි, කරුණු තුනක් සම්පූර්ණ වීමෙන් දරු ගැබක් පිහිටීම සිදුවේ. මවුපිය දෙදෙනා එක්තැන්වූවාහු වෙත් නම් මව ඔසප් ඇත්තියක් වේ නම්, ඉපදිය යුත්තෙක් එළඹ සිටියේ වේ නම් දරු ගැබ පිහිටීම සිදු වේ) යයි වදාරණ ලද බැවින් එවැනි අවස්ථාවක් ඔහු ච්‍යුත වෙන විටම නො ලැබුණොත් යෝග්‍යාවස්ථාවක් ලැබෙන තුරු හෙතෙම දේවාත්මයකට සමාන ආත්මයක් ඇතිව හැසිරේ යයි කියත් ඔවුන්ගේ ඉතා වැදගත් ධර්ම ග්‍රන්ථයක් වූ අභිධර්මකෝෂයේ තෙවෙනි පරිච්ඡේදයෙහි “මෘත්‍යුපපතතිභවයොරන තරා භවතී’හයඞ

ගම්‍යදෙශානුපෙතÀවාත් නොපපනෙනා’ නනරාභවඞ”

(=ව්‍යුතිය උපත්තිභාවය යන දෙක අතරෙහි හෙවත් මරණයත් ඉපදීමත් අතරෙහි යම් භවයක් වේ නම් එය අන්තරාභවයයි. සත්ත්වයා යා යුතු තැනට නොපැමිණි බැවින් හෙතෙම උපන්නේ නොවේ) යයි කියන ලදී. ඔහුගේ ආකාරය:

“එකක්‍ෂෙපාත් අසාවෛෂ්‍යත් පූව¢කාලභවාකෘතිඞ
ස පූනර් මරණාත් පූව¢ඞ උපපත තික්‍ෂණාත් පරඞ”

(=මේ අන්තරාභාවික සත්ත්ව තෙමේ එක් ජනක කර්මයක් විසින් මෙහෙයවන ලද්දේ පෙර භවයේ සටහන් ඇත්තේ ය. ඒ පෙර භවය නම් මරණයට පෙරත් ඒ භවයේ උත්පත්ති ක්‍ෂණයෙන් පසුවත් යයි දත යුතු)

ඒ සත්ත්ව තෙමේ එවැනිම අන්තරාභවික සත්ත්වයන් විසිනුත් විශු_ දිවැස් ඇත්තන් විසිනුත් දැක්ක හැක්කේය. එහෙම කර්ම සෘÿබලයෙන් ද හැම ඉන්ද්‍රියයන්ගෙන්ද යුක්තය, හැපීම් නැත්තේය. නොනවත්නා ගමන් ඇත්තේය. ගන්‍ධය අනුභව කෙරේ යයි ඊළඟ ශ්ලෝකයෙන් කියන ලදී.

අපේ පොත්වල තිබෙන ගන්ධබ්බ යන්න මෙහි ගන්ධභුක් යන්නෙන් දක්වා තිබේ. “ගන්ධය අනුභව කරන්නා” යන අර්ථය එහි තිබේ. නමුත් ටීකාචාර්යවරුන් ඒ ගන්ධය නම් උත්පත්ති ගතියයි තෝරත්. එවැනි තේරුමක් දීමට හේතුව කුමක්දැයි නොපෙනේ. අපේ ගන්ධබ්බ යන්න ගන්තබ්බ (යා යුත්තා) යන්නට සමානයයි කියත්. ඒ තේරුම මෙතැනදී පිළිගත හැක. නමුත් සංයුක්තනිකායේ ගන්ධබ්බසංයුත්තයෙහි මල් සුවඳ කොළ සුවඳ හරසුවඳ ආදියට අධිගෘහිත වූ දෙවිවරු ගන්ධබ්බ නාමයෙන් ගැනෙත් යයි පැහැදිලිසේම දක්වා තිබේ.

අධිගෘහිත යයි කීමෙන් ඒ සුවඳ අනුභව කෙරත් යයි වටහා ගත හැක. නැත්නම් ඔවුන්ට එයින් ලැබෙන ඵලයක් නැත. ගන්ධභුක් යන සංස්කෘත ශබ්දයෙහි “ගන්ධය අනුභවකරන්නා” යන අර්ථය පැහැදිලිවම පෙනේ. දේවස්ථානවල සුවඳ දුම් පැතිරවීම ආදි කාලයේ සිට පැවතෙන්නකි. එයින් ද දෙවිවරු සුවඳ අනුභව කරත් ය යන අදහසක් තිබුණ බව සිතා ගත හැක. “ගන්ධය නම් උත්පත්ති ගතියයි” යයි තෝරන්නේ අපේ පාළිවිනයටීකාව වූ සාරත්ථදීපනි යයි.*

“විපරීතබුÿ ඇති ඒ සත්ත්ව තෙමේ තෘෂ්ණාව ප්‍රහීන නොකළ බැවින් ශරීරාභ්‍යන්තරයකට පැමිණෙයි. (එයින්) මවුකුස උපදනා සත්ත්වයා අදහස් කරන ලදී. අන්‍යයන් අතුරෙන් “සංසේදජ සත්ත්වයා ගන්ධය ද ඕපපාතිකයා ස්ථානය ද කැමතිවෙමින් ඒ ඒ තැනට පැමිණේ” යයි අභිධර්මකෝෂයෙහිම කියන ලදී.

සාරත්ථදීපනී ටීකාවෙහි මේ ගන්ධබ්බ සම්බන්ධ දක්වා තිබෙන වාක්‍යයේ සිංහලානුවාදය මෙසේයි. “ගන්ධබ්බ නම් එහි (ඉපදීමට) එළඹෙන සත්වයායි. ගන්ධබ්බ යන්නේ තකාරයට ධකාර කොට මෙය සිද්ධකරන ලදැයි දත යුතු. නැතහොත් ඉපදීම ලබන ගතියේ නිමිත්ත එළඹසිටීමෙන් ප්‍රකාශ කරන බැවින් ගන්ධ යයි නම් ලැබූ භවගාමීකර්මයෙන් පවතින්නේ නුයි ගන්ධබ්බ නම් වේ. එහි උපදින සත්වයායි.

“එළඹසිටියේය යන්නේ තේරුම් නම් මවුපියන්ගේ එක්වීම බලාපොරොත්තුවෙමින් සමීපයෙහි සිටියේ නොවේ: කර්ම යන්ත්‍රයෙහි පිහිටි යම්කිසි සත්වයකු එහි උපදනා බැවින් හෙතෙම

පෙර ජාතියේ සිටියේ ම වෙයි. ගතිනිමිත්තාදි අරමුණු ගැනීම වශයෙන් ඉපදීමට අභිමුඛව 2 සිටීය යන අදහසයි”.

මෙයින් ථෙරවාදී ආචාර්යවරුන් අන්තරාභවය ප්‍රතික්ෂේප කරන සැටිද පෙනේ. “එළඹ සිටීම” නම් සමීපයෙහි ඇවිත් සිටීම නොවේ; පෙර ජාතියේ ව්‍යුතනොවූ සත්ත්වයා ගති නිමිත්තාදි අරමුණු ගැනීම් වශයෙන් අභිමුඛව සිටීම යයි මෙහි කියන ලදී.

විමතිවිනොදනී නමැති විනය ටීකාවේ 86 වෙනි පිටෙහිද මේ ගැන කියවේ. එයින් ගන්තබ්බයන්නේ ත – කාරයට ධ – කාර කොට ගන්ධබ්බ වීයයි කියා ඉන් පසුව තවත් අර්ථයක් දෙමින් “ගන්ධ ධර්මයෝ නම් නැට්ටුවෝය. ඔවුන් නා නා වෙස් ගන්නාක් මෙන් මේ සත්ත්වයාත් නානා වෙස් ගන්නා බැවින් ගන්ධබ්බ කියන ලදී” යන විස්තරයක් දී තිබේ. ඒ වර්ණනාව වැදගත් එකක් සේ නොසැලකිය හැක.

 

1* ඇතැම් පොතක පඤ්චද්වාරාවර්ජන සිතක් මෙහි ඇතුළත් කරනුලැබේ. එය අපට රුචි නැත.

1. මේ ග්‍රන්ථයේ කොටසක් සිංහලව්‍යඛ්‍යා හා ටීප්පනී සහිත කොට පණ්ඩිත මොරටුවේ ශාසනරතන ස්ථවිරයන් විසින් පළ කරවන ලදී. ඒ මතයට විරුද්ධ පාළි පාඨයන් ඒ ස්ථවිරයන් විසින් එහි උපුටා දක්වන බැවින් ඒවා සොයා ගැනීමේ පහසුව ඇති වූ බව කියනු කැමැත්තෙමි.

*පඨමපරාජික කොටසෙහි සුදින්ත වස්තුවර්ණනාවෙහි පෙනේ.

කථාවත්ථුප්‍රකරණයෙහි අන්තරාභවය ගැන ප්‍රශ්න විචාරීමක් හා උත්තර දීමක් තිබේ. එහි අන්තරාභවයක් ඇත්තේදැයි සකවාදියා ඇසූ විට “එසේය” යි පරවාදියා පිළිතුරු දෙයිත “එය කාමභවයද ? රූප භවයද ? අරූපභවයදැ” යි ඇසූ විට “නැතැ”යි උත්තර දෙයි. “කාමභවයටත් රූප භවයටත් අතරෙහි හෝ රූපභවයටත් අරූපභවයටත් අතරෙහි හෝ අන්තරාභවයක් ඇද්දැ” යි විචාළ විට “නැතැ” යි උත්තර දෙයි.

2. මාළඟ තිබුණු සාරත්‍ථදීපනියේ සිංහල අකුරෙන් මුද්‍රිත කොටස බුරුම ආණ්ඩුවේ ඉල්ලීම ලෙස එහි යවන ලද බැවින් එහි පිටු අංකය දැක්විය නොහැක. මොරටුවේ සාසනාරතන ස්ථවිරයන් උපුටා දැක්වූ පාඨයෙහි තිබෙන්නේ “උප්පනානාභිමුඛො හොතී ති අධිපෙප්තො” යන වචනයි. එය උප්පන්න විය නොහැකි බැවින් සැක සිතූ මම සියම් පොත බැලිමි. එහි තිබෙන්නේ “උප්පත්තාභිමුඛො හොතී ති අධිප්පයෝ” යන්නයි. එය ශුද්ධ පාඨයයි.

නැවත ඒ අන්තරාභව ගතිපසට වැඩි වූ සවැනි ගතියක්ද ? විඥානස්ථතියක්ද ? සත්ත්වවාස නවයට වැඩිවූ දශවෙනි සත්ත්ව වාසයක්දැ” යි ඇසූවිට “නැතැ” යි උත්තර දෙයි. “අන්තරාභවයෙහි උපදවන කර්මයක් ඇද්දැ”යි සකවාදියා ඇසූවිට පරවාදියා “නැතැ” යි උත්තර දෙයි. “එහි උපන් සත්ත්වයෝ ජරාවට මරණයට හා නැවත ඉපදීමට පැමිණෙත්දැ” යි ඇසූ විට “එසේ නොකියයුතු”යි පරවාදියා කියයි. “අන්තරාභවය පඤ්චවෝකාර භවයදැ”යි ඇසූ විට “එසේ නොවේ” යයි උත්තර දෙයි. “අන්තරාභවයෙහි පඤ්චස්කන්ධය ඇද්දැ” යි ඇසූ විට ”එසේ නොකිය යුතුය” යි උත්තර දෙයි.

“හැම සත්ත්වයන්ටම අන්තරාභවයක් ඇද්දැ” යි විචාළ විට “නැතැ” යි කියයි. “ආනන්තර්ය කර්මයක් කළ පුද්ගලයාට අන්තරාභවයක් ඇද්ද” යි විචාළ විට “නැතැ” යි උත්තර දෙයි. මින් පසු “අන්තරාපරිනිබ්බායි (=අතරේදී පිරිනිවෙන) පුද්ගලයෙක් ඇත්තේ නෙවේදැ” යි පරවාදියා අසයි.

“එසේය” යි සකවාදියා පිළිතුරු දුන් විට “එබැවින් අන්තරාභවයක් ඇතැ” යි පරවාදියා කියයි. “එසේ නම් උපහච්ච පරිනිබ්බායි අසංඛාරපරිනිබ්බායි3” ආදි පුද්ගලයන් ඇති බැවින් උපභව්ච භව – අසංඛාරභව ආදියක් ඇද්ද” යි සකවාදියා අසයි. එසේ නැතැයි පරවාදියා කී විට “එසේ නම් අන්තරාභවයකුත් නැතැ” යි සකවාදියා නිශ්චයට පමුණුවයි.

එම අටුවාහි 4 මේ මතය ගත්තෝ පුබ්බසේලීය සම්මිතීයයෝ යයි කියන ලදී. සර්වාස්තිවාදීන් ද ඒ මතය පිළිගත් බව අභිධර්ම

3. අන්තරාපරිනිබ්බායි නම් සුද්ධාවාසන්හි ඉපද උපන් කෙණෙහි හෝ ටික කලක් ගතවීමෙන් හෝ ආයුෂයේ මැදට හෝ පැමිණ රහත් ඵලය ලබන්නායි, උපභච්චපරිනිබ්බායි නම් එහි ආයුෂයෙන් භාගයක් ඉක්මවා පරිනිවෙන්නායි. අසංඛාරපරිනිබ්බායි නම් එහිදි වැඩි වෙහෙසක් නොගෙන රහත් ඵලය ලබන්නායි. සසංඛාරපරිනිබ්බායි නම් එහිදී වෙහෙස ගෙන රහත්ඵලය ලබන්නායි.

4. හේ. වි. මු. 151 වෙනි පිට

කෝෂයෙන් පැහැදිලිසේම පෙනේ. මේ අන්තරාභවිකයා ඉපදීමට යෝග්‍ය නැත සොයමින් සත්දිනක් හෝ ඊට ස්වල්පයක් වැඩි දින ගණනක් ඒ තත්ත්වයෙන් සිටීයයි ද නරකයෙහිත් අසඤ්ඤසත්තභවයෙහිත් අරූපලෝකයෙහිත් උපදින්නන්ට අන්තරාභවයක් නැතැයිද අන්තරාභවමතය පිළිගත්තෝම කියත්.

උදාන අටුවාවෙහි අන්තරාභවය ගැන 5 මෙසේ කියන ලදී. යම් කෙනෙක් “උභයමන්තරෙන” යන පදය 6 ගෙන අන්තරාභවයක් කැමැතිවෙත් ද එය ඔවුන්ගේ වැරදි අවබෝධයකි. අන්තරාභවයක් ඇත යන්න අභිධර්මයේදී ප්‍රතික්ෂේප කරන ලදී 7 මෙහි අන්තරා යන වචනය අන්‍ය විකල්පයක් දැක්වීම සඳහාය. එහි අර්ථය මෙසේයි. එහෙයින් බාහිය ඔබ මෙහිත් නොවේ, එයිත් (පරලොවත්) නොවේ, ඒ දෙක අතරෙහිත් නොවේ. තවද යම් කෙනෙක් අන්තරා පරිනිබ්බායි සම්භවේසී යන පදයන්ගේ අර්ථය වරදවා ගෙන අන්තරාභවයක් ඇතැයි කියත් ද ඔවුනට මෙසේ කිය යුතුය.

යම් හෙයකින් අවිහබ්‍රහ්මලෝකාදියෙහි ආයුෂයෙන් භාගයක් නොඉක්මවා අතරේදී රහත්මග අවබෝධ කිරීම නිසා ඇතැම් කෙනේක ක්ලේශපරිනිවාර්ණයෙන් පිරි නිවෙත් ද ඔවුහු “අන්තරාපරිනිබ්බායි” නම් වෙති. අතර භවයකට පැමිණ පිරිනිවෙන්නාහු නොවෙති. “භූතා වා සම්භවේසී වා” යන තැන යම් කෙනෙක් වූවාහුද අනාගතයෙහි නොවන්නාහු ද ඒ රහත්හු

5. හේ. වි. මු. 61 වෙනි පිට

6. “තතො ත්වා බාහිය න තෙන, යතො ත්වං බාහිය න තෙන තතො ත්වං බාහිය; යතො ත්වං බාහිය න තත්වා තතො ත්වං බාහිය නෙවිධ, න හුරං, න උභයමනත්රෙන, එසෙවනේතා දුක්ඛස්ස” උදානයේ බාහිය තෙරුන්ට කළ අවවාදයයි.

7. මින් උඩ දී දක්වන ලදී

භූත නම් වෙති. දුරු නොකළ භවසංයෝජන ඇති බැවින් පෘථග්ජනයෝත් යට මාර්ගඵලලාභීහුත් ඉපදීම සොයත් යන අර්ථයෙන් සම්භවේසී නම් වෙති. යෝනිසතර අතරෙන් අණ්ඩජ ජලාබුජ සත්ත්වයෝ බිත්තරයේ කලවත් වස්තිකෝෂයත් නොබිඳිනතුරු සම්භවේසී නම් වෙති; එයින් නික්මුණාහු භූත නම් වෙති. සංසේදජ – ඔපපාතිකයෝ ප්‍රථම චිත්තක්ෂණයේදී සම්භවේසී නම් වෙති; දෙවෙනි චිත්තක්ෂණය පටන් භුත නම් වෙති. යම් ඉරියව්වකින් යුතුව උපදිත් නම් ඒ ඉරියව්වෙන් අන් ඉරියව්වකට පැමිණෙන තුරු සම්භවේසී නම් වෙති; ඉන් පසු භූත නම් වෙති”

මෙතෙක් දක්වන ලද්දේ උදාන අටුවා පාඨයන්ගේ අනුවාදයයි. භූතා – සම්භවේසී යන දෙපදය අර්ථකථාචාර්යන් නොයෙක් ආකාරයෙන් තෝරන බව මෙයින් පෙනේ. මේ පොතේ මුල් කොටසේදී මා විසින් සම්භවේසී නම් ඉන්ද්‍රිය පරිපූර්ණත්වය නොලැබූ සත්ත්වයෝයයිද භූතා නම් ඉන්ද්‍රිය පරිපූර්ණත්වයට පැමිණි සත්ත්වයෝ ද තෝරන ලදී. අන්තරා භවවාදීහු “සම්භවේසී” යන්නට “උත්පත්තිය සොයන්නා” යන අර්ථය දී ඒ අවස්ථාවේදී හෙතෙම අන්තරාභවයෙහි වෙසේ යයි කියත්. ඒ කීම අපේ අටුවාචාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කලලරූපාදි අවස්ථා

සත්ත්වයෙකු මවුකුසෙහි පිළිසිඳ ගන්නා අවස්ථාවේදී කාය දසක – භාවදසක – වත්‍ථුදසක යන රූප කලාප තුනක් පළමුකොට ඇතිවෙන බව බෞද්ධ දර්ශනයේ පස්වෙනි පරිච්ඡේදයේදී කියන ලදී. මේ කලාප තුනෙහි රූප කොටස් තිහකි. ඒ සියල්ල එක් වූ විටත් එය යන්තම් ඇසට පෙනෙන ප්‍රමාණයේ ගෝලයකි.

එය බැටළු ලොමක් පිරිසිදු තලතෙලේ ඔබාගත් විට එය අග ඉතුරුවෙන තෙල් බින්දුව පමණ එකකැයි කියන ලදී. ප්‍රතිසන්ධි සිතේ දෙවෙනි චිත්තක්ෂණයේදී හෙවත් ස්ථිතික්ෂණයේදී තවත් එවැනි කලාප තුනක් උපදී. ඒවා උපදවනු ලබන්නේ කර්ම ශක්තිය විසිනි. ප්‍රතිසන්ධි සිත වනාහි තෙමේම රූප උපදවන්නට අසමර්ථ වෙයි; ප්‍රපාතයක වැටෙන මිනිසකු විසින් අන්‍යයකුට උපකාර කළ නොහැකි වන්නාසේ ප්‍රතිසන්ධි සිත මහත් වෙනෙසකට පත්වෙන අවස්ථාවක උපදනා බැවින් රූප උපදවන්නට සමර්ථ නොවේ.

ප්‍රතිසන්ධියෙන් පසු උපදනා ප්‍රථම භවාංගයේ පටන් චිත්තසමූඨානික ශුද්ධාෂ්ටකරූපයෝ ද උපදිති. මව අනුභව කරන ආකාරයේ ඕජාව පෙකෙණිවැල මගින් දරුවාගේ සිරුරට ඇතුල්වෙන්නට පටන් ගත් අවස්ථාවේ සිට ආහාරජ රූපකලාපයෝ උපදිත්. ප්‍රතිසන්ධි සිතේ ස්ථිතික්‍ෂණයේ පටන් සෘතුජ රූපයෝ උපදිත්. මෙහි සෘතුව නම් රූප කලාපයන්හි ඇති තේජෝධාතුව යයි දත යුතු.

මෙසේ සභාවක සත්ත්වයකුට * ප්‍රතිසන්ධියේ සටන් චිත්තක්‍ෂණයක් පාසා කර්මරූපකලාප තුන බැගින් ද ඒ තුනේ ඇති තේජෝධාතුවෙන් සෘතුජරූපකලාප තුන බැගින් ද දෙවෙනි භවාංගයේ මුල් චිත්තක්‍ෂණයේ පටන් චිත්තජශුද්ධාෂ්ටක කලාප ද මවුකුසෙන් ආහාරඕජාව ලැබෙන්නට පටන් ගත් තැන් පටන් ආහාරජශුඪාෂ්ටක ද උපදිති. රූප කලාප වශයෙන් බැලුවහොත් සතළොස් චිත්තක්ෂණයක් ඇති එක්චිත්ත වීථියක් තුළදී කර්මජරූපකලාප එක් පණසක් ද සෘතුජ කලාප සතළිස් අටක් ද චිත්තජ කලාප සතළිස් දෙකක් ද උපදිති. චිත්තක්‍ෂණයක්

* සභාවක සත්ත්වයා නම් ස්ත්‍රීභාව රූපයෙන් හෝ පුරුෂභාව රූපයෙන් යුත් සත්ත්වයායි. ඇතැමෙකුට හෙවත් නපුංසකයින්ට මේ දෙකෙන් එකක් වත් නොලැබෙන බැවින් හෙතෙම අභාවකයි. ඒ අභාවකයාට ප්‍රතිසන්ධියේදී ලැබෙන්නේ කාය – වත්‍ථු යන කලාප දෙක පමණයි.

නම් අතිස්වල්ප කාලයකි. එය කාලමාණ ක්‍රමයෙන් කිය හැකි තරම් කාලයක් නොවේ. ඇසිපිය හෙළීම සිදුවන්නේ චිත්තක්ෂණ දහස් ගණනකිනි. ඒ තරම් කෙටි කාලයක් තුළදී රූප කලාප 141 දෙනෙක් උපදිති. එක් චිත්තක්ෂණයකදී එතරම් ගණනක් උපදිත් නම් චිත්තක්ෂණ දොළොසකදී රූප කලාප දෙදහස්දෙසිය සපණස් දෙනෙක් උපදිති. එක් චිත්තවීථි කාලයකදී මෙපමණ උපදිත් නම් චිත්තවීථි ලක්ෂයක් ගෙවෙන විට කෙතරම් රූප කලාප සංඛ්‍යාවක් උපදීදැයි සිතා ගත යුතු. චිත්තවීථි ලක්ෂණයේ ඉපදීමට මිනිත්තු දහයකවත් කාලයක් ගත නොවේ. රූප කලාප සංඛ්‍යාව වැඩෙන සැටි මේ ක්‍රමයෙන් දත යුතුයි.

මේ වැඩීම දිගටම මෙසේ පවතින්නේ නොවේ. ඉතා බලවත් චිත්තවීථියක ඇතිවන්නේ සිත් සතළොසක් පමණය. මේ සතළොසෙන් එකිනෙක උත්පාද හෙවත් උපදනා අවස්ථාව අස්ථි හෙවත් පවත්නා අවස්ථාව, භංග හෙවත් බිඳී යන අවස්ථාව යන තුන් කොටසකින් යුක්තය. ඇතැම් විට ඒ අවස්ථා තුනෙන් එක් එක් අවස්ථාවද චිත්තක්ෂණ වශයෙන් ගණිනු ලැබේ. මෙහි වනාහි උත්පාද – ස්ථිති – භංග යන කොටස් තුන එක්කොට එක් චිත්තක්ෂණයක් සේ ගණන් ගනු ලැබේ.

මේ සතළොස් චිත්තක්ෂණය උත්පාදාදි තුනකට බෙදා බැලුවහොත් චිත්තක්ෂණ පණස් එකකි. රූපකලාපයකගේ ආයුෂ ප්‍රමාණය සතළොස් චිත්තක්ෂණයකි. එබැවින් ප්‍රථම චිත්තක්ෂණයේදී උපන් රූප කලාපයෝ සතළොස්වෙනි චිත්තක්ෂණය පැමිණිවිට නිරුද්ධ වෙති. දෙවෙනි චිත්තක්ෂණයේදී උපන්නෝ ඊළඟ චිත්තවීථියේ ප්‍රථම චිත්තක්ෂණයේදී නිරුද්ධ වෙති. මෙසේ ජිවිතාන්තය දක්වාම මේ ඉපදීමත් නිරුද්ධවීමත් සිදුවේ. නමුත් උපදින රූපයන්ගේ සංඛ්‍යාව විනාශවන රූපයන්ගේ සංඛ්‍යාව මෙන් සොළොස්ගුණයකින් වැඩිය.

(අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ ථෙරවාද බෞද්ධ දර්ශනය පොතෙන් උපුටා ගැනිණි.)


Responses

  1. mewage ithama watina lipi ewana obalata godaak pin.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: