Posted by: lrrp | March 16, 2012

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ……

ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ … ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

මේ ගීතය ලියූවේ රණ්බන්ඩා සෙනවිරත්න ශූරීන්. වෘත්තියෙන් නීතීඥයෙකු බවට පත්වන ඔහු දිනක් නුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා.ඉන් ටික කාලයකට පසු වෘත්තියෙන් නීතීඥයෙකු බවට පත්වන ඔහු දිනක් නුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා. නඩුව අවසානයේ ඔහු නැවත නිවෙස කරා පිටත් වීමට සූදානම් වූවත් ඔහුගේ මිතුරා පවසන්නේ හෙට තවත් නඩුවකට පෙනී සිටීමට ඇති හෙයින් එදින රාත්‍රිය ඔහුගේ නි…වසේ නවාතැන් ගන්නා ලෙසයි. හවස ඔවුන් දෙපළ දළදා මාළිගාව වැඳ පුදා ගන්නට මාළිගාවට යනවා. එහිදී ඔහු දකිනවා සුදු සාරියක් හැඳි, සුරූපී ස්ත්‍රියක් මල් වට්ටියකුත් දෝතින් රැගෙන මාළිගාවේ පිය ගැට පෙළ නඟිනවා. ඇය දෙස ඔහු බලා සිටිද්දී ඔහුගේ මිතුරා ඇය ගණිකාවක් බවත් සෑම දිනකම ඇය මෙසේ සිරිතක් ලෙස මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බවත් පවසනවා.

මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, අඩු වයසෙන් කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නැගිලා, මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. ඒත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ, මෘගයෙක් වෙලා. එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි. කාට කියන්නද? කව්රු අහන්නද? සමාජයෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ. ඒ සමාජයෙන්ම ගහල බැනල , රැවටීමට ලක් වෙලා. තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී, කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජයේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි. ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා. ඔන්න ඔය කතාවයි, රණ්බන්ඩා ශූරීන්ගේ සරසවි සමයේ අත් දැකීම්නුත් එක්ක තමයි මේ ගීතය ගොඩ නැගෙන්නේ….

“රහසේ පව් කරන දනා, එලියෙ රවන ළඳුනේ…
ලැම පමණක් ලොවට පෙනෙන…
ළය නො පෙනෙන ළඳුනේ…
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ…”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: