Posted by: lrrp | March 20, 2012

අපේ සිත අපව සසරේ වල්මත් කරන්නට පෙර …

ධර්මයෙහි ප්‍රතිපල 3කි:
1. සතර අපායෙන් මිදීමට සිතන්නට පොළඹවයි
2. සුගතිගාමී වීමේ මග – දෙවි මිනිස් සැප ලබා සසර සුවපත් වීම කියා දෙයි.
3. සසරින් එතෙර වන මග කියා දෙයි

මේ ධර්ම කාරනාවන් සියළු සතුන්ගේ විමුක්තිය උදෙසා බුදු රජාණන් වහන්සේලාගේ දේශනාවයි. ඒ ධර්මයෙන් සසරට වැඩ ගන්නට ඉටා ගැනීම ඉතාමත්ම වැදගත් වේ.
නමුත් අප සමාජයේ කී දෙනෙක් මෙලෙස සිතත්ද ?

ගුවන් විදුළි බණ අසන්නෝ ජීවිතයට යම් තරමකට හෝ යහපතක් උදා කර ගත්හ. ඒ යහපත බණ නොඅසන්නන්ට නැත. ධර්මයට සවන් දෙන අය, අවබෝධයෙන් ජීවිතයට යොදා ගන්නා අය, ඒ ගැන සතුටට පත් වන්නෝ ය. මන් ද යත් ඉහත කී පරිදි ඔවුන්ට:

  • සතර අපායෙන් මිදීමට මඟ පෙනෙන නිසා
  • සුගතිගාමී වීමට මඟ පෙනෙන නිසා
  • සසරින් එතෙර වීමට මඟ පෙනෙන නිසා වෙනි.

වර්ථමානය ධර්මානුකූලව ගත කරන්නා අනාගතයට වැදගත් ආයෝජනයන් කරයි. අධර්මිෂ්ඨයා පාපයන් තුළින් අනාගතයට ආයෝජනය කරන්නේ ඝෝර සසර දුඛිතව දිගු කරන ආයෝජනයන් මය.
ඒ නිසා දහම් මඟට අවතීර්න වන්න. මිනිසකු ලෙස ඔබ ලද සිතත්, කයත් නිවැරදිව කළමණාකරණය කරන අයුරු ධර්මය තුළින් ඉගෙන ගන්න. ඔබ ඔබගේ ජීවිතය ගැන සතුටු වන්න.

මඳක් සිතන්න; ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි 2කි නම්, ඉන් අවම තරමේ 50% ක් වත් ධර්මයට අනුකූල වන්නට සිතා අවංක බව ජීවිතයට ලං කර ගත හොත්, කෝටියක් දෙනා අවංක වන්නහුය. මෙයින් ඵල ලබන්නෝ අර ධර්මචාරී නොවූ කෝටියද ඇතුළුව සමස්ථ ජනතාවමයි. තමා විසින් තමා වටහා ගතහොත්මුළු ජනගහනයම සක කිරක් සේ පිරිසිඳු වෙති, ගුණයෙන් සරු වෙති.
හැම දිටම මුල් වන අපගේ සිත නිවැරදිව මෙයෙයවන්නට ධර්මයෙන් ආභාශය ඔබට ලැබේවා.

2012 මාර්තු මස 13 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයාණන් වහන්සේ: කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාන්ති පදනමේ අනුශාශක, පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

(සදහම් දේශනා)


Responses

  1. තෙරුවන් සරණයි
    මෙන්න MP3 file එකේ ලින්ක් එක

    [audio src="http://dl.dropbox.com/u/21950875/13Mar2012SLBC8.mp3" /]


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: