Posted by: lrrp | March 20, 2012

පින් පව් විපාක දෙනහැටි

කළ කළ දේ, පළ පළ දේ, යන ගැමි වහර මනා දාර්ශනිකයකුගේ ගැඹුරු තර්කනයකට බෙහෙවින් සමීප වන සරල සංකල්පයෙකි. කථිකත්වයෙන් හැඩවූ හේතුඵල දහම වැනි සනාතන දර්ශනයක්‌ ගැමි හුරුවකින් අර්ථවත් කළ හැකිය.

ඒ හොඳින් හෝ නරකින් හෝ සිතන කියන කරන හැමෙකකම විපාකයක්‌ ඇතිවීම ස්‌වාභාවිකය. අලෝභ, අදොaෂ, අමෝහ යන ෙච්තනාත්‍රය යෙදීමෙන් පිරිසිදු වූ චෛතසිකය ත්‍රිහේතුක කුසලයයි. එය දෙව් මිනිස්‌ සැප යස ඉසුරු ගෙන දෙන මහා පිනකි. අලෝභාදී හේතු දෙකක මෙහෙයවීමෙන් ප්‍රසන්න වූ චෛතසික ද්වි හේතුක කුසලයයි. එය ද දෙවි මිනිස්‌ සුව ලැබීමට හේතු වෙයි. මෙහිදී ත්‍රිහේතුක කුසලය ද්විහේතුක කුසලයට වඩා බලවත් බව සැලකිය යුතුය.

ද්විහේතුක අකුසල්වනුයේ, ලෝහ, මෝහ, දෙකකින් හා ද්වේෂ මෝහ, දෙකකින් යුතු අකුසලයයි. දරුණු වූ අපා දුක්‌ දැනැවීමට මේ ද්විහේතුක අකුසල් සමත් වෙයි. කුසල පක්‍ෂයේ මෙන් අකුසල් පක්‍ෂයේ මෙන් ත්‍රිහේතු බවක්‌ නොලබයි. තුසලයේ ලක්‍ෂණය සැප විපාකයක්‌ ගෙනදීම වන අතර, දුක විපාකයක්‌ ඇති කිරීම අකුසලයේ ස්‌වභාවයයි. කොහොඹ ඇටයෙන් අමිහිරි ඵලයත්, අඹ ඇටයෙන් මිහිරි ඵලයත්, ලබන්නා සේය. මෙහිලා මෙහෙයවන්නෙක්‌ නැත.

බුදුදහමේ ඉගැන්වෙන මේ කර් නියාමය අනුව සිදුවිය යුත්ත වළක්‌වාලීමේ හි සමතෙක්‌ ද නැත. මිහිපිට වේවා ගුවනෙහි වේවා, සයුර මැද වේවා ගල් බෙනයෙක වේවා යන කවර තැනෙක සිටියත් කළ දැයෙහි විපාකය ඒකාන්තය. ඇතැම් විට ඒ විපාකය දිට්‌ඨධම්ම වේදනීය වශයෙන් මේ අත්බැව්හීදි ද උප්පඡ්ජවේදනීය වශයෙන් දෙවනු අත් බැව්හි දී ද, අපරාපරියවේදනීය වශයෙන් සසරේ ඉඩ ලැබුණු කවර තැනකදී හෝ විපාක දෙනවාමය.

සත්ව ඝාතනයෙන් අල්පායුෂ්ක වෙයි. සත්ව හිංසාවෙන් රෝගී වෙයි. ක්‍රෝධයෙන් විරූපී වෙයි. ඊර්ෂාවෙන බෙලහීන වෙයි. මසුරු කමින් දිළිඳු වෙයි. මානයෙන් සමාජ සම්මතය පරිදි පහත් කුලවල ජනිත වෙයි. වියතුන් හෙළා දැකීමෙන් අඥන වෙයි. එමෙන්ම හිංසාවෙන් වැළැකීම දිගාසිරි විඳීමට හා නිරෝගී බවටද සතර බඹ විහරණින් පිරිපුන් සිතුම් පැතුම් හා පිරිවරින් පිරිවැරූ මහේශාක්‍ය ලක්‍ෂණයටද ත්‍යාගශීලී බව ධනවත් ශ්‍රේණියට ද නිහතමානී සත් පුරුෂ ගුණය සම්මත උසස්‌ කුල වල උපතටද උගතුන් ඇගැයීම වියත් පත් මහ පඬුවන් වීමටද හේaතුවෙයි.

හින්දු ධර්මය නිර්මාණ වාදය පදනම් කොට ඇත්තකි. සත්වයා තුළ පවත්නා ආත්මයක්‌ ගැන ඉගැන්වීමක්‌ එහි එයි. එහිද ඇතැම් සාම්ප්‍රදායකයෝ බ්‍රහ්මයා ආත්මය මවන්නා ලෙසද තවත් දාර්ශනිකයෝ විෂ්ණු මැවුම්කරුවකු හැටියටද සලකති. මැවුම්කරුවෙකු නැතැයි උගන්වන සංඛ්‍යා දර්ශනය ආත්මයක්‌ පවතින බවත් දර්ශනය ආත්ම ශුද්ධිය වන්නේ දේව පිහිටෙන් නොව, ස්‌වකීය චිත්ත බලයෙන් බවත් කියයි.

දුක සැප විඳින්නේ, පින් පව්වල විපාක ලබන්නේ ආත්මය බව ආත්මවාදීන් අවධාරණය කරන විට එකම ආත්මයකට දෙයාකාර වින්දනයක්‌ ලැබෙන්නේ කවර හේතුවක්‌ නිසා දැයි ප්‍රශ්න කළ යුතුය.

මිනිස්‌ ලොවින් මිය ඇදෙන්නා ම දෙව් ලොව ජනිත වේ නම්, දෙව් ලොවින් චුත වන්නා ම මිනිස්‌ ලොව උපදී නම්, මෙලොව උපදී නම්, මෙලොවින් එලොවටත්, එලොවින් මෙලොවටත් මාරුවෙවී යන සදාකාලික ආත්මයක්‌ ඇත්නම් කවරාදාකවත් කිසිම සත්වයෙකුට මරණයක්‌ ඇති නොවන බව කිව යුතුය. එමෙන්ම සත්ව හිංසාදී පව්කම් ද ඇතිවිය නොහැකි, යන කතාවත් ථූප්පකරණයේ එන දේශනා පාඨය ගැන අවධානය යොමු කළ යුතුය.

බුදුදහම අනුව “සත්වයා” යනු පඤ්චස්‌කන්ධයට දී ඇති ප්‍රඥප්තියකි. රූපස්‌කන්ධය නෙතට ගැටෙන සිරුරයි. දේහාන්ත ගතවීමත් සමඟම එය නිරුද්ධ වෙයි. පරලොවට යන කිසිවක්‌ ඉන් නැත. එසේ වුවද ඒ රූපස්‌කන්ධයෙන් එකක්‌ නොව ඇති වේවි, පැවති, බිඳි බිඳී, සිඳි සිඳී යන රූපධර්ම පරම්පරාවකි. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණා යනු සෙසු ස්‌කන්ධ හතරය. එහි කියවෙන විඤ්ඤාණය චිත්ත පරම්පරාවයි. වේදනා සඤ්ඤා සංඛාර යනු චෛතසිකාවලියයි. මේ ගැඹුරු ධර්මය තේරුම් ගත් විට පින් පව් විපාක දෙන හැටි වටහා ගැනීම සරලය.

පින්පව් නිසා ශරීරය ලක්‍ෂණ සංඛ්‍යාත ලිංගනාත්වය ද ගැහැනු පිරිමි ආදී සංඥ, නානත්වය ද පවතී. පින් කළ ඇත්තෝ මෙලොව රන් මිණි බරණින් සැරසෙති. පවින් කුරිරු වූවෝ පිරිහීම් විපත් වධ බන්ධන ආදී ගැහැට දුමාරයෙන් වියෑළෙති.

කිරි මුදවා ගැනීමට දවසක්‌ වත් ගත වෙයි. එමෙන්ම ධාන්‍ය වර්ගයකින් අස්‌වැන්නක්‌ ලැබීමට මාස කිහිපයකින් බීජයෙන් හා ගසෙන් ඵල හෝ ලබා ගැනීමට වසර කිහිපයක්‌ අවශ්‍යය. අස්‌වැන්න ගෙන දීමෙහි සමත් බීජයක්‌ වපුරා ආපෝධාතු හා පඨවි ධාතු රසය, සෘතු ගුණය රැකවරණ ආදී උපකාරක ධර්ම සමූහයකින් පසු කලක්‌ ගත වීමෙන් අස්‌වැන්න ලැබෙයි. එසේම කර්ම බීජයන්ගේ විපාක ලැබීමට ද කලක්‌ ගත වේ. පින්පව් විපාක දුන් හැටි පැවැසෙන පුවත් බොහෝය. සුප්බුද්ධ ශාක්‍ය වත, මී වදයේ පුවත, චක්‌කුපාල තෙරුන්, ජම්බුක ආජීවත, ලෝකසතිස්‌ස, කුණ්‌ඩධාත, අංගුලිමාල ආදී පුද්ගල පුවත් වලින් එය සනාථ වෙයි.

පූජ්‍ය ලියන්වෙල සිරිසුනන්ද හිමි
සංඝමිත්තා විහාරය, එළියස්‌ පෙදෙස


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: