Posted by: lrrp | March 20, 2012

සිත හා ශරීරය

බුදු හමුදුරුවෝ … අවස්ථා කිහිපයකදි සිත හා ශරීරය ගැන දේශනා වදාල කරුණු කිහිපයක්… ඔබේ දැන ගැනීම පිණිස මෙලෙස උපුටා දක්වමි…..

ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිරව පිහිටන්ට බැරි සිතක් නම් තියෙන්නෙ, සද්ධර්මය දන්නෙත් නැත්තම්,අවබෝධයක් නැතුව පහදින ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තියෙන්නෙ, ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ නෑ.

(සැවැත්නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා)

මේ සිත කියන්නෙ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනව.ආස කරන දේටමයි ඇදිල යන්නෙ,එබඳු සිතක් දමනය කරගැනීම කෙතරම් හොඳ දෙයක් ද.දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.

(සැවැත්නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා…)

පවසින් පෙලෙන්නවුන් පැන් සොයා ගියා සේ අමා නිවනට දොර විවෘත කරන ලදී. දෙසවන් යොමනු රිසියෙන් සැදැහෙන් අසත්වා…….
පින්වත, මවිසින් දේශනා කරන ලද මේ ශ්‍රේෂ්ඨ ධර්මය , ඔබ මැනවින් වටහා ගනී නම් ඒ සද්ධර්මය විසින්,සැකයෙන් පමණක් නොව සසරින්ද, ඔබව සදහටම එතෙර කරවනු ඇත.
(ගෞතම බුදුරජාණන් වහන්සේ)

සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි.ඒ වගේම සිත ගොඩක්ම සියුම්. හිතුමනාපෙ ආසකරන දේටම ඇදිලා යනව. බුද්ධිමත් කෙනා තමයි එබඳු සිත නොමගට වැටෙන්ට නොදීරැකගන්නෙ.හොඳින් රැකගත් සිතින් මහා සැපයක් ලබන්ට පුළුවනි.
(සැවැත්නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා…)

හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.

(ලංකතා)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: