Posted by: lrrp | July 12, 2012

අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් අවසර ගෙන ලංකාවට ආ බ්‍රසීලයේ ඇරිගෝ දේවතාවා.

මිනිසා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මළවුන් ඇදහීම හෙවත් මළවුන්ගේ ගුප්ත ආත්ම වලින් පිහිට හා ආරක්ෂාව පැතුවේය. කල් යත්ම තමන්ට තනිව කරගත නොහැකි වැඩ මේ භූතාත්ම ලවා කර ගන්නට උත්සහ කළේය.

ඊටත් පසු කාලයක ධ්‍යාන භාවනා ආදියෙන් චිත්ත ශක්තිය දියුණු කල සෘෂිවරු අපට නොපෙනෙන ලෝකයේ සිටින බලවත් වූ ආධ්‍යාත්මික ශක්තින් ඇති දෙවියන්ගේද සහාය ලබමින් යන්ත්‍ර මන්ත්‍රාදී ගුප්ත ශාස්ත්‍ර බිහිකොට විස්මිත දේ කල හැකි බව සනාථ කළහ.

මිනිසා මරණයේදී හෙවත් ශරීර කුඩුව අතහැර යාමේදී ඒ ශරීරයෙන් පිටවන සම්මුති ආත්මය (උපාදානස්කන්ධ සංයුතිය) ජීවත්ව සිටියදී දරන ලද මතිමතාන්තර, අදහස්, දැනුම හා නොදැනුම සහිතවම ක්‍රියාත්මක වේ.

මිනිසා මේ භූතාත්ම ලවා වැඩ ගන්නට පටන් ගන්නා සේම භුතයෝද මිනිසුන් ලවා තම වුවමනා ඉටුකර ගැනීමට කටයුතු කරති. මේ එවැනි කතාවකි.

බ්‍රසීලයේ කොන්ගොන්හස් (Conganhus) නගරයේ සිට කිලෝ මීටර් හයක් දුරින් මිනාස් ගෙරේස් (Minas Gerais) නම් ගමේ 1918 ජෝස් පෙඩ්රෝ ඩ් ප්‍රිටස් (Jose Pedro de Preitas) උපන්නේය. ඔහු භාවිත කලේ ජෝස් ඇරිගෝ (Jose Arigo) නාමයයි. ඒ ඔහු ඒ නම ප්‍රිය කල බැවිනි.

දිළිඳු පවුලක උපන් ඔහුට පාසල් අධ්‍යාපනය ලැබිය හැකි වුයේ තුන්වැනි පන්තියට පමණි. වයස අවුරුදු දහහතරේ සිට මිනිරන් පතල් කර්මාන්තයේ සේවකයෙන් ලෙස වැඩ කළේය.
1950 දී ඇරිගෝට දරුණු හිසරදයක්, ක්ලාන්තගතියක් හා කරකැවිල්ල හැදී නිතර පීඩා වින්දේය. දිනක් “මම නුඹේ ශරීරයට ආරුඪ වෙන්නට කැමති” කියන අද්භූත හඬක් ඇසුණේය.

යලිත් දිනක් හදිසියේම තට්ට හිසක් ඇති පුද්ගලයෙක් ඇරිගෝට දර්ශනය විය. ඔහු වෛද්‍යවරයෙකු බව ඇරිගෝට දැනුනි. ඒ සමඟම ශල්‍යාගාරයක් හා හෙදි පිරිසක් ද ඒ දර්ශනය තුලින් ඔහු දැක්කේය. ටික වේලාවකින් ඒ දර්ශනය නොපෙනී ගියේය.

“මම දොස්තර ඇඩොල්ප් ප්‍රිටිස් (Dr. Adolf Fritz). මම ජර්මන් ජාතික වෛද්‍යවරයෙක්. පළමුවැනි ලෝක යුද්ධයේදී වෛද්‍ය සේවය කරමින් සිටියදී මා මැරුණා. මගේ දැනුම, වෛද්‍යසේවය මට තව දුරටත් දිගටම ගෙන යන්නට වුවමනායි. ඊට සුදුසු කෙනෙකු සොයමිනුයි මා සිටින්නේ” යි මේ භූතාත්මය නිතර හීනෙන් පෙනී සිට ඇරිගෝට කිවේය.

මේ ප්‍රිටිස් වෛද්‍යවරගේ භූතාත්මය ඇරිගෝගේ ශරීරයට රිංගාගෙන වසර විස්සක කාලයක් රෝගීන්ට ප්‍රතිකාර කළේය. ඇරිගෝ දන සිටියේ පෘතුගීසි භාෂාව පමණි. අනෙක් ප්‍රතිකාර කරන අවස්ථාවලදී ඉංග්‍රීසි හා ජර්මන් භාෂා වලින් බෙහෙත් තුන්ඩු ලියා දී ඇත.

1956 දී අනවසරයෙන් වෛද්‍ය වෘත්තියේ දීමේ චෝදනාව යටතේ ඔහුට මාස 15 ක සිර දඬුවමන් නියම විය. පසුව බ්‍රසීලයේ ජනාධිපති ජස්සීලිනෝ කුබිට්චෙක් ඩ් ඔලිවේරා (Juscelino Kubitschek de Olivera) විසින් ඇරිගෝට සමාව දෙනු ලැබිණි.

නැවතත් බ්‍රසීලයේ වෛද්‍යවරුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සුදුසුකම් රහිතව ප්‍රතිකාර කිරීමේ වරදට 1962 දී නැවත මාස හතකට සිරදඬුවම් නියම විය. එහිදී විනිසුරු අධිකරණයේදී ඇසු ප්‍රශ්නයකට පිළිතුරුදුන් ඇරිගෝ තමන්ට ඇසෙන අද්භූත හඬක් හා නියෝගයන් අනුව තම ක්‍රියාත්මක වී මේ ප්‍රතිකාර කරන බවයි.

ඇරිගෝගේ ප්‍රතිකාරවලට සම්බන්ධ අද්භූත බලයත්, ප්‍රතිකාර වල සාර්ථක භාවයත්, ප්‍රතිකාර ගත කිසිවෙකුගෙන් පැමිණිලි ඉදිරිපත් නොවීමත් නිසා ඇරිගෝට සිරගෙය තුල සිට ප්‍රතිකාර කිරීමට විනිසුරු අවසර දුන්නේය.

ඇරිගෝ මේ සියලු ප්‍රතිකාර කලේ කිසිඳු මුදල් අය කිරීමකින් තොරව නොමිලේය. ඇරිගෝ සිය ප්‍රතිකාර වලට අමතරව දෙවියන් වහන්සේගේ හා බයිබල් පාඨ භාවිතා කරන්නට රෝගීන්ට නියම කළේය. ඔහුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගියේද පල්ලියේම කොටසකය.
1971 ක ආසන්න වන විට ඇරිගෝ කළු කුරුසියක් හීනෙන් දැක්කේය. තමාට මහා ව්‍යසනයක් ළඟ එන බව හැඟී ගියේය. තමන්ගේ ආයුකාලය නිම වී එන බව ඔහුට වැටහුනේය. ඒ බව ඔහුට හිතවත් බ්‍රසීල ජනාධිපතිට හා සමීප හිතවතුන්ට දැනුම් දුන්නේය.

1971 ජනවාරි මස 11 වැනි දින මෝටර් රථ අනතුරකින් ඇරිගෝ හදිසියේ මරණයට පත්විය. ඔහුගේ මරණය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කල අතර, භූතයෙකු ඇසුරු කළේය යන චෝදනාව එල්ල කරමින් ඔහුගේ අවමඟුලට පල්ලියේ පුජක වරුන් සම්බන්ධ වුයේ නැත.
ඇරිගෝ නමැති ආධ්‍යාත්මිය වෛද්‍යවරයා විසින් කරන ලද සුවිශේෂී ප්‍රතිකාර තුනක් වාර්තා වි ඇත.

01 ප්‍රතිකාරය

1950 දී ඇමරිකානු සෙනට් සභිකයකු වූ බිටන්කෝටි (Bittencourt) නම් ප්‍රභූවරයා කම්කරු රැලියකට සම්බන්ධවීමට බෙලොහොරයිසන්ටේ (Belohorizonte) නගරයට පැමිණියේය. මේ රැලියට ඇරිගෝටද ඇරයුම් කර තිබුණි. මේ දෙදෙනාම නවතන් ගෙන සිටියේ එකම හෝටලයේය. සෙනට් සභිකවරයා පිළිකාවක් බවට පත්වූ ගෙඩියකින් (Concer Tumour) පීඩා විදි අයෙකි.

මේ රැලිය පවතී දිනයේද ඔහු මහත් වේදනාවකින් පසුවිය රැලිය අවසන් වූ වහාම ඇමරිකාවට ගොස් සැත්කමක් සිදුකර ගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය. එදින රාත්‍රියේ ඇරිගෝ කුඩා අත් පිහියකින් ප්‍රභුවරයාගේ උදරය පලා ගෙඩිය ඉවත්කර තිබුණි. සැත්කමේදී පිට වූ ලේ ප්‍රමාණයත් ප්‍රභූවරයා ඇද සිටි පිජාමේද තැවරී තිබුඉනි. ඔහුට කිසි වේදනාවක් දැනුනේ නැත. පසුවද ඔහු වෛද්‍යවරයකු මුණගැසුණු විට දැන් එවැනි ගෙඩියක් දැක ගන්නට නැති බව ප්‍රකාශ විය.

02 ප්‍රතිකාරය

බ්‍රසීල ජනාධිපතිවරයාගේ දියණිය වන මාරියා සිල්වේරෝ (Maria Silveiro) ගේද එවැනි ගෙඩියක් ඉවත් කළේය. ඒ සැත්කම සිදුකරන අවස්ථාවේ බ්‍රසීලයේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වූ ලැඩෙයිරා මාගියුස් ද (Ladeira Margues) එහි සිටයේය. ඔහු ඒ සැත්කම පිලිබඳ සඳහන් කර ඇත්තේ මෙසේය.
“ඇරිගෝ ඉතා පළපුරුදු වෛද්‍යවරයෙකු මෙන් කතුරක් හා තියුණු පිහියක් පමණක් භාවිතා කොට අගේ පියවුර අසල යටින් තිබු ගෙඩිය කැප ඉවතට ගත් අතර ලේ වහනය වන විට අහසට දෑත් දිගුකොට’දෙවියනි! ලේ වහනය වීම නතර කර දෙන්න’යි ඉල්ලීය. ඒ සමඟම ලේ වහනයද නතර විය. මෙය වෛද්‍ය විද්‍යාවට අනුව තේරුම් ගත නොහැක්කකි. රෝගී දියණිය කිසිදු වේදනාවකින් තොරවිය.”

03 ප්‍රතිකාරය

කාලෝස් පැරන්නස් ලා කොස්තා කෲස් (Carlos Paraahos la Costa Cruz) නමැති දන්ත වෛද්‍යවරගේ ලේලිය වූ සොන්ජා (Sonja) නම් කාන්තාවට කරනු ලැබූ පිළිකා සැත්කමකි. මොවුන් රෝගියාද සමඟ සෙසු රෝගීන් මෙන් පෝලිමේ පැමිණ ඇත. ඇය දුටු විටම පිළිකාවක් ඇති බව පැවසු ඇරිගෝ ඇය බිම නිදි කරවා විනාඩි අටක් ඇතුලත මෙම සැත්කම සිදුකර අවසාන විය.

ඇරිගෝගේ මෙම භූත ප්‍රතිකාර ක්‍රමය පිළබඳ ඇමරිකාවෙත් පරීක්ෂණයක් කළේය. ඇමරිකානු ජාතික පර්යේෂක පුහාරිච් (Puharich) සහ හෙන්රි බ්ලේක් (Henry Blak) වසර පහක් වරින් වර බ්‍රසීලයට පැමිණ ඇරිගෝගේ අවසරය මත ඔහු පිළබඳ පර්යේෂණ කළේය.

එහිදී රෝගීන්ගෙන් වහනය වූ රුධිරය පරික්ෂා කළේය.
මාරාන්තික සැත්කම් කල ඇය සමඟ පෞද්ගලිකව සාකච්චා කළේය.
ඇරිගෝ ලියු බෙහෙත් තුන්ඩු පරීක්ෂා කළේය.
ලේ පිස දැමු කඩදාසි එකතු කොට පරීක්ෂා කළේය.
ඇරිගෝගේ ප්‍රතිකාර කිරීමේදී හැසිරීම, භාෂා ඥානය හා ප්‍රතිකාර වලින් පසුව ඔහුගේ සාමාන්‍ය හැසිරීම පරීක්ෂා කළේය.

ඇරිගෝ පිලිබඳ සිදුකළ මෙම පරීක්ෂණය පදනම් කොට ජෝන්පුලර් (John Fullar) නම් ලේඛකයා විසින් “Arigo: Surgen of Rusty Knife” – (1974) නම් සුවිසාල පර්යේෂණ කෘතිය ලියු අතර එයට වෛද්‍ය පුහාරිච්ගේ අතේ වූ ගෙඩියක්ද කපා ඉවත් කිරීමට ඇරිගෝට හැකි විය.

එම අවස්ථාව වීඩියෝ ගතකොට ඇති අතර එය අන්තර්ජාලයෙන් බැලිය හැකිය. (Jose Arigo සහ Arigo-Brazil) 1971 දී ඇරිගෝ වාහන අනතුරකින් මරණයට පත්විය. ඔහුගේ මරණයෙන් පසු ඇඩොල්ප් ෆිට්ස් නමැති මියගිය වෛද්‍යවරයාගේ භූතාත්මය ඇරිගෝ වෙනුවට එඩ්සන් ක්වයිරෝස් (Adson Queiroz) නමැත්තා මේ ප්‍රතිකාර සඳහා යොදා ගත්තේය.

ඔහුද 1991 දී වාහන අනතුරකින් මරණයට පත්විය. ඊළගට රූබන්ස් ෆාරියස් (Rubens Farias) නම් පරිඝනක සැලසුම්කරුවෙක් ඊට යොදා ගත්තේය. ඔහු කතෝලික දහම අතහැර මඩම් බ්ලව්ස්කිගේ පරම විඥානාර්ථ වාදය පිළිගත් අයෙකි. ඔහුද මරණයට පත්වුයේ වාහන අනතුරකිනි.

ඇරිගොත් ඔහුගෙන් පසු අනිත් දෙදෙනාත් මරණයට පත්වුයේ රථ වාහන අනතුරුවලින් එකම ක්‍රමයටය. වෛද්‍යවිද්‍යාව පිලිබඳ කිසිම දැනුමක් නැති මේ පුද්ගලයන් යොදවා ගෙන ස්වකිය වෛද්‍ය සේවය ක්‍රියාත්මක කල ඇඩොල්ප් ෆ්‍රිටිස් පළමුවැනි ලෝක යුද්ධයේදී මියගිය වෛද්‍ය වරයෙකි. ඔහුද කර්මය හා ඵලය ඉශ්වස නොකළ මානසිකත්වයක, පරිසරයක හා සමාජයක ජිවත් වූවෙකි.

ඔහුගේ අවශ්‍යතාවය සඳහා සාමාන්‍ය මිනිසුන් තිදෙනෙකු වාරි වර යොදවාගෙන ඔවුන්ගෙන් වැඩ ගත නොහැකි තත්වයක් උදාවනවිට ව බව වටහාගෙන වාහන අනතුරු උපයෝගී කොට ගෙන ඔවුන් මරා දැම්මා දැයි සිතන්නට පුළුවන. එදා පැවති සමාජ තත්වයට අනුව යුද්ධයේදී මෙන්ම රේස් දිවිමේදී අබාධ වලට ලක්වන අශ්වයන් වෙඩි තබා මරා දැමීමේ ක්‍රමය මෙහිදීත් භාවිතා කලා වෙන්නට පුළුවන.

1950 වන විට බ්‍රසීලය ආධ්‍යාත්මික වෛද්‍යවරුන් සඳහා ප්‍රකට වූ රටකි. (Spiritual Doctors) මේ අය ආධ්‍යාත්මික වාදය අනුගමනය කළහ. අද එය ඇමරිකාව, එංගලන්තය ආදී දියුණු යයි කියාගන්න රටවල බොහෝ පැතිර ඇත.මරණයෙන් පසුව නැවත ඉපදීමක් පිළිනොගන්නා මිනිස්සු සිටිති.

ශරීරයෙන් නික්ම යන සම්මුති ආත්මය සමඟ ඔවුන් ජීවත්ව සිටියදී ලැබූ දැනුම හා නොදැනුමද නික්මයන බව නොදන්නා ඒ නොදන්නාකම නිසා නොපිළිගන්නා මිනිස්සුද සිටිති. අන්ධයා කොකා ගැන කියන්නාක් මෙන් සමහරු මේ ආධ්‍යාත්මික සේවය විවේචනය කරයි. “නීතීඥයාට වැරදුනොත් අඩි හයක් පහලට යතැ”යි කියමනක් ඇත.

බටහිර විද්‍යාවෙන් නව තාක්ෂණයෙන් මිනිස් ජිවිත වලට බොහෝ පහසුකම් වාසි සැලසී ඇත. අවාසිද අනන්තය. මේවා විවේචනය කරන්නට කෙනෙක් නැත. ආධ්‍යාත්මිය සේවයේ මුවාවෙන් බඩවඩා ගත්තෝද බහුලය. ඒ නිසාම ආධ්‍යාත්මික දියුණුවෙන් මිනිසාට යහපතක් කළ නොහැකි යයි කීම විහිළුවකි. අමනම මෝඩ කතාවකි. අසාධාරණයකි. එවන් කතා වලින් සිදුවන හානිය හා පාඩුව අප්‍රමානිකය. මිහරකට මඩේ ලැගීම තරම් තවත් ස්වායක් නැත. ඌ සිරියහන්වල සුවය නොදයි.

දැන් අපි යලිත් ඇරිගෝ දෙසට හැරෙමු. ඇරිගෝගෙන් සිදුවූ සේවය පොත්පත් හා වෙනත් මාධ්‍ය වලින් කියවූ ශ්‍රී ලංකාවේ එක්තරා පුද්ගලයෙක් නිහඬවම ක්‍රියාත්මක විය. ඒ මහාචාර්ය දයා අමරසේකර (පේරාදෙණිය) සුරිහුය. ඒ මහතා සමාජ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයා වුවද බ්‍රහ්මචරි දැහැමි ජිවිතයක් ගෙවන්නෙකි. සිය මියගිය මෑණියන්ගේ ආත්මයට පින් පමුණුවමින් තව තවත් උසස් තත්වයට පත්කරමින් මේ ආධ්‍යාත්මික ශක්තිය පිලිබඳ පර්යේෂණ කරන්නෙකි. ඔහු අප සමඟ මෙසේ කිවේය.

“අද ලෝකයේ ආධ්‍යාත්මික ශක්තිය ඉහලින් ප්‍රගුණ කරන තත්වයක් උදාවෙමින් පවතිනවා. ආධ්‍යාත්මික සාහිත්‍යයක්ද ද ගොඩ නැගිලා. එයින් එඩ්ගා කේශී වැනි පුද්ගලයන් ප්‍රබල චරිත බවට පත්වෙලා. එත් මේ ඇරිගෝ ගැන කිසිම කෙනෙක් සැලකිල්ලක් දක්වා නැහැ. ඔහු පිලිබඳ වාර්තා කියවූ මට ඇරිගෝට සමාජයෙන් සදරණය ඉටුවී නැති බව මට වැටහුනා.

මම ඇරිගෝට පින් අනුමෝදම් කරමින් ඔහුගේ (භුතාත්මයේ) ආධ්‍යාත්ම ශක්තිමත් කලා. කර්මය හා විපාක විශ්වාස නොකළ මානසිකත්වයක සිටි ඔහු (භූතාත්මය) මරණයෙන් පසු හුදකලාව පා වෙමින් සිටියදී මා දුන් පින් බලයෙන් ශක්තිමත් වුන. ඔහු දැන් බුදුදහම පින – කුසලය ගැන වැටහ ගෙන සිටිනවා. ඔහුකල සේවය කුසලය අවධාරණය මා ඔහු ශක්තිමත් කළා” යි පැවසිය.

“බ්‍රසීලයේ ජිවත් වන මගේ දරුවන්ටත් මා දැන් මතක් වෙන්නේ නෑ. නුඹ කව්ද? මට යහපත් උදාකළ නුඹට මම කැමති.” යනුවෙන් දැන් කියන ඇරිගෝ මහාචාර්ය දයා අමරසේකරයන්ට යම් මාධ්‍යක් තුලින් පණිවිඩ දීමට පටන් දෙන ඇත.

ඔහු කළ සේවය අගයමින් පින් දී ඉහල තලයකට ගැනීම නිසා ඇරිගෝ දේවත තත්වයටකට පත්ව ඇත. අලුත්නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ අවසරගෙන මෙම ඇරිගෝ දේවතාව දැන් ලංකාවට පැමිණ ඇත.

දිනකට රෝගීන් 200 පමණ නොමිලයේ සුවපත් කල ආධ්‍යාත්මික වෛද්‍යවරයකුගෙන් අවුරුදු 20 ක් තිස්සේ සිදුවූ මහත් සේවය (කුසලය) අගය කරන්නට මේ දුරු රටක ජිවත් වන අමරසේකර මහතාට “සිතුවිල්ලක්” පහලවිමද විශ්මයජනකය. ඒ බුදුදහමේ ආභාසයයි.

බ්‍රහම්මචාරී ජීවිතයක ස්වභාවයකි. එපමණක්ද නොව ඇරිගෝ සන අමරසේකරයන් පෙර ආත්ම භවයක සමීප ඇසුරක් තිබුන බවද මහාචාර්යවරයා මා සමඟ පැවසිය. ඇඩොල්ප් ප්‍රිටිස් වෛද්‍යවරයාටද සාධාරණය ඉටුවිය යුතුය.

ඇරිගෝ ප්‍රතිකාර කල අයුරු

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: