Posted by: lrrp | October 11, 2012

ඩිජිටල් ඡායාරූපවලට භූතයෝ එන්නේ මෙන්න මෙහෙමයි

කලෙකට පෙර ලංකාවේ සතර දිග්භාගය පුරා ම, විවිධ මිත්‍යා වන්දනාවන් පැතිරී ගිය යුගය ඔබට මතක ඇතැයි සිතමි. එකල අතිශයින් ජනප්‍රිය වූයේ බෝ ගස්‌ වෙතින් විවිධ රූප පෙනෙනවාය යන මනෝ භ්‍රාන්තියයි. එය වඩ වඩාත් ජනතාව අතර ප්‍රචලිත කරවූයේ සංචාරක වෑන් රථ හිමියන් ය. එකවර දහ පහළොස්‌ දෙනෙකු එකකු කර ගෙන, ගතමනාවක්‌ සොයා ගන්නා අටියෙන් ම ඔවුහු මේ වන්දනාව වාර ගණනාවක්‌ කරා වර්ධනය කරන්නට තරම් සට කපට විය. අවසානයේ බලු බල්ලෙක්‌වත් ඒ අහළ පහළට නොයන තරමට එය නිෂ්ක්‍රීය වී ගියේ ය.

ඊට පසු ආවේ පිරිත් පැන් ය. එය එතරම් ම කලක්‌ අල්ලා නොසිටියේ අවසන එහි බොරුව සහසුද්දයෙන් ම සමාජ ගත වූ නිසා ය.

විකාර රූපී රූප වන්දනාව ද, විවිධ වස්‌තූන්ගෙන් බුදු රැස්‌ විහිදීම ගැන ද, රාවණා කතන්දර ද දැන් අප පසු කරමින් හමා යන්නේ ය. අන්තර්ජාලය සාමාන්‍ය ජනතාව අතර සාමාන්‍ය දෙයක්‌ බවට පත් වීමත් සමග, ඡායාරූපවලට හසු වන දේවතා එළි ද, විවිධ භූත රූප ගැන ද මහා කතන්දර ගොඩනැගෙමින් පවතී.

මිනිසා මානසික ව මෙන් ම ආර්ථික ව ද, අධ්‍යාත්මිකව ද පරිහානියට පත් වූ පසු මෙවන් මිත්‍යා වන්දනාවන් සහ ඇදහිලි කෙරෙහි නැඹුරුවීම ස්‌වාභාවික ය. එවිට ඒවා මහා පරිමාණයෙන් සිය බඩ ගෝස්‌තර වාදය දක්‌වා පෙරළා ගන්නට සමත් බොහෝ දෙනෙකු ද සිටිති. මේවා සමාජ ගත කර, ඊට හොඳ මාකට්‌ එකක්‌ සාදා දෙන්නේ ද අප අතර ම සිටින ජනමාධ්‍ය ශිල්පීන් කිහිප දෙනෙකු වීම ම කනගාටුවට කාරණයකි.

මෙවැනි නිස්‌සාර සංසිද්ධියක්‌ දකින අපේ ජනමාධ්‍ය ද, කිසිදු වග විභාගයකින් තොර ව, දැනුම් තේරුම් ඇති කිසිවකුගෙන් හෝ ආයතනයකින් හෝ විමසීමකින් තොර ව, පිටු ගණන් පුරා පළ කරන්නට ද පෙළැඹෙන්නේ ඊට ම යාව ජීවත්වන වෙනම ”රීඩර් ෂිප්” එකක්‌ ඇති බව හොඳට ම දන්නා නිසා ය.

මෑත දිනෙක මේ මිත්‍යා වන්දනාවන් ගැන කළ සුහද කතා බහකදී, සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක ස්‌වාමීන් වහන්සේ කියා සිටියේ බුදු හාමුදුරුවන් වහන්සේ කිසිවකුට නීති දමා බිය වද්දා නැති බැවින්, කිසිවෙක්‌ බුදුන්ට බය නැති ව වැරදි කරන බවත්, දෙවියන් එසේ නොව, දෙවියන් වටා සිටින්නන් අද්භූත කතා කියමින්, ජනතාව බිය වද්දා ඇති බැවින්, දෙවියන් කෙරෙහි සිතෙන් හෝ වරදක්‌ කරන්නට බිය බවත් ය. මේ බව අපට මනා ව පෙනෙන්නේ සති අන්ත පුවත්පත්වල වෙනම අතිරේක මගින් මේ අද්භූත කතා පළ කර ඇති බව දුටු විට ය.

පසු ගිය ඉරු දිනෙක, පළ වූ මේ ඡායාරූපය දුටු විට මට තනිව ම සිනහවක්‌ පහළ විය. එය වඩාත් නිවැරදි ව තහවුරු කර ගනු රිසියෙන්, එම ලිපිය ලියූ මා හිතවත් බුලිත සහෝදරයාට දුරකතන ඇමතුමක්‌ දී, අදාළ ඡායාරූපයේ මුල් පිටපත ද ගෙන්වා ගතිමි. එය දුටු විට මට වඩා තදින් සිනහවක්‌ ගියේ ය.

එය ලබා ගෙන ඇත්තේ ද, වෘත්තීය නොවන, ඩිජිටල් කැමරා ආගමනයේ දෙවන අවධියේ බිහි වූ, ප්‍රොaසියුමර් Prosumer- Professional function in consumer level ගණයට අයත් සරල ඩිජිටල් කැමරාවකිනි. පින්තූරය ස`දහා ආලෝකය සපයාගෙන ඇත්තේ කැමරාවේ ම ඇති පොළා පනින විද්යුත් ක්‌ෂණිකාලෝක Pop-up
Electronic Flash එල්ලයෙනි. විවිධ දේවතා එළි ද, භූත රූප ද පෙනෙන්නේ ම මේ සරල ඩිජිටල් කැමරාවල මේ කුඩා පොළා පනින විද්යුත් ආලෝක උපක්‍රමය භාවිතා කළ විට පමණක්‌ ම වීම ද විශේෂයකි.

අප හිතවත් ලලිත් ගුණතිලක මහතා පවසන පරිදි, මේ ඡායාරූපය කිසිදු අයුරකින් සංස්‌කරණය නොකළේනම්, සිදුවන්නේ මේ තාක්‌ෂණික ක්‍රියාවලියයි. මේ ඡායාරූපය ලබා ගන්නට භාවිතා කර ඇත්තේ පූර්ණ ස්‌වයංක්‍රීය Fully Auto mode ආකාරයයි. එවිට, පවතින ආලෝක තත්ත්වය මැන බලා, ඒ අවස්‌ථාවේ දී ඡායාරූපය ග්‍රහණය කර ගත හැකි උපරිම ද්වාර වේගය Shutter Speed ද, ඊට අනුරූප කාච විවරය Aperture ද, සංවේදකයේ දරාගැනීමේ ISO වේගය ද ස්‌වයංක්‍රීය ව සකස්‌ කර ගන්නේ කැමරාව විසින් ම ය. එමෙන් ම වඩා අ`දුරු අවස්‌ථාවකනම් වස්‌තූන් නිවැරදි ව නාභි ගත Focus කර ගන්නට ද, ඡායාරූපයට පෙනී සිටින්නන්ගේ ඇස්‌ රතු පාට බෝල මෙන් පෙනෙන රතාක්‌ෂි දෝෂය Red Eye Distortion මග හරවන්නට ද, මේ ක්‌ෂණිකාලෝකය එක ළ`ග වාර ගණනක්‌ ක්‌ෂණික ව දැල්වෙමින් නිවෙයි. මේ විදුලි කෙටීමට බිය වී, නැගිට දුවන්නට සැරසෙන බලු රාළ කෙනෙකුන් භූත රූපයක්‌ මෙන් සටහන් ව තිබීම අතිශයින් හාස්‍ය ජනක ය. බල්ලෙකු විලෝපිකයකු වෙත බියට පත් වූ විට, උගේ මවිල් පුම්බා ගනී. කට හැර දත් විලිස්‌සා ගනී. එසේ ම සිය පාද හතර ද ඈත් කොට ඉන්නවාට වඩා ලොකු සතකු දර්ශනය කරවයි. මේ පරිණාමයේ දී ඌට උරුම වූ ආරක්‌ෂක උපක්‍රමයකි. මේ බියට පත් වූ අසරණ බලු තඩියා සිය දෙපයට වාරු ගෙන නැගිටින මොහොතේ ම කැමරාවේ සත්‍යාසන්න ද්වාරය ක්‍රියාත්මක වී ඡායාරූපය සටහන් වී තිබේ. ඌ සිටිනා ඉරියව්ව ද, උගේ ඇස්‌ දිලිසෙන ආකාරය ද නිසා, ලා දුඹුරු පැහැ, හොම්බ කළු බලු තඩියා දනන් බියට පත් කරන භූතයකු මෙන් දර්ශනය වෙයි.

ඡායාරූප ශිල්පයේ මූලික සිද්ධාන්ත කිහිපයක්‌ මගින් මේ සිද්ධිය තව දුරටත් නිර්වචනය කරන්නට කැමැත්තෙමි.

කිසියම් ආලෝකයක්‌, එය නිර්මාණය වූ ලකෂ්‍යයේ සිට විහිදෙමින් පැතිරීම ආලෝකයේ ප්‍රතිලෝම වර්ග නියමය ලෙසින් හැ`දින්වෙයි. එනම්, ආලෝකයක්‌ නිකුත් වූ තැන් සිට, එමෙන් දෙගුණයක්‌ දුර ගමන් කිරීමේ දී හතර ගුණයකින් අඩු වෙයි. ක්‌ෂණිකාලෝකයක ආලෝකය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන් කාච නිවරයෙනි. කැමරාව සංවේදී වන්නේ ඊට දෙන ලද දත්තවලට අනුව සැකසූ කාච විවරයේ අගයෙන් ලැබෙන ආලෝක ප්‍රමාණයට පමණි. ඡායාරූපයේ සිටින පුද්ගලයන් හො`දින් ආලෝකවත් වුව ද, ඊට පිටු පසින් ඒ හා සමාන දුරකින් සිටින බලු තඩියා අ`දුරු වී ඇත්තේ මේ ආලෝක නියමය නිසා ය.

එමෙන් ම ඡායාරූපයේ මූලික අරමුණ වන මේ පිරිස නිවැරදි ව නාභි ගත නොවී, කැමරාවේ නාභි තලය Focal Point ව ඇත්තේ බලු තඩියා සිටින ඉසව්වෙනි. ආලෝකය ප්‍රමාණවත් නොවන නමුත් ඌ වඩා හො`දින් නාභි ගත වී සිටියි.

මිනිසුන්ගේ ඉතා ම කලාතුරකින් සිද්ධ වුව ද, සතුන්ගේ ඇස්‌ ආලෝක කදම්බයකට නිරාවරණය වූ විට ඉතා දීප්තිමත් ව බැබලෙනු පෙනෙයි. එය වඩා හො`දින් පෙනෙන්නේ පරිසරය වඩාත් අ`දුරු වූ විට ය. අපට පෙනීම ලැබෙන්නේ අපේ ඇසේ දෘෂ්ඨිවිතානය මත සටහන් වන ප්‍රතිබිම්බය මගිනි. ඇසේ කාචයෙන් එන මේ ප්‍රතිබිම්බය ග්‍රහණය කර ගැනීම ස`දහා ඇසේ දෘෂ්ඨිවිතානය මත යෂ්ටි සහ කේතු නම් සෛල වර්ග දෙකක්‌ පැතිරී පවතී. මින් යෂ්ටි සෛල මගින් වර්ණ හ`දුනාගන්නා අතර, කේතු සෛල මගින් ආලෝකය හ`දුනාගනී. කේතු සෛල වඩා ආලෝක සංවේදී නිසා ඒවා දිලිසෙන ප්‍රමාණය වැඩි ය. මිනිස්‌ ඇසේ වැඩිපුර ඇත්තේ යෂ්ටි සෛල ය. ඊට සාපේක්‌ෂ ව කේතු සෛල අඩු ය. එනිසා මිනිසාට වඩා හො`දින් වර්ණ හ`දුනා ගත හැකි අතර, අ`දුරේදී පෙනීම අඩු ය. නමුත් අනෙකුත් සියලු ම සත්ත්වයන්ට පාහේ දැඩි අ`දුරේ දී වැඩි ආලෝක ප්‍රමාණයකට සංවේදී වන ආකාරයට කේතු සෛල වැඩිපුර පිහිටා ඇති අතර, යෂ්ටි සෛල ඇත්තේ ඉතා අඩුවෙනි. එනිසා මිනිසා හැර අනෙක්‌ බහුතර සතුන්ට වර්ණ පෙනෙන්නේ නැත. නමුත් ඕනෑ ම ඝන අ`දුරකදී වුව ද දැකිය හැකි ය. මේ කේතු සෛල ඉතා අඩු ආලෝක කදම්බයකට වුව ද දීප්තිමත් ව දිලිසෙමින් දර්ශනය වෙයි. පරිසරයේ පවතින ආලෝකය අඩු නිසාවෙන්, මේ සතුන්ගේ කාව විරය හෙවත් ඇසේ කණීනිකාව හෙවත් අපේ භාෂාවෙන් කියන ඇහේ බබා හැකි තරම විසල් ව ඇරී තිබෙයි. එනිසා ඇස මත පතිත වන අඩු ආලෝකයක්‌ වුව ද, ඉතා දීප්තිමත් ව පරාවර්තනය වෙයි. විවිධ සතුන්ගේa මේ කේතු සෛල විවිධ වර්ණයන් ගනී. එනිසා ම එක්‌ එක්‌ සතුන්ගේ ඇස්‌වලින් එන මේ පරාවර්තනය ද විවිධ වර්ණ ගනී. රාත්‍රි කාලයක ඔබේ ගෙදර සුරතල් බල්ලා හෝ පූසා දෙසට විදුලි පන්දමක්‌ දල්වා බලන්න. ඔබට එය වඩා හො`දින් අත් දැක ගත හැකි ය.

ආලෝකයේ ප්‍රතිලෝම වර්ණ නියමයට අනුව පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය, එතැනට පතිත වූ ආලෝක ප්‍රමාණයට වඩා වැඩි ය. එනිසා බල්ලා මන්ද අනාවරණය ඹබාeර Eංචදිe වන අතර, ඇස්‌ දෙක පමණක්‌ අධික අනාවරණයට ධඩැර Eංචදිe බ`දුන් වෙයි. එවිට බල්ලා අ`දුරුවට ද, ඇස්‌ අධික දීප්තියකින් ද සටහන් වෙයි.

දැන් අපි යළි මේ ඡායාරූපය දෙසට හැරෙමු. නූතනයේදී අප පාවිච්චි කරන්නේ ඩිජිටල් කැමරා ය. එනිසා මේ ඡායාරූවල අඩු ලුහු`ඩුකම්, මදි පාඩු සකස්‌ කර ගන්නට පරිගණකයක පිහිටාධාරය ලැබිය යුතුම ය. මේ ප්‍රතිරූප සංස්‌කරණය කර ගැනීම ස`දහා අද අංක එක ලෙසින් ගැනෙන්නේ ෆොටෝෂොප් ඡයදඑදියදච මෘදුකාංගයයි. මේ අපූරු මෘදුකාංගයේ පිහිටෙන්, විශ්වාස කළ නොහෙන තරම් වූ සංස්‌කරණයන් ඉටු කිරීමෙන් අප විශ්මයට පත් කරන ප්‍රතිරූපයක්‌ නිර්මාණය කිරීම, එම මෘදුකාංගයේ කෙළ පැමිණියකුට ඉතා ම සුලු කාර්යයක්‌ වන්නේ ය. අ`දුරු පසුබිමකට වෙනත් ප්‍රතිබිම්බයක්‌ බැස්‌සවීම ඊටත් වඩා පහසු ය. නමුත් මේ ඡායාරූපය ලබා ගත් අය සහ, එය බුලිත මහතා වෙත එවූ මා හො`දින් හ`දුනන, චිත්‍ර ශිල්පී ලලිත් ගුණතිලක මහතා ද මේ ඡායාරූපය කිසිදු සංස්‌කරණයකට හෝ ජිල්මාට්‌ වැඩකට බ`දුන් නොකෙළේයෑයි අපි විශ්වාස කළෙමු. නමුත් නූතන දියුණු ඩිජිටල් කැමරා ද, පරිගණකය ද, මෘදුකාංග ද නිතර අත පත ගාන මටනම් මෙවැනි ඡායාරූපයක්‌ මත කිසිදු ජගතෙකුට අසු නොවන පරිදි සංස්‌කරණයක්‌ කිරීම ද, එය නැවත ඔප්පු කොට පෙන්වන්නට නොහැකි ලෙස සුක්‌ෂිත කොට දීම ද ඉතා සරල ව්‍යායාමයකි.

මේ ඡායාරූපයේ අ`දුරු මුල්ලේ සිටින පෝතකයා ඉස්‌මතු කොට බලන්නට මා භාවිතා කළේ ද මේ ෆොටෝෂොප් මෘදුකාංගය ම ය. එහි ප්‍රතිරූපයක්‌ මත ඇති කරන ස්‌ථර සම්මිශ්‍රණය කරන ආකාරය ඛ්හැර ඊකැබාසබට ඵදාe වෙනස්‌ කිරීම මගින් ඕනෑම මන්ද අනාවරිත ඹබාeර Eංචදිed ප්‍රතිබිම්බයක්‌ ඉස්‌මතු කර ගත හැකි ය. මේ පෙනෙන්නේ එසේ සකස්‌ කළ ඡායාරූපයයි. එහි සිටින භූත වෙස්‌ ගත් බලු තඩියා ඔබට හො`දින් පෙනෙනු ඇතැයි මම සිතමි.

නමුත් පැහැදිලිව ම, මේ ඡායාරූපයේ පෙනෙන භූත රූපය මීට පෙර කිසියම් චිත්‍රපටයක්‌ ස`දහා රූ ගත කරන ලද සලරුවක නිෂ්චල කරන ලද රූපයකින් උපුටා ගත්තකි. එය සීරුවෙන් මේ ඡායාරූපයේ අ`දුරු පසුබිමට බද්ධ කොට ඇත්තේ ය.

මේ ඡායාරූයට අමතර ව, පසු ගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මාතලේ පැත්තේ පාසලකදී දුටුවායෑයි කියන තනි කකුළේ අවතාරය ගැනද යමක්‌ කියමි. එය ඔබට වඩා හො`දින් පෙන්වීම ස`දහා මවිසින් මගේ ඩිජිටල් කැමරාව භාවිතයෙන් කතරගම කිරි වෙහෙර පාමුල දී සටහන් කර ගත් දර්ශනයක්‌ ඉදිරිපත් කරන්නෙමි. මේ පින්තූරය මවිසින් ගන්නා ලද්දේ ම මේ සංසිද්ධිය විග්‍රහ කොට පෙන්වන්නට ය.

කිසියම් තැනෙක අඩු ආලෝක තත්ත්වයකින් ඡායාරූප ගන්නේනම්, එය කර ගන්නට හො`ද ම විකල්පය වන්නේ හැකි තරම් කලක්‌ ද්වාරය විවෘත කොට තබා, සෙන්සරය වෙත වැඩි ආලෝක ප්‍රමාණයක්‌ ලබා ගැනීම ය. එවිට කැමරාව නොසෙල්වෙන ලෙස ස්‌ථාවර ව තබා ගත යුතු අතර, කැමරාව ම`ද වශයෙන් හෝ සෙලවුනහොත්, ඒ සෙලැවීම ද, රූප රාමුවට හසුවන වස්‌තූන් චලනය වුවවහොත් ඒ සෙලැවීම ද කැමරාවේ සෙන්සරය මත මනා ව සටහන් වෙයි. එසේ වන්නේ ද්වාරය ඇරී තිබෙන තාක්‌කල් වන සෙලැවීම් නිරන්තර ව සටහන් වන නිසා ය. මේ තාක්‌ෂණය හ`දුන්වන්නේ ආලෝකයේ අනුරූප්‍යතා බි`දුම Reජසචරදජසඑහ Faසකමරු ලෙසිනි.

මෙවන් අවස්‌ථාවක, එනම් වැඩි ද්වාර කාලයක දී කිසියම් පුද්ගලයෙක්‌ රාමුව හරහා ඇවිද යන්නේනම්, හැම විට ම බිම තබන කකුල පමණක්‌ මනා ව සටහන් වෙයි. ඒ එය සුලු තත්පරයක්‌ නිශ්චල ව තිබෙන නිසා ය. බිම තබන කකුල හැර අනෙක්‌ කකුල ඔසවා ඈතින් තබන නිසා බොහෝ විට මේ චලනය වන කකුල සෙන්සරයේ සටහන් වන්නේ ම නැති තරම් ය. උනත් එය පෙනෙන්නේ ඇදී ගිය ආකාරයෙනි. එය ඔබට මනාව පෙනෙන්නේ මේ ඡායාරූපයේ සිටින, කතරගම කිරි වෙහෙර පාමුල සැදැහැවතුන්ගේ සුරතලකු වූ සුනඛ පෝතකයාට ද කකුල් බර ගණනක්‌ තිබෙන ආකාරයට සටහන් ව ඇති නිසා ය.

සොහොන් පලක්‌ අසළින් යන විට හෝ තනි ව අ`දුරු මුල්ලක ගුලි වී සිටින විටෙක හෝ ඩිජිටල් කැමරාවක්‌ හොල්මනකට, භූතයකුට හෝ අවතාරයකට හෝ බිය වූ වගක්‌ ඔබ මීට කලින් අසා තිබේ ද..? දේවතාවෙක්‌ දැක සාදු කාර දෙන හ`ඩක්‌ ඔබ අසා තිබේ ද…? නැත… ඒ ඇයි…? ඉලෙක්‌ට්‍රොaනික හෝ යාන්ත්‍රික කිසිවකට සිහි බුදධියක්‌ හෝ තාර්කික මනසක්‌ නැති නිසා ය. ඒවා තිබෙන්නේ ඔබට ය. ඔබ බය වන්නේ ඒ නිසා ය. බිය හ`දුනා ගන්නේ ද ඒ නිසා ය. සත්‍යය වටහා ගන්නේ ද ඒ නිසා ය.

ඉන්ද්‍රනාථ තේනුවර
(ප්‍රවීන ඡායාරූප ශිල්පි, කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්ය, ලේඛක සහ දේශක)


Responses

  1. Can be a dog look at left and right legs doest look like a dog


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: