Posted by: lrrp | October 27, 2012

ආනන්ද බෝධියට රන් වැටක්‌ තනන්නට

‘සුඛො බුද්ධානං උපපාදොති – බුදුවරුන්ගේ පහළවීම සැපයෙකි’. එසේ නම් අප මේ ජීවත් වනුයේද එවන් සැපයෙන් සපිරි කාලයකය. නැතිනම් පුණ්‍යවන්ත කාලයකය. මේ ගෙවෙනුයේ මහා භද්‍ර කල්පයයි. භද්‍ර කල්පයක බුදුවරු පස්‌ නමක්‌ පහළවෙති. සකල ලෝවාසී බෞද්ධයන්ගේ ශාස්‌තෲවරයණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළවූ සිව්වැනි බුදුවරයාණන් වහන්සේය. ගෞතම බුද්ධ ශාසනයේ සැදැහැති සිව්වනක්‌ පිරිස විසින් වැඳ පුදා පහන් සංවේගය උපදවා ගත යුතු ස්‌ථාන හතරක්‌ පිළිබඳව බුදුරදුන් දේශනා කොට වදාළ සේක. එනම් ඉපදීම, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනාව හා මහා පරිනිර්වාණය සිදුවූ ස්‌ථානයි.

එමෙන්ම සියලු බුදුවරුන් විසින් තම බුද්ධ කාලය තුළ අත් නොහැර පරිහරණය කරන අවිජහිත ස්‌ථාන හතරක්‌ ඇත. බුද්ධගයාව, ඉසිපතන මිගදාය, සංකස්‌ස නුවර හා ඡේතවනාරාමය යි. සියලු බුදුවරයාණන් වහන්සේලා වැඩිම වස්‌ කාලයක්‌ වස්‌ වැඩ සිටිනුයේ සැවැත්නුවර ඡේතවනාරාම පින්බිමෙහිය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ දහනම වසක්‌ වැඩසිටියේද ඡේතවනාරාමයේය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව පතලව උන්වහන්සේ දැක වන්දනා කර ගැනීමට පැමිණි උවසු, උවැසියෝ ගව් ගණන් දුර ගෙවා ඡේතවනරාමය කරා පැමිණියහ. එසේ පැමිණෙන උවසු උවැසියෝ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ නොසිටි අවස්‌ථාවන්හිදී ආපහු හැරී ගියේ මහත් දොම්නස්‌සහගත සිතින් යුතුවය. මෙය දුටු ආනන්ද හිමියන් සහ අනේපිඬු සිටුතුමා මෙම කරුණ බුදුරදුන්ට සැළ කළෝය.

ඉන් පසුව බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන් අමතා සැදැහැවතුන් හට වැඳ පුදා ගැනීමට ශ්‍රී මහ බෝධින් වහන්සේගේ බීජයක්‌ ඡේතවනාරාමය පුණ්‍ය භූමියෙහි රෝපණය කිරීමට අනුශසනා කළ සේක. පසුව අනඳ හිමියන්, මහා මුගලන් රහතන් වහන්සේ, කොසොල් මහ රජු හා අනේපිඬු සිටුතුමා ඇතුළු සිව්වනක්‌ පිරිසගේ සහභාගිත්වයෙන් මෙම බෝධින් වහන්සේ රෝපණය කරන ලදී. මේ කටයුත්ත සඳහා මැදිහත්වූයේ ආනන්ද හිමියන් නිසා එය ‘ආනන්ද බෝධිය’ නමින් හැඳින්වේ.

මෙකී ආනන්ද බෝධින් වහන්සේ වර්තමානය වනවිට දැඩි අනාරක්‌ෂිත තත්ත්වයක පවතී. එම නිසා එහි සුරක්‌ෂිත භාවය තහවුරු කිරීම පිණිස එය වටා රන් වැටක්‌ ඉදිකිරීමට ආනන්ද බෝධි සමාගම කටයුතු යොදා ඇත. නමුත් එය ඉදිකර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම ආනන්ද බෝධි සමාගමට දුෂ්කර කාර්යයක්‌ වී ඇත. බොදු උරුමය ලොවින් තුරන් කිරීමේ මූලධර්මවාදී ක්‍රියාවන් පිළිබඳ අප සුසුම්ලන්නෙමු. ඊට දෙස්‌ දෙවොල් තබන්නෙමු. එහෙත් මේ බොදුනු ඔබ සුසුම් හෙළිය යුතු අවස්‌ථාවක්‌ නොවේ. ආනන්ද බෝධින් වහන්සේ සුරක්‌ෂිත කර ගැනීමේ අවස්‌ථාවයි. ඒ මෙකී රන්වැට ඉදිකිරීමට ආධාර උපකාර කිරීමෙනි. ඒ වගකීමෙන් බැහැරවුවහොත් ලොවකින් වැඳුම් පිදුම් ලබන ආනන්ද බෝධින් වහන්සේ අකාලයේ විනාශයට පත්වනු ඇත. තවත් චිරාත් කාලයක්‌ බෝධින් වහන්සේ උපද්‍රවයන්ගෙන් තොරව වැඩ විසීමට මෙකී රන් වැට ඉදිකිරීමට අවශ්‍ය වනු ඇත. ‘ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ’ බුදුවදන එයයි. එසේ නම් අපි තවත් ප්‍රමාද නොවෙමු. ඔබගේ ආධාර මුදල් සම්පත් බැංකුව, වත්තල ශාකාවේ ගිණුම් අංක 100850234897 අංකයට බැර කරන්න.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට ලක්‌වන ආනන්aද බෝධින් වහන්සේද පත්ව ඇති අනාරක්‌ෂිත තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ඔබ වැය කරන සෑම රුපියලක්‌ම බොදු උරුමයක්‌ රැකීමට උරදෙනවා පමණක්‌ නොව, ඔබගේ මතුභවය සුවපත් කිරීමට දායක වනු නොඅනුමානය.

මේ පිළිබඳ වැඩිදුර විමසීම්, පූජ්‍ය රුක්‌මල්පිටියේ සද්ධාලෝක හිමි, ලංකාරාමය, සැවැත්නුවර, ඉන්දියාව ලයන ලිපිනයෙන් ලබාගත හැකිය. දුරකථන අංක 00919415072416/00915252265245/2653094265340 අමතා වැඩිවිස්‌තර ලබාගත හැකිය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: