Posted by: lrrp | October 28, 2012

සිවුරු කර්මාන්තයේ ‘සුනිල’ ලකුණ

බුදු දහමේ එන අට මහා කුසල් අතර පළමු තැන හිමිවී ඇත්තේ කඨින පිංකමටයි. දෙවැනි තැන අටපිරිකර පූජාවයි. මේ කරුණු දෙකෙහිම වැදගත් තැනක්‌ හිමිවන්නේ තථාගත චීවරයටයි. නොඑසේ නම් සිවුරටයි. මේ හේතුව නිසාම බෞද්ධ පිංවතුන් සිවුරු පූජා කිරීම කෙරෙහි දක්‌වන්නේ ඉතා සුවිශේෂ සැලකිල්ලකි.

බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන් වහන්සේ වදාළේ මගධ කෙතේ සැලැස්‌මට අනුව භික්‌ෂූන්ට සිවුරු නිර්මාණය කරගන්නා ලෙසයි. මුලදී මේ සඳහා භාවිත කළේ පාංශුකූල චීවරයි. එසේත් නැති නම් අමු සොහොනේ හෙළන ලද මළ මිනී එතූ රෙදියි. වර්තමානය වන විට විවිධ රෙදි මේ සඳහා උපයෝගී කරගනී. කුමන ආකාරයේ රෙදි මේ සඳහා යොදාගත්තද සිවුරු මැසීම ඉතා අපූරු එමෙන්ම ඉතා බැරෑරුම් කර්තව්‍යයකි. අතීතයේ භික්‌ෂුන්වහන්සේ පමණක්‌ සිවුරු මැසීමේ නිරත වුවද අද වන විට ගිහි පින්වතුන්ද මේ ක්‍රියාවලියේ නිරත වෙයි.

මෙය ඉතා සැලකිල්ලෙන් හා මනා නිපුණතාව මත කළ යුතු කටයුත්තක්‌ බව නොකිව මනාය. ගෝනාපීනුවල ප්‍රදේශයේදී අපට හමුවූ සුනිල් මහතාද මෙම සාම්ප්‍රදායික කලා ශිල්පයෙහි යෙදී සිටින්නෙකි. මොහුගේ විශේෂත්වය නම් සිවුරු මැසීමේ කලාව හුදු ජීවනෝපාය මාර්ගයක්‌ ලෙස පමණක්‌ නොව සාම්ප්‍රදායික ශිල්ප ක්‍රමයක්‌ පාරම්පරිකව රැකගැනීමට දරන උත්සාහයක්‌ ලෙසත් අගය කළ හැකිවීමයි.

සුනිල්ගේ සිවුරු මැසීමේ මුල්ගුරුවරයා ඔහුගේ සීයාය. තම සීයාගෙන් ලත් අතේ හුරුව සහිතව ඔහු සීයා ළඟ කටයුතු කළද ඔහුගේ සිත නිතර නැවතුණේ ගෝනාපීනුවල අභිනවාරාමයේය. අපවත්වී වදාළ ගෝනාපීනුවල සෝමාලෝක හිමියන් වෙත ගොස්‌ උන්වහන්සේගේ සෙවණේ වැඩෙමින් උන්වහන්සේට උපස්‌ථාන කිරීම සුනිල්ගේ චර්යාව විය. සෝමාලෝක ලොකු හාමුදුරුවෝ සුනිල්ගේ අනාගතය ගැන සිතා සුනිල්ට ගැළපෙන රැකියාව තම සීයාගෙන් උරුම වුණු සිවුරු මැසීම බව සඳහන් කොට වැඩිදුර සිවුරු මැසීමේ පුහුණුව සඳහා බොරතුඩුවේ අමරසිරි හිමියන් වෙත යොමු කළේය. සුනිල්ගේ ජීවිතයේ හැරවුම් ලක්‌ෂය බවට පත්වන්නේ මේ සිදුවීම බව සුනිල් අදත් පවසන්නේ සෝමාලෝක මාහිමියන් වෙත පිං දෙමිනි.

සුනිල් මුලින්ම මසන සිවුරත් රැගෙන යන්නේ පිටිගල සුද්දල්ලාව ආරණ්‍ය සේනාසනයේ බුද්ධසාර ලොකු හාමුදුරුවන් වෙතයි. සුනිල්ගේ සිවුරු මැසීමේ හුරුබුහුටිකම ගැන ප්‍රසාදයට පත් බුද්ධසාර ලොකු හාමුදුරුවෝ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වෙත යොමු කරයි. මේ හමුවීම සුනිල්ගේ ජීවන ගමන වෙනස්‌ කළ සාංසාරික ගමන වඩා අර්ථවත් කළ සිදුවීම බව ඔහු අදත් ගෞරවයෙන් සිහිපත් කරයි. උන්වහන්සේ සුනිල්ට විනයානුකූල සිවුරක තිබිය යුතු සියලු අංගෝපාංග ගැන පහදාදෙයි. එපමණක්‌ නොව සංසාර ගමන අර්ථවත් කරගැනීමට අවශ්‍ය ධර්මාවවාද දෙමින් සුනිල්ට තම ජීවිතය යහපත් කර ගැනීමට අදද මඟපෙන්වා දෙති.

සිවුරු මැසීම ගැන අදහස්‌ දක්‌වන සුනිල් විනායානුකූල සිවුරක තිබිය යුතු අංග පිළිබඳව අද බොහෝ සිවුරු වෙළෙ¹ම් කරන අය සතුව දැනුමක්‌ නැති බව පෙන්වා දෙයි. දැනුමක්‌ ඇතත් තරගකාරී වෙළෙ¹මක්‌ සහිත ව්‍යාපාරයක්‌ සේ සලකා වෙළෙඳපොළ ආක්‍රමණය කරනවා විනා විනයානුකූල සිවුරක තිබිය යුතු අංග කෙරෙහි නොසිතන බව කියයි. සිවුරක උස, පළල තීරණය කළ යුත්තේ භික්‌ෂුන්වහන්සේගේ උස, අනුව බවත් මෙහිදී භාවිත කරන මිම්ම වනුයේ අතක වැලමිටේ සිට මහපට ඇඟිල්ල දක්‌වා දිගයි. මෙය පැරණි යුගයේ හැඳින්වූයේ “ලාපත” ලෙසයි. තම අරමුණ තරගකාරී වෙළෙඳපොළ රටාවෙන් මුදවාගෙන සිවුරු කර්මාන්තය විනයානුකූල සම්ප්‍රදාය මත පවත්වා ගැනීමයි. මේ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම ලෙසට දැනටමත් ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනකු වෙත සිවුරු මැසීමේ ශිල්පය උගන්වා ඔවුන්ගේ ජීවිත ගමන සලසා දුන්නා සේම රැකගත යුතු විනයානුකූල චීවර කර්මාන්තය රැකගනිමින් ඉදිරියට ගෙනයැම පිණිස ප්‍රදේශයේ තරුණයන් වෙත අවශ්‍ය දැනුම ලබාගැනීමට තමා නිරන්තර සූදානමින් පසුව බවද සුනිල් පැවසුවේය.

ධාර්මික ජීවිකාවක්‌ සඳහා නිතර ඇප කැපවී සිටින සුනිල්ට තම ව්‍යාපාර කටයුත්ත වෙනුවෙන් 2004, 2006 වසර සඳහා දකුණු පළාතේ ක්‌ෂුද්‍ර අංශයේ හොඳම ව්‍යවසායකයා ලෙස හිමි ස්‌ථානය ලැබීමට ඔහුගේ සේවයේ ඇති වටිනාකම පෙන්වාදීමට ඇති හොඳම සාධකයකි. සුනිල්ගේ සිවුරු මැසීමේ කර්මාන්තයට අමතරව ඔහුගේ ආගමික, ශාසනික හා සාමාජික මෙහෙය ඇගයීමට ලක්‌ කළ අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොස්‌ගොඩ සරණංකරාභිධාන මාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාව “ශාසනසේවා කීර්ති ධර්ම බන්ධු ලංකා පුත්‍ර” ගෞරව නාමයෙන් 2006 වසරේදී පුදනු ලැබූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: